History

Sunday, 29 January 2023

රනිල් පළාත් සභා හා ඒකීය රාජ්‍යය

 රනිල් පළාත් සභා හා ඒකීය රාජ්‍යය

 

රනිල් කියනවා තමා විධායක ජනාධිපති නිසා තමාගේ කාර්යය ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම බව. අපි බලමු ව්‍යවස්ථාවේ ජනාධිපති බලතල යටතේ එය සඳහන් වන්නේ කොහොමද කියල. සම්බන්ධ 33 (1) () වහන්තිය මෙහෙමයි. තවත් කාර්යයන් අතර ඔහුට මේ කාර්යය තියෙනවා.

 

33. (1) ජනාධිපතිවරයාගේ කාර්යය විය යුත්තේ -

() ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට , ආරක්ෂා කරන බවට වගබලා ගැනීම¦ 

 

රනිල් කියනවා ගෙවිඳු කුමාරතුංග ව්‍යවස්ථාව දන්නෙ නැත කියා. මා හිතන්නේ රනිල් පදනම් වෙන්නෙ ඉහත සඳහන් වගන්තිය මත කියා. රනිල් වික්‍රමසිංහ නීත්‍යානුකූල ජනාධිපති. ඔහු ජනාධිපති ලෙස පත් වී තියෙනවා. ඒක ඇත්ත. ඒත් ඔහු ජනවරමකින් ජනාධිපතිවරණයකින් පත් වූ ජනාධිපතිවරයකු තබා ජනවරමකින් පත් වූ මන්ත්‍රීවරයකුවත් නො වෙයි. ඔහු  ජනාධිපති පදවියට පත් වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම නිසා. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූයේ අර ලැයිස්තුවෙන්. ඔහුගේ පක්‍ෂයට එක් අසුනක්වත් දිස්ත්‍රික්ක මට්ටමින් ලැබුණෙ නැහැ. අදත් ඔහුගේ පක්‍ෂයට ජනවරමක් නැහැ. පුළුවන් නම් පළාත් පාලන මැතිවරණය පවත්වල තම පක්‍ෂයට ජනවරමක් තියෙන බව පෙන්වන්න. ඔය දහතුන ගැන කතා කරන්න ඉස්සෙල්ල ජනවරම පෙන්නන්න. පළාත් පාලන මැතිවරණය යම් හේතුවක් නිසා තියන්න බැරි වුණොත් හරි නොතිබ්බොත් හරි ජනවරම කොහොමටවත් පෙන්නන්න බැහැ.

 

රනිල් නීතියෙන් ජනාධිපති ලෙස පත්වෙලා. එහෙත් ජනවරමකින් නො වෙයි. ගෙවිඳු කිවුවෙ සම්පූර්ණ ඇත්ත. රනිල්ට ජනවරමක් නැහැ. ඔහුගේ ප්‍රතිපත්ති මහජනතාව ප්‍රතික්‍ෂෙප කරලා. නිසා ඔහුට ඔහුගෙ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බැහැ. ඔහු නීත්‍යානුකූල ජනාධිපති වුණත් ඔහු කළ යුත්තේ ගෝඨාභය රාජපක්‍ෂගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි. ඔහු ජනාධිපති ලෙස කටයුතු කරන්න ඕන. ඒකත් ගෝඨාභයගෙ කාලය ඉවර වෙනකම් විතරයි.

 

ව්‍යවස්ථාවෙ පළාත් සභා ගැන වෙන පරිච්ඡෙදයක් තියෙනවා. මා නීතිිඥයකුවත් මන්ත්‍රීවරයකුවත් නො වෙයි. ඒත් රටවැසියකු ලෙස මා ව්‍යවස්ථාව කියවල තියෙනවා. මටත් ජනවරමක් නැහැ. ජනවරමෙන් තියා ලැයිස්තුවෙන්වත් එන්න බැරි වුණා. නැත්නම් ගෙවිඳුත් එක්ක අර රැස්වීමට එන්න තිබුණා. අපි ව්‍යවස්ථාවෙ අදාළ වෙනත් කරුණුවලට යන්න කලින් මේ ව්‍යවස්ථාව ආරක්‍ෂා කරන ජනාධිපතිතුමාගෙන් පොඩි ප්‍රශ්නයක් අහමු. හැබෑට ව්‍යවස්ථාවෙ ආරක්‍ෂා කරන්න වෙන වගන්ති පරිච්ඡෙද නැද්ද? පළාත් සභා වැඩේට බහින්න තදියම මොකක් ? දැන් ඔය ව්‍යවස්ථාවෙ ක්‍රියාත්මක වෙන්නෙ නැත්තෙ පළාත් සභා ගැන තියෙන පරිච්ඡෙදය හා වගන්ති පමණ ?

 

මා නම් ඔය භූ දේශපාලන යථාර්ථය වගේ වචන පාවිච්චි කරන්නෙ නැහැ. කෙහොමටත් මගේ ශබ්ද කෝෂෙ යථාර්ථය කියල එකක් නැහැ. යථාර්ථය කියන එකත් මිනිසුන්ගෙ සංස්කරණයක් (නිර්මාණයක්). ඊනියා භූ දේශපාලනය ගැන අපි  පස්සෙ කතා කරමු. අද රටේ ඉන්දු බටහිර දේශපාලනයක් තියෙන්නෙ. 1987 දි ජෙ ආර් ජයවර්ධන අත්සන කරපු ඉන්දු ලංකා ගිවිසුමත් ඔය ඉන්දු බටහිර දේශපාලනයෙ කොටසක්. පළාත් සභා ඇති කෙළෙ ඉන්දු ලංකා ගිවිසුම ප්‍රකාර . මතක නෙ රජිව් ගාන්ධි ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන්න ලංකාවට ආවා. මතක නෙ සම්බන්ධ සිද්ධි. මනුෂ නානායක්කාර ඇමතිතුමා දවස්වල හිටියෙ සිරසෙ පතුළෙ කියල මා දන්නෙ නැහැ. ඒත් හාමුදුරුවරුත් ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වුණා.

 

විතරක් නො වෙයි දේශපාලන පක්‍ෂ රාශියක් විරුද්ධ වුණා. ශ්‍රී නි , පෙ විතරක් නොවෙයි ජනතා විමුක්ති පෙරමුණත් විරුද්ධ වුණා. මෛත්‍රිපාල සිරිසේනල විරුද්ධ වුණා. වෙල්ගම දවස්වල මොනව කළා කියල මා දන්නෙ නැහැ. ඒත් වි පෙරමුණ නම් බණ්ඩාරනායක මැතිණියගෙ ප්‍රධානත්වයෙන් පවත්වපු සත්‍යග්‍රහයටත් සහභාගි වුණා. ඔය උද්ඝෝෂණවල දී කිහිප දෙනකු වෙඩි පහරින් මිය ගියා. වි පෙරමුණට දැන් ඉන්දු ලංකා ගිවිසුමට හරි පළාත් සභාවලට හරි පක්‍ෂ වෙන්න පුළුවන් කියල මා හිතන්නෙ නැහැ.

 

කාලෙ තමයි ගෙවිඳුගෙ ප්‍රධාන දායකත්වයෙන් මගේ සංස්කරකත්වයෙන් අපි චින්තන පර්ෂදය ලෙස කාලය සඟරාව පටන් ගත්තෙ. තාමත් කාලය වෙබ් අඩවියක් ලෙස පවත්වගෙන යනවා. අවුරුදු තිස්පහකට පස්සෙ අපට ඉන්දු ලංකා ගිවිසුම ගැන නැවත කතා කරන්න වෙලා. පළාත් සභා පනත සම්මත කර ගත්ත විධිය අපි පස්සෙ මතක් කර ගනිමු. මට දැනට කියන්න කරුණු දෙක තුනක් කෙටියෙන් කියන්න තියෙනවා.

 

පළමුව ව්‍යවස්ථාවට අනුව අර පරමාධිපත්‍යය තියෙන්නෙ ජනතාවට. ජනතාව කියන්නෙ වියුක්ත (අමුර්ත) සංකල්පයක්. ඒකට කමක් නැහැ. ඔය ජනතා පරමාධිපත්‍යයේ කොටස් තුනක් තියෙනවා. විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ කියල. ජනතාව තම පරමාධිපත්‍යය ක්‍රියත්මක කරන්න ජනාධිපතිට හා පාර්ලිමේන්තුවට තාවකාලික පවරල තියෙනවා. පාර්ලිමේන්තුව අධිකරණ බලය ක්‍රියාත්මක කරන්න ආයතන හදල තියෙනවා. අර ජනාධිපතියි පාරලිමේන්තුවයි ක්‍රියාත්මක කරන්නෙ ජනතාවගේ පරමාධිපත්‍යය. බොරු නම් ව්‍යවස්ථාවෙ මුලින් තියෙන වගන්ති කිහිපයක් කියවන්න.

 

"2. ශ්‍රී ලංකා ජනරජය ඒකීය රජයකි.

 

3. ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපතය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ . පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේ . පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ඇතුළත් වන්නේ

 

4. ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වීම , භුක්ති විඳීම , මතු දැක්වෙන ආකාරයෙන් සිදුවන්නේ යඃ-

 

() ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් , ජනමත විචාරණයක දී ජනතාව විසින් ක්‍රියාත්මක කළ යුත්තේ

¦

() රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේ

 

අපේ ව්‍යවස්ථාවේ සංගතබව ගැන මට කියන්න දේ තියෙනවා. ඒත් මෙතන දී කියැවෙන්නේ නම් ජනතාවගේ විධායක බලය තෝරා පත්කර ගනු ලබන ජනාධිපතිවරයා විසින් ක්‍රියත්මක කළ යුතු යන්නයි. ජනාධිපති ධුරය හිස් වූ විට පාර්ලිමේන්තුවෙන් ජනාධිපති ලෙස පත්කර ගන්නා පුද්ගලයාට හිමි වන්නේ මොන බලතල කියා පැහැදිලි නැහැ. මේ ගැන තර්ක කරන්න අවශ්‍ය නැහැ. එහෙත් මට ප්‍රශ්නයක් තියෙන්නෙ මේ ලෙස කියන එකේ තේරුම මොකක් කියලා. 4() අනුව ව්‍යවස්ථාදායක බලය තියෙන්නේ තෝරා පත් කරගනු ලබන මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවකට.

 

කොහොම වෙතත් මෙරට ඒකීය රාජ්‍යයක් කියල දෙවැනි වගන්තියේ කියනවා. අනුව පළාත් සභා මෙන්   ඒකීය රාජ්‍යයත් ව්‍යවස්ථාවේ තියෙනවා. ප්‍රශ්නය මතු වන්නේ පළාත් සභා හා ඒකීය රාජ්‍යය සංගත යන්න බලන විට. අපි ගැන පසුව කතා කරමු. දැනට ජේ ආර්ගෙ වැඩ මැයෙන් ඇති ලිපිය කියවන්න. ජනාධිපති පළාත් සභා බලාත්මක කරනවා නම් ඒකීය රාජ්‍යය බලාත්මක කරන්න ඕන. පළාත් සභා ඒකීය රාජ්‍යයට පටහැණි නම් මොකද කරන්නෙ.