History

Friday, 2 February 2024

වන්දිභට්ටයෝ රනිල් හා පොලිස්පති

 

වන්දිභට්ටයෝ රනිල් හා පොලිස්පති

 

මෙරට වන්දිභට්ටයන්ගෙ තරම දැන් පැවැත්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබඳ විවාදයේ දී දැක ගත හැකියි. එමෙන් රනිල් අප ලවා හිතන්න බලාපොරොත්තු වෙන විධියත් සමග දැන ගන්න පුළුවන්. ආණ්ඩුවේ ඉහළ යැයි කියන නිලතල දරණ ඇතැමුන් අපට අමුතු බණක් කියන්න එනවා. ඒත් බණ නොව බයිලා.

 

අද ඇතැමුන් පෙන්වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තියෙන්නේ විධායකය යටතේ කියා. ඔවුන් එමගින් කියන්න උත්සාහ කරන්නේ ව්‍යවස්ථා සභාව විධායකය යටතට පත්වෙන බව ? මේ නම් වන්දිභට්ට  තර්කයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායකය දැක්වෙන්නේ 7වැනි පරිච්ඡෙදයේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දැක්වෙන්නේ 7 වැනි පරිච්ඡොදයේ. සඳහන් වන ආකාරය පහත පළවෙනවා.

 

"VII වැනි පරිච්ඡේදය

 විධායකය

 ජනරජයේ ජනාධිපතිවරයා"

 

"VII වැනි පරිච්ඡේදය

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව"

 

වන්දිභට්ටයන් ව්‍යවස්ථා සභාව විධායකය යටතට එන බවට තර්කයක් ගොඩ නගන්න උත්සාහ කරන්නේ රනිල්ගේ සිතුම් පැතුම් අනුව වෙන්න ඕන. මේ අය තැත් කරන්නේ ව්‍යවස්ථා සභාව විධායකය නැත්නම් ජනාධිපති යටතට එන බව පෙන්වීමටයි. එවිට කියන්න පුළුවන් ව්‍යවස්ථා සභාව ජනාධිපතිට ඕන ඕන විධියට වැඩ කරන රබර් මුද්‍රාවක් කියලා.

 

මේ තර්කය ගේන්නෙ විධායකය 7 වැනි පරිච්ඡෙදයෙනුත් ව්‍යවස්ථා සභාව 7 වැනි පරිච්ඡෙදයෙනුත් දැක්වෙන නිසා ? 7 , 7 යටතට වැටෙන බව සිතන නිසා ? වන්දි භට්ටයන්ට දිව නැවෙන විධියට කතා කරන්න පුළුවන්.

 

ජේ ආර්ගෙ ව්‍යවස්ථාවෙ ව්‍යවස්ථා සභාවක් තිබුණෙ නැහැ. නිසා 7 පරිච්ඡෙදයක් තිබුණෙත් නැහැ. 7 පස්සෙ 8.  පස්සෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් ඇති කළා වෙන පරිච්ඡෙදයකින්. පරිච්ඡෙදය නම් කරන්නෙ කොහොම ? අවශ්‍ය නම් ව්‍යවස්ථාවෙ අන්තිම පරිච්ඡෙදය හැටියට නම් කරන්න තිබුණ. ඒත් ව්‍යවස්ථාවෙ පරිච්ඡෙද එන්නෙ එක පිළිවෙළකට. ව්‍යවස්ථා සභාව එන්න ඕන විධායකයට පස්සෙ. ඒක අටවැනි පරිච්ඡෙදය හැටියට නම් කරන්න තිබුණ. එවිට ඉන්පසු ඇති සියලු පරිච්ඡෙදවල අංක වෙනස් කරන්න වෙනවා. ඒක අවුලක්. නිසා කරන්නෙ පරිච්ඡෙදය 8 කියා නම් කරන්නෙ නැතුව 7ත් 8ත් අතර සිටින සේ 7 කියා නම් කිරීම.

 

මෙය තේරුම් ගන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැන දේශනවලට සහභාගි වෙන්න ඕන නැහැ. එහෙමත් නැත්නම් දේශපාලන විද්‍යාව  පිළිබඳ පාඨමාලාවක් හදාරන්න ඕනෙත් නැහැ. 7 වැනි පරිච්ඡෙදය 7 වැනි පරිච්ඡෙදය යටතට එන්නෙත් නැහැ. ව්‍යවස්ථා සභාව ජනාධිපති යටතට එන්නෙත් නැහැ. ව්‍යවස්ථා සභාව ගැන තියෙන වගන්තිවලින් නම් පේන්නෙ ව්‍යවස්ථා  සභාවෙන් ජනාධිපතිගෙ බලතල කප්පාදු වෙන බවයි.

 

අදාළ කාරණය ගැන එනම් ඇතැම් තනතුරුවලට පත්කිරීමට ජනාධිපතිට ඇති බලය ව්‍යවස්ථා සභාවෙන් කප්පාදු වෙනවා. පහත සඳහන් 41 (1) හා (2) අනු වගන්තිවලින් බව මොනවට පැහැදිලි වෙනවා. වැඩබලන පොලිස්පති තනතුරට පත්කරන්න ඕන ව්‍යවස්ථා සභාවේ නිර්දේශයට යටත් . නිර්දේශය මත හැර පත් නොකළ යුතු බව සඳහන් වෙනවා. මෙය හිටපු පොලිස්පති වික්‍රමරත්නට විරුද්ධ ලියන්නක් නොවෙයි. මා කොළඹ මොටාවේ ජාතික චින්තනය ගැන කියද්දී ඔහු එහි ගණිතය හැදෑරුවා.

 

“41. (1) මේ ව්‍යවස්ථාවේ උපලේඛනයේ නිශ්චිතව සඳහන් යම් කොමිෂන් සභාවක සභාපතිවරයා ලෙස හෝ සාමාජිකයකු ලෙස හෝ ජනාධිපතිවරයා විසින් තැනැත්තකු පත් කිරීම සභාවේ නිර්දේශය මත

හැර, නොකරනු ලැබිය යුත්තේ .

 

 (2) මේ ව්‍යවස්ථාවේ  (1) වන අනු ව්‍යවස්ථාවේ විධිවිධාන, එකී යම් කොමිෂන් සභාවක සභාපතිවරයා ලෙස හෝ සාමාජිකයකු ලෙස වැඩබැලීම සඳහා පත් කරනු ලැබූ යම් තැනැත්තකු සම්බන්ධයෙන්

අදාළ විය යුත්තේ ,”

 

මේ කරුණ මෙතරම් පැහැදිලි තිබිය දී වන්දිභට්ටයන් මේ කරණ ප්‍රකාශවලින් අපට කියන්නේ කුමක් ? රනිල් තමන්ට අවශ්‍ය දේ කිරීමට ව්‍යවස්ථාච වුවත් නවන්න සූදානම් බව ? අප ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ  මැතිවරණ ගැන දැඩි විමසිල්ලකින් සිටිය යුතු බව ?