History

Friday, 13 March 2020

අතුරුදහන් වූ බව ඔප්පු කරන්න

 සිංහල ලිත් ඉලක්කම්


අතුරුදහන් වූ බව ඔප්පු කරන්න 


අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය ගැන අප තරමක් දුරට කතා කළා. නමින් අතුරුදහන් වූවකු භවයෙන් අතුරුදහන් වී ඇතැයි නිගමනයකට එන්න බැහැ. ඔහු නම වෙනස් කර මෙරට හෝ  වෙනත් රටක හෝ ජීවත් වෙනවා විය යැකියි. එසේත් නැත්නම් මානුෂික මෙහෙයුම්වල දී මිය ගිය ත්‍රස්තවාදියකු වෙන්න පුළුවන්. එසේත් නැත්නම් ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කෙරුණු සාමාන්‍ය වැසියකු වන්න පුළුවන්. එසේත් නැත්නම් සටනේදී යම්කිසි හේතුවක් නිසා මිය ගිය ත්‍රස්තවාදියකු හරි සාමාන්‍ය වැසියකු හරි වෙන්න පුළුවන්. 


ඊයේ ලිපියේ මා සචේතනික ව හා අචේතනික ව හමුදා මෙහෙයුම්වල දී කරන ලද පහර දීමකින් මිය ගිය අය ගැන කිවුවා. එලෙස ම කොටි ත්‍රස්තවාදී ප්‍රහාර නිසා මියගිය දෙමළ කතා කරන ජනයා ඉන්න පුළුවන්. ඔවුන්ගේ මෘත ශරීර සොයා ගැනිමට බැරි වී නම් ඔවුනුත් වැටෙන්නේ අතුරුදහන් වූවන්ගේ ගොඩට. 

මේ ඇතැම් අතුරුදහන් වූවන් බටහිර රටවල සරණාගතයන් වන්නත් පුළුවන්. අප අතුරුදහන් වූවන් ගැන දැන ගන්නේ ඔවුන්ගේ මිතුරන්ගෙන් ඥාතීන්ගෙන් හිතවතුන්ගෙන් ආදීන්. එහෙත් ප්‍රශ්නය වන්නේ මේ තොරතුරු කෙතරම් නිවැරදි ද යන්නයි.  අපට යමක් දැනගත හැක්කේ ඉදිරිපත් කෙරෙන තොරතුරූවලින් පමණයී. එහෙත් ඒ තොරතුරු දරුස්මාන් සංඛ්‍යා ලේඛන වැනි ව්‍යාජ දත්ත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එකී මිතුරන් ඥාතීන් ආදීන්ගේ හිතළු හරි බොරු හරි වෙන්න පුළුවන්. 

ආණ්ඩුවට මේ ඊනියා අතුරුදහන්වීම් සියල්ල ගැන හොයන්න බැහැ. කවුරු හරි ඇවිත් කියනවා අහවලා අතුරුදහන් වී ඇත කියා. ඒ දැනුම් දෙන තැනැත්තා තමා අතුරුදහන් වී යැයි කියන පුද්ගලයා ඉතා කිට්ටුවෙන් දැන සිටියකු බවට සාක්‍ෂි ද ඉදිරිපත් කර ඇතැයි සිතමු. ඒ කියන්නේ අවශ්‍ය උප්පැන්න සහතික, ග්‍රාම නිලධාරී සහතික ආදිය. එහෙත් මේ තැනැත්තා තමා අතුරුදහන් වී ඇතැයි කියන අය වෙනත් රටක එනමින් ම හෝ වෙනත් නමකින් හෝ ජීවත්වනවා විය හැකියි. සමහර විට පැමිණිල්ල කරන පුද්ගලයා ද ඒ බව නොදන්නවා වෙන්න පුළුවන්.

දැන් එලෙස අතුරුදහන් වී නොමැති පුද්ගලයකු අතුරුදහන් වී ඇති බවට පැමිණිල්ලක් ලැබුණොත් ආණ්ඩුව කළ යුත්තේ කුමක් ද? ඒ අතුරුදහන් වී ඇතැයි කියන පුද්ගලයා අතුරුදහන් වී ඇති බව උපකල්පනය කර ඒ පුද්ගලයා අතුරුදහන් වී ඇත්තේ කෙසේ දැයි සෙවීම ද? එසේත් නැත්නම් ඒ පුද්ගලයා ලංකාවේ හරි වෙනත් රටක හරි ජීවත් වන්නේ දැයි සොයා බැලීම ද? 

ඒ කිසිවක් කිරීමට ගතවන කාලය කුමක් ද?  එය සුළු කාලයක් නම් වෙන්න බැහැ. එසේ නම් ආණ්ඩුව කළ යුත්තේ ඒ අතුරුදහන් වී ඇතැයි කියන පුද්ගලයා ගැන සොයා නො බැලීම ද?   ආණ්ඩුවට නිකම් ම පැමිණිල්ලක් ලැබූ පමණින් කළ හැකි දෙයක් නැහැ. 

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පසුගිය දිනෙක මේ ගැන ප්‍රකාශයක් කරමින් කියා සිටියේ විශේෂිත (specific)  අතුරුදහන් වීම් ගැන කතා කරන ලෙසත් අතුරුදහන්වීම සාධාරණීකරණය (generalize) නොකරන ලෙසත්. ඇතැම් පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් එය ඊනියා ශාස්ත්‍රිය අරුතකින් අල්ලා ගත් බව පේන්න තිබුණා. යම් සංසිද්ධියක් යම්කිසි කුලකයකට (උපකුලකයකට) සාධාරණීය ලෙස බලපානවා වෙන්න පුළුවන්. ඇතැම් විටෙක ඒ සංසිද්ධිය කුලකයේ (උපකුලකයේ) අවයව කිහිපයකට පමණක් සීමා වන්න පුළුවන්. 

මා හිතන්නේ ජනාධිපති රාජපක්‍ෂ වැරදි වචන යොදා ගත්තා කියා. අතුරුදහන්වීම සමස්ත දෙමළ කතාකරන ජනයාට පොදු ප්‍රශ්නයක් නො වෙයි. කිහිප දෙනකු පමණක් අතුරුදහන් වී ඇති. ඒහෙත් එය පවා හරිහැටි කියන්නේ කෙසේ ද? අතුරුදහන් වීම පිළිබඳ නිර්ණායක මොනවා ද? යමකු අතුරුදහන් වී ඇතැයි අප නිගමනය කරන්නේ කිනම් නිර්ණායක සපුරාලන්නේ නම් ද? ආණ්ඩුව ඒ පිළිබඳ තීරණයක් ගන්නේ කෙසේ ද? 

යමකු ලංකාවේ හරි වෙනත් රටක හරි ජීවත් නොවන බව, ඔහු හෝ ඇය හෝ මිය ගොස් නැති බව, ඔහු කොටි විසින් ඝාතනය නොකරනු ලැබූවකු බව, එහෙත් ඔහු ගැන තොරතුරක් නැති බව ආදී කරුණු මෙහි දී අවශ්‍ය වෙනවා. යමකු අතුරුදහන් වී ඇති බව දන්නේ නම් ඒ ගැන සොයා බලා ඒ තැනැත්තා අතුරුදහන් කරනු ලැබුයේ කවුරුන් විසින් දැයි සොයා ඒ බව අධිකරණයක දී තීන්දු වුවහොත් දඬුවම් කරන්න පුළුවන්. මෙ ක්‍රියාවලියේ දී ආණ්ඩුවට මැදිහත් වෙන්න පුළුවන් අර අතුරුදහන් කරනු ලැබුයේ කවුරුන් විසින් දැයි සොයා බැලිම පමණයි. 

ඒ සොයා බලීම සඳහා ආණ්ඩුව එකී පුද්ගලයා නිශ්චිතව ම අතුරුදහන් වී ඇති බව දැන ගත යුතුයි. ජනාධිපති රාජපපක්‍ෂ විශේෂිත යන්නෙන් අදහස් කෙළේ මේ නිශ්චිත බව යැයි මා හිතනවා. දැන් ප්‍රශ්නය වන්නේ යමකු අතුරුදහන් වී ඇති බව නිශ්චිත ව දැන ගන්නේ කෙසේ ද යන්නයි. මා කලින් සඳහන් කෙළේ ආණ්ඩුවට එය සොයා බැලීමට නොහැකි බවයි. එසේ නම් කළ යුත්තේ කුමක් ද?

අතුරුදහන් වන්නන් පිළිබඳ ප්‍රශ්නයේ දී අතුරුදහන් වීම පෙන්වීමේ භාරය (onus) ඇත්තේ කාට ද? එය කිසිසේත්ම ආණ්ඩුවේ වගකීමක් නොවෙයි. එහි භාරය ඇත්තේ අතුරුදහන්වීම ගැන පැමිණිල්ල කරන පුද්ගලයාටයි. යම් පුද්ගලයකු අතුරුදහන් වී ඇති බවට පැමිණිල්ල කරන්නා ඒ බව සැකයකින් තොරව පෙන්නන්න ඕන. එසේ පෙන්නා දුන් පසු අතුරුදහන් කරනු ලැබුයේ කවුරුන් විසින් දැයි සොයා බැලීමට ආණ්ඩුවට පුළුවන්. එසේ නොමැතිව පැමිණිල්ලක් ලැබුණු පමණින් ඒ ගඋන සොයා බලන්න ආණ්ඩුවට බැහැ. 

මිනීමැරුමක දී මිනීමරුවා අල්ලා ගන්න පුළුවන් යමකු මරා දමා ඇති බව දන්නේ නම් පමණයි. ඒ දැන ගැනීම සඳහා සම්මත ක්‍රමවේදයක් බටහිර දැනුම් පද්ධතියේ තියෙනවා. අධිකරණ වෛද්‍ය නිලධාරියාත් එහි දී බලපානවා. මා මෙහි දී කියන්නේ බටහිර දැනුම් පද්ධතියේ වටිනාකමක් නො වෙයි. අපට වැඩ කිරීමට බල කෙරී ඇත්තේ බටහිර දැනුම් පද්ධතියෙහි. එහි මිනීමරුවා ගැන සොයන්නේ මිනීමැරුමක් බව ඔප්පු වීමෙන් පසුවයි. අතුරුදහන් කරනු ලැබුයේ කවුරුන් විසින් දැයි සොයා බැලිමට අතුරුදහන්වීමක් සිදුූ වී ඇති බව ඔප්පු කරන්න ඕන.