බටහිර දැනුම බුද්ධිමතුන් හා ඉංගිරිසියෙන් හිඟා
කෑම
අප වර්තමානයෙහි අනුකරණය කරන්නේ බටහිර දැනුම.
එහෙත් අප කිසිවකු කිසිම බටහිර දැනුම් ක්‍ෂත්‍රයක ඊනියා ප්‍රාමාණික උගතකු නො වෙයි.
බටහිර දැනුමට අප එකතු කළ සංකල්පයක් කතන්දරයක් (ඊනියා ප්‍රවාදයක්) නැහැ. බටහිර
දැනුම පුස්සක් බව කීවාට අතිවිශල බහුතරය පිළිගන්නේ නැහැ. ඇරිස්ටෝටල්ගේ සිට අයින්ස්ටයින් දක්වා එකතු කර ගත් දැනුම තව
දුරටත් ඉදිරියට යන්නේ නැහැ. එයට හේතු දෙකක් ප්‍රධානයි. එකක් බටහිර දැනුමේ එහෙමත්
නැත්නම් එකී සම්ප්‍රදායේ මූලික කතාවලින් තවත් කතා ගොඩ නැගීමට බැරිකම. අනෙක එහි
රේඛීය චින්තනයේ ඇති දුර්වලකම.
බටහිර දැනුම ටිකක් කටගාගත් පමණින් අප උගතුන්
බුද්ධිමතුන් කියා හිතනවා. අප එකිනෙකා ඔසවා තබනවා. බටහිර දැනුමේ දැනටත් ඇති සීමාවල
දී අප නිහඬ වෙනවා. උදාහරණයක් ලෙස මරණින් මතු සිදුවන්නේ කුමක් ද යන්න. ඒ පිළිබඳ
නිශ්චිත දැනුමක් බටහිර විද්‍යාවට නැහැ. ඔවුන් මරණය ළඟ සිදු වූ අත්දැකීම් (near death
experience) ගැන නම් කියනවා. එතැනින් එහාට ඔවුන්ට
කිසිවක් කියන්න බැහැ. එහෙත් අප රටේ උගතුන් නම් බටහිර විද්‍යාඥයන්ටත් එහා ගොස්. ඔවුන්ට අනුව මරණයෙන් සියල්ල අවසන් වෙනවා.
පුනබ්භවයක් නැහැ. ගුණදාස අමරසේකර වැනි හසළ දැනුමක් ඇති ඊනියා ජාතිකවාදී
බුද්ධිමතුනුත් පුනබ්භවය විශ්වාස කරන්නේ නැහැ.
එහෙත් මා දන්නා කරුණක් තියෙනවා. බටහිරයන්
මරණින් මතු කිසිවක් නැහැ කියන්නේ නැහැ. ඔවුන්ගේ සංස්කෘතියේ සදාකාලික අපායක්
ස්වර්ගයක් ගැන කියනවා. බටහිර විද්‍යාවේ එයට පටහැණි දෙයක් කියැවෙන්නේ නැහැ. ඔවුන්
දෙවියන් වහන්සේ අත්හැරියේ නැහැ. ඒ වෙනුවට ඔවුන් මහා පිපුරුම මැවුවා. ඒ දෙක ම එකයි.
රේඛීය චින්තනයේ ඉන්න ඔවුන්ට ආරම්භයක් අවශ්‍යයි.
දෙවියන් වහන්සේ හරි මහා පිපිරුම හරි යන දෙකෙන් එකක්වත් ඇති වුණේ කෙසේදැයි
කිසිවකු කියන්නේ නැහැ. කිසිවකු ඒ දෙක ම අත්හරින්නේ නැහැ. එකක් හරි දෙකම හරි
පිළිගන්නවා. මෙරට ඊනියා උගතුනුත් එසේමයි. කිසිම දැනුම් පද්ධතියක් එය ගොඩ නැගී ඇති
සංස්කෘතියෙන් චින්තනයෙන් පිටට යන්නේ නැහැ. මරණින් මතු කිසිවක් නැතැයි කියන මෙරට
උගතුන්ට බටහිරයන් නොබෙල් තෑග්ග දෙන එකක් නැහැ.
ඒ කුමක් වුවත් පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන්
මා පට්ටපල් මෝඩයකු ලෙස සැලකුවත් මට කියන්න බොහෝ දේ තියෙනවා. පඬි නැට්ටන්ට අනුව මා
මැන්ටලයක්, ගෝත්‍රවාදියෙක්, පසුගාමී චින්තනයක් ඇත්තෙක්, කාලකන්නියෙක්, ඉක්මණින්
මිය යා යුත්තෙක්, නාකියෙක් සහ තවත් දේ. ඔවුන් තම වීරයන් වූ කාලෝ
ෆොන්සේකා, සුචරිත ගම්ලත්, ජීවතුන් අතර සිටින වීරයන් වූ ජයදේව
උයන්ගොඩ, සුමනසිරි ලියනගේ, සුනිල් විජේසිරිවර්ධන තබා විරද්ධ පිළේ
සිටින ගුණදාස අමරසේකරවත් නාකියකු ලෙස හඳුන්වා නැහැ. ජාතිකත්වයක් ඇතැයි කියන දෙරණ මා රටට හඳුන්වා
දුන්නේ කියන දෙය නොව වෙනත් දෙයක් කරණ වංචනිකයකු ලෙස. ඇතැමුනට අනුව මා දේශීය දැනුම
යැයි කියන්නේ ධම්මික පැණීයට. එයත් දේශීය දැනුමක් බව නම් සම්මුති සත්‍යයක්. ඉහළ
පෙලේ විද්වතකු වූ අරුණ කතෘ ඒ ගැන වෙනත් කතාවක් කියන්නේ මගේ මෝඩකම තහවුරු කරමින්.
ඒ කෙසේ වුණත් ආතල්ගම ඇති වී දින දෙක තුනක දී මා
ඒ ගැන ලිවුවේ ලොව නොසෙල්වූ දස දවස කියා. එකල මා ආතල්ගමේ විප්ලවය හඳුනා ගෙන නැතැයි
කීි පඬි නැට්ටන් අතර කතෝලික සම්භවයක් ඇති විද්‍යාඥයකු ද සිටියා. සමහරු ආතල්ගම
සෝවියට් සභා පිහිටුවීමට කතා කළා. ඒ අය කී කිසිවක් අද සිදු වී නැහැ. දැන් ඉතින්
ආතල්ගමට ලෙනින් කෙනකු හිටියේ නැත ආදී කතා කියා හිත සනසා ගන්න පුළුවන්. ආතල්ගමේ
ලෙනින් මෙන් ජාතිකවාදියකු නම් හිටියේ නැහැ. මාක්ස්වාදීන් නම් කුඩාරමක් කූඩාරමක්
ගානෙ හිටියා.
අද පවත්නා දේශපාලන අර්බුදය ආර්ථික අර්බුදය නිසා
හටත්තක් නොවෙයි. සියල්ල ආර්ථිකයට ඌනනය කරන්න හදන ඇතැම් පඬි නැට්ටන්ට නම් එසේ කීම
සිනහවට කරුණක් වෙන්න පුළුවන්. අද ඇති දේශපාලන අර්බුදය පටන් ගත්තේ නන්දිකඩාල් සමග.
එහි දී පැරදුණු එංගලන්තය ප්‍රමුඛ බටහිරයන් රණවිරුවන් සමුලඝාතකයන් ආදීන් ලෙස
හඳුන්වා විදුලි පුටුවට යැවීමට උත්සාග හත්තා. අර ඊනියා අපක්‍ෂපාත බීබීසියේ චැනල් 4
එහි දී විශාල කාර්යභාරයක් ඉටු කළා. අදවන විට හමුදා නිලධාරීන් රාජ්‍ය සේවයෙන් ඉවත්
කෙරෙමින් තියෙනවා. ෂවේන්ද්‍ර සිල්වා හමුදාපති ධුරයෙන් ඉල්ලා අස්වෙලා.
යහපාලනය දිගට ම ගෙන යෑම බටහිරයන්ගේ
බලාපොරොත්තුව වුණා. එහෙත් දින පනස්දෙකේ ආණ්ඩුව පිහිටුවා ගැනීමට ජාතික බලවේගවලට
හැකි වුණා. දින පනස්දෙක නැති කිරීමට මංගල රනිල් සමග දිලිත් ද එකතු වුණා. දින පනස්
දෙකේ ආණ්ඩුව කඩා වැටුණු පසු බටහිර තානාපතිවරු පාර්ලිමේන්තුවේ ඔල්වර සන් හඬ නැගුවා.
එහෙත් ඔවුන්ගේ සියලු අපේක්‍ෂා සුන් කරමින් ගෝඨාභය ජනාධිපති වුණා. එදා ඉඳන් ඔහු
බලයෙන් පහ කිරීමට බටහිරයන් ක්‍රියා කරනවා. සර් ෆේල් ව්‍යාපෘතිය පඬි නැට්ටන්ගේ ව්‍යාපෘතියක්
නො වෙයි. ට්‍රයඩ් සමාගමේ නිර්මාණයක් ද නො වෙයි. ඉන් පසු කාදිනල්තුමාගේ මහ මොළකරු
ව්‍යාපෘතිය ඇරඹුනා.
ඒ අතර විමල් හා උදයගේ බැසිල් විරෝධය කරළියට
ආවා. බැසිල්ට කිසිම ජාතීිකත්වයක් නැහැ.
ඔහු ඉවත් කරන්න ඕන. එහෙත් එය කළ යුතුව තිබුණේ ආණ්ඩුවට විරුද්ධව නොගොස්. විමල්ලා
තමන් අස්කෙරෙන තැනට කටයුතු කළා. ඉන් පසු දේශපාලන නාය යෑම ආරම්භ වුණා. එයට ආර්ථික
අර්බුදය උත්තේජකයක් පමණක් වුණා. ආතල්ගම ඇති වුණෙ ඉන් පසු බටහිර මුල් සැලැස්මට අනුව
ගෝඨාභය ඉවත් කිරීමට. එහි අරමුණ වූයේ සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරටින් අතුගා දැමීම, ක්‍ෂණික
ව රනිල් බලයට පත් කිරීම. අප ඒ සියල්ල කලින් කියා ඇති.
එහෙත් විමල් කල්ලිය මහින්ද යවන්න කටයුතු කළා.
නාකි මයිනා සංකල්පය ඇති කෙළේ කවුද කියා මා දන්නේ නැහැ. මා හැරෙන්න තවත් නාකින්
මෙරට ඉන්න බව මා දැන ගත්තා. සමහරුනට ඕන වුණෙ මහින්ද යවා ගෝඨාභය මෙහෙය වීමට. එහෙත්
තව තවත් දේ බටහිරයන්ට අවශ්‍ය ව තිබුණා.
අද බටහිරයන් තාවකාලික ජයග්‍රහණයක් ලබලා. රනිල්
අගමැති වෙලා. ඔහු තම හිතවතුන් විවිධ තනතුරුවලට පත් කරමින් ඉන්නවා. ඔහුට පැවරුණු
රාජකාරිය ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම. එහෙත් ඔහු කරන්නේ දේශපාලන බලය තහවුරු කර
ගැනීම.
උගතුන්ට කරන්න
පුළුවන් ඉංගිරිසියෙන් හිඟා කෑම පමණයි. එහෙත් ඔය කියන තරම් හිඟමන් ලැබෙන්නේ නැහැ.
කොහොමටත් උගතුන්ට ලැබෙන්නේ ණය මිස හිඟමන් නො වෙයි.
එහෙත් ඒ අතර
රනිල් විවිධ උපක්රම
මගින් දේශපාලන බලය තහවුරු කර ගනිමින් ඉන්නවා. ලාල්කාන්ත වැනි ළදරු
වලිකුලප්පුව හැදුණු දේශපාලන ළදරුවන් නොදන්නවාට රනිල් දන්නවා අඩු තරමෙන් මාස නවයක්
යන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැරි බව. රනිල් ඒ මාස නවය යොදා ගන්නේ කුමක්
බිහි කිරීමට ද?