History

Sunday, 5 April 2020

ලෝකය හා ලෝකයෝ

     සිංහල ලිත් ඉලක්කම්


ලෝකය හා ලෝකයෝ




මා චතුර අල්විස්ගෙන් මාතෘකාව ණයට ගන්නවා. එ ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ අනුව යන විවිධ ලෝකයන් හා පාර්ලිමෙන්තුව කැඳවන ලෙස ඉල්ලන ලෝකයන් ගැන කීමට. ලෝකයේ බටහිර  විද්‍යාව ක්‍රියා කරන හැටි මුව ආවරණ සිද්ධියෙන් හොඳ හැටි පැහැදිලි වුණා. ලෝක  සෞඛ්‍ය සංවිධානය මුල දී කියා සිටියේ ආවරණ අවශ්‍ය නැති බවයි. ඔවුන් එයටත් එහා ගොස් කිවුවේ වෛරසය ඉතා කුඩා නිසා ආවරණයේ සිදුරු අතරින් එයට රිංගා යා හැකි බවයි. වෛරසය වටා වෛරයනය යනුවෙන් පොත්තක් තියෙනවා. බටහිර වෙදමහත්තුරු කිවුවෙ මේ පොත්තත් එක්ක ද කියන එක පැහැදිලි නැහැ. කෙසේ වෙතත් වෛරයනය ආවරණය ළඟට පැමිණෙන්නේ තවත් අණු එක්ක නම් රෙද්ද (පඬි නැට්ටන්ගේ දෙදහස් පන්සීයේ රෙද්ද නොව, ආවරණයේ රෙද්ද) වෛරයනය  තෝරා බේරා ගෙන සිදුරු තුලින් යවනව ද කියන එක පැහැදිලි නැහැ. 


ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙදමහත්තුරු කිවුවේ කතා කරන විට බිඳිති මගින් වෛරසය යන බැවින් හා බිඳිති රෙද්දේ සිදුරුවලට වඩා ලොකු බැවින් රෝගීන් ආවරණ පැළඳ සිටීමෙන් වෛරස පිටතට යෑම වළක්වාලිය හැකි බව. එබැවින් රෝගීන්ට ආවරණ පැළඳීමට උපදෙස් දුන්නා. ප්‍රශ්නය රෝගී තත්වයන් ප්‍රදර්ශනය නොකරණ අය පැළඳිය යුතු ද යන්න. කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහස් පිළිගත් මෙරට බටහිර වෙදමහත්තුරු වෙදනෝනලා මුව ආවරණ පැළඳිය යුතු යැයි නිර්දේශ කෙළේ නැහැ. 

එහෙත් දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා ආවරණ පැළඳිය යුතු ය කියා. ඔය විද්‍යාව වැඩ කරන්නේ ඔහොමයි. අනෙක් අය වගේමයි. නැහැසුම් සෑහුම් (trial and error) ක්‍රමය. ඔවුන් (ලංකාවෙ බටහිර විිද්‍යාඥයන් කියන අය නොවෙයි) අපෙන් වෙනස් වන්නේ වියුක්ත ව සිතීමෙන්. දැන් මෙරට බටහිර වෙදමහත්තුරුත් කියනවා ආවරණ පැළඳිය යුතු ය කියා. මුල සිට ම ආවරණ පැළඳුවා නම් රෝගය පැතිර යෑම තවත් වළක්වා ගන්න තිබුණා. ලෝක වෙදමහත්තුරු ඊනියා පර්යේෂණ කරල කියනකන් ඉන්න  ඕන නැහැ. අපත් ටිකක් කල්පනා කරල තීරණ ගනිමු. එහෙත් මෙරට උගතුන්ට කල්පනා කිරීමේ ශක්තිය අඩුයි.

අද උද්ඝෝෂනයක් කෙරී ගෙන යනවා කොරෝනා සෑදී මිය යන මුස්ලිම් බැතිමතුන්ගේ  ආදාහන නැවැත්වීමට. ලෝකයන් එයට නැවතත් සාක්‍ෂි ලෙස ඉදිරිපත් කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ආදාහන කරන්නත් භූමදාන කරන්නත් පුළුවන්ලු. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය කොයි වෙලවෙ කියාවි ද දන්නෙ නැහැ ආදාහනය පමණක් කරන්න කියල. මෙරට උගතුන්ටත් කල්පනා කිරීමේ ශක්තිය තියෙනව නම් මේ ගැන හිතන්න පුළුවන්. මෘත දේහ නාවන්න එපා කියනවා. මෙරට භූගත ජල මට්ටම ගැන ප්‍රශ්න තියෙනවා. අඩුම තරමෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන දේ එලෙස ම අනුකරණය කරනවා වෙනුව මෙරට තත්වයන්ට ගැලපෙන අයුරින් ක්‍රියාත්මක කිරීමට අපට හැකි විය යුතුයි. 

ආදාහන  සම්බන්ධයෙන් මෙරට බටහිර වෛද්‍ය නිලධාරි සංගමය කුමක් කිවුවත් ජාසිංහ මහතා තීරණය කරල තියෙනවා මෘත ශරීර ආදාහන කරන්න. පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් මෙය සිංහල බෞද්ධ ජාතිවාදය හා ඊනියා සුළුතර අයිතිවාසිකම් නොසලකා හැරීමක් ලෙස කියන බව අප දන්නවා. මේ තමයි මුස්ලිම් අන්තවාදී දේශපාලන මැදිහත්වීම. 

එහෙත් මෙය සිංහල බෞද්ධයන් මෙන් ම මුස්ලිමුන් ද ආරක්‍ෂා කිරීමට ගන්නා උත්සාහයක්. අප කිසිම සැකයක් තියෙන දෙයක් කළ යුතු නැහැ. මුව ආවරණ ලෝක සෞඛ්‍ය සංවිධානය කුමක් කිවුවත් පැළඳීමට තීරණය කළා නම් මෙතරම්වත් රෝගය පැතිරීම වළක්වා ගන්න පුළුවන්කම තිබුණා. 

බටහිර වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රෝගීන් සංඛ්‍යාව ඉතා වැඩි වන දවසක් ලෙස ඊයේ  නම් කර තිබුණා. ඒ බටහිර වක්‍ර යොදා ගනිමින් හා සරල ගණිතය යොදා ගනිමින්. මා කියන්නේ නැහැ රෝගීන් වැඩිවීම නැවතිලා කියලා. එහෙත් බටහිර වක්‍ර කියන විධියට නොවෙයි රෝගීන් වැඩි වීම සිදු වන්නේ. වක්‍ර මොනව වුවත් පරෙස්සම් වෙන්න ඕන. පරෙස්සම පරෙස්සම හා පරෙස්සම අපේ තේමා පාඨය වෙන්න ඕන. 

තවත් කාරණයක් කියන්න ඕන. ඒ අලුත් පාර්ලිමේන්තුව කැඳවන දිනය සම්බන්ධව. සංඛ නම් සතිපතා කැඳවනවා. මේ දියවන්නාව ගැන. දෙතැන ම එකතුවන්නෙ පඬියන් උගතුන් විද්වතුන්. මා එක ගණයකටවත් අයත් වන්නේ නැහැ. ව්‍යවස්ථාව අනුව ජූනි තුන්වැනි දා හෝ ඊට පෙර හෝ අලුත් පාර්ලිමේන්තුව කැඳවන්න ඕන. එය කැඳවන දිනය නාම යෝජනා වෙනස් නොකර ජනාධිපතිට කරන්න පුළුවන්. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(5) වගන්තිය යටතේ ජනාධිපතිට බලය තියෙනවා

"70(5) (ඇ):  (අ) ඡේදයේ  හෝ (ආ) ඡේදයේ  විධිවිධාන යටතේ ප‍්‍රකාශනයක් මගින් අභිනව පාර්ලිමේන්තුවේ ප‍්‍රථම රැස්වීම  සඳහා නියම කරන ලද දිනය ඉන් පසුව කරන ප‍්‍රකාශනයක් මගින් වෙනස් කරනු ලැබිය හැක්කේ ය. එහෙත් පසුව කරන ප‍්‍රකාශනය මගින් නියම කරන දිනය මුල් ප‍්‍රකාශනයේ දින සිට මාස තුනකට පසු දිනයක් නොවන දිනයක් විය යුත්තේ ය.

එමෙන් ම 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ ජනාධිපතිට මැතිවරණ පැවත්වෙන දිනය ද වෙනස් කරන්න පුළුවන්. අදාළ වගන්තිය මෙසේයි. 



"113. If at any time after the President has ordered or fixed the date for an election, it is shown to his satisfaction that in any electoral district owing to any cause whatsoever no election has been held in pursuance of such Order be may at any time by notice in the Gazette issue another Order that an election shall be held in that district."

එමෙන් ම ජනාධිපතිට අවශ්‍ය නම් පැරණි පාර්ලිමේන්තුව කැඳවන්නත් පුළුවන්. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(7) වගන්තිය යටතේ. එය මෙසේ යි. “70 (7) පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමෙන් පසුව කවර අවස්ථාවක වුව ද පාර්ලිමේන්තුව නියමිත දිනයට කලින් රැස්වීම  අවශ්‍යවන ස්වභාවයක හදිසි තත්ත්වයක් උද්ගත වී ඇති බවට ජනාධිපතිවරයා සෑහීමකට පත් වුවහොත් විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව ප‍්‍රකාශනයක් මගින්, ඒ ප‍්‍රකාශනයේ දින සිට තුන් දවසකට කලින් දිනයක් නොවිය යුතු දිනයක දී රැස්වන ලෙස කැඳවීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේ ය. එසේ කැඳවනු ලැබූ පාර්ලිමේන්තුව හදිසි අවස්ථාව අවසන් වීම හෝ මහ මැතිවරණය අවසන් වීම යන මෙයින් කලින් එළඹෙන අවස්ථාවේ දී විසිරෙන්නේ ය."

මෙහි කියැවෙන්නේ මහජන ආරක්‍ෂක පනතේ සඳහන් හදිසි තත්වයක් නොවෙයි. ජනාධිපති හිතන විධියට, ඔහු සෑහීමකට පත්වන ආකාරයකට, පාර්ලිමේන්තුව කැඳවිය යුතු හදිසි තත්වයක් උද්ගත වී ඇත්නම් ජනාධිපතිට පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් බවයි. එසේ ම ජනාධිපති හිතන විධියට හදිසි අවස්ථාව අවසන් වී ඇත්නම් පාර්ලිම්න්තුව විසිරෙන බවත්. නාම යෝජනා නැවත කැඳවීමේ කිසිම අවශ්‍යතාවක් උදාවන්නේ නැහැ.  ලෝකයන් මොකද කියන්නෙ.  චතුර ලෝකයන්ගෙන් අහල කියනවා ද?   

තවත් දෙයක්. අද අප්‍රේල් 5 වැනි දා. 1971 ජ වි පෙ පොලීසිවලට ගසා මිනී මරා අපට සමාජවාදය ගෙන ඒමට තැත් කළ දිනය. ජ වි පෙ දැන් 3%න් ද පල්ලම් බැහැලා. ඔවුන්ට පඬි නැට්ටන්ගෙ පිහිටයි.