History

Friday, 24 April 2020

කොවිඩ්, බෞද්ධයන් හා පාර්ලිමේන්තුව

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 





කොවිඩ්, බෞද්ධයන් හා පාර්ලිමේන්තුව




නාවිකයන් තිස් දෙනකුට පමණ කොවිඩ් 19 ආසාදානය වෙලා. එය අර තවත් පොකුරක්. රෝගීන් , රෝගීන් බවට  සැක කරන්නන්, රෝගීන් වීමට විභවයක් ඇති අය පසු පස යන රණවිරුවන් පිළිබඳ ව තවත් පරෙස්සම් විය යුතුයි. ඔවුන් යම් ආාරයක ප්‍රතිශක්තීකරණයකට භාජනය විය යුතුයි. එය හමුදා විනයක් සහිත ව ක්‍රියාත්මක විය යුතුයි. රණවිරුවන්ගේ කැප කිරීම අප අගයන අතර ඔවුන් ආරක්‍ෂා කිරීමත් අපේ වගකීමක් බව තේරුම් ගත යුතුයි.


මෙය මුස්ලිම් හා ක්‍රිස්තියානි/කතෝලික සභ්‍යත්ව දෙක අතර කෙරෙන යුද්ධයක්. එක් සභ්‍යත්වයක් වඩා බලවත්. එහෙත් ඉන් කියැවෙන්නේ නැහැ ඒ සභ්‍යත්වයේ රටවලට පහර නොවදින බවක්. යුද්ධයකට පැති දෙයක් තියෙනවා. ඒ බව බොහෝ දෙනාට අමතක වෙනවා. ඒ නිසා ඔවුන් අහනවා අහවල් රටවල කොවිඩ් රෝගීන් ඉන්නේ කෙසේ ද කියා. සභ්‍යත්ව දෙක ම යුද්ධ කරන්නේ සම්මත අවි ආයුධවලින් නො වෙයි. වයිරස මගින්. මේ සභ්‍යත්වවලට සභ්‍යත්ව කියා කියන්න පුළුවන් ද යන්න ප්‍රශ්නයක්.

සිංහල, මියන්මාර ආදී ථෙරවාද බෞද්ධයනට මෙහි දී කරන්න විශේෂ කාර්යභාරයක් තියෙනවා. මා හිතන්නේ මියන්මාර බෞද්ධයනට අපට වඩා හොඳින් ඒ කාර්යය කළ හැකි ය කියා. මට ලැබෙන ආරංචිවලට අනුව ඔවුන් අපට වඩා ධාර්මිකයි. ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රැකෙන බව අප දසදහස් වරක් අසා ඇති. එහෙත් සිංහල බෞද්ධයන් පසුගිය වසර පනහකට කිට්ටු කාලයක බොහෝ විට ජීවත් ව ඇත්තේ අධර්මයෙහි. 1971 ජ වි පෙ ඊනියා විප්ලවය මගින් ඇරඹුණු මේ ක්‍රියාවලිය මගින් ආත්මාර්ථකාමී ස්ථාවරවලට තල්ලු වුණා. එය ඊනියා සමාජවාදී ආත්මාර්ථකාමීත්වයක්.  ජේ ආර්ට තිබුණේ ධනවාදී ආත්මාර්ථකාමීත්වයක්.  
  
දේශීය ආර්ථිකයක් ගොඩ නැගීමට ගන්නා ලද උත්සාහයන් අවඥාවට ලක් කෙරුණා. අප පාන් පෝලිම්වල ඉන්න කැමති වුණේ නැහැ. 1970 දි වයස අවුරුදු දහයක් වූ අයත් අද වන විට හැට පිරුණු අය. බණ්ඩාරනායක මැතිණිය ආරම්භ කළ දේශීය ආර්ථික වැඩ පිළිවෙළ අප ඇට අටක් වෙනුවෙන් විසි කළා. ජේ ආර් බලයට පැමිණ ඒ ආත්මාර්ථකාමී ක්‍රියා දාමය වර්ධනය කළා. ඒ යුගයේ ම ඇරඹුණු රූපවාහිනිය අප තව තවත් අධර්මයට යොමු කළා. ජ වි පෙ හා ජේ ආර් සෑම දෙයක් ම දේශපාලනීකරණයට ලක් කළා. අදත් ඒ ප්‍රතිපත්ති ඒ අකාරයෙන් ම ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ට මේ වන විට දෙමළ ජාතික සංධානයත් එකතු වෙලා. 

අප හාමුදුරුවන්ට ආරාධනය කරනවා මෙරට ධාර්මික කිරීමට නැවතත් ඉදිරිපත් වීමට. චම්පක උන්වහන්සේ ද වැරදි පාරක වැඩැම්වුවා. ජ වි පෙ උන්වහන්සේ ගිහියන් බවට පත් කළා. එහෙත් ඔවුන් සමහරු ආපසු සසුනට ඇවිල්ලා. ඊනියා සභ්‍යත්ව දෙකක් අතර කරන යුද්ධයට අපි ධාර්මික ව මැදිහත් වෙමු. අප හාමුදුරුවන්ට ආරාධනය කරනවා මුළු රට ම පිරිත් මණ්ඩපයක් බවට පත් කරන්න. අඩු තරමෙන් රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය හා ගිරිමානන්ද සූත්‍රය දේශනා කිරීමට. අපි පිරිත් ඇසීමට සක්වළ සියලු සම්‍යක්දෘෂ්ටික දෙවියන්ට ආරාධනය කරමු.

එ ජා ප  (සජිත් ද රනිල් ද යන්න ප්‍රශ්නයක් නොවෙයි) ජ වි පෙ දෙමළ ජාතික සංධානය කොවිඩ් 19ත් දේශපාලනීකරණයට ලක් කරලා. ඔවුන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත් මැතිවරණය ජුනි 20 පැවැත්වීමටත් විරුඳ්ධව අධිකරණයට යෑමට බලාපොරොත්තු වෙනවා. මේ නඩුව බොරු නඩුවක්. ඒ ගැන අප කලින් කිහිප වතාවක් ම ලියා තියෙනවා. අදත් අලුත් කරුණක් එකතු කරන්න තියෙනවා. නඩුව කැරකෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වුැනි වගන්තිය වටා. ඒ වගන්තියේ අදාළ උපවගන්ති නැවත ඉදිරිපත් කරන්නේ බොහෝ දෙනා, ඊනියා මූලාශ්‍ර ඉල්ලනන් ද, මූලාශ්‍රවලට නොයන නිසා.

“70. (1) ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේ යඃ”
"70(2) පාර්ලිමේන්තුව සෑම වසරකට වරක්වත් කැඳවිය යුත්තේ ය."
"70(3) පාර්ලිමේන්තුවේ වාරය අවසන් කරන්නා වූ ප‍්‍රකාශනයෙන් ඊළඟ වාරය පටන් ගැනීම සඳහා දිනයක් නියම කළ යුත්තේ ය. ඒ දිනය ප‍්‍රකාශනයේ දින සිට මාස දෙකක් නොඉක්මවන දිනයක් විය යුත්තේ යඃ
එසේ වුව ද, පාර්ලිමේන්තුවේ වාරයක් අවසන් කොට ඇති කවර වූ හෝ අවස්ථාවක -
(i) ප‍්‍රකාශනයක් මගින්, ඒ ප‍්‍රකාශනයේ දින සිට තුන් දවසකට ‘කලින් දිනයක්’ නොවිය යුතු නියමිත කලින් දිනයක රැුස්වන ලෙස පාර්ලිමේන්තුව කැඳවීමට හෝ
(ii) මේ ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව, ප‍්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හෝ
ජනාධිපතිවරයාට බලය ඇත්තේ ය.”

“70 (5) (අ) පාර්ලිමේන්තුව විසුරුවා හරින ප‍්‍රකාශනයෙහි, අභිනව පාර්ලිමේන්තුවට මන්ත‍්‍රීවරයන් තෝරාපත් කර ගන්නා දිනය හෝ දින නියම කොට තිබිය යුත්තේ ය. එසේ ම, එකී ප‍්‍රකාශනය නිකුත් කළ දින  සිට මාස තුනක් ගත වන්නට පෙර දිනයකට අභිනව පාර්ලිමේන්තුවේ පළමුවන රැුස්වීම ඒ ප‍්‍රකාශනයෙන් ම කැඳවිය යුත්තේ ය.
(ආ) 62 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනු ව්‍යවස්ථාවේ විධිවිධාන ප‍්‍රකාර පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ විට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයන් තේරීම සඳහා ප‍්‍රකාශනයක් මගින් නොපමාව දිනයක් හෝ දින නියම කොට අභිනව පාර්ලිමේන්තුව, ඒ ප‍්‍රකාශනයේ දින සිට තුන් මාසයකට පසු දිනයක් නොවන දිනයක රැුස්වන ලෙස කැඳවිය යුත්තේ ය.
(ඇ)   (අ) ඡෙදයේ හෝ (ආ) ඡෙදයේ විධිවිධාන යටතේ ප‍්‍රකාශනයක් මගින් අභිනව පාර්ලිමේන්තුවේ ප‍්‍රථම රැුස්වීම සඳහා නියම කරන ලද දිනය ඉන් පසුව කරන ප‍්‍රකාශනයක් මගින් වෙනස් කරනු ලැබිය හැක්කේ ය. එහෙත් පසුව කරන ප‍්‍රකාශනය මගින් නියම කරන දිනය මුල් ප‍්‍රකාශනයේ දින සිට මාස තුනකට පසු දිනයක් නොවන දිනයක් විය යුත්තේ ය.”

"70 (7) පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමෙන් පසුව කවර අවස්ථාවක වුව ද පාර්ලිමේන්තුව නියමිත දිනයට කලින් රැස්වීම අවශ්‍යවන ස්වභාවයක හදිසි තත්ත්වයක් උද්ගත වී ඇති බවට ජනාධිපතිවරයා සෑහීමකට පත් වුවහොත් විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව ප‍්‍රකාශනයක් මගින්, ඒ ප‍්‍රකාශනයේ දින සිට තුන් දවසකට කලින් දිනයක් නොවිය යුතු දිනයක දී රැුස්වන ලෙස කැඳවීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේ ය. එසේ කැඳවනු ලැබූ පාර්ලිමේන්තුව හදිසි අවස්ථාව අවසන් වීම හෝ මහ මැතිවරණය අවසන් වීම යන මෙයින් කලින් එළඹෙන අවස්ථාවේ දී විසිරෙන්නේ ය."

70(7) හැරෙන්න අනෙක් උපවගන්ති සාමාන්‍ය කාල සඳහා ය. සාමාන්‍ය කාලයක දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගය ඉන් පැහැදිලි වෙනවා. සාමාන්‍ය කාලයක දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මාස තුනක් ඇතුළත අලුත් පාර්ලිමේන්තුව කැඳවන්න ඕන. 70 (5) (ඇ) උපවගන්තිය අනිවාර්ය වූවක් නො වෙයි. ඉන් කියන්නේ සාමාන්‍ය කාලයක දී ජනාධිපතිට පාර්ලිමේන්තුවේ පළමු රැස්වීමේ දිනය වෙනස් කළ හැකි බව ය. එහෙත් එසේ කළත් පාර්ලිමේන්තුව තෙමසක් ඇතුළත කැඳවිය යුතු බව ය. 

සාමාන්‍ය නොවන හදිසි තත්වයක් උද්ගත වී ඇති අවස්ථාවක ක්‍රියා කළ හැකි ආකාරය පිළිබඳ ව ව්‍යවස්ථාවේ කියැවෙන්නේ 70 (7) හි ය. ඉන් කියැවෙන්නේ හදිසි තත්වයක් උද්ගත වී ඇති බවට ජනාධිපති සෑහීමකට පත් වුවහොත් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව (පරණ පාර්ලිමේන්තුව) කැඳවීමට බලය ඇති බව ය. එහෙත් එසේ කළ යුතු යැයි  ඒ උපවගන්තියෙන් නොකියැවෙයි . හදිසි තත්වයක දී මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් හෝ අලුත් පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් හෝ කළ යුතු (හැකි නොවේ) කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නොකියැවෙයි. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීිතිය බව සැබෑ ය. එහෙත් උත්තරීතර නීතියෙන් යමක් නොකියැවෙන විට, උත්තරීතර නීතිය නිහඬ විට, කළ යුත්තේ කුමක් දැයි පනත්වල සඳහන් වේ නම් ඒ අනුව ක්‍රියා කළ යුතු වෙයි. හදිසි තත්වය පැන නගින විට ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවා හැර අවසන්. ඉන්පසු මැතිවරණය පැවැත්වීම මැතිවරණ කොමිසමට භාර වුණා. මැතිවරණ කොමිසම නාම යෝජනා ද භාර ගත්තා. ඉන් පසු හදිසි තත්වයක් උදා වී ඇති බව තේරුම් ගත් කොමිසම මැතිවරණය අප්‍රේල් 25 නොපැවැත්වෙන බව ප්‍රකාශ කළා. පසුව මැතිවරණ පනතේ 23(4) යටතේ ක්‍රියාත්මක වෙමින් ජූනි 20 මැතිවරණය පැවැත්වෙන බව ප්‍රකාශ කළා. ලිපිය දික් වුවත් 23(4) උපුටා දැක්විය යුතු ය. 

"24(3) යම් හදිසි තත්වයක් හෝ බලාපොරොත්තු රහිත දෙයක් සිදුවීම හේතුකොට ගෙන යම් මැතිවරණ කොට්ඨාසයක මැතිවරණය සඳහා වූ ඡන්ද විමසීම, මැතිවරණය සම්බන්ධයෙන් (1) වන උපවගන්තිය යටතේ පළ කරන ලද  දැන්වීමෙහි සඳහන් දිනයෙහි කළ නොහැකි  වූ අවස්ථාවක, ගැසට් පත්‍රයෙහි පළ කරනු  ලබන නියමයක් මගින් කොමසාරිස්වරයා විසින් ඒ ඡන්ද විමසීම සඳහා වෙනත් දිනයක් නියම කළ හැකි අතර, ඒ වෙනත් දිනය, ගැසට් පත්‍රයෙහි නියමය පළ කරනු ලැබීමෙන් පසුව එළඹෙන දහතරවන දිනයට  කලින් වූ දිනයක් නොවිය යුතු ය."  

හදිසි තත්වයක දී මැතිවරණය පැවැත්වීම පිළිබඳ ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිහඬයි. අර මාස තුනේ අවශ්‍යතාව සාමාන්‍ය තත්වයක දී මැතිවරණය පැවැත්වීම ගැනයි. සාමාන්‍ය තත්වයක දී මැතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිංසමට වෙනස් කළ නොහැකියි. එය වෙනස් කළ හැක්කේ 70(5) (ඇ) යටතේ ජනාධිපතිට පමණයි.  එහි දී නම් මාස තුනේ අවශ්‍යතාව බලපානවා. 

හදිසි තත්වයක් යටතේ මාස තුනේ අවශ්‍යතාව බල පාන්නේ නැහැ. කොමිසමට මැතිවරණය පැවැත්වෙන දිනය වෙනස් කළ හැක්කේත් හදිසි අවස්ථාවක දී පමණයි. ඒ සම්බන්ධයෙන් කියැවෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි නොව මැතිවරණ පනතෙහි. කොමිසම ක්‍රියා කර ඇත්තේ නීත්‍යානුකූලවයි. එහි තීරණය අවසානාත්මකයි, තීරණාත්මකයි. උසස් අධිකරණයක දී ප්‍රශ්න කළ හැක්කේ වෙනත් කරුණු. කොමිසම ව්‍යවස්ථාවට පිටින් ගොස් නැහැ. ව්‍යවස්ථාව නිහඬ අවස්ථාවක ව්‍යවස්ථාවට පිටින් යන්නේ කෙසේ ද? කොමිසමට අවශ්‍ය නම් ජූනි 20ත් වෙනස් කරන්න පුළුවන්. 

කොමිසම දැන් හදිසි තත්වයක දී මැතිවරණය පැවැත්වීම ගැන කටයුතු කරනවා. එය ව්‍යවස්ථාවට විරුද්ධ නැහැ. කොමිසම මැතිවරණයක් ගැන කටයුතු නොකරන්නේ නම් ඒ කළ හැකි පුද්ගලයා ජනාධිපති. ඔහුට මැතිවරණ පනතේ 113න් ඒ සඳහා බලය ලැබෙනවා. 

හදිසි තත්වයක දී අලුත් පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් මැතිවරණ පනතත් දෙක ම නිහඬයි. මොක ද කරන්නෙ? පාර්ලිමේන්තුව කැඳවන්නෙ නැතිව ඉඳිමු ද? හදිසි  තත්වයක දී 70 (7) යටතේ ජනාධිපතිට පරණ පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන්. ඒ කැඳෙවුවත් හදිසි තත්වය අවසන් වුණා ම හරි මැතිවරණය පැවැත්වුණ ම හරි පරණ පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනවා.  පරණ පාර්ලිමේන්තුවට සැප්තැම්බර් පළමුවැනි දාට පසු කිසිම පැවැත්මක් නැහැ. ඒ එදාට අවුරුදු පහ පිරෙන නිසා. 

මේ ජේ ආර්ට විල්සන්ට හා තවත් අයට මග හැරුණු තැනක්. හදිසි තත්වයක දී පාර්ලිමේන්තුව කැඳවන්නේ කවු ද කවදා ද? හදිසි තත්වය අවසන් වෙලා සාමාන්‍ය තත්වයක් ආවොත් මොක ද කරන්නෙ. ඔන්න ඔහෙ සියල්ල ජනාධිපතිට ම පවරමු. වෙන කවුද ඉන්නෙ?  මෙයින් පැහැදිලි වන කාරණයක් තියෙනවා. ව්‍යවස්ථා සම්පාදනයේ දී ගණිතය හදාරපු අයත් ජ්‍යොතිෂය හදාරපු අයත් සහභාගි කරව ගන්න. ඔවුන් බොහෝ වෙලාවට නිදා ගනීවි. ඒත් අවදි වූ විට මග හැරුණු දෙයක් පෙන්නාවි.