History

Wednesday, 27 July 2016

දීන මනස්

දීන මනස්

2003 අවුරුද්දෙ මාර්තු මාසෙ මොරටුව විශ්වවිද්‍යාලෙදි ජාතියේ ඉරණම මැයෙන් මා කළ කතාවක් නන්දන වඩුතන්තිරි මුහුණු පොතට එක්කර තිබුණා. නන්දන ඒ දවස්වල විශ්වවිද්‍යලෙ හිටිය ද කියන එක මා දන්නේ නැහැ. හිටියා නම් ඒ උපාධි අපේක්‍ෂකයකු ලෙස වෙන්න බැහැ. නන්දන විශ්වවිද්‍යාලෙ උපාධි අපේක්‍ෂකයකු ලෙස ඉඳලා තියෙන්නෙ අපේ් ලොකු පුතා එක්ක. පුතා ඒ වන විට විශ්වවිද්‍යාලයෙන් පිටවෙලා. නන්දනට ඒ හඬපටය ලැබුණෙ කොහොම ද දන්නේ නැහැ. ඒ දවස්වලත් අගමැති රනිල් වික්‍රමසිංහ. එයා ලැහැස්ති වුනා 2005 දි පෘතුගීසින් ලංකාවට පැමිණීමේ පන්සියවැනි වසර සමරන්න. වාසනාවකට 2005 වෙන්න කලින් රනිල්ට අගමැතිකම අහිමි වුනා. අවාසනාවකට දැන් රනිල් අගමැති විතරක් නෙවෙයි ආණ්ඩුවේ නායකයා. 2003 මට පුද්ගලිකවත් අමතක වන්නේ නැහැ. අවුරුදු දහයක් රැකියා විරහිත පශ්චාත් උපාධිධාරියකු ලෙස ඉඳලා කැලණිය විශ්වවිද්‍යාලෙ රස්සාව ලැබුණෙ 2003 ජනවාරියෙ. මට රස්සාව 1978 දි පේරාදෙණියෙදි නොලැබුුනෙත්, කොළඹදි ලැබුණෙත් නැතිවුනෙත්, කැලණියෙදි ලැබුණෙත්් එ ජා ප ආණ්ඩු කාලවල. පරස්පරයක් වගේ පෙනුණට මේ කතාවෙ තියෙන දේශපාලනය වෙන ම කතාකරන්න ඕන. එහි දී මට විවිධ උසාවිවලට බොහෝ වාර සංඛ්‍යාවක් යෑමට සිදුවුනා.  ඒ පිටුපස තියෙන්නෙ ආධිපත්‍යයට හිස නොනැමීම. 

ඒ කතාවෙදි මා කී ප්‍රධාන කරුණ වුනේ බටහිරයන් අප පාලනය කරන්නේ ප්‍රධානව ම සංස්කෘතික වශයෙන් බව. විශේෂයෙන් ම ඔවුන්ගේ දැනුමෙන් බව. ස්කොට් ජාතිකයකු වූ ඩේවිඩ් හියුම් නම් බටහිර දාර්ශනිකයා ඇසූ ප්‍රශ්නයක් වුනේ මිනිසුන් ටික දෙනකුට ඉතා විශාල පිරිසක් පාලනය කිරීමට හැකි වන්නේ කෙසේ ද යන්නයි. ඒ ප්‍රශ්නයට ඇති පිළිතුර මිනිසුන් සමාජයික සත්වයින් වීමත්, ඒ නිසා බොහෝ විට නායකයන් ඇති සංවිධාන රටා අවශ්‍ය වීමත්, නායකයන්ට අනෙක් අයගේ මනස් පාලනය කිරීමට හැකිවීමත්. නායකයන් නැති සංවිධානයක් ඇති කෙළේ බුදුන් වහන්සේ පමණයි. ඒ සංඝ සමාජයයි. පසුකාලීනව සංඝරාජවරු ඇතිවුනත් තවමත් සංඝ සමාජය කිහිප නමකට පමණක් පාලනය කිරීමට බැහැ. මෙයින් කියන්නේ භික්‍ෂූන් වහන්සේ සිල්වත්, ගුණවත්, නැණවත්, වියපත් භික්‍ෂූන් වහන්සේට ගරු නොකරන බව නොවෙයි. සංඝයා වහන්සේ  අනුගමනය කරන පිළිවෙත් බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ඉතා ඉහළයි. අද තියෙන නායක පදවි ඇති කෙළේ නම් ඉංගිරිසිනුයි. 

සිංහල බෞද්ධයන් වූ අපටත්  එදා තරමක් දුරටවත් දැඩි පාලනයක් නැති සමාජයක් ඇති කරගන්න පුළුවන් වුනා. ඒ සංඝ  සමාජය අනුගමනය කිරීමෙන්. ඒත් ඒක ලෙහෙසි වැඩක් වුනේ නැහැ. රටවල් හා රාජ්‍ය ආක්‍රමණය එදත් තිබුණා. සිංහලයේ තිබෙන හොඳ කියුමක් තමයි රට රාජ්‍ය කියන එක. රට හා රාජ්‍යය අතර වෙනසක් තිබෙනවා. පහතරට උඩරට කියන සංකල්ප පස්සෙ ඇතිවුනත් සිංහලයේ විවිධ රටවල් තිබුණා. මහින්දලා ඉන්න අටදහස්රට, තුන්දහස් රට මෙන් ම රනිල්ගේ පස්දුන්රටත් එවැනි රටවල්. පසුව රටේ මහත්වරුන් ඇතිවුනෙත් මේ විවිධ රටවල් තිබුණ නිසා.

එළාර කොහෙන් පැමිණියත් ඔහු විදේශිකයෙක්. මගේ නම් විශ්වාසය ඔහුට ඉරාන සම්භවයක් පැමිණි බවයි. ඔහු සොළී වන්නට බැහැ. මූල සිංහලයන් (හෙළයන්) බෞද්ධවීමත් සමග ප්‍රශ්නයක් තිබුණා. ඒ රාජ්‍යයක් පවත්වාගෙන යෑම පිළිබඳ ප්‍රශ්නය. සේන ගුත්තික වැනි වෙළෙන්දටත් අනුරාධපුරය පාලනය කරන්න පුළුවන් වුනා. මේ වෙළෙන්දන්ට ලන්දේසි ඉංගිරිසි පෙරදිග වෙළෙඳ සමාගම් වැනි  සංගම් තිබුණෙ නැහැ. කොහොමටත් ඒ බටහිරයන්ගෙ වෙළෙඳ සමාගම් අවසානයේ දී ඔවුන්ගේ රජුට යටත්. සේන ගුත්තිකලා යටත් වූ ඔවුන්ගේ රජකු ගැන ඉතිහාසයේ සඳහන් වන්නේ නැහැ. එළාරත් වෙළෙන්දකු වෙන්න ඕන (මේ අය මුහුදු කොල්ලකාරයන් වෙන්නත් බැරි නැහැ). අද ඩග්ලස් දේවානන්ද හිතනවා ඇති එළාර සොළී රජකු කියා. ඔහු එළාරගෙ සොහොන ගැන කතාකරන්නෙ ඒ නිසා වෙන්නැති. පසු කාලෙකදි යාපනය පාලනය කරපු ආර්යචක්‍රවර්තිලා මුහුදු කොල්ලකාරයන්. සෙල්හයිම්ලාගේ මුතුන් මිත්තන් වූ වයිකින්ග්ලාත් ඉංගිරිසින් නයිට් පදවියකින් සංග්‍රහ කළ ෆ්‍රැන්සිස් ඩ්‍රේකුත් මුහුදු කොල්ලකාරයන්. විජය ගැනත් මට කියන්න තියෙන්නෙ ඒ තරම් හොඳ කතාවක් නෙවෙයි.

සේන ගුත්තිකලා එළාරලා අනුරාධපුරය පාලනය කෙළේ කෙසේ ද? විජය තම්මැන්නාව පාලනය කෙළේ කෙසේ ද? විජය නම් අපේ කුවේණිව සහේට ගත්ත කියලා කියමු. එහිදීත් බෞද්ධකම බලපාල තියෙන බව වර්ගපූර්ණිකාවෙ නම් කියවෙනවා. කොහොමටත් එදා හිටපු තම්බයියලා බෞද්ධයන්ට යුද්ධ කරන්න පුළුවන් ද කියන ප්‍රශ්නය හා එමගින් බුදුදහම පාවාදීම කියන මහා ගාම්භීර ප්‍රකාශය සිංහලයන්ට දාන්න ඇති. ඒ මදිවාට දැන් වගේ ම දීන මනස් තියෙන පිරිසක් අනුරාධපුරයෙ ඉන්න ඇති. මේ දීන මනස් ඇති අයගේ මනස පාලනය කරන එක ලෙහෙසියි. එළාර කාලෙ නන්දිමිත්‍රගෙ මාමත් එළාරට සේවය කළ බව අප දන්නවා. ඒ අතර නන්දිමිත්‍ර වැනි අර්ධරාක්‍ෂස අය එළාර සමග පැමිණියවුන් අතුරුදහන් කරපු හැටිත් සඳහන් වෙනවා. දැන් පඬියකු කියන්න බැරි නැහැ අදත් අතුරුදහන් කරන්නෙ ඒ සිංහලයන්ගෙන් පැවත එන අය කියා. ඒක වෙන්න බැරි නැහැ. ඒත් ඒ අය අද ඉන්නෙ එළාර එක්ක. පාර්ලිමේන්තුවෙ රනිල් පිටිපස්සෙන් වාඩිවෙලා ඉන්න අය දිහා බලන්න. 

මේ කතන්දරෙ අන්තිමට නතර කෙළේ ගැමුණු රජු. ඔහු තමයි බෞද්ධයන්ට යුද්ධකරන හැටි කියා දුන්නෙ. එතුමාගෙ සටන්පාඨය මාගේ මේ ව්‍යායාමය බුද්ධශාසනයේ චිරස්තිථිය සඳහා ය කියන එක එදා හිටි තම්බයියලාට මෙන් ම ඇතැම් සුපිරි බෞද්ධයන්ටත් දුන්න කදිම පිළිතුරක්. ගැමුණු රජු එදා යුද්ධ කරලා එළාර පරද්දලා ඒ තරම් දැඩි නොවන සිංහල බෞද්ධ රාජ්‍යය මුළු රටේ ම (අනුරාධපුරයේ පමණක් නොව) ස්ථාපිත කළා.

මහින්දට දෙමළ ත්‍රස්තවාදය පරාජය කළාට සිංහල බෞද්ධ රාජ්‍යය ස්ථාපිත කරගන්න බැරිවුනා. එයට එක් හේතුවක් ඔහුගෙ උපදේශකයන්.  තවත්් හේතුවක් පඬියන්. මේ කොයි කවුරුත් බටහිර සංස්කෘතික යටත්විජිතවාදයෙන් බිහිකරපු අය. බටහිරයන් පඬියන් මෙන් ම උපදේශකයන් පිටුපසත් ඉන්නවා. පඬියන් හා උපදේශකයන් පෙනී හිටින්නෙ ප්‍රබුද්ධයන්, විවෘත මනස් ඇති පුද්ගලයන් ලෙස. ඒත් ඔවුන් තරම් අප්‍රබුද්ධ සංවෘත මනස් ඇති පිරිසක් ලංකාවේ තවත් නැහැ. ඔවුන් දන්නේ ඔවුන්ට බටහිරයන් පොවන දැනුම පමණයි. බටහිරයන් තම දැනුම මොවුන්ට පොවන්නේ පෙර පාසලේ සිටයි.  ඔවුන් අතින් නිර්මාණය වුනු එක සංකල්පයක්, ප්‍රවාදයක් තියෙනව නම් කියන්න. මා අවුරුදු පනහකට වැඩි කාලයක් මොවුන් ආශ්‍රය කරලා තියෙනවා. මොවුන් බටහිර සංස්කෘතික යටත්විජිතවාදයේ ඉත්තන් හා ගැත්තන් පමණයි. 

බටහිරයන් අප පාලනය කිරීමට මේ අප්‍රබුද්ධයන් ද යොදා ගන්නවා. අපටත් ලුබෙන්නෙ ඒ බටහිර අධ්‍යාපනය ම නිසා අපේ මනස් ද දීන වෙලා. බටහිරයන්ට අපේ මනස් පාලනය කරන එක පහසුයි. අර අප්‍රබුද්ධයන්ට සවන් දීමට අප පෙළඹෙනවා. බටහිරයන්ගෙනුත් එංගලන්ත සුද්දන් මේ මනස් පාලනය හොඳින් ම දන්නවා. ඉතිහාසයේ මනස් පාලනය ඉතාමත් ම ක්‍රමවත්ව  කරන්නේ ඉංගිරිසින්. පාසල්, විශ්වවිද්‍යාල, ජනමාධ්‍ය ඒ සඳහා යොදාගැනෙනවා. අපට කල්පනා කරන්න ඉඩදෙන්නෙ ම නැහැ. ඒත් දැන් දැන්  තරුණයන්ට මේ කතාව ක්‍රමයෙන් වැටහෙනවා. 2003න් පස්සෙ අද වන විට අප එදාට වඩා තරමක් හරි යහමග ගිහින් තියෙන බවක් පේනවා. දීන මනස් නැති කර යහමග ගිහින් යහපාලනය පෙරළා දැමීම අද අනිවාර්ය වෙලා.  

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද/ කාලය වෙබ් අඩවියෙන් ද  කියවිය හැකි යි. 

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)

නලින් ද සිල්වා

2016 ජූලි 27