History

Tuesday, 10 January 2023

කඩේ යෑම

 කඩේ යෑම

 

පසුගිය දිනවල වැඩියෙන් කතා බහට ලක්වුණු වචනයක් වුණෙ ලබ්බ. අපේ උගතුන්ගෙන් ඇහුවොත් ඔවුන් ලබ්බ ගැන පොතකට තොරතුරු කියාවි. ලබ්බ ඉස්සෙල්ල සඳහන් වන්නේ මොන සෙල්ලිපියේ මොන පොතේ එය මොන මොන අර්ථවලින් යෙදිල තියෙනවා ආදී වශයෙන් තොරතුරු කියාවි. ලබ්බට තිබ්බ අත තමයි පුහුලට තියන්නෙත් කියන එකත් නොවැරදී කියාවි. අපේ උගතුන්ගෙ දක්‍ෂකම ඒකයි. කවුරුවත් කියන එකක් නැහැ නිරාගමික ලබ්බ ගැන.

 

ඒත් මට මතක් වුණෙ බල්බ ගැන. බල්බ හා ලබ්බ දෙක එක වගේ. දෙකේ යනු හා   යනු තියෙන්නෙ. යනු දෙකයි යනු එකයි. එකක යන්න හල් වෙලා ඇනකෙ යන්න හල් වෙලා. හල් වෙන්නෙ මැද අකුර. දෙක එල්ලෙනවා. එකක් වැලකින් අනෙක වයරයකින්. දැන් නම් විවිධ බල්බ තියෙනවා. පඬි නැට්ටකු කියන්න බැරි නැහැ එකක් සිංහල අනෙක ඉංගිරිසි. නලින් සිල්වා බටහිරයන්ට බැණ බැණ ඉංගිරිසි වචන ගැන කියන්නෙ මොක කියල. එහෙම තමයි පඬි නැට්ටන්ගෙ හැටි.

 

පඬි නැට්ටන්ට තේරෙන ලබ්බක් නැහැ කියල මා කියන්නෙ නැහැ. ඔවුන් හුඟක් ලබු දන්නවා. ඔවුන් දන්නවා මා මහින්දටයි ගෝඨාභයටයි කඩේ ගියා කියල. ඒත් නිකමටවත් අහන්නෙ නැහැ  ඇයි කඩේ ගියෙ කියල. ප්‍රේමදාසට හරි ජේ ආර්ට හරි කඩේ ගියෙ නැත්තෙ ඇයි කියල අහන්නෙත් නැහැ. රනිල්ට හරි බැසිල්ට හරි නාමල්ට හරි චම්පකට හරි චන්ද්‍රිකාට හරි කඩේ යන්නෙ නැත්තෙ මොක කියල අහන්නෙත් නැහැ. පඬි නැට්ටන් විද්‍යාඥයන්, බුද්ධිමතුන් තර්කයෙහි කෙළ පැමිණියවුන්. ඔවුන් තර්කය වෙනුවෙන් කෙළ හලනවා ගිලිනවා කියන එක පැහැදිලි නැහැ. තර්කය තරම් විශ්වාසය මත රැඳෙන්නක් තවත් නැහැ. ඒකෙ ඇති ලබ්බක් නැහැ. තර්කයෙන් දැන ගන්න පුළුවන් ඊනියා සත්‍යයක් නැහැ.

 

පඬි නැට්ටන් දන්නවා මා සැත්කමකට භාජනය කෙරුණු බව. ඔවුන්ට ප්‍රශ්නය ඇයි දේශීයත්වය ගැන කතා කරමින් බටහිර වෙදකමට ගියේ  කියල. මට ප්‍රශ්නය ඔවුන් මා පන්හිඳෙන් තල් පත්වල  ලියන්නෙ නැතුව පරිගණකයේ කොටල මෙටාවෙ පළ කරන්නෙ ඇයි කියල ප්‍රශ්න නො කිරීම. ප්‍රශ්න නොකිරීමත් ප්‍රශ්නයක් වෙන වෙලාවල් තියෙනවා. මා කරත්තයක ගිය කාලයක් මතක නැහැ. ගුවන් යානාවල නම් යනවා. පුළුවන් කමක් තියෙනවා නම් ගුවනින් අනුරාධපුරයට යනවා.

 

මගේ දේශපාලනය බොහොම සරලයි. මා සරල මිනිහෙක්. මට සරොම් නම් තියෙනවා එන ආත්මෙටත් අඳින්න. හැමෝ මට තෑගි දෙන්නෙ සරොම්. මට පෙට්ටි කඩෙත් එකයි. ඉස්සර තිබුණු කාගිල්ස් මිලර්ස් කඩත් එකයි. පඬි නැට්ටෙක් අහන්න බැරි නැහැ එන ආත්මයක් තියෙනවා ? තියෙනව නම් ආත්මෙ දි මිනිහකු ලෙස සරොම් අඳින රටක ඉපදෙයි වගේ බුද්ධිමත් ප්‍රශ්න. ඒත් මට තියෙන ප්‍රශ්නෙ සසර කෙළවර කර ගන්නෙ කොහොම කියන එක. කර ගන්නෙ කොහොම කියන එකමත් නො වෙයි, කරන්නෙ කොහොම කියන එක.

 

සසර කෙළවර කරන්න සියල්ල අත් හරින්න ඕන. සිදුහත් කුමරු තම භාර්යාව හා පුතා අත්හැර යෑමෙන් තම වගකීම පැහැර හැරි බව පඬි නැට්ටන් තර්කයෙන් නිගමනය කරනවා. ඔවුන් දන්නෙ නැහැ ඔවුන්ගෙ තර්කයෙ මොන තරම් උපකල්පන විශ්වාස තියෙනවා කියන එක. අර ට්‍රොට්ස්කි තම දරුවන් අත්හැර විප්ලවයට ගිය බව බුද්ධිමතුන් දන්නෙ නැතුව ඇති. වගකීම අහවල් එක කියල තීරණය කරන්නෙ කවුද? සිදුහත් කුමරු සියලු සත්වයන් කෙරෙහි කරුණාවෙන් සියල්ල අත්හැරිය. බුදු හාමුදුරුවන් මහා කාරුණිකයන් වහන්සෙ වුණෙ ඒකයි. සත්වයන්ගෙ සසර කෙළවර කරන්න මාර්ගය කියා දෙන්නයි බෝසතාණන් වහන්සේට වුවමනා වුණෙ. තමන්ගෙ සසර නම් සුමේධ තාපසයන් හැටියටත් කෙළවර කර ගන්න තිබුණා. සිිදුහත් කුමරු බුදු වී යශෝධරාවන්ගෙත් රාහුල කුමරුන්ගෙත් ප්‍රජාපති ගෝතමියගෙත් ශුද්ධෝදන රජුගෙත් සසර කෙළවර කරන්න කියා දීල තම වගකීම ඉටු කළා.

 

මට සියල්ල අත්හරින්න බැහැ. අඹු දරුවන් අත් හරින්න බැහැ. අර සරොම් ටික නම් අත්හරින්න පුළුවන්.  සිංහල ජාතියට වෙන අසාධාරණය සිංහල බෞද්ධ සංස්කෘතියට කරන නින්දා අපහාස ගැන කට වහගෙන ඉන්නත් බැහැ. බටහිර දැනුමේ හා පොදුවේ බටහිර සංස්කෘතියේ ආධිපත්‍යයට හිස නවන්නත් බැහැ. රනිල්ට හරි රනිල්දාසට හරි සජිත්ට හරි කඩේ යන්නත් බැහැ. මට කාට හරි කඩේ යන්න ඕන. කවුරුන්වත් මට කඩේ යන්නෙ නැති නිසා.

 

මා කඩේ යන්නෙ කාටද කියා තීරණය කරන්නෙ මාක්ස්වාදය අනුවවත් ලිබරල්වාදය අනුවවත් වෙනත් බටහිර වාදයක් අනුවවත් නො වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියට වෙන අසාධාරණයට විරුද්ධව ටිකක් හරි යමක් කරන්න පුළුවන් කාට කියන එක මත. 2005 දි මහින්දට කඩේ ගියෙ නිසයි. ඔහු අවසානයේ අප බලාපොරොත්තු වූ අන්දමට දෙමළ ත්‍රස්තවාදය පරාජය කරන්න දේශපාලන නායකත්වය දුන්න. එසේ නොකළා නම් බටහිරයන්ගෙ පරගලයට ආතල්ගම හම්බවෙන්නෙ නැහැ. 2019 දී ගෝඨාභයට කඩේ ගියෙත් නිසයි. කොවිඩ් නිසා අවුරුදු හැත්තැවක  අර්ථික අර්බුදය ඉස්මත්තට නොඑන්න  බටහිරයන්ට ඔහු ඉවත් කරගන්න බැහැ. වගේ නැගෙනහිර පළාතෙ බෞද්ධ සිද්ධස්ථාන රැක ගැනීම සඳහාත් ඔහු කටයුතු කරන්න තිබුණා. අපි බලමු 2024 දි ජීවත් හිටියොත් කඩේ යන්නෙ කාට කියල. රනිල්ටවත් සජිත්ටවත් රනිල්දාසටවත් නම් නො වෙයි කියා දැන් තියා කියන්න පුළුවන්