History

Sunday, 10 January 2021

භූමදානය ආදාහනය කිරීම හා යාපනයේ ස්මාරක ඉදිකිරීම හා ඉදිරීම

භූමදානය ආදාහනය කිරීම හා යාපනයේ ස්මාරක ඉදිකිරීම හා ඉදිරීම 


මුස්ලිම් භූමදාන කතාව ඉවරයි. ඒක ආදාහනය කරල. මිය යන විට කොවිඩ් 19 වැළඳී සිටි අය කිසිම භේදයක් නොතකා ආදාහනය කරනවා. එය අද රටේ ආධිපත්‍යය මතවාදය අනුව ගත් එකක්. අද ආධිපත්‍යය දරන්නේ බටහිර මතවාද. බටහිර විද්‍යාව. බටහිර වෛද්‍ය විද්‍යාව. කොවිඩ් 19 සම්බන්ධ හැම දෙයක් ම තීරණය කෙරෙන්නේ බටහිර වෛද්‍ය විිද්‍යාව හා බටහිර විද්‍යාව අනුව. ධම්මික වෙද මහතාගේ පැණිය බටහිර වෛද්‍ය විද්‍යාව අනුවයි පරීක්‍ෂාවට ලක් කෙරෙන්නේ. බටහිර දැනුම් ආධිපත්‍යය තියෙනතාක් ඒ ඒ දේ සිිදුවන්නේ ඒ විධියටයි. 


ආදාහනය ද භූමදානය ද කියල තීරණය කෙරෙන්නෙත් බටහිර විද්‍යාව හා බටහිර වෛද්‍ය විද්‍යාව මත පදනම් වෙලා. ධම්මික වෙද මහතාගේ පැණියට බොහෝ මුස්ලිමුන් විරුද්ධයි. ඔවුන් එය බොන්න කැමති නැහැ. ඒ මූලික වශයෙන් පැණිය අල්ලා දෙවියන් වහන්සේගෙන් නොව වෙනත් දෙවියකුගෙන්, දේව අම්මා කෙනකුගෙන් ලැබුණ නිසා. එහි දී මුස්ලිමුන්ට පිහිට වන්නේ බටහිර විද්‍යාව හා බටහිර වෛද්‍ය විද්‍යාව. බටහිර වෛද්‍ය විද්‍යාව කියනවා පැණිය පරීක්‍ෂාවට ලක් කරන්න කියා. අප නම් එයට එකඟ නැහැ. එහෙත් ආධිපත්‍යය එහෙමයි. 


ආදාහනය ගැනත් ආණ්ඩුව තීරණය ගෙන ඇත්තේ බටහිර වෛද්‍ය විද්‍යාව හා බටහිර විිද්‍යාව මත පදනම් වෙලා. කොවිඩ් 19 වෛරසයක් ගැන කතා කළත් අධිපති මතධාරීන් ඒ ගැන නිශ්චිත යමක් කියන්නෙ නැහැ. ඒ වෛරසය මෙතරම් ඉක්මණින් විකෘතීන් (ප්‍රභේද) ඇති කරන්නෙ ඇයි කියන එකටවත් මෙතරම් ඉක්මණින් පැතිර යන්නෙ ඇයි කියන එකටවත් පිළිතුරු නැහැ. ඒ මදිවට මළ සිරුරු මත ඔය වෛරසය කොපමණ කලක් තියෙන්න පුළුවන් ද කියන එක ගැනත් මතභේද තියෙනවා. සිරුරක් මත හරි සිරුරේ හරි වෛරසය පැවතීම කියන එක හා වෛරසය ජෛවී ෙසෙලයක ප්‍රජනනය (ගුණනය) වීම කියන්නෙ දෙකක්. ප්‍රජනනය නොකර පවතින්න පුළුවන්.


බටහිර විද්‍යාව හා බටහිර වෛද්‍ය විද්‍යාව නිශ්චිත ව කියන්නෙ නැහැ මළ සිරුරක් නිසා වෛරසය පැතිර යෑමට, කොවිඩ් 19 බෝ වීමට ඉඩක් නැහැ කියා. එහි සැකයක් තියෙනවා. සැකය නිසා ආණ්ඩුවට ගන්න පුළුවන් එක් තීරණයක් පමණයි. ඒ සිරුරු ආදාහනය කිරීමට. මා නැවතත් කියනවා ඒ තීරණය ගැනීමේ දී ද බටහිර දැනුම මත පමණක් පදනම් වීම ගැන මා විරුද්ධය කියා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව වෙනත් වෛද්‍ය ක්‍රමයකින් විමසූ බවක් දැන ගන්නට නැහැ.


අද ආණ්ඩුව ඒ ගැන මුල දී මෙන් ම නිශ්චිත තීන්දුවක් ගෙන තියෙනවා. එය ඉතා වැඩ දායකයි. අතරමැද අවිනිශ්චිත ගතියක් පේන්න තිබුණා. ආණ්ඩුවේ ඇතැමුන් භූමදානය කළ යුතු බව කී බවක් පේන්න තියෙනවා. මා හිතනවා නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ දිගට ම එක ම මතයක හිටියා කියා. එහෙත් ඔහු අනෙක් අයටත් සවන් දී තිබෙන බව පැහැදිලියි. එය හොඳ ක්‍රියාවක් වෙන්න පුළුවන්. ඒත් ඇතැම් අවස්ථාවල ප්‍රශ්න දිග්ගැස්සෙන්න දෙන්න හොඳ නැහැ. ආණ්ඩුව ඉක්මණින් නිශ්චිත තීරණයකට පැමිණ එය ක්‍රියාත්මක කරන්න ඕන.භූමදාන ප්‍රශ්නයෙන් ඉගෙන ගත හැකි පාඩම ඒකයි. 


යාපනය විශ්වවිිද්‍යාලයේ ප්‍රශ්නයක් නැහැ. එතැන ප්‍රශ්නයක් ඇති කරන්න විවිධ පුද්ගලයන් කටයුතු කරනවා. පසුගිය දා ඊනියා විරු ස්මාරකයක් ඉවත් කර තිබෙනවා. එය උපකුලපත්ි ශ්‍රීසත්කුණරාජාගෙ තීරණයක් මත සිදු වූවක් ද පාලක මණ්ඩලයේ තීරණයක් මත සිදු වූවක් ද එසේත් නැත්නම් හමුදාවේ හෝ පොලීසියේ හෝ වැඩක් ද යන්න පැහැදිලි නැහැ. කොහොම වුණත් ඔය ඊනියා විරු ස්මාරකය ඉවත් කිරීම හොඳයි. 


කොටි ත්‍රස්තවාදීන් සැමරීමට මෙරට ඉඩක් නොතිබිය යුතුයි. ආදාහන ප්‍රශ්නයේ දී මෙන් ම ආණ්ඩුව හැටියට මේ සම්බන්ධයෙනුත් ස්ථිර නිශ්චිත ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. දෙමව්පියන් බිරියන් දුපුතුන් පෞද්ගලික ව එ ඒ අය සැමරීම ප්‍රශ්නයක් නො වෙයි. එහෙත් පොදුවේ සැමරුම් තියෙන්න බැහැ.  කාට හරි අහන්න පුළුවන් ප්‍රශ්න දෙකක් තියෙනවා. ජ වි පෙරමුණට ඊනියා ඉල් මහ සැමරුම් තියන්න පුළුවන් නම් දෙමළ ත්‍රස්තවාදීන් සමරන්න බැරි ඇයි? එළාර ස්මාරකයක් තියෙන්න පුළුවන් නම් ප්‍රභාකරන් ස්මාරකයක් තියෙන්න බැරි ඇයි?


කොටි ත්‍රස්තවාදීන් හා ජ වි පෙ ත්‍රස්තවාදීන් අතර වෙනසක් තියෙනවා. ජ වි පෙ පොල්පොට්වාදී ත්‍රස්තවාදීන්. ඒත් වෙනස ඇත්තේ පොල්පොට්වාදීන් වීම නිසා නො වෙයි. ඔවුන් ආයුධ අතට ගත්තේ ඔවුන්ට තේරෙන විධියට ධනපති ක්‍රමය පෙරළීමට මිස රාජ්‍යය නැති කිරීමට නො වෙයි. රාජ්‍ය ක්‍රමය වෙනස් කරන්නයි ඔවුන්ට අවශ්‍ය වුණෙ. ධනේෂ්වරය පෙරළා දමා ඊනියා නිර්ධන පංතියට බලය ගැනීමටයි ඔවුන්ට අවශ්‍ය වුණෙ. යථා කාලයේ දී රාජ්‍යය වියැකී යෑමක් ගැන ඔවුන් හිතුවත් නැතත් එය  ප්‍රශ්නයක් නො වෙයි. 


කොටි ත්‍ර්‍රස්තවාදීන් සටන් කෙළෙ රාජ්‍යයෙන් වෙන් වන්න. රාජ්‍යය බෙදන්න. රට බෙදන්න. ඔවුන් චෝල චෝලවාදී ත්‍රස්තවාදීන්. ඔවුන්ට දෙමළ වීම නිසා ම පමණක් සිදු වී  ඇති අසාධාරණය කුමක් දැයි තාම කවුරුන්වත් කියා නැහැ.  සමහරුන් කියාවි ඔවුන් ආයුධ අතට ගත්තෙ නිදහස ලබා ගන්න කියල. ඊනියා දෙමළ රාජ්‍යයකට, වසර දහස් ගණනක් තිබූ ඊනියා දෙමළ රාජ්‍යයකට නිදහස ලබා ගන්න. අපි අපේ යක්‍ෂ නාග උරුමය අමතක කිරීම මේ ව්‍යාජ දෙමළ රාජ්‍ය  කතාවට ආධාරකයක් වෙනවා. මියන්මාරයෙත් නාග ගෝත්‍රිකයන් ඉන්නවා. ඇසෑමයේත් ඉන්නවා. තපස්සු භල්ලුක කතාවේත් ඉන්නවා. බුදුදහම සම්බන්ධයෙන් නාගයන් මැදිහත් වී තියෙනවා. ලංකාවේත් මියන්මාරයේත් ධාතුන් වහන්සේලා රැක බලා ගැනීම ගැන නාගයන් ප්‍රසිද්ධයි. ලංකාවේ දෙමළ බෞද්ධයන් ගැන තියෙන සාධක මොනවා ද? සුනිල් ආරියරත්නගේ කතාව ද? ඒක නූල කැඩුණු සරුංගලයක් බව අප ඒ දවස්වල ම පෙන්නා දුන්නා.


අපි හිතමු දෙමළ ත්‍රස්තවාදීන් සටන් කෙළෙ සිංහල රාජ්‍යයෙන් නිදහස ලබා ගන්න කියා. දැන් ඔය තියනව කියන සිංහල රාජ්‍යය ඔවුන්ගෙ ඊනියා නිදහස් සටන පරාජය කරලා. සිංහල රාජ්‍යය ඔවුන්ගෙ ඊනියා විරයන් වෙනුවෙන් ස්මාරක හදන්න ඉඩ දෙන්න ඕන ද? අප ඉංගිරිසින්ට විරුද්ධ ව සටන් කළා. 1817-18 අපේ පළමු නිදහස් සටන සිදු වුණා. අපි පැරදුණා. පසුව 1848දිත් පැරදුණා. ඉංගිරිසින් අපට එකල අපේ විරුවන් සැමරීමට ස්මාරක හදන්න ඉඩ දේවි කියල හිතනවා ද? 1817-18 ඉතා දරුණු ඝාතනයක් ඉංගිරිසින් සිංහලයන්ට විරුද්ධව කෙළේ.  ඉංගිරිසින් කැප්පෙට්ටිපොළ නිළමෙ, පුරන් අප්පු සැමරීමට එකල ඉඩ දෙන්න තිබුණ කියල හිතනවා ද? අනෙක් අතට ඔවුන් අදටත් ඔවුන්ගෙ විරුද්ධවාදී හිට්ලර් මුසොලිනි ආදීන් සැමරීමට ඉඩ දෙනවා ද?   


මෙරට නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ තමයි ජනාධිපති. ඔහු යළි ඉපදිලා නැහැ. තවමත් මෙරට තියෙන්නෙ බටහිර ක්‍රිස්තියානි රාජ්‍යයක්. නීතිය රෝම ලන්දේසි. දැනුම් ආධිපත්‍යය බටහිර ක්‍රිස්තියානි. වැඩ කෙරෙන්නෙ ඒ විධියට. එළාරගෙ සැමරුම හැදුවෙ සිංහල බෞද්ධ රාජ්‍යයක. සිංහල බෞද්ධ රාජ්‍යයක් පිහිටුව ම අපි කල්පනා කරන්නන් සමරන්නෙ කාව ද කියන එක ගැන. ඒත් එකක් කියන්න ඕන. සිංහල බෞද්ධ රාජ්‍යයෙ එළාර වෙනුවෙන් සැමරුමක් ඉදි කළාට චෝල චෝල වෙනුවෙන් සැමරුමක් ඉදි කෙළෙ නැහැ. ඉදිරියේදි චෝලවාදී ත්‍රස්තවාදීන් වෙනුවෙනුත් සැමරුම් ඉදි කෙරෙන එකක් නැහැ. අපි අසවේදුලා වෙනුවෙන් හරි ස්පිල්බර්ජන්ල  වෙනුවෙන් හරි ස්මාරක ඉදි කෙළෙත් නැහැ. ඉංගිරිසින් වෙනුවෙන් ඉංගිරිසින් හදපු පිළිම නම් තියෙනවා. ඔවුන් තමන් නමින් නම් කරපු පාරවල් ආදියත් තියෙනවා. මියන්මාරයේ නම් ඉංගිරිසින්ගෙ නමින් පාරවල් දැන් නැහැ. නිදහස ලැබිල අවුරුදු හැත්තැතුනක් වෙන දවසෙදිවත් අපේ පාරවල නම් ගැන ස්මාරක ගැන නගරවල නම් ගැන කල්පනා කළොත් නරක ද? අපොයි බැහැ. මට කැන්ඩි ගිහින් ගෝල් යන්නත් තියෙනවා. දෙන් ට්‍රින්කො යන්නෙ කවදා ද? බැටි ගිහින් ආෆ්ටර් ටූ ඩේස් .