History

Tuesday, 9 February 2021

දෙමළ ජාතිවාදය පසුපස

 

දෙමළ ජාතිවාදය පසුපස

 

දෙමළ ජාතිවාදීන් පොතුවිල් සිට යාපනය දක්වා පෙළපාලි ගිහින්. සිංහල බෞද්ධ විරෝධීන්ට ඉහේ මලක් පිපුණ වගේ. ඒ අතර වවුනියාවෙ දෙමළ ජාතිවාදීන්ට විරුද්ධ ව උද්ඝෝෂණ කරල. දෙමළ ජාතිවාදීන්ට අවශ්‍ය පුළුවන් නම් තවත් වඩුකොඩෙයි යෝජනා සම්මත කර ගන්න. 1976 දි චෙල්වනායගම්ගෙ ප්‍රධානත්වයෙන් සියලු දෙමළ ජනකොටස් හා මුස්ලිමුන් එකතු කරල වඩුකොඩෙයි සම්මේලනයක් පවත්තල රට බෙදන යෝජනා සම්මත කර ගත්තා. ඒකෙ ප්‍රතිඵලය ප්‍රභාකරන් ඉදිරියට ඇවිල්ල අන්තිමේ දී නන්දිකඩාල් කලපුවේ පරාජය වීම.

 

මෙවර උත්සාහ කරන්නෙත් දෙමළ හා මුස්ලිම් ජනකොටස් එකතු කිරීමට. ඒත් එය සාර්ථක වෙයි කියල හිතන්න බැහැ. මේ පෙළපාලි පිටුපස ඉන්දියාවත් ඉන්නව කියල හිතන්න පුළුවන්. ඉන්දියාවෙ විදේශ ඇමති පහුගිය දවස්වල කොළඹ ආවා.  ඒ කටුගේ බලන්න නො වෙයි. ඉන්දියාව අපේ රටේ අභ්‍යන්තර දේශපාලනයට මැදිහත් වෙන්න දෙමළ ජාතිවාදය යොදා ගන්නවා. ඉන්දියාවට නැගෙනහිර පර්යන්තය තදින් ම ඕන කරල තිබුණ. ඒ අතර ඔවුන්ට පළාත් සභාවලට වැඩි බලතල දීල 13+ ක්‍රියාත්මක කරන්නත් ඕන. ඉන්දියාව මෙරට චීන මැදිහත්වීම්වලට කැමති නැහැ. ඒක නම් තේරුම් ගන්න පුළුවන්.

 

ඒත් ඉන්දියාවට ඕන ඉන් එහාට ගිය දෙයක්. අද ඉන්දියාව මේ කලාපයේ බටහිර නියෝජිතයා. එංගලන්තයට අවශ්‍ය දේත් අද ඉටු කර ගන්නෙ ඉන්දියාව මාර්ගයෙන්. නැගෙනහිර පර්යන්තය පිළිබඳ ව යහපාලන ආණ්ඩුව ඉන්දියාව හා ජපානය එක්ක යම් අවබෝධතාවක හිටියෙ. ජපානයෙන් ණයක් ගැනීමටත් ඉන්දියාවට නැගෙනහිර පර්යන්තයේ යම් පරිපාලයක් දීමටත් එකඟතාවක් තිබුණ.මේ ආණ්ඩුවෙන් එය නැති වී ගියා. ඉන්දියාව අද ලංකාණ්ඩුවට බලපෑම් දැමීමට දෙමළ හා මුස්ලිම් ජාතිවාදීන් යොදා ගන්නවා.

 

ඒත් නැගෙනහිර පළාතෙ දෙමළ ජනයා යාපනයේ වෙල්ලාලයන් එක්ක නැහැ. නැගෙනහිර පළාතෙන් එකතු වෙන්නෙ මුස්ලිම් ජාතිවාදීන්. වඩුකොඩෙයි වැනි එකතුවීමක් ඉන්දියාවට ඇති කරන්න බැහැ. මේ රටේ අද තියෙන්නෙ යාපනයේ වෙල්ලාලයන් හා මුස්ලිමුන් රටේ ජනගහනයට එකතු නොවීමේ ප්‍රශ්නය. නැගෙනහිර දෙමළ ජනකොටස හා වතුකරයේ දෙමළ ජනකොටස ක්‍රමයෙන් සිංහලයන් සමග එකතු වෙමින් ඉන්නවා. එය තවත් වේගවත් කිරීම පොදුජන පෙරමුණූ සංධානයේ වගකීම. වතුකරයේ දෛනික වැටුප රුපියල් දාහ කිරීම මේ සම්බන්ධයෙන් වැදගත්.

 

නැගෙනහිර හා වතුකරයේ දෙමළ ජනකොටස් යාපනයේ වෙල්ලාලයන් විසින් පාගනු ලැබුවා. යාපනයේ වෙල්ලාලයන් එහි ඊනියා අඩුකුල ජනතාවත් පාගා දානවා. මේ ඊනියා අඩුකුල ජනතාව කවුරුන්වත් නොවෙයි උතුරේ දෙමළ සමාජයට අවශෝෂණය කරනු ලැබූ එහි සිටි සිංහල ජනතාව. අප ඔවුන් සංවිධානය නොකිරීම බලවත් වරදක්.

 

අනාදිමත් කාලයක සිට මෙරට ඉතිහාසයේ කැපී පෙනෙන ලක්‍ෂණයක් තියෙනවා. ඒ තමයි පිටින් (භාරතයෙන් විශේෂයෙන්) පැමිණි ජනතාව, විවිධ ජනවර්ග, මෙරට ජනතාවගෙන් යම් කොටසක් සමග එකතු වී බලයට පත්වීම. ඒ සම්බන්ධ නිසි අධ්‍යයනයක් කෙරී ඇතැයි මා විශ්වාස කරන්නේ නැහැ. ජනප්‍රවාදය අනුව බැලුවත් විජය වංගයේ (කාලිංගයේ) සිට පැමිණ බලය ගත්තා. ඒ මුළු රටේ ම නොවන්න පුළුවන්. පණ්ඩුකාභය කාලයෙත් එහෙම දෙයක් සිදු වී ඇති බව පැහැදිලියි. සේන ගුත්තිකත් බලය ගත්තා. ඉන්  පසු එළාර පැමිණියා. පසු කලෙක මෞර්යයන් පැමිණියා. ධාතුසේන රජු පළමු මෞර්යයා.

 

පාණ්ඩ්‍ය කුමරුවන් මෙරටට පැමිණ බලය අරගෙන තියෙන බව පැහැදිලියි. කාලිංගයෙන් පැමිණි නිස්සංක මල්ල රජ වුණා. අවසාන කාලයේ ආන්ද්‍ර සම්භවයක් ඇති නායක්කාර් රජවරු බලය ගත්තා. එහෙත් එළාරගෙන් පසු ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතියේ රජවරු වුණා. මා කියන්න අදහස් කරන්නේ බාහිරින් පැමිණි ජනයා මෙරට සංස්කෘතියට අවශෝෂණය වීමයි. එවිට ඔවුන් විදේශිකයන් විජාතිකයන් වුණේ නැහැ.

 

ඒ සියල්ලන් ම ස්වෙච්ඡාවෙන් පැමිණි පිිරිස්. මේ ප්‍රවණතාවයේ කැපී පෙනෙන වෙනස්කම් දෙකක් දැකිය හැකියි. එකක් දහහතරවැනි සියවසේ මෙරටට වත්මන් කේරළ තමිල්නාඩු දේශසීමා පැත්තෙන් පැමිණි මලයාලම් ටිකක් මිශ්‍ර දෙමළ කතා කරන මුස්ලිම් ජනයා. ඔවුන් මෙරට බලය අත්කර ගත්තේ නැහැ. අත්කර ගැනීමට ඔවුන්ට හැකි වුණෙත් නැහැ. ඒ ඔවුන් මෙරට ජනයා සමග මිශ්‍ර නොවී වෙන ම ජනකොටසක් ලෙස ජීවත්වීම නිසා. එහෙත් ඔවුන් ඉංගිරිසින් පැමිණෙන තෙක් ම සිංහලයන්ට විරුද්ධ ව ගියේ නැහැ. ඉංගිරිසින් දහනවවැනි සිය වසේ මුල සිට ම ඔවුන් සිංහලයන්ට විරුද්ධ ව යොදා ගත්තා.

 

අර ප්‍රවණාතාවෙන් වෙනස් වූ දෙවැනි කොටස ලන්දේසීන් විසින් මෙරටට ආනයනය කරනු ලැබූ වෙල්ලාලයන්. ඔවුන් තම වුවමනාවට ස්වෙච්ඡාවෙන් පැමිණි පිරිසක් නොවෙයි. ඔවුන්ට මෙරට රටවැසියන් වීමේ වුවමනාවක් තිබුණේ නැහැ. අස්වැන්න කපා ගැනීමෙන් පසු ඔවුන්ට අවශ්‍ය වූයේ තම ගම් රටවල් බලා ආපසු යැමට. ඊනියා දෙමළ නිජභූමි කතාව එයින් ම බොරු වෙනවා. මේ ගම් රටවල් බලා යෑම නැවැත්වීමට තමයි ලන්දේසින් තේසවලාමෙයි නීතිය පැනෙව්වෙ. ඒත් එයත් සාර්ථක වුණෙ නැහැ. ඉංගිරිසින්ට දෙවැනි වරටත් තේසවලාමෙයි පනවන්න සිදු වුණා. ඉංගිරිසින් මුස්ලිමුන් මෙන් ම වෙල්ලාලයන් ද සිංහල බෞද්ධයන්ට විරුද්ධව යොදා ගත්තා. වෙල්ලාලයන්ටත් ඇතැම් මුස්ලිමුන්ටත් මෙරට සමග බද්ධ වීමට නොහැකි වුණා. ඉංගිරිසින් හා පසුව ඉන්දියානුවන් එයට ඉඩක් දුන්නෙත් නැහැ. තවමත් වෙල්ලාලයන් දුවන්නේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයට. මුස්ලිමුන් ඇතැම් මුස්ලිම් රටවල් සමග සම්බන්ධකම් පවත්වනවා. මේ පෙකෙණිවැල් තමයි අද ඇති ප්‍රශ්නය. ජාතිවාදවල උල්පත් මේ පෙකෙණිවැල්.

 

ඒ කඩා දැමිය හැකියි. ඒ සඳහා වෙල්ලාල නොවන දෙමළ ජනයා අතරත් මෙරටට ලැදී මුස්ලිමුන් අතරත් දේශපාලනය කරන්න ඕන. ඒ සෘජු දේශපාලනයක් මිස ඩීල් දේශපාලනයක් නොවිය යුතුයි. මේ ආණ්ඩුවට එසේ කිරීමට තවමත් කල් තියෙනවා.