History

Friday 2 September 2022

ගෝඨාභය සාදරයෙන් පිළිගනිමු

 

ගෝඨාභය සාදරයෙන් පිළිගනිමු

 

මගේ ආ ගිය තොරතුරු අද ලියන්නෙ නැහැ. හෙට පාන්දර ගෝඨාභය එනවා.  පරංගි පරගලය කෙළේ සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි තැන අහිමි කිරීමට. පරංගි පටන් ගත් වැඩේ කෙළවරක් කරන්න. ඒත් ඒක හරි ගියේ නැහැ. පරගලයට සහභාගි වුණු හාමුදුරුවරුත් දැන් ටික ටික පරගලය තේරුම් ගන්න පටන් අරන්. අර වස් කැඩුණු හාමුදුරුවරුන්ට මොක ද දන්නෙ නැහැ වුණෙ.

 

ගෝඨාභය ඉවත් කෙළෙ ඔහු මොන විධියකට හරි සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්‍ෂා කර ගැනීමට කටයුතු කළ නිසා. එය කොටින්ට විරුද්ධ ව හමුදා මෙහෙයපු දවස්වල ඉඳන් කෙරුණු දෙයක්. ඔහුගෙ අඩුපාඩුකම් නොතිබුණා නො වෙයි. එහෙත් ඔහු රනිල් වගේ ප්‍රභාකරන් එක්ක ගිවිසුම් අත්සන් කරන්න කිලිනොච්චි ගියේ නැහැ. ඊනියා සටන් විරාම, ඒ කියන්නෙ කොටින්ට ශක්තිමත් වෙන්න කාලය, ලබා දුන්නෙ නැහැ.

 

ඔහු මුස්ලිම් ආක්‍රමණයක් තියෙන බව දැක්කා. එක රටක් එක නීතියක් ගැන ඔහු විශ්වාස කළා. ඥානසාර හාමුදුරුවන්ගෙ ප්‍රධානත්වයෙන් කොමිසමකුත් පත් කෙරුණා. මා හිතන්නෙ නැහැ ඔහු සුෆී මුස්ලිමුන් පිරිසක් රට ගැන කැක්කුමකින් වැඩ කළ බව දැන හිටියා කියා. ඥානසාර හාමුදුරුවන්ගෙ කොමිසමට හකීම්ලා විරුද්ධ වුණා. රනිල් බලයට පත් වූ විගස කොමිසමේ වාර්තාව කුණු කූඩයට දැම්මා. හකීම්ට කුණු වැඩේට සතුටුයි.

 

ගෝඨාභය, ජී එල් ඩලස් වැන්නවුන් වගේ චන්ද්‍රිකා මංගල එක්ක සුදු නෙළුම් ගෙන අවලම් තවලම් ගියේ නැහැ. ඔවුන් කිසිවකුටවත් ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔවුන් සුවාදීන වෙලා මහින්ද හා ගෝඨාභය යවන්න නම් සහභාගි වුණා.  මා කෙලින් ම කියනවා ගෝඨාභයට යන්න වුණෙ ආරක්‍ෂක ලේකම් කාලෙ ඉඳන් ඔහු සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්‍ෂා කිරීමට පියවර ගත් නිසා කියල. පරංගි පරගලය පිටුපස බටහිරයන් සමහර අරාබි රටවල් හා ඉන්දියාව හිටියා.  ඊනියා භූ දේශපාලන යථාර්ථයක් ගැන බටහිරින් අහුල ගෙන කියවන පඬි නැට්ටන් අපට කියන්න එන්නෙ පරංගි පරගලය ඊනියා ජනතා නැගිටීමක් ජනඅරගලයක් කියා. ඒ රටවල් හැරුණු විට විවිධ පල්ලි පරගලයට සහාය දුන්නා. බැසිල් රාජපක්‍ෂත් ඒ බව ඉක්මණින් තේරුම් ගන්න තරමට හොඳයි.

 

මා අවස්ථා කිහිපයක දී  හැරුණු විට මේ පිටුවේ ප්‍රතිචාර දැක්වීමට ඉඩ දී නැහැ. විරුද්ධවාදීන්ගේ මතවලට සකර්බර්ග් වෙනත් තැන්වල ඕන තරම් ඉඩ දීල තියෙනවා. මට ඒව කියව ගන්න පුළුවන්. ඒ ඉඩ දුන් අවස්ථා කිහිපයේ දී දැක්වූ ප්‍රතිචාර මොනවා ද? කිසිම අදාළත්වයක් නැති දේ. ඒ ප්‍රතිචාර බලන්න මට අවශ්‍ය නැහැ. මා මහල්ලකු බවත් තරුණයන්ට අනුව මෝඩයකු බවත් කාලකන්නියකු බවත් මා දන්නවා. මගේ ජීවන තොරතුරු කීම සමහරුන්ට බෙහෙත් තෙල් විකිණීමක් වුණා. මට අඩු ගණනෙ විකුණන්න බෙහත් තෙල්වත් තියෙනවා. වමාලා අද සකර්බර්ග් අනාථකඳවුරට සීමා වෙලා ඉන්නෙ මෙරට ජාතිකත්වය ශක්තිමත් නිසා මිස වෙන කිසිවක් නිසා නො වෙයි. ඔවුන් පරංගි පරගලය අස්සෙන් ඔළුව උස්සන්න හැදුවත් එය හරි ගියේ නැහැ.

 

පඬි නැට්ටන් හිතනවා නම් පරංගි පරගලය ඊනියා ජනතා නැගිටීමක් කියල ඉන් කියැවෙන්නෙ එක ම එක දෙයයි. ඔවුන්ගෙ ඊනියා ප්‍රවාද වැඩ කරන්නෙ නැති එක පමණයි. අප පරගලයෙ පළමු දවසෙ ඉඳල ම දැක්කා එය සිංහල බෞද්ධ  විරෝධී තවත් විස්තරාත්මක ව  කියනව නම් සිංහල බෞද්ධ ගොවිගම විරෝධී සටනක් බව. මා කියන්නෙ සිංහල බෞද්ධ ගොවිගම නොවන සියලු දෙනා එයට සහභාගි වුණා කියන එකවත් සිංහල බෞද්ධ ගොවිගම සියලු දෙනා එයට විරුද්ධ වුණා කියන එකවත් නො වෙයි. මා ගොවිගම නොවන බව පරංගිත් දන්නවා.  ඊනියා සමාජ විද්‍යාඥයකුට බැරි ද දෙශීය වශයෙන් පරංගි පරගලයේ නායකත්වයේ හිටිය අයගේ විස්තර දැන ගන්න.

 

මුල දි පඬි නැට්ටන් බටහිරයන් අනුව යමින් කිවුවෙ ආර්ථික අර්බුදය රාජපක්‍ෂලා හොරකම් කරපු නිසා වෙච්ච දෙයක් කියලා. එය කෙලින් ම මෙරට ඇති කළ රාජපක්‍ෂ  විරෝධය නිසා මිනිසුන්ට ඒත්තු ගැන්වීමේ අමාරුවක් තිබුණේ නැහැ. සමහරුන්ට රාජපක්‍ෂ විරෝධයක් විවිධ කරුණු නිසා තියෙනවා. අද සරත් ෆොන්සේකා කියනවා විදේශවල ඉන්න අයට සතපහක්වත් මෙරටට එවන්න එපා කියල. ඔහුට පරගලය හරහා නොයෙකුත් බලාපොරොත්තු තිබුණා. ඒ ඉටු වුණේ නැති නිසා අද ඔහු වියරුවෙන් මෙන් කතා කරනවා. ෂවේන්ද්‍ර ද සිල්වාගේ ක්‍රියා කලාපය ගැනත් විවිධ මන්ත්‍රීූවරුන් කතා කරනවා. මැයි නවවැනි දා සිද්ධිවල පසුබිම දැනගන්න විධියක් තියෙනවා ද?

 

මා හිතන්නෙ නැහැ රනිල් ජනාධිපතිවෙලා ඉන්නකම් ඒ එකක්වත් දැනගන්න පුළුවන් කියලා. පරගලය කෙරුණෙ ම ඔහු බලයට පත්කරන්න. අද ඔහු බලය තහවුරු කරමින් ඉන්නවා. වජිර අබේවර්ධන ඔහු වෙනුවෙන් පාර්ලිමේන්තුවෙ කතා කරනවා. මේ විධියට ගියොත් වැඩි කල් යන්න ඉස්සර වජිර නිල නොවන අගමැති වේවි. නාමල් රාජපක්‍ෂගේ සිහින බොඳ වේවි. මට නාමල් රාජපක්‍ෂ අගමැති කිරීමට කිසිම වුවමනාවක් නැති බවත් ඒ සමග කියන්න ඕන. ඔහු හිස් චරිතයක්. ඔහු හිතන්නෙ කැසිනො වගේ දේවලින් ඩොලර් හම්බ කරන්න.

 

අපේ ආර්ථික අර්බුදය ගැන හොඳ ම කතාව කියල තිබුණෙ බංග්ලාදේශයේ අගමැතිණිය. ඇය කියා තිබුණෙ අප ණයට ගිතෙල් කාලා අමාරුවෙ වැටිල කියල. ඔය ගිතෙල් කතාවෙ දකුණු ආසියාවෙ රටවල තියෙනවා. ණයට අරගෙන හරි ගිතෙල් කන්න කියපු අයත් හිටිය. ඒ කතාව අදට ගැලපෙන විධියට කියනව නම් කියන්න වෙන්නෙ ණයට ඇපල් කාලා දිරව ගන්න බැරුව ඉන්නවා කියා. අපේ ආර්ථික අර්බුදයට හොරා කෑම දායක වෙන්න ඇත්තෙ සුළු ප්‍රමාණයකින්. අර්බුදයට මූලික හේතුව අධිපරිභෝජනය, බොරු ෂෝක් හා බොරු උගත්කම. ගිතෙල් කතාව කිවුවට පස්සෙ පඬි නැට්ටෙක් කිවුව අර්බුදයට හේතුව රාජපක්‍ෂලා ණයට ගැනීම කියල. ඒත් ඔහු දන්නෙ නැහැ පහුගිය කාලෙ වැඩියෙන් ම ණය ගත්තෙ රනිල්ලගෙ යමපාලනය කියල. යමපාලකයන් ණය අරගෙන කරපු වැඩකුත නැහැ.

 

ජාමූලෙන් ඩොලර් බිලියන තුනක විතර ණයක් දීල තියෙනවා. ඒකත් එක්ක අපේ ණය වැඩිවෙන බව අමතක කරන්න එපා. අප ගන්නා ණය බොල් ණය කරන්න කිසිවකු එකඟ වෙන්නෙ නැහැ. අප ගන්නා ණයෙන් කොටසක් ණය ගෙවන්නත් තව කොටසක් අධිපරිභෝජනය සඳහාත් බොරු උගතුන් පවත්වාගෙන යෑම සඳහාත් වැය කරන්න වෙනවා. ඩොලර් ණය යොදා ගෙන ඩොලර් උපයන මගක් ගැන අදහසක් තියෙන්නෙ කාට ද?

 

හෙට පාන්දර එන ගෝඨාභය හරසරින් පිළිගන්න ඕන. ඔහුට යන්න වුණු ප්‍රධාන හේතුවක් වුණෙ විමල්ලගෙ වැරදි දේශපාලනය. ඔවුන් බැසිල් විරෝධය ආණ්ඩු විරෝධයක් බවට පත් කළා. ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත් කර  ජනතාවට වූ පීඩනය  පරගලයක් බවට පත් කිරීමට බටහිරයන්ට උපකාර කෙළෙ ඔවුන්. රනිල් අද ජනාධිපති වුණෙ බටහිරයන්ගෙ සැලසුමට අනුව. ඒක සැලැස්මක්. ඒ ලංකා වසන්තය.

 

සෙප්පන් අරගලය අස්සෙ බලය තමන් අතට ගන්න උත්සාහ කළා. ජෙප්පන් සෙප්පන්ට තරගයක් දෙන්න වැඩ කළා. රනිල් බලයට පත් වුණාට පස්සෙ පරගලය නැවතුණා. ඊනියා ජනතාව දැන් හොඳින් ඉන්නවා ඇති. ආර්ථික අර්බුදය ඉවර නැහැ. පැලැස්තර ඇලෙවුවට වැඩක් නැහැ. තුවාලය එහෙමමයි. රනිල් බලයට පත්වුණාට පස්සෙ සෙප්පන් හිතුවෙ ඉදිරියට ගිහින් නොනවතින විප්ලවය මගින් බලය ගන්න. රනිල් ඔවුන් මර්දනය කළා. රනිල් අත්අඩංගුවට ගන්නෙ ඔවුන් පමණයි. ජෙප්පන්ටවත් අර පිරිමි හෙදි වැන්නන්ටවත් අත තියන්නෙ නැහැ. රනිල්ට සහායට පරගල කළ අය අත්අඩංගුවට ගන්න කියා ඉල්ලීම මෝඩ දේශපාලනය. කරන්න ඕන රනිල් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට එකඟව ඉවත් කරන්න මගක් හොයන එක.

 

පඬි නැට්ටන් කියාවි මා තවමත් රාජපක්‍ෂලාට කඩේ යනව කියා. මා යන කඩයක් නැහැ. රාජපක්‍ෂලගෙ දුර්වලකම් මා දන්නවා. අද ඇත්තෙ දහනවවැනි සියවසේ අගභාගයෙන් පස්සෙ සිංහල බෞද්ධ නයකත්වය හමුුරුවරුන්ගෙන් ගිහියන්ට යෑමේ ප්‍රශ්නය. අපි එය විස්තරාත්මක ව මගේ ආ ගිය තොරතුරු සමග කතා කරමු.