History

Monday, 11 May 2020

කොවිඩ් හා වෙදමහත්වරු

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9 




කොවිඩ් හා වෙදමහත්වරු



කොවිඩ් සම්බන්ධයෙන් වෙදමහත්වරුන් කරන්නේ කුමක් ද? මෙහි වෙදමහත්වරුන් කියන එකට වෙදහාමිනේලාත් අයිති වෙනවා. ඒ වගේ ම වෙදමහත්වරුන් දළ වශයෙන් කොටස් හතරකට බෙදන්න පුළුවන්. අද රටේ තිබෙන ධුරාවලිය එය බටහිර, ආයුර්වේද, පාරම්පරික හා ආධ්‍යාත්මික යනුවෙන් නම් කරන්න පුළුවන්. මේ සියල්ලන් කොවිඩ් සම්බන්ධයෙන් මොකද කරන්නෙ?


ඔවුන් ප්‍රතිකාර කරනවා ද? ප්‍රතිකාරයක් යනු කුමක් ද? කොවිඩ් සුව වෙනවා කියන්නේ කුමකට ද? මා උගතකුවත් බුද්ධිමතකුවත් වියතකුවත් නොවන නිසා ප්‍රශ්න අහනවා. බටහිර වෙදමහතුන් තමයි අපට වැඩිපුර රූපවාහිණියේ දකින්න ලැබෙන්නෙ. ආයුර්වේද වෙදමහත්වරුන් ඉඳහිට දකින්න ලැබෙන්නෙ. පාරම්පරික වෙදමහත්වරුන් නම් දකින්න ලැබෙන්නෙ නැති තරම්. ආධ්‍යාත්මික වෙදමහත්වරුන් එක්වරක් පමණක් දෙරණෙ දකින්න ලැබුණ. ඒ මාත් සමග බිග් ෆෝකස් වැඩ සටහනකට සහභාගි වෙලා. මේ වැඩ සටහන්වලට ඉංගිරිසි නම් දාන්නෙ අහවල් දේකට ද කියල දන්නෙ නැහැ. ඒ රටේ ම පැතිරිලා තියෙන හීනමාන වසංගතය නිසා ද? 

සමහර හාමුදුරුවරු බණ කියන්න ගියත් ඉංගිරිසි වචන කිහිපයක් අතහරිනවා. බුදුහාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ ජනපද නිරුක්තියෙන් බණ කියන්න. සමහර විට මේ රටේ ජනපද නිරුක්තිය ඉංගිරිසි ද දන්නෙ නැහැ. මේක පුදුම රටක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ සඳහන් වෙන්නෙ ඉංගිරිසිය සම්බන්ධිකරණ භාෂාව (link language) කියා. සම්බන්ධිකරණ භාෂාව වෙන්න ඕනෙ රටේ වැඩි පිරිසක් කතා කරන භාෂාව ද? නැත්නම් අඩු පිරිසක් කතා කරන භාෂාව ද? මා දන්නෙ නැති වුණාට මෙරට අති විශාල බහුතරයකට ඉංගිරිසි පුළුවන් ඇති. 

බටහිර වෙදකම කියල එකක් නැහැ කියන්න ඇතැම් පඬියන් සූදානම්. ඔවුන්ට අනුව බටහිර පෙරදිග ආදී වශයෙන් බෙදන එක වැරදියි. මේ වෙදකම්වල කිසිම වෙනසක් නැත්නම් විශේෂණ පද අවශ්‍ය නැහැ. බටහිර වෙදකම කියන්නෙ අපේ වෙදකමක් දියුණු කරල හදා ගත්ත එකක් නො වෙයි. ඒක වෙනම ම චින්තනයක ඇති වෙච්ච එකක්. අපේ දේත් සමහරක් එයට අවශෝෂණය කර ගෙන ඇති. ඒත් ඒ ඔවුන්ගේ දේ හැටියට. 

මෙරට බටහිර වෙදකම උගන්නන්න ගත්තෙ 1870 දි. ඉංගිිරිසින්ට වෙදකම් කරන්න එංගලන්තෙන් වෙදමහත්තුරු ගෙන්න ගන්න එකට වැඩිය මෙහෙ වෙදමහත්තුරු ටිකක් හදා ගන්න එක ලාභයි කියල සුදු මහත්තුරු හිතල වෛද්‍ය විද්‍යාලෙ (මෙඩිකල් කොලේජ්) පටන් අරන්. ඒ කාලෙ දි ම වගේ තමයි තාක්‍ෂණික විද්‍යාලයත් (ටෙක්නිකල් කොලේජ්) නීති විද්‍යාලයත් (ලෝ කොලේජ්) ඇති කෙරුණෙ. ඒ ඉංජිනේරුවන් (එහෙම කියමු) නීතිඥයන් කියන ඊනියා වෘත්තීයවෙිදීන් බිහි කරන්න. අදත් රටේ වැදගත් තැනක් හිමි වන්නෙ මේ තුන් ගොල්ලන්ට. එයට අමතර ව අද කළමනාකාරවරුන් ද ඇති වෙලා තියෙනවා. මේ හැම වෘත්තියක් ම වගේ අද කළමනාකාර වෘත්තීන්. 

මේ රටේ බටහිර පන්නයේ ඊනියා ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ඇරඹුණෙ 1921 යුනිවර්සිටි කොලේජ් නැත්නම් විශ්වවිද්‍යාල ආයතනය (University College) පිහිටුවීමත් සමග. අද කියන විධියට නම් එය ලන්ඩන් විශ්වවිද්‍යාලයෙ උපකාරක පංතියක් නැත්නම් ටියුෂන් කඩයක්. ඒකෙ කාර්යභාරය වුණෙ ලන්ඩන් විශ්වවිද්‍යාලෙ විභාගවලට සිසුන් පුහුණු කිරීම. ඉගැන්වීම පමණයි. ප්‍රශ්න පත්‍ර හැදුවෙ ලන්ඩන් විශ්වවිද්‍යාලෙ.
.
අපේ ගුරුවරුන්ට විභාග පැවැත්වීමට මුදලක් ගෙවුවා. අදත් ඒ මුදල විශ්වවිද්‍යාලවල ගෙවනවා! මා ආචාර්ය සමිති සම්මේලනයෙ සභාපති වෙලා ඉන්න කාලෙ තව තවත් දීමනා එකතු වුණා. පොත් සඳහාත් දීමනාවක් දුන්නා. පසුව එය පර්යේෂණ දීිමනාව බවට පත් වුණා. ටියුෂන් කඩයක් වී සිටීම නිසා අප සලකන්නේ අපේ වෘත්තිය (මාත් තවම ඇදුරකු හැටියට හිතන වෙලාවල් තියෙනවා. ඇදුරන් නම් ඒ ගැන කැමැත්තක් නැහැ. ඔවුන්ට අනුව මා ඇදුරකු නොව දරුවන් නොමග යැවූ සතුරෙක්. ජී එල්ගෙන් අහන්න.) ඉගැන්වීම පමණක් කියා. ප්‍රශ්න පත්‍ර හදන එකේ සිට අනෙක් සෑම දෙයකට ම අප දීමනා ගන්න බලනවා! 

ඒ කොහොම වුණත් ඔය විශ්වවිද්‍යාල ආයතනයත් වෛද්‍ය විද්‍යාලයත් එකතු කරල 1942 දි ලංකා විශ්වවිද්‍යාලය හැදුවා. එහෙත් තාක්‍ෂණික විද්‍යාලයත් නීති විද්‍යාලයත් එකතු කෙරුණෙ නැහැ. එ වෙනුවට නීති පීඨයක් හා ඉංජිනේරු පීඨයක් ඇති කළා. අර විද්‍යාල දෙක අදත් වෙන ම පවතිනවා. 

1942න් පස්සෙ තමයි බටහිර වෙදමහත්තුරුන්ට එම් බී බී එස් උපාධිය පිරිනැමුවෙ. ඊට කලින් එල් එම් එස් කියල බලපත්‍රයක් දුන්නෙ. අපත් කුඩා කල එල් එම් එස් බටහිර වෙදමහත්වරුන්ගෙන් බෙහෙත් අරන් තියෙනවා. 

ආයුර්වේද වෙදකම අනුරාධපුර කාලෙ ඉඳලා තියෙන එකක් නො වෙයි. කාට හරි කියන්න පුළුවන් පුලස්ති සෘෂි ලංකාවෙන් හිමාලයට ගිහිල්ල තවත් සෘෂිවරුන් එක්ක එකතුවෙලා ආයුර්වේදය හැදුව කියලා. 

ඒක එහෙම යැයි කියමු. අපේ වංසකතාවල ආයුර්වේදයක් ගැන කියැවෙනවා ද? පුලස්ති සෘෂි මෙරට දේශීය වෙදකමේ ආරම්භකයා ද? ඔහු එදා ඊනියා ජාත්‍යන්තර සම්මේලනයකට මෙරටින් හිමාලයට ගිය අයකු ද? කොහොම වෙතත් රජ කාලෙ අප වෙදකම ඉගෙනීමට භාරතයට (ඉන්දියාවට) ගිය බවට ආරංචියක් නැහැ. සංගීතය ඉගෙන ගන්න ගිය බවක් දැන ගන්නත් නැහැ. 

ඒ දෙකට ම අප ඉන්දියාවට යන්න පටන් ගත්තෙ දහනවවැනි සියවසේ දෙවැනි අඩේ දි. ඒ ඉංගිරිසි යටත්විජිතවාදයෙන් නිදහස් වීමටත් එක්ක. පසුව ගම්පහ වික්‍රමාරච්චි වෙදමහතා ආයුර්වේදය ඉගෙන ඇවිත් යක්කල (ගම්පහ) වෛද්‍ය විද්‍යාලය පටන් ගත්තා. රටේ විවිධ පළාත්වල ගම්පහ වෙදමහත්වරු ඇති වුණා. නිදහස වෙනුවෙන් ඉන්දියාවට ගිය අප වෙනත් පැත්තකින් නිදහස නැති කර ගත්තා. 

ඒත් පාරම්පරික වෙදමහත්තුරු ඉතුරු වුණා. ඔවුන්ගේ වැදගත්කම එන්න එන්න නැති වුණා. ධුරාවලියෙ ඔවුන් තුන්වැනි තැනට වැටුණා. පුලස්ති සෘෂි වෙදකම දකින්න ඇති. සෘෂි කියන්නෙ දකින්නා කියන එක. එතුමා දාර්ශනිකයෙකුත්. දැක්ක අයෙක්. අද ඉන්නෙ දකින්න බැරි දාර්ශනිකයො. ෆිලොසොෆි කියන්නෙ ඊනියා ප්‍රඥාවකට ඇති ආදරය වගේ බහුබූතවලින් මට වැඩක් නැහැ.

ඒ කොහොම වෙතත් මේ දැකීම ආධ්‍යාත්මික දැකීමක්. ආධ්‍යාත්මික දැකීම එක්කෝ තමන්ට කරන්න පුළුවන්. නැත්නම් දකින අයකු සමග සම්බන්ධවෙලා දැන ගන්න පුළුවන්. අද ඇතැමුන් දේව මණ්ඩල සමග සන්නිවේදනයෙන් ප්‍රතිකාර සහ තවත් දේ දැන ගන්නවා. ඔවුන්ගෙන් සහතික ඉල්ලීම මෝඩ වැඩක්. සහතික නැති නිසා ඔවුන් හොර වෙදුන් කීම තකතීරු වැඩක්. මොන වෙදකමක් හරි වැඩ කරනවා නම් රෝගියාට විශ්වාසයක් තියෙනවා නම් ඒ වෙදකම ලබා ගැනීමට රෝගියාට තියෙන අයිතිය නැති කරන්න බැහැ. 

මට මේ වෙදකම් හතර ගැන ම අත්දැකීම් තියෙනවා. හෘදයාබාධයක් පළමු වරට වැළඳුණු අවස්ථාවෙ මා ලබා ගත්තෙ ආධ්‍යාත්මික වෙදකම. ඒ නාථ දේව මණ්ඩලයෙන්. මා හිතන විධියට බූමාටු දෙවි කෙනෙකුගෙන්. එහෙත් පසුව ඒ අය සමග මගේ ප්‍රශ්න ඇති වුණා. නාථ දෙවියන් එතැනට නොඑන බවයි මගේ හැඟීම. නාථ දේව මණ්ඩලය කියන්නෙ නාථ දෙවියන් ම නො වෙයි. එහි භූතයන් ද ඉන්නවා කියලයි මා හිතන්නෙ. එහෙත් පහසුවට නාථ දෙවියන් කියා කියන්න පුළුවන්. 

ඒ කොහොම වෙතත් මතභේද නිසා මා ඔවුන්ගෙන් ඈත් වුණා. දෙවැනි වර හෘදයාබාධයක් වැලඳුණු විට මා බටහිර ප්‍රතිකාර ගත්තා. ඒ වුණත් මා ආධ්‍යත්මික වෙදකමේ කරන කටයුතුවල අගය දකිනවා. දුම් හට්ටිය එවැන්නක්. තුන්වැනි වර හෘදයාබාධය ඇති වුණා ම සමහර විට මට යමයා මුණ ගැහේවි. මා එයටත් සූදානම්. 

දුම් හට්ටිය එක් අර්ථයකින් ප්‍රතිකාරයක් නොවන්න පුළුවන්. එයින් පෙනහැල්ල ශක්තිමත් කර ඔරොත්තු දීමේ ශක්තිය වැඩි කරනවා යැයි පුළුවන්. අපේ ගෙදර නම් දිනපතා ම මෙන් දුම් හට්ටිය අල්ලනවා. දුම් හට්ටිය අද නාවික හමුදා කඳවුරේත් අල්ලනවා. එය නාවික හමුදා රෝහලේත් දිනක් හරි දෙකක් හරි අල්ලලා තියෙනවා. එහෙත් යම්කිසි බටහිර වෙදමහතකුගේ බලපෑම නිසා එය ඉවත් කර ගෙන තියෙනවා. අද දුම් හට්ටිය කඳවුරට පමණක් සීමා වෙලා. 

බටහිර වෙදමහතුන් පිළිගන්නෙ නැහැ ඔවුන්ගේ බලපෑමෙන් තමයි රෝහලෙන් දුම් හට්ටිය අයින් කර ගත්තෙ කියල. ඒ වගේම ඔවුන් පිළිගන්නෙ නැහැ දවසක්වත් රෝහලේ දුම් හටටිය ඇල්ලූ බව. ඒ අර බටහිර වෛද්‍ය විද්‍යාවෙ පාලකයන්ට තියෙන බය නිසා. 

අද බටහිර වෙදකමට කොවිඩ් 19ට කිසිම ප්‍රතිකාරයක් නැහැ. ලංකාවෙ බටහිර වෙදමහතුන් ප්‍රතිකාරයක් තියෙනව කියනවා නම් වහාම එංගලන්තයට හරි එක්සත් රාජ්‍යවලට හරි දන්වන්න. ඒ රෝගීන් බේරා ගන්න පුළුවන් වගේ ම නොබෙල් තෑග්ගත් දිනා ගන්න පුළුවන්. අද මෙරට බටහිර වෙදමහතුන් කරන්නෙ කළමනාකරණය. අතේ දුරින් ඉන්න, මුව ආවරණ පළදින්න, බසයේ සිග් සැග් ක්‍රමයට ගමන් කරන්න ආදිය හොඳයි. ඒත් ඒ කළමනාකරණය. වෛද්‍ය ක්‍ෂෙත්‍රයෙ වැඩක් කරන්නෙ හෙදියන් සාත්තු සේවකයන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ආදීන්. බටහිර වෙදමහත්තුරුන්ට කළමනාකරණය හැරෙන්න කරන්න දෙයක් නැහැ. ඊනියා හොර වෙදුන් කරන දෙය ඔවුන්ට කිසිසේත් ම කරන්න බැහැ.  ඒ ඔවුන් හොර වැඩ නොකරන නිසා නොවෙයි.