History

Wednesday, 10 May 2023

මැයි 9 ආපසු බැලීමක්

  

මැයි 9 ආපසු බැලීමක්

 

මෙහි ඇත්තේ මා පසුගිය වසරේ මැයි 8, 11, 13 දිනවල ලියු ලිපිවල කොටස්. අපට මැයි 19 අමතක කරලා. අප මහින්ද රාජපක්‍ෂගේ දේශපාලන නායකත්වයෙන් ගෝඨාභයගේ මනා කළමනාකාරිත්වයෙන් සරත් ෆොන්සේකාගේ හමුදා නායකත්වයෙන් කොටි පැරදවූ දිනය. අද මහින්දත් ගෝඨාභයත් දේශපාලනයේ නැහැ. සරත් දේශපාලන අනාථයෙක්. ඔහුට නම් තවම බටහිරට යෑමට වීසා තියෙනවා. එහෙත් ජනාධිපති මන්දිරයට යෑමට වීසා නැහැ.

 

අද රනිල් බටහිරට අවශ්‍ය ආකාරයට රට මෙහෙයවනවා. තවමත් ඔහුගේ පාට හරියට පෙනෙන්න ගත්තේ නැහැ. මැයි 8 වැනි දා ලිපියේ සඳහන් වෙනවා රනිල්ට අගමැති වෙන්න බැහැ කියලා. කියන්නෙ ඡන්දයකින්. අද ඔහු පාර්ලිමේන්තුවෙන් පත් කෙරුණු ජනාධිපති.  ඔහු අද කටයුතු කරන්නේ ඡන්දයකින් හරි නැතුව හරි 2024 දීත් ජනාධිපති වෙන්න. ඔහු දැනට බල කඳවුරු සමනය කරමින් එයට සූදානම් වෙනවා. 2024න් පසු ඔහුගේ පාට තවත් පේන්න පටන් ගනීවි.

 

එක් ලිපියක් ලිවුවේ මැයි 9දාට කලින් දිනයේ. මහින්ද අස්වෙන තැනට කරූණු සකස් කර තිබුණා. එයට ඔහුගේ පුතුන් හා බෑසිල් වග කියන්න ඕන. ආර්ථික අර්බුදයට හේතුව රාජපක්‍ෂලා කියන බොරුව පතුරවා හැර තිබුණා. සුවාදීන වෙච්ච කණ්ඩායම් මහින්ද අස්වීමට වග කියන්න ඕන. ගෝඨාභය සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී වීම සඳහා පරගලයට විරුද්ධ බලය යෙදුවේ නැහැ. ඇතැම් මහින්දවාදීන් ගැන නොසතුටින් හිටියේ. ඔවුන් පෙළපාලියකින් ආතල්ගමට ගොස් විරෝධය පාන්න  සූදානම් වුණා. එහෙත් පරගලය මෙහෙය වූ අය ගැන කලින් දැන සිටියා. හමුදා නායකත්වය දැන සිටින්න ඇති. මහින්දවාදීන්ට පහර දෙන්න ඝාතනය කරන්න පරගලයේ මහා මොළකරුවන්  සංවිධානාත්මක කටයුතු කළා. එයට විශාල පිරිසක් සහභාගි වෙලා නැහැ. එහෙත් ඇතැම් නගරවල ඊනියා විප්ලවවාදීන් එයට සහභාගි වී ඇති බව පැහැදිලියි. පිරිසට විරුද්ධව හමුදා මෙහෙයුමක් සිදු වුණේ නැහැ.

 

අවසානයේ දී මහින්ද අස්වුණා. රටට සාමය ගෙනා පුද්ගලයාට හේතුව නිසා යන්න වෙන තැනට බටහිරයන් කටයුතු කළා. බටහිරයන් නන්දිකඩාල් පරාජයේ පලිය එක් පුද්ගලයකුගෙන්  ගත්තා. එහි දී අර සුවාදීන වෙච්ච අය තමයි මූලික යෙදා ගැණුනෙ. ඔවුන් හිතාගෙන හිටියෙ මහින්ද ගෙදර යවා ගෝඨාභය මෙයෙවන්න. බටහිරයන්ට හා ඉන්දියාවට ගෝඨාභය ඉවත් කරන්න තවත් මාස දෙකක් ගත වුණා. රටට ඇත්තේ ඉන්දීය බලපෑම යටතේ හින්දු ආධිපත්‍යයට යට වෙනවා නැත්නම් බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයට යට වෙනවා යන ප්‍රශ්නය ලිපිවල නගා ඇති. ප්‍රශ්නය අද විසඳිලා ඉවරයි.

 

අද නැගෙනහිර හා උතුරු පළාත්වලින් සිංහලයන් විශේෂයෙන් සිංහල බෞද්ධයන් පිට කෙරෙනවා. බෞද්ධ සිද්ධස්ථානවලට හින්දු ආගමිකවාදීන් හිරිහැර කරනවා. සිංහල බෞද්ධ කියන දේශපාලනඥයන් කරන ඉටි ගෙඩියක් නැහැ. අපි පසුව ගැන තවදුරටත් කතා කරමු.

 

මැයි 8 ලිපියෙන්

  

අගමැති කමට අවසානයේ දී කවුරුන් පත් කර ගනීවි කියන්න බැහැ. බටහිරට නම් ඕන රනිල්. ඒත් රනිලුත් තරමක් මා වගේ. මිනිසුන් කැමති නැහැ. මට නම් ජාතිකවාදීන්වත් රාජපක්‍ෂලාවත් කැමති නැහැ. ගුණදස අමරසේකරගෙන් හා වසන්ත බණ්ඩාරගෙන් අහන්න. ඔවුන් අරික්කාල් මාක්ස්වාදී ජාතිකවාදීන්. හාමුදුරුවරුනුත් මා කියන බුදුදහමට හා ඉතිහාසයට කැමති නැහැ.

 

රනිල්ට මට වඩා පිරිසක් කැමතියි. ඒත් අගමැති වෙන්න බැහැ. අගමැති අවසානයේ දී එංගලන්තයෙ හරි ඉන්දියාවෙ හරි නියෝජිතයෙක් වේවි. කවුරු පත්වුණත් අන්තරේ මර්දනය කරාවි. අද අන්තර්ජාතිකය අන්තරේ දක්කනවා. අන්තරේ හැමදාමත් කරල තියෙන්න දැක්කෙන එක පමණයි. අන්තරේ දැක්කිල මර්දනය වන දාට ඔවුන්ට නැවතත් මහින්ද ඕන වේවි. අද මහින්ද හිටිය ඇති කියන අයට වැඩි කල් යන්න ඉස්සෙල්ල දවසක මහින්ද මහත්තය හිටිය නම් මෙහෙම වෙන්නෙ නැහැ කියන්න සිද්ධ වේවි.

 

මේ ඊනියා අරගලය පටන් ගත්ත දවසෙම වගේ මා කිවුවෙ මෙය සිංහල බෞද්ධ සංස්කෘතිය අතුගා දැමීමට කරන එකක් කියා. නන්දිකඩාල් ජයග්‍රහණයට තව දින කිහිපයකින් අවුරුදු දහතුනක් පිරෙනවා. මේ අරගලය බ්‍රවන්රිග් පටන්ගත්ත එකක්. ඊනියා කහකඩයන් (හාමුදුරුවන්) සමාජයෙන් එළවා දැමීමට. නන්දිකඩාල් පරාජයෙන් පස්සෙ බ්‍රවන්රිග්ගෙ මුණුබුරන් යම් සාර්ථකත්වයක් ඇති එය කරගෙන යනවා. කොළඹ මධ්‍යම පංතියටත් කාදිනල්තුමාටත් අරගලය කරන්න පුළුවන් ටික දුරයි. කඩින් කඩ දිවීමේ (රිලේ) තරගයේ ඔවුන් දැන් බටය ජෙප්පන්ට සෙප්පන්ට දීල. අන්තරේ දැනට අන්තර්ජාතික අත්පොළොසන් මැද බටය අරගෙන දුවනවා. ඔවුන් බටය දෙන්නේ කාට ? එහෙමත් නැත්නම් බටය ගන්නේ කවුද? මහානායක හාමුදුරුවරුන් නම් නො වෙයි. අද ඊනියා සිස්ටම් චේන්ජ් දෙකක් සඳහා එකවිට ක්‍රියා කෙරෙනවා. එකක් යැපුම් ආර්ථිකය හා සුබසාධන රාජ්‍යය නැති කිරීම. එහෙත් වෙනුවට ඇති කෙරෙන්නේ මා ඊයේ සඳහන් කළ බෞදධ ක්‍රමයක් නො වේ. මෙහි සිදුවන දෙවැනි ඊනියා සිස්ටම් වෙනස සිංහල බෞද්ධ සංස්කෘතිය අතුගා දැමීමයි. ඉතා කෙටියෙන් කිවුවොත් අවුරුදු එක්දහස් පන්සීයයක් පමණ පැරණි මහානාම බුද්ධඝෝෂ හිමිවරුන්ගේ ව්‍යාපෘතිය අතුගා දැමීමයි. මා ව්‍යාපෘතියට කැමැත්තක් නැති නමුත් එය ආරක්‍ෂා කළා. එහෙත් අප දැන් එහි අවසානයට පැමිණ ඉන්නවා.

 

2022 මැයි 11 ලිපියෙන්

 

යම් අයුරකින් රනිල් අගමැති වුණොත් සුබසාධනය වළලා දමාවි. ඔහු මළ කුණු තියා ගන්න කෙනෙකු නො වෙයි. හර්තාලයෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ. සුබසාධන රාජ්‍යයක් කියන්නෙ ධනවාදී රාජ්‍යයක ඊනියා සමාජවාදයක් ක්‍රියාත්මක කිරීම. මා කියා ඇති ඒක එළහරකයි මීහරකයි එකට බැඳීම වගේ වැඩක් කියල. අද වමක් නැහැ. ඒත් ඊනියා වාමාංශික අදහස් රටේ තියෙනවා. ඒත් 1967න් විතර පස්සෙ අදහස් පදනම් වෙන්නෙ ඊර්ෂ්‍යාව හා වෛරය මත. ඉන් සිදුවිය හැක්කේ විනාශයක් පමණයි.

 

ඊයේ ජනාධිපතිතුමා කතා කරමින් කියා සිටියේ අලුත් ආණ්ඩුවක් හදන බවයි. එහි දින සීමාවක් ගැන කිවුවේත් නැහැ. අලුත් ආණ්ඩුව එය විසිර යන තෙක් හරි විසිර යැවෙන තෙක් හරි පවතීවි. දැන් ඉතින් ඊනියා සර්වපාක්‍ෂික, භාරකාර, අන්තර්කාලීන ආණ්ඩු කතා  ඉවරයි. නීතිඥ සංගමයේ නීති විරෝධි යෝජනා විසි වෙලා. මහානායක හාමුදුරුවරුන්ගෙ යෝජනාත් ජනාධිපති නීතිඥයකුගේ ?

 

කොහොම වුණත් දැන් අලුත් අගමැතිවරයකු හා ඇමති මණ්ඩලයක් පත්කරන්න ඕන. සජිත් හා අනුර ජනාධිපති ඉවත් වෙන්න කියනවා. එහෙම ඉවත් වුණොත් දැන් අගමැති කෙනකු නැති නිසා කතානායකතුමා වැඩබලන ජනාධිපති වෙනවා. වැඩබලන ජනාධිපති කෙනකුට අගමැති පත් කිරීම වැනි කටයුත්තක් කළ හැකි යන්න විවාදාත්මකයි. ව්‍යවස්ථාවේ 40 () අනුවගන්තිය යටතේ අගමැති වැඩබලන ජනාධිපති ලෙස පත්වුවහොත් අගමැති කෙනකු පත්කළ හැකි බව කියනවා. එහෙත් කතානායක වැඩබලන ජනාධිපති ලෙස පත්වුවහොත් අගමැති කෙනකු පත් කිරීමක් ගැන කියන්නේ නැහැ.

 

කොහොම වුණත් සජිත් අනුර ආදීන් නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් ටිකක් ඉල්ලන බව පැහැදිලියි. අද සුබසාධන රාජ්‍යය බිඳී ගොස් ඇති අවස්ථාවේ මුළු හදින් බටහිර ලිබරල් (ඊනියා නව ලිබරල් වැනි කතා පැත්තකින් තියමු) ආර්ථිකයකට පෙම් බඳින අයකු හොයා ගන්න පුළුවන්. රනිල්ට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අවශ්‍ය ප්‍රමාණයට ඇහිඳ ගන්න පුළුවන් නම් ඔහු විය හැකියි.

 

කොහොමටත් පාර්ලිමේන්තුව නම් යළි සකස් කරන්න වෙනවා. අද ස්වාධීන මන්ත්‍රීන් කියා කොටසක් ඇති වෙලා. බෙහොම කාලෙකට ඉස්සර කොල්වින් ආර් සිල්වා සහෝදරයා ස්වාධීන අපෙක්‍ෂකයන්ට කිවුවෙ ඔළු තුනේ බූරුවන් කියල. කොල්වින් සහෝදරයා ස්වාධින මන්ත්‍රීවරුන්ටත් එහෙම කිවුව   කියල මට මතකයක් නැහැ. කොහොම වෙතත් අද පාර්ලිමේන්තුව් ඊනියා ස්වාධීන මන්ත්‍රීවරුන් රාශියක් ඉන්නවා. ඔවුන් ආණ්ඩු පක්‍ෂයේවත් විරුද්ධ පක්‍ෂයේවත් නො වෙයි.

 

පාර්ලිමේන්තුව එසේ යළි සකස් කර ගත්තත් ආර්ථිකය යළි සකස් කිරීම ප්‍රශ්නයක්. යැපුම් සුබසාධන රාජ්‍යය අහෝසි වීමත් සමග එක්කෝ බෞද්ධ ක්‍රමයක් සකස් කර ගන්න ඕන. නැත්නම් බටහිර ලිබරල් ආර්ථිකයකට යන්න ඕන. මහානායක හාමුුරුවරුන් බෞද්ධ ආර්ථික ක්‍රමයක් ගැන අලුත් ආණ්ඩුවට අනුශාසනා කරනවා නම් හොඳය කියා හිතනවා. එය හිතිවිල්ලක් පමණයි. ඉල්ලීමක් නො වෙයි. මහානායක හාමුදුරුවරුන්ට ඉල්ලීම් ඉදිරිපත් කරන්න මා කවුද? 

 

අර කියන විධියට අපට දැන් තෝරා ගැනීමක් (ඊනියා චොයිස් එකක්) තියෙනවා. අප ඉන්දියාවෙ නිල නොවන  ප්‍රාන්තයක් වෙලා පළාත් සභා තර කරල  හින්දු වෙනවා   නැත්නම් ක්‍රිස්තියානි නූතනත්වය මුළුමනින් වැළඳ ගන්නවා ?    

 

මැයි 13 ලිපියෙන් 

 

රනිල් හයවැනි පාරටත් අගමැති වෙලා. අගමැති පදවියේ විසිහය වතාවක් පමණ දිවුරා ඇතැයි කියනවා. කියන්නෙ අගමැති පදවියේ දිවුරුම්දීම් වලින් 23%ක් පමණ කර තියෙන්නෙ රනිල්. මැතිවරණයෙන් පැරදුණු අයකු ලෙස පළමු වතාවට දිවුරුම් දීමේ වාර්තාවත් රනිල් හිමි කරගෙන. එක් මන්ත්‍රීවරයකු පමණක් සිටින පක්‍ෂයකින් අගමැති වෙලා තියෙන්නෙත් රනිල්. මා හිතන්නේ මේවා ලෝක වාර්තා.

 

ඔහුට බටහිර කොන්සවෙටිව් ලිබරල් පක්‍ෂ සමග සම්බන්ධකම් තියෙනවා. ඔහු ආසියා පැසිෆික් කලාපයේ කොන්සර්වෙටිව් පක්‍ෂවල සම්මේලනයේ සභාපති වෙලත් හිටියා. එහෙත් ඔහුට බණ්ඩාරනායක මහත්මියට මෙන් ජාත්‍යන්තර කීර්තියක් නැහැ. බණ්ඩාරනායක මහතාත් එවකට නොබැඳි සම්මේලනයේ කාර්යභාරයක් ඉටු කළා. මහින්ද රාජපක්‍ෂ මහතා පලස්තීන ව්‍යාපාරය සමග සම්බන්ධ සිටියා. රනිල්ට ඇත්තේ දක්‍ෂිණාංශික පක්‍ෂ සමග සම්බන්ධකම් මිස ජාත්‍යන්තර වශයෙන් දිනාගත් කීර්තියක් නො වෙයි.

 

ඔහු ණය ගැනීමට හොඳයි. බටහිර රටවල් ඔහුට ණය දෙන්න කැමතියි. ඔහු බලයේ තබා ගැනීමට. 2001 දි 2015 දී ඔහු ආර්ථිකය ගොඩ නැගුවා කියන්නෙ ණය අරගෙන සංවර්ධන වැඩක් නොකිරීමට. ඔහු ණය ගැනීමට මිස ණය ගෙවීමට දන්නෙ නැහැ. ඔහු ගන්නා ණය ගෙවීමට සිදු වූයේ රාජපක්‍ෂලාට. ඔහු පමණක් නොව ජේ ආර් ගත් ණය තවම ගෙවීමට තියෙනවා. මේ ආර්ථික අර්බුදය ණයට කෑම බොරු ෂෝක් හා බොරු උගත්කම නිසා ඇති වූවක්. අදත් රනිල් එන්නේ අප තව තවත් ණය කාරයන් කිරීමට. ගන්නා ණය මනා ලෙස කළමනාකරණයකට ලක් කරන්න ගෝඨාභය රාජපක්‍ෂට හැකි විය යුතුයි. නැත්නම් තව අවුරුදු කිහිපයකින් ප්‍රශ්නය තවත් උග්‍ර වේවි.

 

රනිල් බලයට ගෙන ඒම බටහිරයන් සැලසුම් කෙළේ කාලයක සිට. බටහිරයන්ට ඕන රනිල් ප්‍රමුඛ ආණ්ඩු. දින පනස්දෙකේ ආණ්ඩුව කඩා දැමීමට රනිල් මංගල මෙන් ජනමාධ්‍ය හිමියකුත් එකතු වුණා. එහි දී බටහිරයන්ගේ නොමඳ සහාය ඔවුන්ට ලැබුණා. වි පෙ එහි දී කෙළේ අර පිරිස සකස් කළ විශ්වාසභංගය පාර්ලිමේන්තු ලේකම්ට භාර දීමට මීටර් සීය දිවීම පමණයි. කොහොම වුණත් දින පනස්දෙකේ ආණ්ඩුව කඩා වැටුණු පසු බටහිර තානාපතිවරු පාර්ලිමේන්තුවේ අත්පොළොසන් දුන්නා. සියල්ලෙන් පසුවත් 2019 දී ජාතික බලවේග සියලු විජාතික බලවේග පරදවා ජයගත්තා. සිංහල ඡන්දවලින් පමණක් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වුණා. එදා ඉඳන් විජාතික බලවේග වෙන් වෙන් නමුත් එකට රාජපක්‍ෂවරු ගෙදර යැවීමට කටයුතු කළා.

 

සර් ෆේල් ව්‍යාපාරය ඉතා ඉක්මණින් පටන් ගත්තා. ගෝඨාභය ජනාධිපති වී මාස දෙකකින් පමණ. ඉන් පසු කාදිනල්තුමා පාස්කු ප්‍රහාරයේ මහාමොළකරු හොයන්න පටන් ගත්තා. එයට කොල්ලුපිටියේ පල්ලියකින් නායකත්වය සැපයුණා. මා හිතන්නේ නැහැ ඕමල්පේ සෝභිත හිමියන් පල්ලියට වැඩියා කියා. ගෝඨාභය රාජපක්‍ෂ  උතුරේ හා නැගෙනහිර සිංහල බෞද්ධ අයිතිය රකින්න යම් යම් පියවර ගත්තා. වහාබ්වාදීන් එයට විරුද්ධ වුණා. මේ සියල්ල මැද ආර්ථික අර්බුදය උත්සන්න වුණා. එය අවුරුදු හැත්තැපහක කසිකබල් උගත් මධ්‍යම පංතියෙ  ජීවන රටවා නිසා සිදු වූ දෙයක්. එහෙත් විජාතික බලවේග එය රාජපක්‍ෂලාගෙ හොරකමකට ඌණනය කළා. ජඩමාධ්‍ය එයට අවශ්‍ය ප්‍රචාරය ලබා දුන්නා. ගෑස් හිඟය, තෙල් හිඟය, විදුලිය කැපීම ආදියට ජනමාධ්‍ය විශාල ප්‍රචාරයක් ලබා දුන්නා. එහි දී දෙරණ විසින් සිරස පරාජය කෙරුණා. චතුර අල්විස් දශකයේ දේශප්‍රේමී සංවේදී ජනමාධ්‍යවේදියා වුණා. ඔහු අද රනිල් වර්ණනා කරනවා.

 

විමල් වීරවංශ මේ අර්බුදය හමුවේ තම සුපුරුදු අවස්ථාවාදය ප්‍රදර්ශනය කළා. ඔහු හරහා ජනතා ආකර්ෂණයක් දිනා ගැනීමට උත්සාහ කළා. බැසිල් රාජපක්‍ෂගේ ප්‍රතිපත්ති පුද්ගල කේන්ද්‍රිකයි. ඔහුට කිසිම ජාතිකත්වයක් නැහැ. ඔහුට විරූද්ධ කටයුතු කළ යුතුයි. ඇතැම් ජනමාධ්‍ය හිමියන් දේශපාලනඥයන් බැසිල් පසුපස යද්දීත් අප ජාතිකත්ව මතවාදයක් මත පදනම් වී ඔහුට විරුද්ධ වුණා. එහෙත් ඔවුන් තම තමන්ට පෞද්ගලික පහර වදින විට බැසිල්ට විරුද්ධ වෙන්න පටන් ගත්තා. සමහරු පෞද්ගලික ප්‍රශ්න මත මහින්දගේ පුතුන්ට විරුද්ධ වීම මහින්ද දක්වා දික් කළා.

 

විමල් වීරවශ ඌව පළාත් සභා මැතිවරණයේදීත් බදුල්ල දිස්ත්‍රික්කයට තනිව තරග කර අඬු කඩාගෙන ආපසු ආණ්ඩුවට කෙනෙක්. ඔහු ආර්ථික අර්බුදය හමුවේ ගම්මන්පිළ හා එක් ඇමතිකම්වලින් අස් වී ස්වාධීන වුණා. එතැනින් ආණ්ඩුව තාවකාලික   නාය යෑම ඇරඹුණා. ඔවූුන්ට තිබුණේ මහින්ද බැසිල් විරෝධයක්.

 

ආර්ථික අර්බුදය තමන්ගෙ ජීවන රටාවට ප්‍රශ්න එල්ල වන විට අර්බුදය ඇති කළ මධ්‍යම පංතිය විරුද්ධ නැගිට්ටා. එය කෙටියෙන් කියනවා නම් පාදඩ වැඩක්. ඔවුන් ආතල්ගම පදිංචියට ගියා. මධ්‍යම පංතියේ නැගිටීම මෙන් වෙනත් රාජපක්‍ෂ විරෝධි ව්‍යාපාර බටහිරයන්ගේ අනුග්‍රහකත්වයෙන් හා ආශිර්වාදයෙන් සිදු වූ දේ. ආණ්ඩුව ආර්ථික අර්බුදයට හේතු පැහැදිලි කෙළේ නැහැ. හේතුකොටගෙන අර හොරකම් නිසා අර්බුදය ඇති වීය යන මතයට ප්‍රචාරයක් ලැබුණා. ජඩමාධ්‍ය ආණ්ඩුව ප්‍රශ්නයට සංවේදී නැතැයි පුන පුනා කිවුවා.

 

ආතල්ගම හරහා නොයෙකුත් ව්‍යාපාර ඇති වුණා. එයට කෑම බීම ඉඳුම් හිටුම් සැපයුවන් සිටියා. අතර මුදල් ප්‍රශ්නත් ඇති වුණා. ඊනියා අරගලය මුදල් ගලනයක් වුණා. ආතල්ගම නිසා ප්‍රචණ්ඩත්වයක් රටේ ඇති වුණා. ආණ්ඩුව ආතල්ගමට විරුද්ධව කිසි පියවරක් ගත්තේ නැහැ. ගෝඨාභය රාජපක්‍ෂ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදියෙක් වුණා. ආතල්ගම පිටුපසින් සිටි සියළු විජාතික බලවේගවලට අවශ්‍ය වුණෙ ගෝඨාභය ගෙදර යවන්න. සමග ආණ්ඩුව වට්ටන්න. එය ලංකා වසන්තයක් කිරීමට බටහිරයන්ට අවශ්‍ය වුණා.

 

ගෝඨාභයගේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය නිසා ජෙප්පන් හා සෙප්පන් ඇතැම් තැන්වල සජබයන්ද සමගින් තමන්ට පුරුදු ත්‍රස්තවාදයට බැස්ස බවක් පේන්න තිබුණා. ගිනි තැබීම්, මංකොල්ලකෑම්, පාරවල් හරස් කිරීම් දියගොඩ හැම තැන පැතුරුණා. ඒත් ප්‍රචණ්ඩත්වය හමුවේත් ගෝඨාභය සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය රැක්කා. සකර්බර්ග් කඳවුරේ පඬි නැට්ටන් විප්ලවය හීනෙන් දැක්කා. ආතල්ගම විශ්වවිද්‍යාලයට (මා එයට ඊනියා කියන්නේ නැහැ. ලංකාවේ විශ්වවිද්‍යාල මිනුම් දණ්ඩ ලෙස ගනිමින්) පැමිණි පඬි නැට්ටන් තමන්ට කලකට පසු ලැබුණු වැදගත්කම හරහා විප්ලවය ගැන දෙඩෙවුවා. ඊනියා ජනතාවකට බලය ලැබෙන  කතා කිවුවා. ඔවුන් විප්ලවයක් ගැන කතා කෙළේ මොන පංති ගැටුම් ප්‍රවාදයකට අනුව ?

 

අර මහින්ද විරෝධී පිරිස ගෝටා ගෝ හෝම් ව්‍යාපාරය මහින්ද ගෝ හෝම් ව්‍යාපාරයක් බවට හැරෙවුවා. ඊනියා මයිනාගමක් ඇති කළා. නාකි මයිනාත් වුණා. අරලිය ගහ මන්දිරය අනාරක්‍ෂිත තැනක් බවට පත් කෙරුණා. අරලිය ගහ මනදිරයේ සිට ආතල්ගමට ගිය පෙළපාලියට මහින්දට සහාය දීමට පැමිණි අය සිටියා. එහෙත් ආතල්ගමට පහර දුන්නේ කවුද යන්න හරියට දන්නේ නැහැ. ගැන විමර්ෂණයක් කරන්න ඕන. කෙසේ වෙතත් පහර දීම දෙරණ හා සිරස සජීවි ප්‍රචාරය කළා. ඉන් පසු රට ගිනි ගත්තා.

 

ජෙප්පන්ගේ හා සෙප්පන්ගේ සන්නාමය දිය ගොඩ හැම තැන දකින්න ලැබුණා. කාගේ වැඩක් දැයි මා දන්නේ නැහැ. මා කියන්නේ සන්නාමය දකින්න ලැබුණු බව. මේ සියල්ල ගැන විමර්ෂණ අවශ්‍යයයි.  ඊනියා හර්තාලයෙන් කඩ වැහුණා. වෘත්තීය  සමිති අඛණ්ඩ හර්තාලයකට අත වැනුවා. සකර්බර්ග් විප්ලවවාදීුන් මෝඩ චූන් ගත්තා. වැඩ කාගෙ වුණත් අවසානයේදි වුණෙ මහින්ද ගෙදර යැවීමට අවශ්‍ය වූ අයගේ වුවමනාවයි.