Main Logo

Showing posts with label කැලණිය. Show all posts
Showing posts with label කැලණිය. Show all posts

Monday, 18 March 2013

ආසනික් සටන

බටහිර විද්‍යාව, ආසනික් හා දෙවියෝ පොත පිළිබඳ සම්මන්ත්‍රණයක් එය නිකුත් වී මාස පහකට පමණ පසුව පසුගිය බදාදා පැවැත්විණි. එහි දී මතු වූ හා මතු නොවූ කරුණු කිහිපයක් පිළිබඳ ව සඳහන් කිරීමට සිංහල බෞද්ධයන්ට ඉදිරි දර්ශනයක් නෑ යනුවෙන් පළවන ලිපි පෙළට තාවකාලිකව සමු දීමට සිදුවෙයි. පොතෙහි තේමාව වනුයේ දැනුම නිර්මාණය කිරීම ය. බොහෝ දෙනා තවමත් තේරුම් නොගත්තත් අද බටහිර ක්‍රිස්තියානි නූතනත්ව දැනුම ලෝකයේ ආධිපත්‍යය දරන අතර බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය තවමත් ලෝ පුරා පවත්වාගෙන යෑමට එම දැනුම, එනම් පසුගිය සියවස් පහක පමණ කාලයක බටහිර නිර්මාණය කෙරී ඇති දැනුම, යොදා ගැනෙයි. බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම් ආධිපත්‍යය තහවුරු කිරීමට යොදාගන්නා තවත් බටහිර දැනුමක් වනුයේ බටහිර ඥානවිභාගය ය. එහි ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක් ගැන සඳහන් වෙයි. එවැනි විධික්‍රමයක් නැති බව බටහිර ම දාර්ශනිකයකු වූ ෆෙයරාබන්ඩ් විද්වතා පෙන්වා දී ඇත. එහෙත් උක්ත කෘතියෙහි සඳහන් වන්නේ ෆෙයරාබන්ඩ්, කූන් ආදී විද්වතුන් විසින් සඳහන් කර ඇති ඇතැම් කරුණු පමණක් නො වේ. මා විසින් සිංහල බෞද්ධ චින්තනයක නිර්මාණය කෙරී ඇති දැනුම් ද වෙයි. සම්මන්ත්‍රණයෙහි දී කියැවුණු එක් අදහසක් වූයේ පොතෙහි සඳහන් වනුයේ බටහිර විද්‍යාවේ සීමා ගැන බව ය. එහෙත් එය එසේ නො වේ. අපට වැදගත් වනුයේ බටහිර විද්‍යාවේ දර්ශනය ය. එහි ආධිපත්‍ය ය. එය බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය පැතිරවීමේ දී හා තහවුරු කිරීමේ දී සිදුකරන කාර්යභාරය ය. බටහිර විද්‍යාවේ ආරම්භය ගැලීලියෝ හා නිවුටන් කරා දිවයන නමුත්, එයට පදනම් වූ චින්තනය, එනම් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චි්න්තනය ඇරඹුණේ පහළොස්වැනි සියවස අගභාගයේ දී ය. මුළු ලෝකයම අගාධයට යොමුකර ඇති මේ චින්තනයට විකල්ප ව ඇත්තේ චින්තන දෙකක් පමණ ය. එකක් මුස්ලිම් චින්තනය ය. අනෙක ථෙරවාද බෞද්ධ චින්තනය ය. මුස්ලිම් චින්තනය ආක්‍රමණශීලීව බටහිර ක්‍රිස්තියානි චින්තනයට අභියෝග කරයි. ෂර්යා නීතිය බටහිර රටවල ද ක්‍රියාත්මක කරවීමට බලපෑම් වෙයි. හලාල් භාණ්ඩ අද ලෝ පුරා ව්‍යාප්ත කිරීමට උත්සාහ කෙරෙන්නේ ද බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය හා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය මත පදනම් වූ ලෝක ආහාර හා වෙළෙඳ ප්‍රතිපත්තිය පරාජය කිරීමට ය. මෙරට සිංහල බෞද්ධ රටකි. මේ රටෙහි මූලික වශයෙන් තිබිය යුත්තේ බෞද්ධ ආහාර ප්‍රතිපත්තියකි. එහෙත් චිකන් හෙවත් කුකුල් මස් නොමැතිව භික්‍ෂූන් වහන්සේලාට දානය දීමටවත් නොහැකි රටක දානය වළඳා හාමුදුරුවන් පන්සලට වැඩම කිරීමටත් පෙර නිවසෙහි සුරාව රජයන රටක මොන බෞද්ධ ආහාර ප්‍රතිපත්තියක් ද? අපේ වත්මන් ආහාර ප්‍රතිපත්තිය බටහිර යුදෙවු ක්‍රිස්තියානි ය. හලාල් සහතිකය පිටුපස සිටින උල්ලමාවරුන්ට අවශ්‍ය වනුයේ මුස්ලිම් ආහාර (භාණ්ඩ) ප්‍රතිපත්තියක් ලංකාවෙහි ද ක්‍රියාත්මක කිරීමට ය. එහෙත් මෙහි දී එයට විරුද්ධ වන්නේ බෞද්ධයන් පමණක් වීම තරමක් ගැටළු සහගත ය. ක්‍රිස්තියානීන්ගෙන් හෝ හින්දුන්ගෙන් හෝ විරුද්ධත්වයක් පැන නැගී නැත්තේ ඇයි? ලෝක ව්‍යාප්ත යුදෙවු ක්‍රිස්තියානි –- මුස්ලිම් ගැටුමේ එක් අංගයක් පමණක් වූ හලාල් භාණ්ඩ ව්‍යාපෘතියෙහි දී ලංකාවේ දී ක්‍රිස්තියානි පල්ලිය නිහඬ වන්නේ ඔවුන්ට අවශ්‍ය කාර්යය බෞද්ධයන් සිදුකරන බැවින් ද?

අප තේරුම් නොගත්ත ද බටහිරයෝ ථෙරවාදී රටවල් විනාශ කිරීමට කටයුතු කරති. තායිලන්තය හෙවත් සියමි රට නිල නොවන වශයෙන් ඇමරිකානු යටත්විජිතයකි. ලාඕසය ගැන කතාකිරීමටවත් දෙයක් නැත. කම්පූචියාව පොල්පොට්ගේ ඉක්මන් ක්‍රියාකාරීත්වය හේතුකොටගෙන බටහිරයන් විසින් පරාජය කෙරිණි. මියන්මාරය හමුදා නිලධාරීන්ට පැහැදිලි ක්‍රියාමාර්ගයක් නොතිබීම හේතුවෙන් අවුං සාන් සුකී හරහා යටකර ගැනීමට බටහිරයන්ට හැකිවිය. අද නමට වුවත් ඉතිරි වී ඇත්තේ ලංකාව ය. අපට ලංකාවෙහි බටහිර ක්‍රිස්තියානි නූතනත්ව මතවාද පරාජය කිරීමට හැකි වී තිබේ. ලංකාවට සුදුසු ආහාර ප්‍රතිපත්තියක් සකස් කරගත හැක්කේ සඟ වෙද ගුරු ගොවි රණවිරු පංච මහා බලවේගය මගිනි. එනම් එය කළ හැක්කේ පනස්හයේ දරුවන්ට ය. අපේ ආහාර ප්‍රතිපත්තිය අපේ දැනුම මත පදනම් විය යුතු ය. සිංහල ගොවිකම, සිංහල (ආයුර්වේද නොවේ) වෙදකම පදනම් කරගත් දැනුමක් මත අපේ ආහාර ප්‍රතිපත්තිය පදනම් විය යුූතු ය. සිංහල කලාව ද සිංහල ගොවිකම ද සිංහල වෙදකම ද අද නොසලකා හැරෙන්නේ පොදුවේ සිංහල බෞද්ධ දැනුම ප්‍රතික්‍ෂෙප කෙරෙමිනි. අපට බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ මතවාද පරාජය කිරීමට හැකිවූයේ බටහිර වියුක්ත ප්‍රවාද හෙවත් කතන්දර ගෙතීම මත ම පදනම් වෙමිනි. එය අපේ ක්‍රමයක් නො වේ. එහෙත් පෘතුගීසීන් පරාජය කිරීමට ඔවුන්ගේ තුවක්කු අධ්‍යයනය කර වඩාත් හොඳ තුවක්කු නිෂ්පාදනය කළ අපේ මුතුන්මිත්තන් අනුගමනය කරමින් අපි බටහිර වියුක්ත ප්‍රවාද අනුව යමින් වඩාත් හොඳ ප්‍රවාද නිර්මාණය කළෙමු. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවකි. එහි ඇත්තේ උද්ගමනය (මෙය බේකන්ගේ උද්ගමනය නොවේ) හා ප්‍රවාද නමින් හැඳින්වෙන කතන්දර හෙවත් පට්ටපල් බොරු බව තහවුරු කිරීමට අපට පසුගිය සතියේ දී ඉහත සඳහන් සම්මන්ත්‍රණයෙහි දී ද රූපවාහිනී සාකච්ඡාවක දී ද හැකිවිය. අපට දැනුම ලබාගැනීමේ වෙනත් ක්‍රම ඇත. අපේ සංස්කෘතියෙහි අපි දෙවියන්ගෙන් හා භූතයන්ගෙන් ද දැනුම ලබාගනිමු. බටහිරයෝ හා ඔවුන්ගේ ගැත්තෝ ඒ දැනුම මිථ්‍යාවක් යැයි කියති. ආසනික් සටන දෙවියන්ගෙන් (භූතයන්ගෙන්) ලබාගත් දැනුම තහවුරු කිරීම සඳහා තැබූ ප්‍රධාන පියවරක් විය. 

රජරට නිදන්ගත වකුගඩු රෝගයට හේතුව කුමක්දැයි බටහිර වෛද්‍ය විද්‍යාවෙහි නො කියැවෙයි. එහි එයට ප්‍රතිකාර ද නැත. දින දෙකකට එක් රෝගියකු මරණයට පත්වෙයි. මේ පිළිබඳ මගේ අවධානය යොමු කළේ රජරට විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨයෙහි කථිකාචාර්යවරයකු වූ වෛද්‍ය චන්න ජයසුමන මහතා ය. ඒ වන විටත් අධිමානුෂික දැනුම ගැන සාර්ථක අත්දැකීම් ලබා සිටි මම ඔහු පිට්ටුගල ප්‍රියන්තා සේනානායක මහත්මිය වෙත යොමු කළෙමි. එහි දී ඇය ඔස්සේ අපට දැනගැනීමට හැකිවූයේ රජරට හා අනෙක් පෙදෙස්වල නිදන්ගත වකුගඩු රෝගයට හේතුව කෘෂිරසායන මගින් එකතුවන ආසනික් රසදිය හා සයනයිඩ් ද, ඒ ප්‍රදේශවල ඇති කුඹුරු පස ද, කිවුල් ජලය ද බව ය. අපට අවශ්‍ය වූයේ මේ හේතු බටහිර විද්‍යාව මගින් ද තහවුරු කිරීමට ය. ජයසුමන මහතා ඒ සඳහා මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය යටතේ, පශ්චාත් උපාධියක් සඳහා වූ නිර්ණායක සපුරා අදාළ සියළු මණ්ඩලවල අනුමැතියෙන් ලියාපදිංචි විය. ඒ සමග මහාචාර්ය මාලා අමරසිංහ මහත්මියගේ ද සහභාගීත්වයෙන් කරන ලද පර්යේෂණවලින් කෘෂිරසායනවල ද ජලයේ ද, ශාකවල ද ආසනික් බැර ලෝහය අඩංගු බව තහවුරු විණි. ඒ බව අපි වහාම ජනතාවට කීවෙමු. ඊනියා පත්‍රිකා ගැන මගේ විශ්වාසයක් නැත. නේචර් සඟරාවේ ද පළවෙන පත්‍රිකාවල අඩංගු කරුණු පසුව වැරදි බව පෙනී ගොස් ඇත. අපට අවශ්‍ය වූයේ හැකි ඉක්මණින් මේ පිළිබඳ තොරතුරු ආණ්ඩුවට හා ජනතාවට කීමට ය. එහෙත් මෙරට කසිකබල් විද්‍යාඥයෝ හා විද්‍යාඥවරියෝ අපට විරුද්ධවූහ. මේ ඇතැමෙක් ජාත්‍යන්තර සංවිධාන මගින් ලබාගත් ඩොලර් ලක්‍ෂ ගණනින් වියදම් කර කැඩ්මියම්, ෆ්ලෝරයිඩ් ආදී රසායන ද්‍රව්‍ය ගැන කතාකළහ. ආසනික් ගැන කීමෙන් ඔවුහු භූමිතෙල් ගෑවුණු ගැරඬින් මෙන් ක්‍රියාකළහ. කැලණි විශ්වවිිද්‍යාලයෙහි අදාළ උපකරණ කැඩී ඇතැයි ඔවුහු කීහ. අප කණ්ඩායම පර්යෙෂණ නොකළ බවත් දෙවියන් කී දෙයක් පමණක් කියන බවත් කීහ. එක් මහාචාර්යවරියක් එහි දී සැපින්නක මෙන් ක්‍රියාකළාය. ඇගේ මහාචාර්ය සැමියා අපට පිස්සු යැයි වෙනත් සරසවියක තම පීඨයේ නවක ශිෂ්‍යයන්ට කීවේ ය. ඉංජිනේරු විද්‍යාවෙන් ද සමාජ විද්‍යාවෙන් ද තුන්වැනි පංතියේ උපාධි ලබා මහා පඬියකු බව පෙන්වීමට තැත්කරන ප්‍රෝඩාකරුවෙක් විද්‍යාභිවර්ධන සංගමය මගින් මට විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කළේ ය. ජීවිතයට නව සංකල්පයක් ප්‍රවාදයක් ගොඩනගා නැති ඊනියා ප්‍රභූ විද්‍යාඥයන්ගෙන් සමන්විත ජාතික විද්‍යා ඇකඩමිය මට විරුද්ධව ප්‍රකාශ නිකුත් කළේ ය. අප ඊනියා විද්‍යාත්මක විධික්‍රමය අනුගමනය කර නැතැයි කීහ. මහාචාර්ය යුවළ අපට විරුද්ධව ඇමතිවරුන්ට ගතු කීහ. ඉච්ඡා බස්වලට පමණක් සවන්දෙන මුග්ධ ඇමතියෝ ඒවා පිළිගත්හ. එක් අමාත්‍යාංශයක් ඉන්දියාවෙන් තරුණ විද්‍යාඥවරියන් දෙදෙනකු ගෙන්වා ආසනික් නැතැයි කීවේ ය. ආහාර තාක්‍ෂණය පිළිබඳ විශේෂඥයකු යැයි කියන මහාචාර්යවරයෙක් ආසනික් ටිකක් කැවාට වරදක් නැතැයි කීවේ ය. ඔහු නිතරම කියන්නේ කැලණි විශ්වවිද්‍යාලයෙහි පර්යේෂණාගාර පිළිගෙන නොමැති බව ය. එහෙත් ඔහුගේ කසිකබල් පර්යේෂණ කෙරී ඇත්තේ පිළිගත් පර්යේෂණාගාරවල ද යන්නවත් ලංකාවේ පිළිගත් යැයි කියන පර්යේෂණාගාර කොපමණ ඇත් ද යන්නවත් ඔහු නොකියයි. මේ අය සියළු දෙනාට පාහේ සම්මන්ත්‍රණයට පැමිණ ඔවුන්ගේ අදහස් දක්වන ලෙස ආරාධනය කෙරුණ ද ඔවුහු ඒ ප්‍රතික්‍ෂෙප කළහ. මේ අතර අතුරලියේ රතන හිමියන් මලයාසියාවේ පිළිගත් පරික්‍ෂණාගාරයක් ලවා කරන ලද පරීක්‍ෂණවලින් අදාළ නියැදිවල ආසනික් හා වෙනත් බැර ලෝහ ඇති බව පෙනී ගියේ ය. පසුගිය දා ලෝක සෞඛ්‍ය සංවිධානය ද රෝගීන්ගේ ශරීර කොටස්වල ආසනික් අඩංගු බව ප්‍රකාශ කළේ ය. දැනට මාස කිහිපයකට උඩ දී මධ්‍යම දකුණු ඇමරිකාවේ රටවල සහභාගීත්වයෙන් කොස්ටාරිකාවේ පවත්වන ලද සම්මන්ත්‍රණයක දී චන්න ජයසුමන මහතා ආසනික් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අදහස් මහත් පැසසුමට ලක්විය. ඒ රටවල ද උක්වගාවේ යොදාගන්නා කෘෂි රසායන හේතුවෙන් ගොවීන්ට නිදන්ගත වකුගඩු රෝගය වැළඳී ඇත. කෘෂිරසායන යොදා නොගන්නා කියුබාවේ පමණක් උක්ගොවීන්ට මේ රෝගය නැත. සති දෙකකට පමණ ඉහත දී ඇමරිකන් විද්‍යාඥයන් පිරිසක් පළකළ පත්‍රිකාවක සඳහන් වී ඇත්තේ නිදන්ගත වකුගඩු රෝගය සමග ආසනික් සම්බන්ධ බව ය. එහෙත් මුළු ලෝකයෙන්ම නිදන්ගත වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බව පළමුවෙන් ම ප්‍රකාශ කළේ කැලණි කණ්ඩායම ය. එහි ගෞරවය වඩාත්ම හිමිවිය යුත්තේ මහාචාර්ය පරණගම මහත්මියට ය. ඇය බොහෝ දිනවල අලුයම තුන හතර පමණ වන තුරු පර්යේෂණ කළේ තම සෞඛ්‍ය තත්වය ගැන ද නොසළකා ය. ඒ සම්බන්ධයෙන් වූ ඇගේ කැපවීමට ජාතික සම්මානයක් හිමිවිය යුතු නමුත් ඇයට ලැබුණේ අපහාස ය. ඇයට හිමිවිය යුතු රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ධුරය අවසානයේ දී පිරිනැමුණේ කුහක ඇදුරන්ගේ බාධා මධ්‍යයෙහි හ. මේ කුහක ඇදුරෝ අද චන්න ජයසුමන මහතාට පශ්චාත් උපාධියක් දීමට එරෙහිව කටයුතු කරති.

ඇතැම් ඇමතිවරු අප කණ්ඩායමේ සාමාජිකයන් ප්‍රීමා සමාගමෙන් මුදල් ගෙන සහල්වල ආසනික් ඇති බව ප්‍රචාරය කරන්නේ යැයි කීහ. අපි මේ ඇමතිවරුන්ට එකක් කියමු. අපට ප්‍රීමා සමාගමෙන් සතපහකවත් මුදලක් ලැබී නැත. එහෙත් මේ සමහරුන්ට කෘෂිරසායන ගෙන්වන සමාගම් සමග සම්බන්ධකම් ඇති බව අපි දනිමු. ආණ්ඩුව වසවිස නැති ආහාර ලබාදිය යුතු ය.

Monday, 12 March 2012

බටහිර යටත්විජිතවාදයෙන් නිදහස්වීම

අපි සියල්ලෝ ම නැති ආත්මයක්, නැති විඤ්ඤාණයක්, නැති මනසක් ඇතැයි ගනිමින් කෙළවරක් නොපෙනෙන සංසාරයේ සැරිසරමු. ඔවුන්ගෙන් සමහරකු නැති නිදහසක් ඇතැයි ගනිමින් ජෙනීවාහි හා වෙනත් සංසදවල බටහිරයන් අපට විරුද්ධව ඊනියා මානව අයිතිවාසිකම් කඩකිරීම්, යුද්ධාපරාධිකරණ ආදිය පිළිබඳ චෝදනා ඉදිරිපත් කිරීම් කුමන්ත්‍රණ ලෙස සලකති. තවත් සමහරු නැති ජනවාර්ගික ප්‍රශ්නයක් ඇතැයි ගනිමින් එයට විසඳුම් ඉදිරිපත් කරති. උගත් පාඩම් කොමිසමේ මහත්වරු ද ඇතැම් වාමාංශික යැයි කියාගන්නා ඇමතිවරු ද ඒ ගණයට අයත් වෙති. මේ අතර මගේ ලිපි තම වෙබ් අඩවියේ පළකර ඒවාට තම දේශපාලන අඥාන හිතවතුන් ලවා විවේචන ලියා ගන්නා ව්‍යාජ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරිකයෝ නැති ජර්මන් ප්‍රොතෙස්තන්තයක් ඇමරිකාවේ ඇතැයි සිතති. ඔවුන්ගේ ම එකෙක් නැති සංකල්පීය ශූන්‍යතාවක් ඇතැයි ගනිමින් මට නැති මාධ්‍යමිකවාදයක් ඇති කිරීමට උත්සාහ කරයි. නැති දේ ඇතැයි ගැනීම එසේ ගන්නා අයට අවසානයේ දී දුකක් වෙයි.

මා ජාතිකත්වය පැත්තෙන් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය විවේචනය කරන්නේ අද ඊයේ නො වේ. කොළඹ විශ්වවිද්‍යාලයේ සේවය කරන සමයේ සිට ම මම එසේ කරමි. එපමණක් නොව විශ්වවිද්‍යාල ඇතුළු ඔවුන්ගේ අධ්‍යාපනය ද විවේචනය කරමි. එහෙත් ව්‍යාජ දේශහිතෛශී ජාතික ව්‍යාපාරිකයන් පෙන්වීමට උත්සාහ කරන්නේ මා විශ්‍රාම යෑමෙන් පසුව පමණක් මෙරට ඇති බටහිර විශ්වවිද්‍යාල විවේචනය කරන බව ය. කොළඹ හා කැලණිය විශ්වවිද්‍යාලවල ඇති වූ ප්‍රශ්නවල දී සිදුවූයේ කුමක් දැයි නොදන්නේ මෙවැනි අඳ බාලයන් පමණක් විය හැකි ය. මෙරට දෙමළ ජනතාවට නැති ඉතිහාසයක් ඇති කළෝ බටහිර මෙන් ම මෙරට ද සිටින පඬියෝ ය. ව්‍යාජ දේශහිතෛෂීහු ද ඒ නැති ඉතිහාසය ඇතැයි කීහ. ඇතැයි කී ඒ ඉතිහාසය නැති බව පෙන්වා දුන්නේ කාලය වෙබ් අඩවියෙන් මිස කසිකබල් වෙබ් අඩවිවලින් නො වේ. කසිකබල් වෙබ් අඩවියට අනුව දෙමළ ජනයාගේ ඉතිහාසය දහහත්වැනි සියවසෙන් ඔබ්බට නොයන බව දන්නා බහුතරයක් ඇත. එහෙත් ඒ නැති බහුතරයකි. තවමත් බටහිර විද්‍යාවට පින් සිදුවන්නට තම ජීවිකාව කරගන්නන්ට බටහිර විද්‍යාව විවේචනය කිරීම නයාට අඳුකොළ බව මම ඔවුන් ඉඳහිට කරන ප්‍රකාශවලින් දනිමි. තම ගෝලබාලයන් ලවා මා ථෙරවාදයට විරුද්ධ මාධ්‍යමිකවාදියකු කර ප්‍රෙතෙස්තන්තවාදය ගැනවත් නොදන්නා අඥානයකු බවට පත්කර ජාතික ව්‍යාපරයෙහි පොල්මඃකාරයන් වීමට යත්න දරන මොවුහු මා බටහිර විශ්වවිද්‍යාලවල උගන්වමින් ම ඒ විවේචනය කළ ආකාරයට තමන් ජීවිකාව කරගැනීමට යොදාගන්නා බටහිර විද්‍යාව හා දැනුම විවේචනය නො කරති.

ධනවාදය හා ප්‍රොතෙස්තන්තවාදය ගැන අධ්‍යයනයක් කර පොතක් ලියු මැක්ස් වෙබර් ප්‍රොතෙස්තන්තවාදය ලෙස හැඳීන්වූයේ එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල ප්‍රෙතෙස්තන්තය ය. මේ ප්‍රොතෙස්තන්තය කතෝලික චින්තනයට විරුද්ධ එකක් විය. එය බිඳී එන්නේ ම ප්‍රොටෙස්ට් යන ඉංගිරිසි වදනෙනි. වෙබර්ට අනුව ධනවාදය ඇතිවීමට ප්‍රොතෙස්තන්තවාදය බලපෑවේ ය. සිංහල ථෙරවාද බෞද්ධ චින්තනනයෙහි පදනම්වන නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදීන් ලෙස චින්තන පර්ෂදයෙහි අප කියන්නේ මේ සියල්ල පහළොස්වැනි සියවස අග ඇරඹි බව ය. අපි නාගර්ජුනපාදයන් වහන්සේ ලොව පහළ වූ විශිෂ්ටතම දාර්ශනිකයා ලෙස පිළිගත්ත ද උන්වහනසේ මතුකළ බුදුන් වහන්සේ දෙසූ ශූන්‍යය (අභාවප්‍රාප්ත මහාචාර්ය ඩබ් ඇස්කරුණාරත්න මහතාගේ කෘති කියවීමෙන් බුදන් වහන්සේ ශූන්‍යය දේශනා කර ඇති ආකාරය දැනගත හැකි ය) හා සංකල්පීය ශූන්‍යභාවය ඉතා ඉහළින් අගය කළ ද සසරට සාපේක්‍ෂව නිවන ගැනීම සහ පරම ශූන්‍යතාවය නො පිළිගනිමු. අපේ සාපේක්‍ෂතාවාදය නාගර්ජුනපාදයන් වහන්සේගේ සාපේක්‍ෂතාවාදය නො වේ. එය අයින්ස්ටයින්ගේ ඊනියා සාපේක්‍ෂතාවාදය ද නොවන්නේ ඔහු සැබවින් ම කතා කළේ සාපේක්‍ෂතාවක් ගැන නොව නිරපේක්‍ෂ ගැන වීම නිසා ය. නාගර්ජුනපාදයන් වහන්සේගේ සාපේක්‍ෂතාවාදය ද අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදයට වෙනස් ය. අප මේ සියල්ල පිලිබඳව බොහෝ දේ ලියා ඇත.

පහළොස්වැනි සියවස අගභාගයේ කතෝලික චින්තනයට අභියෝගාත්මක ව නව චින්තනයක් දකුණු යුරෝපයෙහි සංස්කරණය වීමට පටන් ගත්තේ ය. නව චින්තනයට ග්‍රීක චින්තනය ද යුදෙව් චින්තනය ද වෙබර් සඳහන් කරන පරිිදි කතෝලික පල්ලියෙහි ජෙසුයිට් වැනි නිකායවල කැපකිරීම ආදිය ද එකතුවීණි. ඒ අර්ථයෙන් අපි ඒ චින්තනය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ලෙස හඳුන්වමු. එය ප්‍රධාන වශයෙන් ම කතෝලික චින්තනයට එරෙහිව ඇතිවිණි. එහි මූලික ලක්‍ෂණ අතර සාමූහිකත්වය වෙනුවට පෞද්ගලිකත්වය ඉස්මතු කර එයට වැදගත් තැනක් දීම, ඉන්ද්‍රිය පිනවීමට මූලිකත්වය දීම, ස්වාභාවික සම්පත් (ගැහැණුන් හා යුරෝපීය නොවන මිනිසුන් ද ඇතුළුව) මිනිසාගේ (සුදු පිරිමියාගේ) ප්‍රයෝජනය සඳහා මවා හෝ මැවී හෝ ඇතැයි සැලකීම (මෙය කතෝලික චින්තනයට ද පොදු වූ නමුත් ඔවුන්ට ඒ ප්‍රයෝජනයට ගැනීමට නොහැකි විය), දෙවියන් වහන්සේ ලෝකය සුදු පිරිමියාට පවරා දී ඇතැයි සෑලකීම, ඒ හේතුවෙන් ස්වාභාවික සම්පත් හා මිනිස් ශ්‍රමය සූරාකෑමට යොමු වීම, තම සංස්කෘතිය එකම සංස්කෘතිය ලෙස සෑලකීම, එබැවින් ලෝකයාට එම සංස්කෘතිය පැටවීීමට කටයුතු කිරීම, තම ආර්ථික ක්‍රමය අනෙක් රටවලට ද පැටවීීම, ඒ සඳහා දේශපාලන හා අවි බලය යෙදවීම (චීනයට ද වෙඩි බෙහෙත් පිළිබඳ දැනුමක් තිබූ නමුත් ඔවුහු අනෙක් රටවලට තම සංස්කෘතිය පැටවීමට අවි බලය යොදා නොගත්හ), තරගකාරීත්වය අගය කිරීම, කතෝලික ත්‍රිකෝටික න්‍යාය අත්හැර ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යාය වෙත ආපසු යෑම, වියුක්ත චින්තනය, රූපික වියුක්ත දැනුම හා සාධාරණීකරණය (කතෝලික චින්තනයෙහි දැනුම සංයුක්ත විය. පැරණි වෛදික දැනුමෙහි සාධාරණීකරණයට වැදගත්කමක් නොවීය), ස්වසිද්ධාත්මක ක්‍රමය, ඌනිතවාදය, පද්ධතීන් සමස්තයක් ලෙස නොගැනීම, ඒ වෙනුවට පද්ධතිය යන්න කොටස්වල එකතුවක් ලෙස සෑලකීම, අනෙක් පැත්තට පද්ධතිය කොටස්වලට කැඩීම හා වෙන් කිරීම, ඒ සමග පද්ධතීන් යාන්ත්‍රික ලෙස ගැනීම, බාහිර ලෝකයක් ඇතැයි උපකල්පනය කිරීම, බාහිර ලෝකය වාස්තවික යථාර්ථයක් ලෙස සැලකීම, දෙවියන් වහන්සේ බාහිර ලෝකය යම් නීති පද්ධතියකට අනුව මවා ඇතැයි සැලකීම, ඒ නීති දෙවියන් වහන්සේගේ ප්‍රතිබිම්බය ලෙස මවා ඇති මිනිසාට විශේෂයෙන් ම සුදු පිරිමියාට දැනගත හැකි යැයි සැලකීම, සංසිද්ධිවලට බාහිර හේතු සෙවීම (මෙය දෙවියන් වහන්සේ බාහිර හේතුවක් වීම නිසා පැන නෑගෙන්නකි), පද්ධතියක අභ්‍යන්තරය ද ඊනියා බාහිර ක්‍රියා හා ප්‍රතික්‍රියා ආශ්‍රයෙන් සැලකීම ආදිය වෙයි.

මේ සියල්ල එක රැයකින් ඇතිවූවා නො වේ. ඉතාලි පුනරුදයෙන් ආරම්භ වී, පෘතුගීසි ස්පාඤ්ඤ ආක්‍රමණ, යටත්විජිතවාදය, ලූතර්ගේ රෙපරමාදු ප්‍රතිසංස්කරණවාදය හා ප්‍රොතෙස්තන්තවාදය, ගැලීලියෝගේ ඊනියා පරීක්‍ෂණ, නිව්ටන්ගේ වියුක්ත ප්‍රවාද නිර්මාණය, එංගලන්තය පාප්වහන්සේගෙන් මිදීම, කාර්මික විප්ලවය, ප්‍රංශ විප්ලවය, හේතුවාදය, ධනවාදය, ආලෝකනය ආදී අවස්ථා රාශියක් පසුකර බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය ගමන්කර ඇත. මේ සියල්ල පහළොස්වැනි සියවසේ ඇරඹි බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ පිය සටහන් වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස මානව හිතවාදය යන්න හුදු දේශපාලන සටන්පාඨයක් වී ඇති අතර ස්වභාව ධර්මය විනාශ වී යයි. බටහිරයන්ට කිසි දිනෙක පරිසරය රැකිය හැකි නො වේ. ඔවුන්ට අද ප්‍රශ්නවලට විසඳුම් නැත. අද ඔවුන්ට කළ හැක්කේ ප්‍රශ්න කළමනාකරණය පමණකි. එය ද වැඩි කලකට නො වේ. පශ්චාත්නූතනත්වය යනු නූතනත්වයේ කඩාවැටීම ය. ඔවුන්්ට අද සාධාරණ ප්‍රවාදවත් ගොඩනගා ගත නො හැකි ය. බටහිරයන්ගේ තකතීරු රසායනික කෘෂිකර්මය හේතුවෙන් අද පස විස වී සතුන් හා මිනිසුන් වස විස ආහාර වශයෙන් ගන්නා පිරිසක් බවට පත් වී ඇත. රජරට පෙදෙස්වල ගොවි ජනතාව පලිබෝධනාශක නිසා පසට එකතුවන ආසනික් හේතුවෙන් දින දෙකකට එක් අයකු බැගින් මිය යන තත්වයකට පත් වී ඇත. රජරට වකුගඩු රෝගීන්ගේ සිරුරුවල ආසනික් සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයෙ හා වෙනත් තැන්වල කරන ලද පර්යෙෂණවල ප්‍රතිඵලයක් ලෙස මහාචාර්ය ප්‍රියානි පරණගම, මහාචාර්ය මාලා අමරසිංහ, ආචාර්ය කිත්සිරි සේනානායක, වෛද්‍ය කේ දහනායක, වෛද්‍ය චන්න ජයසුමන ඇතුළු තවත් බටහිර වෛද්‍යවරුන් හා සාරංග ෆොන්සේකා මහත්ම මහත්මීන් විසින් ඉදිරිපත්කරන ලද පත්‍රිකාවකට පසුගිය දා බටහිර වෝහාරික ව්‍යාධිවේදීන්ගේ සැසි වාරයක දී රිදී පදමක්කමක් හිමි වී ඇත. මා මෙවැනි පදක්කම් සතපහකටවත් මායිම් නොකරන නමුත් මෙරට ඊනියා බටහිර විද්‍යාඥයන්ට ඇස් ඇර බැලීමට පදක්කමේ දිස්නය හේතුවනු ඇත. මේ පරීක්‍ෂණ සිංහල විද්‍යාවක් නැවත බිහිකිරීම සඳහා ගත් සංක්‍රමණීය පියවරක් පමණකි. අද ඇතැමුන්ට කැලණිය විශ්වවවිද්‍යාලයේ ඒ සම්බන්ධයෙන් කෙරෙන පර්යේෂණ නැවැත්වීමට අවශ්‍ය වී ඇත. ඒ රටේත් ජනතාවගේත් සුභ සිද්ධිය සඳහා නම් නොවන බව පැහැදිලි ය. ජෙනීවාහි දී පමණක් නොව, රජරටේදීත්, කැලණියේදීත් වෙනත් විශ්වවිද්‍යාලවලත් ක්‍රියාත්මක වන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි යටත්විජිතවාදය ය. අපේ ම මුදල්වලින් වස විස ගෙන ඒ අපේ ආහාර පද්ධතියට එකතුකර අපි මිය යන්නෙමු. බටහිර අධ්‍යාපනයෙන් බිහිකෙරෙන අයගෙන් ඉතා වැඩි පිරිස රටට ද්‍රෝහී ප්‍රතිපත්තියක් බටහිර යුදෙව් ක්‍රිස්තියානි යටත්විජිතවාදය වෙනුවෙන් අනුගමනය කරති. බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා සිංහල වෙදකම දියුණු බවත් මිනිසුන් ජීවත්කිරීමට නොව මැරීමට බටහිර කෘෂිකර්මය හේතු වන බවත් පැහැදිලි ය. අප බටහිර යටත්විජිතවාදයෙන් නිදහස් වනු ඇත්තේ අවසානයේ දී බටහිර දැනුමෙන් නිිදහස් වීමෙනි.

Sunday, 5 February 2012

නැවතත් සිංහල දැනුමට

බටහිර දැනුමෙන්වත් බටහිර ජීවන ක්‍රමයෙන්වත් අවසානයේ දී අපටවත් සෙසු ලෝකයාටවත් වන යහපතක් නැත. අප සමහර විට වත්මන් දැනුමෙන් හා තාක්‍ෂණයෙන් විශ්මයට පත්වනවා විය හැකි ය. එහෙත් බටහිර දැනුම හා ජීවන ක්‍රමය පදනම් වන චින්තනය මුළුමනින් ම මානව හා පරිසර විරෝධී වෙයි. එය දිගින් දිගට ම පැවතුණහොත් අවසානයේ දී ලෝකය විනාශ වීම හැරෙන්නට වෙනත් ප්‍රතිඵලයක් අත් නොවනු ඇත. මෙය ධනපති ක්‍රමයේ ප්‍රශ්නයක් නොවේ. ධනපති ක්‍රමය ද ජනිත වී ඇත්තේ බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ය. අනෙක් අතට බටහිරයන් විසින් පසුගිය අවුරුදු පන්සියයක පමණ කාලයක් තිස්සේ නිර්මාණය කර ඇති දැනුම අද අවරට යමින් පවතියි. නව සංකල්ප, වැදගත් ප්‍රවාද අද බටහිර නිර්මාණය නො වේ. බටහිර දැනුමේ කඩාවැටීම පෙන්නුම් කරන ප්‍රධානම පද්ධතිය නම් ඊනියා පශ්චාත් නූතනවාදය යි. එතරම් දුර්වල ගරා වැටෙන පද්ධතියක් ඇතැම් විට ලෝක ඉතිහාසයෙහි ම බිහි වී නැතැයි සිතිය හැකි ය. එහෙත් මේ සියල්ලට විකල්පය මාක්ස්වාදය හෝ පශ්චාත් මාක්ස්වාදය හෝ නො වේ. මාක්ස්වාදය යනු ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙන් ආපසු කතෝලික චින්තනය වෙත යෑමට කරන ලද අසාර්ථක හා දුර්වල උත්සාහයක් පමණකි. ෆැසිස්ට්වාදය ද එලෙස ම කතෝලික චින්තනය වෙත යෑමට කරන ලද උත්සාහයකි. ෆැසිස්ට්වාදය මෙන් ම මාක්ස්වාදය ද කතෝලික රටවල් වූ ජර්මනිය ඉතාලිය ආශිත ව බිහිවීම පුදුමයට කරුණක් නො වේ. ඉතාලියේ ද එක්තරා කාලයක ශක්තිමත් කොමියුනිස්ට් ව්‍යාපාරයක් විය. මාක්ස් එංගලන්තය සමාජවාදී වෙතැයි අපේක්‍ෂා කළ ද එරට ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ඇංග්ලො සැක්සන් ප්‍රභේදයේ කම්කරු පක්‍ෂයෙන් එහාට හෝ මෙහාට (තමන් බලන ආකාරය අනුව) නො ගියේ ය. අපට බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙන් මිදිය හැක්කේ කසිකබල් මාක්ස්වාදයක් පසුපස යෑමෙන් නොව අපේ මගක් ගැනීමෙන් බව වටහා ගත යුතු ය. ජනරළ කණ්ඩායම මාක්ස්වාදී වීම ගැන මම සතුටු වෙමි. ඒ නිසා ම ඔවුන්ට පැවැත්මක් නැත.

අද බටහිර රටවලට ප්‍රශ්නවලට උත්තර නැත. ඔවුන්ට කළ හැක්කේ ප්‍රශ්න කළමනාකරණය කිරීම පමණකි. මෙයට ප්‍රධාන වශයෙන් ම දායක වූයේ ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඇංග්ලො සැක්සන් සංස්කෘතියෙහි නායකත්වයට පැමිණි ඇමරිකාව ය. විශ්වවිද්‍යාලවල කළමනාකරණ පීඨවලට වැදගත් තැනක් ලැබුණේ පසුගිය වසර හැටක පමණ කාලයෙහි ඇමරිකාවෙහි ය. අද එංගලන්තයේ ද ඒ තත්වය දකින්නට ඇත. එදා විද්‍යා හා ශාස්ත්‍ර පීඨවලට හිමි වූ තැන කළමනාකරණ පීඨවලට ලැබී ඇත. ලංකාවේ ද මේ තත්වය ක්‍රමයෙන් උද්ගත වෙමින් පවති. එයින් කියැවෙන්නේ බටහිර අධ්‍යාපනයෙහි හා බටහිර විශ්වවිද්‍යාලවල කඩා වැටීම මිස අනෙකක් නො වේ.

බටහිර වෛද්‍ය විද්‍යාවට ඩෙංගු (පඬි බටහිර වෛද්‍යවරයකු එය ඩෙංගු නොව ඩෙංගි යැයි කියනු ඇත) සුව කිරීමට නො හැකි ය. ඔවුන්ට එය කළමනාකරණය කිරීමට හැකි ද යන්න ද ප්‍රශ්නයකි. පිළිකා රෝගීන්, දියවැඩියා රෝගින් රජරට වකුගඩු රෝගින් ගැන කතාකිරීම අනවශ්‍ය ය. දියවැඩියා රෝගීන් අසාධ්‍ය තත්වයට පත්වන්නේ ඉන්සියුලින් එන්නත් කිරීම නිසා ද? බටහිර වෛද්‍ය ශිෂ්‍යයකුට හෝ වෛද්‍යවරයකුට හෝ මේ සම්බන්ධයෙන් ඊනියා පර්යේෂණයක් කළ හැකි ය. රෝගියාට කුමක් වුවත් අඩුම තරමෙන් පර්යේ’ෂකයාට පර්යේෂණ පත්‍රිකාවක් හෝ කිහිපයක් හෝ ලැබෙනු ඇත. එහෙත් මේ රෝගවලට පාරම්පරික සිංහල වෙදකමේ ප්‍රතිකාර ඇත. සිංහල පාරම්පරික වෙදකම ආයුර්වේදය සමග පටලවා ගත යුතු නො වේ. සිංහල වෙදකම මෙන් ම ආයුර්වේදය ද දෙවියන්, බඹුන් නාගයන් සමග සම්බන්ධ වෙයි. ආයුර්වේදයටත් වඩා සිංහල පාරම්පරික වෙදකම මෙහි දීි විශේෂත්වයක් ගනියි. සිංහල වෙදකම සමග සම්බන්ධවන්නෝ බෞද්ධ දෙවිවරු ආදීහු ය. මේ දුනුම ලැබෙන්නේ ආධ්‍යාත්මිකව දියුණු තත්වයකට පත්වූවන්ට ය. ඇතැමුන්ට සෘජුව ම දෙවියන්ගෙන් බඹුන්ගෙන් හා නාගයන්ගෙන් (නාග ගෝත්‍රිකයන් නොව දෙවිවරුන් විශේෂයකි) දැනුම ලැබෙන අතර තවත් අයට නිසි ආධ්‍යාත්මික තත්වයට පත්වීමෙන් ඒ දැනුම ලබාගත හැකි ය. සිංහල නිල වෙදකම සම්බන්ධයෙන් මම මෙය අත්දැකීමෙන් ම දනිමි. මගේ අළුත්ම අත්දැකීම පසුගිය නත්තල් දිනයේ වැටී ආබාධ තත්වයකට පත්වීම නිසා ලබාගැනීමට හැකි විය. නිල වෙදකම දන්නා මහතකු මගේ නාඩි අල්ලා කීවේ කොඳු ඇට පේළියේ පහතින් කූඤ්ඤයක හැඩයට සුළු පිපිරීමක් සිදු වී ඇති බව ය. බටහිර වෛද්‍ය විද්‍යාව පිරික්සීම සඳහා මම එක්ස් කිරණ රූපයක් ද ලබාගත්තෙමි. එය බැලූ බටහිර විශේ’ෂඥ වෛද්‍යවරයා කීවේ ඒ රූපය අනුව නම් කිසි වරදක් දැකිය නො හැකි බව ය. එම රූපය මම දින කිහිපයකට පසුව සිංහල නිල වෙදකම ඉගෙන ගන්නා තරුණ බටහිර වෛද්‍යවරයකුට පෙන්වීමි. ඔහු කියා සිටියේ එකී රූපයෙහි පියවි ඇසට වරදක් නොපෙනන බව ය. පසුව ඔහු යම් ආධ්‍යාත්මික තත්වයකට පත්ව රූපය දෙස බලා කීවේ කූඤ්ඤයක හැඩයට සුළු පිපිරීමක් කොඳු ඇට පේළියේ පහත ස්ථරයක සිද වී ඇති බව ය. බටහිරයෝ අපට ආධ්‍යාත්මික ශක්තිය මිථ්‍යාවක් යැයි කියා අප ආධ්‍යාත්මික දියුණුවෙන් ඈත්කර ඔවුන්ගේ පුරාජේරු විද්‍යාව ඊනියා සත්‍ය යැයි කියමින් තම දේශපාලන ආධිපත්‍යය යොදා ගනිමින් අප මත පැටවූහ. දැනුම යනු අපෙන් තොරව පවත්නා ඊනියා වාස්තවික ලෝකයක් පිළිබඳ ව ඊනියා පර්යේෂණ මගින් ලබාගන්නා එකක් යැයි කියමින් අපව නොමග යවන පාසල් හා විශ්වවිද්‍යාල පද්ධතියෙන් මෙරටට සිදු වී ඇති සේවය කුමක් ද? තව තවත් බටහිරට ගැති වීම ද?

රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් බව කීවේ නාථ දෙවියන් හා විපස්සක දෙවියන් ය. මම ඔවුන් කවුදැයි නමින් හැරෙන්නට නො දනිමි. ඔවුන් සමග මගේ සෘජු සම්බන්ධයක් ද නැත. ඔවුන් සමග මගේ සියයට සියයක පෑහීමක් ද නැත. එහෙත් ඔවුන්ගේ දැනුම අති විශිෂ්ට බවට මට කිසිදු සැකයක් නැත. එමෙන් ම මට නොහැකි වුව ද ආධ්‍යාත්මික ව දියුණු අයට (පාරමි දම් පුරා ඇති අයට) දෙවියන්ගෙන් බඹුන්ගෙන් නාගයන්ගෙන් දැනුම ලබාගත හැකි බවට ද මට සැකයක් නැත. රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් බව ද ආසනික් එකතුවන්නේ කෘමිනාශක ඔස්සේ බව ද රජරට ප්‍රදේශවල ජලයේ කිවුල් බව හා පසෙහි ස්වභාවය එයට බලපාන බව ද දෙවියෝ අපට කියා දුන්හ. අපි ඒ අනුව රසායන විද්‍යාවෙහි කළ හැකි පර්යේෂණ කළෙමු. මා අවුරුද්දකට මඳක් වැඩි කාලයක් කැලණියෙහි සේවා දිගුවක් ලබාගත්තේ ද මේ පර්යේෂණ සඳහා අවශ්‍ය නිල ශක්තිය ලබා දීමට ය. අප ඒ පර්යේෂණ කළේ තමන් බටහිර විද්‍යාඥයන් යැයි සිතා සිටින නිවට පුස්සන්ගේ බලවත් විරෝධතාව මධ්‍යයෙහි ය. ඇතැම් මහාචාර්යවරියෝ ඇමතිවරුන් හමු වී අපට විරුද්ධව කරුණු කීහ. විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කිරීමට අවශ්‍ය උපකරණ නැතැයි කීහ. අප කළ පර්යේෂණයක් නැතැයි කීහ. මේ බොරුකාර පුහු අදක්‍ෂයන් හා අදක්‍ෂියන් පරාජය කිරීම අපට ප්‍රශ්නයක් නො වී ය. එහෙත් මා පීඨාධිපති නොවන්නට එසේ කිරීමේ හැකියාවක් නොතිබුණු බව ද පැහැදිලි ය. කෙසේ වෙතත් අද වන විට රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් බව තහවුරු වී ඇත. අද ඒ සඳහා ප්‍රතිකාර කිරීමට කිහිප දෙනෙක් පුහුණු කෙරෙති. බටහිර වෛද්‍ය විද්‍යාවට ඒ සඳහා ප්‍රතිකාරයක් නැති අතර අද දින දෙකකට එක් රෝගියකු මිය යන තත්වයට පත් වී ඇත. රෝගයට ප්‍රතිකාරයක් නොමැතිවා පමණක් නොව එය පාලනය කිරීමට ද නොහැකි බටහිර වෛද්‍ය විද්‍යාවට වැඩි කලක් සිංහල වෙදකමට අකුල් හෙලීමට නොහැකි වනු ඇත. අද බටහිර වෛද්‍යවරු ම රාශියක් නිල වෙදකමේ ප්‍රතිකාර ලබති.

වකුගඩු රෝගයට හේතුව කෘෂි රසායන බව තහවුරු වී ඇත. ඊනියා විද්‍යාත්මක කෘෂිකර්මය මිනිසුන් ජීවත් කරනු වෙනුවට මරා දමයි. අප කළ යුත්තේ මේ කෘෂි රසායන ගොවිකමෙන්, ඊනියා කෘෂිකර්මයෙන් විකල්ප සිංහල ගොවිතැනට හැකි ඉක්මණින් මාරු වීම ය. එයට විරුද්ධව ඊනියා කෘෂි විද්‍යාඥයෝ නොයෙකුත් චෝදනා කරති. කැෂි විද්‍යාඥයන්ගේ කර්මය ගැන දැනට අවුරුදු විසි පහකට පමණ පෙර අගමැති අයියා හෙවත් මුදියන්සේ තෙන්නකොාන් මහතා දිවයින බදාදා අතිරේකයට විශේෂ ලිපි පෙළක් ලිවී ය. අපි ඒ අදහස් ඇතුළත් වැඩිදුර අධ්‍යාපනයක් දෙවිවරුන්ගෙන් හා නාගයන්ගෙන් ලබා ගන්නෙමු. (මේවා මිථ්‍යාවන් යැයි කියන ඕනැම බටහිර ගැති නිවට පුස්සකු සමග වාද කිරීමට මම සූදානමින් සිටිමි.) නාගයෝ වැව් කර්මාන්තය හා ගොවිතෑන ගැන හසළ දැනුමක් ඇත්තෝ වෙති. පිලිපීනයේ ඊරි පර්යේෂණාතනයේ මෙහෙයවීමෙන් අපේ ගොවිතැන නැති කළේ කෙසේ දැයි අවුරුදු විසිපහකට පෙර ද අපි දැන සිටියෙමු. හෙළ ගොවිතැන ඉතා සරළ ය. එහි දී යොදා ගැනෙන්නේ සරළ විධි ක්‍රම ය. පොහොර සාදා ගැනීමට විශේෂ මහන්සියක් දැරිය යුතු නො වේ. අපේ පොහොර බටහිර සංකල්පයක් වන කොම්පෝස් පොහොර නො වේ. අපේ ගොවිතැන ඊනියා කාබනික ගොවිතැන ද නො වේ. කාබනික ගොවිතැනින් අපට ජීවත්විය හැකි නො වේ. බටහිරයන් කොම්පෝස් පොහොර අපට ලබා දී ඇත්තේ අප ඉන් අධෛර්යමත් කර අප බටහිර කෘෂිකර්මාන්තයෙහි ම රඳවා ගැනීමට ය. අපේ පොහොර නිපදවා ගන්නේ ශාඛ වලිනි. වෙල් යායකට ඒ පොහොර මහා පරිමාණයෙන් අවශ්‍ය නො වේ. එමෙන් ම විවිධ වර්ගවල ගොයම් අවශ්‍ය පරිදි උසින් පඳුරු දැමීම ආදී වශයෙන් හැසිරවීමේ ශක්තිය ද ඒ ඒ පොහොර වට්ටෝරුවලට ඇත. කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය විසින් කරන ලද අත්හදාබැලීම්වලින් ඒ බව තහවුරු විය. අද ලංකාවේ විවිධ පළාත්වල මේ ගොවිකම සුළු පරිමාණයෙන් නමුත් සිදු කෙරේ. බටහිර දැනුම පසුපස නොගොස් අපේ දැනුමක් ඔස්සේ අපට මේ ජාතිය ස්වයංපෝෂිත කළ හැකි ය. කඩා වැටෙන බටහිරත් සමග කඩා වැටීමට මහාචාර්යවරුන්ට හා මහාචාර්යවරියන්ට ඉඩ දී අපි රට කරවමු.

Saturday, 14 January 2012

දුර්ගාගෙන් වෙන්වීම හා ඉන්පසු වැඩ ඇරඹීම

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙස ආණ්ඩුවෙන් මට දිගුවක් නො ලැබුණි. මට දිගුවක් ලැබුණේ ගණිත අධ්‍යනංශයේ මහාචාර්යරයකු ලෙස ය. එය නීතියට පටහැණි නො වේ. විශ්වවිද්‍යාලවල සේවය කරන හා කළ ගොඩ පෙරකදෝරු ඇදුරෝ එය නීතියට පටහැණි බව කීවෝ ය. එහෙත් ඔවුහු ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයීය අභියාචනා මණ්ඩලයට හෝ අධිකරණයට හෝ නො ගියෝ ය. ඔවුහු සුපුරුදු පරිදි ඔවුන්ගේ ලිපි පළකරන සතිඅන්ත සිංහල බෞද්ධ විරෝධී කසිකබල් පුවත්පතකට පමණක් ලිවුහ. ගොඩ පෙරකදෝරුවන්ගේ බහට මා එකඟ නොවන බවත් මා සමුනොගන්නා බවත් මගේ සේවා දිගුව නී්‍යානුකුල බවත් මම ඉරිදා දිවයින සංග්‍රහය මගින් කියා සිටියෙමි. සේවා දිගුව සමග නී්‍යානුකුලව ම මගේ පිඨාධිපති පදවිය 2011 දෙසැම්බර් 31 වැනි දා දක්වා දික්කෙරිණි. ඒ අනුව මගේ පිඨාධිපති පදවියේ වලංගු බව දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් විය. එහෙත් අවශ්‍ය නම් මට තවත් වසරක් හා මාස නවයක පමණ කාලයක් ගණිත අංශයේ මහාචාර්යවරයකු ලෙස සේවය කළ හැකි ව තිබිණි.

මා සේවා දිගුව භාරගත්තේ ප්‍රධාන වශයෙන් ම නාථ දෙවියන්ගේ අවශ්‍යතාව පරිදි රජරට වකුගඩු රෝගය පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට අවශ්‍ය වාතාවරණය සකස් කිරීමට ය. එසේ සකස් කිරීම පීඨාධිපති තනතුර සමග සෘජුව බැඳී ඇත. මගේ කාර්යභාරය 2011 අගෝස්තු මස පමණ වන විට අවසන් වී තිබිණි. නාථ දෙවියන්ට ද තවදුරටත් මගේ කාර්යභාරය අවශ්‍ය නොවූ බව මට පැහැදිලි විය. එබැවිින් පසුගිය නොවැම්බරයේ නව අධ්‍යයන වර්ෂයේ ආරම්භයත් සමග ගණිත අංශයේ මහාචාර්ය ධුරයෙන් ද ඒ සමග පීඨාධිපති තනතුරෙන් ද ඉල්ලා අස්වීමේ ලිපිය අගෝස්තු මාසයේ දී උපකුලපතිතුමාට යැවීමි. ඒ ඉල්ලා අස්වීමේ ලිපිය විශ්වවිද්‍යාලයේ පාලක සභාව විසින් ද පිළිගන්නා ලදී. එහෙත් ඉන් පසු විද්‍යා පීඨයේ ඇදුරන් සමහරකු මා එක් ශිෂ්‍යයකුට පරීක්‍ෂණය අවසන් වීමෙන් පසුව එක් ප්‍රශ්න පත්‍රයකට පෙනී සිටීමට අවසර දී විභාග අක්‍රමිකතාවක් සිදු කළේ යැයි කියමින් ඒ පිළිබඳ පරීක්‍ෂණයක් කරන්න යැයි උපකුලපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. උපකුලපතිතුමා ද ඒ ඉල්ලීමට විශේෂ සැලකිල්ලක් දක්වමින් පාලක සභාව රැස්වීමට පෙර පාලක සභාවේ සාමාජිකයන්ගේ කැමැත්ත අත්සන් මගින් ලබාගෙන ඔවුන්ගේ චෝදනාව පිළිබඳ විභාග කිරීමට පියවර ගත්තේ ය. (සාමාන්‍යයෙන් ආචාර්යවරයකුට විරුද්ධව චෝදනාවක් ඇති විට පාලක සභාව රැස්වී එය විභාග කළ යුතු නම් ඒ සඳහා පුද්ගලයකු පත්කිරීමට තීරණය කර ඒ තීරණය සඳහන් වාර්තාව ඊළඟ පාලක සභා රැස්වීමෙි දී සම්මත කිරීමෙන් පසුව පමණක් වාභාගය ආරම්භ වෙයි.) මට විරුද්ධව චෝදනාවක් ඇතිවිට එයට මුහුණ නොදී ඉල්ලා අස්වීම නුසුදුසු යැයි සිතූ මම ඉල්ලා අස්වීමේ ලිපිය අස්කර ගත්තෙමි. මා කලින් ද සඳහන් කර ඇති පරිදි මූලික විමර්ශනයේ දී ම මම නිදොස් වීමි. අදාළ ශිෂ්‍යයා ප්‍රමාද වී විභායට පැමිණියකු මිස පරීක්‍ෂණය අවසානයේ දී පැමිණියකු නො වේ. එපමණක් නො වේ. එකී විමර්ශනය පැවැත් වූ හිටපු මහාධිකරණ විනිශ්වයකාර තුමා තම වාර්තාවෙන් කියා ඇත්තේ මගේ සේවා කාලය දීර්ඝ කිරීම හේතුවෙන් තනතුරු ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටියවුන් ඒ බලාපොරොත්තු කඩවීම නිසා මේ තත්වය උද්ගත වී ඇති බව ය. පසුගිය දා විද්‍යා පීඨයේ පීඨාධිපති තනතුරට පත්වූයේ එවැන්නෙකි. පසුගිය මාස කිහිපය මුළුල්ලේ ම විද්‍යා පීඨයේ ප්‍රශ්න ඇතිකළේ ප්‍රධාන වශයෙන් ම ඔහු ය. ඒ පීඨාධිපති වීම අරමුණින් ය. හැකිනම් මේ කතාව වැරදි නම් මට විරුද්ධව අධිකරණය ඉදිරියට යන ලෙස මම අභියෝග කරමි. එවිට එකී වාර්තාව අධිකරණය ඔස්සේ ප්‍රසිද්ධ ලේඛනයක් බවට පත්කර ගැනීමට මට හැකිවනු ඇත. කෙසේ වෙතත් චෝදනාවලින් නිදහස් වූ මට විශ්වවිද්‍යාලයෙන් අස්වීමට බාධාවක් නොාතිබිණි. මා සරසවියෙන් නොව දුර්ගාගෙන් ඉවත්වූයේ් නිදොස් පුද්ගලයකු ලෙස ය. එපමණක් නොව මගේ කාර්යභාරය යම් ප්‍රමාණයකට වුව ද සාර්ථක ව නිමකළ පුද්ගලයකු ලෙස ය. ඒ මිස ආචාර්ය සංගමය වටා බැඳුණු නිවට ඇදුරන් කිහිප දෙනකුගේ බලපෑමට යට වී නො වේ. දුර්ගා එළවා සරසවිය කැඳවීමට නොහැකි වුවත් ඒ සඳහා මැකිය නොහැකි පියවර කිහිපයක් ගැනීමට හැකිවීම මගේ භාග්‍යයක් ලෙස සලකමි.

කැලණිය විශ්වවිද්‍යාලයේ ඇදුරන්ගෙන් බහුතරයක් මට විරුද්ධ වෙති. එපමණක් නො වේ. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ම ගුරුවරු බහුතරයක් මට විරුද්ධ බව මම දනිමි. විටින් විට ලිපි ලියමින් මා බලාපොරොත්තුවන්නේ එහි ජාතික වූ පසුබිම දැක්වීමට ය. මා නැවතත් සඳහන් කරනුයේ මේ විරුද්ධත්වය පිටුපස ජාතික හා ජාත්‍යන්තර දේශපාලනයක් ක්‍රියාත්මක වන බව ය. එය කිසිසේත් ම පෞද්ගලික වූවක් නො වේ. මෙවැනි කරුණුවලට කුමන්ත්‍රණ යැයි කියන්නෝ කරුණු හඳුනාගැනීමට නොහැකි අය පමණක් වෙති. මට ඉහත කී අයුරින් විරුද්ධත්වයක් ඇති නොවී නම් පමණක් මම පුදුමයට පත්වෙමි. මේ විරුද්ධත්වයට ප්‍රධාන හේතු කිහිපයක් ඇත. පළමුවෙන් ම බටහිර දැනුමේ ආධිපත්‍යයට ඇති මගේ තදබල විරුද්ධතාවය ය. එය දාර්ශනික පදනමක් මත කෙරෙන විරුද්ධතාවකි. 1986 දී මගේ ලෝකය පළකිරීම මගේ විරෝධතා ව්‍යාපාරයේ වැදගත් ම සන්ධිස්ථානයකි. එහෙත් එය ආරම්භය හෝ අවසානය හෝ නො වේ. මට දැනගැනීමට ලැබී ඇති ආකාරයට තම ශිෂ්‍ය අවධියේ සිට ම මා විවේචනය කිරීම ඔස්සේ පොරක් වීමට දඟලන පුහු ඇදුරකු මගේ දාර්ශනික කටයුතු මගේ ලෝකයෙන් අවසන් වී ඇති බව පවසා ඇත. එක්කෝ ඔහු දර්ශනය යනු කුමක් දැයි නො හඳුනයි. නැතහොත් ඔහු මගේ ලෝකයේ පසු මුද්‍රණවත් නොකියවූ අයකු විය යුතු ය. එසේත් නැතහොත් ඒ දෙකම විය යුතු ය. මා ඇතැම් කරුණු සම්බන්ධයෙන් මගේ ලෝකයේ දැක්වෙන දෑ සමග එකඟ නොවන බව පසු මුද්‍රණවල දක්වා ඇත. මගේ ලෝකයෙන් මගේ දාර්ශනික කටයුතු අවසන් වී නම් එවැනි වෙනස්කම් ඇතිවිය නො හැකි ය. හැරත් මගේ දාර්ශනික ලිපි දැන් අවුරුදු කිහිපයක් මුළුල්ලේ පළවන්නේ විදුසර පුවත්පතෙහි ය.

බටහිර දැනුම යනු තවත් දැනුම් පද්ධතියක් පමණක් බවත් එය ඊනියා යථාර්ථයක් නොවන බවත් එය වාස්තවික වූ දැනුමක් නොවන බවත් මම නිර්භයව ම ප්‍රකාශ කරමි. දැනුම යනු සංස්කෘතියකට උඩින් වූ පද්ධතියක් නො වේ. බටහිර විද්‍යාව ද ඇතුළු බටහිර දැනුම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ කොටසකි. එය ඊනියා වාස්තවික බාහිර ලෝකයක් පිළිබඳ කෙරෙන ගවේෂණයකින් ඇතිවන්නක් නොව මනස් සහිත මිනිසුන්ගේ ම නිර්මාණ වෙයි. මිනිස්සු ද අනෙක් සත්තු ද දැනුම නිර්මාණය කරති. මිනිසුන් එසේ කරන්නේ තම පංචෙන්ද්‍රියන්ට මනසට හා සංස්කෘතියට සාපේක්‍ෂව ය. එහි දී ඔවුහු චින්තනයක් මත පදනම් වෙති. චින්තනයක් යනු සුසමාදර්ශයකට වඩා පළල් වූවකි. (බොහෝ සරසවි ඇදුරෝ චින්තනය තබා සුසමාද ර්ශය යන්නවත් නො දනිති.) මිනිසුන් දන්නා ලෝකය වූ කලී ඔවුන්ගේ සංකල්ප හා ප්‍රවාදවල එකතුවකි. ඒ සංකල්පීය ලෝකය ශූන්‍ය වූවකි. මිනිසුන්ගේ ද අනෙක් සතුන්ගේ ද දැනුම් යනු හුදු සම්මුති දැනුම් පමණකි. අප සියළු දෙනාම දැනුම් නිර්මාණය කරන්නේ අවිද්‍යාව හේතුකොටගෙන ය. මා සිතන ආකාරයට අවිද්‍යාව යනු අනිත්‍ය දුක්ඛ අනාත්ම නො දැනීම ය. සත්වයන්ගේ මනස්වල නිර්මාණවලින් ඔබ්බෙහි වූ ඊනියා බාහිර ලෝකයක් ගැන කතාකිරීම දෙවියන් කැඳවීමකි. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ප්‍රාණීන් නැති ලෝකයක් නැත. එහි සඳහන්වන ලෝක විකාශය ඩාවින්ගේ ඊනියා පරිණාමවාදයට සම්පුර්ණයෙන් ම පටහැණි ය. ඩාවින්ගේ ප්‍රවාදය ද ඊනියා මහා පිපුරුම ද බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ බිහිවූවකි. එහි නිර්මාපකයකු නැති වුවත් නිර්මාණයක් වෙයි. විකාශය අකාබනිකයෙන් කාබනිකයටත්, කාබනිකයෙන් ජීවයටත් විහිදෙයි. බටහිර විද්‍යාවේ ප්‍රාණය, මනස, සිතීම ආදී සියල්ල අකාබනිකයෙහි විකාශයෙහි ප්‍රතිඵල ලෙස අවසාන විග්‍රහයෙහි දී කියැවෙයි. එහෙත් අග්ගඤ්ඤ සූත්‍රයෙහි ඇත්තේ වෙනත් විකාශයකි. එහි කල්පාරම්භයෙහි ම ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් බ්‍රහ්මයෝ රස පොළොවට එති. ඔවුන්ට රළු සිරුරු ලැබෙන්නේ රස පොළොව ආහාරයට ගැනීමෙනි. බෞද්ධ සාහිත්‍යයෙහි ඉගැන්වෙන ලෝක විකාශය හා බටහිර විද්‍යාවේ මහා පිපුරුම හා ඩාවින්ගේ පරිණාමය අතර ඇත්තේ අහසට පොළොව මෙන් වූ වෙනසකි. එහෙත් මෙරට බෞද්ධ උගතුන් යැයි කියාගන්නා අයට කිසිම ගැටළුවකින් තොරව ඒ දෙකම පිළිගත හැකි ය. එසේ කිරීමට හැකි වී ඇත්තේ මේ බෞද්ධ උගතුන් යැයි කියාගන්නා අය එක්කෝ නොසිතන නිසා ය. නැත්නම් බටහිර දැනුමේ නිවට දාසයන් වූ නිසා ය. බොහෝ විට ඒ දෙකම නිසා ය. මම බෞද්ධයෙක්මි. බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමේ කිසිම වූ ආකාරයක දාසයෙක් නො වෙමි. මම පෘථග්ජනයකු බැවින් බෞද්ධයකු වීමේ අභිමානයෙන් ඩාවින්ගේ පරිණාමවාදයත් අයින්ස්ටයින්ගේ විශ්වවේදයේ ප්‍රතිඵලයක් වූ මහා පිපිරුමත් ප්‍රතික්‍ෂෙප කරමි. අපෙන් තොරව, මිනිසුන්ගේ මනස්වලින් තොරව ලෝකයක්, ඊනියා වාස්තවික වූ ලෝකයක් ඇති බව, මනසින් තොරව පෙන්වන ලෙස මා ඊනියා භෞතිකවාදීන්ට (ද්‍රව්‍යවාදීන්ට) අභියෝග කර බොහෝ කල් ය. ඔවුන්ට එසේ පෙන්වීමට නොහැකි බව මම දනිමි. මෙරට සිටින නිවට භෞතිකවාදීන්ට නම් ඒ ගැන සිතීමටවත් නො හැකි ය. ඊනියා වාස්තවික ලෝකය දැක ඇත්තේ කවු ද? එය කිසිම මිනිසකුගේ නිරීක්‍ෂණයක් නො වේ. එය හුදෙක් තර්කයෙන් එළඹෙන වියුක්ත නිගමනයක් පමණකි. වියුක්තය දකින්නකු වේ නම් ඒ දෙවියන් වහන්සේ විය යුතු ය. අප මනස ආධාරයෙන් නීිරී’ක්‍ෂණය කරන ලෝකය ඔස්සේ ඊනියා වාස්තවික ලෝකයක් දකින්නේ කෙසේ ද? අනෙක් අතට තර්කය යනු කුමක් ද? තර්කය යනු යම් න්‍යායක් (ලොජික්) මත පදනම් ව ඒ න්‍යාය සමග සංගත ව යම් ප්‍රස්තූතයකින් පටන්ගෙන තවත් ප්‍රස්තුතයක් කරා එළඹීමේ දී යොදා ගන්නා ක්‍රමවේදයක් පමණකි. අද ලෝකයේ බටහිර දැනුම් ආධිපත්‍යය යටතේ යොදා ගැනෙන්නේ ඉතාම දුප්පත් න්‍යායක් වූ ඇරිස්ටෝටලීය න්‍යාය ය. එය එකම න්‍යායවත් නිවැරදි න්‍යායවත් නොවන බව බොහෝ ඇදුරෝ නො දනිති.


Thursday, 20 October 2011

කතා හා අල්ප කතා

සාම්‍ය සමාලෝචනය (peer review) යනු කුමක්දැයි නොදන්නා අඳ බාලයන් එක්තරා වෙබ් අඩවියක එවැනි සමාලෝචන පිළිබඳ ව කයිකතා කියමින් බඩපිනුම් ගසනු දැකිය හැකි ය. සාම්‍ය සමාලෝචනයට ලක්කිරීමෙන් පසුව පර්යේෂණ පත්‍රිකා පළකරන සඟරාවකට එවැනි පත්‍රිකාවක් යැවූ විට ඒ පත්‍රිකාව සමාලෝචනය සඳහා ඒ විෂය සම්බන්ධයෙන් පර්යේෂණ කර ඇති විද්වතුන් දෙදෙනකු හෝ වැඩිපිරිසකට හෝ යවනු ලැබෙයි. ඒ විද්වත්තු බොහෝ විට සමාලෝචන කාර්යාවලිය අවසන් කිරීමට මාස තුනක් හා අවුරුද්දක් අතර කාලයක් ගනිති. ඇතැම් විට මාස තුනකට අඩු කාලයකින් ඒ කාර්යාවලිය නිමවන අවස්ථා නැතිවා නො වේ. එමෙන් ම ඒ සඳහා අවුරුද්දකට වැඩි කාලයක් ගතවන අවස්ථා ද ඇත.

විද්‍යුත් සඟරා පළකිරීමේ එක් අරමුණක් වනුයේ මේ පළකිරීමේ කාර්යාවලියට යන කාලය අඩුකිරීම ය. විද්‍යත් සඟරාවල පත්‍රිකා සමාලෝචනය සඳහා නො යැවෙයි. ඒ පත්‍රිකා ක්‍ෂෙත්‍රයට අදාළ ද යම් පටිපාටියකට අනුව ලියැවී ඇද්ද ආදී කරුණු කිහිපයක් පමණක් ඒ සඟරාවල විමර්ෂණයට භාජනය වෙයි. එය බොහෝ විට එක් දිනක් ඇතුළත සිදුවෙයි. ඉලෙක්ට්‍රොනික සඟරා පළකිරීමේ දෙවැනි අරමුණක් වනුයේ වැඩිදෙනකුට ඉතා කෙටි කාලයක දී පත්‍රිකාව කියවීමට සැලැස්වීම ය. මේ ලිපි අන්තර්ජාල පහසුකම් ඇති අයට පසුදාම කියවිය හැකිවෙයි. යමකු සාමාන්‍ය සඟරාවක් පෞද්ගලිකව ලබා නොගන්නේ නම් එය ආයතනයේ පුස්තකාලයට ලැබෙන තුරු බලා සිටිය යුතු ය. පෞද්ගලිකව ලබාගත්ත ද ඒ සඳහා ද යම් කාලයක් ගතවෙයි.

කෝනල් විශ්වවිද්‍යාලය මගින් ද දැන් කාලයක සිට විද්‍යුත් සඟරාවක් පවත්වාගෙන යනු ලැබෙයි. න්‍යුට්‍රීනෝ පිළිබඳ සර්න් පරීක්‍ෂණයේ ප්‍රතිඵල පළවූයේ ඒ සඟරාවෙහි ය. කැලණිය විශ්වවිද්‍යාලයේ ආසනික් පිළිබඳ පර්යේෂණවල ප්‍රතිඵල ද සාම්‍ය සමාලෝචනයට ලක්කෙරෙන සඟරාවල පළ නොකෙරුණ ද, විවිධ සම්මන්ත්‍රණවල දී ඉදිරිපත් කෙරී ඇත. එමෙන් ම අපේ විධික්‍රමය ද ඉදිරිපත් කෙරී ඇත. වෙනත් ආයතනයකට ගොස් අපේ සහභාගීත්වයෙන් පරික්‍ෂණ කිරීමට ද අපි ඉදිරිපත් වීමු. එමෙන් ම කැලණිය විශ්වවිද්‍යාලයට පැමිණ අප සමග එක්වී පර්යේෂණ කරන ලෙසට ද අපි ඊනියා විද්‍යාඥයන්ට ආරාධනය කළෙමු. එව බලව යන්න අපේ ක්‍රමය වෙයි. පත්‍රිකාව බලව යන්නට වඩා එව බලව යන්න වැදගත් වෙයි.

පත්‍රිකාව බලව යන්න ගලා එන්නේ බයිබලයේ අසවල් පරිච්ඡෙදයේ අසවල් පැදිය (chapter and verse) බලව යන බයිබල් සම්ප්‍රදායෙනි. එව බලව යන්න බුදුන්වහන්සේගේ ක්‍රමය මත පදනම් වෙයි. එහෙත් මෙරට ඊනියා විද්‍යා අධ්‍යාපනයක් ලබා ඇති තාක්‍ෂණ ශිල්පීන් පමණක් වූ ද සූපශාස්ත්‍ර විද්‍යාවක නිරතවන්නා වූ ද බෞද්ධ යැයි කියාගන්නා බොහෝ විද්‍යා විශේෂඥයන්ට ද ඔවුන් ඕල්කට් බෞද්ධයන් වීම නිසා දෝ අවශ්‍ය වන්නේ බයිබල් සම්ප්‍රදාය මිස බෞද්ධ සම්ප්‍රදාය නො වේ. ජාතික යැයි කියාගන්නා ඇතැම් වෙබ් අඩවිවල කුරුටු ගාන්නවුන්ට ද මේ කිසිවක් නොතේරීම පුදුමයක් නො වේ. ඔවුහු ජාතික යැයි කියාගත්ත ද බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම වන්දනා මාන කරන බටහිර ගැත්තෝ වෙති. බටහිර විද්‍යාව තරම් අප පෙළන තවත් දැනුම් පද්ධතියක් නොමැති බව මොවුන් ඇතැම් විට නොදන්නවා විය හැකි ය. එහෙත් අප බටහිරයන්ට තවදුරටත් යටත්කිරීමට මොවුන් දරණ නින්දිත උත්සාහයට, නොදැනීම යන්න පාදක කරගනිමින් සමාව දිය නො හැකි ය.

බටහිර භෞතික විද්‍යාවේ පසුගිය අවුරුදු අසූවක පමණ කාලයක අළුත් ෙසෙද්ධාන්තික වර්ධනයක් වී නැත. එහෙත් එහි නොයෙකුත් සුළු ප්‍රවාද හෙවත් අල්ප කතා ගෙතීම නතර වී ඇතැයි මෙයින් නො කියැවෙයි. ඒ කතා නව මූලධර්මානුසාරයෙන් ගෙතෙන කතා නො වේ. ඉන් බටහිර භෞතික විද්‍යාවේ වර්ධනයක් සිදු වී නැත. අප කලින් කියා ඇති පරිදි දැනටමත් න්‍යුට්‍රීනෝ අංශු ආලෝකයට වැඩි වේගයකින් චලනය වන්නේ කෙසේ ද යන්න තේරුම් කිරීම සඳහා අල්ප කතා හෙවත් සුළු ප්‍රවාද විශාල ප්‍රමාණයක් බටහිර විිද්‍යාඥයන් අතින් ගෙතී ඇත. එහෙත් ඒ පිළිබඳ ව දැනට මා කියවා ඇති කතා සියල්ල ම වත්මන් භෞතික විද්‍යාවේ මතිමතාන්තර මත පිහිටා ගොතා ඇති අල්ප කතන්දර වෙයි. ඉන් එකක්වත් නව සුසමාදර්ශයක් තබා නව ප්‍රවාදයක්, සංකල්පයක්වත් මත පිහිටා ගොතා නැත. මෙරට ඊනියා වි්‍යාඥයන්ගෙන් අල්ප කතාවක්වත් ගෙතෙන්නේ නැත. බටහිර භෞතික විද්‍යාව පිළිබඳ ව ජ වි පෙරමුණේ කුමාර කල්ලියේ හෙවත් ඊනියා විප්ලවීය කණ්ඩායමේ පුබුදු ජාගොඩ වැන්නන්ගෙන් තමන් ඒ පක්‍ෂයේ සිටිය දී බටහිර භෞතික විද්‍යාව හා බටහිර දර්ශනය ඉගෙන ගත් පුස්සන්ට මේ කිසිවක් නොතේරෙන බව පැහැදිලි ය. ඔවුහු තමන් නොදන්නා දේ තම දේශපාලනික වෙබ් අඩවිවල ලියමින් පාළු ගෙවල්වල වළං බිඳිති.

මෙහි දෙපැත්තක් ඇත. එක් පැත්තකින් අපට පෙනී යන්නේ කාල් පොපර් කෙසේ කියා තිබුණත් බටහිර විද්‍යාඥයන් තිබෙන ප්‍රවාද අසත්‍යකරණයට ලක්කිරීමට උත්සාහ නොගන්නා බව ය. ඔවුහු සියල්ලෝ ම දැනට තිබෙන ප්‍රවාද තහවුරු කිරීමට උත්සාහ කරති. අනෙක් පැත්තේ ඇත්තේ නව ප්‍රවාද, නව සංකල්ප හා නව සුසමාදර්ශ ගෙතීමට ඇති අසීරුකම ය. බටහිර විද්‍යාඥයන්ගෙන් අති විශාල පිරිසකගේ සංස්කෘතිය හා චින්තනය බටහිර විද්‍යාවේ චින්තනය හා සංස්කෘතිය වුව ද නව සුසමාදර්ශ හා ප්‍රවාද ගෙතීම එතරම් පහසු කටයුත්තක් නො වේ. එහෙත් ඔවුහු මෙරට සිටින තාක්‍ෂණ ශිල්පීන් මෙන් නොව හුදු සූපශාස්ත්‍රඥයන් පමණක් නොවී අල්ප කතා ගෙතීමට ඉදිරිපත් වෙති.

යම්කිසි අයුරකින් අල්ප කතාවලින් න්‍යුට්‍රීනෝ අංශුවල ආලෝකයට වැඩි වේගයක් තිබී (න්‍යුට්‍රීනෝ අංශුවල වේගය ආලෝකයට වැඩි බවට බටහිර භෞතික විද්‍යාඥයන් අතර පොදු මතයක් තවමත් ඇති වී නැත. ඇතැම්හු තවමත් සර්න් පරීක්‍ෂණ වාර්තා විශ්වාස නොකරති. බොහෝ දෙනකු අසා ඇති ස්ටීවන් හෝකින් ද පවසන්නේ ඒ පිළිබඳ නිගමනයකට පැමිණීමට කල් මදි බව ය. ස්ටීවන් හෝකින් යනු ඉංගිරිසි ජනමාධ්‍යවලින් හුවා දක්වන්නකු මිස ශ්‍රෙෂ්ඨ බටහිර භෞතික විද්‍යාඥයකු නොවන බව ද ඒ සමග සඳහන් කළ යුතු ය.) අල්ප කතාවලින් ඒ තේරුම් ගැනීමට නොහැකි වී යැයි සිතමු. එවිට බටහිර භෞතික විද්‍යාවට ඒ සඳහා ප්‍රවාදයක් හෝ සුසමාදර්ශී වෙනසක් හෝ අවශ්‍ය වෙයි. බටහිර භෞතික විද්‍යාවේ ඊනියා වර්ධනයක් ඇති වන්නේ එවැනි අවශ්‍යතාවක් පැන නැගී ඒ කතාව ගෙතීමට සමත් විද්‍යාඥයකු බටහිර විද්‍යාවේ බිහි වුවහොත් පමණ ය. එසේ නැතිව අල්ප කතා ගොතන්නන්ගෙන් සිදුවන වර්ධනයක් නොමැත.

එහෙත් මෙරට සිටින බටහිර විද්‍යාවේ දාසයන් ඇතැම් විට සිතා සිටින්නේ එවැනි බටහිර විද්‍යාඥයන් තොග ගණනේ බිහිවන බව ය. අද බටහිර විද්‍යාවට එවැන්නන් බිහිකිරීමට ඇති ශක්තිය හීන වී ඇත. ක්වොන්ටම් භෞතිකයේ ෙසෙද්ධාන්තික වර්ධනය ඇණ හිටීමෙන් පෙන්නුම් කරන්නේ ඒ බව ය. සාපේක්‍ෂතාවාදයෙහි ද ඇණ හිටීමක් සිදුවීම සිතිය නොහැක්කක් නො වේ. එහෙත් මෙරට අඳ බාලයෝ ඒ කිසිවක් නො දනිති. අද බටහිර භෞතික විද්‍යාවට සංගත ප්‍රවාද ගොතාගැනීමට නොහැකි ව ලත වන සමයකි. මහා පරිමාණයේ පරස්පර සහිත කතා එකතුවක් බවට බටහිර භෞතික විද්‍යාව පත්වෙමින් ඇතැයි කිව හැකි ය.

න්‍යට්‍රීනෝ අංශුවල ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයට වැඩි වුවහොත්, එනම් ඒ බව බටහිර භෞතික විද්‍යාඥයන් පොදුවේ පිළිගතහොත්, අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදයට කුමක් සිදුවේ ද? එක්කෝ සාපේක්‍ෂතාවාදයෙහි ම න්‍යුට්‍රීනෝ අංශු අඩංගු කරගන්නේ කෙසේ දැයි බටහිර භෞතික විද්‍යාඥයන් සොයා බැලිය යුතු ය. එනම් ඒ සඳහා අල්ප කතාවක් ගොතාගත යුතු ය. එසේත් නැත්නම් අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදය ප්‍රතික්‍ෂෙප කළ යුතු ය. එසේ ප්‍රතික්‍ෂෙප කිරීමේ දී බටහිර විද්‍යාඥයන්ට ක්‍රම දෙකක් අනුගමනය කළ හැකි ය. බටහිර විද්‍යාඥයන්ට ආලෝකයට වඩා වේගයක් ඇති අංශු සඳහා මෙන් ම ආලෝකයට අඩු වේගයක් ඇති අංශු සඳහා ද වලංගුවන පොදු ප්‍රවාදයක් (කතාවක්) ගොඩනගාගැනීමට හැකිවිය යුතු ය. එසේ කළ නොහැකි නම් ආලෝකයට වැඩි වේගයක් ඇති අංශු සඳහා එක් ප්‍රවාදයක් හා ආලෝකයට අඩු වේග සහිත අංශු සඳහා තවත් ප්‍රවාදයක් (අයින්ස්ටයිනීය ප්‍රවාදය) යනුවෙන් ප්‍රවාද දෙකක් අතිකර ගැනීමට හැකිවිය යුතු ය.

දෙවැන්නෙන් කියැවෙන්නේ බටහිර භෞතික විද්‍යාව පරස්පර සහිත ප්‍රවාද ගෙතීම සඳහා උනන්දුවක් දැක්විය යුතු බව ය. දැනටමත් එවැනි පරස්පර සහිත ප්‍රවාද වෙයි. නිව්ටෝනීය ප්‍රවාදය හා තාපගතික ප්‍රවාදය එවැනි ප්‍රවාද දෙකකි. එහෙත් ඒ ප්‍රවාද අතර ඇති පරස්පරය අපට එතරම් නොදැනෙන්නේ එහි දී කාලය සම්බන්ධයෙන් සමමිතික හා අසමමිතික සංසිද්ධි සම්බන්ධයෙන් ඒ ප්‍රවාද වෙන වෙන ම යොදා ගන්නා බැවිනි. නිව්ටෝනීය ප්‍රවාදයෙහි කාලය සමමිතික වෙයි. ඇත්තට ම කිවහොත් නිව්ටෝනීය ප්‍රවාදයෙහි කාලය ගල්ගැසී ඇත. කාලය ගල්ගැසීම පිළිබඳ ලියූ අපේ ප්‍රවාද ලිපියක් බොහෝ ඈත දී විදුසරෙහි පළ වී ඇත.

තාපගතික ප්‍රවාදයෙහි කාලය සමමිතික නැත. එහි පද්ධතිවල කාලය එක් පැත්තක සිට අනෙක් පැත්තට ගලා යෑමක් ගැන කියැවෙයි. වෙනත් වචනවලින් කියන්නේ නම් එහි කාලය නිතර ම වැඩිවෙයි. එහි පැහැදිලි අතීතයක් හා අනාගතයක් ඇත. කාලය අතීතයෙන් අනාගතයට ගලා යයි. මල් පොහොට්ටුවක් පිපී මලක් බවට පත්වනු මිස මලක් කිසි දිනෙක මල් පොහොට්ටුවක් බවට පත් නො වෙයි. තාපගතික පද්ධතිවල දක්නට ලැබෙන මේ කාලයේ ඊනියා ඉදිරි ගමන බටහිර භෞතික විද්‍යාඥයන් විසින් කාල හීය (Arrow of Time) යන පදයෙන් හඳුන්වනු ලැබෙයි. නිව්ටෝනීය භෞතික විද්‍යාවේ තබා අයින්ස්ටයිනීය සාපේක්‍ෂතාවාදයේවත් කාල හීයක් නැත. එසේ තිබිය දී විශ්වය ප්‍රසාරණය වීම බටහිර භෞතික විද්‍යාඥයන්ට හා බටහිර විශ්වවේදීන්ට (Cosmologists) ප්‍රශ්නයක් වී ඇත. එයට හේතුව විශ්වයේ ප්‍රසාරණය මගින් කාලයට දිශාවක් නියමවීම ය. මෙය ද කාල හීයක් වෙයි. අයින්ස්ටයිනීය සමීකරණ කාලයෙන් සමමිතික ව තිබිය දී ඒ සමීකරණ මගින් විස්තර කෙරෙන විශ්වය ප්‍රසාරණය වීමෙන් කාලයට අතීතයේ සිට අනාගතයට යනුවෙන් දිශාවක් නියම කෙරෙන්නේ ඇයි ද යන්න බටහිර විශ්වවේදයෙහි නොවිසඳුණු ගැටලුවක් වෙයි.

නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි සමීකරණවල කාලය සමමිතික වෙයි. කාලය යන්න t සංකේතයෙන්් නිරූපණය කෙරෙන්නේ නම් මෙයින් කියැවෙන්නේ නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි සමීකරණවල t වෙනුවට -t ආදේශ කළ හැකි බව ය. අයින්ස්ටයිනීය සාපේක්‍ෂතාවාදයෙහි ද තත්වය එසේම ය. න්‍යුට්‍රීනෝව පිළිබඳ ප්‍රශ්නවලට හේතුව ඇතැම් විට මේ කාල සමමිතිය විය හැකි ය. න්‍යුට්‍රීනෝ අංශු කාලය සම්බන්ධයෙන් හැසිරෙන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට විසඳුමක් එසේත් නැත්නම් කතාවක් බටහිර භෞතික විද්‍යාඥයන් අතින් ගෙතී නැතැයි සිතෙයි. ඒ එසේ නම් අල්ප කතාවලින් ඒ ප්‍රශ්නයට විසඳුමක් ඉදිරිපත් කළ නොහැකි වනු ඇත.

Friday, 29 July 2011

සිංහල බෞද්ධ විද්‍යාවකට විරුද්ධ කැලණි මහැදුරෝ

මේ ඉතාමත් අසිරිමත් කාලයකි. අප අවුරුදු විසිපහකට වැඩි කාලයක් තිස්සේ සාකච්ඡා කළ ඇතැම් කරුණු තවදුරටත් නොසලකා හැරීමට පඬියන්ට නොහැකි වී ඇත. ඔවුහු විවිධ ප්‍රකාශ කරති. විවිධ ප්‍රකාශන ජනමාධ්‍යවලට නිකුත් කරති. මහැදුරෝ අපට විරුද්ධව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාට ලිපි යවති. ඒ ලිපි මගින් ඔවුන් ඉල්ලා සිටින්නේ කුමක් ද යන්න පැහැදිලි ය. කඩිගුලක් ඇවිස්සූ කලක මෙන් පඬියන් ක්‍රියාකරන්නේ ඇයි?

ඉතා පැහැදිලිව බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට දැනෙන තරමට පහර වැදී ඇත. බටහිර විද්‍යාවට හා ඒ මත යැපෙන අනෙක් බටහිර දැනුම් පද්ධතිවලට තවදුරටත් ඉවසා සිටිය නො හැකි ය. නාථ දේවාලවල කපු මහතුන් කෙසේ වෙතත් බටහිර දැනුමේ කපුවෝ පරළ වී දුවති, පනිති. මෙහෙමත් පහරක් මෙතරම් ඉක්මනින් සිංහල බුද්ධාගමෙන් බටහිර යුදෙව් ක්‍රිස්තියානි විද්‍යාවට වැදේවි යැයි ඔවුන් සිහිනෙන්වත් සිතන්නට නැත. සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් වූ දැනුමක් රජරට වකුගඩු රෝගය පිළිබඳ ව නිර්මාණය කරගැනීමට හැකිවීම අද බටහිර විද්‍යාඥයන්ට දිරවාගත නො හැකි ය. ඔවුන්ගේ ආධිපත්‍යය බිඳ වැටීම ඇරඹී ඇති බව ඔවුන්ට වැටහෙනු නොදනුමාන ය.

මේ අසිරිමත් කාලයක් නිසා ම පිළිවෙළකට ලිපි ලිවීමේ අපහසුවක් වෙයි. අපි ගිය සතියේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ ප්‍රකාශනයකට පිළිතුරු ලිවීම ඇරඹුවෙමු. එහෙත් එය මේ සතියේ අත්හිටුවීමට සිදු වී ඇත. ලබන සතියේ එය නැවතත් ලිවීමට බලාපොරොත්තු වෙමි. එයට හේතුව කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ආචාර්යවරුන් පිරිසක් (ඔවුන් අතර ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් හා මහාචාර්යවරුන් ද සිටින බව පැවසිය යුත්තේ එසේ නොකළහොත් ඇතැමුන්ට එය මදි පුංචිකමක් වීමට ඉඩ ඇති බැවිනි. මේ ඊනියා විදග්ධයන්ට කිසි විටෙකවත් එසේ මදි පුංචිකමක් නොකළ යුතු ය.) තමන් එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාට යැවූ ලිපියක් ජනමාධ්‍යයට ද නිකුත් කෙරී පසුගිය 13 වැනි දා විදුසර පුවත්පතේ පළ වූ බැවින් එයට පිළිතුරක් ලිවීමට සිදවීම ය.

එහෙත් එයට කලින් සරසවියෙන් පිටමං වී යනු මුරුගා යන මැයෙන් ලියැ වී ඇති ලිපියට ද පිළිතුරක් දිය යුතු ය. මේ ලිපියේ මුරුගා යනුවෙන් කියැවෙන්නේ කවුද යන්න පැහැදිලි නැත. මුරුගා කවුරුන් වුවත් එනමින් මෙහි දී සංකේතවත් වන්නේ නාථ දෙවියන් විය හැකි ය. කොටන්දෙනිය මහතා පමණක් නොව ගීත රචක මහාචාර්යවරුන් ද පිටමං කිරීමට සූදානම් වන්නේ මිථ්‍යා ලෙස හැඳින්වෙන බෞද්ධයන්ගේ හෝ හින්දුන්ගේ හෝ දෙවියන් මිස ක්‍රිස්තියානි කතෝලික යුදෙව් ඉස්ලාම් දෙවියන් නො වේ. ඒ පසුව කී ආගම්වල ඇත්තේ විවිධ ස්වරූප ගත්ත ද එකම දෙවි කෙනෙකි. මේ දෙවියන් පළවා හැරීමට කිසිම භෞතිකවාදියකු, හේතුවාදියකු, මහාචාර්යවරයකු උත්සාහ නොගන්නේ ඒ දෙවියන් මිථ්‍යාවක් නොවන බැවින් ද? මේ ඊනියා යථාර්ථවාදීන්ට අවශ්‍ය දැන හෝ නොදැන හෝ හින්දු බෞද්ධ දෙවිවරුන් පන්නා දමා යෙහෝවා - අල්ලා දෙවියන් තව තවත් ස්ථාපිත කිරීම ය.

බටහිර විද්‍යාව යනු යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය පසුබිම් කරගත් විද්‍යාවකි. රුවන් සිල්වා මහතා සඳහන් කර ඇති ආකාරයට නිව්ටන් විද්වතාට අවශ්‍ය වූයේ යුදෙව් ක්‍රිස්තියානි දෙවියන් විසින් මවන ලද ලෝකය දැන ගැනීමට ය. මුළු මහත් බටහිර විද්‍යාව ම පරණ තෙස්තමේන්තුවේ උත්පත්ති කතාවෙහි (Genesis) අඩංගු වෙයි. සමාජ විද්‍යාව මාක්ස්වාදය ආදිය පරණ තෙස්තමේන්තුවේ නික්ම යෑම (Exodus) යන්නෙහි දැකගත හැකි ය. මේ යෙහෝවා දෙවියන් පදනම් කරගත් බටහිර විද්‍යාවට එරෙහි ව අප කරන අරගලය හමුවේ මාක්ස්වාදීහු ද ධනවාදීහු ද එකසේ බියවී සිටිති. ඊනියා යථාර්ථයේ පදනමේ ඇත්තේ මේ ලෝක නිර්මාපක දෙවියන් ය. අද බටහිර විද්‍යාව මහ ඉහළින් කතාකරන මහා පිපිරුම යනු එක් මොහොතක සිදුවන විශ්ව නිර්මාණය මිස අනෙකක් නො වේ. මෝසස්ගේ පොරොන්දු දේශය හා මාක්ස්ගේ සමාජවාදය යනු හරය වශයෙන් ගත්කල දෙකක් නොව එකකි. විශ්වය යම් දිනක නිර්මාණය වූවක් නොව අගක් මුලක් නැති විකාශයක් සහිත වූවක් ලෙස බෞද්ධයෝ පිළිගනිති.

යක්‍ෂ දේව සංකල්ප ප්‍රකෘතිය තේරුම් ගැනීමට නොහැකිවූවන්ගේ ප්‍රාථමික ගණයේ විශ්වාස යැයි කොටන්දෙනිය මහතා දන්නේ කෙසේ ද? ඒ වත්මන් බටහිර යුදෙව් ක්‍රිස්තියානි දැනුමෙහි යෙහෝවා නොවන අනෙක් දෙවියන් ගැන කියැවෙන කතාවකි. බටහිරයන්ටත් බයිබලයටත් අවශ්‍ය යෙහෝවා දෙවියන් පමණක් තබාගෙන අනෙක් සියළු දෙවියන් නැති කිරීම ය. කොටන්දෙනිය මහතා ඊනියා යථාර්ථවාදී බෞද්ධයකු විය හැකි ය. බුදුන් වහන්සේ ද දෙවියන් පෙරේතයන් ආදීන් ගැන දේශනා කර ඇත්තේ ඊනියා ප්‍රකෘතියක් තේරුම් ගැනීමට නො හැකිව ද? විශ්වයේ ප්‍රාණීන් ලෙස ඇත්තේ ද්‍යශ්‍යමාන මිනිසුන් හා තිරිසනුන් පමණක් යැයි කොටන්දෙනිය මහතා විශ්වාස කරන බවක් පෙනෙයි. එය විශ්වාසයක් නොව ඊනියා යථාර්ථයක් යැයි කිසියම් වූ යථාර්ථවාදියකුට පෙන්වා දිය හැකි ද? මා පසුගිය සති කිහිපයේ විදුසර පුවත්පතට ලියූ ලිපි කියැවී නම් කොටන්දෙනිය මහතාට කසිකබල් භෞතිකවාදය (ද්‍රව්‍යවාදය) යනු කුමක්දැයි දැනගැනීමට තිබුණි. ඊනියා භෞතිකවාදය යනු විඥානවාදයක් පමණක් බව ඒ ලිපිවල පැහැදිලි කෙරී ඇත. කිසියම් කසිකබල් මාක්ස්වාදී ගුරුකුලයකින් දැනගන්නා ලදැයි සිතිය හැකි විඥානවාදය වැනි වචන ටිකක් කටගාගත් පමණින් කොටන්දෙනිය මහතාට බෞද්ධ දෙවියන්ගේ පැවැත්ම නැතැයි කිව නො හැකි ය. බුදුන්වහන්සේගෙන් ධර්මය ඇසූ දෙවියන් උන්වහන්සේගේ මනෝ භ්‍රාන්තීන් ද? කොටන්දෙනිය මහතා වැන්නන්ට ප්‍රශ්නය වී ඇත්තේ සිත යනු කුමක් දැයි යම්තමින්වත් තේරුම්ගත නොහැකි වීම ය. සිත ද ඊනියා භෞතිකයට ම ඌනනය කළ හැකි යැයි ඌනිතවාදීුහු සිතති. ඌනිතවාදයට මරු පහරක් ගඩ්ල් ප්‍රමේයයෙන් වුව ද එල්ලවන බව කොටන්දෙනිය මහතා නොදන්නා සේ ය.

භාවනාවෙන් මොළයේ පමණක් නොව හෝමෝනවල ද වෙනත් තැන්වල ද යම් යම් වෙනස්කම් ඇතිකළ හැකි ය. එහෙත් කොටන්දෙනිය මහතා වැන්නන් නොදන්නා කරුණ නම් මොළය යනු සිත නොවන බව ය. සිත මොළයට ඌනනය කිරීමට තැත්කිරීම බටහිර ඌනිතවාදී මනෝ විශ්ලේෂකයන්, මනෝ වෛද්‍යවරුන් ආදීන් ගේ තවත් අසාර්ථක වූ මනෝමය ව්‍යාපෘතියක් පමණ ය. කොටන්දෙනිය මහතාගේ මනෝ භ්‍රාන්තිවලට අනුව නිවන ද මනෝ භ්‍රාන්තියක් වෙයි. කොටන්දෙනිය මහතා කරුණු කොතනින් අහුළාගත්ත ද බටහිර විද්‍යාවට අවශ්‍ය නිවන ද තවත් මනෝභ්‍රාන්තියක් බවට පත්කිරීම බව නම් පැහැදිලි ය.

කැලණිය විශ්වවිද්‍යාලයේ ඇතැම් ආචාර්යවරුන්ට ද අවශ්‍ය මතු බුදුවන නාථ දෙවියන් හා විපස්සක දෙවියන් වැනි සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන් පන්නා දමා යුදෙව් ක්‍රිස්තියානි යෙහෝවා දෙවියන්ගේ විද්‍යාව (බටහිර විද්‍යාව) ඒ දෙවියන් ද සමගින් රැකගැනීම ය. අද කැලණියේ ද ලිබරල්වාදීහු හා මාක්ස්වාදීහු බෞද්ධයනට එරෙහිව අත්වැල් බැඳගෙන සිටිති. මොවුන් නිව්ටන්ගේ යුදෙව් ක්‍රිස්තියානි දේවවාදී විද්‍යාව ආරක්‍ෂා කරන අතර මතු බුදුවන මෛත්‍රී බෝසතාණන්වහන්සේගේ (නාථ දෙවියන්) හා විපස්සක දෙවියන්ගේ විද්‍යාව ප්‍රතික්‍ෂෙප කරති. මොවුන් ඇතැමකු විද්‍යාලංකාර යන නමට අකමැති ය. ඔවුහු විද්‍යාලංකාරයේ බෞද්ධ උරුමය මකා දැමීමට කටයුතු කරති.

අපට එරෙහිව චෝදනා සහිත ලිපිය උපකුලපතිතුමාට යැවූ ඊනියා බුද්ධිමත්තු 1967 බිහි වූ විද්‍යා පීඨය වසර පනහකට අධික කාලයක් තිස්සේ ඉමහත් පරිශ්‍රමයෙන් ගොඩනගාගත් කීර්තිනාමයක් පිළිබඳ ව සඳහන් කරති. 1967 දී බිහි වී නම් විද්‍යා පීඨයට තවමත් වසර පනහක් ගෙවී නැති බව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පමණක් නොව පාසල් සිසුහු ද දනිති. එහෙත් ඇතැම් මහාචාර්යවරු ඒ බව නොදන්නා බව ඔවුන්ගේ නිවේදනයෙන් (ලිපියෙන්) පැහැදිලි වෙයි. අනෙක් අතට මේ ගොඩනගා ගත්තේ යැයි කියන කීර්තිය කුමක් ද? මේ අයගෙන් එක් අයෙක්වත් ඔවුන් ඉතා උසස් ලෙස සලකන නේචර් සඟරාවේ හෝ සයන්ස් සඟරාවේ හෝ පත්‍රිකා පළකර ඇත් ද? ඔවුන් බිහිකර ඇති නව සංකල්පයක්, ප්‍රවාදයක් ප්‍රමේයයක් වේ ද? මේ විද්‍යාඥයෝ හුදෙක් තාක්‍ෂණික ශිල්පීහු පමණක් වෙති. ඔවුන් දන්නේ සූපශාස්ත්‍ර විද්‍යාවකි. බටහිර පොතට අනුව අම්ලයක්, භෂ්මයක් එකතුකිරීම යම් උෂ්ණත්වයකට රත්කිරීම ආදිය හැරෙන්නට ඔවුන් දන්නා විද්‍යාත්මක විධික්‍රමය කුමක් ද? ඊනියා සාම්‍ය සමාලෝචන ගැන මනෝජ් රත්නායක මහතා ජූලි 13 වැනි දා විදුසරට ලියා ඇති ලිපිය කියවීමෙන් ඔවුන්ට බොහෝ දේ ඉගෙන ගත හැකි ය. නේචර් සයන්ස් යන ප්‍රධාන සඟරාවල පළවන පත්‍රිකාවලින් ද සියයට තිහක් පමණ අවුරුදු කිහිපයක දී වැරදි යැයි නිගමනය වන බව ඔවුහු නො දනිති. අනෙක් අතට ඊනියා විද්‍යා පර්යේෂණ ප්‍රතිඵල විද්‍යා සඟරාවක පළකළ යුතු බවට නීතියක් ඇත්තේ කෙහේ ද? අද මේ ඇදුරන් හා මහැදුරන් තැත්කරන්නේ කැලණිය සරසවියට ලැබිය යුතු ගෞරවය නැතිකිරීමට ය.

මා බටහිර විද්‍යාත්නක ක්‍රමයට අභියොාග කරන්නේ අද ඊයේ නොව අවුරුදු විසිපහක පමණ කාලයක සිට ය. ඒ බව කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ආචාර්යවරුන් නොදැන සිටියේ නම් එයට හේතුව ඔවුන්ගේ මුග්ධකම ය. ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් ලෝකයේ නැති බවත් එය හුදෙක් බටහිර විද්‍යාව දැනුම් පද්ධතියක් ලෙස අනෙක් දැනුම් පද්ධතීන්ට වඩා උසස් ය, නිවැරදි ය සත්‍යයට ආසන්නය ආදී බේගල් පතුරවා ලෝකයට ම තම මතය බලයෙන් දීමට යොදාගන්නා ආයුධයක් පමණක් බවත් මා ප්‍රකාශ කර ඇත්තේ වරක් දෙවරක් නො වේ. බටහිර විද්‍යාව ඇත්ත ද බොරු ද යන්නක් එයින් නො කියැවෙයි. බටහිර විද්‍යාව ද තවත් දැනුම් පද්ධතියක් පමණක් බවත් බටහිර විද්‍යාඥයන් කරන්නේ ද අනෙක් බොහෝ අය මෙන් ම ප්‍රශ්නවලට පිලිතුරු ලෙස සංගත කතන්දර ගෙතීම (විද්‍යා කතන්දර පොත කියවන්න) පමණක් බවත් අප ප්‍රකාශ කර ඇත. බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙනස්වන්නේ එය පදනම් වූ සංස්කෘතියෙන් හා චින්තනයෙනි. බටහිර විද්‍යාව යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය හා ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වෙයි. අපේ විද්‍යාව සිංහල බෞද්ධ සංස්කෘතිය හා චින්තනය මත පදනම් වෙයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ඇතැම් ගුරුවරු නමින් බෞද්ධ වුවත් සිංහල බෞද්ධ විද්‍යාවක් බිහිකිරීමට විරුද්ධ වෙති. ඔවුහු විද්‍යාලංකාර නමට ද ඒ සම්ප්‍රදායට ද විරුද්ධ වෙති. නො සංසිඳෙන හීනමානයක් ඇති මොවුන්ට අවශ්‍ය බටහිර ජීවන ක්‍රමය අනුකරණය කරමින් අබෞද්ධ මාවතකට විද්‍යාලංකාරය ඇද දැමීම ය. අපි එයට මහාවිහාරයේ අභයගිරියේ හා මෙරට සිංහල බෞද්ධ ජනතාවගේ නාමයෙන් ඉඩ නො දෙමු. මොවුන් අද කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාට පැමිණිලි කරන්නේ අපට විරුද්ධව දඬුවම් කරවීමට ය. ඔවුන් කෙතරම් කුහකයන් දැයි කිවහොත් අපේ පර්යේෂණ ප්‍රතිඵල පුවත්පත්වලට නිකුත්කිරීම ගැන චෝදනා කරමින් අපට විරුද්ධ ව උපකුලපතිතුමාට ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය ජනමාධ්‍යයට නිකුත්කිරීමට පියවර ගෙන ඇත.

අද පොදු මහජනතාව කැලණිය විශ්වවිද්‍යාලය කෙරෙහි ඇතිකරගෙන ඇත්තේ ගෞරවණිය ආකල්පයකි. පළමු වරට සුද්දාගේ පොතට අනුව පරිධියේ බෙලෙක් තහඩුවලට තට්ටු කරන කසිකබල් සූපශාස්ත්‍ර පර්යේෂණ නොව සුද්දාගේ පොතේ නැති එහෙත් විපස්සක දෙවියන් දෙන හෝඩුවා අනුව කෙරෙන ගවේෂණයක අපි නිරත වෙමු. විපස්සක දෙවියෝ මේ අඳ බාලයන්ට පමණක් නොව ආකිමිඩීස්, නිව්ටන් අයින්ස්ටයින් ආදීන්ට ද වඩා කල්ප ලක්‍ෂ ගණනකින් ඉදිරියෙන් සිටිති. අපි අපේ වැඩ පටන් ගත්තා පමණක් බව ඊනියා විද්‍යාත්මක අඳ බාලයන්ට දැනුම් දෙමු.

Tuesday, 19 July 2011

විද්‍යාභිවර්ධන සංගමයේ ප්‍රකාශයට පිළිතුරු - I

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය මෙරට බටහිර විද්‍යාඥයන් ඒකරාශි කරන සංවිධානය ලෙස සැලකිය හැකි ය. සියළු ක්‍ෂෙත්‍රවල බටහිර විද්‍යාඥයන්ට එහි සාමාජිකයන් විය හැකි ය. මේ සංවිධානයේ විවිධ කමිටු ද වෙයි. බටහිර විද්‍යාව ජනප්‍රිය කිරීම සඳහා කමිටුවක් වන අතර පොදුවේ ඊනියා පර්යේෂණ සඳහා ද කමිටුවක් වෙයි. එයට අමතරව තවත් කමිටු රාශියක් වෙයි. මම ද මේ සංගමයේ යාවජීව සාමාජිකයෙක් වෙමි. අවුරුදු විස්සකට එහා පැත්තේ මම ඉහත සඳහන් කමිටු දෙකේ ද කටයුතු කළෙමි. මම අවුරුද්දක් ඊනියා පර්යේෂණ කමිටුවේ සභාපති වීමි. එපමණක් නොව අවුරුදු දෙකක් පමණ මම එහි මහා මණ්ඩලයේ (council) ද සාමාජිකයෙක් වීමි. එහෙත් ඉන් මෙහා පැත්තේ මේ සංගමයේ වැඩ කටයුතුවලට මම සාමාන්‍යයෙන් සහභාගි නො වෙමි. එහෙත් මගේ ශිෂ්‍යයකුට හෝ ශිෂ්‍යාවකට හෝ ඒ සංගමයෙන් ත්‍යාගයක් ප්‍රදානය කරන අවස්ථාවක දී මම සහභාගි වෙමි.

ශ්‍රි ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ නාමයෙන් ආනයිනක පලිබෝධනාශකවල ආසනික් අඩංගුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කෙරී ඇත. එය සංගමයේ මහා මණ්ඩලය විසින් නිකුත් කරන ලද්දක් යැයි සැලකිය හැකි ය. මේ සංගමයේ වත්මන් සභාපතිවරයා වූ මහාචාර්ය ධම්මික තංතිරිගොඩ මහතා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා ය. ඔහු ලංකාවේ කිර්තිමත් විද්‍යාඥයකු ලෙස සැලකෙයි. ඔහු ලංකාවේ විද්‍යාව පිළිබඳ ජාතික ශාස්ත්‍රීය මණ්ඩලයේ අධිසාමාජිකයෙක් ද වෙයි. එවැනි කීර්තිමත් විද්‍යාඥයකු සභාපතිත්වය දරණ සංගමයක ප්‍රකාශයක් නොසලකා හැරිය හැක්කේ කෙසේ ද? මෙම සංගමයේ වත්මන් සංස්කාරකවරිය ද සම්මානනීය විද්‍යාඥවරියක වෙයි. නමින් මහාචාර්ය ජනිතා ලියනගේ වන මෙම මහත්මිය බොහෝ දෙනා දන්නා පරිදි කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ මහාචාර්යවරියක වන අතර රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් නොවන බව තරයේ ප්‍රකාශකරන්නී ය. ඇය දැනට එම රෝගය පිළිබඳ ව ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව පර්යේෂණ කරන්නී ය.

ශ්‍රි ලංකා විද්‍යාභිවර්ධන සංගමය ආසනික් පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කළේ මහාචාර්ය ජනිතා ලියනගේ ඒ සංගමයේ වත්මන් සංස්කාරිකවරිය හා මහා මණ්ඩලයේ සාමාජිකාවක වන නිසා යැයි මම කිසිසේත් නො කියමි. මහාචාර්ය තංතිරිගොඩ වැනි කීර්තිමතකු එවැන්නක් පදනම් කරගනිමින් ප්‍රකාශ නිකුත් කරන්නේ යැයි මම විශ්වාස නො කරමි. මේ සංගමයේ විිද්‍යාඥයෝ තමන් බැරෑරුම් (serious – ඉංගිරිසි ප්‍රකාශයෙහි තිබූ මෙම වචනය සිංහලට පරිවර්තනය වී ඇත්තේ සැබෑ ලෙස ය. කෙසේ වෙතත් මම එය බැරෑරුම් වෙනසක් ලෙස නො සලකමි. එය සැබෑ වෙනසක් ද නැද්ද යන්න මේ අවස්ථාවෙහි අදාළ නො වේ ය යු මගේ හැඟීම ය) විද්‍යාඥයන් ලෙස සලකා ගනිති. බැරෑරුම් විද්‍යාඥයන් හෝ සැබෑ විද්‍යාඥයන් හෝ යමක් ප්‍රකාශ කරන විට ඒ පිළිබඳ ව බැරෑරුම් ලෙස සොයා බලා හැකිතාක් කරුණු එකතුකර ගත යුතු යැයි මම සිතමි. ඔවුහු මා මෙන් නොව අසම්මත ප්‍රකාශ නොකරති යි සිතමි.

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ ප්‍රකාශයේ පහත සඳහන් කරුණු එකින් එක ගනිමු. පළමුවෙන් ඔවුන් ප්‍රකාශ කරන්නේ පහත සඳහන් අදහස ය. විද්‍යාඥයන්ගේ පරීක්‍ෂණවලින් ලැබෙන නව ප්‍රතිඵල තමන් ගේ සාම්‍යයන් ලවා සාම්‍ය සමාලෝචනවලට (peer review) භාජනය කළ යුතු ය. විශේෂයෙන් ම පර්යේෂණ ප්‍රතිඵල මත වැදගත් ප්‍රතිමත්තිමය තීරණ ගත යුතු කල අදාළ පරීක්‍ෂණ ජාත්‍යන්තර තලයේ පිළිගත් පර්යේෂණාගාරයක නැවත සිදුකළ යුතු ය. එහෙත් කැලණිය විශ්වවිද්‍යාලයීය කණ්ඩායම එසේ නොකර ප්‍රතිඵල ඉක්මණින් ප්‍රසිද්ධියට පත්කිරීමට කටයුතු කර ඇත. අනෙක් කරුණුවලට යෑමට පෙර අපි මේ කරුණ විභාග කරමු.

අපේ ප්‍රතිඵල තවමත් ඊනියා විද්‍යාත්මක සඟරාවක පළ කෙරී නැති බව නම් ඇත්ත ය. එහි දී අපේ කණ්ඩායමට මුහුණ පෑමට සිදු වූ පළමු කරුණ වූයේ එහි කතෘත්වය කාගේ ද යන්න ය. රජරට හා අවට ආදළ ප්‍රදේශවල පස්වල හා ජලයේ ආසනික් ඇති බව පළමුවෙන් ම දැනගත්තේ නාථ දෙවියන්ගෙන් බව අපි නොවළහා කීවෙමු. අද ද කියමු. ක්වොන්ටම් භෞතිකවිද්‍යාව ගැන ද කියවන මහාචාර්ය තංතිරිගොඩ මහතා ෂ්රොඩිංගර්ට තම සමීකරණය පිළිබඳ අදහස ලැබුණේ කෙසේ දැයි දන්නේ ද? ඒ පිළිබඳ ඉඟියක් ජිම් බැගට් විද්වතා (ඔහු මා මෙන් නොව බටහිර විද්‍යාවට ලැදි ය) විසින් රචිත ක්වොන්ටම් ප්‍රවාදයේ අර්ථය (The meaning of Quantum Theory) නම් කෘතියෙහි සඳහන් වෙයි. අද මෙරට බටහිර විද්‍යාවේ වීරයන් හා වීරවරියන් වී සිටින ආචාර්ය මහාචාර්යවරුන් මේ පොතවත් කියවන්නේ නම් බටහිර විද්‍යාව මුහුණ පා ඇති අර්බුදය ගැන සුළුවෙන් වුවත් දැනගත හැකිවනු ඇත.

අදහස කාගෙන් ලැබුණ ද අපි බටහිර සම්මත රසායන විද්‍යාවට අනුව නියැදි පරීක්‍ෂා කළෙමු. එහි දී සාමාන්‍ය සම්මත ක්‍රමය උපකරණ වශයෙන් නොව යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය, පී එච් අගය හා උෂ්ණත්වය ආදිය වශයෙන් වෙනස්වීම පිලිබඳ ව අපි විවිධ අත්හදා බැලීම් කළෙමු. ඒ අරුතින් ගත්කල අපට ආසනික් හඳුනාගැනීම සඳහා නව ක්‍රමයක් වෙයි. අප මේ ක්‍රමය ඊනියා විද්‍යාත්මක සඟරාවක පළකර නොමැති නමුත් එය ඊනියා විද්වත් සම්මේලන කිහිපයක දී ද අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය හා වෙනත් බටහිර විද්‍යාඥයන් යැයි කියාගන්නා අය සහභාගි වූ රැස්වීමක දී ද ඉදිරිපත් කර ඇත. පසුව සඳහන් කරන ලද රැස්වීමේ දී ලියනගේ මහත්මිය වචනයක්වත් කතා නොකිරීමට ප්‍රවේසම් විය. ඒ එතැන කිසිවකු තමන් වැදගත් යැයි සිතන කතුන්ට නොසරුප් වදනින් බැන වැදුනු නිසා විය නො හැකි ය. ඇයට කීමට වැදගත් දෙයක් තිබිණි යැයි මම නො සිතමි. අප කියා ඇත්තේ ඕනෑම අයකුට අපේ ක්‍රම අනුව පරී’ක්‍ෂා කරන ලෙස හෝ අපේ රසායනාගාරවලට පැමිණ ඒ් ක්‍රම විමර්ශනයට භාජනය කරන ලෙස ය. එහෙත් මේ වන තුරු ඒ ආරාධනය පිළිගත් අයකු නැත.

අප අපේ නියැදි වෙනත් ආයතනයකට නොයැවීය යන්න කරුණු සොයා නොබලා කරන ප්‍රකාශයක් පමණ ය. කරුණු සොයා නොබලා ප්‍රකාශ කිරීම මහාචාර්ය තන්තිරිගොඩ ඇතුළු සැබෑ වි්‍යාඥයන්ගේ (බැරෑරුම් විද්‍යාඥයන්ගේ) ක්‍රමය දැයි මම නො දනිමි. ඒ කෙසේ වෙතත් අපි අපේ නියැදි කාර්මික හා තාක්‍ෂණ ආයතනයට පරීක්‍ෂාව සඳහා යැවීමු. එහෙත් ඔවුන් ඒ ආපසු එවා තිබුණේ පරීක්‍ෂා කිරීමේ දී ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ එක් තැනැත්තියක සිහි නැති වූ බව පවසමිනි. අපට එවිට කළ හැක්කේ කුමක් ද? එහෙත් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේ දී ඔවුන්ගේ ස්ථාවරය වෙනස් වී ඇති බව දැනගැනීමට ලැබිණි. පලිබෝධනාශක පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයා ද ඒ ආයතනය ලවා නියැදි පරීක්‍ෂා කරගෙන ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස පලිබෝධනාශක වර්ග නවයක් මෙරටට ආනයනය කිරීම තහනම් කිරීමට පියවර ගෙන ඇත. දැනට එක් එක් ආයතනය මගින් කරන ලද පරීක්‍ෂණවලින් අපට වැදගත් නිගමනයකට එළඹිය හැකි ය. එනම් පරීක්‍ෂාවක දී අප යම් නියැදියක මනින ආසනික් ප්‍රමාණය එහි දී යොදාගන්නා උපකරණ, ක්‍රමය (උෂ්ණත්වය, රසායන ද්‍රව්‍යවල සාන්ද්‍රතාව, පී එචි අගය ආදිය) හා පුද්ගලයා ද මත රඳා පවතින බව ය. සියළු දෙනාට ලැබෙන ඊනියා වාස්තවික අගයක් අඩුම තරමෙන් ආසනික් සඳහා නොමැති බව පැහැදිලි ය.

මෙහි දී කිවයුතු කරුණක් වෙයි. කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන් යැයි කියාගන්නා කිහිප දෙනකු පසුගිය දා ජ වි පෙටමුණට හිතවත් වෙබ් අඩවියක ආසනික් හා නාථ දෙවියන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් අඩවියට එකතු කර ඇත. එහි කියන ආකාරයට අප සුළුතරයක් විශ්වවිද්‍යාලයට අපකීර්තියක් ගෙනැවිත් ඇත. එහෙත් අපට කිව හැක්කේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා දැනටමත් පලිබෝධනාශක වර්ග (එහි රසායනික සංයුතියේ ආසනික් ප්‍රතිශතය අඩු වැඩි වශයෙන් කුමක් වුවත්) නවයක් තහනම් කිරීමට පියවර ගෙන ඇත්තේ හුදෙක් ඔහුගේ ස්වයම්භූ ඥානයකින් නොව මූලිකව ම අපේ පර්යේෂණ හේතුවෙනි. අපේ පර්යේෂණ නොතිබෙන්නට රෙජිස්ට්‍රාර්වරයා එකදු වර්ගයක්වත් තහනම් කිරීමට පියවර නොගනු ඇත. එය කිසිසේත් ම අප විසින් කැලණිය විශ්වවිිද්‍යාලයට ගෙනෙන ලද අපකීර්තියක් නොවේ. අපේ පරීක්‍ෂාවල ප්‍රතිඵලයක් ලෙස පලිබෝධනාශක වර්ග නවයක් තහනම්කිරීම අප විසින්, විශේෂයෙන් ම මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය විසින් කරන ලද පරීක්‍ෂණවල ප්‍රතිඵල බැවින් අපට ඒ පිළිබඳ ඇත්තේ විශ්වවිද්‍යාලයට කීර්තියක් ගෙන ඒම පිළිබඳ අභිමානයකි. එහෙත් අපි එයින් උදම් නො වෙමු. අපේ අරමුණ රජරට ඇතුළු අනෙක් ප්‍රදේශවල ද ගොවි ජනතාව කෘෂි රසායන භාවිතයෙන් ඉවත් කර හෙළ ගොවි කම දෙසට යොමු කරවීම ය.

අපේ කණ්ඩායමේ අනෙක් අය කෙසේ වෙතත් පර්යේෂණ පත්‍රිකා යැයි කියැවෙන ලිපි සාම්‍ය සමාලෝචනයකට පසුව ඊනියා විද්‍යාත්මක සඟරාවල කෙරෙන පළකිරීම් ගැන මගේ විශ්වාසයක් නැත. මෙහි දී බොහෝවිට සාම්‍ය සමාලෝචක තීරකයන් දෙදෙනකුගේ තීරණය මත ලිපිය පළ කෙරෙයි. එහෙත් මේ තීරකයන්ට කෙතෙක් වැරදීම් සිදු වී ඇත් ද? මහාචාර්ය තංතිරිගොඩ මහතා නේචර් හා සයන්ස් සඟරාවල තීරකයන්ට සිදු වී ඇති වැරදි ගැන දන්නේ ද? එය ඉඳහිට කෙරුණක් නොවන බවත් සුළු ප්‍රමාණයකින් පමණක් කෙරෙන්නක් නොවන බවත් දැනට අවුරුදු කිහිපයකට පෙර ඉකොනොමිස්ට් සඟරාවේ පළ වී තිබිණි යැයි මට පසුගිය දා දැනගැනීමට ලැබිණි. යම් කිසිවකු තම පර්යේෂණ වාර්තාවක්, ලිපියක් ඊනියා විද්‍යාත්මක සඟරාවකට යැවීමෙන් බලාපොරොත්තු වන්නේ අනෙක් අය ලවා ද හැකිනම් පර්යේෂණය නැවත කරවා ගැනීම ය. එහෙත් ඒ කළ හැකි ප්‍රශස්ත ම ක්‍රමය ඊනියා විද්‍යාත්මක සඟරාවක පළ කිරීම යැයි කිසිවකු කියන්නේ කෙසේ ද? පුවත්පතක සංස්කාරකවරයා කැමති නම් කතුවරයාට තම ලිපිය අදාළ පුවත්පතෙහි පළකරවා ගැනීමට හැකි විය යුතු ය. පුවත්පතක පළ වූ ඊනියා විද්‍යාත්මක ලිපියක අගය අඩුවන්නේ එය ඊනියා තීරකයන් විසින් සමාලෝචනය කෙරී නැති බැවින් ද? මා මගේ නව අදහස් රැගත් ලිපි බොහෝමයක් පළකරන්නේ විදුසර පුවත්පතෙහි ය. දිවයින හා දි අයිලන්ඩ් පුවත්පත්වල පළකෙරෙන අවස්ථා ද වෙයි. අපේ බටහිර වි්‍යාඥයන් යැයි කියාගන්නා අය පුවත්පත්වල පළවන ලිපිවල හරයක් නො දකිති. එහෙත් ඔවුන් විසින් මේ දක්වා කිසිදු නව ප්‍රවාදයක් සංකල්පයක් ඉදිරිපත් කෙරී නැත. ඔවුන් කරන්නේ තෝමස් කූන් විද්වතා සඳහන් කළ සාමාන්‍ය විද්‍යාවකි (normal science). ඔවුන් නැවත නැවතත් කරන්නේ බටහිරයන් පළකර ඇති ක්‍රමයක් මෙරටෙහි ද යොදා ගැනීම පමණකි.

තම ලිපි පුවත්පත්වල පළකිරීමෙන් වන එකම අවාසිය මෙරට විශ්වවිද්‍යාලවල විවිධ තනතුරුවලට උසස්කිරීම්වල දී ඒ ලිපිවලට ලකුණු නො ලැබීම ය. එහෙත් එසේ ලිපි පුවත්පත්වල පළකිරීමෙන් තම කෘතිය බොහෝ දෙනාගේ අවධානයට ලක්කරවිය හැකි ය. පුවත්පත්වල අපේ කණ්ඩායමේ ප්‍රතිඵල පළවීමෙන් අපට ද වාසියක් වී ඇත. අද බොහෝ දෙනාගේ අවධානයට ආසනික් ලක් වී ඇත. ඒ හේතුවෙන් පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ කටයුතු ද ඉක්මන් වී ඇත. දැනටමත් ඔහු පලිබෝධනාශක ද්‍රව්‍ය නවයක් තහනම් කිරීිමට පියවර ගෙන ඇත.

Friday, 8 July 2011

අපි බත් කමු

කැලණිය විශ්වවිද්‍යාලයේ රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් ගවේෂණය කරන කණ්ඩායමේ අරමුණ කුමක් ද යන්න පැහැදිලි කරගත යුතු වන්නේ මේ වනවිට ඇතැම් රාජ්‍ය නිලධාරීන් හා පලිබෝධනාශක ආනයනය කරන සමාගම් ඒ සම්බන්ධයෙන් අමූලික අසත්‍ය පතුරුවා ඇති බැවිනි. එහි දී ඔවුහු තමන් විද්‍යාඥයන් ලෙස හඳුන්වාගන්නා විශ්වවිද්‍යාලයීය ආචාර්ය මහාචාර්යවරුන් හා ඊනියා පර්යේෂණ ආයතනවල සේවයකරන පර්යේෂකයන් යැයි කියාගන්නා කිහිපදෙනකු ද යොදාගත්හ. තමන් වැටී සිටින දේශපාලන අගාධයෙන් ගොඩ ඒමට මගක් සොයන බංකොළොත් ජ වි පෙ කථිකාචාර්යවරයකු අප ගවේෂණයට එරෙහිව අනෙක් කථිකාචාර්යවරුන් පමණක් නොව සිසුන් ද සංවිධානය කිරීමට ගත් උත්සාහයක් පසුගිය දා ව්‍යර්ථ වී ගියේ සිසුන්ගේ දැඩි විරෝධය මධ්‍යයෙහි ය. මේ ජ වි පෙ කථිකාචාර්යවරයා හා තවත් එ ජා ප හිතවත් ආචාර්යවරු තමන් සමග එකඟ නොවන කථිකාචාර්යවරුන්ට තම අදහස් ප්‍රකාශකිරීමටවත් ඉඩ නොදී තමන්ගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ සළුපිළි ගලවා නිරුවත් බව ප්‍රදර්ශනය කළහ. අද මේ කථිකාචාර්යවරු තමන්ට විරුද්ධ අදහස් දරණ තරුණ තාවකාලික ගුරුවරුන්ට විශ්වවිද්‍යාලයෙන් අස්වී යන ලෙසට තර්ජනය කරති. විශ්වවිද්‍යාලයීය ආචාර්ය ධුරය විශේෂිත සම්භාවනීය ධුරයක් ලෙස සලකමින් තමන්ට වැඩි වැටුප් ගෙවන ලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට පිවිස ඇත්තෝ ද ඔවුහුම ය. එහෙත් තමන් අස්වී යැයි කියන අංශාධිපති තනතුරට හිමි මාසික දීමනාව මාස්පතා ඉතාමත් සම්භාවනීය ව ලබාගන්නෝ ද ඔවුහුම ය. එමෙන් ම විශ්වවිද්‍යාලයේ රාජකාරි කාලයෙහි දී විවිධ රාජ්‍ය නොවන ආයතනවල දේශන පවත්වන්නෝ ද ඔවුහු ම ය. විශ්වවිද්‍යාලයේ පවත්වන දේශනවලට වැඩි දේශන ප්‍රමාණයක් බාහිර ආයතනවල පවත්වමින් ලක්‍ෂ ගණනින් මුදල් උපයන්නෝ ද ඔවුහු ම ය. ඔවුන්ගේ සදාචාරය කෙසේ ද යත් තමන් දරණ මතවලට විරුද්ධ මත දරන සිසුන් විභාගවලින් සිසුන්ගේ වචනවලින් ම නම් අන්නවන්නෝ ද ඔවුහුම ය. මෙවැන්නන් ගැන රජයේ අවධානය යොමුවිය යුතු කාලය පැමිණ ඇත.

අප කණ්ඩායමට ප්‍රශ්නය වූයේ රජරට හා ආශ්‍රිත ප්‍රදේශවල පසුගිය අවුරුදු විසිපහක පමණ කාලයක් තිස්සේ නිදන්ගත වකුගඩු රෝගය පැතිර ඇත්තේ ඇයි ද යන්න ය. ඒ මිස සහල්වල ඇති ආසනික් කොපමණ ද යන්න හෝ වෙනත් භෝගයක හෝ මත්ස්‍ය වර්ගයක හෝ අඩංගු ආසනික් ප්‍රමාණය සෙවීම නො වේ. ඒ ද්විතීයික කරුණු විය. එය ද අවශ්‍ය වූයේ පසුකතාවක් ලෙස ය. අපේ ප්‍රධාන ප්‍රශ්න දෙකට පිළිතුරු වූයේ රජරට වකුගඩු රෝගය වැළඳීමට ප්‍රධාන හේතුව ආසනික් බවත් ඒ පසට හා ජලයට ආසනික් එකතුවන්නේ පලිබෝධනාශක ඇතුළු කෘෂිරසායන ද්‍රව්‍ය භාවිතය නිසා බවත් ය. වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බවට සියයට අනූනවයක විශ්වාසයක් අපට ඇත. එය මුළුමනින් ම විශ්වාස කිරීමට අපට පරික්‍ෂා කිරීම සඳහා ඒ රෝගයෙන් මියයන අයගේ මෘත දේහවල කොටස් ලබාගැනීමේ දුශ්කරතාවක් වෙයි.

රෝගය වැළඳීමට ප්‍රධාන හේතුව ආසනික් වුවත් ආසනික් තිබීම නිසා පමණක් වකුගඩු රෝගය නො වැළඳෙයි. බොහෝ පඬියන් ද අපෙන් අසන්නේ පලිබෝධනාශක යොදාගන්නා අනෙක් පළාත්වල එම රෝගය ව්‍යාප්ත වී නැත්තේ ඇයි ද යන්න ය. යම් ප්‍රදේශයක රෝගය ව්‍යාප්ත  වීමට තවත් හේතු දෙකක් අවශ්‍ය වෙයි. එකක් නම් ඒ ප්‍රදේශවල දක්නට ලැබෙන කුඹුරු පස යැයි හැඳින්වෙන පස ය. අනෙක ඒ ප්‍රදේශයෙහි ඇති විශේෂිත ලවනයක් සහිත කිවුල් ජලය ය. රජරට වකුගඩු රෝගය වැළඳීමට නම් මේ කරුණු තුන ම සම්පුර්ණ විය යුතු ය. එසේ සම්පුර්ණ වන්නේ ප්‍රධාන වශයෙන් ම අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල සහ දෙහිඅත්තකණ්ඩිය ගිරාඳුරුකෝට්ටේ වැනි ප්‍රදේශවල ය. එමෙන් ම මේ පළාත්වල පසුගිය අවුරුදු විසිපහක පමණ කාලයක් තිස්සේ පමණක් මේ රෝගය පැතිර යෑමට හේතුව ඒ පළාත්වල කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය දැනට අවුරුදු හතළිහකට පමණ සීමා වීම ය. අප රටට කෘෂි රසායන ද්‍රව්‍ය හඳුන්වා දී දැනට අවුරුදු හතළිහක් පමණ වෙයි. රෝගය වැළඳීමට තරම් ආසනික් ප්‍රමාණයක් එකතුවීමට අවුරුදු පහළොවක් විස්සක් පමණ කාලයක් ගතවන්නට ඇතැයි උපකල්පනය කළහොත් අපට පිළිතුරු දීමට තිබූ අනෙක් ප්‍රශ්නයට ද පිළිතුරු ලැබෙයි.

අපට ඉහත රජරට වකුගඩු රෝගයට හේතු සෙවූ පර්යේ’ෂක කණ්ඩායම්වල පැහැදිලි කිරීම්වලින් ඉහත ප්‍රශ්න දෙකෙන් එකකටවත් පිළිතුරු නො ලැබෙයි. එබැවින් ඔවුන් දී ඇති ෆ්ලුවොරයිඩ්, කැඩිමියම්, ඇලුමීනියම්, ඇල්ගී වැනි හේතු ප්‍රතික්‍ෂෙප කිරීමට අපට  ගැටළුවක් නො වී ය. එහෙත් මෙහි දී කිවයුත්තක් වෙයි. රෝගය වැළඳීමට කැඩ්මියම් ප්‍රධාන හේතුවක් නොවුව ද එයින් ආසනික්වලට යම්කිසි තල්ලුවක් ලැබෙයි. එහෙත් ආසනික් නොමැතිව කැඩ්මියම්වලින් පමණක් රෝගය නො වැළඳෙයි. අප නැවතත් අවධාරණය කරන්නේ අපට විසඳාගත යුතුව තිබූ ප්‍රධාන ප්‍රශ්නය එතෙක් බටහිර වෛද්‍ය විද්‍යාවට හසු නොවූ රෝග කාරකය මිස සහල් හා වෙනත් ආහාර ද්‍රව්‍යවල ආසනික් තිබේ ද නැත් ද යන්න නො වේ. අනෙක් අතට සහල්වල ආසනික් ඇති බව අප කණ්ඩායමේ ගවේෂණවලට පෙර ද මෙරට ඊනියා විද්‍යඥයෝ දැන සිටිය හ. මා දන්නා තරමින් කැලණිය විශ්වවිද්‍යාලයෙහි ම උද්භිද විද්‍යා අංශයෙහි මහාචාරය රංජිත් ජයසේකර මහතා 2005 දී ප්‍රසිද්ධ කරන ලද පර්යේෂණ පත්‍රිකාවක සහලවල ආසනික් ඇති බවට කරුණු දක්වා ඇත. එමෙන් ම ඉන්පසුව ජපන් කණ්ඩායමක් ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයිය කණ්ඩායමක් ද සහල්වල ආසනික් ඇති බව දක්වා ඇත.

එහෙත් අප ඉතා වගකීමක් සහිත ව ප්‍රකාශ කරන්නේ රජරට වකුගඩු රෝගයට බත්කෑම හේතුවක් නොවන බව ය. රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් අඩංගු බොන වතුර මිස කන බත් නො වේ. සහල්වල ආසනික් ඇතැයි  යන්න අවධාරණය කෙරුණේ මෙරටට ආසනික් සහිත පලිබෝධනාශක ආනයනය කරන ආයතන හා එසේ ආනයනය කිරීමට අවසර ලබාදීමට කටයුතු කර ඇති නිලධාරීන් විසිනි. ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන් ආනයනය කළ හෝ ආනයනය කිරීමට අවසර ලබාදුන් හෝ ආසනික් සහිත පළිබෝධනාශකවලින් ජනතා අවධානය ඉවත්කර රජය ද අප කණ්ඩායම ද අපහසුතාවකට පත්කරමින් වකුගඩු රෝගයට හේතුවක් නොවූ සහල් කෙරෙහි ජනතා අවධානය යොමු කරවීම ය. මොවුහු තමන් කළ වරදක් වසාගැනීමට අප කණ්ඩායමට ද රජයට ද පහර දීමට කිසිම අදාළත්වයක් නැති වෙනත් ම කරුණකට ප්‍රසිද්ධිය ලබාදුන්හ. එහි දී ඔවුන්ට රජයේ මැති ඇමතිවරුන් සමග තනතුරු ලබාගැනීම සඳහා සම්බන්ධකම් පවත්වන ඊනියා විද්‍යාඥයන්ගේ ද, තමන් දැක්වූ හේතු සාවද්‍යබව හෙළිදරවුවීමෙන් පශ්චාත්තාපයට හෝ වෙනත් තාපයකට හෝ පත් වී ඇති ඊනියා විද්‍යාඥයන්ගේ ද සහාය ලැබිණි. අප මේ ඊනියා විද්‍යාඥයන්ට අනුකම්පා කිරීමට සූදානම් නමුත් දිනපතා රජරට වකුගඩු රෝගයෙන් මියයන රෝගීන්ගේ ඥාතීන්ගෙන් නම් ඔවුන්ට කිසිම සමාවක් නො ලැබෙනු ඇත.

බත්කෑම රජරට වකුගඩු රෝගයට හේතුවක් නොවන බව අපි නැවතත් අවධාරණය කරමු. අපට අවශ්‍යවන්නේ එකම එක දෙයක් පමණකි. එනම් මෙරට රජරට ගොවීන්් ද ඇතුළු සියළු ගොවි මහතුන් කෘෂි රසායනික කෘෂිකර්මයෙන් ඉවත්කර පැරණි හෙළ ගොවිකම් වෙත ඔවුන් නැවත කැඳවාගෙන යෑම ය. අප රට ගොවි මහතුන්ට මුල දී, එනම් හැටේ දශකයේ දී කෘෂි රසායන ද්‍රව්‍ය හඳුන්වා දුන්නේ ඔවුන්ට ඒ ද්‍රව්‍ය යොදාගැනීම වෙනුවෙන් මුදල් ද ලබා දෙමිනි. අද එම ගොවි මහතුන්ගේ මුණුබුරන්ට එම රසායන ද්‍රව්‍ය නැතිව බැරි ය. අපට අවශ්‍ය වන්නේ මෙරට ජනයා බත්කෑමෙන් ඉවත් කර ඔවුන්ට පාන් කවා බටහිර තිරිඟු ගොවියන් පොහොසත් කිරීම නොව ඔවුන් තව තවත් බතට හා දේශීය ධාන්‍ය වර්ගවලට හුරුකරවීම ය. ඒ සඳහා දේශීය විකල්ප ගොවිකම හඳුන්වා දීම අත්‍යවශ්‍ය වෙයි. එහෙත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් යටතේ ඒ සිදුවේ යැයි අපි අපේක්‍ෂා නො කරමු. පසුගිය කාලයෙහි විකල්ප ගොවිකම හඳුන්වාදීම සඳහා ඔවුන්ට රජයෙන් ලැබුණු මුදල් ප්‍රමාණය කෙතෙක් ද? එයින් වියදම් කළ ප්‍රමාණය කෙතෙක් ද? ඒ වියදම් කෙළේ කුමක් සඳහා ද? ආදී ප්‍රශ්න අපි කෘෂිකර්ම අමාත්‍යාංශයේ යටතේ ඇති දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් අසමු.

පැරණි දේශීය ගොවිකම යොදා ගනිමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුහු කිරිමැටියාගාර ප්‍රදේශයේ කුඹුරක් කරති. එහි හතරවැනි කන්නය ද දැන් ආරම්භ වී ඇත. ඒ අත්දැකීම් ද අපට රජරට ගොවිමහතුන් සමග බෙදාගත හැකි ය. ඉහත කී සියල්ල සඳහා ජනාධිපතිතුමා යටතේ ඒකකයක් පිහිටුවීමට අපි යෝජනා කරමු. ගොවි මහතුන්ට පැරණි ගොවිකම හඳුන්වාදිය හැක්කේ කොළඹ දේශන හා සම්මන්ත්‍රණ පැවැත්වීමෙන් නොව ප්‍රායෝගික ව ගොවි මහතුන් කරා යෑමෙනි. ජනාධිපතිතුමා  යටතේ පිහිටුවන ඒකකයකින් ඒ කළ හැකි බව අපි දනිමු. එහි දී කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් පිටත සිටින අපට ද එයට සහාය විය හැකි ය. ජනාධිපතිතුමාට මෙන් ම අපට ද අවශ්‍ය වන්නේ මෙරට ජනයාට යහපත් සෞඛ්‍ය තත්වයකින් කල්ගත කිරීම සඳහා ඔවුන් තව තවත් බත් කෑමට යොමු කිරීමට ය. අපේ උද්‍යොග පාඨය වනුයේ අපි බත් කමු යන්න ය.

Sunday, 3 July 2011

දේශන - බටහිර යුධ අධිකරණ තර්ජන සහ කෘෂි රසායන මරුවැල්

හිතවතුනි,
මෙම සම්මන්ත්‍රණයේ පැවැත්වූ දේශන වල ශ්‍රවණ ගොනු පහතින් ලබාගත හැකිය. මෙහිදී මහාචාර්ය නලින් ද සිල්වා, වෛද්‍ය චන්න ජයසුමන යන මහත්වරුන්ද පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ද විසින් දේශන පවත්වනු ලැබිණි. දේශකයන් විසින් රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් මෙතෙක් ඉදිරිපත් වී ඇති මත සහ ඒවායේ ඇති දුර්වලතා පිළිබඳව පැහැදිලිකිරීම්ද විවිධ පාර්ශවයන් විසින් නව මතය පිළිබඳව නගන ප්‍රශ්න සඳහා පිළිතුරුද දෙනු ලැබිණි.

හැඳින්වීමේ කථාව - නලින් ද සිල්වා මහතා

චන්න ජයසුමන මහතාගේ කථාව - 1

චන්න ජයසුමන මහතාගේ කථාව - 2

චන්න ජයසුමන මහතාගේ කථාව - 3

නලින් ද සිල්වා මහතාගේ කථාව - 1

නලින් ද සිල්වා මහතාගේ කථාව - 2

නලින් ද සිල්වා මහතාගේ කථාව - 3

නලින් ද සිල්වා මහතාගේ කථාව - 4

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ගේ කථාව

Sunday, 3 April 2011

කෝපන්හේගන් විවරණය යථාර්ථවාදී වීම

මිනිසුන් නිරීක්‍ෂණය කළත් නැතත්, විඥානයක් සහිත නිරීක්‍ෂකයන් සිටියත් නැතත් අංශු ගැටෙයි. එසේ ගැටීමෙන් පසු ඇතැමි විට ප්‍රතිබද්ධ ගුණවලට අගය ලැබෙනු ඇත. එහෙත් මෙි අගය පමණක් නොව අංශු ද ඇත්තේත් එදා තිබුණේත් අද අප වැනි නිරීක්‍ෂකයන් නිරීක්‍ෂණය කරන, අර්ථකථනය කරන ආකාරයට මිස ඊනියා වාස්තවික පරමාර්ථ ආකාරයකට නො වෙි. විිද්‍යාලංකාර විවරණයේ ප්‍රධාන කරුණක් වනුයේ එයයි.

ඊනියා යථාර්ථවාදී විවරණය අනුව, අංශු අප ඇතත් නැතත් පවතියි. එපමණක් නොව අංශුවල ප්‍රතිබද්ධ ගුණවලට මැන්නත් නැතත් යමිකිසි නිශ්චිත අගයක් වෙයි. ඊනියා යථාර්ථවාදීන්ට අනුව ක්වොන්ටමි භෞතිකයට මෙි අගය කුමක් දැයි කල්තබා කිවහැකි නොවන බැවින් ඒ දැනුමි පද්ධතිය අසමිපුර්ණ වෙයි. මෙහි වැදගත් කරුණු තුනක් කියැවෙන බව තේරුමි ගත යුතු ය. ඉන් කරුණු දෙකක් අපි පළමුව සඳහන් කරමු. එකක් නමි මැන්නත් නැතත් අංශුවල ප්‍රතිබද්ධ ගුණවලට නිශ්චිත අගයන් තිබෙන බව ය. අනෙක ඒ නිශ්චිත අගය ගැන පුරෝකථනයක් කිරීමට ක්වොන්ටමි භෞතිකයට නොහැකි බව ය.

මෙි කරුණු දෙක සමිබන්ධයෙන් විද්‍යාලංකාර විවරණයෙහි දී කියැවෙන්නේ වෙනත් ම දෙයකි. එහි ක්වොන්ටමි අංශුවලට මැන්නත් නොමැන්නත් ප්‍රතිබද්ධ ගුණවලට නිශ්චිත අගයන් ඇතැයි නො පිළිගැනෙයි. එහි දී කියැවෙන්නේ එවැනි අගය එකකට වඩා ඇති බවත් මැනීමක් හෝ මැනීමට ලක්කිරීමක් හෝ හේතුවෙන් ඒ ගුණයකට අගයක් ලැබෙන බවත් එසේ ලැබෙන අගය නිරීක්‍ෂණය කිරීමට හැකි බවත් ය. කෝපන්හේගන් විවරණයෙහි දී ප්‍රතිබද්ධ ගුණවලට එකදු අගයක්වත් නැතැයි ද එයට අගයක් ලබා දෙන්නේ නිරීක්‍ෂකයා යැයි ද කියැවෙයි.

විද්‍යාලංකාර විවරණයත් කෝපන්හේගන් විවරණයත් යන දෙක ම මැනීමට පෙර ඒ අගය පුරෝකථනය කිරීමට නොහැකිවීම සමිබන්ධයෙන් එකඟ වෙයි. විද්‍යාලංකාර විවරණයෙහි දී මැනීමට පෙර යන්න මැනීමට හෝ මැනීමට ලක්කිරීමට හෝ පෙර යනුවෙන් සංශෝධනය වෙයි. එයට හේතුව නිරීක්‍ෂකයන්ගේ සවිඥානික මැදිහත්වීමකින් තොරව ද ඒ ගුණවලට අගයක් ලබාගත හැකි බැවිනි. මෙි කරුණු අප කීපවතාවක් ම සඳහන් කර ඇති නමුත් ඒ බව නැවත නැවතත් මතක් කිරීමෙි වරදක් නැත.

දැන් අපි තුන්වැනි කරුණ ගැන වැඩිදුරටත් සාකචිඡා කරමු. මෙය ක්වොන්ටමි භෞතිකයෙහි මෙන් ම නිවිටෝනීය හා සාපේක්‍ෂතාවාදී භෞතිකයේදීත්, එනමි සමිභාව්‍ය භෞතිකයේත් වැදගත් වෙයි. එහි දී ඊනියා යථාර්ථවාදී විවරණයෙන් කියැවෙන්නේ අප අද මනින අගය පමණක් නොව අංශු ද ලෝක නිර්මාණයේ සිට හෝ විකාශනයේ ඒ අංශු ඇති වූ දිනයේ සිට හෝ සැමදාමත් ලෝකයේ (විශ්වයේ) පැවති බව ය. අප වැනි සවිඥානික නිරීක්‍ෂකයන් කරන්නේ මෙි අංශු සහ ගුණ සොයා ගැනීම ය. එමෙන් ම ඒ ගුණවල අගය ද මැනගැනීම ය.

අපට මෙහි දී පැහැදිලි කිරීම සඳහා සමිභාව්‍ය භෞතිකය යොදාගත හැකි ය. විශේෂයෙන් ම නිවිටෝනීය යාන්ත්‍රිකය යොදාගත හැකි ය. එසේ කරන්නේ එය කාහටත් පාහේ තේරුමි ගත හැකි සරල පද්ධතියක් වන බැවිනි. නිවිටෝනීය යාන්ත්‍රිකයෙහි අංශුවක හෝ වස්තුවක හෝ ගම්‍යතාව මෙන් ම පිහිටීම ගැන ද එක්විට කියැවෙයි. ඒ ගුණ ප්‍රතිබද්ධ ගුණ වුවත් නිවිටෝනීය යාන්ත්‍රිකයට එහි ගැටළුවක් නැත. ඒ ගුණවල අගය එකවිට පවතින අතර ඒවා එකවිට මැනගත හැකි ද වෙයි. එපමණක් නො වෙි. මැනගත්තත් නැතත් නිරීක්‍ෂණය කළත් නැතත් ඒ අගය මෙන් ම අංශු හා වස්තු ද පවතියි.

කෝපන්හේගන් විවරණයට ද නිවිටෝනීය අංශු හා වස්තු සමිබන්ධයෙන් ගැටළුවක් නැත. එයට අනුව ද නිවිටෝනීය අංශු හා වස්තු පවතියි. අප නිරීක්‍ෂණය කළත් නැතත් ඒ අංශු හා වස්තු පවතියි. එසේ නමි වර්තමානයේ දී මෙන් ම ඉතා ඈත අතීතයේ දී ද ඒ අංශු හා වස්තු ද එහි ගුණ ද අපෙන් තොරව, එනමි නිරීක්‍ෂකයාගෙන් තොරව පැවතිය යුතුව ඇත. නිවිටෝනීය අංශු හා වස්තු නිරීක්‍ෂකයාගෙන් තොරව පවතින්නේ යැයි කෝපන්හේගන් විවරණයෙහි කියන්නේ යැයි අප සඳහන් කරන්නේ එයට පටහැණි වන්නක් එහි කියා නැති බැවිනි.

එහෙත් මෙහි ගැටළුවක් ඇතැයි යමකුට සිතෙන්නට හැකි ය. ඉන්ද්‍රියානුභූතවාදයට අනුව නිරීක්‍ෂණය කළ නොහැකි දේ ගැන කිසිවක් කිව නො හැකි ය. ඈත අතීතයේ යමක් පැවතියේ යැයි ඉන්ද්‍රියානුභූතවාදයට අනුව අප තීරණය කරන්නේ කෙසේ ද? මෙහි දී ද අතීතයට බලපාන පරිදි නිරීක්‍ෂකයා තම සංකල්ප නිර්මාණය කරගන්නේ ය යන්න යොදා ගැනීමට සිදුවෙයි. ඉන්ද්‍රියානුභූතවාදයට ප්‍රශ්නයක් වන්නේ වර්තමානයේ දී ද යමක් නිරීක්‍ෂණය කිරීමට නොහැකි වූ විට ඒ සමිබන්ධයෙන් නිගමනවලට පැමිණීමෙි දී ය. ක්වොන්ටමි අංශුවක හෝ පද්ධතියක හෝ ප්‍රතිබද්ධ ගුණයෙහි අගය ගැන ද වර්තමානයේ දී ද ඒ නිරීක්‍ෂණය කරන තෙක් කිසිවක් කිව නොහැකි ය.

එහෙත් වර්තමානයේ දී නිවිටෝනීය අංශුවක පිහිටීම හා ගම්‍යතාව ගැන යමක් කීම කෝපන්හේගන් විවරණයට ප්‍රශ්නයක් නොවන්නේ ඒවා සමගාමීව නිරීක්‍ෂණය කළ හැකි බැවිනි. එබැවින් ඒ ගුණ නිරීක්‍ෂකයාගෙන් තොරව පවතින්නේ යැයි කීම කෝපන්හේගන් විවරණයට ගැටළුවක් නො වෙයි. එයින් පෙනී යන්නේ නිවිටෝනීය ඉන්ද්‍රිය ගෝචර අංශු හා පද්ධති හා සාධාරණ වශයෙන් ඉන්ද්‍රිය ගෝචර සංකල්ප සමිබන්ධයෙන් කෝපන්හේගන් විවරණය ද ඊනියා යථාර්ථවාදී විවරණයක් බවට පත්වන බව ය.

කෝපන්හේගන් විවරණය ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි හා සංකල්ප සමිබන්ධයෙන් ඊනියා යථාර්ථවාදී විවරණයක් බවට පත්වීමටත් ඉන්ද්‍රිය ගෝචර නොවන සංසිිද්ධි සමිබන්ධයෙන් වෙනත් ස්ථාවරයකටත් යොමු වන්නේ ඉන්ද්‍රියානුභූතවාදයේ ආභාසයෙනි. එකී ඉන්ද්‍රියානුභූතවාදයේ පුරෝගාමියකු වූ අර්නස්ටි මාක් විද්වතා භෞතික විද්‍යාවෙි පැහැදිලි කිරීමි ඉන්ද්‍රිය ගෝචර සංකල්පවලින් පමණක් කළයුතු බව ප්‍රකාශ කෙළේ ඉන්ද්‍රිය ගෝචර සංකල්පවලට විශේෂිත වැදගත්කමක් ආරෝපණය කිරීමෙන් ය.

කෝපන්හේගන් විවරණය ඉන්ද්‍රිය ගෝචර සංකල්ප සමිබන්ධයෙන් එතරමි වැදගත්කමක් දැක්වූයේ මාක් විද්වතා වැන්නන් ඉන්ද්‍රියානුභූතවාදයේ දී ද එලෙස ම ක්‍රියාකර ඇති බැවින් යැයි සිතිය හැකි ය. මාක් විද්වතා බුදුදහම ගැන ද උනන්දුවක් දැක්වූවෙක් විය. ඔහු බුදුදහමෙි ප්‍රත්‍යක්‍ෂය ගැන කියන දේ ඇතැමි විට වැරදියට අවබෝධ කරගත්තා විය හැකි ය. බුදුදහමෙි ප්‍රත්‍යක්‍ෂය යනු පංචෙන්ද්‍රිය ගැන කතාකරන ඊනියා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයකට වඩා බටහිර අර්ථයෙන් නමි ඉන්ද්‍රිය ගෝචර නොවන ප්‍රත්‍යක්‍ෂයකි. එය ඉන්ද්‍රියක් වූ ද එහෙත් බටහිරයන්ගේ පංචෙන්ද්‍රියන්ට අයත් නොවන්නා වූ ද මනසට ඇතිවන ප්‍රත්‍යක්‍ෂයකි.

මාක් විිද්වතාට මෙි ගැන එතරමි නිරවුල් වැටහීමක් නොවූ බව පැහැදිලි ය. ඔහුට පමණක් නොව බුදුදහම ගැන ලියන කියන බොහෝ බටහිර පඬුවන්ට බුදුදහමෙි සංකල්ප ගැන එතරමි අවබෝධයක් නැත. එහෙත් අපේ බෞද්ධ විද්වත්තු බොහෝ විට බුදුදහමෙි එන ධර්ම කරුණු ද පැහැදිලි කරගැනීම සඳහා බටහිර පඬුවන් වෙත ඇදී යන්නේ පහනට ආකර්ෂණය වන ඇතැමි කෘමීන් මෙනි. ඔවුහු විනාශය කරා ඇදී යති.

ඒ කෙසේ වෙතත් ඉන්ද්‍රියානුභූතවාදය අනුසාරයෙන් ගොඩනැගුණු කෝපන්හේගන් විවරණයෙන් බටහිර දර්ශනයේ ඇතැමි අංශවලට පහර වැදිණි. විශේෂයෙන් ම වාස්තවික දැනුමට හා අඩුම තරමින් ඉන්ද්‍රිය ගෝචර නොවන වස්තු සමිබන්ධ දැනුම සමිබන්ධයෙන් නිරීක්‍ෂකයාගේ ස්වායත්තවීමට දරුණු ප්‍රහාරයක් එල්ල විණි. ඉන්ද්‍රිය ගෝචර නොවන, එනමි පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන සංකල්ප ඉන්ද්‍රිය ගෝචර වීමෙි දී නිරීක්‍ෂකයාගේ මැදිහත්වීම මෙහි දී අපේ විශේෂ අවධානයට යොමු වෙයි.

ක්වොන්ටමි අංශුවක ප්‍රතිබද්ධ ගුණය ගැන කිසිවක් කිව නොහැකි බවත් එහි දී ඒ ප්‍රතිබද්ධ ගුණයේ අගය ලබාදෙන්නේ නිරීක්‍ෂකයා ය යන බවත් ප්‍රකාශ කිරීමෙන් කෝපන්හේගන් විවරණය විසින් නිරීක්‍ෂකයා හා නිරීක්‍ෂ්‍යය අතර සමිබන්ධය එළි දැක්විණි. මෙය අඩුම තරමෙන් ක්වොන්ටමි අංශු වැනි ඉන්ද්‍රිය ගෝචර නොවන පද්ධතීන් සමිබන්ධයෙන් වාස්තවිකත්වයට හා යථාර්ථයට එල්ල කරන ලද මරු පහරක් විය.

1982 දී ඇස්පෙ විද්වතා විසින් කරන ලද පරීක්‍ෂණවලින් පසු කෝපන්හේගන් විවරණය තහවුරු විය. ඒ සමග නිරීක්‍ෂකයා හා නිරීක්‍ෂ්‍යය වෙන් කරනු ලැබූ කාටීසීය තාප්පය ද කඩා වැටිණි. කාටීසීය තාප්පය යන්නෙන් නිරීක්‍ෂකයා හා නිරීක්‍ෂ්‍යය තාප්පයකින් හෝ බිත්තියකින් හෝ මෙන් වෙන් කෙරී ඇති බවත් තාප්පයේ එක් පැත්තක ඇති නිරීක්‍ෂකයා තාප්පයේ අනෙක් පැත්තේ ඇති නිරීක්‍ෂ්‍යය නිරීක්‍ෂණය කරන්නේ නිරීක්‍ෂ්‍යය වාස්තවික පවත්නා එකක් ලෙස ගැනීමෙන් හා ඒ සමිබන්ධයෙන් බලපෑමක් නොකර බවත් ආදී වශයෙන් කෙරෙන උපකල්පනය හැඳින්වෙයි.

අඩුම තරමෙන් ක්වොන්ටමි අංශු සමිබන්ධයෙන් නිරීක්‍ෂකයා සක්‍රීය වශයෙන් නිරීක්‍ෂණයේ දී මැදිහත්වන බව කෝපන්හේගන් විවරණයෙන් කියැවිණි. ක්වොන්ටමි අංශුවක ප්‍රතිබද්ධ ගුණයෙහි අගය ලබාදෙන්නේ නිරී’ක්‍ෂකයා බව කීමෙන් මෙි මැදිහත්වීම ප්‍රකාශවිණි. ඇස්පෙ විද්වතාගේ පරීක්‍ෂණවලින් පසුව අසූවෙි දශකයේ මුල්භාගයේ දී මෙි අදහස් අපට ද බලපෑවෙි ය. කෝපන්හේගන් විවරණයෙන් අඩුම තරමෙන් ක්වොන්ටමි අංශු සමිබන්ධයෙන් වාස්තවිකත්වයක් නැති බවට අපට ඒත්තු ගැනිවිණි. එහෙත් නිවිටෝනීය පද්ධති සමිබන්ධයෙන් එයින් කිසිවක් නො කියැවෙන බව අපට කල්යෑමෙි දී අවබෝධ විය. ඉන්ද්‍රිය ගෝචර සංකල්ප හා ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප පිළිබඳ ව දෙයාකාරයකින් සැලකීම අපට ප්‍රශ්නයක් විය.

අංශු හා පද්ධති යනු මොනවා ද? අපේ මූලික ප්‍රශ්නය වනුයේ එයයි. ඊනියා යථාර්ථවාදී විවරණයටත් කෝපන්හේගන් විවරණයටත් මෙය ප්‍රශ්නයක් නො වෙි. පුටුව, පෑන ආදී පංචෙන්ද්‍රියන්ට ගෝචර වන දෑ අපෙන්, එනමි නිරීක්‍ෂකයාගෙන් තොරව පවතින බව ඒ විවරණ දෙකෙහි ම උපකල්පනය වෙයි. කෝපන්හේගන් විවරණයෙහි දී ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප සමිබන්ධයෙන් නමි නිරීක්‍ෂකයා යමි මැදිහත්වීමක් කරන බව කියැවෙයි. එහෙත් ඒ ඊනියා මැදිහත්වීම ඒ කියන ආකාරයේ මැදිහත්වීමක් නොවන බවත් වඩා ගැඹුරු මැදිහත්වීමක් නිරී’ක්‍ෂකයා විසින් කෙරෙන බවත් අපට අවබෝධ විය. අපට ඒ අවබෝධය ලැබුණේ බුදුදහමෙනි.


Wednesday, 23 March 2011

නිරීක්‍ෂකයා හා ඔහු නොසිටි අතීතය

කෝපන්හේගන් විවරණය ඉන්ද්‍රියානුභූතවාදය මත පදනමි වන්නක් බවත් නිරීක්‍ෂකයකුගේ පැවතීම යන්න එහි දී වැදගත් ම අදහසක් වන බවත් අපි කියා ඇත්තෙමු. බටහිර යථාර්ථවාදයට නිරීක්‍ෂකයා යන්න අවශ්‍ය කරුණක් නො වෙි. එහි නිරීක්‍ෂකයකු ඇතත් නැතත් ලෝකය පවතින අතර එහි විවිධ දෑ සිදු වෙයි. ඒ සිදුවීමි සඳහා නිරීක්‍ෂකයකුගේ පැවැත්ම අනිවාර්ය නො වෙි. එහෙත් කෝපන්හේගන් විවරණයට අනුව නිරීක්‍ෂකයකු සිටිය ද නිරීක්‍ෂණය කළ නොහැකි දෑ ගැන කතාකිරීම අර්ථයක් නැති දෙයකි.

ක්වොන්ටමි භෞතික විද්‍යාවෙහි යමි ගුණයක අගය දත්විට එහි ප්‍රතිබද්ධ ගුණයෙහි අගය දත හැකි නො වෙි. එනමි ප්‍රතිබද්ධ ගුණයෙහි අගය නිරීක්‍ෂණය නො වෙි. ඒ නිරීක්‍ෂණය කිරීමට නමි උපකරණයක් යොදා ගැනීමෙන් ඒ කළ යුතු වෙයි. (මෙහි දී උපකරණයක් යන්නෙන් ඉන්ද්‍රියක් වුව ද අදහස් කෙරෙයි.) එවිට පමණක් ප්‍රතිබද්ධ අගය මැනගත හැකි වන අතර එසේ මැනගන්නා තුරු ඒ අගය ගැන කිසිවක් කිව නොහැකිවා පමණක් නොව එවැනි අගයක් නොමැතිය යන ස්ථාවරයෙහි කෝපන්හේගන් විවරණය පිහිටයි. ප්‍රතිබද්ධ ගුණයට අගයක් ලැබෙන්නේ ඒ ගුණය නිරීක්‍ෂකයකු විසින් මැනගනු ලැබීමෙන් ය කීමෙන් පමණකින් නොනවතින කෝපන්හේගන් විවරණය ඒ අගය ලබාදෙන්නේ නිරීක්‍ෂකයා යැයි පවසයි.

විිද්‍යාලංකාර විවරණයෙහි මෙි අදහස් ඒ ආකාරයෙන් නො පිළිගැනෙයි. විිද්‍යාලංකාර විවරණයට අනුව ප්‍රතිබද්ධ ගුණයෙහි අගය මැනීමට හෝ මැනෙන්නට හෝ පෙර ඒ ගුණයට එක් අගයකට වඩා තිබෙන අතර ඒ නිසා ඒ අගය නිරීක්‍ෂණය කිරීමට නො හැකි වෙයි. ප්‍රතිබද්ධ ගුණයෙහි අගය මැනීමෙන් හෝ මැනෙන්නට ලැබීමෙන් පසුව ඒ අගය කිහිපයෙන් එක් අගයක් ඒ ගුණයට ලැබෙන අතර එය නිරීක්‍ෂණය කිරීමට ද, එනමි අගය දැනගැනීමට ද, හැකි වෙයි. එහෙත් ප්‍රතිබද්ධ ගුණයට ඒ අගය ලබාදෙන්නේ නිරීක්‍ෂකයා ය යන අදහස විිද්‍යාලංකාර විවරණයෙහි නො වෙි. විිද්‍යාලංකාර විවරණයට අනුව නිරීක්‍ෂකයා කරන්නේ අගය මැනීම පමණකි. එහි දී අගයක් දීමක් නො සිදු වෙයි.

දැන් අපි මැනීමෙන් හෝ මැනෙන්නට ලැබීමෙන් පසුව යන්න සාකචිඡා කරමු. මැනීම යන්න ඉතා පැහැදිලි ය. එහි දී නිරීක්‍ෂකයකු මැදිහත් වී යමි උපකරණයක් යොදා ගනිමින් මැනීමක් කෙරෙයි. එහෙත් නිරීක්‍ෂකයකු නොමැති ව ද ක්වොන්ටමි අංශු එකිනෙක සමග ගැටීමට හැකි ය. ඒ හේතුවෙන් ක්වොන්ටමි අංශුවල අවස්ථා ද වෙනස් විය හැකි ය. පිහිටීම පමණක් දැන සිටි අංශවක් තවත් අංශුවක හෝ අංශු පද්ධතියක ගැටී ගම්‍යතාවක් අත්පත් කරගත හැකි ය. ඒ අත්පත් කරගත් ගම්‍යතා අගය නිරීක්‍ෂකයකු ඇතිව හෝ නැතිව හෝ පැවතිය හැකි ය. නිරීක්‍ෂකයකු ඇත්නමි ඔහුට ඒ අගය කුමක් දැයි දැනගත හැකි ය. එසේ වුවත් නිරීක්‍ෂකයකු නැතිව ද ක්වොන්ටමි අංශුවට ගම්‍යතාවක් අත්පත් කරගැනීමෙි හැකියාව වෙයි.

මෙි විවරණය බැලූ බැල්මට ඊනියා යථාර්ථවාදී විවරණයෙන් වෙනස් නො වෙයි. නිරීක්‍ෂකයන් ලෝකයේ ඇතත් නැතත් යමි යමි දේ සිදුවෙයි. ක්වොන්ටමි අංශු (පද්ධති) එකිනෙක සමග හෝ නිවිටෝනීය අංශු (පද්ධති) සමග හෝ ගැටීමට නිරීක්‍ෂකයන් අවශ්‍ය නො වෙි. ක්වොන්ටමි අංශුවක (පද්ධතියක) තරංග ශ්‍රිතය කඩාවැටීමට නිරීක්‍ෂකයන් සිටිය යුතු ම නො වෙි. එසේ නමි විිද්‍යාලංකාර විවරණය ඊනියා යථාර්ථවාදයෙන් වෙනස් වන්නේ කෙසේ ද?

මෙි වෙනස ගැඹුරු වෙනසකි. නිරීක්‍ෂකයන් නොමැතිව ඇමෙිසන් වනන්තරවල නොයෙකුත් දේ සිිදුවනු නොඅනුමාන ය. ඈත එපිට පිහිටි මන්දාකිණිවල යමි යමි දේ සිදුවන්නේ මිනිසුන් ඒ දේ නිරීක්‍ෂණය කිරීම ඇරඹීමෙන් පසුව නො වෙි. එහෙත් ඒ කුමක් සිදුවුවත් ඒ දැනගන්නා නිරීක්‍ෂකයන් එසේ කරන්නේ ඒ ඒ නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව ය. මෙි කරුණ මෙයට ඉහත දී අපි සාකචිඡා කර ඇත්තෙමු. එහෙත් ඒ පිළිබඳ නැවතත් සඳහන් කිරීම සුදුසු වෙයි.

බටහිර විිද්‍යාවෙහි කියැවෙන ආකාරයට විශ්වය ආරමිභයේ දී මනසක් ඇති නිරීක්‍ෂකයෝ නො සිටියහ. මිනිසා ඇතිවී තිබෙන්නේ පලමුව ජීවියා ඇති වී පසුව ඩාවීනීය විකාශයක ප්‍රතිඵලයක් ලෙස ය. බටහිර විද්‍යාවට අනුව විශ්වයේ ආරමිභයේ සිට මනසක් ඇති සතුන් (මෑතක් වන තුරු සියළුම බටහිර විද්‍යාඥයන්ට අනුව මනස් තිබුණේ මිනිසුන්ට පමණකි) ඇතිවන තෙක් ලෝකයේ බොහෝ දේ සිදු වී ඇත. ඒ සියල්ල වාස්තවික යැයි ද මිනිසුන්ට ඒ දැනගැනීමට හැකි යැයි ද බටහිර විද්‍යාවෙි දර්ශනයෙහි කියැවෙයි.

විිද්‍යාලංකාර විවරණය පදනමි වී ඇත්තේ සිංහල බෞද්ධ චින්තනයෙහි ය. මනසක් ඇති සත්වයන් ඊනියා විශ්වය ආරමිභයේ සිට ම පැවතිණි යැයි අපි විශ්වාස කරමු. මෙි සත්වයනට කිනමි ආකාරයක ශරීර තිබිණි ද යන්න මෙහි දී වැදගත් නො වෙි. නිරයේ පිචිචෙන සත්වයන්ගේ සිරුරු ඉතා අධික උෂ්ණත්වවල ද පවතින බව දැන සිටීම පමණක් අපට දැනට ප්‍රමාණවත් ය. බටහිර විද්‍යාවට අනුව විශ්වය ආරමිභයෙහි ඉතා දැඩි උෂ්ණත්ව තිබිණි ද ඒ උෂ්ණත්වවල ද වෙිදනා විඳිමින් හෝ නොවිඳිමින් හෝ සත්ත්වයන් සිටි බව පමණක් අපි උපකල්පනය කරමු. විශ්වයට එවැනි ආරමිභයක් පැවතිණි ද නැද්ද ආදිය අපට මෙහි දී අදාළ නො වෙි.

බටහිර ජෛවීය විද්‍යාවන්හි කියන ආකාරයේ පරිණාම ගැන අපි විශ්වාසයක් නො තබමු. ජීවය පෘථිවියේ ඇතිවිණි ද පෘථිවියට බාහිරව පැමිණියේ ද ආදී වශයෙන් බටහිර ජීව විද්‍යාඥයන් හා වෙනත් විද්‍යාඥයන් අතර කෙරෙන විවාදය අපට සතපහක්වත් වැදගත් නැත. සිත පමණක් ඇති කය නැති බඹලොව ගැන අපි දනිමු. ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගත හැකි අයකුට අද වුවත් මිනිස් ලෝකයේ සිට ම වුවත් ඒ අත්දැකීමි අදත් ලබාගත හැකි ය. භාවනාව දියුණු කිරමෙන් තම භෞතික සිරුරෙන් මනස ඉවතට ගතහැකි අය සිටින බව පමණක් අපි මතක් කර ගනිමු.

බටහිර ජීව විද්‍යාවට අනුව ජීවය ඇති වී තිබෙන්නේ අජීවය පරිණාමයෙනි. මෙි අදහස් අප ඉවත දමන්නේ අළුයම ලූ කෙළ පිඬක් මෙනි. බටහිර විද්‍යාවෙි ආධිපත්‍යයට අප යට වී සිටි කාලය අවසන් වෙමින් පවතියි. බටහිර විද්‍යාවට බියවීමට, එහි ආධිපත්‍යයට යටවීමට, සියළු ලෝකවාසීන්ට බලකර සිටි යුගය ඉතා ඉක්මණින් අවසන් කර දැමිය යුතු ය. අධර්මිෂ්ට මිථ්‍යාදෘෂ්ටික විද්‍යාවක් වූ බටහිර විද්‍යාව පදනමි වී ඇත්තේ මිථ්‍යාදෘෂ්ටික චින්තනයක ය. බටහිර විද්‍යාව මිථ්‍යාදෘෂ්ටික විද්‍යාවක් වන්නේ ද එබැවිනි. අනිත්‍ය, අනාත්ම නො පිළිගන්නා චින්තනයක් මත පදනමි වූ බටහිර විද්‍යාවෙන් ලොවට ඇති වී තිබෙන හානිය කියා නිමකළ හැකි නො වෙි.

ධාර්මික ලොවක්, අඩුම තරමින් ධාර්මික ලංකාවක්, ධර්මය රජයන ලංකාවක් ඇතිකිරීමට බලාපොරොත්තුවන කිසිම අයකුට බටහිර විද්‍යාවට අබමල් රේණුවකවත් උපකාරයක් කිරීමට නො හැකි ය. එසේ උපකාර කරන්නෝ එක්කෝ තමන් කරන්නේ කුමක් දැයි නො දනිති. නො එසේ නමි ඔවුහු වංචනිකයෝ වෙති. අපට අවශ්‍ය අනිත්‍ය, අනාත්ම පදනමි කරගත්, නිවන් අවබෝධ කරගැනීමට තුඩුදෙන ජීවන ක්‍රමයක් සකස්කර ගැනීම සඳහා ලෞකික වූ දැනුමක් ඇතිකර ගැනීම ය. බටහිර විද්‍යාව හා බටහිර ජීවන ක්‍රමය නිවන් අවබොාධ කරගැනීමට තුඩු දෙන්නක් නොවන බව සිංහල බෞද්ධයනට ඉක්මනින් ම පැහැදිලි විය යුතු ය.

මනසක් ඇති සතුන් බටහිර විිද්‍යාවෙි කියන ආකාරයට විශ්වය ආරමිභ වී බොහෝ කලකට පසුව ඇතිවුවත් විද්‍යාලංකාර විවරණයට ඒ ප්‍රශ්නයක් නො වෙි. දැනුම යනු මිනිසුන්ගේ පමණක් නිර්මාණයක් ද නො වෙි. ඒ ඒ වර්ගවල සත්තු විවිධ දැනුමි නිර්මාණය කරති. ඒ අතර දෙවියන්, නාගයන්, අමනුෂ්‍යයන්, මනුෂ්‍යයන් ද එකතු වී දැනුම නිර්මාණය කෙරෙන බව සිංහල බෞද්ධයන්ගේ අත්දැකීම ය. එහෙත් හුදෙක් බටහිර විද්‍යාව සමග තර්ක කිරීමට අපි ඒ අමතක කරමු. බටහිර විද්‍යාව ඉතා ආක්‍රමණශීලීව අපට කියන ආකාරයට මිනිසුන් පරිණාමයක ප්‍රතිඵලයක් ලෙස ඉතා මෑතක දී ලොව පහළ වී යැයි අපි බටහිර විද්‍යාව සමග තර්ක කිරීම සඳහා උපකල්පනය කරමු.

එසේ මිනිසුන් ඇතිවීමෙන් පසුව පමණක් දැනුම නිර්මාණය වී යැයි උපකල්පනය කළත්, මිනිසුන් එසේ දැනුම නිර්මාණය කරන්නේ අතීීතයට ද බලපාන අන්දමට යැයි අපි කලින් කියා ඇත්තෙමු. වෙනත් වචනවලින් කිවහොත් අද අප බටහිර විද්‍යාවට අනුව විශ්වයේ ආරමිභය ගැන කතාකරන්නේ අපේ අද දැනුම විශ්වයේ ආරමිභයට ද බලපාන අයුරින් සකස්කර ගැනීමෙනි. එහෙත් අප තවමත් විශ්වයේ ඊනියා ආරමිභය දැක නැත. අප නිරීක්‍ෂණය කරන්නේ ඊනියා මහා පිපුරුමෙි ප්‍රතිඵලයක් ලෙස ඇතිවූ ක්‍ෂුද්‍ර තරංග පසුබිමි විකිරණයේ (මඉචරඔ තඅවඑ බඅචකගරඔඋනඩ රඅඩඉඅටඉඔන) වර්තමාන අවස්ථාව ය. අප අද කරන්නේ පසුකාලීනව නිර්මාණය කරගත් දැනුමක් විශ්වයේ ආරමිභයට ද බලපාන පරිදි යොදා ගැනීම ය.

අප සිටියත් නැතත් ක්වොන්ටමි අංශු හා පද්ධතීන් එකිනෙක සමග ගැටෙන බව පැහැදිලි ය. ඒ ගැටීමි හේතුවෙන් ප්‍රතිබද්ධ ගුණවලට අගයන් ද ලැබෙනු ඇත. අප මැන්නත් නැතත් ඒ අගයන් පවතියි. අප නැතිව අංශු ගැටී එවැනි අගය ක්වොන්ටමි අංශුවලට හා පද්ධතිවලට ලැබෙන්නේ ය යන්නෙන් අදහස් වන්නේ ඒ අගය මැනුණු බව නොව මැනෙන්නට ලැබී ඇති බව ය. නිරීක්‍ෂකයන් නැතිව වුවත් ක්වොන්ටමි අංශුවල ප්‍රතිබද්ධ ගුණවල අගය මැනෙන්නට හැකි ය. එහි ප්‍රතිඵලයක් ලෙස ඒ ප්‍රතිබද්ධ ගුණවලට අගය ලැබෙන්නට ද හැකි ය. එහෙත් අප මෙහි දී අවධාරණය කරන්නේ එසේ නිරීක්‍ෂකයන් නැතිව අගය ලැබෙන්නට ඇති මුත් ඒ නිරපේක්‍ෂ වාස්තවික අගය නොවන බව ය. විිද්‍යාලංකාර විවරණය හා ඊනියා යථාර්ථවාදී විවරණය අතර ප්‍රධාන වෙනසක් ද එය වෙයි.

ඊනියා යථාර්ථවාදී විග්‍රහයට අනුව නිරීක්‍ෂකයන් මැන්නත් නැතත් ඔිනෑම ප්‍රතිබද්ධ ගුණයකට නිශ්චිත අගයක් ඇත. ඒ අගය කුමක් දැයි ක්වොන්ටමි භෞතික විද්‍යාවට කිව නොහැක්කේ ඒ විද්‍යාව අසමිපුර්ණ නිසා යැයි අයින්ස්ටයින් විිද්වතා ප්‍රමුඛ ඊනියා යථාර්ථවාදියෝ කියා සිටිති. එසේ ම ඒ අගය වාස්තවික යැයි ද ඔවුහු ප්‍රකාශ කරති. විද්‍යාලංකාර විවරණයට අනුව ඒ අගය වාස්තවික නොවන අතර ප්‍රතිබද්ධ ගුණයට නිශ්චිත අගයක් ද නැත. විද්‍යාලංකාර විවරණයෙහි ප්‍රතිබද්ධ ගුණයට මනින්නට පෙර අගය එකකට වඩා තිබෙන අතර, මැනීමෙන් පසු එය එක අගයක් පමණක් ගනියි. නිරීක්‍ෂකයන් ඇතිවීමට පෙර ද අංශු එකිනෙක සමග ගැටී එලෙස ප්‍රතිබද්ධ ගුණවලට අගයන් ලැබෙන්නට ඇති යැයි ගත්තත්, ඒ අගය යනු නිරී’ක්‍ෂයන් තම වර්තමාන දැනුම අතීතයට ද බලපාන අයුරෙන් සකස් කරගැනීම නිසා මිනිසුන්ට ඒ විෂය වන ආකාරය ය. ඒ අගය හා දැනුම වර්තමාන නිරීක්‍ෂකයන්ට සාපේක්‍ෂ වූවක් බව මෙහි දී අවධාරණය කළ යුතු ය.

Saturday, 12 March 2011

විද්‍යාලංකාර විවරණය

අපි සාපේක්‍ෂතාවාදීහු වෙමු. අපේ සාපේක්‍ෂතාවාදය ගොඩනැගීමට ක්වොන්ටමි භෞතික විද්‍යාව මුල දී ඉහවල් වූ බව සැබෑ ය. එහෙත් ක්වොන්ටමි භෞතික විද්‍යාව නැතිව වුව ද සාපේක්‍ෂතාවාදී දර්ශනයක් ගොඩ නැගිය හැකි ය. එය එසේ නොවී නමි පමණක් එය පුදුමයට කරුණක් වීමට තිබිණි. ක්වොන්ටමි භෞතික විද්‍යාව නොමැති ව සාපේක්‍ෂතාවාදී දර්ශනයක් ගොඩ නැගීමට නොහැකි නමි හා යමි අයුරකින් මෙි වන විට ද ක්වොන්ටමි භෞතික විද්‍යාවක් බිහි නොවී තිබිණි නමි සාපේක්‍ෂතාවාදී දර්ශනයක් මෙකල ගොඩ නැගීමට නොහැකි වීමට තිබිණි. එහෙත් ඒ එසේ වන්නේ නො වෙි.

ක්වොන්ටමි භෞතික විද්‍යාවෙි දී කෝපන්හේගන් විවරණය මගින් නිරීක්‍ෂකයාගේ කාර්යභාරය වැරදියට තේරුමි ගනු ලැබ ඇති බව පැහැදිලි ය. යමි නිරීක්‍ෂකයකු, එනමි විඤ්ඤාණයක් සහිත නිරීක්‍ෂකයකු, නොමැතිව අප යමි ගුණයක අගය මැනගෙන ඇති විට ඒ ගුණයෙහි ප්‍රතිබද්ධයෙහි (කලින් ද කියා ඇති පරිදි, උදාහරණයක් ලෙස පිහිටුම යන ගුණයේ ප්‍රතිබද්ධය ගම්‍යතාව වෙයි) අගය ගැන කිසිවක් කීමට නොහැකි ය යන්න ක්වොන්ටමි භෞතික විද්‍යාවෙනි එන අනිශ්චය මූල ධර්මයෙන් කියැවෙයි. කෝපන්හේගන් විවරණය ඇරඹෙන්නේ මෙය පදනමි කරගනිමිනි. ඊනියා යථාර්වාදීහු ද තම විරෝධතා පටන් ගන්නේ ද අනිශ්චය මූල ධර්මයෙනි. ඔවුහු ඒ ප්‍රතික්‍ෂෙප කරති.  ක්වොන්ටමි භෞතික විද්‍යාව සමිබන්ධයෙන් ගත්කල විද්‍යාලංකාරයේ අපි අනිශ්චය මූලධර්මයට පිටු නො පාමු. එහෙත් කෝපන්හේගන් විවරණය පසුපස නො යමු.

අනිශ්චය මූල ධර්මය පදනමි කරගන්නා කෝපන්හේගන් විවරණයෙන් ප්‍රධාන කරුණු දෙකක් ඉදිරිපත් කෙරෙයි. කලින් සඳහන් කළ ආකාරයට අනිශ්චය මූලධර්මයට අනුව ප්‍රතිබද්ධ ගුණයෙහි අගය ගැන කිසිවක් කීමට නො හැකි ය. කෝපන්හේගන් විවරණයට අනුව එයින් කියැවෙන්නේ ප්‍රතිබද්ධ ගුණයට කිසිම අගයක් නැති බවත් ඒ නිසා එවැනි අගයක් දැනගත නොහැකි බවත් ය. අගයක් නැත්නමි එලෙස අගයක් දැන ගැනීමට නොහැකි බැවින් එහි ගැටළුවක් නැත. එහෙත් කිසිම අගයක් නැතැයි කීම උපකල්පනයකට වැඩි දෙයක් නො වෙි. අයින්ස්ටයින් විද්වතා ඇතුළු ඊනියා යථාර්ථවාදීන්ට අනුව ප්‍රතිබද්ධ ගුණයට යමි නිශ්චිත අගයක් තිබිය යුතු ය. එහෙත් ක්වොන්ටමි භෞතික විද්‍යාවෙන් ඒ අගය ගැන කිසිවක් නො කියැවෙන බැවින් ඔවුන්ට අනුව එපමණට ක්වොන්ටමි භෞතික විද්‍යාව දැනුමි පද්ධතියක් ලෙස අසමිපුර්ණ ය.

පසුගිය ලිපියේ සඳහන් කෙරුණු ඊපිආර් විසංවාදයෙන් කෙරෙනුයේ එලෙස අගයක් ඇති බවත් එය දැනගත හැකි බවත් එහෙත් ක්වොන්ටමි භෞතික විද්‍යාවෙන් එයට පටහැණිව අනිශ්චය මූල ධර්මයක් ඉදිරිපත් කෙරෙන බවත් පෙන්වීමත් ය. බෝර් විද්වතා තමාට සුපුරුදු ආකාරයට අංශු දෙකම සමස්ත පද්ධතියක් ලෙස සැලකීමෙන් ඒ විසංවාදය සමනය කළේ ය. ඊනියා යථාර්ථවාදීන් ස්ථානීය යථාර්ථයක් ගැන කී දේ එමගින් ප්‍රතික්‍ෂෙප වූයේ ස්ථානීය යථාර්ථයක් පිළිබඳ ප්‍රශ්නය දර්ශනයෙන් බටහිර භෞතික විද්‍යාවට අත්පත් කරගනිමිනි. එහෙත් මෙරට භෞතික විද්‍යාඥයන් හෝ ඊනියා දාර්ශනිකයන් යැයි තම තමන් හඳුන්වාගන්නන් හෝ මෙි බව නොදන්නා බව ඔවුන් කියන කරන දෙයින් පැහැදිලි වෙයි. මෙරට ඊනියා යථාර්ථවාදීහු බොහෝ විට බටහිර භෞතික විද්‍යාව නොදනිතත් ඒ විද්‍යාවට ඇළුමි කරති. එය අගය කරති. එහෙත් ඔවුන් නොදන්නා කරුණ නමි 1982 දී ඇස්පෙ නමි ප්‍රංශ භෞතික විද්‍යාඥයා විසින් කරන ලද පරීක්‍ෂණයෙන් ඊනියා ස්ථානීය යථාර්ථවාදයට මරණීය පහරක් එල්ල වූ බව ය. ඒ මළකඳ නැගිටුවීමට මෙරට ඊනියා යථාර්ථවාදීන්ට නමි කෙසේවත් කළ නොහැකි කාර්යයකි. ඔවුන්ට කළ හැක්කේ මළකඳ කරගසාගෙන යෑම පමණකි.

බටහිර යථාර්ථවාදී භෞතික විද්‍යාඥයන් අනිශ්චය මූල ධර්මයට හා ක්වොන්ටමි භෞතික විද්‍යාවට එල්ල කළ අභියෝග ඇස්පෙ පරීක්‍ෂණයෙන් පසු වැළලී ගියත් කෝපන්හේගන් විවරණයට තවත් ප්‍රශ්න ඇත. ඉහත සඳහන් ආකාරයට කෝපන්හේගන් විවරණයට අනුව ප්‍රතිබද්ධ ගුණයට මැනීමට පෙර කිසිදු අගයක් නැත. එහෙත් ඒ ගුණයේ අගය මැනීමෙන් පසුව ඒ ගුණයට නිශ්චිත අගයක් හිමි වෙයි. දැන් ඒ අගය මැනීමට, ඒ සඳහා උපකරණ සකස් කිරීමට නිරීක්‍ෂකයකු සිටිය යුතු ය. ප්‍රතිබද්ධ ගුණයට ඒ අගය ලබා දෙන්නේ නිරීක්‍ෂකයා විසින් ය යන්න කෝපන්හේගන් විවරණයෙන් අපට ඉදිරිපත් කෙරෙන දෙවන කරුණ ය.

අප කලින් සඳහන් කර ඇති ආකාරයට මෙි නිරීක්‍ෂකයා පිළිබඳ කතාවෙන් හා ඇස්පෙ පරීක්‍ෂණයෙන් යථාර්ථයක් නැතැයි කීමට අපට ද සාධක ලැබිණි. මගේ ලෝකය පළමු මුද්‍රණය නිකුත් වූයේ ඇස්පෙ පරීක්‍ෂණයෙන් අවුරුදු හතරකට පමණ පසුව ය. (මගේ ලෝකයෙහි ඇස්පෙ යන්න සඳහන් වනුයේ ඇස්පෙක්ටි ලෙස ය. ඒ වරදකි. එයට හේතුව ඇස්පෙ යන්න ඉංගිරිසි අකුරෙන් ංසපඑචට ලෙස ලිවීම ය.) එහෙත් ප්‍රශ්නය වනුයේ ප්‍රතිබද්ධ ගුණයට එලෙස අගයක් දෙන්නේ පරීක්‍ෂණය සැලසුමි කරන නිරීක්‍ෂකයා ද යන්න ය. නිරීක්‍ෂකයන් නැත්නමි භෞතික පද්ධතිවල ගුණ දැනගැනීමට, එහි අගය මැනීමට නොහැකි බව පැහැදිලි ය. එහෙත් ඒ පරීක්‍ෂණය වෙනත් ආකාරයකින් සිදුවුවහොත් ඒ අගය පද්ධතියට නැත් ද යන ප්‍රශ්නය ඇසීමට සිදුවෙයි.

අයින්ස්ටයින් විද්වතා ද මෙවැනි ප්‍රශ්නයක් බොහෝ කලකට පෙර අසා ඇත. ඔහුගේ ප්‍රශ්නය වී ඇත්තේ නිරීක්‍ෂකයකු හඳ නොබලන විට, හඳ නිරීක්‍ෂණය නොකරන විට, හඳ නැත් ද යන්න ය. මෙි ප්‍රශ්නයට කෝපන්හේගන් විවරණයේ පුරෝගාමින් දුන් පිිළිතුරක් ගැන කිව නො හැකි ය. එහෙත් මෙය වැදගත් ප්‍රශ්නයකි. නිරීක්‍ෂකයකු ඇතත් නැතත් හඳ පවතින්නේ ද යන ලෙස ද මෙි ප්‍රශ්නය ඇසිය හැකි ය.

කලින් සඳහන් කරන ලද පරිදි කෝපන්හේගන් විවරණය ඉදිරිපත් කළ අය ඉන්ද්‍රියානුභූතවාදීහු වූහ. ඔිස්ට්‍රියානු ජාතිකයකු වූ අර්නස්ටි මාක් විද්වතා ආදීන්ගේ පුරෝගාමීත්වයෙන් බිහි වූ බටහිර ඉන්ද්‍රියානුභූතවාදය පෙරදිග දර්ශනවලින් ද ආභාසය ලබා ඇත. එහෙත් බටහිර බුද්ධිමතුන්ට ඇති ප්‍රධාන ප්‍රශ්නයක් නමි පෙරදිගින් ලබාගන්නා දේ ඔවුන්ගේ සංස්කෘතියට ඇතුල් කරගැනීමෙි දී සිදුවන විකෘතීන් ය. ඉන්ද්‍රියගෝචර නොවන සංකල්ප දෙස බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ බුද්ධිමතුන් බැලුයේ එතරමි සුහද සිතකින් නො වෙි.

බටහිර ඇතැමි බුද්ධිමතුන්ට නිවිටෝනීය ගුරුත්වාකර්ෂණය ද ප්‍රශ්නයක් වූයේ ගුරුත්වාකර්ෂණ බලය ඉන්ද්‍රිය ගෝචර නොවීම නිසා ය. බටහිර භෞතික විද්‍යාඥයකු මෙන් ම දාර්ශනිකයකු ද වූ අර්නස්ටි මාක් විද්වතා භෞතික විද්‍යාවෙි දී පරමාණුව පවා පිළිගැනීම ප්‍රතික්‍ෂෙප කළේ ය. ඔහු භෞතික විද්‍යාවෙි දී ඉන්ද්‍රිය ගෝචර නොවූ අවස්ථිති සමුද්දේශ රාමු නො පිළිගත්තේ ය. ඉන්ද්‍රියානුභූතවාදීන් ඉන්ද්‍රිය ගෝචර සංකල්පවලට පමණක් පැවැත්මක් ඇතැයි පිළිගැනීමෙි ප්‍රතිඵලයක් ලෙස මාක් විද්වතා බටහිර භෞතික විද්‍යාවෙි නිරීක්‍ෂණ ඉන්ද්‍රිය ගෝචර සංකල්පවලින් පමණක් විස්තර කළ යුතු යැයි කියා සිටියේ ය. මාක් විද්වතා එමගින් තරුණ අයින්ස්ටයින් කෙරෙහි විශාල බලපෑමක් ඇති කළේ ය.

ක්වොන්ටමි භෞතික විද්‍යාවෙි ප්‍රතිබද්ධ ගුණයේ අගය ඉන්ද්‍රිය ගෝචර නොවීම හේතුවෙන් ඒ ගැන කතාකිරීම ඉන්ද්‍රියානුභූතවාදයේ ආභාසය ලැබූ බෝර් විද්වතා ඇතුළු කෝපන්හේගන් විවරණයේ පුරෝගාමියෝ ප්‍රතික්‍ෂෙප කළහ. ඔවුහු එතැනින් ඔබිබට ගොස් ප්‍රතිබද්ධ ගුණයට අගයක් නැතැයි කීහ. එමෙන් ම ප්‍රතිබද්ධ ගුණයට අගයක් ලැබෙන්නේ නිරීක්‍ෂණය කිරීමෙන් පසුව බැවින් ඉන්ද්‍රියානුභූතවාදියෝ ඒ අගය ලබාදෙන්නේ සවිඥානික නිරීක්‍ෂකයා ය යන ස්ථාවරයට පැමිණියහ. මෙය ඉන්පසු තවත් වර්ධනය වී සවිඥානික නිරීක්‍ෂකයකු නොමැතිව ප්‍රතිබද්ධ ගුණයට කිසිම අගයක් අත්කරගත නොහැකිය යන තත්වයකට පත්විය.

විද්‍යාලංකාර විවරණය කෝපන්හේගන් විවරණයෙන් වෙනස්වන්නේ මෙි කරුණු සමිබන්ධයෙනි. අපි ප්‍රතිබද්ධ ගුණයෙහි අගය මනින තෙක් යන්න සංශෝධනය කර මනින තෙක් හෝ මැනෙන තෙක් හෝ ලෙස සකස්කර ගන්නෙමු. ප්‍රතිබද්ධ ගුණයෙහි අගය මනින තෙක් හෝ මැනෙන තෙක් හෝ එහි අගය ගැන කිසිවක් කීමට නොහැකි ය යන මතයේ අපිදු සිටිමු. එහෙත් අපි ප්‍රතිබද්ධ ගුණයට එතෙක් කිසිම අගයක් නැත යන්න ප්‍රතික්‍ෂෙප කරමු. අප කියා සිටින්නේ ප්‍රතිබද්ධ ගුණයට අගය දෙකක් හෝ වැඩි ගණනක් හෝ ඇති බව ය. අගය දෙකක් හෝ වැඩි ගණනක් ඇති විට ඒ නිරීක්‍ෂණය කළ නොහැකි යැයි ද අපි කියා සිටිමු.

උදාහරණයක් වශයෙන් ක්වොන්ටමි අංශුවක ගම්‍යතාව (හා ශක්තිය) දත්විට එහි පිහිටුමට අගය එකකට වඩා ඇත. එයට අගයක් නොමැති බැවින් නොව අගය එකකට වඩා ඇති බැවින් අපට එය නිරීක්‍ෂණය කිරීමට නො හැකි ය. අපට නිරීක්‍ෂණය කළ හැක්කේ එක් අගයක් පමණක් ගන්නා ගුණ වෙයි. ඒ අපේ මනස හා පංචෙන්ද්‍රිය පිළිබඳ ප්‍රශ්නයකි. ඇතැමි විට ඒ සියළු අගය නිරීක්‍ෂණය කළ හැකි නිරීක්‍ෂකයන් සිටිය හැකි ය. එවැනි නිරීක්‍ෂකයන් කවුදැයි යන්න පිළිබඳ ව දැනට අපට කළ හැක්කේ යමි යමි මත ඉදිරිපත් කිරීම පමණකි.

දැන් ප්‍රශ්නයක් විය හැක්කේ ප්‍රතිබද්ධ ගුණයට එසේ එක් අගයකට වඩා ඇති බව අප දන්නේ කෙසේ ද යන්න ය. එයට ඉතා පැහැදිලි පිළිතුරක් වෙයි. ක්වොන්ටමි භෞතික විද්‍යාවෙහි යමි ගුණයක් නිරීක්‍ෂණය කෙරී එහි ප්‍රතිබද්ධ අගය නිරීක්‍ෂණය කෙරී නැති විට අදාළ අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ අවස්ථාව, මැණගෙන ඇති අගයට අයත් හිල්බටි අවකාශය නමින් හැඳින්වෙන දෛශික අවකාශයෙහි අයිගන් දෛශිකය යැයි කියනු ලැබෙන දෛශිකය මගින් හෝ ඒ ගුණයෙහි ප්‍රතිබද්ධ ගුණයෙහි අගයන්ට අයත් අයිගන් දෛශිකයන්ගේ සංයෝජනයක් මගින් හෝ නිරූපණය කළ හැකි ය. මනිනු ලැබීමෙන් පසුව හෝ මැනෙනු ලැබීමෙන් පසුව හෝ සිදුවන්නේ ඒ දෛශික සංයෝජනය වෙනුවට එක් දෛශිකයක් පමණක් ලැබීමත් අගය රාශියක් වෙනුවට එක් අගයක් පමණක් ලැබීමත් ය.

බටහිර විද්‍යාඥයන්ට නම් එය පිළිගැනීම එතරමි ප්‍රශ්නයක් නො වෙි. ඔවුහු ද එය තරංග ශ්‍රිතයේ කඩාවැටීම
(collapse of the wave function)යනුවෙන් නමිකර පිළිගනිති. දෛශික රාශියක එකතුවක් වූ තරංග ශ්‍රිතය වෙනුවට එක් දෛශිකයක ශ්‍රිතයක් බවට පත්වීම එලෙස කඩාවැටීම ලෙස නමි කෙරෙයි. බටහිර විද්‍යාඥයන්ට ඇති ප්‍රශ්නය මනින තෙක් හෝ මැනෙන තෙක් යන්නෙහි මැනෙන තෙක් යන්නෙන් කුමක් අදහස් වන්නේ ද යන්න ය. ඉන්ද්‍රියානුභූතවාදීන්ට නිරීක්‍ෂකයකු නොමැතිව මැනෙන තෙක් යන්න තේරුමක් නැති ප්‍රකාශයකි. මැනීමට නමි සවිඥානික නිරීක්‍ෂකයකු සිටිය යුතු බව ඔවුන්ගේ මතය වෙයි. අනෙක් අතට යථාර්ථවාදීන්ට නිරීක්‍ෂකයා යන්න ම පිිළිගත හැක්කක් නො වෙි. නිරීක්‍ෂකයකු නිරීක්‍ෂණය කළත් නැතත් ක්වොන්ටමි අංශුවල ගුණයකට අගයක් ඇති බවත් ඒ අගය කුමක්දැයි කීමට ක්වොන්ටමි භෞතික විද්‍යාවට ක්‍රමයක් නැති බවත් ඒ නිසා ක්වොන්ටමි භෞතිකය අසමිපුර්ණ බවත් ඊනියා යථාර්ථවාදීහු කියති.


Sunday, 13 February 2011

විද්‍යාලංකාරයට භාවනාව තහනම් ද?

කැලණිය විශ්වවිද්‍යාලය යනු විද්‍යාලංකාරය බව බොහෝ දෙනාට, ඇතැමි විට එහි ගුරුවරුන්ට ද, අමතක වන කරුණකි. මෙයට අවුරුදු පනස්දෙකකට පමණ පෙර විද්‍යොදය හා විද්‍යාලංකාර පිරිවෙන් ඊනියා විශ්වවිද්‍යාල තත්වයට පත්නොකරන්නට අද ඒ විශ්වවිද්‍යාලවල විද්‍යා පීඨවල උගන්වන ඇතැමි ඇදුරන්ට විශ්වවිද්‍යාලයකට ඇතුල්වීමටවත් අවස්ථාව නොලැබෙන්නට තිබිණි. ඒ ඔවුන්ට එකල තිබූ ලංකා විශ්වවිද්‍යාලයට (කොළඹට හා පේරාදෙණියට) ඇතුල්වීමට තරමි ප්‍රමාණවත් ලකුණු නොතිබූ හෙයිනි. විද්‍යොදයේ හා විිද්‍යාලංකාරයේ හැටෙි දශකයේ විද්‍යා පීඨ ආරමිභ කිරීමෙන් පසුව කොළඹ හා පේරාදෙණියේ විද්‍යා පීඨවලට ඇතුල්වීමට නොහැකි වූ ඇතැමි අයට ද සරසවි වරමි ලැබිණි. අද ඔවුන්ගෙන් ඇතැමකු ඒ විශ්වවි්‍යාලවල ම කථිකාචාර්ය, මහාචාර්ය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පදවිවලට පත්ව තිබීම සතුටට කරුණකි. එහෙත් ඔවුන්ගෙන් ඇතැමකුට එහි අතීත සමිප්‍රදාය අමතකවී ඇත.

අප සැමදාමත් කියා සිටි කරුණක් නමි මෙි විශ්වවි්‍යාලවලට ඊනියා විශ්වවිද්‍යාල තත්වය ලබාදීමට පෙර ද ඒ ආයතන විශ්වවිද්‍යාල වූ බව ය. ඊනියා විශ්වවිද්‍යාල තත්වය ලබා දීම යනු බටහිර විශ්වවිද්‍යාල ආකෘතිය තුළ ඒ ආයතන සිරකිරීමක් හා පූජකවරුන්ගේ විවිධ වර්ණ සහිත ලෝගු තුළ විද්‍යාර්ථීන්ගේ මනස් සිරකිරීමක් පමණක් විය. ඒ ආයතනවලට ඊනියා විශ්වවිද්‍යාල තත්වය ලැබුණේ මූලික වශයෙන් ම ප්‍රාචීන භාෂා හා බෞද්ධ අධ්‍යාපනය වෙනුවෙන් කරන ලද සේවය මුල් කරගෙන නමුත් වැඩිකල් නොගොස් ම ඒ අදාළ අධ්‍යන අංශවල කඩාවැටීමක් දක්නට සිදුවිය. මුල දී ඒ විශ්වවිද්‍යාලවල බෞද්ධ අධ්‍යයන පීඨ පවා තිබුණ නමුත් නොබෝ කලෙකින් ම ඒ පීඨ කුඩා අධ්‍යයන අංශවලට පමණක් සීමා විය. එකල විද්‍යාලංකාරයේ බෞද්ධ අධ්‍යයන පීඨයේ විවිධ අධ්‍යයන අංශ තිබී ඇති අතර එය එහි පැමිණි බෞද්ධ අධ්‍යයනය නිසා ම පේරාදෙණියේ මහාචාර්යවරයකු වූ තැනැත්තකුගේ උපහාසයට හා අපහාසයට ලක් වී ඇත. ඔහු එහි පැමිණ අභිධර්මය පිළිබඳ මහාචාර්යවරයා කොහේ දැයි ඇසීලු!

බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ උරචක්‍ර මාලය දමාගත් පසු විද්‍යාලංකාරයට එවැනි උපහාස හා අපහාස උරුම විය. මා දැනට වසර අටකට පමණ පෙර කැලණියට ගියේ එය නැවත විද්‍යාලංකාරය බවට පත්කිරීමෙි අපේක්‍ෂාව ද ඇතිව ය. එහෙත් ප්‍රායෝගිකව ඒ සඳහා වැදගත් යමක් කිරීමට මට අවස්ථාවක් නො ලැබිණි. ක්වොන්ටමි භෞතිකයට සිංහල බෞද්ධ චින්තනය මත පදනමි වෙමින් නව අර්ථකථනයක් සැපයීමි. මම අද එය ගණිතය හා ගණිතමය භෞතික විද්‍යාව හදාරණ අවසන් වසරේ සිසුන්ට උගන්වමි. ඉලෙක්ට්‍රෝන පථවල ගමන් නොකරන බවත් ඒවා එක් තැනකින් චුත වී තවත් තැනක පහළ වන බවත් ඉගෙන ගන්නා ලෝකයේ ම සිටින කිහිප දෙනා ඒ අය විය යුතු ය. මෙි සමිබන්ධ ලිපියක් මා කැලණිය විශ්වවිද්‍යාලයට අවුරුදු පනහක් පිරීම නිමිත්තෙන් පළකරන ලද සංග්‍රහයට ලියූ නමුත් එය මා හැරෙන්නට කියවා ඇත්තේ මගේ භාර්යාව, සඟරා සංස්කාරක හා ලිපිය විමර්ශනය කළ තැනැත්තා පමණක් යැයි සිතමි. පසුව මම එය ඉලෙක්ට්‍රොනික සඟරාවක පළ කෙළෙමි. එයට නමි යමි ප්‍රතිචාරයක් ලැබිණි. එහෙත් බටහිර ක්‍රිස්තියානි විද්‍යාඥයෝ ඒ නො පිළිගත්හ. ඔවුන් එය පිළිගනීවි යැයි මම අපේක්‍ෂා නො කළෙමි. මට අවශ්‍ය වූයේ කැලණියේ සිදුකරන ලද පරීක්‍ෂණ කිහිපයක් පිළිබඳ ව ලෝකයාට දැනුමි දීම පමණකි. එයට අමතරව සංවටිටකප්ප විවටිටකප්ප ඇසරෙන් නිර්මාණය කරන ලද විශ්වය පිළිබඳ ආකෘතියක් තැනීමට ද අපි සමත් වීමු. එය බුත්තල දැයට කිරුළ ප්‍රදර්ශනයට ඉදිරිපත් කළේ විද්‍යාලංකාරයෙන් දැයට පිරිනැමෙන තිළිණයක් ලෙස ය.

එයට අමතරව බටහිර විද්‍යාවෙි ක්‍රිස්තියානි පදනම ගැන ප්‍රවාද රාශියක් ගොඩනගා ගත්තෙමි. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ දැනුමි ආධිපත්‍යයෙන් අප වැනි රටවල් පෙළන ආකාරය පිළිබඳ ව කොළඹ දී මා ඇරඹු අධ්‍යයනය තවදුරටත් කරගෙන යෑමට කැලණියේ දී හැකි විය. බටහිර ක්‍රිස්තියානි විද්‍යාව ද ඇතුළු බටහිර ක්‍රිස්තියානි දැනුමෙන් අප රට නිදහස් කර ගැනීම සඳහා කළහැකි සියල්ල කැලණියේ දී ද කෙළෙමි. දෙමළ ජාතිවාදය පිළිබඳ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ගොඩනගා තිබූ දැනුම පොඩිපටිටමි කිරීමට අපි සමත්වීමු. කොටින් පරාජය කිරීමට හැකිය යන මතය තහවුරු කිරීමට අපි සමත්වීමු. කොටින් පිටුපස තිබූ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ බලවෙිග පිළිබඳ අවුරුදු විසිපහකට පමණ පෙර ඇරඹි අධ්‍යයනය පරිසමාප්තියකට ගෙන ඒමට කැලණියේ දී හැකි විය. දෙමළ ජාතිවාදය යනු එංගලන්තය ප්‍රමුඛ බටහිර බලවෙිග හැකි නමි සිංහල බෞද්ධ සංස්කෘතිය නැතිකිරීමට නිර්මාණය කරන ලද අවියක් පමණක් බව තේරුමි ගැනීමට අපට හැකිවිය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ආරමිභය හා එය ක්‍රියාකරන ආකාරය පිළිබඳ අපට අවබෝධයක් ඇති අතර පශ්චාත්නූතනත්වයක් නැති බවත් එය හුදෙක් ඇමරිකානු ආධිපත්‍යය යටතේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කළමනාකරණය කිරීමක් බවත් අපි තේරුමි ගතිමු. පසුගිය සමයෙහි අප තේරුමි ගත් දෙයක් වූයේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය වැඩිකල් නොගොස් ම කඩාවැටෙන බව ය. අද ලෝකයේ සිදුවන දේශගුණික විපර්යාසයට බටහිර ක්‍රිස්තියානි නූතනත්වය වගකිව යුතු බවත් ඔවුන් විසින් ක්‍රිස්තියානි නූතනත්වය වෙනුවෙන් ඔිස්ටේ‍රිලියාවෙි නවසීලන්තයේ ඇමරිකාවෙි මිනිසුන් සමූලඝාතනය කරමින් හා වෙනත් රටවල මිනිසුන් ඝාතනය කරමින් සිදුකරන ලද පාපකර්මවල වන්දිය අද ගෙවීමට සිදු වී ඇති බවත් පාලකයන් අධාර්මික වූ විට දෙවියන් කාලයට වැසි නොවස්සන බවත් අපි දනිමු. අද අපට ඇති එකම සැනසීම මෙි අධාර්මික මිථ්‍යාදෘෂ්ටික බටහිර ක්‍රිස්තියානි නූතනත්වය විිද්‍යාව සමගින් වැඩිකල් නොගොස් කඩාවැටීම ය. අපට වහාම විකල්පයක් අවශ්‍ය ය.

අපි එකල සිංහල බෞද්ධ ක්‍රමය විකල්පය ලෙස සලකමින් ෙසෙද්ධාන්තික ව ඒ පිළිබඳ හැදෑරුවෙමු. එහෙත් දැන් මාස හයක පමණ කාලයක සිට මෙි තත්වය වෙනස්වීමට පටන්ගෙන ඇත. එය සිද්ධාන්තයෙන් ප්‍රායෝගිකත්වයට මාරු වී ඇත. විද්‍යාලංකාරයේ විද්‍යා පීඨයේ බටහිර ක්‍රිස්තියානි විිද්‍යාව උගන්වන අතර ම සිංහල බෞද්ධ විද්‍යාවක් ගැන ප්‍රායෝගිකව හැදෑරීමට අපි කුඩා කණ්ඩායමක් පිහිටුවා ගත්තෙමු. අවුරුදු විසිපහක පමණ කාලයක් මා විසින් බොහෝ විට ආචාර්යවරයකු ලෙස තනිවම එහෙත් කොළඹ හා කැලණියේ ශිෂ්‍යයන්ගේ ද ආධාරය සහිතව ෙසෙද්ධාන්තික මටිටමක කරන ලද අධ්‍යයන දැන් තවත් ආචාර්යවරුන් කිහිප දෙනකු සමගින් ශිෂ්‍යයන් ද එකතු කරගෙන ප්‍රායෝගික ව කිරීමට ඉඩක් ලැබී ඇත. මෙි කණ්ඩායමෙි අනෙක් ආචාර්යවරුන් බටහිර විද්‍යාව හා බටහිර දැනුම ගැන මා දරණ මතය සමග සමිපුර්ණයෙන් ම එකඟ වන්නේ යැයි මෙයින් නො කියැවෙයි. එහෙත් ඔවුහු සිංහල බෞද්ධ විද්‍යාවක් ගැන ප්‍රායෝගික අධ්‍යයනයක යෙදෙති. මෙහි ප්‍රතිඵලයක් ලෙස අපි පැරණි සිංහල ක්‍රමයට අනුව කුඹුරක් කරන්නෙමු. දැනටමත් එහි කන්න දෙකක් වැඩ කිරීමට අපි සමත්වීමු. විිද්‍යා පීඨ භූමියේ ම පැරණි ක්‍රම අනුව එළවළු ගොවිතැන් කිරීම ඇරඹුවෙමු. ඒ සියල්ල කෙරෙන්නේ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව ය. එපමණක් නො වෙි. එහි ඊනියා කාබනික ගොවිතැනක් ද නැත. ඇත්තේ හුදෙක් පැරණි සිංහල ගොවිතැන පමණකි.

මෙි අතර රජරට වකුගඩු රෝගය පිළිබඳ ව අධ්‍යයනයකට ද අපි යොමු වීමු. එහි ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතින අතර ඒ ගැන පසුගිය සතිවල සඳහන් කෙළෙමි. අපට ඇත්තේ පැරණි සිංහල නිල වෙදකම ය. පැරණි සිංහල බෞද්ධ ජීවන ක්‍රමය ආධ්‍යාත්මිකව ද දියුණු එකක් විය. අද ඇතැමුන් සවස් යාමයේ සමාජ ශාලාවලට යන්නාක් මෙන් එකල රජකුමරුවෝ ද භාවනාවෙහි යෙදුණහ. ගැමුණු කුමරු යුද්ධය ජය ගත්තේ ආයුධ ශක්තිය මෙන් ම ආධ්‍යාත්මික ශක්තිය ද යොදාගනිමිනි. සිංහල වෙදකම පමණක් නොව අනෙක් සිංහල දැනුම ලබාගැනීම ද ආධ්‍යාත්මික ගුණ වගාව මත පදනමි වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි දැනුම ලබා ගැනීම (සංස්කරණය කිරීම) හුදු පංචෙන්ද්‍රියෙන් පමණක් අරඹන එකක් නො වෙි. එය මනස දියුණු කිරීමෙන් සමාධියකට පත්වීමෙන් ද ලබාගත යුතු වෙයි. විද්‍යා පීඨයේ ශිෂ්‍යයන් නිවන අරමුණු කරගෙන භාවනා කරන අතර ඔවුන්ට අදාළ අතුරු ඵල ද හිමි වනු ඇතැයි සිතමි.

අද විද්‍යාලංකාරයේ ඇතැමුන්ගෙන් තර්ජන එල්ල වන්නේ මෙි භාවනා වැඩ සටහනට හා සිංහල බෞද්ධ විද්‍යාවට ය. ඔවුන්ට අනුව අප භාවනා කිරීමෙි දී යොදාගන්නා පැදුරු විශ්වවිද්‍යාලයට හරි නැත. අපේ භාවනාව මෛත්‍රී බෝසතාණන් වහන්සේ හා සමග සමිබන්ධ ය. එක් කණ්ඩායමක් ඒ පිළිබඳ ව හා වෙනත් සිංහල බෞද්ධ දැනුම පිළිබඳ ව ද උපකුලපතිතුමාට පැමිණිළි කර ඇත. විද්‍යා පීඨයේ කාමරයක් සතියේ් දිනක් හතරෙන් පසුව භාවනාව සඳහා වෙන්කිරීම හා වකුගඩු රෝගය පිළිබඳ ව ඔවුන් තමන් නොදන්නා ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් ඔස්සේ ප්‍රශ්න නගති. මෙය විශ්වවිද්‍යාලයට පමණක් බලපාන ප්‍රශ්නයක් නො වෙි. විශ්වවිද්‍යාල නඩත්තු වන්නේ මහජන මුදලිනි. මෙරට මහජනයාගෙන් අති මහත් බහුතරය සිංහල බෞද්ධයෝ වෙති. මෙි බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ දාසයන්ට අවශ්‍ය වන්නේ මූලිකව සිංහල බෞද්ධයන්ගේ මුදලෙන් නඩත්තුවන විශ්වවිද්‍යාලවල බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ දැනුම පමණක් ඉගැන්වීමට ය. ඔවුන්ට අනුව සිංහල බෞද්ධ විද්‍යාවක් ගැන හැදෑරීම විශ්වවිද්‍යාලයේ සමිපත් නාස්තියකි. ඔවුන්ට අනුව අප මෙරට මහජන මුදල් වියදමි කළ යුත්තේ යටත්විජිතවාදී ක්‍රිස්තියානි දැනුමි ආධිපත්‍යය පවත්වාගෙන යෑමට ය. විද්‍යලංකාරයේ භාවනාවට වැට බැඳීමට බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ දාසයෝ වෙර දරති. අපි මෙි දැනුමි ආධිපත්‍යය බිඳිමු. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ දාසයන් ඔවුන්ට හිමිතැන තබමු.