Main Logo

Showing posts with label colonialism. Show all posts
Showing posts with label colonialism. Show all posts

Tuesday, 6 February 2018

අපට නිදහස ලැබෙන්නෙ කවදා ද? 3


අපට නිදහස ලැබෙන්නෙ කවදා ද? 3


ඊනියා නිදහස් උත්සවය ඉවරයි. මුහුණු පොතේ පඬි පෝතකයන් දන්නේ නැහැ ඊනියා කියන වචනෙ තේරුම. එ වුණත් ඒ සමහර අය හැමදේකට ම ප්‍රතිචාර දක්වන්නවා. ඔවුන්ගේ හඩු බසින් කියනවා නම් කමෙන්ට් දානවා. එයින් ම තේරෙන කරුණ තමයි අපට නිදහස තව බොහෝ දුර බව.

Friday, 27 January 2017

අනේ දියවඩන නිළමේ  


   අනේ දියවඩන නිළමේ


පසුගිය විසිපස්වැනි දා දළදා මාළිගාවේ මළුවේ ජාතික හිමිකම් සංවිධානය අධිෂ්ඨාන පූජාවක් කිරීමට බලාපොරෙත්තු වූ නමුත් එයට අවසර ලැබුණේ නැහැ. 1998 ජනවාරි විසිපස්වැනි දා තමයි කොටි දළදා මාළිගාවට පහර දුන්නේ. අපට අවශ්‍ය වූයේ ඒ පහර දීම සැමරීම නො වෙයි. කොටින්ට දළදා සමිඳුන්ට කිසිම පීඩාවක් කිරීමට බැරි වුනා. කොටි පහර දීමෙන් ලැබූ ජයග්‍රහණයක් නැහැ. අපට අවශ්‍ය වූයේ සිද්ධිය මතක් කර කොටින්ගේ පමණක් නොව මුළු දෙමළ ජාතිවාදයේ ම සිංහල විරෝධී අවශ්‍යතා සපුරාලීම සඳහා පිහිටුවන ලද ආණ්ඩුවට රට දෙකඩ කරන නව ව්‍යවස්ථාව බිහිකිරීමට ඉඩක් නොතබන බවට අධිෂ්ඨාන පූජාවක් කිරීමටයි.

Thursday, 15 December 2016

හම්බන්තොට ඉඩම් හා යාපනේ ඉඩම්

හම්බන්තොට ඉඩම් හා යාපනේ ඉඩම්

හම්බන්තොට වරායේ සිදුවන්නේ කුමක් ද යන්න කිසිවකු පැහැදිලි ව කියන්නේ නැහැ. මා එයට සේවකයන්ට දොස් කියන්නේ නැහැ. ඔවුන්ට සමහර විට තම පත්වීම් සේවා කොන්දේසි ආදිය ගැන නිසි අවබෝධයක් නැති ඇති. අර්ජුන රණතුංග නම් බොහෝ දේ හංගන බව පැහැදිලියි. චීන සමාගම සමග රජය දැනට අත්සන් කර ඇති ගිවිසුමට අර්ජුන අත්සන් කර නැහැ. එයට අත්සන් කර ඇත්තේ ලේකම්වරුන් තුන්දෙනකු. අර්ජුන අත්සන් කර නැත්තේ ඔහු ගිවිසුමේ යම් යම් දේට අකමැති නිසා බව පැහැදිලියි. එහෙත් ඔහු රනිල්ට විරුද්ධ වෙන්න කැමති නැහැ. ඔහු අවසන් ගිවිසුමට අත්සන් කරාවිද? අද නම් ඔහු රනිල් වෙනුවෙන් සේවකයන් සම්බන්ධයෙන් ඉතා දැඩිව ඉන්නවා. ඕමල්පේ සෝභිත හාමුදුරුවන් තවත් අය ද සමග එකතු වී ජාතික හෙළ උරුමයේ ප්‍රතිපත්තිය අනුව මහින්දට පහර දෙනවා. ඒ සේවකයන් බඳවා ගැනීම පිළිබඳ ව. සේවකයන් බඳවා ගත්තේ පෞද්ගලික සමාගමකට. එසේ කෙළේ ඇයි ද කියා අප දැනුවත් විය යුතුයි. කෙසේ වුවත් බඳවා ගත්තේ පෞද්ගලික සමාගමකට වුවත් ඔවුන්ගේ සේවය අහෝසි නොකිරීම ආණ්ඩුවේ යුතුකමක්. චීන සමාගම සමග ඒ සඳහා  එකඟතාවක් ඇති කර ගැනීම ආණ්ඩුවේ වගකීමක්.  සෝභිත හාමුදුරුවන්ට චම්පකට ඒ බව මතක් කරන්න බැරිද?

Friday, 9 December 2016

කැප්පෙටිපොළ නිළමෙතුමා පසු වදන

කැප්පෙටිපොළ නිළමෙතුමා

පසු වදනඃ

1817 -18 මෙරට ඇති වුනේ ඉංගිරිසින්ට විරුද්ධව කරන ලද පළමු නිදහස් සටන. අප ඒ බව කියන්නේ 1998ත් කලින්. එය කැරැල්ලක් වුනේ ඉංගිරිසින්ට. ඒත් අදත් ලංකාවේ ජනමාධ්‍යවල ප්‍රබුද්ධ කියන ජනමාධ්‍යවේදීන් තවමත් ඒ නිදහස් සටනට කියන්නේ කැරැල්ල කියා. මෛත්‍රිපාල කියන්නෙ කොහොමද කියලා හරියට කියන්න බැහැ.


කැප්පෙටිපොළ නිළමෙතුමා

කැප්පෙටිපොළ නිළමෙතුමා

බොහෝ දේ ගැන කතාකරන්න තියෙනවා. හම්බන්තොට වරාය චීනයට බදු දීම, වරායේ කිහිප දෙනකු එකතු වී ලෝකයේ උසම නත්තල් ගස සෑදීමට යැම, කාදිනල්තුමාගේ නියෝජිතයා එයට පළමුව ආශිර්වාද කිරීම, පසුව කාට කාටත් දිළින්දන් මතක්වීම, දිළින්දන් නගා සිටුවීමට කිසිවකුට නොහැකිවීම, කෝප් වාර්තාව දෙවැනි වරටත් අතුරුදහන් කිරීමට පාර්ලිමේන්තු සැසි වාරය කල් තැබීමට අදහස් කිරීම, මෛත්‍රිපාල එයට දක්වන ප්‍රතිචාරය, එට්කා ආදී වශයෙන් මාතෘකා රාශියක් තිබෙනවා. ඒ අතර නොපෙනෙන මානය, බටහිර විද්‍යාව, ජාතිකත්වය, වකුගඩු රෝගය, බුදුදහම ආදී එදිනෙදා කරුණු ඉක්මවා යන මාතෘකා ද තිබෙනවා. ඒ සියල්ලම තිබිය දී අප අද කැප්පෙටිපොළ වීරයා ගැන කතා කරනවා.

Wednesday, 7 December 2016

සුමන්තිරන්ට ප්‍රශ්න පත්‍රයක්

සුමන්තිරන්ට ප්‍රශ්න පත්‍රයක්

අද දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටින භයානක ම පුද්ගලයා සුමන්තිරන්. ඔහු මෙතෝදිස්ත සභාවට අයත් වූවෙක්. ඔහු පසුගිය දිනවල උඩුවිල් බාලිකා විදුහල පිළිබඳ ප්‍රශ්නයකට ද මැදි වී සිටියා. ඒ පාසලත් මෙතෝදිස්ත පාසලක්. මේ කරුණුවලට සාමාන්‍යයෙන් ජනමාධ්‍යයෙහි එතරම් වැදගත් තැනක් ලැබෙන්නේ නැහැ. ඒ ඇයි ද යන්න ප්‍රශ්නයක්. ලේක්හවුස් ආයතනය මෙවැනි කරුණු යටගහනවා. මා ලියන ලිපි ඇතැම් අයට විද්‍යුත් තැපෑලෙන් යවනවා. ඩේලි නිවුස් කතුවරයා ඒ ලිපි භාර ගන්නේ නැහැ. ඔහු ඒවා අවුරනවා. ඒ ගැන මා පුදුම වන්නේ නැහැ. ඒත් ජී එල් පීරිස් හා මානව හිතවාදී නීතිඥයකු යැයි කියන කල්‍යානන්ද තිරාණගම ඒ ලිපිවලට වැට බඳින්නේ ඇයි ද යන්න තේරුම් ගැනීම තරමක් අපහසුයි. මා සමගාමී ලැයිස්තුව ඉවත් කිරීම විවේචනය කිරීම ජී එල්ට ප්‍රශ්නයක් වුනා ද?

Wednesday, 30 November 2016

ට්‍රම්ප්, ජාතික රාජ්‍යය හා නිදහස

ට්‍රම්ප්, ජාතික රාජ්‍යය හා නිදහස


වත්මන් බටහිර ලෝකය විකාශය වීමට පටන් ගත්තේ පහළොස් වැනි සියවසෙන් පසුව. එහි දේශපාලනික අංශය අටවැනි හෙන්රි රජුගෙන් පසුව ව්‍යාප්ත වුනා. එයට පෙර සංස්කෘතික හා ආර්ථික වශයෙන් ඒ ව්‍යාප්ත වීමට පටන් ගෙන තිබුණා. මාටින් ලුතර් පාප් වහන්සේට විරුද්ධ වූයේ අටවැනි හෙන්රිට පෙර. පාප්වහන්සේගේ ආධිපත්‍යය තිබුණේ කතෝලික චින්තනය යටතේ. එකල තිබුණේ වැඩවසම් රාජ්‍ය. පඬියන් ලංකාවේ ද වැඩවසම් ක්‍රමයක් ගැන කතා කරන නමුත් මෙරට කිසි දිනෙක වැඩවසම් රාජ්‍ය තිබී නැහැ. යුරෝපයේ වැඩවසම් රාජ්‍ය කැඩී ඇතිවුනේ ආගමික රාජ්‍ය. ඒ රාජ්‍ය පැන නැගුනේ ම කතෝලික පාප්වහන්සේට විරුද්ධව. වැඩවසම් රාජ්‍යවල නිත්‍ය දේශසීමා තිබුණේ නැහැ. එහෙත් ඇති වූ නව ආගමික රාජ්‍යවලට නිශ්චිත දේශසීමා තිබුණා. මේ රාජ්‍ය ඇතිවුනේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය යටතේ. වෙන් කිරීම, නිශ්චිත බව ඒ චින්තනයේ ලක්‍ෂණ දෙකක් වූවා.

Thursday, 24 November 2016

නොපෙනෙන මානය 1

නොපෙනෙන මානය 1

මේ ලිපි පෙළ දෙරණෙහි ප්‍රචාරය කරන වැඩසටහන ගැන නොවුනත් පසුගිය පෝයදා වැඩ සටහනෙහි මතු වූ කරුණු ද යම් ප්‍රමාණයක් සාකච්ඡා කෙරෙනවා. දෙවියන් පමණක් නොව භූතයන් අමනුෂ්‍යයන් ගැනත් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙනවා. මේ ප්‍රාණීන් පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. මේ ප්‍රාණීන්ට අමතර ව දෙවියන් වහන්සේ හා බ්‍රහ්මයන් ගැන යුදෙවු, ක්‍රිස්තියානි, ඉස්ලාම් වැනි ඒබ්‍රාහිමික ආගම්වල හා වෛදික ආගම්වල  විශ්වාස කෙරෙනවා. ඒ දෙවියනුත් පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. ඒ ආගම් අදහන්නන් ඒ දෙවියන් හා තවත් අදෘශ්‍යමාන ප්‍රාණීන් ගැන විශ්වාස කරනවා. මා ඔවුන්ගේ විශ්වාස ගැන ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. ඔවුන්ට අමතරව අදේවවාදී ද්‍රව්‍යවාදීන් ඉන්නවා. ඔවුන් පංචෙන්ද්‍රිය ගෝචර නොවන දේ විශ්වාස කරන්නේ නැහැ. අපි ඔවුන් ගැන පසුව කතා කරමු.

Tuesday, 22 November 2016

1915 මුස්ලිම් ප්‍රහාරය

1915 මුස්ලිම් ප්‍රහාරය

මේ ආණ්ඩුව ඉතා පැහැදිලිව ම තමන්ට අවශ්‍ය අන්දමට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමට උත්සාහ කරනවා. ඒ කියන්නෙ බටහිරට හා ඉන්දියාවට අවශ්‍ය අන්දමට ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නවා කියන එකයි ඒ සඳහා මාධ්‍ය මර්දනය කිරීමටත් ආණ්ඩුවට හිතෙන විධියට ලිපි වැඩසටහන් ආදිය ජාතිවාදී ලේබලය අලවා තහනම් කිරීමටත් සූදානම් වන බව පැහැදිලියි. විජයදාස රාජපක්‍ෂට ඉහළින් රනිල් ඉන්නවා. එපමණක් නොවෙයි මෛත්‍රීපාලටත් ඉහළින් බටහිරයන් වෙනුවෙන් රනිල් ඉන්නවා. සිංහලයන්ට හිමි විය තැන අහිමි වීමට යන බව පෙනෙනවා. මේ ලිපි පෙළෙන් උත්සාහ කරන්නේ මුස්ලිම් ආගමිකවාදයක් මේ රටේ ඉස්මතු වූ ආකාරය පෙන්නුම් කිරීමයි. ඇතැම් විට ආණ්ඩුව පත් කරන කසිකබල් නිලධාරියකුට මේ ලිපිත් ජාතිවාදී වෙන්න පුළුවන්.

Wednesday, 9 November 2016

යටත්විජිතවාදයේ මානව අයිතිවාසිකම්


යටත්විජිතවාදයේ මානව අයිතිවාසිකම්

මානව අයිතිවාසිකම් යන්න ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ ඵලයක්. කතෝලික චින්තනයෙන් හා යුරෝපීය වැඩවසම් රාජ්‍යවලින් මිදුණු බටහිර යුරෝපය චිත්‍ර හා ප්‍රතිමා කලාව ඔස්සේ ඉදිරියට ගියා. ඉන්පසු මාටින් ලූතර්ගේ, කැල්වින්ගේ  හා වෙනත් අයගේ නායකත්වයෙන් පාප් වහන්සේට හා කතෝලික ආගමට විරුද්ධව ප්‍රතිසංස්කරණවදයක් ගොඩ නැගුවා. ඇතැමුන් කියන්නේ එහි විරුද්ධතාවක් නොතිබූ බවයි. ඒත් ඒ හිත හදාගැනීමට කියන කතා. අදහන්නේ එකම දෙවියන්වහන්සේ වුවත් අදහන ක්‍රමවල වෙනසක් තියෙනවා. කතෝලික ආගම සාමූහිකත්වය මත පදනම් වන අතර රෙපරමාදු හෙවත් ප්‍රතිසංස්කරණවාදී ආගම් පෞද්ගලදකත්වය මත පදනම් වෙනවා. එයට අමතර ව ලූතර්  කතෝලික පල්ලියේ තිබිණි යැයි කියන දූෂණ විවේචනය කළා.

Saturday, 5 November 2016

රණවිරුවන් මහාපාරේ


රණවිරුවන් මහාපාරේ

තවත් එදිනෙදා කටයුත්තක් ගැන ලිවීමට සිදුවෙලා. ඒ රාජිතගේ ආවා චෝදනාව නොවෙයි. රාජිත කියන දේ ගැන එතරම් සැලකිල්ලක් දක්වන්න වටින්නේ නැහැ. ආවා කණ්ඩායම ගැන ඔහු චෝදනා කරන්නේ හමුදාවටයි. බුද්ධි අංශයටයි. ආවා කණ්ඩායම පාතාල කල්ලියක් වෙන්න පුළුවන්. සමහරවිට ඒ පසුපස දේශපාලන හස්තයක් තියෙන්නත් පුළුවන්. ඒ කුමක් වුවත් ඒ ගැන විනිශ්චයක් දිය යුත්තේ රාජීිත නොවෙයි. රාජිතගේ ප්‍රකාශය ආණ්ඩුව හමුදාව හා එහි බුද්ධි අංශය දුර්වල කිරීමේ, එය දුර්මුඛ කිරීමේ, මන්දෝත්සාහි කිරීමේ ව්‍යාපෘතියේ එක් පියවරක් පමණයි. ආණ්ඩුව එසේ කරන්නේ බටහිරයන්ගේ හා ඉන්දියාවේ වුවමනාවට.

Friday, 4 November 2016

චීන තානාපතිත් දේශපාලනයට

චීන තානාපතිත් දේශපාලනයට

මෙරට චීන තානාපති පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රවි කරුණානායක හා රනිල්ගේ ආණ්ඩුව විවේචනය කළා. සාමාන්‍යයෙන් තානාපතිවරු එහෙම කරන්නේ නැහැ. ඔහු දේශපාලනයට පැමිණ කීවේත් තානාපති සම්බන්ධකම් දේශපාලනීකරණයට ලක් නොකරන ලෙසයි! එය පරස්පර විරෝධීයි. චීන තානාපති එලෙස ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණීම එතරම් සුදුසු යැයි මා කියන්නේ නැහැ. ඒත් ඔහුගේ ප්‍රකාශයට කරුණු දෙකක් හේතුවන්න ඇති. පළමුවෙන් ම මෙරට බටහිර තානාපතිවරු කලක සිට ම ජනමාධ්‍යයට දේශපාලන ප්‍රකාශ කරනවා. ඔවුන් එතැනින් නවතින්නේ නැහැ. ඔවුන් දේශපාලනය කරනවා. විශේෂයෙන් උතුර සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ දේශපාලනය කරනවා.

Friday, 28 October 2016

ජී එස් පී +

ජී එස් පී +


ජී එස් පී + කියන්නෙ යුරෝපා සංගමයෙන් යම් රටවලට සපයන වැඩිපුර තීරුබදු සහන ආදිය. ජී එස් පී වගේ නොවෙයි ජී එස් පී+ දෙන්න  රටක් ඊනියා ජාත්‍යන්තර ප්‍රඥප්ති 27ක් අනුගමනය කරන්න ඕන. මේ ප්‍රඥප්ති අතර ඊනියා මානව අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම්, පරිසරය, යහපාලනය ආදියට සම්බන්ධ කොන්දේසි තිබෙනවා. අගමැති පසුගිය දා බෙල්ජියමට ගියේ මේ වැඩිපුර සහන නැවතත් ලබාගන්න. ඒ සහන රාජපක්‍ෂ ආණ්ඩුව කාලෙ නවත්තලා තිබුණා.

Thursday, 20 October 2016

මෛත්‍රිපාල දේශපාලනය


මෛත්‍රිපාල දේශපාලනය


පහුගිය දොළොස්වැනි දා මෛත්‍රිපාල කරපු ප්‍රකාශය නිසා මේ ආණ්ඩුවේ අර්බුදය මතුපිටට ඇවිත්. රාජිත සේනාරත්න මේ ප්‍රකාශය අහලා නැත්නම් එදා රාත්‍රි අටේ දෙරණ ප්‍රවෘත්ති ප්‍රකාශයෙට සවන් දෙන්න පුළුවන්. රාජිත ආවේගීව ජනමාධ්‍යයට මොනවා කියන්න ලැහැස්ති වුනත් මෛත්‍රිපාල ඒකෙ ඉතා පැහැදිලිව කියනවා හිටපු ආරක්‍ෂක ලේකම් හා නාවික හමුදා නිලධාරීන් තුන්දෙනකු උසාවියට දක්කාගෙන යෑම ගැන තම අප්‍රසාදය පළකරන බව. අනෙක් නාලිකාවලත් කියන්න ඇති. මා නරඹන්නේ කෙතරම් අඩුපාඩු තිබුණත්, අපේ මතවාදවලට තැනක් නොදුන්නත්, දෙරණ පමණක් බැවින් අනෙක් ඒවා ගැන මට කියන්න බැහැ. ඒ වගේ ම එදා මෛත්‍රිපාල කිවුවා අල්ලස් හෝ දූෂණ හෝ විමර්ෂණ කොමිසම මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසය, අපරාධ විමර්ෂණ කොට්ඨාසය වගේ ආයතන දේශපාලන අවශ්‍යතා  අනුව කටයුතු කරනවා නම් තමාට දේශපාලන තීන්දුවක් ගැනීතමට සිදුවන බව. මෙහි සඳහන් වචන ඒ ආකාරයෙන් ම යොදා ගත්ත ද කියල මට නිශ්චිතව කියන්න බැහැ. ඒත් අදහස එයයි. මෛත්‍රිපාල හිටපු ආරක්‍ෂක ලේකම් උසාවියට දක්කා ගෙන යෑම නම් පැහැදිලි ව ම කිවුවා. ඒත් පස්සෙ ඔහු සුපුරුදු විධියට රාජපක්‍ෂලව විවේචනය කළා. හිටපු ආරක්‍ෂක ලේකම් ගැන සඳහන කට බොරු කිවුවත් දිව බොරු නොකියන කතාවක් වෙන්න පුළුවන්.

Tuesday, 18 October 2016

ස්වාධීන කොමිසන් සභා ස්වාධීන ද?

ස්වාධීන කොමිසන් සභා ස්වාධීන ද?


ඉහත සඳහන් මාතෘකාව දුටු ගමන් ඇතැමුන් එහි පරස්පරයක් තියෙනව කියලා කියයි. මගේ පාසල් මිතුරකු මේ ළඟදි මගේ ලිපිවල වාක්‍ය අසම්බන්ධ හදිසියේ වෙනස්වන බව සඳහන් කර තිබුණා. තවත් පාසල් මිතුරකු කියා සිටියේ ගණිතඥයකු ලෙස මා තර්කානුකූල නැහැ කියා. පළමුවැන්නා ජාතිකත්වයට පක්‍ෂයි. දෙවැන්නා ජාතිකත්වයට විරුද්ධයි. මා කිසි දිනෙක ගණිතඥයකු වී සිටියේ නැහැ. මගේ තර්ක ගැන බොහෝ දෙනකු එතරම් පැහැදීමක් නැහැ. ඒත් මට ඇතැම් දේ නොකියා ඉන්න බැහැ.  උදය ගම්මන්පිල වැට් පනතට විරුද්ධව උසාවි ගිහිල්ලා. ඒ ගැන මගේ පැහැදීමක් නැහැ. ඔහු වැට් බද්දට විරුද්ධ වෙන්නෙ පළාත් සභාවල බලය ආරක්‍ෂා කරගන්න. බොහෝ දෙනාට මා කියන්නෙ කුමක් දැයි ප3හැදිලද වන එකක් නැහැ. පළාත් සභාවල බලය ටිකකින් හරි අඩුවෙනව නම් වැට් බද්දට වඩා එය වැදගත්. බන්දුල ගුණවර්ධන හා සිසිර ජයකොඩි කියන්නෙත් ගම්මන්පිල කියන දේ ම දැයිි පැහැදිලි නැහැ.

අල්ලස් හෝ දූෂණ හෝ විමර්ෂණ කොමිසමේ සභාපතිනිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිට යවලා. ජනාධිපති එය පිළිගත්තේ ද නැත් ද යන්න පැහැදිලි නැහැ. ඒ ගැන අද දැනගන්න ලැබේවි. සමහරවිට ඉල්ලා අස්වීම ඉල්ලා අස්කර ගන්නත් බැරි නැහැ. ඒ ගැන අප එතරම් කරදර වන්න ඕනත් නැහැ. ආණ්ඩුවේ අර්බුදය මතුපිටට එන්නෙ මේ ආකාරයට. ඒත් මේ අර්බුදය තාවකාලිකව වුනත් සමනය කරගනීවි. ආණ්ඩුව ඊනියා ජාතික ආණ්ඩුවක් කියලා කිව්වට දහනවවැනි සංශෝධනය අර්ථයෙන්වත් එහෙම ජාතික ආණ්ඩුවක් නොවෙයි. මෙය එ ජා පක්‍ෂ ආණ්ඩුවක්. අර්බුදය ඒකයි. මේ ගමන අර්බුදය මතුවුනේ මෛත්‍රිපාලගෙ පුතා මුල් කරගෙන.

මේ ඊනියා ස්වාධීන කොමිසම් වග කියන්නේ පාර්ලිමේන්තුවටයි. ඒවා අමාත්‍යාංශයකට අයත් වන්නේ නැහැ.  ප්‍රශ්නය වන්නේ මේ ඊනියා ස්වාධීන කොමිසම් කොච්චර ස්වාධීන ද කියන එකයි. කොමිසම් පත්කිරීම හා එහි ක්‍රියාකාරීත්වය ආදිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 අ පරිච්ඡෙදයේ සඳහන් වෙනවා. මේ ස්වාධීන කොමිසම් හා සභාපතිවරුන් පත්කෙරෙන්නේ ව්‍යස්ථාදායක සභාවේ නිර්දේශ මත ජනාධිපති විසිනුයි. ප්‍රශ්නය වන්නේ ව්‍යවස්ථාදායක සභාව කොපමණ ස්වාධීන ද යන්නයි. එහි සභාපතිවරයා වන්නේ කතානායක. වර්තමාන පාර්ලිමේන්තුවේ කතානායක ස්වාධීන ද? අපක්‍ෂපාත ද? යුක්ති ගරුක ද? කරු ජයසූරිය එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයට තරග කර පරාජය වූ අයෙක්. ඔහුට ඇමතිකමක් ලැබුණේ නැහැ. ඒ වෙනුවට කතානායක පදවිය ලැබුණා. ඔහුට අද එ ජා පක්‍ෂයට හා අගමැතිට විරුද්ධව වැඩ කළ හැකි ද? ඔහු තවමත් එ ජා පක්‍ෂයේ. ඒකාබද්ධ විපක්‍ෂය ඔහුගේ අපක්‍ෂපාතීත්වය ගැන කියන්නේ කුමක් ද? ඒකාබද්ධ විපක්‍ෂය ඔහුට චරිත සහතික දීමට ඉදිරිපත් වෙයි ද? ඔහු ඒකාබද්ධ විපක්‍ෂය නොපිළිගන්නේ නීතිය නිසා පමණක් ද?

ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් අතර අගමැති හා විපක්‍ෂ නායක ඉන්නවා. බැලූ බැල්මට එතැන ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා. ඒත් ඒ බැලූ බැල්මට. මේ විපක්‍ෂ නායකයා එක්සත් ජාතික පෙරමුණට විරුද්ධ ව යන අයකු නොවෙයි. අගමැති එක්සත් ජාතික පෙරමුණේ. විපක්‍ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ. අද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරියක් තේරී පත් වී ඇත්තේ එක්සත් ජාතික පෙරමුණෙන්. එය එසේ වන්නේ කෙසේ ද? ලංකාවේ ඇත්තේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ද?

ව්‍යස්ථාදායක සභාවේ එක් සාමාජිකයකු ජනාධිපති විසින් පත්කරන ලද මන්ත්‍රීවරයෙක්. මේ පාර්ලිමේන්තුවේ එසේ පත්කර තිබෙන්නේ ඇමතිවරයකු. ඔහුගේ මතය කාගේ මතය විය හැකි ද? පස්දෙනකු පත්කෙරෙන්නේ අගමැතිගේ හා විපක්‍ෂ නායකයාගේ නිර්දේශ මත ජනාධිපති විසින්. ඉන් දෙදෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුතුයි. අගමැති හෝ විපක්‍ෂ නායක හෝ අයත් නොවන පක්‍ෂයකින් මන්ත්‍රීවරයකු ද ව්‍යවස්ථාදායක සභාවට පත්වෙනවා.

ව්‍යවස්ථාදායක සභාවේ සම්මුතිය අනුව එය අපක්‍ෂපාතී ද? ස්වාධීන ද? මේ සුද්දන්ගේ බොරු ප්‍රජාතන්ත්‍රවාදයෙන් අපට උරුම කර දී තිබෙන දේ. ව්‍යවස්ථාදායක සභාවේ දහදෙනාගෙන් නව දෙනකු ම පත්කෙරෙන්නේ ජනාධිපතිට අගමැතිට හා විපක්‍ෂ නායකට අවශ්‍ය ආකාරයට. අර ස්වාධීන කොමිසම් කියන ඒවාට සාමාජිකයන් හා සභාපතිවරුන් නිර්දේශ කෙරෙන්නේ මේ ව්‍යවස්ථාදායක සභාවෙන්. ව්‍යවස්ථාදායක සභාව ස්වාධීන ද කියන එක තමයි ප්‍රධාන ම ප්‍රශ්නය. අප මෙතරම් රැවටෙන්නේ ඇයි?

ව්‍යවස්ථාදායක සභාව අපක්‍ෂපාතීවත්, ස්වාධීනවත් වන්නේ නැහැ. ඒකෙන් පත්කෙරෙන ඊනියා ස්වාධීන කොමිසම් සභා ගැන කියනුම කවරේ ද? 



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 18


Saturday, 15 October 2016

මහාවංසය හා ධර්මපාලතුමා සමග ඉදිරියට

මහාවංසය හා ධර්මපාලතුමා සමග ඉදිරියට


https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3D0ZyU3s5SjRw%26feature%3Dyoutu.be&h=tAQE-LBcEAQFCjCQh9-P82uB8hH0YrsA4SulTT5CRWjs9Bg

Monday, 10 October 2016

බටහිර සතුරෝ හා මිතුරෝ


බටහිර සතුරෝ හා මිතුරෝ


අප බොහෝ දෙනකු බොහෝ කලක  සිට කියන දෙයක් මහින්ද රාජපක්‍ෂ පසුගිය ඔක්තෝම්බර් 09වැනි ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත සමග කරන ලද සාකච්ඡාවක දී ප්‍රකාශ කරලා. බටහිරයන් තමා සමග තරහ වීමට හේතුව ඔවුන් කියන දේට සවන් නොදී දෙමළ ත්‍රස්තවාදය අවසන් කිරීම බව මහින්ද රාජපක්‍ෂ එහි කියා තිබෙනවා. මේ සාකච්ඡාවේ අදාළ කොටස මේ පිටුවේ එදින ම පළ කෙරුවා.  එහි සඳහන් අන්දමට බටහිරයන් මෙහෙයුම් නතර කිරීමට කියා තිබෙන නමුත් මහින්ද එයට අවනත වෙලා නැහැ.

Sunday, 9 October 2016

ට්‍රම්ප් දිනයි ද?

ට්‍රම්ප් දිනයි ද?


ඇමරිකන් එක්සත් රාජ්‍යවල ජනාධිපතිවරණයට ඇත්තේ මසකටත් අඩු කාලයක්. අද මුළු ලෝකයේ ම කෙසේ වෙතත් බටහිරින් දැනුම ලබාගන්නා මිනිසුන් අතර මේ ජනාධිපතිවරණය ගැන උනන්දුවක් තිබෙනවා. අප කෙතරම් දුරට බටහිරින් මෙහෙයවනවාද කියනවා නම් අප මුළු ලෝකය ලෙස සාමාන්‍යයෙන් හඳුනාගන්නේ බටහිර ජනමාධ්‍යයේ ප්‍රචාරයට හසුවන ප්‍රදේශයි. ට්‍රම්ප් කෙනකු ගැන නොඇසූ කෝටි ගණනක් ලෝකයේ ඇති. එමෙන් ම ඇමරිකන් එක්සත් රාජ්‍යවල පුවත්සේවාවන්හි අධිපතිවාදී හැඟීම නිසා ඒ රටේ වෙනත් රටවල්, විශේෂයෙන් ම සුදු නොවන රටවල් ගැන ඇත්තේ ඉතා අල්ප උනන්දුවක් ඒ වුනත් අපට ඒ රටේ ජනාධිපතිවරණය වැදගත්. ලෝක ආධිපත්‍ය¬ය ඇති රටේ ජනාධිපතිවරණය ගැන අපට උනන්දුවක් දැක්වීමට සිදුවෙනවා.

Saturday, 8 October 2016

එට්කා බැටකා

එට්කා බැටකා

රනිල් ඉන්දියාවේ දී එට්කා ගැන ප්‍රකාශයක් කර තිබුණා. රනිල් පොත් කියවන්නකු ලෙස, බුද්ධිමතකු ලෙස, ප්‍රසිද්ධියට පත් කිරීමේ වෑයමක් අද ඇතැමුන් අතර පවතිනවා. පසුගිය දා වික්ටර් අයිවන් එක්තරා සඟරාවක් සමග පවත්වන ලද සාකච්ඡාවක දී ද මේ උගත්කම ගැන කියා තිබෙනවා. ජාතික හෙළ උරුමයේ රතන හිමි වරක් පැවසුවේ රනිල්ට ජාතික චින්තනය ගැන ද හොඳ අවබෝධයක් තිබෙන බවයි. රනිල් නූතනත්වයේ මිනිසකු නූතන මිනිසකු බව වික්ටර් අයිවන් ඉහත සඳහන් සාකච්ඡාවේ දී පවසා තිබෙනවා. නූතනත්වය දැන් අවුරුදු පන්සියකට වඩා පරණයි. ලෝකය දැන් වෑයම් කරන්නේ නූතනත්වයෙන් එළියට යෑමටයි. එ අර ඊනියා පශ්චාත්නූතනත්වයට නම් නොවෙයි. රතන හිමි කෙසේ වෙතත් එක්තරා කාලයක චම්පක නම් පශ්චාත්නූතනවාදයත් සමග සම්බන්ධකම් පැවැත්වූවා. රනිල් පශ්චාත්නූතනවාදියකු ද කියා වික්ටර් අයිවන් කියා නැහැ.