උගතුන්ගේ පරස්පර නැති නාභි
මෙරටට ලොකු ම ප්රශ්නය උගතුන් වැඩි වීම බව මා නොයෙක් වර කියා තියෙනවා. එමෙන් ම මා උගතකු වියතකු බුද්ධිමතකු නොවන බවත් මා කියා තියෙනවා. උගතුන් හා බුද්ධිමතුන් ඒ බව දන්නවා. ඔවුන් මා කියන කිසි දෙයක් ගණන් ගන්නේ නැහැ. ජාතික කඳවුරේ ඉන්නවා දත් දොස්තරලා තුන් දෙනෙක්. ඔවුන් මා කී කිසි දෙයක් අගය කරන්නේ නැහැ. එහෙත් විවේචනය නම් කරනවා. නුවර ඉන්න දත් දොස්තර හිතන්නේ තමන් විද්‍යාඥයකු බව. දත් දොස්තරලා නොව දොස්තරලාවත් විද්‍යාඥයන් නො වෙයි. ඔවුන් තාක්ෂණික ශිල්පීන් පමණයි. මා නම් විද්‍යාඥයකු නොවන බව මාත් ඔවුනුත් දන්නවා. මා විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරුව ආපසු අයෙක් පමණයි. නුවර ඉන්න දත් දොස්තර කොළඹ ඉන්න ප්‍රසිද්ධ දත් දොස්තර නම් අගය කරනවා. ඔවුන් මා මෙන් නොව සාහිත්‍යකරුවන්, විද්‍යාඥයන්, දේශපාලන විශ්ලේෂකයන් උගතුන් බුද්ධිමතුන් හා තවත් අය.