Main Logo

Showing posts with label JNP. Show all posts
Showing posts with label JNP. Show all posts

Friday, 13 October 2017

අස්ගිරිය, ව්‍යවස්ථාව හා ජනාධිපතිගේ වගකීම  


අස්ගිරිය, ව්‍යවස්ථාව හා ජනාධිපතිගේ වගකීම





නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කිරීම සිංහලයන්ගේ පමණක් නොව දේශප්‍රේමී මුස්ලිම් හා දෙමළ ජනයාගේ ද යුතුකම හා වගකීම විය යුතු ය. නව ව්‍යවස්ථාවේ ඊනියා අහිතකර වගන්ති සංශෝධනය කිරීම අපේ කාර්යය නොවිය යුතු ය. එසේ කළහොත් එක පැත්තකින් රනිල් පළාත් ආයතන පිළිබඳ පනතේ කළාක් මෙන් සංශෝධන මගින් තමන්ට වුවමනා වෙනත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරනු ඇත. එහෙත් එයටත් වඩා වැදගත් කරුණ වනුයේ මේ ආණ්ඩුවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ජනවරමක් නැති වීම ය. 2015 අගෝස්තු මැතිවරණයේ දී නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ඡන්දය ඉල්ලූ එ ජා පෙරමුණට මන්ත්‍රි ධුර 106ක් පමණක් ලැබිණි. ඒ මන්ත්‍රී ධුර 225කිනි. එමෙන් ම එ ජා පෙරමුණට මුළු ඡන්දවලින් 50%ක් නො ලැබීණි. එයින් කියැවෙන්නේ ජනතාව මැතිවරණයේ දී නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව ප්‍රතික්‍ෂෙප කර ඇති බව ය.

Saturday, 22 July 2017

ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනය


ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනය



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කර ගනු ලැබුයේ ඒ සඳහා පාර්ලිමේන්තුවේ ගෙනෙන ලද යෝජනා සම්මතයකින්. එහි ආරම්භයේ ම කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතු බවට ශ්‍රී ලාංකික ජනතාව අතර පුළුල් එකඟතාවක් තිබුණු බව ය. මෙය පට්ටපල් බොරුවක්. ශ්‍රී ලාංකික ජනතාව අතර ඒ සම්බන්ධ එකඟතාවක් නැහැ. මහානායක හිමිවරුන්ගේ ප්‍රකාශයෙන් ද ඒ බව තහවුරු වෙනවා.

Thursday, 20 July 2017

ඒකාබද්ධ විපක්‍ෂයේ බොරුව


ඒකාබද්ධ විපක්‍ෂයේ බොරුව



ජාතික නිදහස් පෙරමුණ ඊනියා ව්‍යවස්ථා (සම්පාදන) මණ්ඩලයෙන් අස්වෙලා. ඒ පිළිබඳ ලිපිය එහි මන්ත්‍රීවරුන් කතානායකට භාරදීලා. ඒ පිළිබඳ ව අපේ ප්‍රසාදය ජා නි පෙරමුණට හිමි විය යුතුයි. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂයේ ඉතිරි කණ්ඩායම් හා පක්‍ෂ ඒ ද්‍රෝහි මණ්ඩලයෙන් අස්වෙලා නැහැ. ඒ පිළිබඳ අපේ අප්‍රසාදය ඒ ඉතිරි කණ්ඩයම්වලට හා පක්‍ෂවලට හිමි වෙනවා. ඒ අය අප නොවෙයි මහානාහිමිවරුන් වහන්සේලා ප්‍රකාශ කර ඇති දෙයකටත් එකඟ නැහැ. එහෙත් ඔවුන් සමහර දෙනකු පෙනී සිටින්නේ ජාතික පක්‍ෂ ලෙස.