දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 13
1833 දී දෙමළ ජාතිවාදය ඉංගිරිසින් විසින් දේශපාලනික ව බෞතීස්ම කළ දින සිට
1947 පමණ වන තුරු දෙමළ වෙල්ලාල නායකයන්ට
අවශ්‍ය වූයේ මුළු රටේ ම නායකයන් වීමට මිස ඊනියා ඊළමක නායකයන් පාලකයන් වීමට නො
වෙයි. මේ ඉතිහාසය අපට වැදගත් වන්නේ නිල වශයෙන් උතුරු හා නැගෙනහිර පළාත්වලට වෙන ම
පාලනයක් ඉල්ලීමේ මුල 1947 පමණ දැක ගත හැකි වීම නිසයි. ඒ භාෂා පනතට මෙන් ම උඩරට දෙමළ කතාකරන ජනයා
රටවැසියන් ලෙස නොපිළිගැනීමටත් පෙරයි. යම්කිසි අයුරකින් වෙල්ලාලයන්ට රටේ ම
නායකයන් වීමට හැකි වුණා නම් ඔවුන් ඊළමක් ඉල්ලන්නේ නැහැ. එහෙත් සර්වජන ඡන්දයෙන් පසු
විශේෂයෙන් ම 1947 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු
චෙල්වනායගම් නාගනාදන් වැනි අය තමන්ට රටේ ම නායකයන් වීමට නොහැකි බව තේරුම් ගත්තා.
අප කලින් සඳහන් කර ඇති අන්දමට 1947 පළමු පාර්ලිමේන්තුවේ රාජාසන කතා විවාදයේ දී ඊ එම් වී. නාගනාදන් දැන්
දෙමළ අය සිංහලයන්ගෙන් නිදහස් විය යුතු ය යන අදහස ප්‍රකාශ කළා. ඒ සඳහන් කෙළේ උතුරු
හා නැගෙනහිර පළාත් වෙන ම රාජ්‍යයක් බවට පත් කර ගත යුතු ය යන්නයි. 1949 ඉලංකෙයි තමිල් අරසු කච්චි පිහිටුවා ගත්තේ මෙ
වෙන ම රාජ්‍යය පිහිටුවා ගැනීමටයි. අද නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට උත්සාහ කරන්නේ මේ
ඊළමට පාර කැපීමටයි. ඒ නිසා ගෙනෙන්න බලාපොරොත්තු වෙන ව්‍යවස්ථාව නාගනාදන් ව්‍යවස්ථාව
ලෙස හඳුන්වන්න පුළුවන්.
මේ වෙල්ලාල නායකයන්ට සිංහල විරෝධයක් ද තිබුණා. එය පොන්නම්බලම්
රාමනාදන් කාලයේ සිට ම එන්නක්. විග්නේස්වරන් ඔවුන්ගේ ඥාති මුණුබුරෙක්. මේ විරෝධය
ඉංගිරිසිය වෙනුවෙන් තිබුණේ නැහැ. ඉංගිරිසිය රාජ්‍ය භාෂාව වීම, ඉංගිරිසි අකුරු වාහන තහඩුවල තිබීම ඔවුන්ට ප්‍රශ්නයක්
වුණේ නැහැ. එහෙත් සිංහලය රාජ්‍ය භාෂාව කිරීමට ඔවුන් විරුද්ධ වුණා. ඒ රාජ්‍ය භාෂාව
යන්නෙහි තේරුමවත් නො දැන.
දෙමළ වෙල්ලාල නායකයන්ට සිංහලයන්ගෙන් නිදහස් වී ඊළමක් පිහිටුවීමට අවශ්‍ය
වුණත් සාමාන්‍ය දෙමළ කතාකරන ජනයාට ඒ අවශ්‍යතාවක් වුණේ නැහැ. 1952 හා 1956 මැතිවරණවල දී ඉලංකෙයි තමිල් අරසු කච්චියට එතරම් ඡන්ද ලැබුණෙ නැහැ.
ඊළාම් ඉල්ලීම පහත සිට උඩට ගිය එකක් නොව උඩ සිට පහතට පැමිණි එකක්. බණ්ඩාරනායක
චෙල්වනායගම් හා ඩඩ්ලි සේනානායක චෙල්වනායගම් ගිවිසුම් ගැන ප්‍රභාකරන් ඔහුගේ සීයලා
බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි සඳහන් කර තිබෙනවා.
වෙල්ලාල නායකයන්ට 1976 වන
විට තේරුම් ගියා යාපන අර්ධද්වීපයේ තමන්ට පමණක් ඊළම දිනා ගන්න බෑැරි බව. එබැවින්
ඔවුන් නැගෙනහිර දෙමළ කතාකරන ජනයා හා උඩරට දෙමළ කතා කරන ජනයා පමණක් නොව මුස්ලිම්
ජනයා ද එකතු කරමින් එක් කඳවුරක් තැනීමට උත්සාහ ගත්තා. 1976 වඩුකොඩෙයි සම්මේලනය එහි ප්‍රතිඵලයක්. එයට
තොණ්ඩමන් මෙන් ම අෂ්රොෆ් ද සහභාගි වුණා. එහි දී තමයි දෙමළ කතා කරන ජනයා ඊනියා වෙන
ම ජාතියක් බව, උතුරු හා නැගෙනහිර පළාත් ඔවුන්ගේ ඊනියා නිජභූමි බව ප්‍රකාශ කෙරුණේ.
එමෙන් ම දෙමළ ජාතියට ඊනියා සවයං නීර්ණ අයිතියක් ඇති බවත් ප්‍රකාශ කෙරුණා.
මේ අදහස් යට ව්‍යාජ දෙමළ ඉතිහාස කතාවක් තිබුණා. මා එයට ව්‍යාජ කියා
කියන්නේ ඒ මුසාවක් නිසාත් ඒ සඳහා කිසිම ඓතිහාසික සාධකයක් නොතිබූ නිසාත්. මේ ව්‍යාජ
ඉතිහාස කතාවට ද ඉතිහාසයක් තියෙනවා. අද විග්නේස්වරන් ඒ ව්‍යාජ ඉතිහාස කතාව කිව්වත්
එහි ආරම්භය ලෙස
ලන්දේසීන්ගේ ආරාධනයෙන් වෙල්ලාල මුදලි
කෙනකු රචනා කළ යාල්පානම් වෛපත මාලෙයි හඳුන්වන්න පුළුවන්. එහි අරමුණ වුණේ දෙමළ කතා
කරන ජනයා මෙරට ආදියේ සිට ජීවත් වූ බව පෙන්වීම. මේ කෘතිය හුදු කවි පොතක් ලෙස
හැඳින්විය හැකි බව කාර්තිගේසු ඉන්ද්‍රපාල තම ආචාර්ය උපාධි නිබන්ධයේ සඳහන් කරනවා.
එමෙන් ම ඔහු කියා තිබෙනවා දොළොස්වැනි සියවසට පෙර මෙරට ස්ථිර දෙමළ වාසස්ථාන නොතිබූ
බව.
මේ ව්‍යාජ ඉතිහාසය පසුගිය සියවසේ ප්‍රචලිත කෙළේ
විග්නේස්වරන්ගේ ඥාති සීයා කෙනකු වූ පොන්නම්බලම් අරුණාශලම්. ඔහූ හින්දු පුරාණ ග්‍රන්ථ
තමන්ට රිසි සේ අර්ථදක්වමින් මෙරට ඊනියා ද්‍රවිඩ ජනතාවක් සිටි බව පෙන්වීමට අසාර්ථක
උත්සාහයක් ගත්තා. එහෙත් ඈත අතීතයේ ආර්ය ද්‍රවිඩ භේදයක් මෙරට තිබුණේ නැහැ. ඒ
ආදිවාසීන්ගෙන් ව්‍යාධ (වැදි) ජනයා හැරෙන්න අනෙක් ජනකොටස් වංගයන් හා කාලිංගයන් හා
එකතු වීමෙන් (මිශ්‍ර වීමෙන්) තමයි සිංහල ජාතිය හැදුණෙ. ඒ සිංහල බෞද්ධ රාජ්‍යයක්
පිහිටුවීමත් සමග. එක් අබෞද්ධයකු ලියා තිබුණා සිංහල බෞද්ධ රාජයේ අරමුණ මිනිසුන්
නිවන් දැක්වීම කියා. ඔහු හිතන්නේ ඊනියා සමාජවාදී රාජ්‍ය සමාජවාදය ඇති කිරීමට
උත්සාහ ගත්තා මෙන් බෞද්ධ රාජ්‍යය ද මිනිසුන්ට නිවන් අවබෝධ කරවීමට කටයුතු කරනවා
කියා. මහා සමාජවාදීන් ලෙස පෙනී සිටිය ද ඔවුන් සමාජවාදයේ හා කොමියුනිස්ට්වාදයේ
වෙනසවත් දන්නේ නැහැ. ඔහුට අනුව කොමියුනිස්ට් යනු අදහසක්! අර රාජ්‍යය වියැකී යන්න
පන්ති පහේ උගන්වන්නේ නැතිවා වගෙයි.
1977 ජේ ආර් බලයට පත්වීමෙන් පසු තොණ්ඩමන්, සිරිමා ශාස්ත්‍රී ගිවිසුම ජේ ආර් ලවා
බින්දවා උඩරට දෙමළ කතාකරන ජනයා ලක්‍ෂ ගණනකට රටවැසිකම ලබා දුන්නා. එහෙත් ඒ වන විට
අර වඩුකොඩෙයි සමගිය බිඳී ගිහින්. තොණ්ඩමන් හා අෂ්රොෆ් වෙන වෙන ම මාර්ගවල ගමන් කළා.
ඉන්දියාව ප්‍රශ්නයට සෘජුව ම මැදිහත් වීමත් ඒ සමග ඇරඹුණා. තොණ්ඩමන්ගේ පිටුපසින්
ඉන්දියාව හිටියා. තොණ්ඩමන්ගේ පියා (සීයා එහෙම නොවෙයි) උඩරට වතු වගාව සඳහා වත්මන්
තමිල්නාඩු ප්‍රදේශයෙන් ඉංගිරිසින් විසින් ගෙන එන ලද්දෙක්. අදත් ඔහුගේ මුණුබුරු
තොණ්ඩමන් ඉන්දියාවේ පදයට නටන අයෙක්. ඔහුගේ එක් කකුලක් ඇත්තේ ඉන්දියාවේ නිසා එසේ
නටන්න ම වෙනවා. එතෙක් කල් දෙමළ ජාතිවාදය වැඩුණේ ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් ආධාරයෙන්
හා අනුබලයෙන්. දැන් ඉන්දියාව ද එහි කොටස් කරුවකු වුණා. මා එසේ කීම ගැන එක් පඬියකු කියා තිබුණේ මා එමගින් බටහිර විරෝධය
තනුක කරනවා කියා. පඬියාගේ සිංහල පැත්තකට දමමු. ඉන්දියාව දෙමළ ජාතිවාදය පෝෂණය කිරීම
අප නොසලකා හැරිය යුතු ද?