History

Monday, 18 September 2023

කාලය මැව් වෙනසක අරුමේ

 

කාලය මැව් වෙනසක අරුමේ

 

අද මට හිතුණා කාලය ගැන ලියන්න. මේ වෙබ් අඩවියත් කාලය නමින් තියෙන්නෙ. ගැන කතා කරන එක දර්ශනයට අයිති කියල මා දන්නේ නැහැ. මා හීනෙන්වත් දාර්ශනිකයෙක් නො වෙයි. මා දර්ශනය සම්බන්ධයෙන් විදග්ධ පර්යේෂණ පත්‍රිකා ලියා නැහැ. මට දර්ශනයෙන් පශ්චාත් උපාධියක් තියා විශ්වවිිද්‍යාලයකින් ලබා ගත් බාහිර උපාධියක්වත් නැහැ. මා බාහිර උපාධි අවතක්සේරු කරනවා නො වෙයි. මට කිසි දවසක ශාස්ත්‍ර පීඨයකට ඇතුල්වන්න සුදුසුකම් ලබා ගන්න හැකියාවක් තිබුණේ නැහැ. කාලෙ ගණිත විෂය දෙකක් තිබුණ නිසා විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න පුළුවන් වුණා. දැන් නම් තියෙන්නෙ එකයි. කාලෙ රසායන විද්‍යාව අසමත් වුණත් විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න පුළුවන් කම තිබුණා. දැන් බැහැ.

 

ලංකාවෙ දාර්ශනිකයො වැහි වැහැලා. ඒත්  දාර්ශනිකයන්ගෙ අවාසනාවකට කාලය ගැන භෞතික විද්‍යාවේත් කතා වෙනවා. මගේ උපාධි නිබන්ධයේ පරීක්‍ෂකවරයා වූ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙහි මහාචාර්ය විට්රෝ කාලය ගැන පොතක් ලියල තියෙනවා. ඒකෙ නම වට් ඉස් ටයිම්. පරීක්‍ෂණය අවසන් වීමෙන් පසු කතා බහේ දි ඔහු මගෙන් ඇහුව ලංකාවට ගිහින් මොනවද කරන්නෙ කියල. මා අනේ කාලේ වනේ වාසේ කියා කිවුවෙ නැහැ. තවත් භෞතික විද්‍යාඥයන් රාශියක් කාලය ගැන පොතපත ලියල තියෙනවා. කාලය ගැන කතා කළ ප්‍රසිද්ධ තැනැත්තා තමයි අයින්ස්ටයින්.

 

අයින්ස්ටයින් යම්කිසි සිද්ධියක් වෙන්නෙ අවකාශයෙ විතරක් නො වෙයි කාලයෙහිත් කියා කිවුවා. කතාවෙන් පස්සෙ ඔහුගෙ ගණිත ගුරුවරයා වූ මින්කොව්ස්කි අවකාශය හා කාලය එකතු කරල අවකාශ කාලය නමින් සංකල්පයක් හැදුව. ඒත් ඉන්ද්‍රිය ගෝචර අවකාශ කාලයක් නැහැ. වුණාට භෞතික විද්‍යාඥයන් අවකාශ කාලයෙහි වක්‍රතාව ගැන කතා කරනවා. එත් එහෙම දෙයක් භෞතික නැහැ. ඒකත් අර ගුරුත්වාකර්ෂණ බලය වගේ සංකල්පයක්. ඇපල් පොල් වැටෙන්නෙ කොහොම කියන ප්‍රශ්නයට නිවුටන් දුන්න උත්තරේ තමයි ගුරුත්වාකර්ෂණය. අයින්ස්ටයින්ගෙ උත්තරේ තමයි අවකාශ කාල වක්‍රතාව. එකක්වත් ඉන්ද්‍රිය ගෝචර නැහැ. අවසාන වශයෙන් ගත්ත වැඩ කරන වියුක්ත හිතළු.

 

මේ කතාවෙ සරදමකුත් තියෙනවා. වියනා කවයේ අර්නස්ට් මක් නිවුටන්ගෙ අවස්ථිති සමුද්දේශ රාමූ විවේචනය කළා භෞතික විද්‍යාවෙ ඉන්ද්‍රිය ගෝචර නිරීක්‍ෂණ විස්තර කරන්න ඉන්ද්‍රිය ගෝචර නොවන අවස්ථිති රාමු වගේ සංකල්ප යොදා නොගත යුතු බව කියමින්. තරුණ අයිස්ටයින්ගෙ හිතට කතාව තදින් දැනුණා. ඔහු අවසථිති රාමූ හා සමග බැඳුණු ගුරුත්වාකරෂණ බලය ඉවත් කළා. එහෙත් වෙනුවට ඉන්ද්‍රිය ගෝචර නොවන අවකාශ කාල වක්‍රතාව ඉදිරිපත් කළා!

 

අපට ඇත්තෙ ඉන්ද්‍රිය ගෝචර නිරීක්‍ෂණ. මේ නිරීක්‍ෂණ විස්තර කරන්න තේරුම් ගන්න අපි කතා ගොතනවා. කියන්නෙ හිතළු ඉදිරිපත් කරනවා. හිතළුව වැඩ කළොත් ඒක පිළිගැනෙනවා. මක් කිවුවට හිතළු ඉන්ද්‍රිය ගෝචර වෙන්න ඕන නැහැ. අනෙක් අතට ඉන්ද්‍රිය ගෝචර වුණත් හිතළු නොවැ.  දැන් කවුරුන්වත් හිතන්න ඕන නැහැ නිරීක්‍ෂණ සංකල්පවලින් කතන්දරවලින් බැහැර කියා. පොල් පෙළොවට වැටෙනවා කියන නිරීක්‍ෂණයේ පොල්, පොළොව, වැටීම කියන සංකල්ප තුනක් තියෙනවා. අහසට වැටෙනවා කියා අප කියන්නේ නැහැ.

 

නිරීක්‍ෂණ සංකල්පවලින්වත් සංකල්ප නිරීක්‍ෂණවලින්වත් වෙන් කරන්න බැහැ. එහි ඇත්තෙ චක්‍රීය චින්තනය. කිකිළි බිත්තරේ වගේ ප්‍රශ්න ඇතිවන්නේ රේඛීය චින්තනයෙ. චක්‍රීය චින්තනයෙ එවැනි ප්‍රශ්න නැහැ. චක්‍රීය චින්තනයෙ මූල හේතු හොයන්නෙ නැහැ. මූල හේතු හෙවුව තමයි හේතු ගැන ප්‍රශ්න ඇති වෙන්නෙ. 

 

කාලය කියන්නෙ පංචෙන්ද්‍රියවලට ගෝචර සංකල්පයක් නො වෙයි. දැන් පංචෙන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප ප්‍රතික්‍ෂෙප කරන බුද්ධිමත් විද්වතුන් කාලය ප්‍රතික්‍ෂෙප කරනවා ? එහෙම නැත්නම් කාලය ගෝචර වෙන ඉන්ද්‍රියක් හොයා ගන්නවාද? බටහිර භෞතික විද්‍යාඥයන්ට තියෙන ප්‍රශ්නයක් තමයි කාලය යනු කුමක් කියන එක. බුද්ධඝෝෂ හාමුදුරුවන් අත්ථසාලිනියෙහි කියා ඇත්තෙ කාලය යනු පඤ්ඤත්තියක් කියල. ඒත් බටහිර භෞතික විද්‍යාඥයන්ට ඒක තේරෙන්නෙ නැහැ.

 

අර ප්‍රසිද්ධ ගීතයක කොටසක් තියෙනවා කාලය මැව් වෙනසක අරුමේ කියලා. ගීත රචකයා විපුල් ධර්මප්‍රිය ජයසේකර කියා මගේ මිත්‍රයකු කියනවා. කාලය නිසා වෙනස් වෙනවා කියා අප හිතන්නෙ. ඒත් අපට කාලය ඉන්ද්‍රිය ගෝචර නැහැ. වෙනස්වීම නම් ඉන්ද්‍රිය ගෝචරයි. ඉර පායනවා. ඉර අහසේ ගමන් කරලා බැහැල යනවා. විද්‍යාඥයන් කියන්න පුළුවන් ගමන් කරන්නෙ පොළොව කියල. මා කියන්නෙ පෙනෙන දේ. මල් පිපෙනවා මල් පරවෙනවා. මා ළමයකු සිටියා. දැන් හැමෝම දන්නා පරිදි මා නාකි වෙලා. වෙනස් වීම ඉන්ද්‍රිය ගෝචරයි. දේශපාලනඥයන් උදේට හවසට වෙනස් වෙනවා.  මා කියා කෙනකු ඉන්නවා කියා පස්සෙ කතා කරමු. දැනට සම්මුතියෙන් ඉන්නවා කියා ගනිමු.

 

අර ගීතයෙ තියෙන විධියට ඉස්සර පන්තියෙ හිටිය අය දැන් නැහැ. අයගෙන් එක්කෙනකු ගුරුවරයා වෙලා නම් එක් කෙනකු ඉන්නවා වගේ පඬි ප්‍රශ්න අහන්න එපා. සමහර අය දැක්කත් හඳුන ගන්න බැහැ. මේ තමයි වෙනස. මෙය අනිච්ච සමග පටලව ගන්න එපා. මේ ඉන්ද්‍රිය ගෝචර වෙනස ඇති වෙන්නෙ කොහොමද කියල ඇහුවොත් එක් එක් කතා කියන්න පුළුවන්. එහෙත් අර පොල් වැටෙන්නෙ ගුරුත්වාකර්ෂණය නිසා කියනව වගේ නූණත් අපි කියනවා මේ සියලු වෙනස්කම් ඇති වෙන්නෙ කාලයෙ කියල.

 

අපි කාලය කියල සංකල්පයක් පනවනවා මේ වෙනස්වීම ගැන කියන්න. අපි කියනව වෙනස් වෙන්නෙ කාලයෙ කියල. වෙනස්වීම්වලට හේතු (හිතළු) කියන අතර වෙනස්කම් සියල්ල සිදු වන්නෙ කාලයෙ කියල අපි කියනවා. කාලය වැඩි වෙන්න ඕන. කාලය අඩු වෙන්නෙ නැහැ. අපි යනවා එනවා. ඒත් යන කොට කාලය වැඩි වෙන්නෙත් එන කොට අඩු වෙන්නෙත් නැහැ. වෙනස්වීම් දිහා බලල අපි කාලය මනින්නත් ක්‍රමයක් හදා ගන්නවා. එහි ඇත්තේ සිද්ධිමාලා දෙකක් අතර එකට එක අනුරූපිතයක් හදා ගන්න එක. කතාව ටිකක් සැර වැඩියි. නිසා මා එතනින් නවතිනවා.

 

ඒත් එකක් පැහැදිලි වෙන්න ඕන. කාලය නිසා වෙනස්කම් ඇති වෙලා නැහැ. කාලය මවන වෙනස්කමක් නැහැ. වෙනස්කම් නිසා කාලය මවල තියෙනවා, පනවල තියෙනවා. හරියට පොල් වැටෙන නිසා ගුරුත්වය මවල තියෙනවා වගේ. ගුරුත්වය නිසා පොල් වැටෙනවා නොවෙයි. පොල් වැටෙන නිසා ගුරුත්වය ඇති කරලා.

 

මෙය කිසිසේත් අදාළ ගීතයෙ විවේවචනයක් නො වෙයි. සාමල අමරල ආවෙ අපට පස්සෙ. අපේ පොත්වලත් හිටියෙ වෙන අය. සාමල අමරලත් නැති පොතුත් තියේවි.