Main Logo

Thursday 31 December 2015

නැති අවස්ථිති සමුද්දෙශ රාමු (2015 දෙසැම්බර් 30 විදුසර ලිපිය)

නැති අවස්ථිති සමුද්දෙශ රාමු

ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාට පඹයන් ඉදිකිරීම සඳහා නැවතත් බෝධි ධනපාල නමැත්තා ඉදිරිපත් වී ඇත. ඔහුට අමරතුංග මහතාට තරමටවත් යමක් තේරුම් ගැනීමේ හැකියාව නැත. ඔහුට ලංකාවට පැමිණ මා සමග ප්‍රසිද්ධ වාදයකට එළඹෙන ලෙස කළ අභියෝගය ඔහු පළමුව පිළිගෙන පසුව මගහැර ගියේ ය. ඒ පිළිබඳ විස්තර මගේ 2015 දෙසැම්බර් 02 වැනි දා ලිපියෙහි සඳහන් වන බැවින් නැවතත් ඒ ගැන නො කියමි. ඒ මහතා මා සමග ප්‍රසිද්ධ විවාදයකට නොඑළඹෙන බැවින් ඒ මහතාගේ ගුරු ආචාර්ය චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතාට ලංකාවට පැමිණ මා සමග ප්‍රසිද්ධ වාදයකට එළඹෙන ලෙස අභියෝග කරමි. ඒ මහතාට ද නොහැකි නම් ලංකාවේ සිටින ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාවෙන් ආචාර්ය උපාධි ලත් කොළඹ විශ්වවිද්‍යාලයෙහි ද සේවය කළ මහාචාර්ය විමලසේන ඈපාසිංහ වැනි ඔහුගේ මිතුරකු වුව ද ඒ අභියෝගය ඔහු වෙනුවෙන් පිළිගන්නේ නම් මම සතුටු වෙමි.

Wednesday 30 December 2015

ව්‍යවස්ථා විරෝධී ව්‍යවස්ථාදායක සභාව (2015 දෙසැම්බර් 30 රිවිර ලිපිය)

ව්‍යවස්ථා විරෝධී ව්‍යවස්ථාදායක සභාව 

පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පත්කර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටියි. මෙය සම්පූර්ණයෙන් ම පරාජය කළ යුතු ය. අප සෑමවිටමත් කියා ඇත්තේ ඉන්දියාව හා එංගලන්තය අවුල් ආණ්ඩුව පත්කරගත්තේ දෙමළ ජාතිවාදයට අවශ්‍ය දොළපිදේනි දීමට බව ය. එ ජා පක්‍ෂය හා ශී්‍ර ල නි ප වෙන ම සිටින විට එක් පක්‍ෂයක් ආණ්ඩු බලය ගෙන දෙමළ ජාතිවාදයට යමක් දීමට ගිය කළ අනෙක් පක්‍ෂය විරුද්ධ වන බව ඉන්දියාව දැනගෙන බොහෝ කල් ය. 2005 දී පමණ සමස්ත ලංකා කාන්තා බෞද්ධ සම්මේලනයේ පැවති රැස්වීමක දී අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රකාශ කර ඇත්තේ පක්‍ෂ දෙක එකතුකර ඊනියා දෙමළ ප්‍රශ්නයට (මේ ප්‍රශ්නය කුමක් දැයි තවමත් කිසිවකු කියා නැත) විසඳුමක් දිය යුතු බව ය. ඊනියා සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය  උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පසුව ඇතිවිණි. 

Monday 28 December 2015

ආණ්ඩුවේ පරාජය (2015 දෙසැම්බර් 27 රිවිර ලිපිය)

ආණ්ඩුවේ පරාජය

2016 වසර සඳහා වූ අයවැය තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වූ බව අපට පෙනෙන්නට ඇති කරුණ ය. එහෙත් එසේ සම්මත වූයේ මුදල් ඇමති රවි කරුණානායක ඉදිරිපත් කළ අයවැය නො වේ. ඒ අයවැය යෝජනා දියවන්නාවට විසි කෙරිණි. සම්මත වූයේ ඒකාබද්ධ විපක්‍ෂයේ විරුද්ධත්වය හේතුවෙන් රනිල් වික්‍රමසිංහ විසින් සංශෝධනය කෙරී ඉදිරිපත් කෙරුණු අයවැයකි. මුල් අයවැය මුළුමනින් ම මෙන් සංශෝධනය කිරීමට සිදුවීම රනිල් මෛත්‍රිපාල අවුල් ආණ්ඩුව ලත් පරාජයකි. අවුල් ආණ්ඩුවට මුල් අයවැය අකුළා ගැනීමට සිදුවිය. ආණ්ඩුව අයවැය පරාජය වූ බව පිළිගෙන ඉල්ලා අස්විය යුතුව තිබිණි. ඒකාබද්ධ විපක්‍ෂය ද ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකර යුතුව තිබිණි. එහෙත් තවමත් මුූදල් ඇමති සංශෝධිත අයවැය නිසි පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත. ඒකාබද්ධ විපක්‍ෂය ඒ ඉදිරිපත් කරවීමට උද්ඝෝෂණය කළ යුතු ය. 

Friday 25 December 2015

ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොරුවකි (2015 දෙසැම්බර් 23 විදුසර ලිපිය)


ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොරුවකි

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත මහාචාර්ය අශෝක අමරතුංග මහතා පසුගිය දෙසැම්බර් 16 වැනි දා ලිපියෙහි තමා කියවා ඇති පොත්පත්වලින් කරුණු උපුටා දක්වයි. ඒ මහතා එසේ කරන්නේ ජීවිතයේ අරුතක් හෝ අරමුණක් හෝ ගැන කීමට ද? මොන්ටිකාලෝ ක්‍රමය ගැන කීමෙන් ජීවිතයේ ඊනියා අරුත ගැන ලබාගත හැකි සාක්‍ෂි කවරේ ද? එය ප්‍රොටින නැමුම පිළිබඳ කතාකිරීමට ද? තම මතය තහවුරු කිරීමට නොහැකි අමරතුංග මහතා පොත්වලින් පරිවර්තනය කරන අදාළ නොවන කරුණු  කියමින් පත්තරයේ පිටු නාස්ති කරයි. ඒ මහතා ජීවිතයේ ඊනියා අරුත ගැන කියන්නේ එකි ලිපියෙහි ද කලින් ලිපි කිහිපයක ද සඳහන් පරිදි පහත දැක්වෙන දෙයයි. මෙය දෙසැම්බර් 16 වැනි දා ලිපියෙන් උපුටා ගත්තකි. 

Monday 21 December 2015

අයවැය හා වරාය නගරය (2015 දෙසැම්බර් 20 රිවිර ලිපියෙහි මුල් පිටපත)

අයවැය හා වරාය නගරය

මේ ආණ්ඩුව විසිඑක්වැනි සියවසට ඔරොත්තු නොදෙන එකකි. එහි එ ජා ප නායකයෝ තවමත් රාජකීය විද්‍යාලය ආරම්භ කළ 1835 ජීවත් වෙති. මෛත්‍රිපාල සිරිසේන මහතා ජීවත්වන්නේ එයටත් වසර විස්සකට පමණ පෙර සුද්දන්ට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පාවාදුන් වකවානුවෙහි ය. ඔහුට ඇත්තේ මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ ආදීන්ගෙන් පළිගැනීමේ චේතනාව පමණකි. ඔහුට අගමැති කම නොලැබුණු බැවින් ඔහු සියළු පාවාදීම් කරයි. ඔහු කිසි විටෙකත් බලය අත්නොහරිනු ඇත. ඔහු විධායක ජනාධිපති ධුරය අහෝසි කරනු ඇත්තේ අදාළ බලතල අගමැතිට පවරා ලබන මැතිවරණයේ දී අගමැති වීමේ බලාපොරොත්තු වෙනි. ඔහු නමින් පමණක් ශ්‍රී ල නි ප වෙයි. ඔහුට ඇති දේශපාලන පක්‍ෂයක් හෝ දර්ශනයක් හෝ නැත.

Thursday 17 December 2015

ප්‍රෝටීන හා ෆෝටෝන (2015 දෙසැම්බර් 16 විදුසර ලිපිය)

ප්‍රෝටීන හා ෆෝටෝන

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තමා වෙනත් අයකුගෙන් ගත් මත, අදහස් ආදිය විස්තරාත්මක පිටු අංක සහිත ව කීමට මැළිවෙයි. ඔහු පිටු අංක තබා මූලාශ්‍රයවත් පැහැදිලිව නො කියයි. ඔහු දැනට ඉදිරිපත් කරන ඊනියා ජීවිතයේ අරුත ගැන අදහස් මා කලින් ද සඳහන් කර ඇති පරිිදි බටහිර ලෝකයෙහි සාකච්ඡා කෙරී ඇත. විකිපීඩියා කියවීමෙන් වුවත් යමකුට ඒ බව දැනගත හැකි ය. එවැනි අදහසක් ගත් තැන නොව ඉතා සුළු කරුණක් ගත් තැන පවා පාඨකයාගෙන් හැකිතාක් වසං කිරීමට අමරතුංග මහතා උත්සාහ දරයි. 

Monday 14 December 2015

නුතනත්වය බටහිර විද්‍යාව හා සිංහල වෙදකම (2015 දෙසැම්බර් 13 රිවිර ලිපිය)


නුතනත්වය බටහිර විද්‍යාව හා සිංහල වෙදකම

මේ මාතෘකාව අනුව දීර්ඝ ලිපියක් ලිවිය යුතු නමුත් නැවතත් මගේ අසනීප තත්ත්වය අයහපත් වීම හේතුවෙන් එසේ කිරීමට නොහැකි ය. නුතනත්වය යන්නට විවිධ තේරුම් ඇත. ඒ මුලින් ම භාවිතයට පැමිණිaයේ කලාවෙහි හා සමාජ විද්‍යාවන්හි ය. එයින් මූලික වශයෙන් පහළොස්වැනි සියවසේ මැදභාගයෙන් පසු යුරෝපයේ ඉතිහාසය හැඳින්වෙයි. අද වන විට  ආලෝකනය, බුද්ධිවාදය ආදිය ද බටහිර විද්‍යාව ද ධනපති ක්‍රමය ද නූතනත්වය යටතට ගැනෙයි.  පහළොස්වැනි සියවසෙහි මැද භාගයෙනි ඉතාලියෙහි චින්තන විප්ලවයක් සිදු විය. එහෙත් එහි ප්‍රතිඵලය ලෙස නූතනත්වයක් ගැන කතාකිරීම කලින් තිබූ සමාජ අවතක්සේරු කිරීමකි. ඊනියා නූතනත්වයට පෙර ආසියාවේ අප්‍රිකාවේ,ඇමෙරිකාවේ පමණක් නොව යුරෝපයේ ද තිබුණේ පසුගාමී සමාජ ද? චින්තන විප්ලවයකට ඊනියා නූතනත්වය යැයි කීම ම අනෙක් සමාජ හෙළා දැමීමකි. යුරෝපියයෝ වචන පාවිච්චියෙන් ද ඔවුන්ගේ ඊනියා උසස් බව අපට කියා පාති. යුරෝපියයෝ හා අනෙක් බටහිරයෝ නූතනත්වයට හසුවෙති. ඔවුහු දියුණු වැසියෝ වෙති. අපි නොදියුණු පසුගාමී රටවල්වල  වාසය කරමු. අපේ පඬීයෝ නුතනත්වයේ තෝල්කයෝ ය. ඔවුන්ට අනුව අපි ලිං මැඩියෝ වෙමු.

Friday 11 December 2015

නැති මම හා ඇති ලෝකය (2015 දෙසැම්බර් 09 විදුසර ලිපිය )

නැති මම හා ඇති ලෝකය

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහචාර්ය අශෝක අමරතුංග මහතාගේ ලිපිවල ඇති පරස්පර හා අවුල් කතා ගැන ලිවීම මගේ ලිපිවල තේමාවට බාධාවක් නමුත් යම් ප්‍රමාණයකට වුවත් ඒ ගෙනහැර දැක්විය යුතු ය. එහි දී ඒ මහතාගේ ලිපිවලින් කොටස් උපුටා දැක්වීම අත්‍යවශ්‍ය වන්නේ අමරතුංග මහතාට කෙසේ වෙතත් පාඨකයාට ඒ කොටස් තමන්ට ම කියවා එහි ඇති දෝෂ දැනගැනීමට අවස්ථාව සැලසීමට ය. 2015 අගෝස්තු 15 ලිපියෙහි ඒ මහතා මෙසේ සඳහන් කරයි. “සැම දේ ම අනිත්යා බව බුදුන් දැන ගත්තේ අත්දැකීමෙනි. නැත හොත් ආනුභාවිත මාර්ගයෙනි. ආත්මය පිළිබඳ විශ්වාසයෙන් යුතු ව කතා කළ උපනිෂද් තුළින් ඉදිරිපත් වූයේ ආත්මය යථාර්ථය ය යන අදහස ය. ලොවෙහි ඇත්තේ ආත්මය පමණක්‌ නම් ලොවෙහි යථාර්ථය ආත්මය වන්නේ ය. බුදුන් පැවසුවේ ලොවෙහි සැම දෙයක්‌ ම අනිත්යණ නිසා එහි කිසිවක ආත්මයක්‌ තිබිය නොහැකි බව ය. ලොවේ සැම දෙයක්‌ ම අනිත්ය  බව ද අනාත්ම බව ද පැවසීම එහි යථාර්ථයක්‌ නැතැයි පැවසීම ද?” 

Monday 7 December 2015

ආණ්ඩුවේ විජාතික චින්තනය හා සිංහලයෝ (2015 දෙසැම්බර් 06 රිවිර ලිපියෙහි මුල් පිටපත)

ආණ්ඩුවේ විජාතික චින්තනය හා සිංහලයෝ

පසුගිය නොවැම්බර් 29 වැනි ඉරිදා පළවූ ඉංගිරිසි පුවත්පතකට අනුව කුප්‍රසිද්ධ ඩේවිඩ් කැමරන් එංගලන්ත අගමැතිවරයා මෛත්‍රිපාල සිරිසේන මහතාට පවුම් හැටහය ලක්‍ෂයක් දීමට පොරොන්දු වී ඇත. එය අවුරුදු තුනක කාලයක දී ලබාදෙනු ඇත. එහි අරමුණු දෙකක් සඳහන් වෙයි. පළමුවෙන් යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල උන්හිටි තැන් අහිමි වූ ජනයා නැවත පදිංචි කරවීම ය. එහි දී යාපනයෙන් එළවා දැමුනු සිංහලයන් ද නැවත පදිංචි කෙරෙන්නේ ද යන ප්‍රශ්නය ඇසීම මෝඩ කමක් වනුයේ ආණ්ඩුව එකහෙළාම එසේ කරන බව කියන බැවිනි. දෙවැනි අරමුණ ලංකාවේ යුද්ධ හමුදා ප්‍රතිසංස්කරණය කිරීමට ආධාර පිණිස එංගලන්ත (ඊනියා බිරිතානි) හමුදා පුහුණුව ලබාදීම ය. මේ මුදල් දීම සමග අනේවාසික ආරක්‍ෂක නිලධාරියකු ද පත්කෙරෙනු ඇත.

Thursday 3 December 2015

අමරතුංග මහතා වෙනුවෙන් පඹයන් ඉදිකිරීම (2015 දෙසැම්බර් 02 විදුසර ලිපිය)

අමරතුංග මහතා වෙනුවෙන් පඹයන් ඉදිකිරීම

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා ක්වොන්ටම් යාන්ත්‍රිකය ගැන ජනප්‍රිය පොතපතට එහා යන පොතක් කියවා නොමැති බව පැහැදිලි ය. ඒ බව උදාහරණ කිහිපයක් පමණක් රැගෙන මම පසුගිය සතියේ ද එයට පෙර සතියේ ද විදූසරෙන් පෙන්වා දුන්නෙමි. දැන් ඒ මහතා නිවැරදි යැයි කීමට කණිටු පාසල් සිසුවකු තරමටවත් වාද කිරීමට තබා යමක් තේරුම් ගැනීමටවත් හැකියාවක් නැති කැනඩාවේ කාර්මික පසලක බටහිර විද්‍යාව උගන්වන බෝධි ධනපාල මහතා මාස කිහිපයකට පසුව නැවතත් කරළියට පැමිණ ඇත.