History

Sunday, 25 February 2024

ඉන්දියාව චීනය හා බොරු උගත්තු

 

ඉන්දියාව චීනය හා බොරු උගත්තු

 

අපට ඉන්දියාව මෙන් වෙන්න බැරි ප්‍රධාන හේතුව අපේ ඉන්දියාවේ තරමට ජාතිකත්වයක් නැති වීමයි. අපට මෝදිගේ මට්ටමේ ජාතිකවාදී නායකයන් බිහි කර ගැනීමට නොහැකි වී තිියෙනවා. අප අපට ලැබෙන අධ්‍යාපනයේ වහලුන් බවට පත් වී තියෙනවා. අප අපේ දැනුම් පද්ධතියට ගරු නොකරන්නන් බවට පත් වී තියෙනවා. අපට අපේ දැනුම් පද්ධතිය මිථ්‍යා මත පමණයි. අප නූතන බටහිර දැනුම එක දැනුම ලෙස හිතන්න පුරුදු වෙලා ඉන්නවා. ඉන් සමහරු හිතන්නේ අපේ කලාපයේ පැරණි දැනුම විකාශය වී වත්මන් බටහිර දැනුම බිහි වී තියෙනවා කියා.

 

මේ ගැන දිගින් දිගට ලිවීමේ තේරුමක් නැහැ. මිනිසුන් හිතන්නේ පතන්නේ එක විධියකට නොවන බව බොහෝ දෙනා පිළිගන්නේ නැහැ. මෙහි අප බොහෝ දෙනා ආදී වශයෙන් හඳුන්වන්නේ බටහිර දැනුම කට ගාගෙන උද්ධච්ඡත්වයට පත් වූ අයයි. අවුරුදු හතළිහකට පමණ පෙර ජාතික චින්තනයක් ගැන කොළඹ මොටාවේ කතා කරන කාලයේ සිට ඊනියා උගතුන් සුවාදීනයන් අප ගැන හිතුවේ බරකරත්තයෙන් ආපසු අනුරාධපුරයට යන්නන් ලෙසයි.

 

ඔවුන් 1986 පළ කළ මගේ ලෝකය කියවා නැහැ. කියෙවුවත් තේරුම් අරන් නැහැ. තේරෙන්නෙ නැති නිසා තමයි කෝ නුතන දැනුම කියා අහන්නෙ. එහි එකල තිබූ නූතන දැනුම තියෙනවා. 1983 කළ භෞතික විද්‍යා පර්යේෂණ ගැන තියෙනවා. පර්යේෂණ පිළිබඳ ඉන් අවුරුදු හතළිහකට පමණ පසු 2022 අවුරුද්දේ නොබෙල් තෑග්ග ලැබුණා. දැනුම නූතන දැනුම නො වෙයි ? අප එහි වැදගත්කම දැක්කේ එදාමයි. එහෙත් තමන් හැම දෙයක් දන්නවා යන හිනමානයෙන් (අධිමානයෙන්) පෙළෙන ඇතැමුන්ට තේරුම් ගැනීමට ශක්තියක් නැහැ. අප කියා ඇත්තේ දැනුම ලබා ගැනීමේ ක්‍රම හතරක් ගැන. අනුකරණය. ආරෝපණය, අවශේෂණය හා අභිසංස්කරණය ( නිර්මාණය). මෙහි සංස්කෘතියට ඇති සාපේක්‍ෂ බවත් කියනවා. ඊනියා උගතුන් බටහිර දැනුම සම්බන්ධයෙන් වැඩියෙන් කරන්නේ අනුකරණයයි.

 

අප බටහිර දැනුම අවශ්‍ය පරිදි අපේ සංස්කෘතියට අවශෝෂණය කිරීමක් ගැන කියනවා. අප විරුද්ධ වන්නේ බටහිර දැනුම් ආධිපත්‍යයටයි. අප අපේ දැනුම් පද්ධති ගැන කතා කරනවා. ඒවා මිථ්‍යා ලෙස සලකා ඉවත දැමීමට තරම් උගත්කමක් අපට නැහැ. අපේ දැනුම චක්‍රීයයි. පටිච්ච සමුප්පාදය තමයි එයට හොඳ උදාහරණය. අපේ දැනුමේ ඇත්තේ අත්දුටුවයි ප්‍රත්‍යක්‍ෂයයි ක්‍රමය. බුදුන් වහන්සේ දේශනා කළ දැනුම ප්‍රත්‍යක්‍ෂ කරන්න පුළුවන්. කරන්නේ කෙසේ දැයි උන්වහන්සේ වදාරළ තියෙනවා. අප එය කරන්නේ නැහැ.

 

අප අද කරන්නේ බුදුදහම බටහිර අච්චුවට ගැනීමට වෑයම් කිරීමයි. මෙය අද ඊයේ වැඩකුත් නො වෙයි. එකල අප බුදුදහම බ්‍රාහ්මණ අච්චුවට ගැනීමට වෑයම් කළා. බ්‍රාහ්මණ සම්ප්‍රදායත් බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි සම්ප්‍රදායට සමීපයි. එහිත් පටන් ගැනීමක් තියෙනවා. ලෝකය මැවූ බ්‍රහ්මණ් කෙනෙක් ඉන්නවා. සම්ප්‍රදාය දෙකේ හේතුවාදයක් තියෙනවා. අපේ සම්ප්‍රදායේ ඇත්තේ හේතුඵලවාදයක්. තමයි එක් අතකින් රේඛීය හා චක්‍රීය පද්ධති අතර වෙනස. අපට කිසිම ආකාරයක මැවුම්කරුවකු නැහැ. අපේ විශ්වය චක්‍රීයයි. සංවට්ටකප්ප, විවට්ටකප්ප. අප මේ ඉන්නේ විවට්ට කප්පයක. බටහිරයන් එය මහා පිපිරුම ලෙස තම සංස්කෘතියේ තේරුම් ගන්නවා. ඩාවින්ගේ පරිණාමවාදයටත් මුලක් තියෙනවා. ජීවය හටගත්තේ රසායනයෙන්. රසායනය භෞතිකයේ ප්‍රතිඵලයක්. භෞතිකය මහා පිපිරුම හා  සම්බන්ධයි. තමයි රේඛීය චින්තනය. සියල්ලට පටන් ගැනීමක් තියෙනවා.

 

අද අප බටහිරට ගැතිකම් කරනවාක් මෙන් එදා අපි බමුණන්ට ගැතිකම් කළා. බමුණන්ට විරුද්ධ කොටස් හැමදාමත් මෙරට හිටියා. හොඳ උදාහරණය කුරුණෑගල යුගයේ ලියැවුණු උම්මග්ග ජාතකය. මට හිතෙන්නේ උම්මග්ග ජාතකය මෙරට ජාතිකත්වය උද්දීපනය කිරීම සඳහා ලියන ලද පොතක් කියා. ගොවියා පුත් මහෞෂධ පඬි තුමා කේවට්ටයාගේ හොම්බ බිම ඇතුල්ලුවා. එදා ඇතැම් අවස්ථාවල අපට රජවරුන්ගේ සහාය ලැබුණා. අපට භාරතයෙන් එන බමුණු දැනුමට රට යට නොකර සිටීමට හැකි වුණා.

 

අද අවාසනාවකට අපේ දැනුමක් ගැන විශ්වාස කරන දේශපාලනඥයන් හිඟයි. හිටියත් තවම පහත මට්ටමේ. ඔවුන්ට උඩට ඒමට කලක් යාවි. මහින්දට යම් ජාතිකත්වයක් තිබුණත් ඔහුට අපේ දැනුමක් ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. ගෝඨාභයට යම් විශ්වාසයක් තිබුණා. බැසිල්ට කිසිම ජාතිකත්වයක් නැහැ. රාජපක්‍ෂලා හැමෝ එක වගේ නො වෙයි. අද බටහිරයන් දේශපාලනයෙන් ඉවත් කර ඇත්තේ මහින්ද හා ගෝඨාභය පමණක් බව අමතක කරන්න එපා. ජාතිකත්වයක් නැති බැසිල්ට දේශපාලනය කරන්න පුළුවන්. වගේ රනිල් සජිත් හරින් මෝදිදාස් චම්පක වැනි ජාතිකත්වයක් නැති අයටත් කිසිම අවහිරයක් නැතුව දේශපාලනයේ යෙදෙන්න පුළුවන්. තනතුරු අහිමි වුණේ මහින්දට හා ගෝඨාභයට පමණයි. බටහිරයන් හා ඉන්දියාව දිනේෂ් සරත් වීරසේකර වැන්නන්ට අනුග්‍රහයක් දක්වන එකක් නැහැ.

 

චීනයත් විශ්වාස කටයුතු නැහැ. අද චීනය ජාතිකවාදීන් ඩැහැ ගැනීමට උත්සාහ කරන්නේ බොර දියේ මාළු බාමින්.  රුසියාවට බර තිබූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය අද මෙහෙයවනු ලබන්නේ චීන ගැත්තන් විසින්. අද ට්‍රොට්ස්කිවාදයට පහර දෙන්නේ ස්ටැලින්වාදීන් නොව චීනගැත්තන්. අපට ඉන්දියාවට විරුද්ධ වී චීනයට පක්‍ෂපාත වෙන්න බැහැ. චීනුන් දක්‍ෂ වෙළෙන්දන්. ඔවුනුත් ඉන්දියානුවනුත් මෙරට ඉන්දියාවක් හරි චීනයක් හරි කිරීමට උත්සාහ කරාවි. ඔවුන්ගේ ශ්‍රමිකයන් මගින් හා වෙනත් ක්‍රමවලින්.

 

කාට හරි හිතෙන්න පුළුවන් අපට ගැලවීමක් නැද්ද කියා. ගැලවීමක් තියෙනවා. අප ඉන්දීය බමුණන්ගේ හරි බටහිර බමුණන්ගේ හරි චීන ගැත්තන්ගේ හරි අතකොළු විය යුතු නැහැ. අපේ දැනුම් සම්ප්‍රදායක් තියෙනවා. ශ්‍රමණ සම්ප්‍රදාය. එය වර්ධනය වීමට කලක් ගතවේවි. ඉන්දියාව බටහිර දැනුම තම බ්‍රාහ්මණ සම්ප්‍රදාය තුළට අවශෝෂණය කර ගන්නවා. චීනයත් බටහිර දැනුම කොන්ෆියුෂියස් ලා ඕට්සේ සම්ප්‍රදාය තුළට අවශෝෂණය කර ගන්නවා. අප අපට සම්ප්‍රදායක් තියෙන බවවත් දන්නේ නැහැ.