History

Friday, 21 July 2017

වෙසක් මැයි ගිවිසුම දෙසැම්බර්


වෙසක් මැයි ගිවිසුම දෙසැම්බර්



පාර්ලිමේන්තු දේශපාලනය කියන්නෙ හැකිතාක් පිරිසක් හැකිතාක් රැවටීම. ඒ බලය ලබා ගැනීමට හා බලය රැක ගැනීමට. ජනමාධ්‍ය ද කරන්නේ එයමයි. ඔවුන්ගේ ජනප්‍රියතාව රැක ගැනීම හා වැඩි කර ගැනීම. ඊනියා විදවතුන්  ද වැඩි වෙනසක් නැහැ. ඒ අතින් බලන කල සියලු දෙනා ම දේශපාලනඥයන්. කිසිම විචාර බුද්ධියක් නැති පිරිසක් රැවටීම අපහසු දෙයක් නො වෙයි. විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් ඉන්නේ රැවටෙන්න බලාගෙන.




සයිටම් ගැන දොස්තරලා ඊනියා උගතුන් රවටන්න හදනවා. සයිටම් ප්‍රමිතිය වැඩි කිරීම සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට හෝ රාජ්‍ය පෞද්ගලික බද්ධ ව්‍යවසායක් ලෙස පවත්වා ගෙන යා යුතු ය කියා යෝජනා වී තිබුණා. ඒ යෝජනා ගැන දන්න දොස්තරලා ඉන්නවා. ඔවුන් ඒ ගැන කියන්නේ නැහැ. කිසිවකු නොඉල්ලූ දෙයක් ආණ්ඩුව කර ඇතැයි කියන්නේ ජනයා රැවටීමට. අදාළ ගිවිසුම මා දැක නැහැ. ඒ ගිවිසුමට බැංකුව අත්සන් කර ඇත්තේ ඈයි ද යන්න තේරුම් ගන්න පුළුවන්. නෙවිල් ප්‍රනාන්දු බැංකුවෙන් ගත් ණය ගෙවන කම් ආණ්ඩුවට රෝහල සම්පූර්ණයෙන් පවරා ගන්න බැහැ. එහෙම කළොත් ආණ්ඩුවට බැංකු ණයත් ගෙවන්නට වේවි. අවුරුදු දහයකින් ණය ගෙවීමට නෙවිල් ප්‍රනාන්දු බැංකුව සමග එකඟතාවකට පත් වී තිබෙන බව පෙනෙන්න තියෙනවා.



පසුගිය දා අධි පෝය ගැන වාදයක් හට ගැනීමට ගියා. පෝය සකස් කරන්නේ ආණ්ඩුව නො වෙයි. ඇතැම් වාචාල මහදැනමුත්තන්ට අනුව වෙසක් ඉංගිරිසින්ගේ මැයි මාසයේ ම පැවැත්විය යුතුයි. රනිල් ඉරටු කොස්ස ගැන කියන ආකාරයට ම ඔවුන් මැයි මාසයේ කතාව කියනවා.  එකල කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියකු වූ චතුරිකා රසංජලී රූපසිංහ තම අවසාන වසරේ නිබන්ධය සඳහා අධි පෝය පිළිබඳ අධ්‍යයනයක් කළා. ඒ පිළිබඳ විස්තර මා පසු ලිපියක කියන්නම්. ඇගේ අධ්‍යයනයට අනුව මෙවර වෙසක් පෝය ලබන්නේ අප්‍රේල් අග. මැයි මාසයේ පෝය අධි පොසොන්. වෙසක් පෝය මැයි මාසයේ ම ලැබිය යුතු යැයි කියන්නේ පෝය ගැන කිසිම අවබෝධයක් නැතිව. මොවුන්ට සුද්දන්ගේ මැයි මාසය තමයි මිනුම් දණ්ඩ. කිසිම අධ්‍යයනයක් නොකර වාචාල කතා කියන්නන්ට ජනමාධ්‍යයේ තැනක් ලැබෙනවා. මේ වාචාලයන් අතර ඊනියා ජාතිකවාදීන් ද ඉන්නවා. 



මෛත්‍රිපාල මේ දිනවල දෙසැම්බර මාසයේ සිදුවන්නේ යැයි කියන ගිවිසුම් අලුත් වැඩියාවක් ගැන කතා කරනවා. මේ ගිවිසුම මොකක් ද? ගිවිසුම අත්සන් කෙළේ කවුරුන් එකතු වී ද? දෙසැම්බර් මාසයේ අත්සන් කරන ලද ගිවිසුමක් ඇති. ඒ ගිවිසුම හැරෙන්න තවත් ගිවිසුම් ද ඇති. එහෙත් අපට මතක ගිවිසුමක් අත්සන් කෙළේ 2015 අගෝස්තු මාසයේ. මහා මැතිවරණය පැවැත්වූයේ 2015 අගෝස්තු මාසයේ මිස දෙසැම්බර් මාසයේ නො වෙයි.



දහනවවැනි සංශෝධනයෙන් පසු ඊනියා ජාතික ආණ්ඩුවකට පසුබිම සකස් කෙරුණා. මේ සංශෝධනයට දෙදෙනකු හැරෙන්න සංධානයේ සියලුම මන්ත්‍රීවරුන් කිසිම දැක්මක් නැතිව ඡන්දය දුන්නා. සරත් වීරසේකර සංශෝධනයට  විරුද්ධව ඡන්දය දුන් අතර ජානක බණ්ඩාර ඡන්දය දීමෙන් වැළකී සිටියා. දහනවවැනි සංශෝධනයට අනුව ඊනියා ජාතික ආණ්ඩුවක් කියන්නෙ එක් දේශපාලන පක්‍ෂයක් තවත් දේශපාලන පක්‍ෂයක් හෝ පක්‍ෂ හෝ සමග පිහිටුවන ආණ්ඩුවකට. ඊනියා ජාතික ආණ්ඩුවකට වැඩියෙන් ඇමතිවරුන් පත් කරන්න පුළුවන්.



2015 අගෝස්තු මැතිවරණයෙන් පසුව දහනවවැනි සංශෝධනයට අනුව එ ජා පෙරමුණ ශ්‍රී ල නි ප සමග එකතු වී ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටෙව්වා. මේ ආණ්ඩුව නීත්‍යානුකූල නැහැ. පාර්ලිමේන්තුවේ නියෝජනය වන්නේ බුලත් කොළයෙන් තරග කළ සංධානය මිස ශ්‍රී ල නි පක්‍ෂය නො වෙයි. ශ්‍රී ල නි ප මධ්‍යම කාරක සභාවට, ඒ කාරක සභාව නීත්‍යානුකූල වුවත්, එ ජා පෙරමුණ සමග එක් වී ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න බැහැ. මේ බව මේ ලිපිවල කිහිප වාරයක් සඳහන් වී ඇති. අද කතානායක මහජන එක්සත් පෙරමුණට, ජාතික නිදහස් පෙරමුණට හා තවත් පක්‍ෂවලට පාර්ලිමේන්තුවේ වෙන ම පක්‍ෂ ලෙස කටයුතු කිරීමට ඉඩ නොදෙන්නේ පාර්ලිමේන්තුවේ නියෝජනය වන්නේ මහජන එක්සත් පෙරමුණ ආදී පක්‍ෂ නොව සංධානය බව කියමින්. ඒ අනුව ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුතු ව තිබුණේ එ ජා පෙරමුණ හා සංධානය අතරයි. එහෙත් කතානායක ශ්‍රී ල නි පක්‍ෂයට එ ජා පෙරමුණ සමග ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට අවසර දීලා. මෙහෙම කතානායක කෙනකු ඉන්නවා නම් රනිල්ට මොනවා කරන්න බැරි ද?



කොහොමටත් වැරදියට හරි ජාතික ආණ්ඩුවක් පිහිටු වූයේ ශ්‍රී ල නි ප හා එ ජා පෙරමුණ අතර ගිවිසුමකින්. ඒ ගිවිසුම ඇති වුණේ 2015 අගෝස්තු මාසයේ. 2015 දෙසැම්බරයේත් ගිවිසුමක් ඇති වෙන්න ඇති. ගිවිසුම් සඳහා අවශ්‍ය වන්නේ කඩදාසි හා අත්සන් පමණයි.  එහෙත් ඊනියා ජාතික ආණ්ඩුවට වැදගත් වන්නේ ඒ අනෙක් ගිවිසුම් නොව 2015 අගෝස්තු ගිවිසුමයි. ඒ ගිවිසුම මේ අවුරුද්දේ අගෝස්තු මාසයෙන් අවසන් වෙනවා. ගිවිසුම අලුත් කරන්න පුළුවන්. මා නැහැ කියන්නේ නැහැ. එහෙත් ගිවිසුම  අගෝස්තු මස  අලුත් කළේ නැත්නම් ඊනියා ජාතික ආණ්ඩුව බිඳ වැටෙනවා. අඩුම තරමෙන් ඊනියා ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවෙන් ඉවත් වෙන්න පුළුවන්. ඔවුන්ට ඒ සඳහා වැරදියට හරි ශ්‍රී ල නි ප මධ්‍යම කාරක සභාව රැස්වන තුරු ඉන්න අවශ්‍ය නැහැ. කවුරු හරි තර්ක කරාවි ද දන්නෙ නැහැ වැරදියට පිහිටෙව්ව ආණ්ඩුවක් බිඳ වැටෙන්න විධියක් නැහැ කියලා! දුමින්ද දිසානායක 2020 තෙක් ආණ්ඩුව ගෙන යන්නෙ මොන තර්ක උපයෝගි කරගෙන ද කියලා අප දැනුවත් කරාවි ද?



අප කිසිවකුට අවශ්‍ය සියල්ල අධ්‍යයනය කරන්න බැහැ. ඒ සඳහා ඉඩක් නැහැ. ඒ නිසා අප බෙහෝ දේ ගැන නොදැනුවත්. දේශපාලනඥයන්, ජනමාධ්‍යකරුවන්, ඊනියා විද්වතුන් ඇතුළු සියල්ලන් මේ නොදැනුවත්කම ප්‍රයෝජනයට ගන්නවා. ගිවිසුම දෙසැම්බරයේ, වෙසක් සුද්දාගේ මැයි මාසයේ. සුද්දන් එන්න ඉස්සර වෙසක් පෝය මැයි මාසෙ ලැබුවෙ කොහොම ද කියලා පඬියකු පවසනවා ද?   විසිහතර අවුරුද්දක් වෙසක් උත්සව පවත්වපු ගැමුණු රජු ඒ සියල්ල පැවැත්තුවෙ මැයි මාසෙ ද? අපේ පඬියන් හා ජනයා ප්‍රශ්නයක මුලට යන්න දන්නේ නැහැ.  පඬියන් ජනයා රවටනවා.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ජූලි 21

       



වෙසක් මැයි ගිවිසුම දෙසැම්බර්



පාර්ලිමේන්තු දේශපාලනය කියන්නෙ හැකිතාක් පිරිසක් හැකිතාක් රැවටීම. ඒ බලය ලබා ගැනීමට හා බලය රැක ගැනීමට. ජනමාධ්‍ය ද කරන්නේ එයමයි. ඔවුන්ගේ ජනප්‍රියතාව රැක ගැනීම හා වැඩි කර ගැනීම. ඊනියා විදවතුන්  ද වැඩි වෙනසක් නැහැ. ඒ අතින් බලන කල සියලු දෙනා ම දේශපාලනඥයන්. කිසිම විචාර බුද්ධියක් නැති පිරිසක් රැවටීම අපහසු දෙයක් නො වෙයි. විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් ඉන්නේ රැවටෙන්න බලාගෙන.



සයිටම් ගැන දොස්තරලා ඊනියා උගතුන් රවටන්න හදනවා. සයිටම් ප්‍රමිතිය වැඩි කිරීම සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට හෝ රාජ්‍ය පෞද්ගලික බද්ධ ව්‍යවසායක් ලෙස පවත්වා ගෙන යා යුතු ය කියා යෝජනා වී තිබුණා. ඒ යෝජනා ගඋන දන්න දොස්තරලා ඉන්නවා. ඔවුන් ඒ ගඋන කියන්නේ නැහැ. කිසිවකු නොඉල්ලූ දෙයක් ආණ්ඩුව කර ඇතැයි කියන්නේ ජනයා රැවටීමට. අදාළ ගිවිසුම මා දැක නැහැ. ඒ ගිවිසුමට බැංකුව අත්සන් කර ඇත්තේ ඈයි ද යන්න තේරුම් ගන්න පුළුවන්. නෙවිල් ප්‍රනාන්දු බැංකුවෙන් ගත් ණය ගෙවන කම් ආණ්ඩුවට රෝහල සම්පූර්ණයෙන් පවරා ගන්න බැහැ. එහෙම කළොත් ආණ්ඩුවට බැංකු ණයත් ගෙවන්නට වේවි. අවුරුදු දහයකින් ණය ගෙවීමට නෙවිල් ප්‍රනාන්දු බැංකුව සමග එකඟතාවකට පත් වී තිබෙන බව පෙනෙන්න තියෙනවා.



පසුගිය දා අධි පෝය ගැන වාදයක් හට ගැනීමට ගියා. පෝය සකස් කරන්නේ ආණ්ඩුව නො වෙයි. ඇතැම් වාචාල මහදැනමුත්තන්ට අනුව වෙසක් ඉංගිරිසින්ගේ මැයි මාසයේ ම පැවැත්විය යුතුයි. රනිල් ඉරටු කොස්ස ගැන කියන ආකාරයට ම ඔවුන් මැයි මාසයේ කතාව කියනවා.  එකල කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියකු වූ චතුරිකා රසංජලී රූපසිංහ තම අවසාන වසරේ නිබන්ධය සඳහා අධි පෝය පිළිබඳ අධ්‍යයනයක් කළා. ඒ පිළිබඳ විස්තර මා පසු ලිපියක කියන්නම්. ඇගේ අධ්‍යයනයට අනුව මෙවර වෙසක් පෝය ලබන්නේ අප්‍රේල් අග. මැයි මාසයේ පෝය අධි පොසොන්. වෙසක් පෝය මැයි මාසයේ ම ලැබිය යුතු යැයි කියන්නේ පෝය ගැන කිසිම අවබෝධයක් නැතිව. මොවුන්ට සුද්දන්ගේ මැයි මාසය තමයි මිනුම් දණ්ඩ. කිසිම අධ්‍යනයක් නොකර වාචාල කතා කියන්නන්ට ජනමාධ්‍යයේ තැනක් ලැබෙනවා. මේ වාචාලයන් අතර ඊනියා ජාතිකවාදීන් ද ඉන්නවා. 



මෛත්‍රිපාල මේ දිනවල දෙසැම්බර මාසයේ සිදුවන්නේ යැයි කියන ගිවිසුම් අලුත් වැඩියාවක් ගැන කතා කරනවා. මේ ගිවිසුම මොකක් ද? ගිවිසුම අත්සන් කෙළේ කවුරුන් එකතු වී ද? දෙසැම්බර් මාසයේ අත්සන් කරන ලද ගිවිසුමක් ඇති. ඒ ගිවිසුම හැරෙන්න තවත් ගිවිසුම් ද ඇති. එහෙත් අපට මතක ගිවිසුමක් අත්සන් කෙළේ 2015 අගෝස්තු මාසයේ. මහා මැතිවරණය පැවැත්වූයේ 2015 අගෝස්තු මාසයේ මිස දෙසැම්බර් මාසයේ නො වෙයි.



දහනවවැනි සංශෝධනයෙන් පසු ඊනියා ජාතික ආණ්ඩුවකට පසුබිම සකස් කෙරුණා. මේ සංශෝධයට දෙදෙනකු හැරෙන්න සංධානයේ සියලුම මන්ත්‍රීවරුන් කිසිම දැක්මක් නැතිව ඡන්දය දුන්නා. සරත් වීරසේකර සංශෝධනයට  විරුද්ධව ඡන්දය දුන් අතර ජානක බණ්ඩාර ඡන්දය දීමෙන් වැළකී සිටියා. දහනවවැනි සංශෝධනයට අනුව ඊනියා ජාතික ආණ්ඩුවක් කියන්නෙ එක් දේශපාලන පක්‍ෂයක් තවත් දේශපාලන පක්‍ෂයක් හෝ පක්‍ෂ හෝ සමග පිහිටුවන ආණ්ඩුවකට. ඊනියා ජාතික ආණ්ඩුවකට වැඩියෙන් ඇමතිවරුන් පත් කරන්න පුළුවන්.



2015 අගෝස්තු මැතිවරණයෙන් පසුව දහනවවැනි සංශෝධනයට අනුව එ ජා පෙරමුණ ශ්‍රී ල නි ප සමග එකතු වී ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටෙව්වා. මේ ආණ්ඩුව නීත්‍යානුකූල නැහැ. පාර්ලිමේන්තුවේ නියෝජනය වන්නේ බුලත් කොළයෙන් තරග කළ සංධානය මිස ශ්‍රී ල නි පක්‍ෂය නො වෙයි. ශ්‍රී ල නි ප මධ්‍යම කාරක සභාවට, ඒ කාරක සභාව නීත්‍යානුකූල වුවත්, එ ජා පෙරමුණ සමග එක් වී ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න බැහැ. මේ බව මේ ලිපිවල කිහිප වාරයක් සඳහන් වී ඇති. අද කතානායක මහජන එක්සත් පෙරමුණට, ජාතික නිදහස් පෙරමුණට හා තවත් පක්‍ෂවලට පාර්ලිමේන්තුවේ වෙන ම පක්‍ෂ ලෙස කටයුතු කිරීමට ඉඩ නොදෙන්නේ පාර්ලිමේන්තුවේ නියෝජනය වන්නේ මහජන එක්සත් පෙරමුණ ආදී පක්‍ෂ නොව සංධානය බව කියමින්. ඒ අනුව ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුතු ව තිබුණේ එ ජා පෙරමුණ හා සංධානය අතරයි. එහෙත් කතානායක ශ්‍රී ල නි පක්‍ෂයට එ ජා පෙරමුණ සමග ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට අවසර දීලා. මෙහෙම කතානායක කෙනකු ඉන්නවා නම් රනිල්ට මොනවා කරන්න බැරි ද?



කොහොමටත් වැරදියට හරි ජාතික ආණ්ඩුවක් පිහිටු වූයේ ශ්‍රී ල නි ප හා එ ජා පෙරමුණ අතර ගිවිසුමකින්. ඒ ගිවිසුම ඇති වුණේ 2015 අගෝස්තු මාසයේ. 2015 දෙසැම්බරයේත් ගිවිසුමක් ඇති වෙන්න ඇති. ගිවිසුම් සඳහා අවශ්‍ය වන්නේ කඩදාසි හා අත්සන් පමණයි.  එහෙත් ඊනියා ජාතික ආණ්ඩුවට වැදගත් වන්නේ ඒ අනෙක් ගිවිසුම් නොව 2015 අගෝස්තු ගිවිසුමයි. ඒ ගිවිසුම මේ අවුරුද්දේ අගෝස්තු මාසයෙන් අවසන් වෙනවා. ගිවිසුම අලුත් කරන්න පුළුවන්. මා නැහැ කියන්නේ නැහැ. එහෙත් ගිවිසුම  අගෝස්තු මස  අලුත් කළේ නැත්නම් ඊනියා ජාතික ආණ්ඩුව බිඳ වැටෙනවා. අඩුම තරමෙන් ඊනියා ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවෙන් ඉවත් වෙන්න පුළුවන්. ඔවුන්ට ඒ සඳහා වැරදියට හරි ශ්‍රී ල නි ප මධ්‍යම කාරක සභාව රැස්වන තුරු ඉන්න අවශ්‍ය නැහැ. කවුරු හරි තර්ක කරාවි ද දන්නෙ නැහැ වැරදියට පිහිටෙව්ව ආණ්ඩුවක් බිඳ වැටෙන්න විධියක් නැහැ කියලා! දුමින්ද දිසානායක 2020 තෙක් ආණ්ඩුව ගෙන යන්නෙ මොන තර්ක උපයෝගි කරගෙන ද කියලා අප දැනුවත් කරාවි ද?



අප කිසිවකුට අවශ්‍ය සියල්ල අධ්‍යයනය කරන්න බැහැ. ඒ සඳහා ඉඩක් නැහැ. ඒ නිසා අප බෙහෝ දේ ගැන නොදැනුවත්. දේශපාලනඥයන්, ජනමාධ්‍යකරුවන්, ඊනියා විද්වතුන් ඇතුළු සියල්ලන් මේ නොදැනුවත්කම ප්‍රයෝජනයට ගන්නවා. ගිවිසුම දෙසැම්බරයේ, වෙසක් සුද්දාගේ මැයි මාසයේ. සුද්දන් එන්න ඉස්සර වෙසක් පෝය මැයි මාසෙ ලැබුවෙ කොහොම ද කියලා පඬියකු පවසනවා ද?   විසිහතර අවුරුද්දක් වෙසක් උත්සව පවත්වපු ගැමුණු රජු ඒ සියල්ල පැවැත්තුවෙ මැයි මාසෙ ද? අපේ පඬියන් හා ජනයා ප්‍රශ්නයක මුලට යන්න දන්නේ නැහැ.  පඬියන් ජනයා රවටනවා.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

හටටපඃ//තතත1.කඅලඅයඅ.ඔරග

නලින් ද සිල්වා

2017 ජූලි 21