History

Thursday 26 January 2017

කොහේ තියෙන සිංහල බෞද්ධ රටක් ද?

කොහේ තියෙන සිංහල බෞද්ධ රටක් ?

මා නිතර මතක් කරන කරුණක් නම් අප රටේ අධිපතිවාදී සංස්කෘතිය යුදෙවු ක්රිස්තියානි සංස්කෘතියේ ඇංග්ලිකන් ක්රිස්තියානි ප්රභේදය බවයි. අප රටේ බහුතරය සිංහල බෞද්ධ වුවත් මෙරට විශේෂිත සංස්කෘතිය නොව අධිපතිවාදී සංස්කෘතිය ඇංග්ලිකන් ක්රිස්තියානි සංස්කෘතියයි. අපේ පාර්ලිමේන්තුව ඇංග්ලිකන් ක්රිස්තියානි සංස්කෘතියේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවේ තුන්වැනි පංතියේ ආකෘතියක් පමණයි. අර සෙංකෝලය රැගෙන එන විට අපට කොතරම් ආඩම්බර ? යොවුන් පාර්ලිමේන්තුවටත් සෙංකෝලයක් තියෙනවා! කවුරු හරි කියන්න පුළුවන් ලෝකයේ හැම තැන ඇත්තේ ආකෘතියේ පාර්ලිමේන්තු කියා. එයින් කියැවෙන්නේ යුදෙවු ක්රිස්තියානි සංස්කෘතිය ලෝකයේ අධිපතිවාදී සංස්කෘතිය බව.


අපේ අධ්යාපනය ගැන කිව හැක්කේ කුමක් ? අප කෙතරම් ආඩම්බරයෙන් අර කළු රක්ත වර්ණ උපාධි ලෝගු ඇඳ ගෙන පෙරහැරේ යනවා ? සමහරුන් ආචාර්ය උපාධියට ගිය විට අදාළ විශ්වවිද්යාලයේ ආචාර්ය උපාධි ලෝගුව හා තොප්පිය මිළ දී ගෙනෙනවා. ඔවුන්ට ඇත්තේ කෙතරම් දීන මනසක් ?  මගේ ජීවිතයේ කිසි දිනෙක උපාධි ලෝගුවක් ඇඳ නැහැ. මා කැලණිය විශ්වවිද්යාලයේ පීඨාධිපති වූ විට ප්රශ්නයක් මතු වූවා. උපාධි ප්රදානෝත්සවයේ දී  උපාධි ලබා ගැනීමට සුදුුසුකම් ලැබූ විද්යාර්ථීන්ගේ නාම ලේඛනය කියවන්නේ අදාළ පීඨයේ පීඨාධිපතිවරයායි. එය කරන්නේ වේදිකාවේ සිටයි. එහෙත් වේදිකාවට නැගීමට උපාධි ලෝගුව ඇඳිය යුතුයි. මා කියා සිටියේ මා උපාධි ලෝගුව නොඅඳින බවයි. එවිට විශ්වවිද්යාලය වෙනත් අයකු ලවා නාම ලේඛනය කියවා ගත්තා. විද්යා පීඨයේ ඇතැමුන් කියා සිටියේ මා පීඨාධිපති ධුරයෙන් අස්කළ යුතු බවයි. එහෙත් පීඨාධිපතිවරයකු අස් කරන්නේ කෙසේ දැයි විශ්වවිද්යාල පනතේ සඳහන් නොවන බව මා බලධාරීන්්ට පෙන්වා දුන්නා. දිනවල ආසනික් ප්රශ්නයත් තිබූ බැවින් ඊනියා විද්යාඥයන් බොහෝ දෙනකුට මා පීඨාධිපති ධුරයෙන් අස් කිරීමේ වුවමනාවක් තිබුණා.

මා මෙය සඳහන් කරන්නේ හුදෙක් බාහිර ඇඳුමක් පිළිබඳ ප්රශ්නයක් ලෙස නො වෙයි. මෙයින් කියැවෙන්නේ සංස්කෘතික ආධිපත්යයයි. උපාධි ලෝගුවල වර්ණ සකස් වී ඇත්තේ පල්ලියේ පූජකවරුන්ගේ ලෝගුවල වර්ණ අනුගමනය කරමින්. පහළ ශ්රේණිවල පූජකවරුන් අඳින්නේ කළු ලෝගු. ඉහළ ශ්රේණිවල පූජකවරුන් විවිධ වර්ණවල ලෝගු අඳිනවා. ඉහළම ශ්රේණිවල පූජකවරුන් රතු පාට ලෝගු අඳිනවා. ආචාර්ය උපාධි ලෝගුවත් රතු පාටයි. සාමාන් උපාධි ලෝගු කළු පාටයි.  එහෙත් සියල්ලට වඩා ප්රශ්නය වන්නේ විශ්වවිද්යාලවල උගන්වන්නේ ක්රිස්තියානි දැනුමක් වීම. විශ්වවිද්යාලවල බුදුදහම ඉගැන්වෙන්නේත් ක්රිස්තියානි ආකෘතියකට යටත් .  වල්පොල රාහුල හිමියන්ගේ සිට බෞද්ධ උගතුන් බටහිර ක්රිස්තියානි නූතනත්වයට සරිලන ආකාරයට බුදුදහම විකෘත කළා. දැනුත් විකෘත කරනවා.

මා කොළඹ විශ්වවිද්යාලයේ උගන්වන කාලයේ එහි උපකුලපති වූ ජී එල් පීරිස් මගෙන් විමසා සිටියේ මා ජාතික චින්තනය උගන්වන්නේ ඇයි කියා. මා ඔහුගෙන් අසා සිටියේ අනෙක් අයට විජාතික චින්තනය ඉගැන්විය හැකි නම් මට ජාතික චින්තනය ඉගැන්වීමට නොහැකි කියායි. වැඩිකල් නොගොස් මා විශ්වවිද්යාලයෙන් අස් කළා. මෙරට අධ්යාපනය පෙර පාසලේ සිට විශ්වවිද්යාලය දක්වා ක්රිස්තියානියි. බටහිර විද්යාව ඇතුළු බටහිර දැනුම බිහි වී ඇත්තේ ග්රීක යුදෙවු ක්රිස්තියානි චින්තනයක. මෙරට අධිපතිවාදී වෛද් ක්රමය බටහිර ඇලොපති වෛද් ක්රමයයි. මෙරට සිංහල වෙදකමට ඇති නිල පිළිගැනීම කුමක් ? මෙරට අධිකරණය යුදෙවු ක්රිස්තියානි. නීතියත් එසේමයි. රෝම ලන්දේසි නීතිය සිංහල බෞද්ධ නීතියක් නො වෙයි.  එහෙත් සිංහල බෞද්ධයන්ගේ යුක්තිය පසිඳලන්නේ නීතියට අනුව. අපේ අධිකරණ නායක හාමුදුරවරුත් අලුත්කඩේ උසාවියට වැඩම කරනවා.

අපේ කියා මාධ්යයක් නැහැ. ඊයේ ජනවාරි විසිපස්වැනි දා. දෙමළ ත්රස්තවාදීන් දළදා මාළිගාවට පහර දුන් දිනය. මා දන්නා තරමින් කිසිම ජනමාධ්යයක් ගැන කිිසිම ප්රචාරයක් ලබා දුන්නේ නැහැ. එහෙත් ඔවුන් සැප්තැම්බර් එකොළහ ගැන කතා කෙළේ නැද්ද? අපට වැදගත් වන්නේ අප මතක් කර ගත යුත්තේ සැප්තැම්බර් එකොළහ ? ජනවාරි විසිපහ ? අප ඊනියා සංහිඳියාවක් නාමයෙන් ජනවාරි විසිපහ අමතක කළ යුතු ?  පූජ් බෙංගමුවේ නාලක හිමියන් සහ ජාතික හිමිකම් සංවිධානයේ සාමාජිකයන් ඊයේ දළදා මාළිගාව මළුවෙහි අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට සංවිධානය කර තිබුණා. මා එහි අනුශාසකයකු ලෙස ගියා. එහෙත් අපට දැනගැනීමට ලැබුණේ දළදා මාළිගාවේ බලධාරීන් උසාවි නියෝගයක් අනුව යමින් එවැනි අධිෂ්ඨාන පූජා තහනම් කර ඇති බවයි.

මේ තමයි බුදුසසුන රැක පෝෂණය කිරීම. ඉංගිරිසින් 1815 සිංහල ඉංගිරිසි ගිවිසුම (ඊනියා උඩරට ගිවිසුම) කඩමින් 1840 දී දළදා මාළිගාවේ භාරකාරත්වය දියවඩන නිළමේට පැවරුවා. දියවඩන නිළමේ රෝම ලන්දේසි නීතිය අනුගමනය කරනවා. මහානායක හිමිපාණන් වහන්සේලාට මේ සම්බන්ධ තීරණ ගැනීමේ බලයක් නැහැ. මෙරට සිංහල බෞද්ධ රටක්ළු. එබැවින් එය වෙනුවට අනාගමික රාජ්යයක් අවශ් යැයි ජයම්පති වික්රරත්න ඇතුළු සිිංහල බෞද්ධ විරෝධීන් බෙරිහන් දෙනවා. ඔවුන් අනාගමික කියා කියන්නේ විවිධ ක්රිස්තියානි ආගමික රාජ්යවලට. ඔවුන්ගේ අරමුණ මෙරට ඇති ඇංග්ලිකන් ක්රිස්තියානි රාජ්යයට  සුළු වුවත් බාධාවක් තිබෙනවා නම් ඉවත් කිරීමයි.

නව ව්යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුවට ජනවරමක් නැහැ. විශේෂයෙන් සංධානයට මිනිසුන් ඡන්දය දුන්නේ නව  ව්යවස්ථාවක් සම්පාදනය කිරීීමට නොවෙයි. ඒකාබද්ධ විපක්ෂය නව ව්යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්රියාවලියෙන් ඉවත් විය යුතුයි. බුදුහමට දී ඇතැයි කියන ප්රමුඛස්ථානය නැති කිරීමට සිංහල බෞද්ධ විරෝධීන් උත්සාහ ගන්නවා. අර අනුකමිටු හයේ වාර්තාවලින් බව පැහැදිලියි. බුදුසසුනට ප්රමුඛස්ථානය ලැබෙන හැටි අප ඊයේ දළදා මාළිගාවේ දී අත්දුටුවා. අපට පිහිට පැතීමට සිදු වී ඇත්තේත් රෝම ලන්දේසි නීතිය ආධාරයෙන්! ඒකාබද්ධ විපක්ෂය සිංහල විරෝධී අනුකමිටු වාර්තා හය නිල වශයෙන් ප්රතික්ෂෙප කළ යුතුයි. ජනවාරි විසිපහ මතක් කරගනිමින් අද හෙට   කළ හැකියි.




මේ ලිපිය තවත් ලිපි කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි .


නලින් සිල්වා
               
2017 ජනවාරි 26