සිංහලයන්ට සොහොන් බිමක්වත් නැද්ද?
අද නම් රටක රටවැසියකු වීමට විවිධ ක්‍රම තියෙනවා. උත්පත්තියෙන් හරි දෙමව්පියන් රටවැසියන් වීම නිසා හරි රටවැසියන් නොවූ අය ඒ සඳහා ඉල්ලුම් කරන්න ඕන. එහෙත් ඒ ඉල්ලුම් කරන සැමට රටවැසිකම ලැබෙන්නේ නැහැ. ඇතැම් විටෙක රටවල් ඇතැමුනට රටවැසිකම පුදනවා. ඒ විශේෂ අවස්ථාවල දී. මෙරට පඬි නැට්ටන්ට නම් සමහර විට එවැනි පිදීම් වෙන්න පුළුවන්. ඔවුන් එතරම් විදග්ධ ප්‍රාඥයන් ශාස්ත්‍රඥයන් දාර්ශනිකයන් විද්‍යාඥයන්.
එහෙත්
බටහිරයන් රටවැසිකම පිළිබඳ නීති රීති සකස් කිරීමට පෙර රටව්සියා කියන සංකල්පය නිශ්චිත ව තිබුණේ නැහැ. පැරණි රෝමයන් තම කතා ආරම්භයේ දී රෝමන්ස් කන්ට්‍රිමන් ආදී වශයෙන් ආමන්ත්‍රණය කෙළේ. ඔවුන්ට රෝමයේ නාගරිකයන් හා ගම්වල අය අතරත් වෙනසක් තිබුණා. ඉංගිරිසියෙන් රටවැසියාට කියන්නෙ සිටිසන් කියා. ඒ කියන්නේ පුරවැසියා කියන එක. එකල වැදගත් වී ඇත්තේ පුරවැසියන් මිස රටවැසියන් නො වෙයි. පුරවැසියා යන්න කාලයාගේ ඇවෑමෙන් රටවැසියා බවට රුපාන්තරකරණයක් වෙලා. අද සිටිසන් කියන්නේ රටවැසියන්ට. එහෙත් සිටිසන් යන්න සිංහලට පරිවර්තනය කළ මෙරට විදග්ධයන් එය වාච්‍යාර්ථයෙන්
ම පුරවැසියා කියා පරිවර්තනය කරලා. ඔවුන්ට එංගලන්තයේ හරි ඇමරිකාවේ හරි වෙනත් ඉංගිරිසි කතා කරන රටක හරි රටවැසිකම දෙන්න වටිනවා.
විජය
මෙරටට පැමිණ රටවැසියකු වුණා ද කියා මහාවංසයේ සඳහන් වන්නේ නැහැ. කුවේණිය සහේට ගැනීමෙන් පසු විජයට රටවැසිකම ලැබුණා ද නැද්ද යන්න පැහැදිලි නැහැ. පසුව කුවේණිය අත්හැරීමෙන් පසු රටවැසිකම නැති වුණා ද ඉන්පසු පැමිණි විජයගේ මල්ලිගෙ පුතාට රටවැසිකම ලැබුණා ද වැනි කරුණු ගැන මහාවංසය කිසිවක් කියන්නේ නැහැ. එළාර රටවැසියකු වුණා ද කාලිංගයෙන් හා පාණ්ඩ්‍යයෙන් පසුව පැමිණි අය රටවැසියන් වුණා ද නැද්ද ආදී කිසිවක් අප දන්නේ නැහැ. අප දන්නේ මෙරට කලක් තිස්සේ සිටි යක්‍ෂයන් අමනුෂ්‍යයන් බව පමණයි.
ඒ කතා පැත්තකින් තියමු. ඉහත සඳහන් කිසිවකු මෙරටට ආනයන කරනු ලැබූ අය නොවෙයි. ඔවුන් එක්කෝ ස්වේච්ඡාවෙන් පැමිණි අය නැත්නම් විජය මෙන් රටින් පන්නා දමනු ලැබූ අය එහෙමත් නැත්තන් විජය වැන්නකු කළ ආරාධනයෙන් පැමිණි අය. රජවරුන්ට ගෙනා බිසවුන් සමග පැමිණි අය. ඔවුන් මොන යම් අරුතකින් හරි රටවැසියන් හැටියට පිළිගැනෙන්න ඇති. අවුරුදු විසිපහකට තිහකට පමණ පෙර පඬි නැට්ටන් (එකල පඬි නැට්ටන් යන ව්‍යවහාරය තිබුණේ නැහැ) මට කී කරුණක් වුණේ මා සිංහලයන් ගැන කතා කළත් සිංහලයකු නොව ඉන්දියාවේ කේරළයෙන් පැමිණි අයකු බව. අර බීබීසියේ අගු පිළේ සංදේශය නිවේදකයකු ව සිටි හෙදා (හෙදිය කියන වචනයේ පුරුෂ ලිංග පදය) මා එංගලන්තයට ගිය අවස්ථාවක ඒ කතාව සිංහල අසන්නන්ට කිවුවා.
ඔවුන්
වැරදි දෙකක් කළා. පළමු වැන්න අපේ මුත්තා කේරළයෙන් පැමිණි බව සඳහන් කිරීම. ඔවුන් නොදන්නා කරුණ අපේ මුත්තා ඨකුර් රාජස්ථානයෙන් දඹදෙණි යුගයේ පැමිණි බවත් ඨකුර් මුත්තාගේ දියණිය වූ සුප්‍රසිද්ධ පද්මාවති අපේ ආච්චි කෙනකු බවත්.
ඔවුන්
කළ දෙවැනි වරද මිනිසුන් රටවැසියන් ලෙස හරි ජාතිකයන් ලෙස හරි සැලකෙන්නේ ජාන සම්බන්ධතා උඩ බව යැයි සිතීම. මිනිසුන් ජාතියකට අවශෝෂණය වෙනවා. ඒ අදාළ සංස්කෘතියට අවශෝෂණය වීමෙන්. මේ අය කියන විධියට මෙරට ඇත්තේ පිටරටින් පැමිණි මිනිසුන් පමණයි. විජයත් පැමිණියේ කාලිංගයෙන් කියනවා. එහෙම නම් ඔවුන් කියන විධියට බොහෝ සිංහලයන් කාලිංගයන් වෙන්න ඕන. මෙරට සිංහලයන් කියා පිරිසක් ඉන්න විධියක් නැහැ.
ලන්දේසීන් තම දුම්කොළ වගාවටත් කුරුඳු වගාවටත් දකුණු ඉන්දියාවෙන් පිරිස් ආනයනය කළා. කුරුඳු වගාවට ගෙනා අය සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වුණා. දුම්කොළ වගාවට ගෙනා වෙල්ලාලයන් පළමුව යාපනයටත් දෙවනුව මුළු රටටත් විරුද්ධ වුණා. ඔවුන් නිසා ලන්දේසීන් යාපනයේ කරෙයිවර් හා මඩපල්ලි කුල පහතට දැමු අතර යාපනයේ සිටි සිංහලයන් කෝවියාර් නලවර් ආදී කුල ලෙස දෙමළ හින්දු සමාජයේ වහලුන් හා කුලහීනයන් බවට පත් කෙරුණා. කෙසේ නමුත් මේ සියල්ලන්ගෙන් පැවත එන්නන් දැන් රටේ රටවැසියන්. පඬිනැට්ටන් හා විද්වතුන් කියන විධියට පුරවැසියන්. මොන පුරයේ ද දන්නේ නැහැ. සමහර විට පරාක්‍රමපුරයේ වෙන්න ඇති.
මෙරටට
සංක්‍රමණය වී සිංහල බවට පත් වූවන් මෙරටට අනන්‍ය වූ සංස්කෘතියක් ගොඩ නැගුවා. පෙර පටන් තිබූ වැවු සිංහලයන් තව තවත් වර්ධනය කළා. සිංහලයන් බෞද්ධයන් වූ පසු මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියක් ගොඩ නැගුවා. ඒ සංස්කෘතිය වෙනත් කිසිම රටක දකින්න නැහැ. අනෙක් ථෙරවාදී රටවල් සිංහල බෞද්ධ සංස්කෘතිය අනුව යමින් ථෙරවාදී බෞද්ධ සංස්කෘතීන් ගොඩ නගා තියෙනවා. එහෙත් අපට ථෙරවාදි සභ්‍යත්වයක් ගොඩ නගා ගැනීමට බැරි වෙලා තියෙනවා.
මෙරටට
පැමිණි කරෙයිවරයන්වත් මඩපල්ලියන්වත් අනන්‍ය සංස්කෘතියක් ගොඩ නගා නැහැ. පසුව ආනයනය කෙරුණු වෙල්ලාලයන් කර ඇති දේකුත් නැහැ. මෙරට ඇත්තේ ඊනියා ලාංකික දෙමළ හින්දු සංස්කෘතියක් නොව දකුණු ඉන්දීය හින්දු සංස්කෘතියක්. එය මුළුමනින් ම අනුකාරක සංස්කෘතියක්. වරක් මෙරට එක් දෙමළ කතා කරන ජනමාධ්‍යවේදියකු
පවසා ඇති ආකාරයට ඔවුන්ට තමිල්නාඩුවේ දී තමයි දෙමළකම හරියට දැනෙන්නේ. එහෙත් කිසිම සිංහලයකුට කාලිංගයේ (ඔඩෙස්සා) හරි වංගයේ (බෙංගාලයේ) හරි කේරළයේ හරි රාජස්ථානයේ හරි මහාරාෂ්ට්‍රයේ හරි රාජස්ථානයේ හරි පන්ජාබයේ හරි සිංහලකමක් දැනෙන්නේ නැහැ.
පසු
කලෙක අවුරුදු දෙසීයකට මෙහා පැත්තෙ ඉංගිරිසින් ගෙනා කුලීකරුවන් වත්මන් නැගෙනහිර පළාතේ හා කඳුරට පදිංචි කළා. අද නැගෙනහිර පළාතේ ඔවුන් ඉතා නින්දිත ලෙස මඩකලපුවේ සිංහලයන්ගේ සොහොන් බිම් පවා අතුගා දමන බව කියැවෙනවා. ඒ කරන්නේ නිලධාරීන් වෙන්න ඕන. එහෙත් ඒ පිටුපස ඉන්නේ දෙමළ ජාතිවාදී දේශපාලනඥයන් බව පැහැදිලියි. නැගෙනහිර පළාතේ දේශපාලනඥයන් නම් ඉංගිරිසින් ආනයනය කළ කුලීකරුවන්ගෙන්
පැවත එන්නන්. මේ සොහොන් බිම් අතුගා දැමීම ගැන අදාළ ඇමතිවරුන් (සොහොන් ඇමතිවරුන් ?) ගන්නා පියවර කුමක් ද?
අද
උතුරු හා නැගෙනහිර පළාත්වල සිදුවන්නේ ලන්දේසින් හා ඉංගිරිසින් ආනයනය කර මෙරට රටවැසියන් බවට පත් කෙරුණු එහෙත් තමිල්නාඩු දෙමළ හින්දු සංස්කෘතිය අනුකරණය කරන පිරිස් මෙරටට සංක්‍රමණය වී මෙරටට අනන්‍ය සංස්කෘතියක් ගොඩනැගූවන්ට සොහොන් බිමක් පවා ඒ ප්‍රදේශවල පවත්වා ගැනීමට අවසර නොදීමක්. අපි කෙසේ අත්පා දිග හරිමු ද?
බටහිරට හා දෙමළ ජාතිවාදයට ෂොපිං යන පඬි නැට්ටන් තම බුද්ධි මහිමය ප්‍රදර්ශනය කරමින් කියාවි අප රාජපක්‍ෂලා බලයට පත් කිරීමට ජාතිවාදය අවුස්සනවා කියා.