History

Thursday, 24 November 2022

කෝ මේ ටොයිලට් පේපර්

 කෝ මේ ටොයිලට් පේපර්

 

ඉංගිරිසි අධ්‍යාපනයෙන් හීනමානයක් ක්‍රමානුකූල ඇති කළා. අපට ඔවුන් අනුකරණය කිරීම අනිවාර්ය දෙයක් බවට පත් කෙරුණා. බටහිර හැම දෙයක් උසස් ලෙස සලකන්න පුරුදු කෙරුණා. අධ්‍යාපනයෙ දැනුමෙ සංස්කෘතියෙ ආදී වශයෙන් හැම තැනක මිනුම් දණ්ඩ බවට බටහිර දේ පත් කෙරුණා. බටහිරයන් හොඳයි කිවුවොත් තමයි අපටත් හොඳ වුණෙ. කොටින් ලන්ඩන් නිවුයෝක් පැරිස් තමයි අපේ සංස්කෘතික ත්‍රිකෝණය වුණෙ. අපේ වැවු පවා ඉංගිරිසින් මවිතයට පත් කරන බව කියා අප උදම් වුණා. මා හිතන විධියට අප සමස්තයක් හැටියට අනුකරණය නොකළෙ ඉංගිරිසින් පස්ස පැත්ත පිහදාන එක පමණය කියා. අප පස්ස පැත්ත සම්බන්ධයෙන් ඉංගිරිසින්ට වඩා උසස් ? මා ගැන සමීක්‍ෂණයක් කරල නැහැ. සමහර උදවිය ඇති එයත් අනුකරණය කරණ. නරක විශ්වවිද්‍යාලයක සමාජවිද්‍යා අධ්‍යනංශයකින් ගැන සමීක්‍ෂණයක් කළොත්.  අඩු ගණනෙ ඒකවත් රටට ප්‍රයෝජනවත් වේවි. මට අමතක වුණා සමීක්‍ෂණයත් කරන්න වෙන්නෙ ඉංගිරිසින් කියා දුන්න විධික්‍රමය මොකක් එක අනුව.

 

සමහරු බොහොම මහන්සි අරගෙන තියනවා අපට ඉංගිරිසින් වගේ වැඩ කරන්න උගන්නන්න. අය හිතල තියෙන්නෙ තම වගකීම තමයි අපට ඉංගිරිසින් වැඩ කරන හැටි උපකරණ ස්ථාන පාවිච්චි කරණ හැටි කියා දීම කියල. ලන්ඩන් තමයි ගිහින් ඉන්න බැරි වුණත් සංස්කෘතියේ සංකේතය. මා ලන්ඩන් පැරිස් නිවුයෝක් නගර තුන දන්නවා. නිවුයෝක් තමයි මා දැක ඇති අවලස්සන නගරය. ලන්ඩන් පැරිස් ඊට වඩා ටිකක් හොඳයි.

 

ඉංගිරිසි අධ්‍යාපනයෙන් මාධ්‍යය මොකක් වුණත් අපට අපේ පියවරු ගැන ලජ්ජ වෙන්න කියා දුන්න. ඔවුන් ඉංගිරිසි නොදැනීම, රෙද්ද බැනියම ඇඳීම ගැන අපට හීනමානයක් ඇති කෙරුණා. මා රාජකීය විදුහලේ තෑගි දිනාගන්න විට අපේ තාත්තා රෙද්ද බැනියම ඇඳගෙන ශාලාවේ වාඩි වී සිටියා. සාමාන්‍යයෙන් සම්ප්‍රදාය අනුව තැගි දෙන්නේ අග්‍රාණ්ඩුකාරයා. ඔහු අර විකට ඇඳුමෙන් සැරසී පැමිණෙන්නෙ. වතාවක් ඔහු වෙනුවට අගමැති ලෙස බණ්ඩාරනායක මහතා පැමිණියා. එදා ශාලාවේ රෙදි බැනියම් ඇඳි දෙදෙනකු හිටියා. මට තාත්තා ගැන තිබුණේ ආඩම්බරයක්. අසනීප වී පාසල් නොගියොත් ලියුමක් ගෙනි යන්න ඕන, තාත්තා ලියුම ලිවුවේ සිංහලෙන්. රාජකීය විදුහලට යෑම ගැන මා කිහිප ආකාරයකින් සතුටු වෙනවා. පරස්පරයක් ලෙස පෙනුණත් මට හීනමානයක් ඇති නොවීමටත් ආත්මාභිමානයක් හා ආත්ම විශ්වාසයක් ඇති වීමටත් හේතු වුණා. මට චක්‍රිය චින්තනය ගැන පළමුව අසන්න ලැබුණෙ රාජකීය විදුහලේ රසායන විද්‍යාව ඉගැන්වූ ක්‍රිස්තියානි ගුරුවරයකුගෙන් බව කියන්න ඕන. ඔහු කිවුවෙ එවැනි අර්ථයකින් නො වෙයි. එහෙත් දහහතරවැනි වියේ පසුවූවකු ලෙස එය මගේ හිතේ රැඳුනා. සිංහලය වෙනුවන් සටන් කරන්නත් මා ඉගෙන ගත්තෙ         රාජකීය විදුහලෙන්.

 

අපේ සංස්කෘතිය ගැන මට ඇත්තේ අභිමානයක්. අනෙක් සංස්කෘතීන්ටත් මා ගරු කරණවා. දෙමළ හින්දු සංසකෘතියට වගේ ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතියටත් මා ගරු කරණවා. අපේ සංස්කෘතියේ අඩුපාඩුකම් නැතුවා නො වෙයි. එහෙත් අප බැලිය යුත්තේ අපේ පැත්තෙන්. අප ලන්ඩන් පැත්තේ සිට දෙස බලා වැරදි හොයන එක වැරැද්දක්. ඊනියා සංස්කෘතික පොලීසියක් කියා කියන්නෙ බටහිර සංස්කෘතික අධිපත්‍යය අප වෙත පැටවීමට එන විට අපේ සංස්කෘතියෙන් දැක්වෙන විරුද්ධතාවට. හිතනවාද ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතිය සර්ව සම්පූර්ණ එකක් කියා.

 

මා කැලණිය විශ්වවිද්‍යාලෙ ඉන්න කාලෙ එහි ඉංගිරිසි අධ්‍යනාංශයෙන් මට විරුද්ධ පෝස්ටර ඇලෙවුව සංස්කෘතික පොලීසියක් ගැන කියමින්. පොලීසිය නිකම් හිටියෙ නැහැ. පෝස්ටරවලින් උත්තර දුන්න. ඊට පස්සෙ සද්දයක් නැහැ. මා අහන්නෙ අපේ සංස්කෘතිය විවේචනය කරන අය සඳහා තමන්ගෙ අදහසක් ප්‍රයෝජනයට ගන්නවා ? ඔවුන් කරන්නෙ බටහිර මොකක් හරි සංකල්පයක් අල්ල ගෙන විවේචනය කරන එක.

 

අපට කියා දෙන්නෙ බටහිර පොතපත ගැන. මෙරට දෙමළ හින්දුන්ට පණ දෙන්න කතා කරන අය කර්ණාටක සංගීතය අහන්න යනවා ? නොතේරුණත් බටහිර සංගීතය අහන්න ගිහින් අත්පෙළොසන්  නොදිය යුතු තැන්වල දී අත්පාළොසන් දී මහා ආඩම්බරයකින් ගෙදර යනවා. ඔවුන් භගවද්ගීතය කිසිවකුටවත් කියා දෙනවා ? මා අද්වෛත නිර්ගුණ බ්‍රහ්මන් සංකල්පය අගය කරනවා. පැවැත්ම ගැන හොඳ වාද කෙරිල තියෙන්නෙ පෙරදිග. නාගර්ජුනපාදයන්ගෙ අහළකටවත් එන්න කාටවත් බැහැ. බුදුහාමුදුරුවන් කියපු දේ නම් නාගර්ජුනපාදයන්වත් තේරුම් ගත්තා කියා කියන්න බැහැ. පඬි නැට්ටකු අහන්න බැරි නැහැ මට විතර බුදුහාමුදුරුවන් තේරෙන්නෙ කියල. අපොයි නැහැ මා මොනවාද දන්නෙ.

 

බටහිර දැනුමේ උසස් බව තමයි අපට හැමදාමත් ඇහෙන්නෙ. විද්‍යාව හින්දා. නිසා අපට බටහිර විද්‍යාව ගැනත් හීනමානයක් තියෙනවා. බටහිර විද්‍යාව නොදැනීම පිළිබඳවත් අපට ඇත්තෙ හීනමානයක් අද බටහිර විද්‍යාව වෙනුවෙන් ඉගෙන නොගත් අයත් පෙනී ඉන්නවා. මට සකර්බර්ග් හමු වුණාය කියන එක තේරුම් නොගත් අය බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කියන එක තේරුම් ගනීවියැ.

 

තව තව හීනමාන බටහිර අධ්‍යාපනයෙන් ඇති කරල තියෙනවා. පාසල් කුල ක්‍රමය නිසා මෙරට තදබල හීනමානයක්  තියෙනවා. විශ්වවිද්‍යාලයකට ඇතුල්වීමට නොහැකි වීම, ඇතුල්වීමට හැකි වුණු පීඨය, හදාරණ විෂය ආදී වශයෙන් අනේක විධ හීනමාන තියෙනවා. අවසානයේ දී මේ සියලු හීනමාන සිංහල බෞද්ධ සංස්කෘතිය පිටින් යවනවා. සිංහල බෞද්ධ සංස්කෘතිය මිටි තැන බවට පත්කරලා. මිටි තැනින් වතුර ගලා බහිනවා.