History

Saturday, 25 January 2014

ඔලුබක්කෝ


අපි කුඩා කාලයේ පාසලේදී ගණක (කැල්කියුලේටර) භාවිතා කිරීම තහනම් විය.එවකට තිබුනේ ඉතා සරල උපකරණ නමුත් ගණක භාවිතයෙන් මොළේ මොට්ට වෙනවා වැනිඅදහසක් එකල ගුරුවරුන් හා දෙමව්පියන් අතර පැවතිනි. අත් අකුරු අවලස්සන වනනිසා බෝල් පොයින්ට් පෑන වෙනුවට තීන්ත පෑන නිර්දේශවූයේද මෙවැනි පසුබිමකය. අදනම් ගැජට්වලට දරුවන්ටත් කලින් ඇදී යන්නේ පියවරුන්ය. නමුත් මීට දශක තුනහතරකට කලින් අපේ සමාජය තාක්‍ෂණික මෙවලම් භාවිතය කෙරෙහි යම් අවස්ථිතියක්දක්වන ලදී.

තාක්‍ෂණික මෙවලම් භාවිතය හා මිනිස් මනසේවිකාශය අතර සම්බන්ධයක් තිබේද? බටහිර මානව විද්‍යාඥයින්ට අනුව මුල්මානවයින්ගේ සිට අද දක්වා මොළයේ පරිමාව ක්‍රමයෙන් වර්ධණය වෙමින් පැමිණඇතිමුත් යම් කිසි හේතුවක් නිසා පසුගිය වසර දස දහස තිස්සේ එහි පරිමාවක්‍රමයෙන් ක්‍ෂය වෙමින් පවතී. කෘෂිකාර්මික සමාජවල අඩු පෝෂණ තත්ව ඊට හේතුලෙස දැක්වේ. නමුත්, (මෙය තමා වැදගත්), පසුගිය වසර සියයේ පමණ සිටකාර්මීකරණයවූ සමාජවල මිනිසුන්ගේ මොළයේ පරිමාව නැවතත් වැඩි වෙමින් පවතී.සුලු මතබේද තිබුනත් බටහිර විද්‍යාඥයින් පොදුවේ පිලිගන්නා කාරණයක් නම් මොලේප්‍රමාණය වැඩිවීම බුද්ධිමත් බවේ සංකේතයක් බවය. විද්‍යා නවකථාවල පිටසක්වලජීවීන් ඔලුබක්කන්සේ නිරූපනය කෙරෙන්නේ ඒ නිසා විය යුතුය. බටහිර මානවවිද්‍යඥයින් මෙසේ නිගමණය කරන්නේ මොළයේ පරිමාව සහ ඊනියා බුද්ධි පරීක්‍ෂණ වලප්‍රතිඵල සැසඳීමෙන් මිස බුද්ධිය පිළිබඳ යම් මූල ධර්මවූ ප්‍රවාදයක් හරහානොවේ. මොළයේ නියුරෝන සංඛ්‍යාව හා බුද්ධි විභාගවල ප්‍රතිඵල වලින්ද එවැනිනිගමණවලට එළඹෙනමුත් එහිදීද කෙරෙන්නේ දත්ත සංසන්දනය කිරීමක් පමණි. දැන්අවශ්‍යනම් කෙනෙකුට ආත්මාර්ථකාමීත්වය හෝ තන්හාව හෝ මමත්වය හෝ මනින විභාගයක්කර එහි ප්‍රතිඵල සහ මොලයේ පරිමාව සංසන්දනය කලහොත් කුමන නිගමණයකට එළඹීමටහැකිවෙයිද? එහිදී කාර්මීකරණයවූ සමාජ ගැන කුමක් කිව හැකිවෙයිද? පැහැදිලිවමඑවැනි පර්යේෂණ බටහිර විද්‍යාඥයින් අතින් සිදුනොවේ. මානව විද්‍යාව යනුබටහිරුන් ඊනියා මානවයින් දකින ආකාරය මිස අපි දකින ආකාරය නොවේ.

පෘතග්ජනයින්ටනොගැලී සිටීමට නොහැකිය නමුත් ඔවුන්ට සහජයෙන්ම තමන්ගේ මනස යම් යම් දෑහිගැලී නොගැලී තබා ගැනීමට හැකියාවක් ඇතැයි මම විශ්වාස කරමි. එමෙන්ම බටහිරසංස්කෘතිය ඒ හැකියාව සාපේක්‍ෂ වශයෙන් මොට කරවතැයිද මම සිතමි. ගැලී නොගැලීසිටීම මනස ලිහිල්ව තබා ගැනීමක් ලෙස සැලකිය හැකිය. ඊට සාපේක්‍ෂව මනස යම්දෙයක ගැලීම මනස සිරවීමක් ලෙස දැකිය හැකිය. යම් දෙයක් පිළිබඳව තදබල තන්හාවක්ඇතිවීමෙදීත් යම් ගණිත ගැටලුවක් දෙස තියුණුව කල්පණා කිරීමේත් සිදුවෙන්නේමනසේ සිරවීමක් නැත්නම් ගැලීමක් යැයි මම සිතමි. ඊට සාපේක්‍ෂව මනස ලිහිල්වතබාගැනීම තුල නැත්නම් ගැලී නොගැලී පවත්වා ගැනීම තුල අයෙකුට මනසේ සංවේදීභාවය වැඩි කර ගත හැකි යයි මම සිතමි. උදාහරණයක් වශයෙන් ඉතා තියුණු කල්පණාවකසිටින අයෙකුට අවට පරිසරය පිළිබඳ සංවේදීබව අඩු බව අපි අත්දැකීමෙන් දනිමු.ගැලී සිටීමට ඇති හැකියාව වර්ධණය කර ගැනීමේදී ගැලී-නොගැලී සිටීමට ඇතිහැකියාව මර්ධණය වේ යැයිද සිතිය හැකිය.  උදාහරණයක් වශයෙන් පිරිමින් බොහෝවිටවිවිධ දේ ගැන එකවිට සංවේදී වීමට ශක්තියක් නැතිවුනද ගැහැණුන්ට විවිධක්‍රියාවන්හි එකවිට හිත යොමු කිරීමට හැකියාවක් ඇතැයි සැලකේ. අනිත් අතටතියුණුව කල්පනා කල යුතු වියුක්ත විශයන්ට ගැහැනුන්ට වඩා පිරිමින් දස්කම්දක්වති. ගැලීමට ඇති හැකියාව සහ ගැලී-නොගැලී සිටීමට ඇති හැකියාව අතරප්‍රතිලෝම සම්බන්ධයක් ඇත.

බටහිර සංස්කෘතික අභාශයෙන්කෙරෙන්නේ ගැලී සිටීමට ඇති හැකියාව වර්ධණය කරමින් ගැලී-නොගැලී සිටීමට ඇතිහැකියාව මර්ධණය කිරීමය. බටහිර සංස්කෘතිය තුල මමත්වය වර්ධණය වීම, භෞතික දේටගැලීම, පුද්ගලයා සමාජයෙන් වෙන්වීම මෙන්ම වියුක්ත චින්තනයේ හා තාක්‍ෂණයේවර්ධනයද මේ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය. මේ කරුණු ගැලීම නිසා ඇතිවෙනප්‍රතිඵල මෙන්ම ගැලීමට හේතුවන බවද කිව යුතුය. සමහර තාක්‍ෂණික මෙවලම් නිසාමනසේ සංවේදීබව මොට කරතැයි සිතිය නොහැකිද?

අද බටහිර වෛද්‍යවිද්‍යාව මුලු මනින්ම පාහේ තාක්‍ෂණයට යටවී ඇත. මීට වසර පණහකට පමණ ඉහතදීබටහිර වෛද්‍යවරයෙකුට තාක්‍ෂණයේ පිහිටක් එතරම් නොමැතිව වුවද රෝගියෙකුගේ රෝගලක්‍ෂණ හඳුනා ගැනීමට හැකියාවක් තිබුනිද මේ වනවිට බටහිර මූල ධර්මවිද්‍යාවන්ගේ (ගණිත, භෞතික) ආධිපත්‍ය නිසාම බටහිර වෛද්‍යවරුන්ට තාක්‍ෂණයේසරණ යෑමට සිදුවී ඇත. එනම් තමන්ට රෝගියා පිළිබඳව හැඟෙන දේට වඩා රෝගියාපිළිබඳව තාක්‍ෂණිකව ලබා ගත් යම් තොරතුරක් ඉහලින් තැබීමට අද බටහිරවෛද්‍යවරුන්ටද සිදුවී ඇත. බටහිර තාක්‍ෂණය පමණක් නොවේ ප්‍රායෝගිකව රක්‍ෂණනීති හා ඊනියා අචාර ධර්මද ඔවුන්ව එහි සිර කරවයි. මේ ආකාරයට ඉදිරියේදීබිහිවෙන බටහිර වෛද්‍යවරුන් හුදු තාක්‍ෂණවේදීන්වීම වැලකිය නොහැකිය. එහිදීඔවුන්ට පෙර සිටි බටහිර වෛද්‍යවරුන්ට තිබුනු යම් සංවේදී බවක් නැත්නම් ඉවක්අහිමිවෙනු ඇත. ඉව නැතිවීම බුද්ධිය ක්‍ෂයවීමක් නොවේද?

පැහැදිලිවමබටහිර සංස්කෘතිය එය බුද්ධිය ක්‍ෂයවීමක් ලෙස නොසලකනු ඇත. ඔවුන්ගේ බුද්ධිපරීක්‍ෂණවලට ඒ බව හසු නොවෙනු ඇත. නමුත් රෝගියෙකුගේ රෝග ලක්‍ෂණ හඳුනා ගැනීමටයම් තරමක දියුණු මනසක් තිබිය යුතුය (උදාඃ නාඩි වෛද්‍ය විද්‍යාව). බටහිරතාක්‍ෂණයෙන් ඒ හැකියාව මොට කරවයි. බටහිර වෛද්‍යවරු ඉව නැති කරගනිමින්තාක්‍ෂණයට ගැලෙන අතර රෝගීහු බෙහෙත් වලට ගැලෙති. ඇමරිකාවේ කොන්දේ අමාරුකාරයන් බහුලය. වේදනාව ඉවසාගත නොහැකි සමහරු වේදනා නාශක බෙහෙත්වලටම ඇබ්බැහිවෙති. අවසාන ප්‍රතිකර්මය ශල්‍ය කර්මයය. එයද හරි නොගිය වෘතියෙන්වෛද්‍යවරයෙකුවූ කොන්දේ අමාරු කාරයෙකු ගුවන් විදුලි සාකච්ඡාවකදී පැවසුවේතමන් ශල්‍ය කර්මයක් කල බවත් එහිදී වේදනාව තවත් වැඩි වුනු බවත් වේදනා නැතිකිරීමට නම් දෙවෙනි ශල්‍ය කර්මයක්ද සිදු කල යුතු බව ඔහුගේ වෛද්‍යවරුන් පැවසූබවය. ඒ නොතකා ඔහු සම්ප්‍රදායික (බටහිර) නොවෙන ප්‍රතිකර්ම සොයා ගොස් ඇත.එහිදී ඔහුට උපදෙස් ලැබී ඇත්තේ කොන්දේ වේදනාව පිළිබඳ තමන් සිත තුල පවතිනදැඩි ගැලීම අත හරින ලෙසය. මාස දෙක තුනකින් ඔහුගේ වේදනාව තුරන්වී ඇත.

අපිටඉවක් ඇත්තේ මනසින් ගැලී-නොගැලී සිටීමට හැකියාවක් ඇති නිසාය.  බටහිරසංස්කෘතිය අප තල්ලු කරන්නේ ඉව නැති කරගෙන ගැලී සිටීමටය. ගැලී සිටීමට දැඩිශක්තියක් අවශ්‍යය. නිතර බර උසුලන ශක්තිමත් මිනිසුන්ගේ මාංශ පේශීන්ප්‍රමාණයෙන් විශාලය. නිතර ගැලී සිටින්නන්ගේ මොළයේ ප්‍රමාණය විශාලවීමද ඊටඅනුරූපද? එසේනම් මොළයේ පරිමාව ගැලී සිටීමට ඇති හැකියාවේ මිම්මක් නේද? එසේනම් එය මනසේ දියුණු බවේ සාධාරණ මිම්මක් විය හැකිද

ජානක වංශපුර

2014-01-25