Main Logo

Monday 31 July 2017

සිංහල ජාතිය නිවන් දැක්කවීම  


සිංහල ජාතිය නිවන් දැක්කවීම



මේ රටේ දැන් මාර්ගඵල ලාභීන් රාශියක් සිටින බව ආරංචියි. එයින් ඇතැමුන් රහතන් වහන්සේ බව කියනවා. රහතන් වහන්සේ නමක හඳුනාගැනීමට නිර්ණායක නැහැ. බුදු හාමුදුුරුවන් හඳුනා ගැනීමත් එකල බොහෝ දෙනාට ප්‍රශ්නයක් ව තිබූ බව පැහැදිලියි. මා කියන්නේ නැහැ දැන් මෙරට මාර්ගඵල ලාභීන් නැහැ කියා. මෙකල බුදුන් වහන්සේ දෙසූ ධර්මය තියෙනවා. පාරමී දම් පිරූ තැනැත්තන් සමාජයේ ඉන්න පුළුවන්. කිසිවකුට මාර්ගඵල ලාභියකු රහතන් වහන්සේ නමක වීමට බාධාවක් ඇතැයි මා සිතන්නේ නැහැ.

Sunday 30 July 2017

හම්බන්තොට වරාය ගිවිසුම

හම්බන්තොට වරාය ගිවිසුම

කවුරු මොනවා කිවුවත් රනිල් තමාට අවශ්‍ය දේ කරන බව ඊයේ හම්බන්තොට වරාය සම්බන්ධ ගිවිසුම අත්සන් කිරීමෙන් පැහැදිලි වෙනවා. ඊයේ ගිවිසුමට බොරු වගන්තියක් එකතු කරලා එකඟතාවකින් ගිවිසුම ඕනෑම අවස්ථාවක සංශෝධනය කරන්න පුළුවන් කියලා. ගිවිසුම අත්සන් කරලා තියෙන්නෙ වරාය අධිකාරිය හා චීන සමාගමක්. ඒ අය එකඟ වීම අදාළ සමාගම් දෙකේ වරාය අධිකාරිය සතු කොටස් සංඛ්‍යාව වැඩි කිරීම සම්බන්ධයෙන් හරි ගිවිසුම අනූනව අවුරුදු බද්දෙන් තිස් අවුරුදු බද්දකට අඩු කිරීම සම්බන්ධයෙන් විය හැකි ද?

Saturday 29 July 2017

රනිල්ගෙ පාර්ලිමේන්තු ඒකාධිපතිවාදය


රනිල්ගෙ පාර්ලිමේන්තු ඒකාධිපතිවාදය



අද රටේ තියෙන්නෙ පාර්ලිමේන්තු ඒකාධීිපතිවාදයක්. මෛත්‍රිපාල ජනාධිපති වෙලා රනිල් අගමැති ලෙස පත්කරපු වෙලාවෙ ඉඳලා මේ ඒකාධිපතිවාදය ක්‍රියාත්මක වෙනවා. 2015 ජනවාරි අටවැනි දා ඉඳලා එය ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තා කිව්වත් කමක් නැහැ. එයට මූලික වශයෙන් වග කියන්න ඕන මේ රටේ ජනතාව කියන අය. බටහිරයන්ගෙ හා රෝ සංවිධානයෙ මෙහෙයීමෙන් ජනතාව කියන අය මුළා වෙලා මෛත්‍රිපාලට ඡන්දෙ දුන්නා. මහින්ද පැරදුණෙ සමහරුන් කියන විධියට මුස්ලිම් ඡන්ද නොලැබිච්ච හින්ද නො වෙයි. සිංහල බෞද්ධ ඡන්ද අවශ්‍ය ප්‍රමාණයට නොලැබිච්ච හින්දයි. එහෙම නොවෙයි කියන පඬියන් කළ යුත්තේ ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල විශ්ලේෂණය කිරීම පමණයි. මුහුණු පොතේ තරුණ තරුණියන් ඊනියා යහපාලනයක් සඳහා මෛත්‍රිපාලට ඡන්දෙ දුන්නා. ඒක සම්පූර්ණයෙන් ම මුහුණු පොත මගින් කරන ලද මෙහෙයුමක්.

Friday 28 July 2017

අවුරුදු හතළිහක ශේෂ පත්‍රයෙන් බිඳක්


අවුරුදු හතළිහක ශේෂ පත්‍රයෙන් බිඳක්





විවෘත ආර්ථිකයට අවුරුදු හතළිහයි. රනිල්ගෙ දේශපාලන ජීවිතයටත් අවුරුදු හතළිහයි. මේ කතාකරන්නෙ 1977 ගැනයි. හැත්තෑහතේ මැතිවරණයෙන් එ ජා පක්‍ෂයට හයෙන් පහක් ලැබුණා. ජේ ආර් අගමැති වුණා. රනිල් මන්ත්‍රීවරයෙක් වුණා. රොනී ද මැල් මුදල් ඇමති වුණා. විවෘත ආර්ථිකය රටට හඳුන්වා දුන්නා. ඊට පස්සෙ රට දියුණු වුණා ද? දියුණුව කියන්නෙ මොකක් ද? මහින්දගෙ කාලෙ අධිවේගී මාර්ග ඇතිවුණා. ඒක දියුණුව ද? අප දැන් මධ්‍යම පර්මාණයේ ආර්ථිකයක් කියලා කියනවා. මෙරට වාර්ෂික ඒක පුද්ගල ආදායම ඩොලර් කීයක් ද කියලා කියනවා. මා සංඛ්‍යා ගැන උනන්දුවක් දක්වන්නෙ නැහැ. චම්පකගෙන් අහගන්න පුළුවන් හරියට ම ඩොලර් ගණන කීය ද කියලා. ඒ කොහොම වුණත් අවුරුදු හතළිකට පස්සෙත් මෙරට මිනිසුන්ගෙන් සෑහෙන පිරිසකට වේල් තුන ම කන්න ලැබෙන්නෙ නැහැ. එක වේලක්වත් හරියට කන්න නැති පවුල් කීයක් ඉන්නව ද කියලා දැන ගන්න පඬියකුට සමීක්‍ෂණයක් කරන්න පුළුවන් ද? ඒත් ඒක කරන්න වෙන්නෙ නියැදි තෝරගෙන සංඛ්‍යානය යොදා ගෙන.  මේ සංඛ්‍යානය ගැන යම් ප්‍රශ්න තියෙනවා. ඒ පිළිබඳ ලිපියක් පසුගිය ජූලි 25 වැනි දා සයන්ටිෆික් කමියුනිටි සඟරාවෙ පළ කරලා තිබුණා. ඒ ලිපිය බටහිර වෛද්‍යවරුන්ට වඩාත් උචිතයි. ඒත් ඔවුන්ට ලිපි කියවන්න වෙලාවක් නැහැ. පෞද්ගලික වෙදකම (චැනල්) කකරන්න තියෙනවා.

Thursday 27 July 2017

අනාගතය සුබ නැහැ  


අනාගතය සුබ නැහැ


බැඳුම්කර වංචාව පිළිබඳ ව බොහෝ දෙනා කතා නොකරපු කාලෙ, ඩිව් ගුණසේකර කෝප් කමිටු සභාපති කාලෙ ඉඳල ම ඒ ගැන කතා කරපු එයට විරුද්ධව නඩු කියපු අයකු ලෙස මට බැඳුම්කර කොමිසමේ වැඩ කටයුතු ගැන යම් සතුටක් ඇති වුවත් එහි අවසානය කෙසේ වේවි ද යන්න පිළිබඳ සැකයක් ඇති වෙනවා. ඒ කොමිසම ගැන තියෙන අවිශ්වාසයක් නිසා නො වෙයි. රනිල් හා රවි කෙසේ ක්‍රියා කරාවි ද යන්න ප්‍රශ්නයක් නිසා. රවි බදාදා කොමිසම හමුවට පැමිණියත් නැතත් කොමිසම කෙසේ කෙළවර වේවි ද? මෛත්‍රිපාලට රවි අස් කරන්න පුළුවන් ද? අප පටන් ගන්න දේ අප අයින් කර ඒ තමන්ගේ කර ගනිමින්  අසාර්ථක ව අවසන් කිරීමේ දක්‍ෂයන් මෙරට ඉන්නවා.

Wednesday 26 July 2017

අධිපෝය නිර්ණය කිරීම


අධිපෝය නිර්ණය කිරීම



මේ රටේ දේශපාලනය පහත් ම අඩියකට වැටිලා. අධිපෝයත් දේශපාලන ප්‍රශ්නයක් වෙලා. ඒකාබද්ධ විපක්‍ෂයේ අය කියන්නේ වෙසක් පෝය (පුර පසළොස්වක) අප්‍රේල් මාසයේ ලබන්න බැහැ කියා. ඔවුන්ට අනුව වෙසක් පෝය මැයි මාසයේ ලබන්න ඕන. වජිර අබේවර්ධන එයට පිළිතුරු දීමට මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා. එහි පෝය කමිටුවේ සාමාජිකයන් යැයි සිතිය හැකි පිරිසක් සිටියා. සුපුරුදු පරිදි මෙයට පෙර වෙසක් පෝය අප්‍රේල් මස ලබපු අවස්ථාවලට නිදර්ශන ලැබුණා. කවුදෝ ජනමාධ්‍යවේදියකු වෙසක් පෝය විසා නැකතෙන් ලැබිය යුතු බවක් කියා සිටියා. එයට පිළිතුරක් ලැබුණා එය එසේ වීම අවශ්‍ය නැති බව. ප්‍රශ්නය එතැනින් අවසානයි.

Tuesday 25 July 2017

භීෂණයට අත වනන්නෝ


භීෂණයට අත වනන්නෝ



යාපනයේ සිසුවියකු වූ විද්‍යාගේ ඝාතනය පිළිබඳ නඩුව විභාග කරන  මහාධිකරණ විනිසුරුගේ ආරක්‍ෂක නිලධාරියකු වෙඩි වැදී මිය ගිහින්. තවත් ආරක්‍ෂක නිලධාරියකු වෙඩි වැදී රෝහලේ. මේ පිළිබඳ විවිධ කතා ජනමාධ්‍යයේ කියැවෙනවා.  පොලිසිය කියන දේ විශ්වාස කිරීම අපහසුයි. මාර්ගය අවහිරවීමක් නිසා ඇති වූ ආරවුලක් හේතුකොටගෙන  පොලිස් ආරක්‍ෂක නිලධාරියා මියගිය බවයි පොලීසිය කියන්නේ. එහෙත් වාර්තා වී ඇති අන්දමට විනිසුරුතුමා කියන්නේ තමාට තැබූ වෙඩිල්ලකින් නිලධාරියා මිය ගිය බවයි.

Monday 24 July 2017

භික්‍ෂූ දේශපාලනය වෙනස් කිරීම


භික්‍ෂූ දේශපාලනය වෙනස් කිරීම



අස්ගිරි ප්‍රකාශය ගැන සිංහල බෞද්ධයන් යම් පිරිසක් අතර ප්‍රබෝධයක් ඇති වුණා. අපත් එය වැදගත් ප්‍රකාශයක් ලෙස සැලකුවා. එහෙත් උන්වහන්සේලා බැහැ දැකීමට ගිය නීතිඥයන් දොස්තරවරියන් ආචාර්යවරියන් ගැන අපේ කුකසක් තිබුණා. අපේ ලිපිවල ඒ බව සඳහන් කෙරුණා. පසුව මහානායක හාමුදරුවන් වහන්සේත් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ කියලා ප්‍රකාශයක් කළා. දේශපාලනඥයන් සහ පඬියන් ඒ ගැන කලබල වුණා. මෛත්‍රිපාල තකහනියක් මහානායක හාමුදුරුවන් බැහැ දකින්න ගියා. සිංහල බෞද්ධ විරෝධී පඬියන් සංඝයා වහන්සේ රාජ්‍යයක් පසුපස තවත් රාජ්‍යයක් කියලා කියන්න පටන් ගත්තා. අපේ හාමුදුරුවරුන් ද එයට විවිධ පිළිතුරු දුන්නා. මහානායක හාමුදුරුවරුන් බෞද්ධයන් ලක්‍ෂ ගණනක් නියෝජනය කරන බව ඇතැම් හාමුදුරුවරුන් ප්‍රකාශ කළා. ඒත් එහි පදනම වූයේ සංඛ්‍යා මත සකස් වූ ඊනියා බටහිර ප්‍රජාතන්ත්‍රවාදය.   සිංහල බෞද්ධ රාජ්‍යයේ සංඝයා වහන්සේ එක් අංශයක් බව බොහෝ දෙනාට අමතක වුණා. අදත් අමතකයි. බොහෝ දෙනා වැඩ කරන්නේ බටහිර රාමුවක.

Sunday 23 July 2017

මා නිහඬ නැහැ


මා නිහඬ නැහැ



බොහෝ දෙනකු මගෙන් අහන ප්‍රශ්නයක් වී ඇත්තේ මා දැන් නිහඬ ඇයි යන්නයි. ඔවුන් ඒ ප්‍රශ්නය අසන්නේ පිළිතුරක් බලා ගෙන නො වෙයි. ඒ ගැන එක් එක් අයට විවිධ උපකල්පන තියෙනවා. මේ රටේ මිනිසුන් එවැනි ප්‍රශ්න අසන්නේ තම තමන්ගෙ උපකල්පන වෙනස් කරගන්න නො වෙයි. මා මොන පිළිතුරක් දුන්නත් ඔවුන් තමන්ට හා තම මිතුරන්ට කියන්නේ ඔහොම කිව්වට මිනිහට කුට්ටියක් හම්බ වෙලා ඇති. මිනිහා දැන් ඉස්සර මිනිහා නො වෙයි. මිනිහා දැන් නිදහස් අධ්‍යාපනයටත් විරුද්ධයි කියලා කිහිප දෙනෙක් ම කිව්වා. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන තැනකට ආවට පස්සෙ හුඟ දෙනෙක් ඔහොම තමයි. මිනිහා දැන් ඒකාබද්ධ විපක්‍ෂයත් විවේචනය කරනවා කියලා ආරංචියි. මහින්ද මහත්තයගෙන් මිනිහා ගත්ත දේවල් දැන් අමතක කරලා. කෙළෙහි ගුණයක් දන්නැති මිනිහා.

Saturday 22 July 2017

ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනය


ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනය



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කර ගනු ලැබුයේ ඒ සඳහා පාර්ලිමේන්තුවේ ගෙනෙන ලද යෝජනා සම්මතයකින්. එහි ආරම්භයේ ම කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතු බවට ශ්‍රී ලාංකික ජනතාව අතර පුළුල් එකඟතාවක් තිබුණු බව ය. මෙය පට්ටපල් බොරුවක්. ශ්‍රී ලාංකික ජනතාව අතර ඒ සම්බන්ධ එකඟතාවක් නැහැ. මහානායක හිමිවරුන්ගේ ප්‍රකාශයෙන් ද ඒ බව තහවුරු වෙනවා.

Friday 21 July 2017

වෙසක් මැයි ගිවිසුම දෙසැම්බර්


වෙසක් මැයි ගිවිසුම දෙසැම්බර්



පාර්ලිමේන්තු දේශපාලනය කියන්නෙ හැකිතාක් පිරිසක් හැකිතාක් රැවටීම. ඒ බලය ලබා ගැනීමට හා බලය රැක ගැනීමට. ජනමාධ්‍ය ද කරන්නේ එයමයි. ඔවුන්ගේ ජනප්‍රියතාව රැක ගැනීම හා වැඩි කර ගැනීම. ඊනියා විදවතුන්  ද වැඩි වෙනසක් නැහැ. ඒ අතින් බලන කල සියලු දෙනා ම දේශපාලනඥයන්. කිසිම විචාර බුද්ධියක් නැති පිරිසක් රැවටීම අපහසු දෙයක් නො වෙයි. විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් ඉන්නේ රැවටෙන්න බලාගෙන.

Thursday 20 July 2017

ඒකාබද්ධ විපක්‍ෂයේ බොරුව


ඒකාබද්ධ විපක්‍ෂයේ බොරුව



ජාතික නිදහස් පෙරමුණ ඊනියා ව්‍යවස්ථා (සම්පාදන) මණ්ඩලයෙන් අස්වෙලා. ඒ පිළිබඳ ලිපිය එහි මන්ත්‍රීවරුන් කතානායකට භාරදීලා. ඒ පිළිබඳ ව අපේ ප්‍රසාදය ජා නි පෙරමුණට හිමි විය යුතුයි. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂයේ ඉතිරි කණ්ඩායම් හා පක්‍ෂ ඒ ද්‍රෝහි මණ්ඩලයෙන් අස්වෙලා නැහැ. ඒ පිළිබඳ අපේ අප්‍රසාදය ඒ ඉතිරි කණ්ඩයම්වලට හා පක්‍ෂවලට හිමි වෙනවා. ඒ අය අප නොවෙයි මහානාහිමිවරුන් වහන්සේලා ප්‍රකාශ කර ඇති දෙයකටත් එකඟ නැහැ. එහෙත් ඔවුන් සමහර දෙනකු පෙනී සිටින්නේ ජාතික පක්‍ෂ ලෙස.

Wednesday 19 July 2017

බෙන්ගේ ඩෙන්න ඩෙනා


බෙන්ගේ ඩෙන්න ඩෙනා



එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊනියා මානව අයිතිවාසිකම් වර්ධනය කිරීමටත් ත්‍රස්තවාදය නැතිකිරීමටත් කතාකරන, එකී සංවිධානයේ විශේෂ වාර්තාකරුවකු වූ බෙන් එමර්සන් ලංකාවට තර්ජනය කරලා. 2015 ඔක්තෝබරයේ දී ලංකාවේ ද සහායෙන් ලංකාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් මණ්ඩලය සම්මත කර ගත් යෝජනාව පූර්ණ ව ක්‍රියාත්මක නොකළහොත් දරුණු විපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව එමර්සන් ප්‍රකාශ කරලා. ඔහු මේ ප්‍රකාශය කර ඇත්තේ කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධාන පරිෂ්ඨයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී. එක්සත් ජාතීන්ගේ සංවිධානය අද අප පාලනය කරනවා.

Tuesday 18 July 2017

පුරාවිද්‍යාවේ අනුකාරකයෝ


පුරාවිද්‍යාවේ අනුකාරකයෝ



ඉස්සර මේ රටේ පුරාවිිද්‍යා දෙපාර්තමේන්තුවක් තිබුණෙ නැහැ. ඒත් අපේ සිද්ධස්ථාන රැක ගැනීමට එය බාධාවක් වුණේ නැහැ. අපේ රජවරු සිද්ධස්ථාන අළුත්වැඩියා කළා. චෛත්‍ය මුල් ආකාරයෙන් ම තිබිය යුතු ය කියලා නීතියක් තිබුණෙ නැහැ. පස්සෙ කාලෙක දි අගනුවර මාරු වෙන විට කලින් අගනුවරවල තිබූ සිද්ධස්ථාන ඇතැම් විටෙක මග ඇරෙන්න ඇති. අගනුවර කෝට්ටෙට ගෙනාවට පස්සෙ පැරණි සිද්ධස්ථානවලට යන එක ටිකක් අපහසු වෙන්නත් ඇති.

Monday 17 July 2017

ජාත්‍යන්තර සුපිරිව්‍යුහයේ ඒජන්තයෝ


ජාත්‍යන්තර සුපිරිව්‍යුහයේ ඒජන්තයෝ



යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ එක් අංගයක් තමයි ධනවාදය. බටහිර විද්‍යාවත් දැනුමත් එහි තවත් අංගයක්. පෞද්ගලිකත්වය එහි තවත් අංගයක්. මේ සියල්ල එකිනෙකට බැඳිලා. ඒ සියල්ල ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ප්‍රතිඵල. ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ වෙන් කිරීමත් තියෙනවා. පෞද්ගලිකත්වය හා වෙන් කිරීම එකිනෙකට බැඳිලා. ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ වෙන් කිරීම ගැන කුමක් කීවත්, කුමක් කළත් ඒ ඒ අංග අතර තියෙන බැඳීම වළක්වන්න බැහැ.

Sunday 16 July 2017

සයිටම් නැත්නම් වෙන අයිටම්

සයිටම් නැත්නම් වෙන අයිටම්

දොස්තරලා අගමැතිගේ යෝජනාවට කැමතිලු. අගමැති සයිටම් අහෝසි කරන්නේ නැහැ. රාජිත සයිටම් අහෝසි කරාවි ද? ජනාධිපති සයිටම් අහෝසි කරාවි ද? පුබුදු ජාගොඩ සයිටම් අහෝසි කරාවි ද? දයාසිරි ජයසේකර සයිටම් අහෝසි කරාවි ද? චම්පක සයිටම් අහෝසි කරාවි ද? ජනමාධ්‍යවේදීන් සයිටම් අහෝසි කරාවි ද? මා දන්නේ නැති නිසයි අහන්නේ. හෙට නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නවා. එය පැහැදිලි නැහැ. ඒ සම්පූර්ණ පවරා ගැනීමක් ද නැත්නම් ජයවර්ධනපුර නව රෝහල වගේ පෞද්ගලික රාජ්‍ය බද්ධ ව්‍යවසායක් ලෙස පවත්වා ගෙන යෑමක් ද? මටත් සතුටක් තියෙනවා මගේ එක් යෝජනාවක් ක්‍රියාත්මක වීම ගැන. ඒ යෝජනාව මා මුල් වරට ඉදිරිපත් කෙළේ  කලකට පෙර. ඇතැම් වෛද්‍යවරුන් ඒ බව දන්නවා. ඒත් ඔවුන් ඒ බව කියන්නේ නැති බව මගේ අත්දැකීමෙන් දන්නවා. මගේ ලිපිවලත් මා ඒ යෝජනාව කීප වතාවක් ම කරලා තියෙනවා.

Saturday 15 July 2017

එමර්සන්ට එරෙහිව විජයදාස


එමර්සන්ට එරෙහිව විජයදාස



මානව අයිතිවාසිකම් හා ප්‍රතිත්‍රස්තවාදය පිළිබඳ එක්සත් ජාතින්ගේ විශේෂ වාර්තාකාර එමර්සන්ට විජේදාස රාජපක්‍ෂ ඉතා තදින් පිළිතුරු දී ඇති බවට දි අයිලන්ඩ් පුවත්පතේ ඊයේ වාර්තා වී තිබුණා. ජනමාධවේදීන් මාධ්‍ය සාකච්ඡාවක දී එමරසන්ගෙන් ඒ ගැන ඇසූ අවස්ථාවේ දී ඔහු කියා ඇත්තේ පෞද්ගලික සාකච්ඡාවල දී සිදු වූ දේ ඔහු ප්‍රසිද්ධියේ නොකියන බවයි. එමර්සන් සුද්දකුට සරිලන පිළිතුරක් දී තිබෙනවා. ඔහු ප්‍රශ්නයෙන් ගැළවෙලා. සුද්දන්ගේ හැටි ඔහොමයි.

Friday 14 July 2017

ඩෙංගු මර්දනය


ඩෙංගු මර්දනය



මේ ලිපි මුහුණු පොතේ පළ කිරීම ගැන මගේ කිසිම සතුටක් නැහැ. මා ලිපි ලියන්නේ කාලය වෙබ් අඩවියට පමණයි. එහෙත් දෙතුන් දෙනෙකු එකතු වී ඒ ලිපි මුහුණු පොතේ පළ කරනවා. එය තේරුමක් නැති වැඩක්. මුහුණු පොතේ ඉන්නා අය මට වඩා දන්නවා. ඔවුන්ගේ ප්‍රතිචාරවලින් පැහැදිලි වන්නේ එයයි. මා ඒ කිසිවකටවත් පිළිතුරු දෙන්න යන්නේ නැහැ. මට වඩා දන්නා අයට මා යමක් කියන්නේ කෙසේ ද? ක්‍රිස්තියානිය මෙරට රාජ්‍යාගම බව බොහෝ දෙනකු බොහෝ කලක සිට දන්නා බව ඉතා පැහැදිලියි. මා ඒ බව කීමෙන් මෝඩකමක් කළා යැයි මට හිතෙනවා. මා නම්  ඒ බව දැනගත්තේ සති දෙකතුනකට කලින්.  1840 දී සිදු වූ දේ ගැන බොහෝ දෙනා දන්නවා. මා කුමකට ඒ ගැන ලියනවා ද කියලා මට හිතෙනවා. මගේ මිතුරන් මේ ලිපි මුහුණු පොතේ පළ නොකරනවා නම් හොඳයි.

Thursday 13 July 2017

භික්‍ෂූන් වහන්සේ රාජ්‍යයේ අංශයක්


භික්‍ෂූන් වහන්සේ රාජ්‍යයේ අංශයක්



කලකට ඉහත ටේ‍රවෝ ලිං පවසා තිබුණේ ථෙරවාද බෞද්ධ රාජ්‍යය රජු, භික්‍ෂූන් වහන්සේ හා ජනතාව යන ගල් තුන මත රැඳුණු බවයි. රජු භික්‍ෂූන් වහන්සේට සිවුපසය ලබාදුන් අතර ජනතාවගේ වුවමනා එපාකම් බලා කියා ගත්තා. භික්‍ෂූන් වහන්සේ රජුට හා ජනතාවට අවවාද අනුශාසනා කළා. ජනතාව භික්‍ෂූන් වහන්සේට සිවුපසයෙන් සංග්‍රහ කළා. ඒ අතර ඔවුන් යුද්ධයක දී රජු හා රට වෙනුවෙන් සටන් කළා.

Wednesday 12 July 2017

හේතුවලට හේතුව


හේතුවලට හේතුව



අප බොහෝ විට හේතු ගැන කතා කරනවා. යමක් සිදුවීමට හේතුව මේ යැයි අප කියනවා. අප එසේ හේතු සොයන්නේ ඇයි. එවැනි ප්‍රශ්නයක් ඇසීමත් හේතුවක් සෙවීමක්! අප අසන්නේ හේතු සෙවීමට හේතුව කුමක් ද කියා! යමක් සිදුවන්නේ කුමක් නිසා ද කෙසේ ද ආදී ප්‍රශ්න පිටුපස ඇත්තේත් හේතු සෙවීමක්. අප බොහෝ විට යම් සිද්ධියක් විස්තර කිරීමේදීත් හේතු කියනවා. අද අහවලා වැඩට පැමිණ නැත්තේ අසනීපයෙන් ආදී වශයෙන් අප විස්තර කරන්නේ හේතුවක් සහිත ව.

Tuesday 11 July 2017

කාලෝගේ හා වෛද්‍ය නිලධාරී සංගමයේ ටියුබ් ලයිට්


කාලෝගේ හා වෛද්‍ය නිලධාරී සංගමයේ ටියුබ් ලයිට්



ඊයේ මහින්ද පැරදුණේ සිංහල බෞද්ධ ඡන්ද අහිමි වීමෙන් මිස මුස්ලිම් ඡන්ද අහිමි වීවෙන් නොවන බව මා කී විට එක් පඬියකු අසා තිබුණේ මහින්ද පැරදුණු විට ඔහු වටා ඩිටියේ සිංහල බෞද්ධයන් බව අමතක වී ද කියා. 2015 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අධ්‍යයනය කර විශ්ලේෂණය කළහොත් පෙනේවි මහින්දට සිංහල බෞද්ධ ඡන්ද අඩු වූ ආකාරය. එහෙත් පඬියන් විශ්ලේෂණවලට කැමති නැහැ. මහින්දගේ පරාජයෙන් පසුව ඔහු වටා ජනයා එකතු වූ බව පැහැදිලියි. අද ඒ පිරිස තවත් වැඩි වී ඇති. එහෙත් මා කියා සිටියේ ජනාධිපතිවරණයෙන් පැරදීම මිස ඉන්පසු ආණ්ඩුවේ වැඩ බැරිකම් හා වෙනත් හේතු නිසා ජනයා මහින්ද වටේ නැවතත් එකතු වීම ගැන නො වෙයි. පඬියන්ට විශ්ලේෂණය, තර්ක බැහැ. ඔවුන් දන්නේ හැඟීමෙන් හා වෙනත් අරමුණු වෙනුවෙන් කට කියවීමට පමණයි. වෛද්‍ය නිලධාරීන් ද ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතියකට අනුව ජනයා මුළා කිරීමට කියවනවා.

Monday 10 July 2017

ඒකාබද්ධ විපක්‍ෂය සංඝයා වහන්සේට විරුද්ධ ද?


ඒකාබද්ධ විපක්‍ෂය සංඝයා වහන්සේට විරුද්ධ ද?



ඒකාබද්ධ විපක්‍ෂයට තීරණයක් ගන්න බැරුව. වෙන මොකකටවත් නොවෙයි අර ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවෙන් අයින් වෙනව ද නැද්ද කියන එක ගැන. ඒ මෙහෙයුම් කමිටුවෙන් අයින් වෙන්න අකමැති පක්‍ෂත් ඒකාබද්ධ විපක්‍ෂයෙ තියෙනවා. ඒ පක්‍ෂ මොනව ද කියල මා දන්නෙ නැහැ. ඒත් එසේ අකමැති වීම රටට කරන ද්‍රෝහිවීමක් ලෙසයි සලකන්න වෙන්නෙ. මෙහෙයුම් කමිටුවෙන් හා අනුකාරක කමිටු හයෙන් පමණක් නො වෙයි ව්‍යස්ථා සම්පාදන ක්‍රියාවලියෙන් ම ඉවත් විය යුතුය කියලා මා කියන්නෙ බොහෝ කලක ඉඳලා. අප ඒ ගැන සම්මන්ත්‍රණ මාධ්‍ය සාකච්ඡා පැවැත්තුවත් ඒ ගැන ප්‍රචාරයක් නොදීමට ජනමාධ්‍ය වගබලාගත්ත.

Sunday 9 July 2017

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම  


බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම



බුද්ධාගමට නිසි තැන, හිමි තැන, ප්‍රමුඛස්ථානය දීම, ආරක්‍ෂා කිරීම ඊනියා උගත් සමාජයේ මේ දිනවල බෙහෙවින් කතා වෙනවා. එතරම් උගත් නැති අය ඒ ප්‍රශ්නය ගැන එතරම් කතා කරන්නේ නැහැ. ඊනියා උගතුන් සෑම ප්‍රශ්නයක් වගේ ම මේ ප්‍රශ්නයත් මුලින් අල්ල ගෙන නැහැ. මේ රටේ උගතුන්ගේ හැටි ඔහොමයි.  මේ ප්‍රශ්නය 1815 සිට ම තියෙනවා. සිංහල බෞද්ධ රාජ්‍යයක මේ ප්‍රශ්නය තිබුණෙ නැහැ. එයින් කියන්නේ එකල මෙරට බුද්ධාගමට, බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය නොතිබූ බව නො වෙයි.  මේ රටේ රජවරුන් කිහිප වතාවක් ම රට බුදුන් වහන්සේට, බුදුසසුනට පූජා කර තිබෙනවා. රජු බෝසත්වරයකු විය යුතුය යන මතයක් මෙරට තිබුණා. අග්බෝ රජවරුන් කිහිප දෙනකු ම රජ කළා.

Saturday 8 July 2017

රැවටීම


රැවටීම



ඊයේ ( හත්වැනි දා) ඉන්දියාවේ හින්දු පුවත්පතේ පළවූ වාර්තාවක් මෙසේ සම්පූර්ණයෙන් පළ කරනවා. මේ ප්‍රවෘත්තිය ප්‍රංශ පුවත් ඒජන්සියකින් ලබා ගත් එකක්. ඉන් කියැවෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි සුළුතර දෙමළ ජනයාට වැඩි බලතල ලබා දීම සඳහා නව ව්‍යවස්ථාවක් ගෙනෙන බවයි. ඒ ප්‍රවෘත්තිය පළවන්නේ බෞද්ධ විරෝධය නොතකා  වැඩි බලතල දෙමළ ජනයාට දීමට ශ්‍රී ලංකාව පොරොන්දු දීමක් ලෙසයි. මේ බෞද්ධ විරෝධය යනුවෙන් කියැවෙන්නේ පූජ්‍ය ආනමඩුවේ  ධම්මදස්සි හිමිපාණන් වහන්සේ නව ව්‍යවස්ථාවකට භික්‍ෂූන් වහන්සේ විරුද්ධ බවට කරන ලද ප්‍රකාශයක්.

Friday 7 July 2017

සුමන්තිරන්ගේ ඉතිහාසය


සුමන්තිරන්ගේ ඉතිහාසය



සුමන්තිරන් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරලා ඊනියා ප්‍රජාතන්තවාදයක් ගැන. ඔහු කියා ඇත්තේ පාර්ලිමේන්තුවට ඉහළින් ක්‍රියාකරන බලවේගයක් ඇති බවයි. මේ ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්නය ගැන භික්‍ෂූන් වහන්සේගේ මැදිහත්වීම සම්බන්ධයෙන් බව පැහැදිලියි. සුමන්තිරන් යනු චෙල්වනායගම්ගේ දේශපාලන අවතාරයයි. ඔවුන් දෙදෙනා ම දෙමළ ක්‍රිස්තියානි බැතිමතුන්. සුමන්තිරන්ට අනුව භික්‍ෂූන් වහන්සේ කසිකබල් මැති ඇමතිවරුන්ට යටවිය යුතුයි. සුමන්තිරන් දන්නා ඉතිහාසය කුමක් ද? මෙරට වෙල්ලාලයන්ගේ ඉතිහාසය 1650න් ඈතට යන්නේ නැහැ. සුමන්තිරන්ගේ තෝම්බුව සොයා ගැනීමට හැකි වුවහොත් පෙනේවි ඔහුගේ මුතුන් මිත්තන් මෙරටට පැමිණි දිනයත් ඔහුගේ පරම්පරාව මෙතෝදිස්ත වූ දිනයත්.

Thursday 6 July 2017

නව ව්‍යවස්ථාවකට ජනවරමක් නැහැ




නව ව්‍යවස්ථාවකට ජනවරමක් නැති බව පෙන්වමින් කරන ලද සාකච්ඡාවක් අද රිවිර පත්‍රයෙහි පළ වී ඇත. සබැඳිය මෙතැනින්

http://www.rivira.lk/epaper/daily/thu/2017/07/06/index.html#4/z

http://www.rivira.lk/epaper/daily/thu/2017/07/06/index.html#4/z

Wednesday 5 July 2017

මගේ ගණිත ගුරුතුමා  


මගේ ගණිත ගුරුතුමා



මට සාමාන්‍ය පෙළ පන්තිවල ගණිතය ඉගැන්වූ වේළුපිල්ලෙයි අරසරත්නම් ගුරුතුමා පසුගිය සතියේ නවසීලන්තයේ දී අභාවප්‍රාප්ත විය. එතුමා අපට එකල තිබූ ක්‍රමයට අනුව ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය හා උසස් ගණිතය ඉගැන්වීය. අපට ව්‍යවහාරික ගණිතය හා උසස් ගණිතය විෂය නිර්දේශ එක් වසරකින් නිම කිරීමට සිදු විය. එතුමා කිසිම පැකිළීමකින් තොරව සෙනසුරාදා උදේ අමතර පංති පවත්වා ඒ කාර්යය දැඩි වගකීමකින් හා කැප කිරීමකින් සිදු කෙළේ ය. එසේ කෙළේ මුදල් හෝ ත්‍යාග හෝ අපේක්‍ෂාවෙන් නො වේ. යම්කිසි ආකාරයකින් අප එතුමාට ත්‍යාගයක් ප්‍රදානය කෙළේ නම් කුමක් සිදුවීමට තිබිණි දැයි මට සිතා ගත හැකි ය. 

Tuesday 4 July 2017

සයිටම් වර්ජනය


සයිටම් වර්ජනය



රජයේ වෛද්‍ය නිලධරි සංගමය පස්වැනි දා සිට අඛණ්ඩ වර්ජනයක් කිරීමට තීරණය කරලා. පැහැදිලිව ම ඔවුන්ට ඔවුන්ගේ විසඳුම අවශ්‍යයි. ඔවුන් සාකච්ඡා කියන්නේ ඔවුන්ගේ විසඳුම, එනම් සයිටම් අහෝසි කිරීම, ජනසතු කිරීම ඉටුකර ගැනීමට කරන ඊනියා සාකච්ඡාවලට පමණයි. ඔවුන්ගේ යෝජනාවල පදනම එයයි. වෛද්‍ය නිලධාරීන් අඛණ්ඩ වර්ජනයක යෙදෙන්නේ සයිටම් අහෝසි කිරීමට. එහෙත් අමතක නොකළ යුතු වැදගත් ම කාරණය නම් සටන පටන් ගන්න කොට සයිටම් අහෝසියක් වෛද්‍යවරුන්ගේ ඉල්ලීම්වල නොතිබූ බවයි. දේශපාලනඥයන් ජනතාව වෙනුවෙන් කතා කරනවා වගේ වෛද්‍යවරුන්  රෝගීන් වෙනුවෙන් කතා කරනවා. ඔවුන් ඇත්තට ම කතා කරන්නේ තම තමන් වෙනුවෙන්. වෛද්‍යවරුන් ද නිරත වී සිටින්නේ දේශපාලනයක.

Monday 3 July 2017

අස්ගිරියෙන් ඒකාබද්ධ විපක්‍ෂයට පාඩමක්





අස්ගිරියෙන් ඒකාබද්ධ විපක්‍ෂයට පාඩමක්




අස්ගිරියෙ හාමුදුරුවන් වහන්සේ (කාරක සභාව) ඉතා පැහැදිලි ප්‍රකාශයක් කරලා. උන්වහන්සේගේ ප්‍රකාශයෙන් කියැවෙන්නේ නව ව්‍යස්ථාවක් අවශ්‍ය නැහැ කියන එකයි. කොහොමටත් ජනාධිපතිවරණයෙදි පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල කිව්වෙ ජනමත විචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්ථා වගන්ති පමණක් සංශෝධනය කරන බව. මහින්ද නව ව්‍යවස්ථාවක් ගැන කිසිවක් කිව්වෙ නැහැ. එයින් කියැවෙන්නේ ජනාධිපතිවරණයේදීත් ඡන්දදායකයන් නව ව්‍යවස්ථාවක් සඳහා ඡන්දය දී නැති බවයි. අස්ගිරියෙ හාමුදුරුවන් වහන්සේ හා ජනතාව අතර නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පරස්පරයක් නැහැ.

Sunday 2 July 2017

මංගලගේ පෝය සිරිත්


මංගලගේ පෝය සිරිත්



මංගල සමරවීර කියන කතාව ඇත්ත. මිනිසුන් යම් පිරිසක් පෝයදාට කලින් ද මත්පැන් මිළ දී ගන්නවා. ඒ පෝයදාට බොන්න කියන එකත් කවුරුත් දන්නවා. ඒත් මංගල එන්නෙ මොකාට ද කියලා කාටත් පාහේ තේරෙනවා. ගොනා හැරෙන්නෙ පොල් පැලය කන්න විත්තිය අමුතුවෙන් කියන්න ඕන නැහැ. මංගලගෙ ගෙදර මත්පැන් තියෙනව ද කියලා මා දන්නෙ නැහැ. බොහෝ මන්ත්‍රීවරු මත්පැන් පානය කරනවා. සමහරුන්ගෙ ගෙවල්වල චූල අවන්හල් තියෙනවා. ඒවාට මිනි බාර් කියලා ආඩම්බරෙන් කියනවා. ඔවුන් පෝයදාට බොනව ද නැද්ද කියන්න මා දන්නෙ නැහැ. සමහරවිට විදග්ධයන් වගේ මධුවිත තොල ගානවා ඇති.

Saturday 1 July 2017

සංස්කෘතික ගැටුම්.

 
Chat Conversation End
Drag Link/Files Here
Drop Files Here
Drop Link Here

සයිටම් හා ව්‍යවස්ථාව


සයිටම් හා ව්‍යවස්ථාව



සයිටම් වෛද්‍ය උපාධියට දක්වන විරෝධය ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නැත්තේ ඇයි? පෙළපාලි උද්ඝෝෂණ උපවාස අට්ටාල කිසිවක් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නැහැ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ ව්‍යවස්ථාව තම වපසරියෙන් ඉවත තියෙන එකක් කියල ද? ව්‍යවස්ථාව සියල්ලට ම ප්‍රධානයි. සයිටම් එට්කා එ හැම එකක් ම ක්‍රියාත්මක විය යුත්තේ ව්‍යවස්ථාවට එකඟවයි. වෛද්‍යවරුන්ගේ සේවා කොන්දේසි මාරුකිරීම් පමණක් නොව වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වයත් ව්‍යවස්ථාව අනුව වෙනස් විය හැකියි. වෛද්‍යවරුන්ට නොවෙයි කිසිවකුට කියන්න බැහැ ව්‍යවස්ථාව තම වෘත්තියට අදාළ නැහැ කියලා.