History

Friday, 10 September 2021

තොග වෙළෙන්දෝ හා දෙවියෝ

 

තොග වෙළෙන්දෝ හා දෙවියෝ

 

එක්තරා ආකාරයකට ගත්ත ම තොග වෙළෙඳුන් ද දෙවියන් වගේ.

 

පොළොන්නරුවේ හාල් ව්‍යාපාරික දෙවියන් ගැන තවත් වචනයක් කියන්න ඕන. පසුගිය දා පොළොන්නරුවේ ගබඩාවලින් ගෙනා හාල් තොග රටේ ජනතාවට එක වේලකටවත් මදි බවයි පැවසෙන්නේ. ආණ්ඩුව එපමණකින් නැවතිය යුතු නැහැ. ඒ හාල් තොග ගෙන ඒම හුදෙක් සංදර්ශනයක් නොවිය යුතුයි. අද මෙරට සෑම ක්‍ෂෙත්‍රයක ම ඇත්තේ ප්‍රදර්ශන හා සංදර්ශන පමණයි. දර්ශනයක් නැහැ. දර්ශනය ගැන කතා කරන්නන් ද ප්‍රදර්ශකයන් පමණයි.

 

ඇතැම් තොග වෙළෙන්දන් හාල් හංගාගෙන හිටි බව ප්‍රසිද්ධ කරුණක්. මෙරට ව්‍යාපාරිකයන් බොහෝ දෙනකු නිෂ්පාදන ක්‍ෂෙත්‍රයේ දකින්නට නැහැ. ඔවුන් බොහෝ විට කරන්නේ මිල දී ගැනීම් හා විකිණීම් (buying and selling) . එමෙන් ම බොහෝ දෙනකුට දේශපාලන රැකවරණ තියෙනවා. ඔවුන් දේශපාලනඥයන්ට ආධාර කරන අතර දේශපාලනඥයන් ඔවුන් රකිනවා, ඔවුන්ට වරප්‍රසාද දෙනවා. එ නිසා තොග වෙළෙන්දන් දේවත්වයට ද පත් වෙනවා.

 

ඊයේ බන්දුල ගුණවර්ධන කියා සිටියේ හාල් ගෙනාවේ සතොස සඳහා කියලයි. ඔහුට අනුව සතොස හාල් මිල දී ගැනීම සඳහා ටෙන්ඩර කැඳ වූ අවස්ථාවේ කිසිවකු ඉදිරිපත් වී නැහැ. ඒ නිසා හාල් තොග ගබඩා කඩා සතොසට හාල් ගෙනාවා කියා. එය ඉතා ලාමක කතාවක්. සතොසට හාල් ගැනීම සඳහා තොග ගබඩා කඩන්න අවශ්‍ය නැහැ.

 

තොග වෙළෙඳුන් අවශ්‍ය ප්‍රමාණයට හාල් වෙළෙඳපොළට නිකුත් නොකිරීම නිසා හාල් මිල වැඩි වුණා. අද අවශ්‍ය වන්නේ බලතල යෙදා මේ තොග වෙළෙඳුන්ගේ ඒකාධිකාරය කැඩීම. ඒ සඳහා රජය මැදිහත් වී දිනපතා හාල් වෙළෙඳපොළට නිකුත් කළ යුතුයි. අපට සංදර්ශන හා ප්‍රදර්ශනය අවශ්‍ය නැහැ.

 

පසුගිය හයවැනි දා ඉන්දියාවේ ශ්‍රෙෂ්ඨාධිකරණය දෙවියන් පිළිබඳ වැදගත් තීන්දුවක් දීලා. තොග වෙළෙඳුන් ගැන නොවෙයි. අර තිස්තුන් කෝටිය ගැන. එයට අනුව කෝවිල් හා භූමි අයිතිවන්නේ දෙවියන්ට මිස පූජකයන්ට නො වෙයි. ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කර ඇත්තේ දෙවියන් ද නෛතික පුද්ගලයන් කියා. ඉන්දියාවේ ඒ ඒ කෝවිල් ඒ ඒ දෙවියන් නමට ඇත්තේ. එවිට  කෝවිල් හා භූමි අයිතිවන්නේ අදාළ දෙවියන්ට මිස පූජකයන්ට නො වෙයි කියා ශ්‍රෙෂ්ඨාධිකරණය කියලා.

 

එහෙත් දැන් බටහිර නීතිය අනුව ප්‍රශ්න මතුවේවි. යමකුට යම් දෙවියකුට විරුද්ධ ව නඩුවක් පවරන්න පුළුවන් ද? දෙවියන් උසාවියට ගෙන්වන්න පුළුවන් ද? දෙවියන් වෙනුවෙන් නීතිඥයන්ට පෙනී සිටින්න පුළුවන් ද? කෝවිල්වලට ලැබෙන ආදායම කළමනාකරණය කරන්නේ කවුද කෙසේ ද?

 

ලංකාවේ මේ තත්වය වෙනත් ආකාරයකට තියෙන්නේ. මේ භූමිය  බුදුහාමුදුරුවන්ට පූජා කළ භූමියක්. වරක් නොව කිහිප වරක් ම පූජා කෙරුණු භූමියක්. මේ භූමියේ වෙනත් ආගමික සිද්ධස්ථාන හදන්න නම් රජයෙන් අවසර ගන්න ඕන. මේ සම්බන්ධයෙන් බෞද්ධ සම්ප්‍රදාය පැහැදිලියි. මෙය මා කලින් කියා ඇති. ඒත් නැවතත් කියන එක හොඳය කියා හිතෙනවා.

 

නිඝන්ඨයන් ජේතවනාරාම භූමියේ සිද්ධස්ථානයක් ඉදි කර. බුදුහාමුදුරුවන් ඒ ගැන කොසොල් රජුට පැමිණිළි කිරීමට භික්‍ෂූන් වහන්සේ දෙනමක් යවලා. ඒත් රජු (ඔහුත් දේශපාලනඥයෙක් අර ඊනියා බැලන්ස් කරන්නෙක්) ඒ ගැන තැකීමක් කර නැහැ. පසුව බුදුහාමුදුරුවන් සැරියුත් මුගලන් රහතන් වහන්සේ පිටත් කර යවල තියෙනවා. රජු ඒත් ගාණකට ගෙන නැහැ. බැරිම තැන බුදුහාමුදුරුවන් ම වැඩම කර රජුට කරුණු පහදා දී තියෙනවා. ඉන්පසු නිඝණ්ඨාරාමය ඉවත් කර ගෙන.

 

මෙතැන ඇත්තේ ඊනියා අයිතියක් පිළිබඳ කතාවක් නො වෙයි. පූජා කිරීමක් පිළිබඳ කතාවක්. පූජා වස්තු පරිහරණය පිළිබඳ කතාවක්. මෙරට භූමිය බුදුහාමුදුරුවන්ට පූජා කළ එකක්. ඒ බව ඉංගිරිසින්ද පිළිගත්තා. ඒ නිසා තමයි 1892 ආඥාපනතකින් නියම කෙරුණේ රැකීමට වුවමනා වෙනත් ආගමික සිද්ධස්ථානයක් හදනවා නම් ආණ්ඩුකාරයාගේ අවසරය ලබා ගත යුතු ය කියා. 1898 නිරෝධායන ආඥාපනත මෙන් ම ඒ ආඥාපනතත් අදටත් වලංගුයි. අද ඒ අනුව වෙනත් ආගමික සිද්ධස්ථානයක් හදනවා නම් ජනාධිපති අවසරය ලබා ගත යුතුයි. එවැනි අවසරයක් ලබා නොගෙන හදා ඇති වෙනත් ආගමික සිද්ධස්ථාන රැකීමට රජය බැඳී නැහැ.

 

ඉන්දියාවේ ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුව අයිතිය මත පදනම් වූ එකක්. එය බෞද්ධ සම්ප්‍රදායේ නො වෙයි. ඒ කෙසේ වෙතත් පහත සඳහන් ලිපියෙන් අපට ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා. අඩුම තරමින් පූසාරි යන වචනයේ නිරුක්තිය පිළිබඳ අදහසක් ලබා ගන්න පුළුවන්. එය පූජාරි යන්නෙන් ලැබුණු එකක් බව පැහැදිලියි. පූජාරි යන්නෙහි තේරුම මා දන්නේ නැහැ. එහෙත් එය පූජාව තැබීම හා සම්බන්ධයි .

 

ඇතැම් ක්‍රිස්තියානි නිකායන් ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුව  ඔවුන්ටත් අදාළ දැයි විමසන බවක් පේන්න තියෙනවා. එසේ නම් ක්‍රිස්තියානි හා කතෝලික පල්ලි අයිතිවන්නේ දෙවියන් වහන්සේට ද? දෙවියන් වහන්සේ ලෝකයේ ම මැවුම්කරු බැවින් ඔය එක එක පල්ලිය ගැන කරදර වන්නේ මොකට ද කියා කවුරු හරි අහන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පදනම් වී ඇත්තේ බහුදේව හින්දු සම්ප්‍රාය මත මිස ඒකදේවවාදයක් මත නො වෙයි. ඒ ඒ රට ඒ ඒ රටේ සංස්කෘතිය චින්තනය මත පදනම් ව ගන්නා තීරණ වෙනත් සංස්කෘතීන්ට අදාළ වන්නේ නැහැ.         

 

India's temple land belongs to deities, not priests

Supreme Court rules that the deity is a legal entity and thus the owner of the land attached to a temple


India’s Supreme Court has ruled that the presiding deity of a temple is a legal entity and thus the owner of the land attached to it. The priest assigned to offer prayers and manage the land cannot be treated as the owner of the temple land, it said.

“In the ownership column, the name of the deity alone is required to be mentioned as the deity, being a juristic person, is the owner of the land,” the top court said in a landmark judgment on Sept. 6.

A division bench of Justice Hemant Gupta and Justice A.S. Bopanna further observed that the occupation of the land is also by the deity, which is carried out by the servant or the managers on behalf of the deity. “Therefore, the name of the manager or that of the priest is not required to be mentioned in the column of occupier as well.”

The court also refused to name government officials assigned to oversee or manage a temple as owners. “We find that the name of the collector [an officer in charge of a district] as manager cannot be recorded in respect of property vested in the deity as the collector cannot be a manager of all temples unless it is a temple vested with the state.”

The judgment was passed while upholding the decision of the central Indian state of Madhya Pradesh to delete the names of priests from the revenue records of temple properties. The official circulars issued by the state government in this regard were earlier disallowed by the high court of the state.

In its appeal to the country’s top court, the state government said it wanted to protect temple properties from unauthorized sale by priests or managers. Temple priests contended that their ownership rights cannot be taken away by the government.

A temple in a house or which is not open to the public cannot be treated as a public temple

The judgment from the top court will have a far-reaching impact as it specifically says: “The pujari [temple priest] is only a grantee to manage the property of the deity and such grant can be reassumed if the pujari fails to do the task assigned to him, i.e., to offer prayers and manage the land. He cannot be thus treated as a bhumiswami [landowner].”


However, the judges sought to make a clear distinction between a “private” and a “public” temple, clarifying that the ownership of the deity would not apply to temples inside houses or private spaces.

“A temple in a house or which is not open to the public cannot be treated as a public temple,” the Supreme Court ruled.

Some church leaders wondered if the top court order will have an impact on the ownership of church land and others properties of Christian communities.