Main Logo

Monday 31 October 2016

ඒකාබද්ධ විපක්‍ෂෙ මොනව ද කරන්නෙ

ඒකාබද්ධ විපක්‍ෂෙ මොනව ද කරන්නෙ

ඩිව් ගුණ සේකර සිරසට පැහැදිලිව කියලා තියෙනවා තමා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වූ කෝප් කමිටු වාර්තාව ගැන. ඒත් හැම දෙයක් ම කියන්න නැතිව ඇති. ඔහු කියන විධියට රනිල් තමාට බැඳුම්කර පිළිබඳ උපදෙස් දී ඇති බව කෝප් කමිටුවේ දී අර්ජුන් මහේන්ද්‍රන් කියලා  තියෙනවා. මාධ්‍ය වාර්තා අනුව අර්ජුන් මෙවර කෝප් කමිටුවටත් ඒ බව, එනම් රනිල් උපදෙස් දුන් බව පිළිගෙන තියෙනවා. ඩිව් ගුණසේකරගේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න හිටි දවසෙම පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. මෛත්‍රිපාල පසුව පිළිගත්තා බැඳුම්කර සිද්ධිය උඩ රනිල්ට (අගමැතිට) විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවනම් ජයගන්න තිබුණ බව (ඊයේ ලිපිය බලන්න). 

2015 ජූනියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියෙ ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් නිසා බව පැහැදිලියි. එයට වෙනත් හේතුත් තියෙන්න ඇති. ඒ කාලෙ රනිල් අගමැති කම පික්පොකට් ගහලා තිබුණත් පාර්ලිමේන්තුවෙ වැඩි බලය තිබුණෙ සංධානයට. මෛත්‍රිපාල රනිල් අගමැති කෙළෙ දි මු අගමැති ලෙස ඉන්න විටයි. දි මු ඉවත් කළ බවට ගැසට් නිවේදන පළ කෙළෙ රනිල් අගමැති ලෙස පත්කිරීමෙන් පසුවයි. ඒ බොරු නීත්‍යානුකුල බවක් ලබා දෙන්න. මෛත්‍රිපාල වැඩ කරන්නෙ රනිල්ට ඕන විධියට.  පාර්ලිමේන්තුව විසුරුවා හැරියෙ පළමුවෙන් ම ඩිව් ගුණසේකර අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වළක්වන්න. එය ඉදිරිපත් කෙරුව නම් එය ප්‍රසිද්ධ වෙනවා. මා අධිකරණයට ගියේ එය ප්‍රසිද්ධ කරවා ගැනීමට.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මුල් වූ දෙවැනි ප්‍රධාන කරුණ රනිල් වික්‍රමසිංහ විශ්වාස භංග යෝජනාවෙන් බේරාගන්න. මෛත්‍රිපාල එදා වගේ ම අදත් රනිල් බේරාගන්න උත්සාහ කරනවා ද? දැනගන්න කැමතියි. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. රනිල්ට මොකක් ද කරන්නෙ? අර්ජුන් මහේන්ද්‍රන් කෝප් කමිටු දෙකකට ම කියලා තියෙනවා නම් එයාට උපදෙස් දුන්නෙ රනිල් කියලා එහෙනම් මොන තර්කයක්වත් ඉදිරිපත් කරන්න බැහැ රනිල් නිවැරදි කාරයකු කරන්න. ඒත් සුනිල් හඳුන්නෙත්ති රනිල් ව බේරලා. දැන් අනුර දිසානායක සුපුරුදු පරිදි කියනවා රනිල් අර්ජූන්ට උපදෙස් දුන්න කියලා. ජ වි පෙ හැමදාමත් මිනිසුන් රවටනවා. ඔය ජ වි පෙ හිතවතුන් බලං ඉන්න ඊනියා වඩා සාධරණ සමාජය ජ වි පෙරමුණට ඇතිකරන්න බැහැ. ලෙනින්ට බැරි වෙච්ච දේ අනුර  දිසානායක ද කරන්නෙ. මාක්ස්වාදය කිසි දිනෙක වලංගු නොවූ කසිකබල් දැනුම් පද්ධතියක්.

අජිත් පෙරේරාලා හර්ෂ ද සිල්වාලා රනිල් ගැන කිසිවක් කියන්නෙ නැහැ. අජිත් පෙරේරා සුනිල් හඳුන්නෙත්ති එක්ක බොරු රණාඩුවක් කරනවා. ඉංගිරිසි කතාවක් ඒ විධියට ම සිංහලට පරිවර්තනය කළොත් ඒක සෙවනැළි බොක්සිං ගහගැනීමක්. රජිව් විජේසිංහ කියන විධියට අජිත්ලා මන්ත්‍රීවරුන් වෙන්නත් බැඳුම්කර මුදල් බලපාල තියෙනවා. රජිව්ට අනුව එ ජා ප මැතිවරණ අරමුදල තරවෙලා තියෙන්නෙ බැඳුම්කර සල්ලිවලින්. එ ජා ප මන්ත්‍රීන්ට සදාචාරය කියන එකක් අබමල් රේණුවක් තරම්වත් ගෑවිලාවත් තියෙනවා නම් ඔවුන් සියළු දෙනා ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවලින් අස්වෙන්න ඕන. ඒක කරන්න ඉස්සෙල්ල අගමැති ඉල්ලා අස්වෙන්න ඕන.

මේ පාර්ලිමේන්තුව පත්වුනෙ දහනවවැනි සංශෝධනයෙන් පස්සෙ. ඒ සංශෝධනයෙන් වුනෙ අගමැතිගෙ බලතල වැඩිවෙච්ච එක. අද අගමැතිව අස්කරන්න ජනාධිපතිට බලයක් නැහැ. ජනාධිපතිට අවුරුදු හතරහමාරක් යනකන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නත් බැහැ. ජනාධිපතිට ඇමතිවරයකුවත් අස්කරන්න බැහැ අගමැති කියන්නෙ නැතිව. අගමැතිගෙ බලය වැඩි වෙලා. රනිල් කියන්නෙ පාර්ලිමේන්තුව ශක්තිමත් වෙලා කියලා. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ඕකයි. රනිල්ගෙ බලතල වැඩි කරන්න සංධානෙ අයත් දහනවවැනි සංශෝධනයට ඡන්දය දුන්නා. ඒකට විරුද්ධ වුනෙ සරත් වීරසේකර පමණයි. ජානක බණ්ඩාර ඡන්දය දීමෙන් වැළකිලා හිටියා. අනෙක් ඔක්කොම පක්‍ෂව ඡන්දෙ දුන්න. ඒ දවස්වල මහින්ද පාර්ලිමේන්තුවෙ නැහැ.

ඒකාබද්ධ විපක්‍ෂෙ රනිල් ගැන මොකුත් කියන්නෙ නැත්තෙ මොක ද? අර්ජුන් මහේන්ද්‍රන්ට හා රජිව් විජේසිංහට අනුව රනිල් වැරදිකාරයෙක් නොවෙයි ප්‍රධාන ම වැරදි කාරයා. අර්ජුන්ට හා බෑණාට දඬුවම් කළොත් රනිල්ටත් දඬුවම් කරන්න ඕන. ඒ නිසා අර්ජුන්ලටත් දඬුවම් කරන එකක් නැහැ. අද වන විට රනිල්ට විරුද්ධව විශාල බලවේගයක් ගොඩ නගන්න ඕන. රනිල් අස්කරන්න බැරි නම් පාර්ලිමේන්තුවත් විසුරුවා හරින්න බැරි නම් රනිල්ට විරුද්ධව පාර්ලිමේන්තුවෙ විශ්වාස භංග යෝජනාව එදා බැරිවුනත් අදවත් ගේන ඕන. දැන් ඒකාබද්ධ විපක්‍ෂෙට බහුතරයක් නැති නිසා විශාවාස භංග යෝජනාව පරදිවි. ඒක ප්‍රශ්නයක් නොවෙයි. අවශ්‍ය මහජන මතයක් ඇතිකරන එක. අවසානයේ දී සිංහල විරෝධී රනිල් එළවන එක. අද උතුර නැවතත් දෙමළ ජාතිවාදීන්ගෙ කෙළි බිමක් වෙලා තියෙන්නෙ රනිල් බටහිරයන් හා ඉන්දියානුවන් කදයන විධියට වැඩ කරන නිසා.

මට රනිල් ගැන පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. මට තියෙන්නෙ දේශපාලන ප්‍රශ්නයක්. ඔහුගෙ දේශපාලනය පරාජය කළෙ නැත්නම් රට ම ඉවරයි. රනිල්ට විරුද්ධව වැඩ කරන්න සෑම අවස්ථාවක් ම ප්‍රයෝජනයට ගන්න ඕන. ජ වි පෙ මොන කතා කිව්වත් අවසානයෙ දී රනිල් රකිනවා. ඒකාබද්ධ විපක්‍ෂෙ කරන්නෙත් ඒක ද? ඩිව් ගුණසේකර අතුරු වාර්තාවෙ අඩංගු දේ මහජනතාවට දැනගන්න සලස්වනව ද? ඒකාබද්ධ විපක්‍ෂෙ කිහිප දෙනකු හරි ඒ ගැන දන්නවා. මට ඒ ගැන වැඩි දුර කතාකරන්න බැරි නඩුව හින්ද. ඒකාබද්ධ විපක්‍ෂෙ වැට් ගැන දක්වන උනන්දුව රනිල් හා බැඳුම්කර ගැන දක්වන්නෙ නැත්තෙ ඇයි? රනිල් හා ඒකාබද්ධ විපක්‍ෂය අතර ගණුදෙනුවක් තියෙනව නම් ඒක භයානකයි. 


මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/


නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 31 



Sunday 30 October 2016

ජ වි පෙ රනිල් රකියි

ජ වි පෙ රනිල් රකියි


මට කළ හැකි දේ සීමිතයි. ජනමාධ්‍යයෙන් මට තැනක් ලැබෙන්නේ නැහැ. ඔවුන් වෙනත් අයගේ තීරු ලිපි සතිපතා පළ කරන නමුත් මගේ ලිපි පළ කරන්නේ ඔවුන්ගේ අභිමතය පරිදියි. මේ ආණ්ඩුව බලයට පත් කරනු ලැබුයේ ජ වි පෙ විසින් නොවුනත් ඒ සඳහා ඔවුන් දරදිය ඇද්දා. සුනිල් හඳුන්නෙත්ති කෝප් කමිටුවේ සභාපති ලෙස පත්කෙරුණේ රනිල් ඔහු ගැන විශ්වාසයක් තැබූ බැවින්. ඊයේ පෙරේදාත් රනිල් පාර්ලිමේන්තුවේ දී කෝප් සභාපති ගැන තම විශ්වාසය පළ කළා. සුනිල් හඳුන්නෙත්ති ඉදිරිපත් කළ වාර්තාවෙන් රනිල් රැකගෙන තිබෙනවා.

Saturday 29 October 2016

කෝප් වාර්තාවෙන් රනිල් නිදහස්

කෝප් වාර්තාවෙන් රනිල් නිදහස්


කවුරුත් පාහේ බලා සිටි කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා. එහි විස්තර දැනගැනීමට නැහැ. අර්ජූන් මහේන්ද්‍රන්් හා අදාළ මහා බැංකු නිලධාරීන් ද ඇලෝෂියස් බෑණාගේ සමාගම ද වරදකරුවන් කෙරිලා. ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට නිර්දේශ කරලා. එ ජා ප මන්ත්‍රීවරුන් නිර්දේශවලට එකඟ වන අතර පාද සටහන් එකතු කරලා. ඒ පාද සටහන් යනු පාද ඇදීම් හෙවත් කකුලෙන් ඇදීම් පමණයි. එයින් නිර්දේශවල සැර බාල වී ඇතැයි සිතන්න පුළුවන්.

වාර්තාව දකින්නෙ නැතිව නිශ්චිත ව යමක් කියන්න අමාරුයි. ඇතැමුන් කියන විධියට පාද සටහන් හෙවත් කකුලෙන් ඇදීම් කෙරී ඇත්තේ විගණකාධිපති වාර්තාවට එරෙහිව. ඒවා තාක්‍ෂණික යැයි එ ජා ප මන්ත්‍රීවරු කියනවා. විගණකාධිපති හෑල්ලු කෙරී ඇති බව කියන කතාවලින් තේරෙනවා. එතුමා බුදුහාමුදුරුවන් නොවන බව එ ජා ප මන්ත්‍රීවරයකුට මතක් වෙලා. ඉතා පැහැදිලිව යම් ගණුදෙනුවක් වාර්තාව සම්බන්ධයෙන් ද සිදුවෙලා තියෙනවා. බැංකු හොර ගණුදෙනුව තවත් ගණුදෙනුවකට මග පාදලා. අප අමතක නොකළ යුතු කරුණ නම් මේ ලංකාවේ සිදු වූ විශාලතම බැංකු මංකොල්ලය බව. ඒ කොල්ලය රටේ ජාතික දළ නිෂ්පාදිතයෙන් 25%ක් වෙනවලු

අර්ජූන් මහේන්ද්‍රන් සිංගප්පූරු රටවැසියෙක්. ඔහු සිංගප්පූරුවට ගිහිල්ලා. ඔහු ආවත් නැතත් ඔහුට විරුද්ධව චෝදනා ඉදිරිපත් කෙරෙන්නේ කාට ද? කවුරුන් විසින් ද? වාර්තාව පාර්ලිමේන්තුව විසින් කොයි ආකාරයකට පිළිගැනේවි ද? ඇලෝෂියස් බෑණා අදාළ සමාගමේ අධ්‍යක්‍ෂ කෙනෙක් නො වෙයිලු. විගණකාධිපතිට විරුද්ධව නඩු දැමීමට බැරි ද? අර පාද සටහන් හෙවත් කකුලෙන් ඇදීම් මත පදනම් වෙලා පාර්ලිමේන්තුව කෙසේ ක්‍රියා කරයි ද?

කෝප් වාර්තාව පාද සටහන් ඇතිව හෝ නැතිව හෝ ඇස්බැන්දුමක.් ඒ වාර්තාව ගැන ජනාධිපති කොමිසමක් ඉල්ලන එක ජනමාධ්‍යයට හොඳයි. තව තවත් පුවත් නිර්මාණය කරන්න එයින් ඉඩක් ලැබෙනවා. තව තවත් ටෙලිනාට්‍ය පුවත් වේශයෙන් අපට නරඹන්න පුළුවන්.  කොහොමත් වාර්තාවට අනුව මූලික වැරුද්ද කර ඇත්තේ රනිල්. ඔහු තමයි අර්ජුන් මහේන්ද්‍රන් පත් කෙළේ. කෝප් කමිටුව කියනවා නම් මහේන්ද්‍රන් වරදකරුවකු කියා ඔහු පත්කර දිගින් දිගට ම ඔහු ආරක්‍ෂා කිරීමට කටයුුතු කළ රනිල් ඉල්ලා අස්විය යුතුයි. මෙවැනි මංකොල්ලයක් කළා යැයි කියන අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීමෙන් රනිල්ගේ විනිශ්චය වැරදි බව පෙනී යනවා. විනිශ්චය සම්බන්ධයෙන් එවැනි වරදක් කළ රනිල් ලංකාවේ අගමැති කමට කිසිසේත් ම සුදුසු නැහැ. අර්ජුන් හා බෑණා ගැන පරික්‍ෂණ කළ යුත්තේ රනිල් අගමැති ව සිටිය දී නොවෙයි. රනිල් අගමැති ලෙස අර්ජුන් මහේන්ද්‍රන්  ආරක්‍ෂා කර තිබෙනවා. ජනාධිපති රනිල්ට අස්වීමට බල කළ යුතුයි. නීතියෙන් ඉඩක් වේ නම් ඔහු අස්කළ යුතුයි.

අර්ජුන් මහේන්ද්‍රන් කෝප් කමිටුව හමුවට පැමිණ තමා එසේ කෙළේ අගමැතිගේ කීමට යැයි කී බව වාර්තා වුනා. ඒ ඇත්ත නම් ඉන් කියැවෙන්නේ රනිල් ප්‍රධාන වැරදිකරුවා බවයි. කෝප් වාර්තාවෙන් රනිල් ගැන කියැවෙන බවක් ආරංචි නැහැ. එසේ වන්නේ කෙසේ ද? මෙය යම් ගණුදෙනුවක ප්‍රතිඵලයක් ද? එ ජා ප මන්ත්‍රීවරුන් පාද සටහන් සහිතව නමුත් වාර්තාවට අත්සන් කෙළේ රනිල් නිදහස් කෙරුණු නිසා ද? පරමාධිපත්‍යය ඇත්තේ මහජනයාට නම් ඔවුන්ගේ නියෝජිතයන්ට ඔවුන්ගෙන් (ජනතාවගෙන්) කරුණු වසන් කිරීමට ඇති අයිතිය කුමක් ද?  ඒකාබද්ධ විපක්‍ෂය කෝප් කමිටුවේ නියෝජනය කරන මන්ත්‍රීවරයාට, මන්ත්‍රීවරුන්ට මේ සියල්ල මහාජනයාට හෙළි කිරීමට හැකි විය යුතුයි. මෙය සෑඟවීම ඊනියා සදාචාරය නම් අපට සදාචාරයෙන් වැඩක් නැහැ. මෙයට කලින් මේ සම්බන්ධ වාර්තාවක් ඩිව් ගුණසේකර කෝප් කමිටුවෙ සභාපති කාලෙ ඉදිරිපත් වුනා. ඒ වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා 2015 ජූලි මාසයේ පමණ මා ශ්‍රෙෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. බොහෝ දෙනා ඒ ගැන දන්නෙ නැහැ. සුපුරුදු පරිදි ජනමාධ්‍ය එයට ප්‍රචාරයක් ලබා දුන්නේ නැහැ. ඒ පිළිබඳ නඩු තීන්දුව තවමත් නැහෑ!

මේ ආණ්ඩුව බලයට පත්කෙරුණේ හොරුන්ට විරුද්ධව කටයුතු කිරීමට කියා කියනවා. මහා බැංකු කොල්ලයට වඩා දරුණු කොල්ලයක් මෙරට සිදු වී නැහැ. රනිල් ගැන විශේෂ පරීක්‍ෂණයක් අවශ්‍ය වෙනවා. ටික කලකට ඉහත ඔහුගේ නැන්දාගේ පුතා වන රජිව් විජේසිිංහ කියා සිටියේ ඇලෝෂියස් බෑණා කොල්ල මුදල්වලින් විශාල ප්‍රමාණයක් එ ජා ප මැතිවරණ අරමුදලට බැර කර බවයි. ඒ ප්‍රකාශය වෙනත් ප්‍රකාශ වගේ ම යට ගියා. ජනමාධ්‍ය එයට නිසි ප්‍රචාරයක් ලබා දුන්නේ නැහැ. අද සියල්ලන්ට ම පාහේ ඒ සිද්ධිය, එනම් රජිව් එසේ ප්‍රකාශ කළ බව අමතක වෙලා.

රාජපක්‍ෂලාට විරුද්ධව ඇති එක් චෝදනාවක් නම් මහජන මුදල් මැතිවරණ ව්‍යාපාරයට යොදා ගැනීම. රජිව් කලක් කෝප් කමිටුවේ සාමාජිකයකු වෙලා හිටියා. කෝප් කමිටුවට ඔහු කැඳවන්න බැහැ. එහෙත් ඔහුගේ ප්‍රකාශය ඉතා වැදගත්. රනිල් බැංකු කොල්ලයේ මුදල් එ ජා ප මැතිවරණ ව්‍යාපාරයට යෙදා ගත්තේ ද? බැංකු කොල්ලය කෙළේ ම 2015 අගොස්තු මැතිවරණය සඳහා එ ජා පක්‍ෂයට අරමුදල් සපයා ගැනීමට ද? අපට මේ ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතුයි.


මේ ආණ්ඩුව පත් කෙළේ බටහිරයන් හා ඉන්දියාව වුවත් ජ වි පෙ, දෙමළ ජාතික සංධානය, මුස්ලිම් කොංග්‍රසය, ජාතික හෙළ උරුමය ආදී පක්‍ෂ බටහිරයන් හෝ ඉන්දියාව හෝ වෙනුවෙන් කටයුතු කළා. මහින්ද හොරා හොරා කියා වැඩියෙන් ම කෑ ගැසුවේ ඒ පක්‍ෂ. කෝප් කමිටු වාරාතාවක් ඉදිරිපත් කළ පමණින් ඔවුන්ගේ පවු සමා වන්නේ නැහැ. බැංකු කොල්ලයට සෘජුව නැතත් ඔවුන් වක්‍රව හවුල්. මෙි සියල්ල  කුඩා ළමුන්ගේ හොරා පොලිස් සෙල්ලමක් පමණක් ද?



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878



නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 29   

Friday 28 October 2016

ජී එස් පී +

ජී එස් පී +


ජී එස් පී + කියන්නෙ යුරෝපා සංගමයෙන් යම් රටවලට සපයන වැඩිපුර තීරුබදු සහන ආදිය. ජී එස් පී වගේ නොවෙයි ජී එස් පී+ දෙන්න  රටක් ඊනියා ජාත්‍යන්තර ප්‍රඥප්ති 27ක් අනුගමනය කරන්න ඕන. මේ ප්‍රඥප්ති අතර ඊනියා මානව අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම්, පරිසරය, යහපාලනය ආදියට සම්බන්ධ කොන්දේසි තිබෙනවා. අගමැති පසුගිය දා බෙල්ජියමට ගියේ මේ වැඩිපුර සහන නැවතත් ලබාගන්න. ඒ සහන රාජපක්‍ෂ ආණ්ඩුව කාලෙ නවත්තලා තිබුණා.

Thursday 27 October 2016

මුසාලිමුන් සිංහල නොවීම

මුසාලිමුන් සිංහල නොවීම

මුස්ලිම් ජනයාගේවත් දෙමළ ජනයාගේවත් නිජභූමියක් ලංකාවේ නැහැ. ඒකෙන් කියන්නෙ මෙරට  මුස්ලිම් ජනයා හා දෙමළ ජනයා ලංකාවේ රටවැසියන් නොවන බව නො වෙයි. රටක රටවැසිබව කියන එක දැන් කාලෙ නෛතික කාරණයක්. රටවැසියන් වන දෙමවුපියන්ගෙ දරුවන් රටේ රටවැසියන් වෙනවා. තවත් සමහරු ලියාපදිංචියෙන් රටවැසිකම ලබනවා. මේ කවුරුත් වෙනසක් නැතිව රටේ රටවැසියන් වෙනවා. ඔවුන්ට පෞද්ගලිකව සමානව සැලකෙනවා. ඔවුන් නීතිය ඉදිරියේ සමානය කියන බොරුව මා කියන්නෙ නැහැ. මුදල් හදල් ඇති අයට බලයට ඇති අයට දක්‍ෂ නීතිඥයන් ලබාගැනීම ආදියෙන් යම් වාසියක් ලබාගන්න පුළුවන්. ඒත් රටවැසියන් ලෙස සාමාන්‍යයෙන් සමානකමක් තියෙනවා.

Wednesday 26 October 2016

බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියන්නේ ඇයි ?

බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියන්නේ ඇයි ?

පහත සඳහන් සබැඳියෙන් කියවන්න



https://youtu.be/ZjUkisf1GAM


අසමජ්ජාති ආණ්ඩුව


අසමජ්ජාති ආණ්ඩුව

පහුගිය ආණ්ඩුව අසමත් ආණ්ඩුවක් කියලා මෙරට පඬියන් කිවුව. සිංහල විරෝධී ජඩමාධ්‍යකරුවන් එහි දී ප්‍රධානත්වය ගත්ත. සිවල් සමාජය, ඊනියා මානව හිතවාදීන් ජඩමාධ්‍යකරුවන්ට හවුල් වුනා. ඒ ආණ්ඩුව අසමත් වුනෙ බටහිරයන්ගෙ ඇහින්. ඒ කියන්නෙ බටහිරයන්ට සාපේක්‍ෂව. අසමත් රාජ්‍ය කියන සංකල්පය හැදුවෙ අර ජඩමාධ්‍යකරුවන් සිවල්  සාමාජිකයන් නොවෙයි බටහිරයන්. බටහිරයන් හදන සංකල්ප ප්‍රචාරය කරන එක හැරෙන්න වෙන දෙයක් අර නොයෙකුත් වර්ගවල පඬියන්ට කරන්න බැහැ. විශ්වවිද්‍යාලවල ඉන්න බොහෝ ආචාර්ය මහාචාර්යවරුන්ටත් එහෙමමයි. එක එකා පිටකසා ගනිමින් ඔවුන් වැජඹෙනවා. බොරු පඬි කතා කියනවා. ජාතික මතවාදයක් එක්ක ඉන තරුණයන්ට කථිකාචාර්යකම් නොදීමට ඔවුන් වග බලාගන්නවා. මහා නවකතාකරුවන් ඊනියා පශ්චාත්නූතනවාදීන් හැටියට පෙනී හිටියට ඔය කියන පශ්චාත්නූතනවාදී නවකතාවක් කවුරුන් අතින්වත් ලියැවිලා නැහැ. නවකතාව ගැන කුන්දේරා කියන දේ මේ පඬියන්ට තේරෙන්නෙ නැහැ. ඔවුන් දන්නෙ ඔබාමා වෙනුවෙන් ප්‍රදර්ශන පවත්වන්න. ඔවුන් ලියන්නෙ ඊනියා සිනමා අධ්‍යක්‍ෂවරුන් චිත්‍රපටි හදන්නෙ සිංහල බෞද්ධ විරෝධී හිතළු මත. ඒවා අඩු තරමින් බොරු සමාජවිද්‍යාවක්වත් නොවෙයි.  පහුගිය ආණ්ඩුව පැරදුනෙ ඒක අසමත් හින්ද නොවෙයි. බටහිරයන් ඒක පැරුද්දෙවුවෙ ඔවුන් කියන විධියට ආණ්ඩුව වැඩ කෙළෙ නැති නිසා. සංකල්ප හදන්නෙත් නිර්ණායක හදන්නෙත් ඒ අනුව තීරණ ගන්නෙත් බටහිරයන්.

Tuesday 25 October 2016

කාලෝගේ ප්‍රශ්නය


කාලෝගේ ප්‍රශ්නය


කලකට පෙර කාලෝ ෆොන්සේකා ඇතුළු මෙරට ප්‍රාඥයන් ලෙස එකිනෙකා විසින් හඳුන්වාගනු ලබන්නන් මගෙන් බොළඳ ප්‍රශ්නයක් ඇහුවා. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොරුවක් නම් මා ගුවන් යානයක යන්නේ කෙසේ දැයි ඔවුන් විමසා සිටියා. ගුවන් යානා ගමන් කරන්නේ නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණයක් නිසා නොවෙයි. ඒ රඳාපවතින්නේ යාන්ත්‍රික ඉංජිනේරු ශිල්පය, තරල ගතිකය, වැනි ක්‍ෂෙත්‍රවල දැනුම මත. ගුරුත්වාකර්ෂණය නිසා සිදුවන්නේ ඇදවැටීම. ගුවන්යානා මේ ඇදවැටීමට විරුද්ධව බටහිර විද්‍යා අර්ථයෙන් බලයක් ජනිත කළ යුතුයි. ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොරුවක් නම් ඇද වැටෙන්නේ කෙසේ ද කියා ඇහුවේ නම් ප්‍රශ්නයට වැදගත්කමක් ලැබෙනවා. ගුවන්යානය ඇද නොවැටෙන නිසා ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොරුවක්  යැයි කෙනකුට අනෙක් පැත්තට ද තර්ක කළ හැකියි.

Monday 24 October 2016

යුද්ධයෙන් බැරිනම්

යුද්ධයෙන් බැරිනම්


මා සිතාගෙන සිටියේ ඊයේ (ඔක්තෝම්බර් 23) මා ලියූ ලිපිය වැදගත් කියා. එය එසේ නොවන බව දැන් පැහැදිලියි. ඒ ලිපිය කිසිවකු බෙදාහදාගෙන (ෂෙයා කර) තිබුණේ නැහැ. මා ප්‍රතිචාර කියෙව්වේ නැතත් ලිපියට කැමැත්තක් දක්වන අය හා ලිපිය බෙදාහදා ගන්නා අය කවුරුන්දැයි සොයා බලනවා. මා සමග කිට්ටුවෙන් ම සිටින අය ලිපිවලට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔවුන් ලිපි කියවන බවක්වත් පේන්න නැහැ. ඔවුන්ට එතරම් ම වැඩ! කලක් ලිපිවලට කැමැත්තක් දැක්වූ අය දැන් එසේ කරන්නේ නැහැ. එහි යම් දේශපාලන කුහකකමක් මා දකිනවා. මා වැරදි වෙන්න පුළුවන්. මගේ ලිපිවල එන්න එන්න අලුතෙන් යමක් නැතිවා වෙන්න පුළුවන්.

Sunday 23 October 2016

මෙරට මුස්ලිම් නිජබිමක් නැහැ


මෙරට මුස්ලිම් නිජබිමක් නැහැ


දහහතරවැනි සියවසේ මලබාරයේ මලයාලම් වචන සහිත දෙමළ කතාකළ මුස්ලිමුන් මෙරටට පැමිණීමෙන් පසු බටහිර වෙරළ තීරුවේ පදිංචි වුනා. මෙරට මුස්ලිම් පල්ලිවල ඉතිහාසය වැඩි ඈතකට යන්නෙ නැහැ. අවුරුදු පන්සීයකට අඩුයි. මා කලින් කී පරිදි මුස්ලිමුන් ඔවුන්ගේ මලබාර ඉතිහාසය තමන්ට ආරෝපනය කරගත්තා. මුස්ලිමුන් තමන් ඇවිත් අවුරුදු එකසිය පනහකට විතර පස්සෙ පැමිණි පෘතුගීසීන්ගේ අඩත්තේට්ටම්වලට පහරදීම්වලට හසුවුනා. සෙනරත් ඇතුළු සිංහල රජවරු මුස්ලිමුන් රුහුණු රටේ (වත්මන් නැගෙනහිර පළාතේ) හා කඳුකරයේ පදිංචි කෙරුවා. මෙය අප හොඳින් තේරුම් ගත යුතුයි. මුස්ලිමුන් මේ රටේ රටවැසියන්. ඒ බව අප කවුරුත් පිළිගන්නවා. එහෙත් ඔවුන්ට ඊනියා නිජභූමියක් නැහැ.

Saturday 22 October 2016

ආධ්‍යාත්මික දැනුම


ආධ්‍යාත්මික දැනුම


මේ ලිපි කියවන අය අඩුම තරමෙන් මගේ ලෝකය පොත් පිංච කියවා ඇත්නම් හොඳයි. අවුරුදු තිහකට පසු එහි සඳහන් දේ නැවත කීමට මා කැමති නැහැ. ඒ පොත නිකුත් වෙන විට මුහුණු පොතේ ඇතැමුන් ඉපදිලාවත් නැතිව ඇති. මා ඇතැමුන්ගේ වයස මෙන් දෙගුණයකට වඩා වයස්ගතයි. සමහරවිට තුන්ගුණයක් වන්නත් පුළුවන්. මා ඔබේ මිතුරකු නො වෙයි. මුහුණු පොතේ මිතුරා කියන සංකල්පයට මා කැමති නැහැ. බටහිරයන්ගේ මෙවලම් යොදාගන්නා විට අප පරෙස්සම් විය යුතුයි. මින් පසු මිතුරන් වීමට ඉල්ලන අය ගැන වඩාත් සැලකිලිමත් වෙනවා.  ජනමාධ්‍යයෙන් ඈත් කර ඇති මට සමහර විට සමාජයීය මාධ්‍යයෙනුත් ඉවත්වන්න වේවි. ඒ ගැන මගේ කම්පාවක් නැහැ. මා ප්‍රාඥයකුවත් බුද්ධිමතකුවත් උගතකුවත් නො වෙයි. සමහරවිට චින්තකයකු වෙන්න පුළුවන්. ප්‍රබුද්ධයනට අනුව ලිංමැඩියකු වන්නත් පුළුවන්.

Friday 21 October 2016

මෛත්‍රිට මහින්ද සරණයි


මෛත්‍රිට මහින්ද සරණයි


කොහේ ද යන්නෙ කියා ඇසූ විට මගේ මිතුරකු පැවසුවේ වයසට කියායි. අප සියළු දෙනාම තරුණ, මහළු කවුරුත් වයසට යනවා. මහළු අයට එය වැඩියෙන් තේරෙනවා. මාත් මහළුයි. මගෙත් කාලෙ ගෙවිලා. බොහෝ දෙනකුට මැන්ටල් එකක් පමණයි. ජනමාධ්‍යයෙ හා ජාතික ව්‍යාපාරයෙ තැනක් දෙන්නෙ ම නැහැ. මුහුණු පොතේ ඉන්නෙ ඒකයි. මුහුණු පොතේ බොහෝ දෙනකු මට ඊයේ උපන්දින සුබපැතුම් එවා තිබුණා, ඒ සැමට පින්.  ජනමාධ්‍යයට ගෑවිච්ච කිසිවකු සුබ පතලා තිබුණෙ නැහැ. මුහුණු පොතේ බොහෝ දෙනකුගේ මුහුණු දකින්න ලැබෙන්නේ නැහැ. දැකලත් නැහැ. ඒකට කමක් නැහැ. මේ දිනවල උපන්, උපදින අයගේ රවි නීචයි. රවි ප්‍රධාන ග්‍රහය නිසා එහෙම වෙන එක එච්චර හොඳ නැහැ. පඬියකු කියාවි රවි ග්‍රහයකු නොව තාරකාවක් කියලා. ඒ ග්‍රහයා හා ග්‍රහවස්තුව කියන්නෙ දෙකම එකක් කියලා අරගෙන. පඬියන්ට වරදින්නෙ එහෙමයි. රාහු කේතුත් ග්‍රහයො. ඒවා අහසෙ දකින්න නැහැ. ඒත් රාහු හඳ වගේම ඉරත් ගිලගන්නවා. චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ ඇති වන්නෙ එවිටයි. සිංහල අවුරුද්ද පොත කියෙවුවොත් ඒක තේරුම් ගන්න පුළුවන්. රවි නීච වුනත් සමහරුන්ට නීච භංග රාජ යෝග යෙදෙනවා. වාසනාවකට මට එහෙම යෝගයක් නැහැ. තිබුණ නම් 2020 ජනාධිපති සිහින මවන්න තිබුණා!  

Thursday 20 October 2016

මෛත්‍රිපාල දේශපාලනය


මෛත්‍රිපාල දේශපාලනය


පහුගිය දොළොස්වැනි දා මෛත්‍රිපාල කරපු ප්‍රකාශය නිසා මේ ආණ්ඩුවේ අර්බුදය මතුපිටට ඇවිත්. රාජිත සේනාරත්න මේ ප්‍රකාශය අහලා නැත්නම් එදා රාත්‍රි අටේ දෙරණ ප්‍රවෘත්ති ප්‍රකාශයෙට සවන් දෙන්න පුළුවන්. රාජිත ආවේගීව ජනමාධ්‍යයට මොනවා කියන්න ලැහැස්ති වුනත් මෛත්‍රිපාල ඒකෙ ඉතා පැහැදිලිව කියනවා හිටපු ආරක්‍ෂක ලේකම් හා නාවික හමුදා නිලධාරීන් තුන්දෙනකු උසාවියට දක්කාගෙන යෑම ගැන තම අප්‍රසාදය පළකරන බව. අනෙක් නාලිකාවලත් කියන්න ඇති. මා නරඹන්නේ කෙතරම් අඩුපාඩු තිබුණත්, අපේ මතවාදවලට තැනක් නොදුන්නත්, දෙරණ පමණක් බැවින් අනෙක් ඒවා ගැන මට කියන්න බැහැ. ඒ වගේ ම එදා මෛත්‍රිපාල කිවුවා අල්ලස් හෝ දූෂණ හෝ විමර්ෂණ කොමිසම මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසය, අපරාධ විමර්ෂණ කොට්ඨාසය වගේ ආයතන දේශපාලන අවශ්‍යතා  අනුව කටයුතු කරනවා නම් තමාට දේශපාලන තීන්දුවක් ගැනීතමට සිදුවන බව. මෙහි සඳහන් වචන ඒ ආකාරයෙන් ම යොදා ගත්ත ද කියල මට නිශ්චිතව කියන්න බැහැ. ඒත් අදහස එයයි. මෛත්‍රිපාල හිටපු ආරක්‍ෂක ලේකම් උසාවියට දක්කා ගෙන යෑම නම් පැහැදිලි ව ම කිවුවා. ඒත් පස්සෙ ඔහු සුපුරුදු විධියට රාජපක්‍ෂලව විවේචනය කළා. හිටපු ආරක්‍ෂක ලේකම් ගැන සඳහන කට බොරු කිවුවත් දිව බොරු නොකියන කතාවක් වෙන්න පුළුවන්.

Wednesday 19 October 2016

විද්‍යාව ඉතිහාසය හා මුස්ලිම් ජනයා



විද්‍යාව ඉතිහාසය හා මුස්ලිම් ජනයා


ශාස්ත්‍රීය වශයෙන් බටහිර විද්‍යා හා අනෙක් විෂය අතර ඇත්තේ ඉතා සුළු, එහෙත් වැදගත් වෙනසක් පමණයි. බටහිර විද්‍යාවල බොහෝ විට කෙරෙන්නේ පරිමිත නිරීක්‍ෂණ සාධාරණීකරණයට (සාධාරණීකරණයක් නිසා එය ද වියුක්ත වෙනවා) ලක්කර ඉන්පසු ඒ තේරුම් ගැනීමට යැයි කියමින් අනපෝහනය (ඇබ්ඩක්ෂන්) මගින් වියුක්ත පැහැදිලි කිරීම් (ප්‍රවාද) ගොඩනැගීමයි (ගෙතීමයි). බටහිර භෞතික විද්‍යාව එහි දී විශේෂයි. ඊනියා මනෝ විෂ්ලේෂණයේ දී මෙය දියවෙන තත්වයකට පත්වෙනවා. ඉංජිනේරු විද්‍යාව හා වෛද්‍ය විද්‍යාව ශාස්ත්‍ර ගණයට නොව ශිල්ප ගණයට අයත්වෙනවා. තමන් පාසලේ දී හෝ පොත්පත් කියවීමෙන් හෝ ඊනියා විද්‍යාත්මක ක්‍රමය ගැන ලබාගත් දැනුම ප්‍රතිචාර ලෙස ලියා දක්වන්න එපා. මා කොහොමටත් ඒවා කියවන්නේ නැහැ. මා මෙතන ඉගැන්වීමක් කරන්නේත් නැහැ. මා ලියන්නේ ඔබ කරන කියන වැරදි නිවැරදි කිරීමට නො වෙයි. හැකිනම් මෙරට අනාගතය ගොඩනැගීමට පමණයි.

බටහිර ගණිතය දහනවවැනි සියවසෙන් පස්සෙ වෙනස් මගක් ගත්තා. එහි දැන් නිරීක්‍ෂණ සාධරණීකරණයක් සිදුවෙන්නේ නැහැ. බටහිර ගණිතඥයන් දැන් වියුක්ත ස්වසිද්ධි (ඇක්සියම්ස්) තමන් ම නිර්මාණය කරනවා. මෙරට බොහෝ දෙනාට ස්වසිද්ධි ගැන වැටහීමක් නැහැ. ඒ ඒ අය ස්වසිද්ධි ලෙස හඳුනාගෙන ඉන්නෙ ස්වසිද්ධි නොවෙයි. ඒවා ප්‍රමේය. යුක්ලිඩ්ගෙ කාලෙ ස්වසිද්ධි, නිරීක්‍ෂණවල සාධාරනීකරණයෙන් ලබාගත් දේ. ඒවාට සිංහලෙන් ප්‍රත්‍යක්‍ෂ කියලත් කියනවා. ඒක වැරදියි. සාධාරණීකරණයට ලක් වූ නිරීක්‍ෂණ ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගන්න බැහැ. රාමනුජන්ට ස්වසිද්ධි තිබුණෙ නැහැ. ඔහු දෙවියන්ගෙන්, එනම් ආධ්‍යාත්මික ව, දැනුම ලබාගත් කෙනෙක්. ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමේ ක්‍රම තුනක් මා මේ පිටුවේ දක්වල තියෙනවා. මට ඒ සබැඳි සො යා ගැනීමට බැහැ.  ඉඩක් තිබුණොත් මේවා ගැන තවදුරටත් පස්සෙ කතාකරන්නම්.

අනෙක් ශාස්ත්‍රීය විෂයවලත්   අනපෝහනයක් ක්‍රියාත්මක වෙනවා. ඒත් ඒ වියුක්ත ව නොවෙයි. ඒවා සංයුක්ත අනපහෝන. ඉතිහාසයේ වියුක්තකරණයක් තමයි මාක්ස්වාදයේ කියැවෙන ඊනියා ඓතිහාසික භෞතිකවාදය (හිස්ටොරිකල් මැටීරියලිසම්). එය සම්පූර්ණයෙන් ම අසාර්ථකයි. ඇට්ටකුණා වෙච්ච මාක්ස්වාදීන් කිහිප දෙනකු හැරෙන්න අනෙක් අය කම්කරු පංති ආඥාදායකත්වය එනකම් මග බලන් ඉන්නෙ නැහැ. කාල් පොපර් මාක්ස්වාදය හා මනෝ විෂ්ලේෂණය බටහිර විද්‍යාවන් නොවේ යැයි කීම ගැන මා පුදුම  වෙන්නෙ නැහැ. ඒත් එකෙන් කියන්නෙ මා ඔහුගෙ අසත්‍යකරණ ප්‍රවාදය පිළිගන්නවා කියන එක නො වෙයි.

ඉතිහාසයෙ අපට දැනගන්න ඕන වෙනවා ලංකාවෙ මුස්ලිම් මිනිසුන්ගෙ සම්භවය ගැන. මෙරට අනාගතය සඳහා ඒ අවශ්‍යයයි.  වියුක්තව සියළු ලක්වැසියන්ගෙ සම්භවයට එක් ප්‍රවාදයක් අනපෝහනය කරන්න බැහැ. බටහිර පූරාවිද්‍යාව බොහෝ විට අසාර්ථක වන්නෙ සියළු මිනිසුන්ගේ විකාශය එකම ආකාරයට සිදු වූ බවට ප්‍රවාද ගොඩනගල තියෙන නිසා. ශිලා යුගය, නව ශිලා යුගය ආදිය හැම තැනකට ම ගැලපෙන්නෙ නැහැ. ලංකාවෙත් ගැලපෙන්නෙ නැහැ. බටහිර විද්‍යාව නොවන තැන්වල හැම දෙයක් ම එකම අච්චුවෙ තේරුම් ගන්න බැහැ. ඒ වුනාට ලංකාවෙ සාහීිත්‍ය කාරයො එකම අච්චුවෙ (අච්චුවල) නවකතා ලියන්න හදනවා. ඒක හරියට එකම අච්චුවෙ කැවුම් පුච්චනවා වගේ. මේ රටේ මාර්ටින් වික්‍රමසිංහගෙ ඉඳන් බොහෝ දෙනකු නවකතා ලියලා තියෙන්නෙ බටහිර අච්චුවලට අනුගත වෙන විධියට. ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය ඇතුළු  එ නවකතා පට්ටපල් බොරු. තමන්ගෙ ජීවිතවලටවත් ජීර්ණය කරගන්න බැරිවුණු බටහිර අච්චුවල නවකතා ලියන්නෙ කොහොම ද? මා දැන් මේ බොරු නවකතා කියවන්නෙ නැහැ. මා කියවල තියෙන හොඳම නවකතා දෙක සුජාත පුත්‍රයන්ගෙ වස්තුව හා මහරජ ගැමුණු. 

මා ඉතිහාසඥයකු තබා විද්‍යාඥයකුවත්  ගණිතඥයකුවත් නො වෙයි. මා පාසලේ ඉතිහාසය ඉගෙන ගෙන  ඇත්තෙ නවවැනි ශ්‍රෙණියට පමණයි. ඒත් ගණිතයට හා භෞතික විද්‍යාවට වගේ ම ඉතිහාසයටත් මට තරමක ඉවක් තියෙනවා. මුස්ලිම් ජනයාගේ සම්භවය ගැන ලියන්නෙ මා ඉතිහාසඥයකු නිසා නො වෙයි. (මෙරට හරිහමන් ඉතිහාසඥයකු ඇතැයි කියා මා හිතන්නේ නැහැ). මට මෙරට ඉතිහාසය ගැනත් දේශපාලනය ගැනත් උනන්දුවක් තියෙනවා. ඒ නිසා මා ලියනවා. (https://www.facebook.com/permalink.php?story_fbid=314424048936994&id=188511888194878)
ලෝනා දේවරාජා මහත්මිය මෙරට මුස්ලිම්වරුන්ගේ සම්භවය ගැන ලියා තිබෙන ඉතිහාසය පිළිගන්න බැහැ. මෙරට මුස්ලිම්වරුන් අරාබි හෝ සිංහල හෝ නැතිව දෙමළ කතාකරන්නේ කොහොමද කියන එක තේරුම් කරන්න ඇගේ අනපෝහනවලින්  බැහැ. මෙරට මුස්ලිම් සම්භවය ගැන කියන ඕනෑම අයකු පළමුව තේරුම් කර දිය යුතු කරුණ මුස්ලිමුන් දෙමළ කතාකරන්නේ ඇයි ද කියන එකයි.  ඒ ප්‍රධාන ප්‍රශ්නයට සංගත ව පිළිතුරු නොදෙන කිසිම අනපෝහනයක් (සංයුක්ත) පිළිගන්න මා සූදානම් නැහැ.

මෙරටට මුස්ලිම්වරුන් පැමිණ ඇත්තේ වත්මන් තමිල්නාඩුවේ කේරළ ප්‍රාන්ත සීමාවේ පිහිටි ප්‍රදේශයකින්. ඔවුන්ගේ දෙමළ භාෂාව යාපනයේ, මඩකලපුවේ, වතුකරයේ දෙමළවලින් වෙනස්වන්නේ මලයාලම් වචන නිසයි. මලබාරයෙන් මුස්ලිමුන් දහහතරවැනි සියවසේ ලංකාවට පැමිණි බව ඉන්දියානු ඉතිහාසයෙන් කියැවෙනවා. මේ ගැන උනන්දුවක් දක්වන අයකු වේ නම් හා ඔහු බටහිර වාග් විද්‍යාව ගැන යම් දැනීමක් ඇත්නම්, මලබාරයේ මේ ප්‍රදේශය තවත් කුඩාකර හඳුනාගැනීමට  හෝඩුවාවක් දිය හැකියි.  (මතු සම්බන්ධයි)

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/
නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 19   


Tuesday 18 October 2016

ස්වාධීන කොමිසන් සභා ස්වාධීන ද?

ස්වාධීන කොමිසන් සභා ස්වාධීන ද?


ඉහත සඳහන් මාතෘකාව දුටු ගමන් ඇතැමුන් එහි පරස්පරයක් තියෙනව කියලා කියයි. මගේ පාසල් මිතුරකු මේ ළඟදි මගේ ලිපිවල වාක්‍ය අසම්බන්ධ හදිසියේ වෙනස්වන බව සඳහන් කර තිබුණා. තවත් පාසල් මිතුරකු කියා සිටියේ ගණිතඥයකු ලෙස මා තර්කානුකූල නැහැ කියා. පළමුවැන්නා ජාතිකත්වයට පක්‍ෂයි. දෙවැන්නා ජාතිකත්වයට විරුද්ධයි. මා කිසි දිනෙක ගණිතඥයකු වී සිටියේ නැහැ. මගේ තර්ක ගැන බොහෝ දෙනකු එතරම් පැහැදීමක් නැහැ. ඒත් මට ඇතැම් දේ නොකියා ඉන්න බැහැ.  උදය ගම්මන්පිල වැට් පනතට විරුද්ධව උසාවි ගිහිල්ලා. ඒ ගැන මගේ පැහැදීමක් නැහැ. ඔහු වැට් බද්දට විරුද්ධ වෙන්නෙ පළාත් සභාවල බලය ආරක්‍ෂා කරගන්න. බොහෝ දෙනාට මා කියන්නෙ කුමක් දැයි ප3හැදිලද වන එකක් නැහැ. පළාත් සභාවල බලය ටිකකින් හරි අඩුවෙනව නම් වැට් බද්දට වඩා එය වැදගත්. බන්දුල ගුණවර්ධන හා සිසිර ජයකොඩි කියන්නෙත් ගම්මන්පිල කියන දේ ම දැයිි පැහැදිලි නැහැ.

අල්ලස් හෝ දූෂණ හෝ විමර්ෂණ කොමිසමේ සභාපතිනිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිට යවලා. ජනාධිපති එය පිළිගත්තේ ද නැත් ද යන්න පැහැදිලි නැහැ. ඒ ගැන අද දැනගන්න ලැබේවි. සමහරවිට ඉල්ලා අස්වීම ඉල්ලා අස්කර ගන්නත් බැරි නැහැ. ඒ ගැන අප එතරම් කරදර වන්න ඕනත් නැහැ. ආණ්ඩුවේ අර්බුදය මතුපිටට එන්නෙ මේ ආකාරයට. ඒත් මේ අර්බුදය තාවකාලිකව වුනත් සමනය කරගනීවි. ආණ්ඩුව ඊනියා ජාතික ආණ්ඩුවක් කියලා කිව්වට දහනවවැනි සංශෝධනය අර්ථයෙන්වත් එහෙම ජාතික ආණ්ඩුවක් නොවෙයි. මෙය එ ජා පක්‍ෂ ආණ්ඩුවක්. අර්බුදය ඒකයි. මේ ගමන අර්බුදය මතුවුනේ මෛත්‍රිපාලගෙ පුතා මුල් කරගෙන.

මේ ඊනියා ස්වාධීන කොමිසම් වග කියන්නේ පාර්ලිමේන්තුවටයි. ඒවා අමාත්‍යාංශයකට අයත් වන්නේ නැහැ.  ප්‍රශ්නය වන්නේ මේ ඊනියා ස්වාධීන කොමිසම් කොච්චර ස්වාධීන ද කියන එකයි. කොමිසම් පත්කිරීම හා එහි ක්‍රියාකාරීත්වය ආදිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 අ පරිච්ඡෙදයේ සඳහන් වෙනවා. මේ ස්වාධීන කොමිසම් හා සභාපතිවරුන් පත්කෙරෙන්නේ ව්‍යස්ථාදායක සභාවේ නිර්දේශ මත ජනාධිපති විසිනුයි. ප්‍රශ්නය වන්නේ ව්‍යවස්ථාදායක සභාව කොපමණ ස්වාධීන ද යන්නයි. එහි සභාපතිවරයා වන්නේ කතානායක. වර්තමාන පාර්ලිමේන්තුවේ කතානායක ස්වාධීන ද? අපක්‍ෂපාත ද? යුක්ති ගරුක ද? කරු ජයසූරිය එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයට තරග කර පරාජය වූ අයෙක්. ඔහුට ඇමතිකමක් ලැබුණේ නැහැ. ඒ වෙනුවට කතානායක පදවිය ලැබුණා. ඔහුට අද එ ජා පක්‍ෂයට හා අගමැතිට විරුද්ධව වැඩ කළ හැකි ද? ඔහු තවමත් එ ජා පක්‍ෂයේ. ඒකාබද්ධ විපක්‍ෂය ඔහුගේ අපක්‍ෂපාතීත්වය ගැන කියන්නේ කුමක් ද? ඒකාබද්ධ විපක්‍ෂය ඔහුට චරිත සහතික දීමට ඉදිරිපත් වෙයි ද? ඔහු ඒකාබද්ධ විපක්‍ෂය නොපිළිගන්නේ නීතිය නිසා පමණක් ද?

ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් අතර අගමැති හා විපක්‍ෂ නායක ඉන්නවා. බැලූ බැල්මට එතැන ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා. ඒත් ඒ බැලූ බැල්මට. මේ විපක්‍ෂ නායකයා එක්සත් ජාතික පෙරමුණට විරුද්ධ ව යන අයකු නොවෙයි. අගමැති එක්සත් ජාතික පෙරමුණේ. විපක්‍ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ. අද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරියක් තේරී පත් වී ඇත්තේ එක්සත් ජාතික පෙරමුණෙන්. එය එසේ වන්නේ කෙසේ ද? ලංකාවේ ඇත්තේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ද?

ව්‍යස්ථාදායක සභාවේ එක් සාමාජිකයකු ජනාධිපති විසින් පත්කරන ලද මන්ත්‍රීවරයෙක්. මේ පාර්ලිමේන්තුවේ එසේ පත්කර තිබෙන්නේ ඇමතිවරයකු. ඔහුගේ මතය කාගේ මතය විය හැකි ද? පස්දෙනකු පත්කෙරෙන්නේ අගමැතිගේ හා විපක්‍ෂ නායකයාගේ නිර්දේශ මත ජනාධිපති විසින්. ඉන් දෙදෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුතුයි. අගමැති හෝ විපක්‍ෂ නායක හෝ අයත් නොවන පක්‍ෂයකින් මන්ත්‍රීවරයකු ද ව්‍යවස්ථාදායක සභාවට පත්වෙනවා.

ව්‍යවස්ථාදායක සභාවේ සම්මුතිය අනුව එය අපක්‍ෂපාතී ද? ස්වාධීන ද? මේ සුද්දන්ගේ බොරු ප්‍රජාතන්ත්‍රවාදයෙන් අපට උරුම කර දී තිබෙන දේ. ව්‍යවස්ථාදායක සභාවේ දහදෙනාගෙන් නව දෙනකු ම පත්කෙරෙන්නේ ජනාධිපතිට අගමැතිට හා විපක්‍ෂ නායකට අවශ්‍ය ආකාරයට. අර ස්වාධීන කොමිසම් කියන ඒවාට සාමාජිකයන් හා සභාපතිවරුන් නිර්දේශ කෙරෙන්නේ මේ ව්‍යවස්ථාදායක සභාවෙන්. ව්‍යවස්ථාදායක සභාව ස්වාධීන ද කියන එක තමයි ප්‍රධාන ම ප්‍රශ්නය. අප මෙතරම් රැවටෙන්නේ ඇයි?

ව්‍යවස්ථාදායක සභාව අපක්‍ෂපාතීවත්, ස්වාධීනවත් වන්නේ නැහැ. ඒකෙන් පත්කෙරෙන ඊනියා ස්වාධීන කොමිසම් සභා ගැන කියනුම කවරේ ද? 



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 18


Monday 17 October 2016

ඉන්දියාව හා පශ්චිම යුදෙවු කිස්තියානි යුගය


ඉන්දියාව හා පශ්චිම යුදෙවු කිස්තියානි යුගය


මෛත්‍රිපාලගෙ කතාවට මේ තරම් ප්‍රචාරයක් දීමෙන් ම පැහැදිලි වෙන්නෙ මේ රටේ දේශපාලනඥයන්ගෙ, ජනමාධ්‍යවේදීන්ගෙ, ඊනියා සිවිල් සාමාජිකයනාගෙ, සාධාරන සමාජකාරයන්ගෙ ආදී එකී නොකී අයගෙ තියෙන බංකොළොත්කම. මෛත්‍රිපාලට ගෝඨාභය ගැනවත් හිටපු නාවික හමුදා නිලධාරීන් ගැනවත් ඇති අනුකම්පාවක් නැහැ. මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශය ඇති කෙළේ මෛත්‍රිපාල නොදැනුවත් ව නොවෙයි. රාජපක්‍ෂලට දඬුවම් කිරීමට වැඩියෙන් ම වුවමනා කරන්නෙ මෛත්‍රිපාලට හා ඔහු එක්ක ඉන්න ඇමතිවරුන්ට. රනිල්ට ඒ තරම් ම වුවමනාවක් නැහැ. මෛත්‍රිපාල තමාගෙ කතාවෙ දි මහින්ද රාජපක්‍ෂට පහර ගහන්න අමතක කෙළෙ නැහැ. අපේ අය ඒ බව අමතක කරන්නෙ ඇයි? තම පුතාගෙ පළහිලව්ව නොවන්නට මෛත්‍රිපාලට  ගෝඨාභය ගැන අනුකම්පාවක් පහළ වෙන්නෙ නැහැ.

Sunday 16 October 2016

රාමනුජන් ගණිතඥයෙක් නොවෙයි

රාමනුජන් ගණිතඥයෙක් නොවෙයි


ස්‍රීනිවාසන් රාමනුජන් ගැන මා විදුසර පුවත්පතට ලියා තිබෙනවා. මට මතක හැටියට මේ පිටුවටත් ලියා තියෙනවා. ද මැන් හූ නිව් ඉන්ෆිනිටි චිත්‍රපටිය සම්බන්ධයෙන් ඔහු ගැන ලියූ බවයි මතක. ඒ චිත්‍රපටිය දැන් යූ ටියුබ් මගින් බලන්න පුළුවන් කියා කෙනකු කීවා. මටත් ඒ චිත්‍රපටිය නැරඹීමේ අවස්ථාවක් ලැබුණා. චිත්‍රපටිය නිෂ්පානය කර තියෙන්නෙ ඒ නමින් ම වූ පොත ආධාරයෙන්. රාමනුජන් බටහිර ආකෘතියේ ගණිතඥයකු නොවන බවත් සමහර විට මා කියා ඇති.

Saturday 15 October 2016

මහාවංසය හා ධර්මපාලතුමා සමග ඉදිරියට

මහාවංසය හා ධර්මපාලතුමා සමග ඉදිරියට


https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3D0ZyU3s5SjRw%26feature%3Dyoutu.be&h=tAQE-LBcEAQFCjCQh9-P82uB8hH0YrsA4SulTT5CRWjs9Bg

ට්‍රම්ප්ට විරුද්ධව කුමන්ත්‍රණයක්


ට්‍රම්ප්ට විරුද්ධව කුමන්ත්‍රණයක්

එක්සත් රාජ්‍ය රිපබ්ලිකන් පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් තමාට විරුද්ධව ගෝලීය කුමන්ත්‍රණයක් ඇති බව පවසනවා. මේ පහත පළවන්නේ ඒ සම්බන්ධයෙන් අන්තර්ජාලයේ සඳහන් වූ ප්‍රවෘත්තියක්. අප අනෙක් බොහෝ දෑ මෙන් ම කුමන්ත්‍රණ කතා ද බටහිරින් ලබගත් බව මෙයින් පැහැදිලි වෙනවා. ලංකා සමසමාජ පක්‍ෂය හා ලංකා කොමියුනිස්ට් පක්‍ෂය එකල කුමන්ත්‍රණ කතා පිළිබඳ විශේෂඥයන්.

“Donald Trump issued a breathtaking call to arms Thursday as he emphatically denied allegations that he groped and kissed multiple women without their consent, charging that his accusers were part of a global conspiracy to extinguish his outsider movement.

Scrambling to turn around his floundering campaign, Trump declared war on the media and multinational corporations, alleging they are colluding with Democratic opponent Hillary Clinton to orchestrate “the single greatest pile-on in history” and undermine his campaign, which he said was an “existential threat” to the global establishment.”

Friday 14 October 2016

කෝ මේ ජාතික ආණ්ඩුව

කෝ මේ ජාතික ආණ්ඩුව


මෙහි මාතෘකාව අයියෝ සිරිසේන යැයි කියන්න තිබුනත් තවමත් එයට කල් වෑඩියි. රනිල් මෛත්‍රී ගැටුම ගැන අප මින් ඉහත අවසන් වරට ලියුවේ සතියකට පමණ කලින්. එය මේ සබැඳියෙන් කියවිය හැකියි.
(https://www.facebook.com/permalink.php?story_fbid=310045132708219&id=188511888194878) අද වන විට ගැටුම තවත් වර්ධනය වෙලා. ඒක හුදෙක් ම රංගනයක් නොවෙයි. තම දරුවන් ගැන මොන චෝදනාවක් කළත්, එය හරි වුවත්, වැරදි වුවත් දෙමවුපියන්ට කේන්ති යනවා. සිංහල සමාජය වඩාත් ම සංවේදී වන්නේ දරුවන් සම්බන්ධ ප්‍රශ්නවල දී. අද මෛත්‍රීපාලට අල්ලපු අත්තත් පය ගහපු අත්තත් නැතිවන තත්වයට ඇවිල්ලා. ඒත් විජාතික බලවේග ඒකට පැලැස්තරයක් අලවාවි. මේ ආණ්ඩුව අවශ්‍ය මෙරට ජනතාවට නො වෙයි. ආණ්ඩුව අවශ්‍ය අය එය පවත්වාගෙන යෑමට කටයුතු කරාවි. ආණ්ඩුව පත්කෙළේ ජ වි පෙ, ජාතික හෙළ උරුමය, ඊනියා සිවිල්(සිවල්) සමාජය නො වෙයි. ඔවුන් පෙරහැරේ ගියා විතරයි. ඒත් ඔවුන්ට ආණ්ඩුව පිහිටුවීමේ පාපයෙන් ගැලවෙන්න බැහැ. ඔවුන්ට බයිලා කියා අහිංසක ජනයා නොමග යැවීමට ඉඩ නොදිය යුතුයි.

Thursday 13 October 2016

නැගෙනහිර මුස්ලිම් ජනයා

නැගෙනහිර මුස්ලිම් ජනයා

මරික්කර් යන්න අරාබියෙන් චේර දේශයට  හා පාණ්ඩ්‍ය දේශයට ලී ඔරුවලින් පැමිණි නායකයන් හැඳින්වීමට යෙදුණත් පසුව සියල්ලන්ට මරික්කාර් යන නම යෙදී ඇති බව මගේ පළමු ලිපිවලින් පැහැදිලි වන්නට ඇති. මරික්කර් හෙවත් මරෙයික්කර් යන්න මරික්කල වීමේ දී බල පෑ ර හා ල අකුරු මාරුවෙීමේ සිංහල සම්ප්‍රදායත් මා කියා ඇති. මේ ර හා ල මාරුවීම අද උතුරු ඉන්දියාවේ කතාකරන සමහර භාෂාවලත් පොදු ලක්‍ෂණයක්. මුස්ලිමුන් මෙරට දී මරක්කල වූයේ එසේයි. ඇතැමුන් මගේ අදාළ ලිපි සියල්ල නොකියවා තමන්ට කැමති ලිපියකින් පමණක් කරුණු ගන්නවා. මෙය කිසිසේත්ම යහපත් සම්ප්‍රදායක් නොවෙයි. ඒ ලිපි මෙසේයි.

https://m.facebook.com/story.php...

https://m.facebook.com/story.php...
https://www.facebook.com/permalink.php?story_fbid=313018402410892&id=188511888194878

Wednesday 12 October 2016

මඩකලපුවේ සිට


මඩකලපුවේ සිට


මා මේ ලිපිය ලියන්නේ මඩකලපුවේ ඉඳලා. මා ඊයේ මඩකලපුවට ආවේ එහි පැවති පිංකමකට හා උත්සවයකට සහභාගිවීමට. මඩකලපුවේ ශ්‍රී මංගලාරාමයේ විහාර්ධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිපාණන් ගැන බොහෝ දෙනා අසා ඇති. මෛත්‍රිපාල සිරිසේන එම විහාරස්ථානයේ පැවැති උත්සවයකට නොපැමිණි බැවින් ඒ වෙනුවෙන් පිළියෙළ කර තිබූ ඵලකය කුළුගෙඩි පහරකින් කුඩු කෙළේ උන්වහන්සේයි. එමෙන් ම නැගෙනහිර පළාතේ මහ ඇමතිවරයා හමුවීමට ගොස් එඩිතරව සිංහල බෞද්ධ සිංහනාදයක් කෙළේත් උන්වහන්සේ. මා උන්වහන්සේ ගැන දැන සිටියත් හඳුනාගෙන සිටියේ  නැහැ. උන්වහන්සේ මා ගැන දැන සිටියේවත් නැහැ. සතියකට පමණ පෙර මට උන්වහන්සේ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේගේ පංසලේ දී මුණගැසුනා. උන්වහන්සේ එවිට මට පිංකමට හා උත්සවයට සහභාගි වීමට ආරධනා කළා. උන්වහන්සේ ගැන පැහැදීමෙන් සිටි මා ඒ ආරාධනය පිළිගෙන උන්වහන්සේට ශක්තියක් වීමට යැයි සිතා මඩකලපුවට ගියා. එහෙත් උන්වහන්සේට මගේ පැමිණීම ශක්තියක් වුනේ නැහැ. මහින්ද රාජපක්‍ෂ උත්සවයට පැමිණ සිටියා. තචත් හිටපු ඇමතිවරු පළාත්සභා ඇමතිවරු, මනත්‍රීවරු එතන සිටියා. කැපී පෙනෙන කළාකරුවන් හා කළාකාරියන් ද සිටියා. පැහැදිලිව ම ඔවුන්ගේ ශක්තිය හමුවේ මගේ ශක්තිය ගිණිය නොහැක්කක් බව උන්වහන්සේට වැටහෙන්න ඇති.

Tuesday 11 October 2016

මෙරට මුස්ලිම් අනන්‍යතාව


මෙරට මුස්ලිම් අනන්‍යතාව


පසුගිය දා මා හමුවීමට එක්තරා විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියක් සඳහා ලියා පදිංචි වී ඇති ශිෂ්‍යාවක් පැමිණියා. ජනමාධ්‍යවේදිනියක් ද වන ඇයට අවශ්‍ය වූයේ ලංකාවේ සිංහල මුස්ලිම් ගැටුම් පිළිබඳ ව දැන ගැනීමටයි. මා ඇයට මෙරට මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය ගැන කියන්න පටන්ගත්තා. ඇය තරමක් නොඉවසිලිමත් වී කියා සිටියේ දැන් මුස්ලිම් යනුවෙන් ජනවර්ගයක් සිටින බවත් අප එතැනින් පටන්ගත යුතු ය කියාත්. මා එවිට කියා සිටියේ ප්‍රශ්න මැදින් අල්ලාගන්නේ නැතිව ඒවාහි මුලට යා යුතු බවත් මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය දැනගැනීමට ඇයට කැමැත්තක් නැත්නම් ආපසු යා හැකි බවත්. ආපු මෝඩ කමට මෙන් ඇය මා කී දේට සවන් දුන්නා. මෙරට උගතුන් යැයි කියන්නන්ගේ ස්වභාවය එපරිදියි. ඇය තව ටික කලකින් පශ්චාත් උපාධිධාරී ජනමාධ්‍යවේදිනියක් වේවි. අති විශාල බහුතරය ඇය කියන දේට සවන් දේවි. බොහෝ ජනමාධ්‍යවේදීන්ට අප කියන දේ රුස්සන්නේ නැහැ.

Monday 10 October 2016

බටහිර සතුරෝ හා මිතුරෝ


බටහිර සතුරෝ හා මිතුරෝ


අප බොහෝ දෙනකු බොහෝ කලක  සිට කියන දෙයක් මහින්ද රාජපක්‍ෂ පසුගිය ඔක්තෝම්බර් 09වැනි ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත සමග කරන ලද සාකච්ඡාවක දී ප්‍රකාශ කරලා. බටහිරයන් තමා සමග තරහ වීමට හේතුව ඔවුන් කියන දේට සවන් නොදී දෙමළ ත්‍රස්තවාදය අවසන් කිරීම බව මහින්ද රාජපක්‍ෂ එහි කියා තිබෙනවා. මේ සාකච්ඡාවේ අදාළ කොටස මේ පිටුවේ එදින ම පළ කෙරුවා.  එහි සඳහන් අන්දමට බටහිරයන් මෙහෙයුම් නතර කිරීමට කියා තිබෙන නමුත් මහින්ද එයට අවනත වෙලා නැහැ.

Sunday 9 October 2016

Making enemies with the west

Mahinda Rajapaksa ON MAKING ENEMIES WITH THE WEST AND THE RESULTANT UNHRC RESOLUTION;  (Sunday Times 9th October 2016)


"As for making enemies of the West, certain Western countries wanted us to stop the war against the LTTE and I refused. That was why they fell out with us. If I had caved into their pressure and allowed the LTTE to exist, the Western powers would all have been my friends. The UN Human Rights Council did pass resolutions against Sri Lanka during my tenure. However, nobody should be under the illusion that voting in the UNHRC is free and fair. The powerful Western countries twist the arms of smaller and weaker nations to get them to vote even against their conscience. On every occasion that resolutions were passed against Sri Lanka, the Obama administration was able to get a certain number of countries to refrain from voting. That is what enabled the resolutions to be passed because the votes not cast are not taken into account. If we go into the records of the UNHRC, we will see that all those countries that refrained from voting made speeches in Sri Lanka’s favour and then refrained from voting – which was their way of indicating that they were refraining from voting in favour of Sri Lanka only under duress."

ට්‍රම්ප් දිනයි ද?

ට්‍රම්ප් දිනයි ද?


ඇමරිකන් එක්සත් රාජ්‍යවල ජනාධිපතිවරණයට ඇත්තේ මසකටත් අඩු කාලයක්. අද මුළු ලෝකයේ ම කෙසේ වෙතත් බටහිරින් දැනුම ලබාගන්නා මිනිසුන් අතර මේ ජනාධිපතිවරණය ගැන උනන්දුවක් තිබෙනවා. අප කෙතරම් දුරට බටහිරින් මෙහෙයවනවාද කියනවා නම් අප මුළු ලෝකය ලෙස සාමාන්‍යයෙන් හඳුනාගන්නේ බටහිර ජනමාධ්‍යයේ ප්‍රචාරයට හසුවන ප්‍රදේශයි. ට්‍රම්ප් කෙනකු ගැන නොඇසූ කෝටි ගණනක් ලෝකයේ ඇති. එමෙන් ම ඇමරිකන් එක්සත් රාජ්‍යවල පුවත්සේවාවන්හි අධිපතිවාදී හැඟීම නිසා ඒ රටේ වෙනත් රටවල්, විශේෂයෙන් ම සුදු නොවන රටවල් ගැන ඇත්තේ ඉතා අල්ප උනන්දුවක් ඒ වුනත් අපට ඒ රටේ ජනාධිපතිවරණය වැදගත්. ලෝක ආධිපත්‍ය¬ය ඇති රටේ ජනාධිපතිවරණය ගැන අපට උනන්දුවක් දැක්වීමට සිදුවෙනවා.

Saturday 8 October 2016

එට්කා බැටකා

එට්කා බැටකා

රනිල් ඉන්දියාවේ දී එට්කා ගැන ප්‍රකාශයක් කර තිබුණා. රනිල් පොත් කියවන්නකු ලෙස, බුද්ධිමතකු ලෙස, ප්‍රසිද්ධියට පත් කිරීමේ වෑයමක් අද ඇතැමුන් අතර පවතිනවා. පසුගිය දා වික්ටර් අයිවන් එක්තරා සඟරාවක් සමග පවත්වන ලද සාකච්ඡාවක දී ද මේ උගත්කම ගැන කියා තිබෙනවා. ජාතික හෙළ උරුමයේ රතන හිමි වරක් පැවසුවේ රනිල්ට ජාතික චින්තනය ගැන ද හොඳ අවබෝධයක් තිබෙන බවයි. රනිල් නූතනත්වයේ මිනිසකු නූතන මිනිසකු බව වික්ටර් අයිවන් ඉහත සඳහන් සාකච්ඡාවේ දී පවසා තිබෙනවා. නූතනත්වය දැන් අවුරුදු පන්සියකට වඩා පරණයි. ලෝකය දැන් වෑයම් කරන්නේ නූතනත්වයෙන් එළියට යෑමටයි. එ අර ඊනියා පශ්චාත්නූතනත්වයට නම් නොවෙයි. රතන හිමි කෙසේ වෙතත් එක්තරා කාලයක චම්පක නම් පශ්චාත්නූතනවාදයත් සමග සම්බන්ධකම් පැවැත්වූවා. රනිල් පශ්චාත්නූතනවාදියකු ද කියා වික්ටර් අයිවන් කියා නැහැ.

Friday 7 October 2016

වැට්, ගැසට් හා අගමැති පත්කිරීම

වැට්, ගැසට් හා අගමැති පත්කිරීම


මේ ආණ්ඩුව තරම් නීතියට විරදේධව වැඩකරන, ව්‍යවස්ථාව අමුුවේ ම උල්ලංඝනය කරන ආණ්ඩුවක් තවත් තිබී නැහැ. තමන්ට ඕන විධියට පාර්ලිමේන්තු සම්ප්‍රදාය, ස්ථාවර නියෝග ආදිය කඩමින් පනත් සම්මත කරගන්නා ආණ්ඩුවක් තවත් ලෝකයේ වෙන කොහේවත් නැතිව ඇති. කතානායක අපක්‍ෂපාතිත්වය කියලා එකක් තියෙනවද කියලාවත් දැන්නෙ නැති පාටයි. කරු ජයසූරියට  රනිල් එ ජා පක්‍ෂය ඇතුලෙ තැනක් දෙන්නෙ නැහැ. ඒත් ඔහු කොහේ යන්න ද? රනිල්ට ඕන විධියට තීරණ දීම කරු ජයසූරියගෙ කාරිය වෙලා තියෙනවා.

රනිල් පෙනී හිටින්නෙ බොහොම උගත් නීති ගරුක අයකු ලෙස. ඔහුට වික්ටර් අයිවන් වගේ අයත් හොඳ සහතික දෙනවා. අයිවන්ට සහතික දෙන්නෙ රාවයට මුලින් උදවු කළ ඒ ටි ආරියරත්න ද? රතන හිමිත් රනිල්ට පහුගිය කාලෙ සහතික දුන්න.  කාගෙන් සහතික ගත්තත් රනිල් ඊනියා දින සීයේ අගමැති වෙලා හිටියෙ නීත්‍යානුකුල ව නොවෙයි. හැබැයි ඒකටත් ඉක්බාල් අතාස් සහතිකයක් දීල තිබුණා. සහතික දෙන්න අතාස් දැනගෙන හිටිය නීතියක් නැහැ. සහතික ලත් රනිල් නීති කඩනවා. නීති කඩලා 2015 ජනවාරි 10 දා අගමැති වුනු කෙනකුගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද?

වැට් පනත තවත් සැරයක් පාර්ලිමේන්තුවට ගෙනැල්ලා. මේ ගමනත් අවුලක්. හැබැයි පාර්ලිමේන්තුවේ වැඩකරන විධිය ගැන අධිකරණයේ ප්‍රශ්න කරන්න බැහැ. කතානායකගෙ තීන්දුව අවසාන තීන්දුව ලෙස සැලකෙනව. ජනතාවගේ පරමාධිපත්‍යය සලකලයි එංගලන්තයේ මෙවැනි සම්ප්‍රදායක් බිහිවෙලා තියෙන්නෙත් අනුර බණ්ඩාරනායකගෙ සුප්‍රසිද්ධ තීන්දුව දිල තියෙන්නෙත්. ඒත් මේ පාර්ලිමේන්තුවෙන් රැකෙන්නෙ සිරිකොතේ පරමාධිපත්‍යය.

මෙවර වැට් පනත ගැසට් පත්‍රයට යවලා තියෙන්නෙ සැප්තැම්බර් නවවැනි දා.  අදාළ කැබිනට් රැස්වීම පවත්වලා තියෙන්නෙ සැප්තැම්බර් දොළොස්වැනි දා. ඒ කියන්නෙ ගැසට් පත්‍රයේ මුද්‍රණයට යවලා තියෙන්නෙ අමාත්‍ය මණ්ඩලයෙ රැස්වීම පවත්වන්න ඉස්සෙල්ල. එස් බී දිසානායක කොහොම තර්ක කළත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය නැතිව ඇමති කෙනකුට පනත් කෙටුම්පතක් ගැසට් පත්‍රයට යවන්න බැහැ. ගැසට් පත්‍රය මුද්‍රණය කරලා තියෙන්නෙ සැප්තැම්බර් දහතුන්වැනි දා කියලා තියෙනවා. ප්‍රශ්නය තියෙන්නෙ මුද්‍රණය කරපු දවස නෙවෙයි. ඇමති කෙටුම්පත යවලා තියෙන්නෙ අමාත්‍ය මණ්ඩලයෙ අනුමැතිය නැතිව. ආණ්ඩුව, මෛත්‍රිපාලගෙ ඇමතිවරුත් එකතුව ඇමතිවරයාව ආරක්‍ෂා කරනවා.

ඊනියා දින සීයෙ ආණ්ඩුවේ අගමැති හැටියට රනිල් පත්කෙරුවෙ දි මු ජයරත්න අගමැති ලෙස ඉන්න අතරෙ. ඒ පිළිබඳ ව දි මු ජයරත්නව අස්කරපු ගැසට් නිවේදනයක් තියෙනවා කියලා අතාස් කියලා තිබුණා. ඒත් ප්‍රශ්නය ජනාධිපතිගෙ නමින් දි මු ජයරත්න අස්කළ බව ගැසට් පත්‍රයට යැවුවෙ, ඒ කියන්නෙ රජයේ මුද්‍රණාලයාධිපතිට දැන්නුවෙ කවද ද කොයිවෙලාවෙ ද කියන එක. ඒ කලෙ හිටපු මැතිවරණ කොමසාරිස් මෛත්‍රිපාල ජනාධිපති ලෙස තේරී ඇති බව ගැසට් පත්‍රයේ පළකෙරෙවුවෙ 2015 ජනවාරි නවවැනිදා සවස වෙන්න පුළුවන්. ඒත් ඒකෙන් කියැවෙන්නෙ නැහැ මෛත්‍රිපාල ඒ මොහොතේ සිට ජනාධිපති කියලා. මැතිවරණ කොමසාරිස්ට ජනාධිපති පත්කරන්න බැහැ. ඔහුට කරන්න පුළුවන් අහවලා ජනාධිපති ලෙස තේරී පත්වී ඇති බව කීම පමණයි.

මෛත්‍රිපාල ජනාධිපති වෙන්නෙ ඒ පිළිබඳ දිවුරුම දීල වැඩ බාර ගත්ත මොහොතෙ ඉඳල. ඒක අතාස් හා එවැනි කිහිප දෙනකු හැරෙන්න හැමෝම දන්න කතාවක් වෙන්න ඕන. තමන්ට යම්කිසි පත්වීමක් පිළිබඳ ලිපියක් ලැබුණු පමණින් කිසිවකු ඒ පත්වීමට අදාළ තනතුර දරන්නකු වෙන්නෙ නැහැ. ඒ තැනැත්තා අදාළ නිධාරියාගෙන් දිවුරුමක් දීල වැඩ භාරගන්න ඕන. ජනාධිපති ධුරයට පත් වූ අය අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දිල වැඩ භාරගන්න ඕන. එතෙක් ඔහු ජනාධිපති නොවෙයි, ජනාධිපති ධුරයට තේරී පත්වු අය පමණයි. දිවුරුම් දෙනකම් ඔහුට ජනාධිපති ධුරයේ කිසිම වැඩක් කරන්න බැහැ. ඔහු දිවුරුම් දීමට පෙර ජනාධිපති ලෙස යමක් කර ඇත්නම් එය අවලංගුයි.

මෛත්‍රිපාල ජනාධිපති ලෙස දිවුරුම් දීල විනාඩි කිහිපයක් ඇතුළත රනිල් අගමැති ලෙස පත්කළා. ඔහුට ඒ විනාඩි කිහිපයේ දි දි මු ජයරත්න අස්කරන්න බැහැ. ඔහු එසේ අස්කෙළේත් නැහැ. ඒ බව ඒ අවස්ථාව රුපවාහිනියේ නැරඹු සියල්ලන් ම  දැක්ක. අතාස් දකින්නෙ නැතිව ඇති. ඒ කියන්නෙ රනිල් අගමැති ලෙස පත්වීම ලබා දිවුරුම් දෙන අවස්ථාවෙ දි මු ජයරත්න ව අස්කරලා තිබුණෙ නැහැ. දි මු ජයරත්න අස්කරපු බවට ඇති ගැසට් නිවේදනය මෛත්‍රිපාල දිවුරුම් දෙන්න ඉස්සෙල්ල නිකුත් කෙරුව නම් ඒක වලංගු නැහැ. අනෙක් අතට මෛත්‍රිපාල දිවුරුම් දුන්නට පස්සෙ නිකුත් කෙරුව නම් ඒ කියන්නෙ දි මු ජයරත්න අස්කරන්නෙ නැතුව රනිල් අගමැති ලෙස පත්කරලා තියෙනවා. කොහොම වුනත් රනිල් දීන සියෙ හොර අගමැති. අද නීත්‍යානුකුල අගමැති වුනත් නීති උපාධිධාරියකු වුනත් වික්ටර් අයිවන්ට රතන හිමිට අනුව ඔහු උගතකු වුවත්, ඔහුගෙ ආණ්ඩුවක ඇමතිවරු ඇමති මණ්ඩල  අනුමැතිය නැතිව පනත් කෙටුම්පත් ගැසට් පත්‍රයේ මුද්‍රණය කිරීමට යැවීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.  මෙහෙමත් හොර ආණ්ඩුවක්.


මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.

https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 07

Thursday 6 October 2016

මහාවංසය, ගැමුණු රජතුමා හා මහින්ද රාජපක්‍ෂ



මහාවංසය, ගැමුණු රජතුමා හා මහින්ද රාජපක්‍ෂ සබැඳිය


https://www.youtube.com/watch?v=w38yB7IVBaQ

රනිල් මෛත්‍රී ගැටුම

රනිල් මෛත්‍රී ගැටුම


කවුරුන්වත් කලබල වෙන්න එපා මේ රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රී වික්‍රමසිංහ අතර ගැටුමක් කියලා. ඒ දෙන්න බොහොම සුහදත්වයෙන් රට රටවල ඇවිදිනවා. මේ රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන අතර ගැටුමක්. කොළඹ රාජකීය හා පොළොන්නරුවේ රාජකීය අතර ගැටුමක්. එක අතකින් සුපිරි ටොයියන් හා ටොයියන් වෙන්න හදන බයියන් අතර ගැටුමක්. ඒකාබද්ධ විපක්‍ෂෙත් වැඩිය ඉන්නෙ ටොයියන් වෙන්න හදන බයියන්. අටවැනිදයින්  පස්සෙවත් බයියන්ගෙ බලවේගයක් ගොඩනැගෙනවා නම් හොඳයි. ජාතියෙ වැඩිය ඉන්නෙ බයියන්. ඒත් දැන් ටොයියන් වෙන්න හදන බයියනුත් බයි තරුණයනුත් ඉන්නවා. ඔවුන් අන්තර්ජාලයේත් ඉන්නවා. ටොයියකු බයියකු වෙන්නෙ කලාතුරකින්. ලෝක අධ්‍යාපනය අපට උරුම කරලා තියෙන ක්‍රමය එහෙමයි.

Wednesday 5 October 2016

ස්විස් ව්‍යවස්ථාව

ස්විස් ව්‍යවස්ථාව 

බටහිර රටවල්, විශේෂයෙන් ම එංගලන්තය, මෙරට දෙමළ ජාතිවාදය බිහිකළ බවත්, එය පිටුපස සිටින බවත්, එයට අනුග්‍රහය දක්වන බවත් අප කියන්නේ අවුරුදු විසිපහකට වැඩි කලක ඉඳලයි. ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා කෘතිය ලියැවී ද අවුරුදු විසිපහකට ආසන්නයි. එහෙත් එහි අදහස් සමාජයට ගොස් නැහැ. එසේ වුවත් බටහිර කුමන්ත්‍රණ ගැන නම් අවුරුදු දහයකට මෙහා කාලයක අසන්නට ලැබෙනවා. ඒ සඳහා ජනමාධ්‍යයෙහි ද විශාල ප්‍රචාරයක් ලබා දෙන බව පැහැදිලියි. බටහිර කුමන්ත්‍රණ යන්න ජනතාවට දැනෙන කරුණක්. සිංහලයන්ට වියුක්ත ව යමක් කී විට එය තේරුම් ගැනීමේ අපහසුතාවක් තියෙනවා.

Tuesday 4 October 2016

ඉන්දියාවේ මුස්ලිම් ජනයා


ඉන්දියාවේ මුස්ලිම් ජනයා


ජාතිය, ජනවර්ගය, ගෝත්‍රය ආදිය නිර්වචන හෙවත් අර්ථදැක්වීම් මත පදනම් වෙනවා. ජීවවිද්‍යාවේ සතුන් වර්ගීකරණයට ලක්කරනවා. එහි දී විවිධ නිර්ණායක යොදාගන්නවා. අප මෙහි දී කතාකරන්නේ මිනිසුන් කොටස්වලට වර්ගකිරීමයි. ඇතැමුනට අනුව ජීවවිද්‍යාත්මක ව මිනිසුන් එසේ කොටස්වලට බෙදන්න බැහැ. මිනිස් වර්ගයාට ලිංගිකව එක්වීමේ දී කොටස්වලට බෙදීම් සැලකෙන්නේ නැහැ.

එහෙත් මිනිසුන් ශාරීරික ව ද වෙනස්වන බව පැහැදිලියි. හමේ පාට, මුහුණුවල හැඩය, උස, හිසකෙස්වල ස්වභාවය ආදී වශයෙන් මිනිසුන් වෙනස් වෙනවා.  ඒ භෞතික ව. එයට අමතරව සංස්කෘතික වශයෙන් වෙනස් වෙනවා. භාෂාව, ආගම, සිරිත් විරිත් ආදිය එහි දී බලපානවා. එමෙන් ම ඇතැම් විට භූගෝලීය වාසස්ථාන, ආදී වශයෙන් ද වෙනස් වෙනවා. මේ වෙනස්කම් නැතැයි කියා ඊනියා මානවයකු ගැන කතාකිරීම ඇතැමුනට හුදෙක් මානසික තෘප්තියක් දෙන්නක් පමණයි. අපට ඔය පටු බෙදීම් නැහැ කියා අවශ්‍ය නම් යමකුට හිතාගන්න පුළුවන්. ඒත් ඕනෑම අයකුට සංස්කෘතික වෙනස්කම් හඳුනාගන්න පුළුවන්. ඒ සංස්කෘතික වෙනස්කම් නැතැයි කියා අවශ්‍ය නම් පොරක් වෙන්නත් පුළුවන්. එහෙත් පොරවල් වීමෙන් කිසිවකුටවත්, තමන්ටවත්, වැඩක් නැහැ. ඔවුන්ට පැස්බරුන් මෙන් හිස සඟවා ගෙන ඉන්න පුළුවන්. මේ අන්දමේ පොරවල් බොහෝ දෙනකු පැස්බරුන්ගෙන් වෙනස්වන්නේ නැහැ. අපි ඔවුන්ට පැස්බර පොරවල් කියා කියමු. එයත් වර්ගීකරණයක්!

මේ ඇතැම් ජනකොටස්වලට තමන්ගේ ම වූ ජීවන සම්ප්‍රදායක්, ඇගයීම්, ආකල්ප ආදිය තිබෙනවා. ඒ වගේ ම ඒ ඒ අයට අනන්‍ය වූ දැනුමක්, චින්තනයක් තිබෙනවා.  සිංහල බෞද්ධ චින්තනය, කතෝලික  චින්තනයෙන් හරි ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙන් හරි වෙනස්. ආසියාවේ හා අප්‍රිකාවේ ජනයාට යුදෙවුවන්ට මෙන් වියුක්ත චින්තනයක් නැහැ. පඬියකුට අහන්න පුළුවන් ඉන්දියාවේ යුදෙවුවන් නැද්ද කියා. ඒත් ඒ යුදෙවුවන් අද වැඩිය නැහැ. ඔවුන් සුළු පිරිසක් තවමත් කේරළය වැනි ප්‍රදේශවල තම අනන්‍යතාව රැකගෙන ඉන්නවා.

ඇතැම් ජනකොටස්වලට තමන්ගේ ම වූ නායකයන් ඉන්නවා. ඒ නායකයන්ගෙන් සමහරු පාලකයන් ද වෙනවා. ඇතැමුන් රජුන් වෙනවා. ඇතැම් විට එක් ජනකොටසක් වෙනත් ජනකොටසකට අයත් අය මගින්, වංශයක් මගින් පාලනය කෙරෙන්නත් පුළුවන්. එක් ජනකොටසක් ඉතිහාසයේ විවිධ අවස්ථාවන්වල, විවිධ වංශ මගින් පාලනය වෙන්නත් පුළුවන්. ඉංගිරිසින් පැමිණීමට පෙර ඉන්දියාව කියා රටක්වත් ඉන්දීය අනන්‍යතාවක්වත් තිබුණේ නැහැ. තැන තැන වාංශික රාජ්‍ය තිබුණා. ඇතැම් වාංශිකයන්ට ප්‍රදේශ රාශියක් පාලනය කිරීමේ අවස්ථාව හිමි වුනා. මෞර්යයන්, සොළීන් හා මුස්ලිම් මුගල්වරුන් එයට උදාහරණ. මෞර්යයන් පාලනය කෙළේ මෞර්යයන් පමණක් නොවෙයි. චන්ද්‍රගුප්ත, බින්දුසාර, අශෝක මෞර්ය රාජ්‍යවල මෞර්යයන් සිටියේ සුළු පිරිසක්. ඒ පාලකයන් (රජවරු) තම සංස්කෘතිය ජනතාවට පැටවීමට  තැත්කළා මිස ජනතාවගේ සංස්කෘතිය තම සංස්කෘතිය බවට පත්කර ගැනීමට උත්සාහ කෙළේ නැහැ. මූගල් රජවරුන් ද වැඩි වශයෙන් කෙළේ මුස්ලිම් සංස්කෘතියක් තම පාලන ප්‍රදේශවල පැතිරවීමයි.

මුස්ලිම්වරුන් චේර රාජ්‍යයට හා පාණ්ඩ්‍ය රාජ්‍යයට පැමිණ ඇත්තේ මුගල්වරුන්ට පෙර ක්‍රි ව 650-750 කාලයේ. මූගල්වරුන් අද ඉන්දියාව ලෙස නම් කෙරෙන රටේ හා අද පකිසාතානයේ උතුරු ප්‍රදෙශවලට පැමිණ ඇත්තේ දහසයවැනි සියවසේ මුල සිට. අග්‍රා, ලාහෝර්, දිල්ලි ආදී නගර මුගල් රාජ්‍යවල අගනුවර ලෙස පැවතී තිබෙනවා. මූගල්වරුන් යටතේ හින්දූන් ද, බෞද්ධයන් ද, ජෛනයන් ද සිටි බව අමතක නොකළ යුතුයි. මුගල් අධිරාජ්‍යය කියා කීවත් ඒ රාජ්‍ය ද වාංශික රාජ්‍ය පමණයි. වාංශික රාජ්‍යවල ප්‍රදේශ වැඩී යෑම හා ජාතික රාජ්‍යයක් වෙනත් රටවල් යටත්කර ගැනීම එකක් නොව දෙකක්. දෙවැන්න අධිරාජ්‍ය ගොඩනැගීමක්. අප රටේ කොටසක් සොළීන් විසින් පාලනය කෙරුණේ ඔවුන්ගේ චෝල මණ්ඩලයක ප්‍රසාරණයක් ලෙස. ඉංගිරිසින් අප පාලනය කෙළේ යටත්විජිතයක් ලෙස. ඉංගිරිසින් අධිරාජ්‍යවාදීන්. යටත්විජිතවාදීන්.

චේර දේශයේ හා පාණ්ඩ්‍ය දේශයේ සිටි මුස්ලිම්වරුන්, විශේෂයෙන් ම පාණ්ඩ්‍ය දේශයේ සිටි මුස්ලිමුන් අද තමිල්නාඩුවේ නැගෙනහිරට, එනම් චෝල දේශයටත් සංක්‍රමණය වී ඇති බව පෙනෙනවා. අද තමිල්නාඩුවට එදා පාණ්ඩ්‍ය දේශය ඇතුල් වුවත් ඉතිහාසයේ පාණ්ඩ්‍ය දේශය වෙනම පැවතී තිබෙනවා. එහි බොහෝ කාලවල ප්‍රධාන නගරය වී තිබෙන්නේ මදුරෙයි. ලංකාවේ වඩිග රජවරුන්  ආන්ද්‍ර ප්‍රදේශයේ සිට පැමිණ පදිංචි වී ඇත්තේත් මදුරෙයිහි. අද ඉන්දියාව කියන ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාප්තිය අඩුම තරමෙන් හතර ආකාරයකට සිදු වී ඇති බව පෙනෙනවා. පළමුවෙන් ම ක්‍රි පූ 650-750 කාලයේ අරාබීන් ලී ඔරුවලින් පැමිණ චේර හා පාණ්ඩ්‍ය දේශවල මලයාලම් පිළිවෙළින් හා දෙමළ කතාකරන කාන්තාවන්  විවාහ කරගෙන මුස්ලිම් ජනකොටසක් බිහිකිරීම.  දෙවනුව හින්දු සංස්කෘතියේ කුල පීඩනය නිසා මුස්ලිම් වූ අය. තුන්වනුව මූගල්වරුන් සමග පැමිණි මුස්ලිම් ජනයා. හතරවනුව මූගල්වරුන් විසින් මුස්ලිම් කෙරුණු ජනයා. මේ අය විවිධ භාෂා කතාකරනවා.  ආගමින් මුස්ලිම් වුවත් ඔවුන් කතාකරන භාෂාව අනුව අද ඉන්දියාවේ ජනවර්ගවලට බෙදෙනවා.    

අද ඉන්දියාව ප්‍රාන්තවලට බෙදා ඇත්තේ කතාකරන භාෂාව අනුව. එදා දෙමළ කතාකරන ජනයා පාණ්ඩ්‍ය, චෝල, පල්ලව ආදී රජවරුන් යටතේ සිටියත් අද ඔවුන් සියළු දෙනාම තමිල්නාඩුව යටතේ එකතු කර තිබෙනවා. තමිල්නාඩුව දෙමළ වන්නේ කතාකරන භාෂාව අනුවයි. ඒ ජාතියක්් නොවෙයි. ලංකාවේ තබා ඉන්දියාවේවත් කෙදිනකවත් දෙමළ ජාතියක්වත් දෙමළ රාජ්‍යයක්වත් පැවතී නැහැ. ඉතිහාසයේ දෙමළ දේශයක් ගැන සඳහන් වන්නේ නැහැ. තමිල්නාඩුව කියන්නේ දෙමළ භාෂාව කතාකරන ජනයා අද පදිංචි වී සිටින ප්‍රදේශය. වත්මන් ඉන්දියාවේ ප්‍රාන්ත භාෂාමය ප්‍රාන්ත මිස ජාතික ප්‍රාන්ත නොවෙයි. එහෙත් එසේ ප්‍රාන්තවලට බෙදූ පසු ඒ ඒ ජනකොටස්වලට ජනවාර්ගික අනන්‍යතාවක් ලැබී තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල මහාචාර්යවරයකුව සිටි මයිකල් ප්‍රනාන්දු කලකට පෙර අනන්‍යතාව ගැන මා සමග ඉරිදා දිවයින පුවත්පත මගින් වාදයක් කළා. ඔහු සිංහල මහාචාර්යවරයකු වූවත් අනන්‍යතාව කියන වචනයේ තේරුම දැන සිටියේ නැහැ. ඔහු එකල ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයෙක්.

අද තමිල්නාඩුවේ අයට දෙමළ කියාත් කොරළයේ ජනයාට මළයාලම් කියාත් කියනවා. මෙය නීතියෙන් ලැබුණු අනන්‍යතාවක්. හරියට බටහිර වත්මන් ජාතික රාජ්‍යවල ජනයා ජාතීන්වලට බෙදනවා වගේ. අද බ්‍රිතාන්‍යය කියන රටේ ඉන්න අයට බ්‍රිටිෂ් කියා කියනවා. එහි විවිධ ජනකොටස් ඉන්නවා. ස්කොට්ලන්තය ළඟ දී වෙන්වන බවක් පේන්න තිබුණත්  එහි වැසියනුත්  බ්‍රිටිෂ් වෙනවා. එහෙත් මෙයටත් වඩා විහිළුවක් තියෙනවා. ඊනියා එක්සත් රාජධානිය ඇතිවී තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ හා උතුරු අයර්ලන්තයේ එක්වීමෙන්. නීතියෙන් ඇත්තේ බ්‍රිතාන්‍යය නොව එක්සත් රාජධානිය. ුක්සත් රාජධානියේ වැසියන් හඳුන්වන්න වචනයක් නැහැ. අද අයිරිෂ් ජනවර්ගය අයර්ලන්තයේත් එක්සත් රාජධානියේත් ඉන්නවා. 

ඉන්දියාවේ ජනයා ජනවර්ගවලට බෙදෙන්නේත් ප්‍රාන්තය අනුව. ඒ අනුව මුස්ලිම් ජනයාත් බෙදෙනවා. දෙමළ මුස්ලිම්, මලයාලම් මුස්ලිම් ආදී වශයෙන් ඉන්දියාවේ මුස්ලිමුන් ද ජනවර්ගවලට බෙදෙනවා.  මුස්ලිම් කියන එක හුදු ආගමික අනන්‍යතාවක් බවත් විවිධ මුස්ලිම්වරුන් ඉන්න බවක් ඉන්දියාවේ පිළිගැනෙන්නේ එහි දෙමළ හින්දු, බෙංගාල හින්දු ආදී වශයෙන් හින්දූන් බෙදෙන ආකාරයට. මේ විවිධ හින්දූන් අතරත් වෙනස්කම් තිබෙන බව අමතක කරන්න එපා. (මතු සම්බන්ධයි)


මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 04

Monday 3 October 2016

මෙරට දෙමළ වාසස්ථාන


මෙරට දෙමළ වාසස්ථාන

මෙම සබැඳිය යාපනය විශ්වවිද්‍යාලයේ  ප්‍රථම ඉතිහාස මහාචාර්යවරයා වූ කාර්තිගේසු ඉන්ද්‍රපාල මහතා ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ ආචාර්ය උපාධි නිවන්ධනයට යොමුවෙයි. ඒ මහතා එහි දී පැහැදිලි ව ම මෙරට දෙමළ ස්ථිර වාසස්ථාන දොළොස්වැනි සියවසෙන් ඔබ්බට නොටන බව පෙන්වා දෙයි. අවාසනාවකට සිංහල දේශපාලනඥයන්ට මේ ගැන ඇති අවබෝධය අල්ප ය.

සබැඳිය තමළු පියදිගමගෙනි. ඔහුට අප කෘතඥතාව හිමි වෙයි.

https://www.scribd.com/mobile/doc/113992242/Dravidian-Settlements-in-Ceylon-and-the-Beginnings-of-the-Kingdom-of-Jaffna-By-Karthigesu-Indrapala-Complete-Phd-Thesis-University-of-London-1965
 

නලින් ද සිල්වා
 2016 ඔක්තෝම්බර් 03 

ජාත්‍යන්තරවාදයේ මළගම හා මෙරට මාක්ස්වාදීන්


ජාත්‍යන්තරවාදයේ මළගම හා මෙරට මාක්ස්වාදීන්


නුතනත්වය අද ජාත්‍යන්තරවාදයෙන් මිදෙමින් පවතිනවා. අර පශ්චාත්නූතනත්වය යන්න ඇතැම් බටහිර පඬියන්ගේ හිත්වල ඇතිවුණු භ්‍රාන්තියක් පමණයි. නූතනත්වය ආරම්භ වුනේ පහළොස්වැනි සියවසේ අග ඉතාලියේ. එහි ආරම්භය කතෝලික චින්තනයෙන් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට මාරුවුණු චින්තන විප්ලවය සමග බැඳී තිබෙනවා. එහි ප්‍රධාන කරුණක් වූයේ සාමූහිකත්වයෙන් පුද්ගලිකත්වයට මාරුවීම. තවත් කරුණක් වූයේ වියුක්ත චින්තනය. ධනවාදය මෙන් ම බටහිර විද්‍යාව ද බිහිවුණේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි. ලෝකය මවා හෝ මැවී හෝ ඇත්තේ මිනිසුන් වෙනුවෙන් බව ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි මෙන් ම කතෝලික චින්තනයෙහි ද පිළිගැනෙනවා. ඒ නිසා එය ධනවාදයටත් මාක්ස්වාදී සමාජවාදයටත් පොදුයි.

Sunday 2 October 2016

ඉන්දියාව ඉදිරියේ දණ ගැහීම

ඉන්දියාව ඉදිරියේ දණ ගැහීම

මේ මස පකිස්තානයේ පැවැත්වීමට නියමිත ව තිබූ සාක් සමුළුව දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. මේ ඉන්දියාවේ ප්‍රශ්නයක්. පසුගිය දා කාශ්මීරයේ ඇති වූ සිද්ධි මෙයට සම්බන්ධයි. අපට ඊනියා සංහිඳියාවක් ගැන කියන ඉන්දියාවටවත්, එංගලන්තයටවත්, ඇමරිකා එක්සත් රාජ්‍යවලටවත් ඔවුන්ගේ ප්‍රශ්න විසඳගන්නට බැහැ. ත්‍රස්තවාදී කටයුතු මේ හැම රටක ම සිද්ධ වෙනවා. රනිල් තම මීිත්‍ර ජෝන් කේගේ නවසීලන්තයට ගොස් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයට එරෙහි වීමේ පනතක් ගේන බව කියනවා. එහි දී එංගලන්තයෙන් උපදෙස් ගන්න බවත් කියනවා. ජෝන් කේ දැනට අවුරුදු දෙකකට පමණ පෙර ලෝකයේ දක්‍ෂිණාංශීක පක්‍ෂවල ආසියා ශාන්තිකර සම්මේලනයට සහභාගි වීමට ලංකාවට පැමිණියා. රනිල් එම පක්‍ෂවල ආසියා ශාන්තිකර කලාපයේ සභාපතිව සිටින විට කේ ලෝකයේ ම එම පක්‍ෂවල කණාඩායමේ සභාපති. ත්‍රස්තවාදය පරාජය කරපු ලංකාවෙන් අනෙක් රටවල් උපදෙස් ගන්නේ නැහැ. රනිල් එංගලන්තයෙන් සහ අනෙක් එවැනි රටවලින් ත්‍රස්තවාදයට එරෙහි පනත සකස් කිරීම සඳහා උපදෙස් ගන්නවා. ඒ අතර ලෝකය, ඊනියා ජාත්‍යන්තරය, ත්‍රස්තවාදය පැරදවීම සම්බන්ධයෙන් ලංකාවට පහර ගහනවා. මෙහෙමත් ලෝකයක්.

Saturday 1 October 2016

ජාතික හිමිකම්



ජාතික හිමිකම්

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේගේ සභාපතිත්තවයෙන් ඇති ජාතික හිමිකම් කමිටුවේ  පළාත් නියෝජිතයන් හමුවේ කරන ලද දේශනය. හඬපටය දුර්වල වීම ගැන කණගාටුවෙනවා.

https://youtu.be/hMTZylmRcPk

මෙරට මුස්ලිම් සම්භවය


මෙරට මුස්ලිම් සම්භවය


මුස්ලිම් මිනිසුන් මෙරටට පැමිණියේ කවදා ද? කොහෙන් ද? ඔවුන් වත්මන් නැගෙනහිර පළාතට ගියේ කෙසේ ද? ඔවුන් අද වන විට වත්මන් නැගෙනහිර පළාතේ තම ආධිපත්‍යය පතුරවා ගෙන ඉන්නවා. අයිසිස් සාමාජිකයන් ද ලංකාවේ සිටින බව පැහැදිලියි. වත්මන් නැගෙනහිර පළාතේ දෙමළ ජනයා ද පැමිණියේ කොහෙන් ද කවදා ද යන ප්‍රශ්නත් සාකච්ඡා කළ යුතුයි. අප මේවා සාකච්ඡා කර නැතිවා නොවෙයි. එහෙත් ඒ කිසිවක් සමාජයට ගිය බවක් පෙනෙන්නට නැහැ. අදත් යන්නේ නැහැ. මේ ලිපි ලිවීමෙන් වැඩක් නැති බව පැහැදිලියි. ඒත් සංවිධාන ශක්තියක් නැති අප වැන්නන්ට කළ හැකි වෙනත් දෙයකුත් නැහැ. මේ ලිපි දෙමළ ජනයාට හෝ මුස්ල්ම් ජනයාට හෝ විරුද්ධව ලියැවෙන ඒවා නොවෙයි. ඒත් ඉතිහාසයේ සිදුවූයේ කුමක් ද කියන එක අප යම් විශ්වාසනීයත්වයක් ඇතිව දැනගත යුතුයි. අපට අවශ්‍ය දෙමළ හා මුස්ලිම් ජනයාට ව්‍යාජ ඉතිහාසයක් හිමිකර සිංහලයන්ට මෙරට හිමි තැන නැති කිරීම නොව, දැනටමත් සිංහලයන් ගොඩනගා ඇති ජාතියට ෙිමළ හා මුස්ලිම් ජනයා ද ඇතුළත් කරගන්නේ කෙසේ ද යන්න සොයා බැලීමයි.