History

Friday, 25 August 2017

නීල මහා යෝධයාගේ දිර්ඝ ලිපියක්


නීල මහා යෝධයාගේ දිර්ඝ ලිපියක්



නීල මහා යෝධයා දිර්ඝ ලිපියක් තම වෙබ් අඩවියෙහි ආරුඪ නාමයෙන් (ඔහුට අනුව අන්වර්ථ නාමයෙන්) පළ කර එයට ධර්මසිරි වීරසිංහ තම සැබෑ නමින් ප්‍රතිචාර දක්වනවා. ධර්මසිරි වීරසිංහ නීල මහා යෝධයාට මෙහි ස්තුති කරනවා. පළමු  නීල මහා යෝධයා ධර්මසිරි වීරසිංහට ස්තුති කළා. මෙය තමන් තමන්ට ම ස්තුති කිරීම සඳහා ගත් හොඳ ක්‍රමයක්.



මේ දිර්ඝ ලිපිය මා කාලය වෙබ් අඩවියෙහි පළ කරන්නේ ඔහුට පිළිතුරු දීමට පෙර ඔහු කියන්නේ කුමක් දැයි ඔබ දැනගත යුතු නිසා. එහෙත් ඔහු මගේ කිසිම ලිපියක් දැන් තම වෙබ් අඩවියෙහි පළ කරන්නේ නැහැ. ඔහු තනිවම තම ඊනියා පිළිතුරු ලිපි පළ කර ගන්නවා.  මේ ලිපිය සම්පූර්ණයෙන් කියවීම ඔබට වෙහෙස කර විය හැකි නමුත් මා ඇතැම් කොටස් පමණක් පළ කිරීම නුසුදුසු යැයි මා සිතනවා.




මගේ දැනුම ගැන ඔහු මෙහි ප්‍රශ්න කරනවා. මට විද්‍යාව පිළිබඳ උසස් පෙළෙන් පසු දැනුමක් නැති බව ඔහු කියනවා. ඒ එසේ යැයි කියමු. අප මෙහි දී (හැම විට ම නො වේ. දැනුම ගැන පොදුවේ කතා කරන විට සහතික පත් දැනුමට පමණක් දැනුම කියන්නේ නැහැ) දැනුම යනුවෙන් කියන්නේ සහතික පත් දැනුමයි. යමකුට කියවා හෝ එයටත් වඩා කල්පනා කර හෝ ලබාගත හැකි  දැනුම ගැන කතා කෙරෙන්නේ නැහැ. නිල මහා යෝධයාට බුදුදහම පිළිබඳ ඇත්තේ සහතික පත් දැනුම පමණ ද? මා මගේ ඇතැම් දැනුම ගැන කියන විට සහතික පත් දැනුම ගැන පමණක් කියනවා. සහතික පත් උගතුන්ට ඊට වඩා යමක් කීමෙන් පලක් නැහැ. මේ සහතික පත් උගතුන් ජීවිතයේ කිසි දිනෙක අලුත් දැනුමක් නිර්මාණය කර නැහැ. ධර්මසිරි වීරසිංහ ඉංජිනේරු උපාධිය සමත් අයකු ද කියා මා දන්නේ නැහැ. ඒ කුමක් වුවත් ඔහුට විද්‍යා පීඨවල උගන්වන දේ ගැන අවබෝධයක් නැහැ. මා බටහිර විද්‍යාව පට්ටපල් බොරුය කියන්නේ ඇයි ද යන්න ගැන නීල මහා යෝධයාට කිසිම වැටහීමක් නැහැ. බටහිර විද්‍යාවේ ප්‍රවාද නිර්මාණය කරන්නේ කෙසේ දැයි ඔහු අපට කියා දෙන්නේ ද? මේ ප්‍රවාද වියුක්ත බවත් කිසියම්  වූ  ප්‍රවාදයක් ඇසුරෙන් නිගමනවලට ඒම චුල්ලහත්ථිපදොපම සූත්‍රයෙන් බැහැර කෙරෙන බවත් නීල මහා යෝධයා දන්නේ ද?



නීල මහා යෝධයා (ධර්මසිරි වීරසිංහ) මගේ ප්‍රකාශ යැයි කියන තැන්වල දී ඒ ප්‍රකාශ උපුටා ගත්තේ ගත්තේ කොහෙන් දැයි කියනවා නම් හොඳයි. එසේ ම උපුටා දැක්වීමත් කළ යුතුයි. විවිධ හාමුදුරුවරුන්ගේ ප්‍රකාශ සමග මට බැඳීමක් නැහැ. දිට්ඨි ගැන මා කියන දේ හා මෙහි සඳහන් හාමුදුරුවරුන් එකක් ම කියන බව නීල මහා යෝධයාට සාධක ඇතිව කිව හැකි ද? අප ලබන බටහිර විද්‍යාව ද ඇතුලු දැනුම සම්මාදිට්ඨි වන්නේ ද? අභිධර්මය වනපොත් කිරීමෙන් නිවන් අවබෝධ කරගන්න බැහැ. දස සංයෝජනවලින් පළමු වැන්න සක්කාය දිට්ඨි. භාවනාවෙන් සක්කාය දිට්ඨි නැති කිරීම එකක්. අප ලබා ගන්නා දැනුම සක්කාය දිට්ඨි නැති කිරීමට කෙතරම් උපකාර වෙනවා ද?   මගේ සහතික පත් දැනුම කුමක් වුවත් මා බුදුදහම විකෘති කර ඇතැයි කියන තැන් සාධක සහිතව පෙන්වා දීමට ඔහුට හැකි විය යුතුයි. දහම, ආගම හා සංස්කෘතිය ගැන අපි පසුව තවදුරටත් කතා කරමු. ආගම යන්නට ඇත්තේ එක ම තේරුමක් නො වෙයි. ආගම යන්න අද යොදා ගැනෙන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ඉංගිරිසි භාෂාවේ religion යන්නෙහි පරිවර්තනය ලෙසයි. එහෙත් වෛදික යුගයේ ආගමට තිබුණේ වෙනත් අර්ථකථනයක්. මා දැන් තවත් අර්ථකථනයක් දෙනවා. සිංහල බෞද්ධයන් ක්‍රිස්තියානීන් ආගම්කාරයන් ලෙස හැඳින්වූයේ ඇයි? සිංහල බෞද්ධයන් ආගම්කාරයන් නොවන නිසා ද?  මට එක ප්‍රශ්නයක් අහන්නට තිබෙනවා. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම, බුද්ධාගම රැකීම ආදී ප්‍රකාශවලින් අප තේරුම් ගන්නා බුද්ධාගම කුමක් දැයි නීල මහා යෝධයාට පැහැදිලි කර දිය හැකි ද?



ඕල්කට් බෞද්ධයන් යනු ඕල්කට්තුමාගේ අනුග්‍රහයෙන් ඉදි කරන ලද පාසල්වල ඉගෙන ගත් අය යැයි කීමට නීල මහා යෝධයා උත්සාහයක් ගන්නවා. ඔහුට මා එසේ කියා ඇති තැනක් පෙන්වා දිය හැකි ද? ඕල්කට් බෞද්ධයන් යනු ඊනියා ජාත්‍යන්තර බෞද්ධයන්. ඔවුන් සිංහල බෞද්ධකම නැති කර ගත් අය. ඕල්කට් බෞද්ධයන් කතෝලික පාසල්වලිනුත් රජයේ පාසල්වලිනුත් බිහි වෙනවා.



නීල මහා යෝධයාගේ ලිපි කියවීමෙන් අපහාස කරන්නා කවුදැයි පාඨකයනට දැන ගත හැකියි. 







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.


නලින් ද සිල්වා

2017 අගෝස්තු 25









ඕල්කොට් බෞද්ධයෝ  -නලින් ද සිල්වා නැමැති පුහු චින්තකයාට දෙන දෙවැනි පිලිතුර
Posted on August 23rd, 2017

නීල මහා යෝදයා


අද ශ්‍රි ලංකාව  තුල ඉතා භයානක අන්දමට පුහු චින්තකයන්ගෙන් සන්තෘප්තවූ රටක් බවට පරිවර්තනය  වී ඇති බව සඳහන් කලයුත්තේ අසරන බෞද්ධ පොදුජනතාව මෙම විනාශමුඛයෙන් බේරාගැනීම සඳහා අප කලයුතු පරම යුතුකමක් වන හෙයිනි. නලින් ද සිල්වා නැමති පුහු චින්තකයා පමනක් නොව මීවනපලානේ සිරි ධම්මාලංකාර, තිත්තගල්ලේ අනන්දසිරි යන විපරීත දෘෂ්ටි ඇති අඥාන භික්ෂූන්ද , තමන් රහත් ඵලය ලබා ඇතයි පුරසාරම් දොඩන ගිහි පැවිදි මිඨ්‍යාදෘෂ්ටිකයන් ගැනද පොදු ජනතාව දැනුවත් කලයුත්තේ නිර්මලවූ බෞද්ධ දර්මය චිරාත් කාලයක් ලක්පොලව මත පවතා ගතයුතුයි යන පිරිසිදු චේතනාව පෙරදැරි කරගෙනය.

අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජම්බුද්වීපයයි තේමාව යටතේ මීවනපලානේ සිරිධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලූ ග්රන්ථ පුස්තකාලවලින් ඉවත් කරනමෙන් පසුගියදා පුස්තකාල මණ්ඩලයට  හෝමාගම මහේස්ත්රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත්කෙරිනි.  එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වන්නේ උන්වහන්සේ විසින් රචිත සෙසු ග්රන්ථද පුස්තකාලවලින් ඉවත් කළ යුතු බවයි. එකී ග්රන්ථ යළි මුද්රණය කිරීම නතර කරන්නැයි රජයේ මුද්රණාලයටද නියෝගයක් නිකුත් කෙරුනබව තවදුරටත් එහි සඳහන් විය.

තිත්තගල්ලේ අනන්දසිරිද ලොවවටා යමින් මෙවැනිම ප්රකාශ කරමින් සිටී. පසුගියදා ලංඩන් බෞද්ධ විහාරයේ පවත්වූ ධර්ම දෙශනාවකින් පැය දෙකක් තිස්සේ ඔහු කියාසිටියේ දැනුම (ඥානය ) ඉතා භයානක දෙයක් බවත් එය පංචනීවරණ වලටත් වඩා භයන්කර නිවන වසා තැබියහැකි ධර්මතාවයක්  බවයි

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ද බුද්ධිය යනු රාග බව, දෝෂ බව සහ මෝහ බව වර්ධනය වීම ලෙස වරදවා අර්ථ කථනයකරයි. බුද්ධිමත් යනු බුද්ධියෙන් මත්වීමක් ලෙසත්  එනම්, බුද්ධිමත් යනු රාග බව, දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් ලෙසත් ඔහු අර්ථ දක්වයි.

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ගේ සහ තිත්තගල්ලේ අනන්දසිරි හිමියන්ගේ වැරදි අර්ථයන් හේතුවෙන් දැනටමත් සමහරු ත්රිපිටකයේ පාලිභෂාවෙන් සහ සිංහලෙන් නිවැරදිව ඇති කරුණු නොපිළිගන්නා බවට පත් වී තිබේ. මේ ආකාරයට වචන වලට වැරදි අර්ථයන් දීම හේතුවෙන් බුදුරජානන් වහන්සේ දේශනා කළ ධර්මය සහ විනය  අධර්මයක් සහ අවිනයක් වශයෙන් ඉතා භයානක අන්දමට සමාජගත වෙමින් පවතී.

බුද්ධකාලයේද දෙවදත්ත වැනි  අධර්මය ධර්මය මෙන් ප්රචාරය කල අයත් සිටි බැවින් නලින් ද සිල්වා වැනි නූතන මිථ්‍යාදෘෂ්ටිකයන් සිටී ම පුදුමයට කරුනක් නොවේ.

සිංහල බෞද්ධ සංස්කෘතිය, බෞද්ධාගම සහ බෞද්ධ ධර්මය


සිංහල බෞද්ධ සංස්කෘතිය, බෞද්ධාගම සහ බෞද්ධ ධර්මය අතර එකිනෙක හා සම්බන්ද අන්‍යසාධාරණ සමානකම් තිබුනද මේ වචනවලින් ආවර්ජනා කරන අර්ථයන් සර්‍ව්සම්පූර්ණයෙන්ම විවිධාකාර වේ.

සිංහල බෞද්ධ සංස්කෘතිය


එක් එක් රටවලට අයත් තමතමන්ගේ ශිෂ්ටත්වය, සංස්කෘතිය, චාරිත්‍ර,  ඕනෑ එපාකම්  සහ හැදියාව මත ගොඩනැගුන ඒ රටවලටම ආබාශවූ අතුල්‍ය බෞද්ධ සංස්කෘතියක් සෑම බෞද්ධ රටක් විසින්ම නිර්මානය කරගෙන ඇත.

ජපානයේ බෞද්ධ සංස්කෘතිය ඒරටේ ඇති ශින්ටො සංස්කෘතිය හා සබැඳිව අසමසම සංස්කෘතියක් වශයෙන් ව්‍යාප්තවී ඇත. චීන බෞද්ධ සංස්කෘතිය චීන කොන්ෆියුසියනිස්ම් සහ ටාඔයිස්ම් සංස්කෘතියන් හා සබැඳිව අසමසම සංස්කෘතියක් වශයෙන් ව්‍යාප්තවී ඇත. සිංහල බෞද්ධ සංස්කෘතියද හෙල සංස්කෘතිය හා සබැඳිව අසමසම සංස්කෘතියක් වශයෙන් ව්‍යාප්තවී ඇත.

ලෝකයේ අන්කවර හෝ ශිෂ්ටාචාරයක නොදැකිය හැකි ලක්ෂණයන්ගෙන්  පරිපෝෂිතවූ හෙල සංස්කෘතියක් මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනට පෙර තිබූ බවට නොබෝදා ලංකාවේ සහ ඉන්දියාවේ කරනලද භෞතික ශේෂයන් විශ්ලේෂණය කිරීමෙන් හා පුරා විද්‍යා කැණීමෙන් පෙන්වාදී ඇත.  භෞතික ශේෂයන් විශ්ලේෂණය හා පුරා විද්යා කැණීමෙන් පෙන්වාදී ඇත්තේ මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනට පෙර භාවිතාකරනලද හෙල භාෂාව එකල උතුරු ඉංදියානුන් භාවිතාකරනලද පාකෘත භාෂාවෙන් බිඳීගිය ප්‍රාදේශික පාකෘත භාෂාවක් වශයෙනුයි.





පළමු රූප රාමුවෙන් දැක්වෙන්නේ විජය රජතුමාගේ පියරජුවන සිංහභාහු රජතුමාගේ මාලිගාවයයි සැලැකෙන ඉංදියාවේ බෙන්ගාල ප්‍රාන්තයේ අගනුවර වන කල්කටා නගරයට කිලෝ මීටර් 40ක් නැගෙනහිරව පිහිටි චන්ද්‍රකේතුගර් යන ස්ථානයෙන් සොයා ගන්නාලද රතට පිලිස්සූ දම් මැටියෙන් සෑදූ අර්ධගෝලා කාර කෞතුක වස්ථුවක් විශ්ලේෂණය කිරීමෙන් පළ කරන ලද වාර්තාවක අනුපිටපතකි. මෙහි අභිලේඛනය කර ඇත්තේ පුරාණ ඉන්දු-බ්‍රහ්මී අඛ්ශර වලින් ලියනලද පුරාණ පාකෘත වලින් ලිවූ සන්දේශයකි. සිංහල භාෂාවට පරිවර්තනය කල විට එයින් කියවෙන්නේ “සිංහභාහුගේ මුණුපුරාට පඩුවස්දේව යයි සිංහපුරදී නම්තැබිණ” යනුවෙනි.

දෙවන රූප රාමුවෙන් දැක්වෙන්නේ එම ස්ථානයෙන්ම සොයා ගන්නාලද රතට පිලිස්සූ දම් මැටියෙන් සෑදූ අර්ධගෝලා කාර කෞතුක වස්ථුවක් විශ්ලේෂණය කිරීමෙන් පළ කරන ලද තවත් වාර්තාවක අනුපිටපතකි. මෙහි අභිලේඛනය කර ඇත්තේ පුරාණ ඉන්දු-බ්රහ්මී අඛ්ශර වලින් ලියනලද පුරාණ පාකෘත වලින් ලිවූ සන්දේශයකි. සිංහල භාෂාවට පරිවර්තනය කල විට එයින් කියවෙන්නේ “සිංහපුරවරයෙන් පැවත එන විජය සිංහ තම්භපන්නියෙන් පැවත එන කුවෙනි නම් වූ කුලස්ත්‍රීය හා විවාහ වූ බවයි” යනුවෙනි. මෙහි පාකෘත භාෂාවෙන් යක්කිනි කුවේනි යනුවෙන් සඳහන් වී ඇත්තේ  කුලස්ත්‍රීය කුවෙනි යන්න හැඳින්වීමටය.

නමුත් සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට ගොඩනැගීම ඇරඹුණේ මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනින් පසුවය. බෞද්ධ මූර්ති කලාවත්, වාස්තු විද්‍යාවත්, සිතුවම් කලාවත්, අපගේ සාහිත්‍යයත් ඉටුකර ඇති සේවය සලකා බලන කල සිංහල බෞද්ධ සංස්කෘතිය ජනතාවගේ ජීවිත කෙරෙහි සැලකියයුතු බලපෑමක් කර ඇත

බෞද්ධාගම


ආගම යනු පුද්ගලයන් හෝ සාමූහික ගණනාවක්  විසින් නිශ්චිත මූලධර්මයක්  මත එකඟ වී ඇති විශ්වාසයයි.  ඉංග්රීසි භාෂාවෙන්ද  (ආගම”)  religion”  යන වචනය බිඳි එන්නේ ලතින් භාෂාවේ “religo” යන වචනයෙනි එයින්  අදහස් කරනුයේ “යහපත් ඇදහිල්ල”, “චාරිත්ර” යනුයි,

නමුත් ආගම” යන වචනය සිංහල භාෂාවට ඇතුල්වූයේ ආගම” යන පාලි භාෂාවෙන් එන මූල්‍ය වචනයෙනි.

පාලිභාෂවතරනය, පාලිපාඨාවලී ආදී ග්‍රන්ථ සමූහයක සම්පාදකවූ අම්බලම්ගොඩ අග්ගාරාමාධිපති අග්ගමහාපණ්ඩ්ත පොල්වත්තේ බුඞදත්ත නායක ස්ථ්විර විසින් ලියනලද පාලි-සිංහල අකාරාදියට අනුව ආගම” යන පාලි වචනය්හි තේරුම “ඇදහීම”, “බෞද්ධ ධර්මයේ දීඝ නිකායාදී කොටස් පස” යනුවෙන් දක්වා ඇත..

සූත්‍ර පිටකයේද “ආගම” යන වචනය කිහිපතැනකම සඳන් වී ඇත.

අඞ්ගුත්තරනිකායේ මහාපදේස සූත්රයහි මෙසේ සඳහන් වේ. ’’මහණෙනි, මේ ශාසනයෙහි මහණ කෙණෙක් අසවල් ආවාසයෙහි බහුශ්රුතවූ, ආගම දත්, ධර්මධර, විනයධර, මාතිකාධර බොහෝ ස්ථවිර භික්ෂූහු වාසය කරත්. මා විසින් ඒ තෙරුන්ගේ සම්මුඛයෙන් අසන ලදී. සම්මුඛයෙන් පිළිගන්නා ලදී. මේ ධර්ම, මේ විනය, මේ ශාස්තෘ ශාසනයයි කියන්නේය”.

ශාසනයෙහි මහණ කෙණෙක් අසවල් ආවාසයෙහි බහුශ්රුතවූ, ආගම දත්, ධර්මධර, විනයධර, මාතිකාධර බොහෝ ස්ථවිර භික්ෂූහු …

……ශාසනයෙහි මහණ කෙණෙක් අසවල් ආවාසයෙහි බහුශ්රුතවූ, ආගම දත්, ධර්මධර, විනයධර, මාතිකාධර බොහෝ ස්ථවිර භික්ෂූහු….

අඞ්ගුත්තරනිකායේ සෙනාසනඞ්ග සූත්රය

…..බෙහෙත් පිරිකර උපදිත්ද, ඒ සෙනස්නෙහි බහුශ්‍රුතවූආගම ධර්‍මය දත්, ධර්‍මධර, විනයධර, උභයමාතෘකාධර, ස්ථවිර…..

අඞ්ගුත්තරනිකායේ AN 10.44 චොදකධම්ම සූත්‍රය

……දෘෂ්ටියෙන් පිළිවිදින ලද්දාහ. ඔහුට ආයුෂ්මත්නි, පළමුකොට ආගම ඉගෙන ගන්නැයි කියන්නාහු වන්නාහ. මෙසේ ඔහුට කියන්නාහු…….

මජ්ඣිම නිකාය MN 33 : මහා ගොපාල සූත්‍රය

……මේ ශාසනයෙහි මහණතෙම බොහෝ ඇසූ පිරූ තැන් ඇති, උගත් ආගම ඇති, දහම් දරන්නාවූ, විනය දරන්නාවූ මාතෘකා පාලි දරන්නාවූ…..


…..’’මාගේ පුත්‍ර තෙමේ ගෘශාභිනිෂ්ක්‍රමණයකොට විශිෂ්ඨ නායකවූ බුදුරජ තෙමේ විය. පසුව මම ප්‍රාඥවූ පන්සියයක් ශාක්‍ය කාන්තාවන් සමග පැවිදිව ශාන්ති සුඛයවූ නිවණ ස්පර්‍ශ කෙළෙමි. හෙවත් අවබෝධ කෙළෙමි. එකල්හි යමෙක් තුමූ පෙර ජාතියෙහි අපගේ ස්වාමීහු වූවාහුද,

’’ඔවුහු සමගිව පින් කරන්නාහූ, දැඩිසේ ආගම ධර්මයෙහි යෙදෙන්නාහු, බුදුරජුන් විසින් අනුකම්පා කරණ ලද්දාහු රහත්බව ස්පර්‍ශ කළාහුය. හෙවත් රහත්වූහ.

’’ඒ සෙසු භික්‍ෂුණීහු අහස්තලයට නැංගාහුය. අහසෙහිවූ තාරකාවන් මෙන් මහර්ධි ඇති (එම භික්‍ෂුණීහු) බැබලුණාහුය……..

බුද්ධාගම යනු බෞද්ධ ධර්මය නැමැති සත්‍යය වටා ගොඩ නැංවුනු ඇදහීම් ක්‍රමයෙකි. මෙහි ප්රධාන කාර්ය්ය වන්නේ ඇදහීම අරමුණු කරගෙන නිවන් දැකීම සඳහා අවශ්ය මානසික තත්වයන් මිනිස්සු තුල ගොඩ නැංවීමයි. පන්සිල්, අටසිල් සමත භාවනා, දානමය පිංකම්, බෝධිපූජා, චෛත්ය වන්දනා, බෞද්ධ සිද්ධස්ථාන වැනිදේ අයිති වෙන්නේ බුද්ධාගමටයි. ඒවායින් බලාපොරොත්තු වෙන්නෙ මිනිස්සුන් ගෙ සිත සන්සුන් කිරීම, ශීලය, යම්දුරට සමාදිය ඇතිකිරීම, ඇලීම  හා ආශාව අඩු කිරීම, සමාජය සාමකාමී කිරීම වැනි ප්‍රතිපලයන්ය.  නමුත් මෙයින් නිවන් අවබෝධයට සුදුසු පරිසරයක් සකස් කරනවා මිස නිවන් අවබෝධයක් ලැබීමට නොහැකිය. සූත්‍ර පිටකයේ ආගම ගැන සඳහන් වන හැම අවස්තාවේම ආගම දත්, ධර්මධර” යන වචන යුගල යොදන්නේ ධර්මය නොදැන ආගමින් පමනක් නිවන් අවබෝධකර ගැනීමක් කල නොහැකි නිසාය.

පැරණි හා නව තෙස්තමෙන්තුව යන දෙකෙහිම ” “religion” ” යන වචනය එහි ශබ්දාර්ථ විෂයයට අන්තර්ගතවී නොමැත. එහෙයින් ආගම” යන වචනයට පුහු චින්තකයා කියන අන්දමට  යුදෙව් ක්රිස්තියානි සංස්කෘතියේ ඇති සංකල්පයක් නොවේ.

බෞද්ධාගම සිංහල ජනයාගේ ජීවිතයේ පැවති විශාල අඩුවක් පිරිමසාලීය.   බෞද්ධ ශිෂ්ටාචාරය මගින් අපගේ ජීවිත හසුරුවා ඇත්තේ අල්පේච්ඡුව ජීවත්වීමටත්, නිදහස්ව සිතීමටත්, සරල ජීවිතයක් ගත කිරීමටත්, ලෝකයේ අනිත්‍ය හා දුක්ඛ යන ස්වභාවයන් අවබෝධ කරගෙන ජීවත්වීමේ වැදගත්කම වටහා දීමටත් ය.  අපගේ ජීවිත වටා අවට පරිසරය නිර්මාණය වී ඇත්තේ බෞද්ධාගම මගින් දුන් ඒ පණිවිඩය මාර්ගයෙනි.

අද සිංහල බෞද්ධාගම අදහන්නන් ආගම පමනක් දැනගත් හෙයින්, බුද්ධකාලයට පෙරසිටම  වේදය දත් බ්‍රාහ්මනයින් විසින් දියුනු කරනලද සමථ භාවනාවෙහි හිරවී බ්‍රහ්මජාල සූත්‍රයෙහි සඳහන් ආකරයට විතර්කය හා විචාරය සහිතවූ විවේකයෙන් හටගන්නා වූ ප්‍රීතිය හා සුඛය  ඇත්තා වූ ප්‍රථම ධ්යානයට පැමින මහත්සේ ප්‍රීතිවී පරම දෘෂ්ට ධර්ම නිර්වානයට පැමිනියෙයයි උදම්  අනති.

බෞද්ධ ධර්මය නොදැන බෞද්ධාගම පමනක් ඇදහීමෙන් වන විනාශය අද ශ්‍රී ලංකා සමාජය දෙස බැලීමෙන් විදේශීය රටවල ජීවත්වන අපට ලෙහෙසියෙන් තෙරුම්ගත හැකිය.

බෞද්ධ ධර්මය


බෞද්ධ ධර්මය යනු බුදුරජානන් වහන්සේ විසින් නිවන් දැකීම අරමුණු කරගෙන දේශනා කරන ලද චතුරාර්ය සත්යයි. එහි අන්තර්ගත ආර්ය අෂ්ඨාංගික මාර්ගය නිවන් දැකීමට අවශ්‍යවන මාර්ගයයි.

ධර්මය යනු ස්වභාවික යථාර්ථවාදී සත්‍යය වටා ගෙතුන ව්‍යයවහාරික විස්තරයකි. බෞද්ධ ධර්මය අනුව විස්තර වශයෙන් පරමාර්ත සත්යයයි කියා  හෝ සම්මුති සත්යය කියා හෝ අර්ථ දැක්වීම කළ හැකිමුත් එය පරමාර්ත සත්යතාව  සම්මුති ව්යවහාරයෙන් කෙරෙන විස්තරයක් යයි සූත්‍ර පිටකයේ පටිසම්භීදාමග්ගයෙහි සඳහන් කරයි

ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඞීමේ අනුපිළිවෙලක් ඇත. එනම් පළමුව ශීල කොටසේ ඇති වාචා, කම්මන්ත, ආජීව, සම්මා කළ යුතුය. දෙවනුව සමාධි කොටසේ ඇති වායාම, සති, සමාධි, සම්මා කළ යුතු වේ. අවසානයේ ප‍්‍රඥා කොටසේ ඇති සංකප්ප දිට්ඨි සම්මා කළ යුතු වේ.

සමාධි කොටසේ ඇති වායාමය සම්මා කිරීම සමථ භාවනා ලෙස හඳුන්වයි.

සමාධි කොටසේ ඇති වායාමය, සතිය, සම්මා කිරීම විපස්සනා භාවනා ලෙස හඳුන්වයි.

සමථ භාවනා සම්මා වායාමය දියුණු කිරීමෙන් ලැබෙන සමාධිය එකඟකම අනුව රූපාවචර, අරූපාවචර, ධ්‍යාන ලබා ගත හැකි වේ.

විපස්සනා භාවනාව සම්මා වායාම, සම්මා සති දියුණු කිරීමෙන් සම්මා සමාධිය ලබා ගත හැකි වේ. එමඟින් ප‍්‍රඥා ශික්ෂාවට ඇතුල්වීමට හැකියාව ලැබෙන අතර එයම දියුණු කිරීමෙන් සතර මාර්ග සතර ඵල ලැබේ.

දිට්ඨි හා සංකප්ප මනසේ අභ්‍යන්තරයේ ඇති ගුප්ත කොටස් දෙකක් වේ. දිට්ඨි, සංකප්ප යන කොටස් රැුකීමට හෝ වැඞීමට හැකි ධර්මතා නොවේ. මෙම කොටස් අවබෝධ කර ගැනීමට හැකියාව පමණක් ඇති බැවින් ප‍්‍රඥා කොටස ලෙස හඳුන්වයි. මෙය අවබෝධ කලයුත්තේ බෞද්ධ ධර්මය තුලිනි. එමනිසා නිවන් අවබෝධකර ගත හැක්කේ බෞද්ධ ධර්මය තුලින් පමනකි.

ඕල්කොට් බෞද්ධයෝ


දැන් අපි නලින් ද සිල්වා නැමති පුහු චින්තකයා විසින් නිර්මානය කරන ලද ඕල් කොට් බෞද්ධයෝ යන සංකල්පයගැන සොයාබලමු.

ලක්දිව බෞද්ධ ප්‍රබෝධයේ පුරෝගාමියෙකු මෙන්ම මාර්ගෝපදේශකයෙක් වූ අමෙරිකානු ජාතික සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා අපේම යුගයේ ජීවත් වී ඔහුගේ ජීවිතයේ පසුකාලය බුදුදහම සහ ආසියාවේ ජනයා විශේෂයෙන් ම ඉන්දියාව හා ලංකාව සඳහා කැප කළ මනුෂ්යවර්ගයාගේ  ආත්මාභිමානය දිනාගත් ශ්‍රේෂ්ඨ ජාතික වීරයකි.

වසර 200 කට වැඩි කාලයක සිට බටහිර ක්රිස්තියානි යටත්විජිත වාදීන්ට යටත්වී තම ආගම පවත්වාගෙන යාමට සිංහල බෞද්ධයන් බලවත් සටනක යෙදී සිටියදී මොහු 1880 දී ලංකාවට පැමිනියේ 1873 අගෝස්තු වලදී වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් සහ නලින් ද සිල්වා පැවතගෙන එන එකම වරිගයටම අයත් කතොලික පියතුමමෙක්වූ  ඩේවිඩ් ද සිල්වා  ඇතුලු ඉතා ව්‍යක්ත කතොලික ශාස්ත්රාලිකයන් අතර වත්වන ලද පානදුරා වාදය ගැන ඉංග්රීසි බසින් ලියා බෙදාහරිනලද පොතක් කියවීමෙන් අනතුරුවය.

1880 දී ඕල්කට් තුමා ලංකාවට පැමිනෙන විට 1815 දී සිංහල නායකයන් සහ බ්‍රතාන්‍ය ආන්ඩුව හා අත්සන්කරනලද ගිවිසුමද  උල්ලංඝනය කරමින් බෞද්ධාගම කතෝලික මිශනාරීන් විසින් බලවත් විනාශයකට පත්කොට තිබුනි.

හිංදු භක්තිකයන්ට සහ මුස්ලිම් භක්තිකයන්ට ලැබූ ආගම ඇදහීම නිදහස වත් බෞද්ධයින්ට නොලැබී තිබින.

බෞද්ධ පෙරහැරවල් පැවැත්වීම සහ බෞද්ධ සිද්ධස්ථානවලද බෙර, දවුල් තම්මැට්ටන් සහ වෙනත් සංගීත උපකරණ භාවිතය තහනම් වූ අතර බෞදයන් පවා විවාහ මංගල්‍ය සිදු කල යුතුව තිබුනේ කතෝලික පල්ලිය මගිනි. ක්‍රිස්තියානි නිවාඩු දින පමණක්  රජයේ නිවාඩු දින හැටියට නීතිගතවී තිබුනි.

16 වන ශතවර්ෂයේ ආරම්භයේ සිටම යටත් විජිතවාදී යුරෝපීය රටවල් වලින් යුරෝපී ජාතිකයින් ශ්රී ලංකාවට ගොඩ බැස්සවීමත් සමග සිංහල සංස්කෘතිය යුරෝපයේ සංස්කෘතියෙන් ප්රතිස්ථාපනය කිරීමට යටත් විජිතවාදීහු හැමවිටම  උත්සාහ කළහ. මිෂනාරිවරු මෙම ව්යාපාරය තුල වඩාත් කැපී පෙනෙන කොටස ඉටු කළ අය අතර විය. අවාසනාවට මෙන්  ඔවුන් ශ්රී ලංකාවට පැමිණියේ සිංහලයන් නොදියුනු අශිෂ්ට සම්පන්න, සභ්‍යත්වයක් නොමැති, ජනතාවක් යයි ගැඹුරටම මුල්බැසගත් නිගමනයකින් පමනක් නොව  දේශීය ආගමද සෑම අවස්ථාවකදීම කිසියම්  ක්‍රමයකින් හෝ මුලිනුදු උපුටා දැමියයුතු යුතු යයි යන ස්ථිර අධිෂ්ඨානය ඇතිවය..

මෙලෙස සිංහල බෞද්ධ සංස්කෘතිය මුලිනුපුටා දැමීමේ ක්රියාවලිය ආරම්භ වූයේ දශක ගණනාවක් පුරාය..  මිෂනාරි ව්යාපාරයෙහි සෘජු ප්රතිවිපාකය වූයේ සිංහල ජාතියේ පරාජිත මානසිකත්වය සිංහල බෞද්ධන් අතර වඩ වඩා ප්රකට විමෙනි.

මුලු සිංහලයම මෙවැනි සංස්කෘතික හා ආද්‍යාත්මික විනාෂයකට මුහුනදී ඇති අවස්ථාවක බෞද්ධාමික කටයුතු මන්දගාමීව ගමේ පන්සලේ බුදුගෙයට පමනක් සීමාවී තිබුනි.

1873 වනවිට බෞද්ධ පුනර්ජීවනයට සඳහා ඇක කැප යූයේ අතලොස්සක් පමනවූ භික්ෂූන් වහන්සේලා කිහිපදෙනෙක් පමනි.

මේ අතර මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් වහන්සේ  පෙරදැරිකරගෙන හික්කඩුවේ සුමංගල හිමි  , බුලත්ගම ධම්මලංකාර හිමි, පොතුවිල ඉන්ද්‍රජෝති හිමි, කොග්ගල සංඝතිස්ස හිමි සහ වැලිගම ශ්රී සුමංගල හිමි වැනි භික්ෂූන් වහන්සේලා බෞද්ධ පුනර්ජීවනයේ සටන දියත්කලහ.

මෙවන් අවස්ථාවක ඕල්කට් තුමාගේ පැමිනීම බෞද්ධ පුනර්ජීවනයට සඳහා ඇක කැප කල අතලොස්සක් පමනවූ භික්ෂූන් වහන්සේලාගේ ධෛර්ය්‍යට  හේතුවිය.

පානදුරවාදයේදී වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන්සේ  කිතුනුවන් හා මුහුණට මුහුණ ලා අභියෝගයට පත් කල බවත්, ඔවුන් එයින් පරාජයට පත්වූ බවත් සිලෝන් ටයිම්ස්හි ජෝන් කැපර් නැමැති ලේඛකයා විසින්  මෙම ඓතිහාසික මතභේදය පිලිබඳ පූර්න විස්තරය ග්‍රන්ථයක් ලෙස ප්රකාශයට පත් කරන ලදී. මෙම ග්‍රන්ථය යුරෝපයේ හා ඇමරිකා එක්සත් ජනපදයේ මෙන්ම ලෝකයේ දසදෙසම අනපේක්ෂිතව පුළුල් සංසරණයකට ලක් විය.

බුදුදහම හා සිරිලක ගැන ඕල්කොට්තුමාගේ පැහැදීමට හේතු වූයේ වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන්ගේ පානදුරවාදයේ වාර්තාව ග්‍රන්ථය කියවන්නට ලැබීමෙනි .

1878 දී ඔහු මැඩම් බ්ලැව්ට්ස්කි සමග  ඉන්දියාවට පැමිණියේ ආසියානු ආගමික පද්ධතියන් අධ්යයනය කිරීමත් බුදුදහම අධ්යයනය කිරීම සඳහාත් මෙන්ම මිෂනාරීන්ගේ භීෂණයට භාජනය වූ ශ්රේෂ්ඨ සටන්කරුවෙකුවූ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් හමුවීමටත්ය.

ඕල්කොට්තුමා ලක්දිවට පා තැබූයේ 1880 මැයි 17 දින දී ගාලු වරායෙනි.

මීට පෙර මෙම නැව කොළඹට පමිණ තිබූ අතර කොළඹට ළඟා වීමට පෙර දින “නව සහ දැවැන්ත වගකීම් මුහුණ දීමට සිදුවනු ඇත” යන අනාවැකි දර්ශනය ඔල්කොට් විසින් සිය දිනපොත තුල ලියා තිබුනි.

පැමිණි දිනට පසුව ඕල්කොට්තුමා මැඩම් බ්ලැව්ට්ස්කි සමග විජයානන්ද විහාරවාසී අහංගම ධම්මාරාම හිමියන් වෙතින් පන්සිල් සමාදන් වී බෞද්ධයන් බවට පත්විය.

එතුමා මහත් උනන්දුවෙන් බෞද්ධයින් විසින් පිළිගනු ලැබූබව ඕල්කොට් දිනපොත දක්වයි.

මුහුදු වෙරළෙහිත්, ජැටියෙහිත්, රොක් වී සිටියහ. ඔවුන්ගේ සාදු නදින් මුළු ප්‍රදේශයම ඒක නාද විය. ජැටියේ පඩි පෙළෙහි සිට අප කැඳවාගෙන යන්නට පිළියෙළ කළ රථය දක්වාම පාවාඩ එළා තිබිණි. දහස් ගණන් ජනයා කොඩි ඔසවා තිබුණු අතර ඇතැම්හු කොඩි වනමින් පිළිගත්හ’

බුදුසමය අන්ධ විශ්වාසයට ඉඩ නොදෙන්නක් හෙයින්ම  ඒ පිළිබඳ විශෙෂයින් ඔහුගේ අවදාරනය යොමු විය.

‘”විශ්වාසයක් වශයෙන් භාරගත යුතුම වූ එකම ධර්මයක් වත් බුදු දහමෙහි තිබිණි නම් අප පන්සිල් නොගන්නවා පමණක් නොව ඉතා සුළු කලක් වත් බෞද්ධයින් වශයෙන්  නොරැදෙන බව කිව හැකියි” යනුවෙන්ද, අපගේ බුද්ධාගම ගෞතම බුදුන්ගේ බුදුසමය වෙයි’යනුවෙන්ද  ඔහු තම දිනපොතෙය් සදහන් කලේ ඔහු ඇත්තෙන්ම බුදුදහමට මිස බෞද්ධාගම ගැන  ඔහුගේ පැහැදීමක් නොතිබූ නිසාය.(ඕල්කොට් දිනපොත 2 කාණ්ඩය)

ඕල්කට් තුමා සහ ඔහුගේ සගයන් ගාල්ල සිට කොළඹට පැමිණියේ බෞද්ධ පුනර්ජීවනය සඳහා ඇක කැප කල සැබෑ ජයග්රාහී පාගමනක් වශයෙනි. විවිධ දේශන හා ප්රසිද්ධ රැස්වීම්වලට අමතරව, බෞද්ධ නායකයන්, භික්ෂූන් සහ ගිහියන් සමඟ පැවැත්වූ පෞද්ගලික සම්මන්ත්රණද, කොළඹ 1843 ජූනි 17 දින කොම්පඤ්ඤවීදියෙහි රෙඩ් ක්ලිෆ් නම් නිවසේදී, සාමාජිකයන් හතළිහකින් පමණක් සමන්විත් පරම විඥානාර්ථ සංගමයේ කොළඹ ශාඛාව (බෞද්ධ පරමවිඥානාර්ථ සමිතිය යනුවෙන් හැඳින්වෙන) පිහිටුවීමද එහි ප්‍රධානතම අංඟය විය. එහි මූලික පරමාර්ථය වූයේ ” බුද්ධාගම ප්රවර්ධනය සඳහා වෙනත් ආගම් ප්රචාරකයන් ගෙන් එය ආරක්ෂා කිරීම, බෞද්ධයන්ව බෞද්ධ ධර්මයන් අනුගමනය කිරීම සඳහා ධෛර්යයමත් කිරීම ,බෞද්ධ ධර්මය උගන්වමින් බෞද්ධ ධර්මය පැතිරීම” යන ප්‍රධාන් කර්ය්‍ය භාර්යයි.

ඕල්කට් තුමා සහ ඔහුගේ සගයන් ගාල්ල සිට කොළඹට පැමිණියේ බෞද්ධ පුනර්ජීවනය සඳහා ඇක කැප කල සැබෑ ජයග්රාහී පාගමනක් වශයෙනි. විවිධ දේශන හා ප්රසිද්ධ රැස්වීම්වලට අමතරව, බෞද්ධ නායකයන්, භික්ෂූන් සහ ගිහියන් සමඟ පැවැත්වූ පෞද්ගලික සම්මන්ත්රණද, කොළඹ 1843 ජූනි 17 දින කොම්පඤ්ඤවීදියෙහි රෙඩ් ක්ලිෆ් නම් නිවසේදී,සාමාජිකයන් හතළිහකින් පමණක් සමන්විත් පරම විඥානාර්ථ සංගමයේ කොළඹ ශාඛාව (බෞද්ධ පරමවිඥානාර්ථ සමිතිය යනුවෙන් හැඳින්වෙන) පිහිටුවීමද එහි ප්‍රධානතම අංඟ විය. එහි මූලික පරමාර්ථය වූයේ ” බුද්ධාගම ප්රවර්ධනය සඳහ වෙනත් ආගම් ප්රචාරකයන් ගෙන් එය ආරක්ෂා කිරීම, බෞද්ධයන්ව බෞද්ධ ධර්මයන් අනුගමනය කිරීම සඳහා ධෛර්යයමත් කිරීම, සහ බෞද්ධ ධර්මය උගන්වමින් බෞද්ධ ධර්මය පැතිරීම” යන ප්‍රධාන් කර්ය්‍ය භාර්යයි

ඕල්කට් දිවයින තුල රැඳී සිටියදී දිවයිනපුරා ගමන් කළේය. ඔහු කොහේ ගියත්, පිළිගැනීම් පුලුල්ව හා නිරායාසයෙන්ම සිදුවිය. ඔහුගේ මනස සකස් වී තිබුනේ ශ්රී ලංකාවේ බෞද්ධයන්ට මහත් සේ ආධාර කිරීමට හැකි සෑම දෙයක්ම කිරීමටය. ශ්රී ලංකාවට සෑම විටම ඔහුගේ හද තුල මෘදු කෙළවරක් තිබිණි. “අහෝ! ආදරවන්ත ලංකා” ඔහු වසර ගණනාවකට පසු සිය දිනපොත මෙසේ  ලිවීය. “ඔබගේ සුභදායී ළමයින් අතර මගේ අත්දැකීම් පිළිබඳ කථාව මා ලියන විට ඔබගේ කන්කලු ඡායාරූපය මා පෙරට නැගී එනු ඇත. ඔවුන්ගේ හදවත් උණුසුම් කරවූ මාගේ සාර්ථකත්වය ඔවුන්ගේ අසමසම භාවය උත්කර්ෂයට නැංවීවූ ආගමත් එහි අතිශයින්ම නිර්මලවූ නිර්මාතෘවරයාත් වේ”.

ආරම්භයේ පටන්ම ඕල්කට් තුමා බොහෝ දක්ෂ හා උද්යෝගිමත් ස්වේච්ඡා සේවකයින් කන්ඩායමක් ඔහු වටා රැස්කර ගත්තේය. ඔහු ඔවුන්ගේ “මාර්ගෝපදේශකයා, දාර්ශනිකයා සහ මිතුරා” බවට පත්විය.

සුප්‍රසිද්ධ බෞද්ධ පුනර්ජීවනයේ  නයකයෙක් වූ අනගාරික ධර්මපාල තුමා ඕල්කට් තුමාගේ භාෂා පරිවර්තකයා ලෙස කටයුතුකලේය.

නවෝදමත් උද්යෝගය ප්රායෝගික කරගෙන දිගුකාලීන සහ සැබවින්ම  ප්රතිඵල සාක්ෂාත් කර ගැනීම සඳහා වූ නොවැරදිය හැකි පරිවර්තනයකට අවශ්ය වූ පියවරයන් ඔහු විසින් පෙන්වා දෙනලදී. ඔහු නිශ්ශබ්දව සිටි මිනිසෙක් විය. ඔහු ඉදිරියේ ඇති බාධක ඔහුට    අවහිරයක් වූයේ නැත. ප්‍රතිවිරෝද ප්‍රචාරය  ඔහුට වැඩි ශක්තියක් ලබා දුන්නා පමණක් නොව, ඔහු සුළු පරිමාණයෙන් මතුවූ ආණ්ඩුවේ විරුද්ධත්වයෙන් පවා ඔහුගේ ප්රයත්නය වඩා දෙගුණයක් කර ගත්තේය. සමහර ක්රිස්තියානි භක්තිකයන් විසින් ඔහුගේ ජීවිතය නැතිකිරීමට කළ ප්රයත්නය පවා ඔහුගේ උද්යෝගය වැඩි කිරීමට හේතු විය.

බෞද්ධ අධ්යාපනය


ඔහු සිංහල බෞද්ධයා ගේ  දුර්වලම ස්ථානයවූ බෞද්ධ දරුවන්ගේ අධ්යාපනය බෞද්ධ පරිසරයක් මත ලබා ගත යුතු බව ඔහු අවධාරණය කළේය. ඔහු ශ්රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී දිවයිනේ බෞද්ධ පාසල් දෙකකට පමණක් සීමාවී තිබුනි. මෙයින් එකක් දොඩන්දූවේදී පූජ්ය පියරතන හිමියන් විසින් ආරම්භ කළ පාසැලක් වන අතර  අනෙක පානදුරේ පිහිටි බෞද්ධ සමාජයක් විසින් මෙහෙයවන ලද ගුණරතන නාහිමිගේ අධීක්ෂණය යටතේ  වූ පාසලක් විය. පාසල් දෙකෙහිම මුළු ශිෂ්‍යයන්ගේ පැමිණීමේ ප්රමාණය 246 වූ අතර මේ වන විට දරුවන් 78,086 ක් සහභාගි වූ ක්රිස්තියානි පාසල් 805 ක් රටතුල පිහිටා තිබින. එහි  වැඩි දෙනෙක් ක්රිස්තියානි නොවන දෙමාපියන්ගේ පවුල්වලින් පැමිනි අයවූහ. වසර ගණනාවකට පසුව බෞද්ධ පාසල් සඳහා රජය විසින් රු. 532 ප්‍රදානය කර ඇතිතර එම වසරේම ක්රිස්තියානි පාසල් සඳහා රජය විසින් රු. 174,420 ප්‍රදානය කර ඇත

සෑම ප්‍රදේශයකම  බෞද්ධ පාසල් ස්ථාපිත කිරීම සඳහා වූ සටන මෙහෙයවීමට ඔල්කොට් සිය හදවතින්ම නැගී ආ ආත්ම පරිත්යාගයෙන් සිදු කළේය.

ඔහු  බෞද්ධ අධ්යාපනය නගාසිටවීම බෞද්ධ මිශනාරි ක්‍රමයකට සිදුකිරීමට කිසිසේත් එකඟ නොවීය.

බෞද්ධ අධ්යාපනික ව්යාපාරය ප්‍රධාන වශයෙන්  මහජනතාවගේම  ව්‍යාපාරයක් බවත් එය  ජනතා විසින්  ජනතා වෙත කෙරෙන ව්‍යාපෘතියක් විය යුතු අතර, එය පරිස්ථානීව වර්ධනය විය යුතු බවත්, එහි පදනම ජනතාවගේ ජීවිතවලට ගැඹුරටම සමීපව වියයුතු යුතු බවත් ඔහු අවදාරනය කලේය.

සිංහලයින්ගේ භාෂාව, ඔවුන්ගේ චාරිත්ර හා ඔවුන්ගේ උතුම් සංස්කෘතිය ගැන උඩඟු වීමට ජනයාට ඉගැන්විය යුතු බවත් ජාතික පුනර්ජීවනයකින් හා එය සම්බන්ධ කර ගැනීමට කැමති විය. ඔහු තමාගේ කාලය, සේවා සහ මුදල් පවා නොමිලේ ලබා දුන්නේය. එහෙත් ඔහු කිසි විටෙකත් සැලසුම් හෝ කාර්යයන් නොකළමුත් ඔහු පසුබිම් සිට එදෙස බලාගෙන, අරගල කරන්නට, වැරදි කිරීමට හෝ සමච්චල් කිරීමට පවා ඉඩ දුන්නේය. ජයග්රාහකයන්ගේ සාර්ථකත්වය අත්පත් කර ගැනීමේ ප්රීතිය, ඔවුන් සටන් කර දිනා ගත් ජයග්රාහකයන්ට ප්‍රධානය කිරීමට ඔහුට අවශ්ය විය. මුදල් අවශ්ය වූ විට, ඔහු බොහෝ විට හිඟාකමින්ද මුදල් එකතුකලේය.

1883 දෙසැම්බර් මස 23 වන දින බෞද්ධ අධ්යාපනය සඳහා ප්රථම බෞද්ධ සල්පිල” පැවැත් වූ අතර, මෙම ආරම්භය සඳහා ආරම්භයේ පටන්ම බෞද්ධයන්ගේ විරෝධය දක්නට ලැබුණි. පසුව මෙම “සල්පිල” බෞද්ධ ක්රියාකාරකම් වල නිත්ය අංගයක් බවට පත් විය. එතෙර ඉඩම්වලින්ද තායිලන්තය, බුරුමය, එංගලන්තය හා ඇමරිකාව යන රටවල භාන්ඩද මෙහිදී අලෙවි කරන ලදි.

1881 වෙසක් මංගල්යයේදී කැලණි විහාරයේ බෞද්ධ ජාතික පුස්තකාලයේදී  ඕලෙකොට්  තුමා විසින් “බෞද්ධ දරුවන්ගේ ආගමික හා ලෞකික අධ්යාපනය ප්රවර්ධනය කිරීම සහ බෞද්ධ සාහිත්යයේ ව්‍යාප්තිය” සඳහා අරමුදලක් ආරම්භ කරන ලදී. ඔහුගේ අවාසනාවන්ත අකාල මරණයට පත් වූ කාලය දක්වා බෞද්ධ  ප්‍රබෝධයේ ශ්රේෂ්ඨ සේවකයෙකු වූ ආර් මිරන්ඩෝ සිය කතාවෙන් පසුව පළමු චෙක්පත (රුපියල් 100) ඕල්කට්  වෙත ලබා දෙන ලදී. 1886 වන විට බෞද්ධ ජාතික අරමුදල රුපියල් 13,000 ක් එකතු කර ඇත. ඔල්කොට් තුමා ජනතාවගේ උද්යෝගය නගාසිටුවීම  සඳහා බොහෝ දේ කළහ. ඔහු වෙසක් දිනය සඳහා ප්රසිද්ධ නිවාඩු දිනයක් ලෙස බෞද්ධයන් සඳහා එය ලබා ගැනීමට උපකාර කළේය. නව ව්යාපාරයක් සඳහා මූලස්ථාන ගොඩනැගිල්ලක් අවශ්ය බව ඔහු අවධාරණය කළ අතර, 1885 මැයි මාසයේදී එය මිලදී ගැනීමට බෞද්ධයන්ට හැකි විය.

ධර්ම ප්‍රචාරය කිරීමේ වැදගත්කම පෙන්වාදෙමින් ඔහු බෞද්ධ පුවත්පතක් පිහිටුවීම  යෝජනා කළේය. එහි ප්රතිඵලයක් වූයේ 1889 දෙසැම්බරයේ ආරම්භ කළ ” සරසවි සඳරැස” යි. එය සිංහල කාව්යයට අලංකාර ශෛලියක්, ආකර්ෂණීය හා ජනප්රියත්වයක් දුන් අතර එමගින් සිංහල සාහිත්යයේ නව යුගයක් නිර්මාණය විය. ” ‘සරසවි සඳරැස” ඉක්මනින්ම පිළිගත්  ආයතනයක් බවට පත්විය.

සංස්කාරකවරයා සුමුදු රාජකීය වාතාවරණයට හුරුවී සිටි රාජ්‍ය සේවයේ සාමාජිකයන් අතර දූෂණය හා බොරු අහංකාරකම හෙලිදරව් කිරීමේ දී ඔහු අනුකම්පා විරහිත විය. රාජ්‍ය සේවකයෝ කර්තෘවරයාට විරුද්ධව කැරලි ගසමින් හඬ නැගූ අතර, “දිවයිනේ සාමය හා සමෘද්ධිය සඳහා නව අන්තරායක්” ගැනද කතා කලේය. බි්රතාන්ය පුවත්පත්වල ඔවුන්ගේ අනුචරයින් විසින් නිතිපතා “දේශීය” පුවත්පත් නිර්මානය කිරීමේ වැඩෙන ප්රවනතාවය දැඩි ලෙස මර්දනය කිරීම අරභයා කතුවැකි මගින් ඉල්ලීම් ඉදිරිපත් කලේය. එහෙත් “සරසවි සඳරැස” කර්තෘවරයා නොසැලී සිටියේය. එංගලන්තයේ ලිඛිත මාධ්යවේදීන් හා මහජනතාව අතර සබඳතා ඇති කරගත්  ඔහුව මර්දනය මගින් යටපත් කිරීමට අපහසු විය. “The Buddhist” පසුව “සරසවි සඳරැස” ට ඉංග්රීසි අතිරේකයක් වශයෙන් ලංකාවේ පරම විඥානාර්ථ සමාගම මගින් ආරම්භ කරන ලද අතර  1918 දී එය  Y.M.B.A (බෞද්ධ තරුණ සංගමය)වෙත පවරන ලදී. “The Buddhist” පුවත්පතේ පළමු සංස්කාරක වූයේ සී.ඩබ්ලිව්. ලෙඩ්බීටර්. එයින් පසු මුඩලියාර් එල් සී විජේසිංහ (මහාවංශයේ ප්රසිද්ධ පරිවර්තක) , ඒ.ඊ. බුල්ජෙන්ස්, ඩී. බී. ජයතිලක සහ ඩබ්ලිව්. ඒ. ද සිල්වා යන  බෞද්ධ පුනරුප්පාදන ව්යාපාරය තුළ කැපී පෙනුණි අය වූහ .

දරුවන් සහ ගිහියන් පමණක් නොව බොහෝ බෞද්ධ භික්ෂූන් පවා ආගම ධර්මයේ මූලධර්ම පවා නොදන්නා බව තම අත්දැකීම් තුලින් ඔල්කොට් තුමා වටහා ගත්තේය. එමනිසා බෞද්ධ භික්ෂුවන් ලවා බෞද්ධ වන්දනාව සහ බෞද්ධ ධර්ම ඉගැනීමට ප්‍රශ්නෝත්තර මාර්ගයෙන් ඉගැන්වීමට හැකි බෞද්ධ වන්දනා පොතක් (කැතිකීස්මයක්) ලියා ප්‍රසිද්ද කිරීමට උත්සාහකලත් එය සාර්ථක වූයේ නැත. එබැවින් ඕල්කට්තුමා ඔහුගේ දෙවන සංචාරය අතරතුර, තම සංචාරයන්, දේශන හා අනෙකුත් ක්රියාකාරකම්වලට අමතරව ඔහු විසින්ම එය ලිවීමට පටන් ගත්තේය.

ඔහුගේ අදහස වූයේ කිතුනු නිකායවලින් ඉතා සාර්ථක ලෙස භාවිත කළ කැතිකීස්මයකට හා සමාන මූලික අත්පොතක් ලියා ප්රසිද්ද කිරීමයි. මෙම කර්තව්යය සඳහා මෙම උත්සාහවත්ත ඇමරිකානුවාහට  බෞද්ධ පොත් පත් වල ඉංග්රීසි සහ ප්රංශ පරිවර්තන පිටු 10000 කට වඩා කියවීම සිදුවිය. මෙම බුද්ධ ඇදහිල්ලේ අත්පිටපත අවසන් වූ පසු එය විද්යෝදය පිරිවෙනේ ප්රධානී හික්කඩුවේ සුමංගල මහනායක තුමා විසින් අනුමත කරන ලදී.

සිංහල සහ ඉංග්රීසි අනුවාදයන් 1881 ජූලි 24 දිනදී එකවර  ප්‍රකාශයට පත් කරනලදී. එය පාසල්වල පොතක් වූ අතර සෑම සිංහල පවුලකටම එය සොයාගත හැකි විය. ඔල්කොට් පොත පසුව භාෂා 20 කට පරිවර්ථනය කර ඇත.

අපේක්ෂා කළ හැකි පරිදි මෙම විවිධාකාර බෞද්ධ ප්‍රබෝදයේ ක්රියාකාරකම් වලට සෑම පැත්තකම සිටම  විරුද්ධත්වය උසිගැන්වීය.  නිල වශයෙන් බෞද්ධ අධ්යාපනයේ ප්‍රබෝදය දැඩි විරුද්ධවාදීන්ගේ කලහකාරී පැවැක්මත් බවත් එය කෙසේ හෝ මර්දනය කලයුතුම් බවත් නිගමනය වීය. බෞද්ධ ප්‍රබෝදයට බාධා කරවන මර්දන පියවරවල්  බොහෝ විට අනුමත කරන ලදී. බොහෝ විට ආගමික වෙනස්කම් සහිත රෙගුලාසි අත්තනෝමතිකව පනවා ඇත .බෞද්ධ පෙරහැරවල් පැවැත්වීම සහ බෞද්ධ සිද්ධස්ථානවලද බෙර, දවුල් තම්මැට්ටන් සහ වෙනත් සංගීත උපකරණ භාවිතය තහනම් වූ අතර හින්දූන් හෝ මුස්ලිම්වරුන් මත එවන් සීමා කිරීම් කිසිවක් තැබුවේ නැත.

1883 පාස්කු ඉරිදා කොළඹ බෞද්ධ සිද්ධස්ථානයක බෞද්ධයන්ගේ සාමකාමී පෙරහරකට කොටහේන දී ක්රිස්තියානි භක්තිකයින් විසින් දරුණු ප්රහාරයක් එල්ල කර ඇති අතර කැරලි ගැසීම අතර මිනීමැරුමක්ද සිදුවී ඇත. එහෙත් බෞද්ධයන් සම්බන්ධයෙන් නිලධාරීන්ගේ උදාසීනභාවය පිලිබිබු වී තිබුනේ, වැරදිකරුවන් සොයා ගැනීමට කිසිදු උත්සාහයක් නොගැනීම නිසාය. මෙයින් බෞද්ධයන් ඔවුන්ගේ අනාරක්ෂිත භාවය නිරාවරණය ලද අතර, ඔවුන්ගේ අවශ්යතා ආරක්ෂා කර ගැනීම සඳහාත්, ඇතැම් දුක්ගැනවිලි පිලිබඳ සුරක්ෂිත තීරණයක් ගැනීම සඳහාත් බෞද්ධ ආරක්ෂක කමිටුව ලෙස හැඳින්වෙන සංවිධානයක් පිහිටුවීය.  කර්නල් ඕල්කට් මෙම සංවිධානය වෙනුවෙන් ලන්ඩන් බලා පිටත්ව යාමටත්  රාජ්‍ය ලේකම් හමුවී සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීමටත් මෙම සංවිධානය පෙලඹීය. ඔල්කොට් සිය සේවය සඳහා කිසිදු දීමනාවක් බලාපොරොත්තුවූයේ නැත

ඕල්කට්ගේ යටත් විජිත කාර්යාලය වෙත ගිය දූත මෙහෙය  විවිධාකාරයෙන්ම ඵලදායී විය. ඔහුට සාර්ථකව බෞද්ධ විවාහ ලියාපදිංචි කරුවන් විවිධ ස්ථානවල පත්කර ගැනීමට හැකිවූ අතර  පල්ලියේ උත්සවයේ අවශ්යතාවයක් නොමැතිව මින් පසු බෞද්ධයින්ට ඔවුන්ගේ විවාහයන් කරගැනීමට හැකි විය. බෞද්ධයන් පවා අධිකරණයට කැඳවූ අවස්ථා වල  බයිබලය මත දිවුරුම් ලබා දීමේ පුරුද්ද  මින්පසු සත්‍ය ස්ථාපනයක් ලෙස ගෙන බෞද්ධයින්ට එය අනවශ්‍ය විය. බෞද්ධ නිවාඩු දිනයක් ලෙස නිල දින දර්ශනයෙහි දැක්වුණු අතර බෞද්ධයන් වෙසක් උත්සවය ආලෝකවත් උළෙලක් ලෙස පැසසීමට  ආරම්භ විය.

මිෂනාරිවරු මුලින් හිතාමතාම නොතැකීමකින් පසු බෞද්ධ පුනර්ජීවනය වෙත අවඥා සහගතව බැලූහ. ඉන්පසු ඔවුන් එය සැලකිල්ලට ගෙන එය හැඳින්වූයේ “ඊනියා බෞද්ධ පුනර්ජීවනය” ලෙසිනි. 1889 වනවිට ඔවුන්ගේ දෘෂ්ටිකෝණයෙන් මතු තත්වය ගැන සෑහීමකට පත්විය නොහැකි විය. එම වසරේදී නිකුත් කරන ලද අභියාචනයක දී ඔවුන්  විශ්වාසවන්තයින්ගේ යාච්ඤා සහ උපකාරය ඉල්ලා සිටියහ. “අප වටා පැතිරෙන සතුරන්ගේ බලවේග සමග සාර්ථකව මුහුණ දීමට අපට මෙම යාච්ඤා සහ මෙම උපකාර අවශ්යය. බෞද්ධගම ඔවුන්ගේ නියොජිතයින් දෙගුන තෙගුන කර  අපගේ ස්වාමීන් වන යේසුස් ක්රිස්තුස්ගේ සුවිශේෂයේ ප්රගතියට විරෝධය දැක්වීමේ ක්‍රියාවලියේ යෙදීඇත .

වර්ෂ 1902 දී බෞද්ධ කටයුතුවල සාර්ථකත්වය හේතුකොටගෙන බෞද්ධ පාසල්වල සේවය කළ  කිසිදු කිතුනුවකු සිය පාසල්වල සේවයේ නොයෙදීමට යෝජනාවක් සම්මත කිරීම පල්ලියගේ මිෂනාරු සංගමය සමත්විය. 1903 වන විට ඔවුන්ගේ පැමිණිලි බලවත් විය “බෞද්ධයන් විසින්  උද්ඝෝෂණ පැවැත්වීම නිසා, බෞද්ධ  දෙමව්පියන් අප විසින් රැකබලා ගන්නා දරුවන් ඉවත් කර ගැනීම නිස අපට ලැබෙන ආධාර මුදල සීග්‍රයෙන් පහතට වැටේ” යනුවෙනි.

මෙම නොයෙකුත් අඩුපාඩු හමුවේ බෞද්ධ අධ්‍යාපන පුනර්ජීවන ව්යාපාරය ආරම්භයේ දී සිදු වූ ප්රගතිය සැබැවින්ම අති විශිෂ්ට විය.

1881 පෙබරවාරි මස 13 වන දින මැලිබන් වීදියේ පිහිටි ලංකාවේ පරම විඥානාර්ථ සමාගම පරිශ්රයේ පළමු බෞද්ධ දහම පාසල ආරම්භ කරන ලදී. එම වසරේ මැයි මස සිට ඕල්කට් සමඟ ශ්රී ලංකාවට පැමිණ සිටි සී.ඩබ්ලිව්. ලෙඩ්බීටර්, ඉරිදා පාසල භාරව කටයුතු කරන ලදී. 1886 නොවැම්බර් මස 1 වන දින පිටකොටුවේ පිහිටි එම පාසල පිටකොටුව බෞද්ධ ඉංග්රීසි පාසලක් බවට පරිවර්තනය කරන ලද අතර එය පසුව ආනන්ද විද්යාලය බවට පත් විය. ලෙඩ්බීටර් මහතා සම්භාවනීය විදුහල්පති වශයෙන් පත්වී එතුමාගේ ප්‍රදානත්වයෙන් ශිෂ්‍යයින් 37 දෙනෙක් ගෙන් සමන්විත මෙම පාසල  ආරම්භ විය.

මෙම ව්යාපාරය ආරම්භ කිරීමට 1886 ඔක්තෝබර් 23 දින පවත්වන ලද ප්‍රසිද්ධ රැස්වීමට අදාල, ආරාධනා ලිපියට “මෙම අවස්ථාවේ  කිසිදු මුදල් එකතු කිරීමක් සිදු නොකරන බව” සඳන් සිංහල භාෂාවෙන් මුද්රණය කරන ලද වචන අඩංගු කිරීමට සිදු විය. ලෙඩ්බීටර් පසුව සඳහන් කලපරිදි පාසැල් ආරම්භ වීමට පෙර ඉරිදා දින සවස  කිරිබත් සහ අනෙකුත් භෝජන සංග්රහයක් පවත්වන ලදි. පළමු වසරේ දීම මෙම බෞද්ධ ඉංග්රීසි පාසලට රු. 359ක ආධාර මුදලක් ලැබින.

1899 වන විට ශිෂ්‍යයින් 15,490 ක් සහිතව බෞද්ධ පාසල් 194 ක් පිහිටුවන ලද  අතර ඉන් 92 ක්ම ලියාපදිංචි කර තිබුනි. ඒ කාලයේම රෝමානු කතෝලික පාසල්වල ශිෂ්‍යයින් 30,425 ක්ද වෙස්ලියන්ස්හි ශිෂ්‍යයින් 22,808 ක්ද සහ සී. එම්. එස් ශිෂ්‍යයින් 14,110ද වූහ.

බෞද්ධයන්ට ලැබුණු ආධාර රුපියල් 27,430 ක් විය. පරම විඥානාර්ථ සමාගමේ වියදම රුපියල් 34,000ක් වූ අතර ප්රාදේශීය කළමනාකරුවන් සහ ප්රාදේශීය කමිටු විසින් වියදම් කළ මුදල රුපියල් 15,000ක් විය.

ඕල්කට්තුමාගෙන් ලංකාවේ බෞද්ධයන්ට ලැබූ මාර්ගෝපදේශකත්වය ලංකාවේ බෞද්ධ අධ්යාපනයේ පුනර්ජීවනයට බෙහෙවින්ම උපකාරී විය.

නිසි ගෞරවය හා කෘතඥතාව පිරිනැමිය යුතු, බෞද්ධ පුනර්ජීවනයේ මුල් වූ නායකයින් බලාපොරොත්තු වූයේ,   ඔවුන්ගේ ආගම සහ ඔවුන්ගේ රට වෙනුවෙන් ඉටු කළ යුතු සිය රාජකාරිය කිරීමෙන් ඇතිවූ තෘප්තිය පමණි.

එහෙත් බෞද්ධ අධ්යාපන ව්යාපාරයේ පුරාවෘත්තයන් තුළ මුලින්ම සඳහන් කලයුතු ස්වේච්ඡා සේවකයන් අතරඩබ්ලිව්. ඩබ්ලිව්.බවුල්ස්-ඩේලි සහ මරී මියසියුස් හිගින්ස් වැනි ලංකාවේ බෞද්ධ අධ්යාපනයේ පුරෝගාමීනූත් විවිධ ක්ෂේත්රවල සේවය කල ඇන්ඩෲ පෙරේරා, බී. ටී, එස්. මුහන්දිරම් ධර්ම ගුණවර්ධන; බෞද්ධ ආරක්ෂක කමිටුවේ ලේකම් ජෝන් ආර්. ද සිල්වා; විලියම් ඩි ඇබෲ, හැරී ඩයස්, ජේ. මුණසිංහ, සී. ඩො. බැස්ටියන් වැනන් ඉතා ගෞරවපුර්වකව සිංහල බෞද්ධයන් වශයෙන් සදා අනුස්මරණය කලයුතුව ඇත.

ඕල්කට්තුමාගෙන් ලංකාවේ බෞද්ධයන්ට ලැබූ මාර්ගෝපදේශකත්වය ලංකාවේ බෞද්ධ අධ්යාපනයේ පුනර්ජීවනයට බෙහෙවින්ම උපකාරී විය.

වයස අවුරුදු 16 දී, ඩේවිඩ් හේවාවිතාරණට ( පසුව අනගාරික ධර්මපාල නමින් හැඳින්වූ)  කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් හා බ්ලැවට්ස්කි මැතිණිය හඳුනා ගැනීමට ඉඩ සැලසුණි. වයස අවුරුදු 19 දී විශේෂ සාමාජිකත්වයකින් පරම විඥානාර්ථ සමාගමට බඳවා ගන්නා ලදි. 1886 දී හෙන්රි ස්ටීල් ඕල්කට් හා සී. ඩබ්. ලෙඩ්බීටර් බෞද්ධ අධ්‍යාපන අරමුදලට ආධාර එකතු කරනු පිණිස ලංකාවට පැමිණියහ​. ඔවුනගේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කිරීමට ඩේවිඩ් හේවාවිතාරණ රජයේ රැකියාවෙන් ඉවත් විය​. ඕල්කට්තුමා සමග රට පුරා කළ සංචාරය ඔහු ගේ ඇස් අරවන්නක් විය​. සිංහල ජාතියට හා බුදු දහමට​ සිදුව ඇති පරිහාණිය එහි දී ඔහු සියැසින් දුටුවේ ය​.

සිදුව ඇති පරිහාණියට ප්‍රතිකර්ම යෙදීම උදෙසා, තමන් ස්වකීය දිවියම බුදු දහමේ උන්නතිය උදෙසා කැප කිරීමට අධිෂ්ඨාන කර ගත් බවත්, තමාට ගිහි ගෙයින් ඵලක් නැති බවත්, අනගාරිකව විසීමට අවසර දෙන ලෙසත් ඉල්ලමින් 1886 ජනවාරි 12 වන දින තම පියාට ලිපියක් යවන ලදි. හික්කඩුවේ සුමංගල හිමි ගේ කරුණු පහදා දීමකින් අනතුරුව, පියා, ඩේවිඩ් හේවාවිතාරණට අනගාරික වීමට අවසර ලබා දුන්නේ ය​. තරුණ ධර්මපාලතුමා කර්නල් ඕල්කොට් තුමාගේ පරිවර්තකයා ලෙස කටයුතු කර ඇත. අනගාරික ධර්මපාලතුමාට පාලි ඉගෙන ගැනීමටත් මානව වර්ගයාගේ යහපත උදෙසා කටයුතු කිරීමට උපදෙස් දුන් මැඩම් බ්ලැවට්ස්කි සමීප වූවාය. ධර්මපාල (ඔහුගේ නම “ධර්මයේ භාරකාරයා” යන්නෙහි අර්ථය ඇති ධර්මපාල යන නමට ඔහු විසින්ම වෙනස් කරන ලදී).

වර්‍ෂ 1886 සිට 1890 දක්වා කාලය තුළ බෞද්ධ පරම විඥානාර්ථ සංගමයේ බෞද්ධ අංශ​යේ මහ ලේකම්, බෞද්ධ මුද්‍රණාලයේ හා සඳරැස පත්‍රයේ කළමණාකරු, බෞද්ධ පාසල් කළමණාකරු, බෞද්ධ ආරක්‍ෂක කමිටුවේ සහයක ලේකම් යනාදි තනතුරු ධර්මපාලතුමා විසින් දරණ ලදි.

1891 දී අනගාරික ධර්මපාල විසින්  නවතම පිහිටුවන ලද මහාබෝධි විහාරය සඳහා වන්දනා චාරිකාවක නිරතව සිටි අතර,වැඩි කාලයක් ඉංදියාවේ ගතකර ඇත

ඕල්කට්තුමා 1893 දී චිකාගෝහි පැවති පළමු ලෝක ආගම් පිලිබඳ පාර්ලිමේන්තුවට සහභාගී වීම සඳහා ධර්මපාලතුමාට අනුග්රහය දැක්වීය. මෙය බෞද්ධ ධර්මය ගැන බටහිර ලෝකයට කල පළමු පිළිගැන්වීමයි . මහා බෝධි සමාගම පිහිටුවීම සඳහාද ඔහු දායක වූ අතර තවත් රටවල් කීපයක් හැර ඉන්දියාවේ බුද්ධාගම සංවිධානය කිරීම සඳහාද දායක විය.

ඕල්කට්තුමාට ශ්රී ලංකාවෙන් සමුගැනී පෙර , මෙම වෙරළ තීරයට මුලින් ගොඩබැසූ දා ඔහුට තිබූ බලාපොරොත්තු සියල්ලම ඉටුවීම දැක ගැනීමට ඔහුට හැකි විය. ඔහුගේ කාර්ය භාර්ය තුල තිබූ බොහෝ අංගයන් අතරෙන් අධ්යාපන ක්ෂේත්රය තුළ ලැබූ ජයග්රහණය ඉතාමත් දීප්තිමත්ම විය. ඔහු ශ්රී ලංකාවෙන් පිටත් වූයේ, පළමු පංතියේ බෞද්ධ පාසල් තුනක් සහ අනෙකුත් පාසල් දෙසීයක් ඔහුගේ ව්යාපාරය මගින් ඇතිකරග්ත්තවූ ගෞරවයට පාත්ර වූ අවස්ථාවේ ය.

ඕල්කට්ගේ සංචාරයේ ප්රථිඵල ඇත්තෙන්ම සාර්ථක වූ අතර, ඔහුගේ දිනපොතෙහි පහත දැක්වෙන සටහන අනාගත පරම්පරාවගේ     පුනරීක්ෂණය සඳහා තබා තිබුනි. “සෑම තැනකම බීජ වැපිරීමෙන් ලබාගත් අතිවිශිෂ්ට අස්වැන්න දැන් අපිට නෙලා ගත හැකිය, සෑමතැනම ඉදිවූ බෞද්ධ පාසැල්වලින්  අන්‍යාඅගමික ගුරුවරුන්ගෙන් සහ පූජක වරුනගෙන් 20,000 ක් බෞද්ධ දරුවෝ බේරා ගැනීමට අපි සමත් වීමු. බෞද්ධාගම නැවත පණගන්වූ අතර ඉදිරියේ  සෑම වසරකින්ම දීප්තිමත් අනාගතයක් බලපොරොත් වියහැක”.

ඕල්කට් තුමා  පසුව ආගමික සංහිඳියාවේ සංකේතයක් ලෙස ලොව පුරා භාවිතා කරන බෞද්ධ කොඩිය නිර්මාණය කළේය. මෙම ධජය “වර්ණ හය” කින් සමන්විත වන අතර එය බුදුරජානන් වහන්සේගෙන් විහිදුනු රැස් මඬල හැටියට අර්ථකතනය කරනු ලැබීය

1889 දී ඕල්කට් තුමා  ජපානයට පැමිනෙන ලෙස ආරාධනා කළේය. ඉන්පසු ඔහු මාස තුන හමාරක කාලයක් ජපානයෙහි රැඳී සිටිමින් 187,500 ක් පමණ ජනතාවකට ප්රසිද්ධ දේශන පැවැත්වීය. ජපානයේ පදිංචි වී සිටින ලෙසට ඔහුගෙන් ඉල්ලා සිටියත්, බුරුමය (දැන් මියන්මාරය) ඇතුළු අනෙකුත් ස්ථානවල පවා බෞද්ධ කටයුතු කිරීමට තිබෙන බැවින් එම ඉල්ලීම ප්‍රතික්ශේප කර තිබේ.

වර්ෂ 1906 සැප්තැම්බර් 25 දා එක්සත් ජනපදයෙන් ඉවත්ව ලංකාවට එද්දී නැවේ තරප්පුවකින් වැටී රෝගී බවට පත්ව නොවැම්බර් 24 දා ලංකාවට පැමිණි නමුත් රෝගී බව නිසා මදුරාසියේ අඩයාර් වෙත කැඳවා ගනු ලැබීය. 1907 පෙබරවාරි 17 හා මේ ශ්‍රේෂ්ඨ වීරයා බෞද්ධ ධර්මයේ අනිත්‍යතාවය පසක් කරමින් අවසන් හුස්ම හෙළීය.

මිහිඳු මහ රහතුන් වහන්සේ මෙරටට වැඩියේ නැතිනම් අපේ භාෂාව, සංස්කෘතිය සහ සභ්යත්වය බෞද්ධ ආභාශය නොලබා මීට වැඩිය නොදියුණු තත්ත්වයක පවතින්නට ඉඩ තිබිණි.

1880 දී ඕල්කට්තුමා මෙරටට පැමිණියේ නැතිනම් බ්රිතාන්ය අධිරාජ්යවාදීන්ගේ යකඩ සපත්තුවට පෑගී උන් සිංහල බෞද්ධයන්ගේ ඉරණම ඉතා දුක්ඛදායක වන්නට ඉඩ තිබිණි.

එදා වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් හා වාදකල  ඩේවිඩ් ද සිල්වා නැමැති කතොලික පියතුමා ගේ පුනර්භවය නලින් ද සිල්වා තුලින් මනාව දෘශ්ෂමානවේ.

බෞද්ධ පාසැල් වලින් පිටවෙන සිංහල බෞද්ධ උගතුන්   ඕල්කොට් බෞද්ධයෝ යයි මනඃකල්පිතව වර්ග කරනන්හට කිවයුත්තේ බෞද්ධ පාසැල් පිහිටවීමට කරදුන් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් වහන්සේ  පෙරදැරිකරගෙන හික්කඩුවේ සුමංගල හිමි  , බුලත්ගම ධම්මලංකාර හිමි, පොතුවිල ඉන්ද්රජෝති හිමි, කොග්ගල සංඝතිස්ස හිමි සහ වැලිගම ශ්රී සුමංගල හිමි වැනි භික්ෂූන් වහන්සේලාත්, අනගාරික ධර්මපාල  ඩී. බී. ජයතිලක සහ ඩබ්ලිව්. ඒ. ද සිල්වා යන අයත් ඕල්කොට් බෞද්ධයෝද.?

මෝඩකමේ සීමාවක් තිබිය යුතුය.

9 Responses to “ඕල්කොට් බෞද්ධයෝ  -නලින් ද සිල්වා නැමැති පුහු චින්තකයාට දෙන දෙවැනි පිලිතුර”


  1. Dharmasiri Weerasinghe Says:
    August 23rd, 2017 at 2:22 pm

නීල මහා යෝදයා
ආගම බුද්ධාගම සහ බුදුදහම පිළිබඳව ඉතා සවිස්තරාත්මක විශ්ලේෂණයක් සැපයීම ගැන ස්තූතියි.

තම විරුද්ධවාදියාට පෞද්ගලිකව පහරදීමේ පුරුද්දක් ඇති කර තිබේන නලින් ද සිල්වා වැනි අය ගැන ලියයුක්තේ ලෙඛකයා කවුරුන්දැයි හඳුනා නොදීමෙනි.

දැන් නලින් ද සිල්වා ලෙඛකයා කවුරුන්දැයි හඳුනා නොගෙන බොහොම අසරණ තත්වයකට පත්වී ඇති අතර ඔබගේ අවසාන ලිපියේ ඔබ විසින් ලබා දී ඇති ව්‍යාජ විස්තරය හොදහැටි ගිලගෙන ඔබ ලියන ලියුම් වලට මගේ නම පටලවමින් ඔහුගේ වෙබ් අඩවිය තුලින් මට පෞද්ගලිකව පහරදීමට පටන් අරගෙන ඇත.

කැනඩාවේ මහාචාර්යවරුන් කිහිප දෙනෙකුටමද දනපාල නැමැති කැනඩාවේ විද්‍යාලයක ගුරුවරයෙකුටද ඔවුන්ගේම නම්වලින් ලියන්ට යෑමෙන් පෞද්ගලිකව පහරදී පටන් ගත් නිසා නලින්ගේ ලිපිවලට ඔවුන් කිසිම ප්‍රතිචාරයක් දක්වනනේ නැත .

ඇත්ත වශයෙන්ම නලින් ද සිල්වා කපටියකි.

ඔහු ගණිත විද්‍යව ගැන උපාධියක් ඇතිමුත් විද්යාව ගැන ඔහුට ඇත්තේ අ. පො. ස. උසස්පෙල දැනීමකි.

නවීන විද්‍යාව පට්ටපල් බොරුවක් යැයි කීමට තරම් ඔහුට විද්‍යාව අතින් සුදුසු කමක් නැත.

නවීන විද්‍යාව පට්ටපල් බොරුවක් යැයි කියමින් බටහිර වෛද්‍ය වරුන් ලවා ශල්‍යකර්ම කරගන් කරගන්නේත්,නවීන විද්‍යාවෙන් සොයාගන්නලද බෙහෙත් ගිලදමන්නෙත් ලෝකෙට පරකාසේ ගෙදරට මරගතේ කියමින් කපටි විදියටය.

නවීන විද්‍යාව පට්ටපල් බොරුවක් යැයි ලෝකයට හඩගා කියන්නේ ගම්බද සිංහල පමනක් උගත් සිංහල බෞද්ධ ළමයින්ට නවීන විද්‍යාව එපාකරවීමටය

සත්තකින්ම එදා වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් හා වාදකල ඩේවිඩ් ද සිල්වා නැමැති කතොලික පියතුමා ගේ පුනර්භවය නලින් ද සිල්වා තුලින් මනාව දෘශ්ෂමානවේ

ඔහු බෞද්ධාගම ගැන ඇති දැනුම අ. පො. ස. සාමාන්‍යපෙල දැනීමකි. නමුත් ඔහු වරක් ඥානය හා විඤ්ඤානය ගැන පමනක් නොව සඛ්කාය දිට්ඨිය පලමුව පිහිටා ගතයුතුයි කියා ලෝකයාට පුහු චින්තනයෙන් ප්‍රකාශ කර ඇත.

එමනිසා ඔහුට සත්තකින්ම ඇත්තේ පුහු කපටි චින්තනයකි

  1. charithsls Says:
    August 23rd, 2017 at 3:57 pm

Well I did not waste much time reading all in this article but the superficial meaning I got was whoever who wrote, I do not know his intentions, has got it wrong , terribly wrong. If he is actually a Buddhist I would say in my view he has to learn the Dhamma more than he knows.”බුද්ධාගම යනු බෞද්ධ ධර්මය නැමැති සත්‍යය වටා ගොඩ නැංවුනු ඇදහීම් ක්‍රමයෙකි. මෙහි ප්රධාන කාර්ය්ය වන්නේ ඇදහීම අරමුණු කරගෙන නිවන් දැකීම සඳහා අවශ්ය මානසික තත්වයන් මිනිස්සු තුල ගොඩ නැංවීමයි. පන්සිල්, අටසිල් සමත භාවනා, දානමය පිංකම්, බෝධිපූජා, චෛත්ය වන්දනා, බෞද්ධ සිද්ධස්ථාන වැනිදේ අයිති වෙන්නේ බුද්ධාගමටයි. ඒවායින් බලාපොරොත්තු වෙන්නෙ මිනිස්සුන් ගෙ සිත සන්සුන් කිරීම, ශීලය, යම්දුරට සමාදිය ඇතිකිරීම, ඇලීම හා ආශාව අඩු කිරීම, සමාජය සාමකාමී කිරීම වැනි ප්‍රතිපලයන්ය” What he describes here is Kammastakatha Sammaditti but not Lokoththara or Supermundane Path. I know nothing about the two monks he quoted who says the Buddha was born in SL but these are insignificant issues for someone to learn the proper Dhamma because it is the Universal Truth. I’ve listened to a talk by Mr Nalin De Silva on Buddhism which might have looked unusual to the standard so called Buddhists but they were the actual facts. I see much accusations towards Mr De Silva on the ground of Science.The world would like to bring the two together, Buddhism & Science for their own selfish satisfaction, to satisfy their own egos. Just because two three chaps write from Canada does not mean their views are the truth, that is the usual inferior complexity some have towards the West. Because the science has made strides to ‘improve our lives’ in our eyes( so should not be criticized) is not the angle Buddhist should take. A simple line to finish off, well said by Ven E. Vijithananda Thero is that the ultimate result of Science & Research is to bombard us with ‘Panchanivarana’.

  1. Christie Says:
    August 23rd, 2017 at 5:57 pm

ඉන්දියානු අදිරදයේ කොලනියක් වන තිස් ලක්ශයකට වඩා වැඩි ඉන්දියානු කොලනිවාසීන් විසින් පාලනය කරන ඉන්දියානු යටත්විජිතයේ මුල් වැසියෝ එකිනෙකා කුලල් කාගනිති. ඇයි සින්හල අපි අපි කුලලල් කාගන්නේ කියා විපරම් කර බලාන්න. අපි බනින්නෙත් ගරහන්නෙත් සින්හලයන්ටය. මම කියන දේ ගැන සිතා බලන්න. ඔබේ අදහස් දක්වන්න.

Ceylon the Indian Colony run by three million Indian colonists. They are doing well. We are fighting among ourselves like the oppressed in any society.

Please think why do our leaders behave like that they do and why do we blame them one or the other. How come we are divided. Please think of what I am saying and respond.

  1. NeelaMahaYoda Says:
    August 24th, 2017 at 4:41 am

I will post my response to charithsls’s comment who ever he or she writes under pseudonym like me in English.

charithsls’s

First of all you should read the full article before posting your comments. If you don’t have time to read the full article, then don’t post comments based on your assumptions because you may waste others time if they want to response to you comment. (Lankaweb moderator Please note)

1. According to my classification Lokoththara or Supermundane Path comes under Budhha damma (බෞද්ධ ධර්මය) . As I explained in detail this is explained under noble eight fold path (ආර්ය අෂ්ඨාංගික මාර්ගය නිවන් දැකීමට අවශ්යවන මාර්ගයයි)

2. You say you have listened to a talk by Mr Nalin De Silva on Buddhism which might have looked unusual to the standard so called Buddhists. Exactly this is the truth we are talking about because Nalin De Silva himself has claimed in his last post on Kalaya website that his knowledge of Buddhism is limited to what he has leaned during his O level Buddhism as a curriculum subject.

3. You may think that the world would like to bring Buddhism & Science for their own selfish satisfaction, to satisfy their own egos, that may be your perception, but in reality, we know that why some of us try to understand some of the concepts of dhamma in terms of scientific knowledge. It is individual preference based on their state of mind at that time specially, those who have lived their lives as scientists, engineers and doctors it is easier for them to understand and realise intricacies of very subtle concepts of dhamma.in terms of science. But those who believe science is a diabolical lie, then obviously they can’t follow that path. So it is free choice.

4. You correctly said that Because the science has made strides to ‘improve our lives’ in our eyes is not the angle Buddhist should take. This is explained under the six Hindrances that obstruct the way to the attainment of Nibbana, i. e 1. Sensual desire 2.Ill will 3.Sloth and torpor 4. Restlessness and worry 5.Doubt 6.Ignorance according to Abhidhamma. In suthra pitakaya 6th one Ignorance is not included.

The hindrance of sensual desire (kamacchanda) is latching onto thoughts or feelings based on the pleasures of the five senses
.As Ajahn Brahmavamso (1999) states: “Sensory desire refers to that particular type of wanting that seeks for happiness through the five senses of sight, sound, smell, taste and physical feeling. It specifically excludes any aspiration for happiness through the sixth sense of mind alone. In its extreme form, sensory desire is an obsession to find pleasure in such things as sexual intimacy, good food or fine music. But it also includes the desire to replace irritating or even painful five-sense experiences with pleasant ones, i.e. the desire for sensory comfort.
.

  1. Dr.K Says:
    August 24th, 2017 at 4:54 am

කතුවරයාගේ වචනයෙන් කියා ඇති පරිදිනිර්මලවූ බෞද්ධ දර්මය චිරාත් කාලයක් ලක්පොලව මත පවතා ගතයුතුයි යන පිරිසිදු චේතනාව පෙරදැරි කරගෙන” ලියා ඇති මේ ලිපිය තුලින් එතුමා බොහෝදේ දන්නා බව පෙන්වීමට ගොස් ඒ සියල්ල පටලමින් හත්පොලේ ගා ගැනීමක් සිදුවී ඇති බව දකිමි.

ඔබතුමා නමින් සදහන්කර ඇති ස්වාමින් වහන්සේලා ගේ දේශනාඅධර්මයක් සහ අවිනයක් වශයෙන් ඉතා භයානක අන්දමට සමාජගත වෙමින් පවතින බව ඔබ කියන්නේ කිනම් පදනමක සිටද යන්න දන ගැනීමට කැමැත්තෙමි. ඔබකියන පරිදි එම දේශකයන්ගේ සාවද්‍ය ප්‍රකාශන කීපයක් උදාහරණ වශයෙන් ගෙන එය නිවරදි වියයුත්තේ කොයි ආකාරයෙන්ද යන්න පැහැදිලි කලේනම් එය ඉතා වටින්නේය.

  1. Vaisrawana Says:
    August 24th, 2017 at 5:39 am

නීල මහා යෝදයා

Read your article with the greatest fascination and appreciation. No ordinary writer can produce something like this. In Part I of his answer to Nalin de Silva (Lankaweb/August 08, 2017), Neela Maha Yodaya gives the reader the barest essential information about his educational and professional background, according to which he is a septuagenarian (72 yrs old), now living in retirement, has lived and worked as a highly qualified engineer in the UK for 40 years; he attended a Buddhist school in Sri Lanka founded by Colonel Olcott, and had his university education including postgraduate education in the West. His writing shows his great mastery of Buddhism, which he must have acquired independently through reading, attending seminars on Buddhism, and by other similar means, I guess. No educated (cultured) person would suggest that he does not know what he is writing about. Though writing under a pen name in special circumstances (as I am myself doing here) is an accepted norm, it would have enhanced the value of his contribution greatly if the writer revealed his real name. It would have been made referenceable. It’s a pity that an excellent piece of writing like this is left an orphan in the world of journalism or even of scholarship.

  1. NeelaMahaYoda Says:
    August 24th, 2017 at 5:49 am

Dr. K
මීවනපලානේ සිරිධම්මාලංකාර හිමි ගේ මේ ප්‍රොඩව ගැන නෙත් FM බැලුම්ගලෙන් හෙලිදරව් කලේ මෙහෙමයි.
http://www.youtube.com/watch?v=Gm2mPtlv4AQඅප උපන් දේශය බුදුන් උපන් ජම්බුද්වීපයයි” නමින් ලියන ලද පොත් පත් හා පත්‍රිකා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අතර බෙ‍දා හරිමින් වසර දහස් ගණනක් තිස්සේ රැකගෙන ආ බෞද්ධ ශාසනික සම්ප්‍රදාය කණපිට හරවමින් බෞද්ධයන් නොමග යවන මේ ව්‍යාපාරය වටා සැලකිය යුතු අනුගමිකයන් පිරිසක්ද එක් වී සිටී. බුද්ධ චරිතයට අදාල ඉන්දියාවේ දඹදිව සිද්ධස්ථාන වල නාමයන් ශ්‍රී ලංකාවේ පැරනි විහාරාරාම වලට ආදේශ කරමින් බුද්ධ දේශනාව වැරදි ලෙස අර්ථගන්වමින් මොවුන් සමාජගත කරගෙන යන මේ විකෘතියේ ප්‍රතිඵලයක් ලෙස අවුරුදු දහස් ගණනක බෞද්ධ ශාසනික ඉතිහාසය හා බුද්ධ චරිතයේ සිදුවීම් සම්බන්ධයෙන්ද ඇතැමි අය තුල සැක සංකා මතු වන්නට විය.
මොවුන් විසින් කරගෙන යන මේ විකෘතිය අනාගත ශාසනික පරිහානියක පෙරනිමිත්තක් බව වටහාගත් දැනඋගත් ස්වාමීන් වහන්සේලා හා බොදු සමාජයෙන් මොවුනට දැඩි ප්‍රතිවිරෝධයක් එල්ලවිය. එහි ප්‍රතිඵලයක් ලෙස මිත්‍යාමතධාරී පාර්ශවය හා දැනඋගත් ස්වාමීන් වහන්සේලා අතර සාකච්ඡාක් ඊයේ 2012-06-27 සවස පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ප‍්‍රාදේශීය ලේකම්වරයා මෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත් වූ අතර අපගේ මහාසංඝරත්නයේ කරුණු පැහැදිලි කිරීම හමුවේ මීවනපලානේ හිමියින් ප්‍රමුඛ මිත්‍යාමතධාරීන් නිරුත්තර විය. තම අනුගාමිකයන් ප්‍රචාරය කරන පරිදි තමන් රහතෙකු නොවන බවත්, බොදු සමාජය නොමග යවමින් තමන් කරන්නේ බරපතල වරදක් බවත් පිලිගැනීමට සිදු වුනා. මෙහිදී පොලීසිය දැඩි ලෙස කරුනු දක්වා සිටි අතර, අධිකරණ නියෝග කිකුත් කරන තුරු “බුදුන් උපන්නේ ලංකාවේ” බවට සදහන් වන සියලුම පොත් හා පත්‍රිකා බෙදාහැරීම වහාම නවත දමන ලෙසටත් නියෝග කර සිටියා. මීවනපලානේ හිමි විසින් ලියා ඇති ධර්ම කරුණු අඩංගු පොත්වල ඇති ඇතැම් කරුණු විකෘතීන් බව හදුනාගත් අතර තව දුරටත් අධ්‍යනය කිරීම සදහා ඒවා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට යොමු කරන මෙන්ද නියෝග කර සිටියා.
බුදුන් උපන්නේ ලංකාවේ” යන සංකල්පය මීවනපලානේ හිමිගේ මනසේ ඇතිවූ හුදු සංකල්පයක් පමණක් බව දැන් හෙළී වී අවසානයි. එය සමාජය නොමගයවන සුලු ප්‍රකාශයන් බවද ඒ හිමි විසින්ම දැන් පිළිගෙන අවසානයි. මේ මිත්‍යාව පතුරමින් බොදු සමාජය නොමග එහිමිගේ අනුගාමික රැලට ද දැන් ඉඩක් නැත. නමුත් අණතුර තවමත් පහව ගොස් නැත. ව්‍යාජ ධාන්‍යලාභීන්, අරුම පුදුම බුදුවරුන් ඉදිරියේදීත් පහළ වනු ඇත. එවැනි බොරුකාරයන්ගේ කරපිටින් ගොඩයන්නට උත්සහා දරන මුදලාලිලාද ඉදිරියේදී තව තවත් බිහිවනු ඇත. මේ සියල්ල මැද නිර්මල බුදු දහම ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී, නොසෙල්වී ප්‍රඥාවන්තයින් ආලෝකයෙන් ආලෝකය කරා රැගෙන යනු ඇත. අපි අවදියෙන් සිටිමු.
තෙරුවන් සරණයි..! බුදු සසුන බැබළේවා..!

තිත්තගල්ලේ අනන්දසිරි ගැන් කිව හැක්කේ ඔහු ඉතා දක්ෂ ලෙස අහිධර්මය ඉගැන්වීම කරගෙන ආමුත් පසුගිය කාලයේ සිට ඔහු වැඩි කාලයක් අනන් මනන් දෙඩවීමට පටන් අරගෙන ඇත. ඔහු කියන අන්දමට අපි ධර්මය ගැන දැනුම (ඥානය )ඇතිකල යුතු නැත. දැනුම යනු නිවන් ඵලය වසාතබන ආවරනයක් බවත් එය සම්පුර්නයෙන්ම නැතිකල යුතුයි යන මතය බෞද්ධයන් අතර පැතිරවීමට බොහෝ වෙහෙසක් ගනී.

මෙය අපි දන්නා අන්දමට බෞද්ධ් විදර්ශනා භාවනා ක්‍රමයට සම්පූර්නයෙන්ම විරුද්ද ධර්මතාවයකි.

සමහරවිට ඔහු දැනුම යන්නෙන් අදහකලේ බෞදධ ධර්මයේ ඇති සංඤ්ඤා යන ධර්මතාවයට ((perception හඳුනා ගැනීම)) නම් ඔහු එය අසන්නන් හට පැහැදිලිකල යුතුය.

  1. charithsls Says:
    August 24th, 2017 at 7:07 am

Dear Neela,
First of all learning about your background from another here, I take pleasure in congratulating you how you’ve learnt on Buddhism which only a few would do. I did not in anyway tried to ridicule your article but stressed a certain point of mine.
I did not want to write a rejoinder here but a line in your reply prompted me to it because it again confirmed my initial understanding of your original article. I completely disagree with what you say here” It is individual preference based on their state of mind at that time specially, those who have lived their lives as scientists, engineers and doctors it is easier for them to understand and realise intricacies of very subtle concepts of dhamma.in terms of science”. What nonsense I would say and in fact it is the opposite. You have some ego to write so. As you may dismiss as a county boy to write so, I would say I may be one of those in your group you mentioned therefore I would say with a lot of conviction, they would find it harder to grasp the Dhamma. Of course if you are applying it in the correct way it is helpful but when we come to a certain standard in this society with a scientific degree or so, it is natural of any of us to show the importance of that field & we basically get drawn to a certain dogmatic process which we find very difficult to untangle later to free thinking. Ours are based mostly on argument theories which we find difficult to break away. Prof Nalin is quite right on this issue. Buddha once proclaimed the Dhamma is Utharkawadii’ meaning it is above arguments and cannot be won on arguments. I can certify degrees and doctorates are hindrances than a help & living in a Kamawachara society like West where indulgence is at its worst is not conducive either. The ‘godaya’ or a country man is more likely to comprehend this supreme doctrine than you or me! True, science helps us in the current society we live, see when the stone age man found fire by igniting it by rubbing two stones it helped him enormously later. Does it say we should make science our liberation? As much as science gives us benefits it blinds us to a longer Samsara thorough our Ignorance & Thanha. It definitely increases our Panchanivarana & you will be the first to say a Buddha won’t be born to a society like this. Why?? I would like to write more but time is a factor for me.

  1. NeelaMahaYoda Says:
    August 24th, 2017 at 7:19 am

Dear charithsls

Before I reply to you I would like to quote the following from the Suthra Pitaka

නසන්ති සූත්‍රය, සතුල්ලපකායික වර්ගය, දෙවතා සංයූත්තය, සගාථ වර්ගය, සංයුත්තනිකාය.

නුවණ ඇත්තෝ ඇල්ම දුරලත්

න තෙ කාමා යානි චිත්‍රානි ලොකෙ
සඞ්කප්පරාගො පුරිසස්ස කාමො
තිට්ඨන්ති චිත්‍රානි තථෙව ලොකෙ
අථෙත්ථ ධීරා විනයන්ති ඡන්දං

ලොව විසිතුරු රූපාදී යම් අරමුණු කෙනෙක් වෙත්ද, ඔවුහු කාමයෝ නොවෙත්.
පුරුෂයාගේ ප්‍රිය ආදී වශයෙන් ඇති කරගන්නා රාගික අදහස් කාමයයි.
ලොව විසිතුරු රූපාදීහු තමන් සිටි ලෙසම සිටිත්.
එතෙකුදූ වුවත් නුවණ ඇත්තෝ එහි ඇල්ම දුරලත්.

So don’t blame modern science or your comfortable car for creating greed. Your mind is totally responsible for all your feelings.

By discarding science as evil or diabolical lie, you are not going to gain anything out of it.



  1. Senevirath Says:
    August 24th, 2017 at 11:23 am

නුවන ඇත්තෝ ඇල්ම දුරලති —–බටහිර විද්යාවදත් බටහිරර නුවන ඇති අ ය ගෙන් කීදෙනෙක් බෞධ්ධයෝවී ඇත්ද ඔය විද්‍යා නැති කාලයේ ලංකාවේ 100% ම බෞද්ධයෝ විද්‍යාව ආවට පස්සේ 70% ට බැස්ස දැන් උගත්තු පුනර් භ වයත් නැහැ කියනවා .බුද්ධ ධර්මය ගැන දැනුමත් අවසානයේ ඇත හල ය්තුය් ……..විද්‍යාඥයෝ කීදෙනෙක් බුදුදහම තේරුම් අරගෙන තියනවද

  1. NeelaMahaYoda Says:
    August 24th, 2017 at 12:48 pm

Dear charithsls

There is a very good reason why I quote Meevanapalane Siri Dhammalankara, Thithgalle Anandasiri and Nalin De Silva together because all three say the same thing misquoting දිට්ඨි or vision.

They translate this word as vision that can be biased due to someone’s education All three think that once you are educated it is very difficult for them to achieve Samma Ditti but they completely ignore the fact that you achieve your Samma Ditti or the ultimate wisdom when you reach stream enterer stage (සෝවාන්). One who has entered the stream that leads irreversible to Nibbana i.e Noble Eightfold Path. A stream-enterer has cut off the coarsest three fetters out of ten (දස සංයෝජන) personality view (no self) සත්කාය දෘෂ්ඨි, doubt විචිකිච්ඡා and adherence to rules and rituals සීලබ්බතපරාමාස.

In order to achieve this stage according to Abhidamma or patisambidamagga in Suthra Pitakaya you have to undergo rigorous insight meditation විපස්සනා භාවනා and follow seven stages of purification in sequence. When someone follows the first two stages they gradually get rid of any residual biased views but only they get rid of සත්කාය දෘෂ්ඨි no-self vision when you reach stream enterer stage (සෝවාන්). Therefore no point of talking about your education interfering into your meditation practice in Buddhism even before you start your Purification of Vitue සීල විසුද්ධි stage.

විදර්ශනා භාවනාව Insight Meditation

සමථ භාවනාවෙන් රාගය ප්රහීණ වෙයි. විදර්ශනාවෙන් අවිද්යාව ප්රහීණ වෙයි.-අංගුත්තර නිකාය – දුක නිපාතය -බාල වග්ග තතියො
නිර්වාණ අවබෝධය සදහා ක්රියාත්මක වීම බෞද්ධ භාවනාවේ අවසාන අරමුණයි. ඒ සදහා විශේෂයෙන් ම ඉවහල් වන්නේ විදර්ශනා භාවනාවයි.

Stages of Purification

The compendium of purification is seven fold. There are seven stages of purification are to be attained in sequence each being the support for the one that follows. The first purification corresponds to the morality (සීල) aspect of the path, the second to the concentration (සමාධි )and the last five to the wisdom (පඤ්ඤා).

සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කංඛාවිතාරණ විසුද්ධි, මග්ගාමග්ගඤාණ දස්සන විසුද්ධි, පටිපදා ඤාණ දස්සන විසුද්ධි, ඤාණ දස්සන විසුද්ධි, යනු
විසුද්ධි සතරයි.

The first six are Mundane (ලෞකික) and the last is the Supermundane (ලෝකෝත්තර).

සීල විසුද්ධි, Purification of virtue

Four Kinds of purified virtue
1.ප්රාතිමෝක්ෂ සංවර සීලය, Virtue regarding restraint according to the Patimokkha, ශික්ෂාපද ශීලය යි.
2.ඉන්ද්රිය සංවර සීලය, Virtue regarding restraint of the sense faculties, ඇස් කන් නාසාදී ඉන්ද්රියයන් ගේ මාර්ගයෙන් තමාගේ චිත්තසන්තානයෙහි රාගාදී ක්ලේශයන් පහළ වන්නට ඉඩ නො දී ඉන්ද්රියයන් සංවර කැරැ ගන්නා ශීලය යි.
3.ආජීව පාරිසුද්ධි සීලය, Virtue consisting in purity of livelihood, ධාර්මිකාජීවය සඳහා පනවන ලද ශික්ෂාපදයන් නො ඉක්මවමින් ඉතා පිරිසිදු වැ ජීවත් වීමෙන් ඇතිවන සංවරය – හීලෑකම – තැන්පත් කම නම් වූ ශීලය ය.
4.ප්රත්ය සන්නි ශිත සීලයයන, virtue connected with the use of the requisites සිවුපස පරිභෝග කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය නිසි ලෙස සිතා නිසි ලෙස යොදා ආහාර පානාදිය ගැනීමෙන් ඇතිවන සංවරය යි. ශීල විශුද්ධිය සම්පූර්‍ණ වීමට චතුපාරිශුද්ධි ශීලයෙන් සිල්වත් විය යුතු බව මෙයින් පැහැදිලි වෙයි. ගිහි අය වුව ද පඤ්ච ශීලයට වඩා උසස් ශීලයෙකින් හා ආජීවයෙකින් යුක්තවිය යුතු ය.

චිත්ත විසුද්ධි, Purification of mind
සිත කිලිටි කරන කාමචිචන්ද ආදි නීවරණයන්ට සිතට ඇතුළුවන්නට ඉඩ නොදී සිත භාවනා අරමුණෙහිම පවත්වා ගැනීමට උපකාරිවන බලවත් සමාධිය චිත්ත විසුද්ධියයි.
උපචාර සමාධි, අර්පණ සමාධි යනුවෙන් සමාධිය දෙවැදැරුමිය . උපචාර සමාධිය නමි , රූපාවචර ධ්යාන සතරත් , අරූපාවචර ධ්යාන සතරත් යන අෂ්ට සමාපත්තිහු ය. චිත්ත විසුද්ධිය යමි ප්රමාණයකට හෝ ඇති විමට නමි උපචාර සමාධියක්වත් තිබිය යුතු ය. සම්පුර්ණ චිත්ත විසුද්ධියත් ඇති වීමට අර්පණා සමාධිය අවශ්යය.
Purification of mind consists of two kinds of concentration; Access Concentration (උපචාර සමාධි) and absorption concentration (අර්පණ සමාධි).
දිට්ඨි විසුද්ධි, Purification of View
පංචස්කන්ධය හෙවත් නාම රූප ධර්මයන් ඇති සැටියෙන් දකින්නාවු එමෙන් ම ආත්ම දෘෂ්ටිය දුරු කරන්නාවු ඤාණය දිට්ඨි විසුද්ධියයි
නාමරූප ධර්මයන් පිරිසිඳැ දනිමින් භාවනා කරන්නා හට නාමරූප ධර්මයන් සත්ත්වයන් පුද්ගලයන් නොවන බවත් නාම රූප ධර්මයන්ගෙන් අන්ය වූ සත්ත්වයකු හෝ පුද්ගලයකු හෝ නැති බවත් හොඳින් මැ වැටහෙනුවා ඇත. ඒ සමඟ මැ සත්ත්ව සංඥාව, ආත්ම සංඥාව ද දුරු වෙනවා ඇත. එයින් මෙතෙක් පැවැති සත්ත්වයා යැ පුද්ගලයා යැ යන මිථ්යාදර්ශනය – වැරදි දැක්ම දුරු වෙයි. සත්ත්වයා පුද්ගලයා නම් ස්කන්ධ – ධාතු – ආයතන යන ධර්මමාත්රයක යන සම්යක් දර්ශනය – හරි දැක්ම පහළ වෙයි. දෘෂ්ටිය පිරිසුදු වෙයි.

කංඛාවිතාරණ විසුද්ධි, Purification by overcoming doubt
විදර්ශනා භාවනාව වඩන යෝගාවචරයවා විසින් ද නාම රූප ධර්මයන්ගේ හේතු ප්රත්ය සෙවීමෙහිද යෙදිය යුතු ය. මෙසේ බලන විට මේ පඤචස්කන්ධය අතීතයෙහි වීද, අනාගතයෙකත් වන්නේ ද ආදි වශයෙන් පවත්නා සැක දුරු වෙයි. එය කංඛාවිතරණ විසුද්ධියයි.

මග්ගාමග්ගඤාණ දස්සන විසුද්ධි, Purification by knowledge and vision of path and not path
විදර්ශනා භාවනාවෙහි යෙදි සිටින යෝගවචරයාට ආලොක ආදි උපක්ලේශයන් පහළ වීමෙන් නිර්වාණගාමී මාර්ගය වැරදිය හැකි ය. ඔහුට නිර්වාණගාමී මාර්ගය කුමක් ද? අමාර්මය කුමක් දැයි වැටහෙයි. ආලෝක ආදියට මුළා නොවෙයි. මෙය මග්ගා මග්ග ඤාණ දස්සන විසුද්ධියයි.
යෝගාවචරයන් මග්ගාමග්ගඤාණ දස්සන විසුද්ධිය සම්පාදනය කරනා අතර ත්රිලක්ෂණය සම්මසන කිරීමෙන් විදර්ශනා ඥානයන්ගේ පලමුවන ඥානය වන සම්මස්සන ඥානය ලබාගැනේ.

සත්ත විසුද්ධියෙහි අවසාන විසුද්ධිය වන ඤාණ දස්සන විසුද්ධියට පටිපදා වශයෙන් පවතින බැවින් ඉහත කී ඤාණයන් පටිපදා ඤාණ දස්සන විසුද්ධිය නමි වෙයි.
1.උදයබ්බයානුපස්සනාඤාණය – ස්කන්ධාදීන්ගේ උදයව්‍යය – ඇතිවීම නැතිවීම පිරිසිඳැ දක්නා නුවණ යි.
2. භංගානුපස්සනා ඤාණය – ස්කන්ධාදීන්ගේ භඞ්ගය විනාශය නැතිවීම පිරිසිඳැ දක්නා නුවණ යි.
3. භයතුපට්ඨාන ඤාණය – සංස්කාරයන් භය වශයෙන් වැටහෙන්නා වූ නුවණ යි.
4. ආදීනවානුදස්සන ඤාණය – සංස්කාරයන්ගේ දෝෂ දක්නා නුවණ ය.
5. නිබ්බිදානුපස්සනා ඤාණය – සංස්කාරයන් හට කලකිරීම් වශයෙන් පහළ වන නුවණ යි.
6. මුඤ්චිතුකම්‍යතා ඤාණය – සංස්කාරධර්ම නමැති සංස්කාරයෙන් මිදෙනු කැමති වීම වශයෙන් පහළ වන නුවනයි.
7. පටිසංඛානුපස්සනා ඤාණය – සංස්කාරයන්ගේ අනිත්‍යාදී ලක්‍ෂණ විස්තර වශයෙන් දක්නා නුවණ යි. මේ ඥානය ඇතිකර ගනු පිනිස ත්රිලක්ෂණ භාවනාව කළ යුතුය.( සංස්කාරයෝ, අනිත්යයෝය, දුඃඛයෝය,අනාත්මයෝය)
8. සංඛාරුපෙක්ඛා ඤාණය – සංස්කාරයන් මධ්‍යස්ථ වශයෙන් දක්නා නුවණ යි. සංස්කාරෝපේක්ෂා ඥානය ලැබිය යුත්තේ සංස්කාරයන්ගේ ශුන්යතාව සම්මර්ශනය කිරීමෙනි. ද්විකෝටික චතුෂ්කෝටිකාදී ක්රමවලින් සංස්කාරයන්ගේ ශුන්යතාව හෙවත් අනාත්ම ලක්ෂණය සම්මර්ශනය කලයුතුය. ද්විකෝටික චතුෂ්කෝටිකාදී අනේක ක්රමවලින් සංස්කාරයන්ගේ ආත්ම ශුන්යතාව බලා ප්රතිසංඛ්යානුදර්ශන ඥානය තියුනු කළකල්හි සක්කායදෘෂ්ටිය දුරුවෙත්.
විමෝක්ශ භේද කෙලෙසුන්ගෙන් මුළුමනින්ම මීදීම Three Emancipations
කෙළෙසුන්ගෙන් මිදෙන දොරටු The three doors to Emancipation
කෙලෙසුන්ගෙන් මුළුමනින්ම මීදීම විමොක්ෂ (විමොක්ඛ) නමි. සූඤ්ඤත විමොක්ඛ මුඛ, අනිමිත්ත විමොක්ඛමුඛ, අප්රණීහිත විමොක්ඛ මුඛ යනු කෙළෙසුන්ගෙන් මිදෙන දොරටුවයි.
1. අනිමිත්ත විමොක්ඛමුඛ Contemplation of the sign-less and අනිමිත්ත විමොක්ඛ The sign-less emancipation,
අනිත්ය දර්ශන ඤානයෙන් කෙලෙසුන්ගේ උත්පත්තියට හේතුවන සංස්කාර නිමිත්ත බිඳලීම් වශයෙන් බැහැරකිරීම් වශයෙන් ලෝකෝත්තර මාර්ගයාගේ උත්පත්තිය සිදු කරවන බැවින් අනිමිත්තනුපස්සනා නම්වූ විමෝක්ෂ මුඛය වන්නේය. ඒ අනිමිත්තනුපස්සනාව නිසා එයට අනුව උපන් ලෝකෝත්තර මාර්ගයද අනිමිත්ත විමොක්ෂය නම් වේ.

2. අප්රණීහිත විමොක්ඛ මුඛ Contemplation of the desire-less and අප්පණිහිත විමොක්ඛ The desire-less emancipation
දුඃඛානුපස්සනා ඤානයෙන් සංස්කාරයන් පිලිබද ඇල්ම (ප්රණිධිය ) බිඳලීම් වශයෙන් ලෝකෝත්තර මාර්ගෞත්පත්තිය සිදු කරවන බැවින් ඒ දුඃඛානුපස්සනාව අප්රණිහිතානුපස්සනා නම්වූ විමෝක්ෂ මුඛය වන්නේය. ඒ අප්රණිහිතානුපස්සනා නිසා එයට අනුව උපන් ලෝකෝත්තර මාර්ගයද අප්රණිහිත විමොක්ෂය නම් වේ.
3. සූඤ්ඤත විමොක්ඛ මුඛ Contemplation of the void and සුඤ්ඤත විමෙක්ඛ, The Void emancipation
බලවත්වූ අනාත්ම දර්ශන ඤානයෙන් සංස්කාරයන්ගේ ආත්ම ශුන්යත්වය දැක කෙලෙසුන් නසා ලෝකෝත්තර මාර්ගයට පමුණුවන බැවින් සුඤ්ඤතානු පස්සනා නම්වූ විමෝක්ෂමුඛය වේ. ඒ හේතුකොට එයට අනුව උපන් ලෝකෝත්තර මාර්ගය ශුන්යතා විමෝක්ෂ නම් වේ.
9. සච්චානුලොම ඤාණය – මාර්‍ගචිත්තයනට අනුලෝම වූ නුවණ යි.
සංස්කාරෝපේක්ෂා ඤානයෙන් ත්රිලක්ෂණය නැවත නැවත බැලීම හැර අනුලෝම ඤානය සඳහා වෙන කළයුතු විශේෂ භාවනාවක් නැත. ඒ සංස්කාරෝපේක්ෂා ඤානයෙන් සම්මර්ශන්ය කල පරිදි සංස්කාරය අනිත්යයකියා හෝ දුකය කියාහෝ අනාත්මය කියා හෝ අරමුනුකරමින් මනෝද්වාරාවජ්ජන චිත්ත උපදින්නේය. ඉන්පසු පරිකර්ම ජවන, උපචාර ජවන සහ අනුලෝම ඤානය යන ජවන චිත්තයන්ගෙන් අවසානයෙන් ගෝත්රභුඤානයට පැමිනීමෙන් ව්යුත්ථානගාමිනී විදර්ශනාවගේ අවසානය වන්නේය.
මේ නව මහාවිදර්‍ශනඥානයන් පිළිවෙළින් පහළ වීමෙන් පටිපදාඤාණදස්සන විසුද්ධිය සම්පූර්‍ණ වේ.

ඤාණ දස්සන විසුද්ධි, Purification by knowledge and vision.
සවැදෑරුමි විසුද්ධි වැඩීවමන් උපදවා ගත යුතු වු සෝවාන් මාර්මය, සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අර්හත් මාර්ගය, යන සතර මාර්ගයෙන් චතුරාර්ය්ය සත්ය අවබෝධ කිරිම ඤාණ දස්සන විසුද්ධි නමි.
ඉහතින් දක්වන ලද අධිප්රඥා සංඛ්යාත සප්ත විශුද්ධි අතුරින් මුල් විශුද්ධි හය ලෞකිකවේ. ඤාණ දස්සන විශුද්ධිය ලෝකෝත්තර වේ
The change-of-lineage consciousness (gotrabhucitta ගෝත්රඹූ) This citta is the first advertence to Nibbana and the proximity condition for the supermundane path. In the approach to the second and higher paths the mind moment is called vodana (cleansing)
ගෝත්රභුඤානය ප්රතිපදාඤානදර්ශන විශුද්ධියටත් ඤානදර්ශන විශුද්ධියටත් අතර පවත්නා විදර්ශනා පරම්පරාවට අයත්වන විශේෂ ඤානයකි.