History

Wednesday, 13 March 2024

ණය (සහ)නය

 

ණය (සහ)නය

 

රනිල් කුළුබඩු ප්‍රතිඅපනයනය කිරීමට නැවත ඉඩ දීලා. කියන්නේ පිටරටින් කුළුබඩු ආනයනය කරල අපනයනය කරන්න පුුළුවන් කියන එකයි. මෙය යහපාලන කාලෙත් තිබුණා. ඉන් මෙරට කුළුබඩු වගාකරන අයට ප්‍රශ්නයක් වෙනවා. යහපාලන ප්‍රතිපත්තිය ගෝඨාභය ආණාඩුව කාලෙ නැවැත්තුවා. එසේ කීම රාජපක්‍ෂලාට කඩේ යෑමක් ලෙස පඬි නැට්ටන් සලකන බව මා දන්නවා. එහෙත් මා මේ කතාව කිවුවෙ සමස්තයක් වශයෙන් ගත්තම ජා   ප්‍රතිපත්තිවල හා ශ්‍රී නි ප්‍රතිපත්තිවල වෙනස පෙන්වීමටයි. වත්මන් කෘෂිකර්ම ඇමති අමරවීරට මේ මොකක් වුණත් කමක් නැහැ. ඔහුට ඕන මොන ආණ්ඩුව තිබුණත් ඇමති කෙනකු වීමට පමණයි.

 

විවෘත ආර්ථිකේ ඇති කළේ ජේ ආර් ලලිත් රොනී නඩය. ඉන් සිදුවුණේ මෙරට නිෂ්පාදනය කඩා වැටීම පමණයි. අප මුහුණ පාන ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් වන්නේ විවෘත ආර්ථිකය. එය පටන් අරන් අවුරුදු පනහකට කිට්ටුයි. අප තේරුම් නොගත්තාට නිිදහසින් පසු අවුරුදු හැත්තැහයෙන් තුනෙන් දෙකකට ආසන්න කාලයක් ගෙවා ඇත්තේ විවෘත ආර්ථිකයක. ලලිත් ඇතුළත් මුදලි දවස්වල කී කතාවක් වුණෙ යම් භාණ්ඩයක් මෙරට නිෂ්පාදනය කිරීමට යන වියදම එය ආනයනය කිරීමට යන වියදමට වඩා වැඩි නම් භාණ්ඩය ආනයනය කළ යුතු බවයි.

 

බණ්ඩාරනායක මැතිණිය පටන්ගත් නිෂ්පාදන වැඩ පිළිවෙල ජේ ආර් නඩය සම්පූර්ණයෙන් විනාශ කළා. අප වැඩියෙන් ස්වෛරි බැඳුම්කර යටතේ වැඩි පොලියට ණයට ගත්තෙ යහපාලන කාලෙ. ගත්ත ණයවලින් කළ වැඩක් කියන්න පුළුවන් ? ණය ගන්න එක වරදක් නොවෙයි. එහෙත් ණය ගන්න ඕන කාල බීල විනෝද වෙන්න නොවෙයි මූලික වශයෙන් නිෂ්පාදන කටයුතුවලට යොදවන්න. ඒත් ජාප ආණ්ඩු ණය අරන් කරපු නිෂ්පාදනය මොකක් ?

 

ජා නම එක්සත් ජාතික පක්‍ෂය වුණාට එය එක්සත් ජාත්‍යන්තර පක්‍ෂය හැටියට තමයි වැඩ කරල තියෙන්නෙ. ඒත් ජාත්‍යන්තරයෙ හැම රටක් නො වෙයි. බටහිර රටවල් සමග. ජේ ආර්ල රනිල්ල වැඩ කරන්නෙ බටහිර ජාත්‍යන්තරය වෙනුවෙන් මිසක් රට ජාතිය වෙනුවෙන් නො වෙයි.

 

අදත් රනිල් වැඩ කරන්නෙ බටහිරට අවශ්‍ය අන්දමට. අද මෙරට ආර්ථිකය හසුරවන්නෙ ජාමුලෙ.  ජාමුලට ගිහින් ගොඩ රටක් නැති වුණාට අප වැඩ කරන්නෙ ඔවුන්ට අවශ්‍ය අන්දමට. එයට අමතර ඉන්දියාවත් බලන් ඉන්නවා. අද ජාමුල හා බටහිර රටවල් අපට ණය ගෙවන කාර්යය කල් දාගන්න ඉඩ දීල තියෙනවා. තමයි බටහිරයන්ගෙ සැලැස්මෙ ප්‍රධාන කොටස.

 

1950 පමණ පටන් ජා ගෙන ගිය ජාතිකවාදී නොවන ආර්ථික ප්‍රතිපත්ති නිසා රට ආර්ථික අර්බුදයකට තල්ලු වීම කොවිඩ් සමග උග්‍ර වුණා. බටහිරයන් ඉන්දියාව සමග එකතු වී දේශපාලන අර්බුදයක් ඇති කළා. අර්බුදය ඇති කිරීමට ඇතැම් ජාතිකවදීන් හවුල් වුණා. බැසිල් සමග තිබූ ප්‍රශ්න ඔවුන් ගෝඨාභය ආණ්ඩුවෙන් පිරිමහ ගන්න හැදුවා. කෙසේ වෙතත් අවස්ථාවේ පරගලයකට මිනිසුන් මෙහෙයවන එක පහසු කටයුත්තක් වුණා.

 

පඬි නැට්ටකු කියල තිබුණ තමාට රෑ නැගිටල මුත්‍රා කිරීමට සිදුවන්නෙත් බටහිර කුමන්ත්‍රණයක් නිසා කියා. ඔහු එය කියන්නෙ තමන් පරගලයට සහභාගි වුණෙ තම කැමැත්තෙන් කියා පෙන්නීමට. එහෙත් පරගලයට මිනිසුන් එකතු කළෙ ප්‍රචාරක කටයුතු හරහා. රාජපක්‍ෂලා හොරකම් කළ නිසා ආර්ථික අර්බුදයක් ඇති වුණා කියන එක බොහෝ දෙනා පිළිගත්තෙ අවිචාරයෙන්. අදත් ඇතැමුන් එය පිළිගන්නවා. අවුරුදු හැත්තෑවක් පමණ ගෙන ගිය එජාප ජාතිකවාදී නොවන ප්‍රතිපත්ති නිසා කොවිඩ් සමග ආර්ථික ප්‍රශ්නය උග්‍ර වූ බව මිනිසුන් හිතන්නෙ නැහැ. ඔවුන්ට ඊට වඩා පහසුයි රාජපක්‍ෂලා හොරකම් කළ නිසා ප්‍රශ්නය උග්‍ර වූ බව පිළිගන්න එක.

 

අර පඬි නැට්ට හිතනවා පරගලයට ආපු හැමෝමට ආර්ථික ප්‍රශ්නය රාජපක්‍ෂලා හොරකම් කළ නිසා ඇති වූවක් කියන එක කිසිවකුගේ මැදිහත් වීමක් නොමැතිව හිතට ආවා කියා. මුත්‍රා කිරීමට නැගිටින අයට වගේ. මෙටාව සහ ජඩමාධ්‍ය උපයෝගි කරගෙන හොරා කතාව ප්‍රචාරය කළා. මිනිසුන් කතාව තව තවත් ප්‍රචාරය කළා. එය සිංහල බෞද්ධ විරෝධී පරගලයක්.

 

පරහලයට භික්‍ෂූන් වහන්සේ කිහිප නමක් සහභාගි වෙන්න ඇති. එක්කෝ කාදිනල්තුමාගේ දෑගසවුවන් වැනි අය එහෙමත් නැත්නම් ගල්කන්දෙ හාමුදුරුවන් වගේ ඉතිහාසඥයන්. ඔවුන් ප්‍රභාකරන් වෙනුවෙන් පහන් පත්තු කරපු අය. කොහොම වුණත් පරගලයෙ ආගමික නායකත්වය ගත්තෙ කතෝලික පූජකවරු ඉස්ලාම් ආගමිකයන්.

 

සිංහල බෞද්ධ විරෝධී පරගලයට රනිලුත් සහාය දුන්න බව ප්‍රසිද්ධ කාරණයක්. එහෙත් ඔහු වැඩබලන ජනාධිපති වූ විගස පරගල කුඩාරම් ගලවල පරගලයන් එලවා දැම්මා.

 

මෙහි ප්‍රධාන කාරණය ණය ගෙවීම කල්දාන එක බටහිරයන් දෙන්නෙ රනිල්ට පමණක් වීම. මා හිතන්නෙ නැහැ වෙනත් අයකු පත් වුණා නම් ණය (සහ)නය ජාමුලෙ ලබා දේවි කියා. අනෙක් කිසිවකු ඉදිරිපත් නොවී වැඩ බැරි ටාසන් කෙනකු ඉදිරිපත්වීමත් නිකම්ම සිදු වුණා නො වෙයි.

 

පහුගිය දා අද ඊනියා සහනයක් ලැබී ඇත්තෙ ණය නොගෙවීම නිසා බවට කෙරෙන කතාවට රනිල් පිළිතුරු දුන්නා. ඔහුගේ අනගි පිළිතුර වුණෙ 2027 වන තුරු ණය ගෙවන්න ඕන නැහැ කියන එක!  ඔහු කිසි නිෂ්පාදනයක් කරන්නෙ නැතුව විතරක් නොවෙයි නිෂ්පාදනවලට වැට බඳිනවා.


ප ලි. මේ ලිපිය පළකිරීමෙන් පසු දැන ගන්න ලැබුණා කුළුබඩු ප්‍රතිඅපනයනය තාවකාලික ව අත්හිටුවා ඇති බව.