History

Saturday, 25 January 2014

ඉව සහ පැවැත්ම


බටහිර ජීව විද්‍යාඥයින් හා භෞතික විද්‍යාඥයින් බහුතරයක් විශ්වාස කරන්නේමොළය සිතන බවය. එනම් මොළයේ ස්නායුවල ක්‍රියාකාරිත්වය පද්ධතියක් ලෙස අධ්‍යනයකිරීම තුලින් සිතීමේ ක්‍රියාවලිය තේරුම්ගත හැකි යැයි ඔවුහු විශ්වාස කරති.නමුත් දාර්ශණික නැඹුරුවක් ඇති ඉන් සුලු පිරිසක් මොළය සිතතැයි පිලිගැනීමටමැලි වෙති. ඔවුන්ට අනුව මනසත් භෞතික ශරීරයත් අතර සෘජු සම්බන්ධයක් නැත.ඔවුන්ට ඒ පිළිබඳ සාධාරණ සැකයක් ඇති කර ගැනීමට බටහිර විද්‍යාව තුලම සිදුකෙරී ඇති පරීක්‍ෂණ හේතුවී ඇත. උදාහරණයක් වශයෙන් යම් වස්තුවක් (දෘශ්‍යඋත්තේජකයක්) ඈතක සිට වඳුරකු වෙත ගෙන එන විට ඔහුගේ මොළයේ අක්‍ෂි ස්නායුවලක්‍රියාකාරිත්වය විද්‍යුත් සංඥා ආධාරයෙන් මැන ගැනීමට හැකිය. දැන් මේ සතාඅතක් දිගු කරගෙන සිටිය හොත් ඒ අත ඇති දිසාවට (නමුත් අතේ නොගැටී) අර කලින්කී වස්තුවම ගෙන ගියහොත් එවිට අක්‍ෂි ස්නායුවල ක්‍රියාකාරිත්වය ඊට සමාන්තරනමුත් අතට එල්ල නොවෙන දිසාවකට වස්තුව රැගෙන යන අවස්ථාවක අක්‍ෂි ස්නායුවලක්‍රියාකාරිත්වයට වඩා වැඩි බව නිරීක්‍ෂණය කරන ලදී. බටහිර විද්‍යාඥයෝ එසේනොකීවත් මෙහිදී වඳුරාගේ මනස ප්‍රතිචාර දක්වන්නේ හරියට උගේ අත අග ඇසක්තිබුනා ලෙසටය. මේ පරීක්‍ෂණයත් කෘතිම අතේ මායාව (Rubber Hand Illusion) නමින් හැඳින්වෙන පරික්‍ෂණ පෙලත් වෙනත් පරීක්‍ෂණ ප්‍රතිඵල වලිනුත් පෙනී ගොස්ඇත්තේ සිරුරට ආසන්නව නමුත් ඉන් බාහිරව ඇති යම් අවකාශයක් තුල (peripersonal space) සිදුවෙන ඉන්ද්‍රීය ගෝචර උත්තේජන වලට පවා සතුන් සංවේදී වන බවය. මාසිතන අන්දමට මේ පරීක්‍ෂණ වලින් කරුණු දෙකක් පෙන්නුම් කරයි. එකක් අප විසින්භෞතිකව වෙන් කර ගන්නා සිරුර මමයැයි හඳුන්වා ගැනීම නිවැරදි නොවෙන බවය.අනික මනස මොළයට බද්ධවී තිබේයැයි ගැනීම වැරදි බවය. දෙවැන්නෙන් පළමු වැන්නදගම්‍ය වේ.

බුදු දහම තරම් මනස ගැන කථා කරන දහමක් හෝ ඊනියාවිද්‍යාවක් තවත් නැති වුවද සිංහල බෞද්ධ සංස්කෘතිය තුල මනස සහ සිරුරේසම්බන්ධකමට එතරම් වැදගත් කමක් දී ඇතැයි නො පෙනේ. කෙනෙකු හදවතෙන් ආදරය කරනඅතර තව කෙනෙකු බොක්කෙන්ද ආදරය කරයි. නමුත් මිනිසුන්ට ඇතැයි සැලකිය හැකිඉවක් ගැන කථා කරද්දී මනසේ පැවැත්ම ගැන කථා නොකර බැරිය. මිනිස් ඉව නොයෙක්ආකාරයෙන් තේරුම් ගත හැකිය. උදාහරණයක් වශයෙන් හඬන දරුවකුගේ දුක අම්මා කෙනෙකුදැන ගන්නේ කෙසේද? එහිදී වැදගත් වන්නේ හඬන දරුවාගේ රූපයත් හඬන ශබ්දයත්දරුවන්ගේ හැඬීම පිළිබඳ අම්මා විසින් කලින් දැන ගෙන සිටි යමක් හෝ පෙරඅත්දැකීමක් පමණද? එය එලෙස නම් අපිට දරු දුක දැනෙන රොබෝ වරුන් සැදිය හැකිවනු ඇත. නමුත් එහි ඊට වඩා යමක් ඇතැයි මම සිතමි. ඒ අම්මාවරුන්ට ඇති ඉවය.එහිදී අම්මාගේ මනස හා දරුවාගේ මනස අතර සම්බන්ධයක් ඇතිවේ යැයි උපකල්පණය කලහැකිය. එසේ නම් ඒ සම්බන්ධය සිදුවිය හැක්කේ කුමණ ආකාරයකටද?

ඉන්ද්‍රීයගෝචර යමක් පිළිබඳව මනස දැන ගන්නේ ඒ හා ගැටීමෙනි. උදාහරණයක් වශයෙන් බටහිරවිද්‍යාවට අනුව මලකින් පරාවර්තනය වී එන ආලෝකය නෙත ගැටීම තුලින් ආරම්භවනක්‍රියාවලියක් හරහා මනස මල ගැන සංකල්පයක් නිර්මාණය කර ගනී. දළ වශයෙන්ගත්විට මෙහිදී මලත් මනසත් එකක් නොව දෙකකි. එනම් මෙහිදී අපි මනස මලෙන් වෙන්කර ගෙන ඇත. ආලෝක තරංග අවශ්‍ය වන්නේ මේ දෙක සම්බන්ධ කර ගැනීමටය. තරංග වලටපැවැත්මක් ඇත්තේ කාලයේ හා අවකාශයේය. ඒ නිසා මනස හා මල කාලය හා අවකාශයෙන්වෙන් කෙරී ඇතැයි කිව හැකිය. එමෙන්ම මනස හා මල වෙන් කිරීම තුලින් කාලය හාඅවකාශය නිර්මාණයවී ඇතැයිද චක්‍රීය වශයෙන් අපට කිව හැකිය. මනසින් වෙන්කෙරුනු දෙයක් ගැන මනස දැන ගැනීමේදී කාලය හා අවකාශය වැදගත් වෙන බවපැහැදිලිය. මේ මනස යමක් දැන ගන්නා එක් මානයකි. එය වෙන් කෙරුනු මානය ලෙසහඳුන්වමු.

ඊට ප්‍රතිවිරුද්ධ මානයක්ද තිබිය හැකිය. එහිදීමනස ඒ දැන ගන්නා දෙය හා සමපාත වේ යැයි එසේත් නැත්නම් මනසත් ඒ දෙයත් (මලකියමු, එවිට මලත් මනසත් වෙන් කෙරෙන්නේ නැත) එකම වේ යැයි සිතිය හැකිය. එයබැඳුනු මානය ලෙස හඳුන්වමු. වෙන් නොකිරීමේ හේතුවෙන් කාලය හා අවකාශයදනිර්මාණය වෙන්නේ නැත. ඒ නිසා බැඳුනු මානයෙන් මනස යමක් දැන ගන්නාවිට කාලය හෝඅවකාශය අදාල නොවේ. මරණාසන්න අත්දැකීම් ඇති අය පවසන ආකාරයට එහිදී ඔවුන්ටඅවකාශයේ නොයෙක් තැන සැරි සරන්නට හැකි වී ඇති අතර කාලයේද  වර්තමානය මෙන්මඅතීතයද අත් දැකීමට හැකි වී ඇත. කාලය හා අවකාශය බල පැවැත් නොවුනු බැවින්මරණාසන්න මනසද ඒ අත්දැකීම් විඳ ගන්නට ඇත්තේ බැඳුනු මානයෙන් යැයි සිතියහැකිය. මෙහිදී තව වැදගත් දෙයක් නම් මනස යම් දෙයක් සමඟ එක් වීමට නම්සිරුරෙන් යම් ප්‍රමාණයකට හෝ නිදහස් වීමට හැකි විය යුතු යැයි අපට සිතියහැකිය. මරණාසන්න අත්දැකීමේදී මනස සිරුරෙන් එසේ වෙනවා යැයි සඳහන් වේ.

බොහෝවිට අපි මතකය ගැන සිතන්නේ පරිගණක දත්ත ගබඩාවක් ගැන සිතන ආකාරයටය. එනම්මතකය ඇවිස්සීම චිත්තයක ගබඩාවී ඇති යම් කරුණක් සෙවීමක් වැනි යැයි අපි සිතමු.එය එසේ නම් අපි චිත්තයෙන් චිත්තයට ඒ මතක ගබඩාව රැගෙන යා යුතුය. නමුත් මාසිතන අන්දමට අතීත ස්මරණය සිදුවෙන්නේ බැඳුනු මානයෙනි. එනම් අතීතයේ යම්සිදුවීමක් වර්තමාන මනස සමඟ සමපාත කරවීම තුලිනි. දැන් මෙහිදී වර්තමානය හාඅතීතය යැයි බෙදීමක් කරන්නේ වර්තමාන මනසය. නමුත් බැඳුනු මානයෙන් යම් දෙයක්විමසීමේදී කාලයක් අවකාශයක් නැත. එනම් මතකය ඇවිස්සීමේදී මනස දකින්නේඅතීතයකින් වර්තමානයකින් හෝ අවකාශයකින් වෙන් නොවුනු දැනුම් ගොඩකි. මෙහිදීදබැඳුනු මානය අත් කර ගැනීමට නම් යම් ආකාරයකට මනස සිරුරෙන් මුදවා ගත යුතුයැයි සිතිය හැකිය. පෙර අත් බව ගැන කිව හැකි වන්නේ මෙසේ බැඳුනු මානය අත් කරගැනීමට හැකි අයට විය හැකිය.

බැඳුනු මානයත් වෙන්කෙරුනු මානයත් මනස යම් යම් දේ දැන ගන්නා ආකාර දෙකකි (මෙය අනුමානප්‍රත්‍යක්‍ෂ අකාරයට කෙරෙන වර්ගීකරණයෙන් වෙනස් බව සැලකිය යුතුය). බැඳුනුමානයේදී මනසත් ඒ දෙයත් එකම වෙන අතර වෙන් කෙරුනු මානයේදී මනසත් ඒ දෙයත්වෙන්ව පවතී. මේ මාන එකිනෙකට ප්‍රතිවිරුද්ධ වියුක්ත අන්ත දෙකක් බවපැහැදිලිය. සතුන්ගේ මෙන්ම මිනිසුන්ගේද මනස පවතිනු ඇත්තේ මේ දෙකේම අතර මැදිඅවස්ථාවක යැයි සිතිය හැකිය. එනම් බැඳී වෙන්වීය. බැඳී වෙන්ව පවතින නිසා අපිටමලක් අලෝක තරංග ආධාරයෙන්ද කෙනෙකුගේ දුක ඔහුගේ මනස සමඟ එක්වීම තුලින්ද දැකගත හැකිය. අපිට ඉවක් ඇත්තේ මනසේ මේ ආකාර පැවැත්ම නිසාය. බටහිර විද්‍යාපරීක්‍ෂණවලින් පෙන්වා දෙන ආකාරයට සිරුරට ආසන්නව නමුත් ඉන් බාහිරව ඇති යම්අවකාශයක් තුල සිදුවෙන ඉන්ද්‍රීය ගෝචර උත්තේජන වලට අපි සංවේදී වන්නේ අපේ මනසමෙසේ බැඳී වෙන්වී පවතින නිසා යැයි කිව හැකිය.


බටහිරුන්ලෝකය දැන ගන්නේ වෙන් කිරීම තුලිනි. ඔවුන් පවතින්නේ ඔවුන් දැනගත් ආකාරයටය. ඒනිසා මිනිසුන්ට බැඳුනු මානයෙන් දැකීමට ඇති හැකියාව නැත්නම් මිනිසුන්ගේ ඉවබටහිර සංස්කෘතිය විසින් බාල කරවයි. ශිෂ්‍යයෙකු ලෙස මා ඇමරිකාවට පැමිණි මුල්දිනවලදී එහි කලින් පැමිනි සිටි ශ්‍රී ලාංකික සිසුන් ගෙන් මට ලැබුනුඅවවාදයක් නම් නුඹට වැඩ පුලුවන් බව නොපෙන්නුවොත් සුද්දන් නුඹට වැඩ බැරි යැයිසිතනු ඇති බවය. වෙනත් වචනයකින් කිවහොත් කෙනෙකුට වැඩ පුලුවන්ද බැරිද යන්නදැන ගැනීමට සුද්දන්ට ඉවක් නැත යන්නය. මෙහිදී බල පවත්නේ සංස්කෘතියේ වෙනසයැයි කීමට හැකි වුවද එය එසේ කියා ඉවත දැමිය නොහැක්කේ ඉව සංස්කෘතියේප්‍රතිඵලයක් බැවිනි. පෙනෙන්ට වැඩ කරන හැටි පුරුදු වන්නට මට වසර දහයකටත්වැඩි කාලයක් ගියේය. මගේ සමකාලීන ශ්‍රී ලාංකිකයින්ටද එසේ වන්නට ඇත. ඒ කාලයතුල මගේ යම් ඉවක් තිබිනි නම් එයද ඊට සමාන්තරව ක්‍ෂයවී යන්නට ඇති. නමුත් අදකාලේ තරණයින්ට වැඩ පුලුවන් බව පෙන්වන්නට ඊට වඩා හැකියාවක් ඇතැයි මම සිතමි.මන්ද එසේ පෙන්වීමට හැකිවීමම කුසලතාවක් වශයෙන් ගණන් ගැනෙන බැවිනි. අවාසනාවකටඅපි සුද්දන්ගේ නොහැකියාව මකන්නට ගොස් අපි අපේ හැකියාවන් මොට කර ගනිමින්සිටින්නෙමු. ඉවක් ඇත්තේ දියුණු මනසකටය. බටහිර සංස්කෘතියට එක කල නොහැකිවුනත් ඉව නැති නොකර ගෙන ලෞකික දියුණුවක් ලබා ගත හැකි විය යුතුය.


ජානක වංශපුර

2014-01-25