Main Logo

Friday 30 September 2016

සිංහලයා මෝඩයා


සිංහලයා මෝඩයා

සිංහලයා මෝඩයා කැවුන් කන්න යෝධයා යන්න කාගේ නිර්මාණයක් ද කියා මා දන්නේ නැහැ. එය සිංහලයන්ගේ කියමනක් නොවන බව නම් පැහැදිලියි. ඒ සිංහලයන් තමන්ට ම මෝඩයන් කියා නොගන්නා නිසා යැයි පඬි ප්‍රතිචාර දක්වන අයකු කියන්න බැරි නැහැ. මා දැන් ප්‍රතිචාර කියවන්නේ නැත්තේ පඬි ප්‍රතිචාර කියවීම සෞඛ්‍යයට අහිතකර නිසයි. මෙහි ප්‍රතිචාර දක්වන ඇතැමුන් සිතන්නේ මා කිසිවක් නොදන්නා මෝඩයකු කියායි. ඇතැම් විට මා ප්‍රශ්න අසන්නේ පිළිතුරු බලාපොරොත්තුවෙන් නොව, ඔබ සිතාගෙන සිටින කරුණුවල විසංවාද ඇති බව ඔබට ම තේරුම් ගැනීමටයි. 

Thursday 29 September 2016

නොදැනුම


නොදැනුම


බුදුදහම හා අනෙක් දැනුම් අතර ඇති ප්‍රධාන ම වෙනස බුදුදහම අවසානයේ දී දැනුම නොදැනුම බවට පත්කිරීමයි. මෙහි නොදැනුම යන වචනය මා යොදා ගන්නේ වෙනත් වචනයක් නැති නිසයි. බොහෝ බෞද්ධයන් මෙයට විරුද්ධ වනු නොදනුමානයි. බුදුදහම  ආගමක් ද දර්ශනයක් ද ආදී ප්‍රශ්න නිතර කතාබහට ලක්වෙනවා. මගේ නම් අදහස බුදුදහම ව්‍යවහාරාර්ථයෙන් දැනුම් පද්ධතියක්වත් නොවන බවයි. කොහොමටත් පඬියන් අද ආගම යන්න නිර්වචනය කරන්නේ ක්‍රිස්තියානිය ආගමක් ලෙස උපකල්පනය කර එයට සාපේක්‍ෂවයි. මේ නිර්වචන, අර්ථදැක්වීම් මිනිසුන්ගේ බව මිනිසුන්ට අමතක වෙනවා. ආගම යන්නෙහි නිර්වචනය වෙනස් කළ විට කලින් ආගම් නොවූ සමහරක් ආගම් බවටත් ආගම් වූ සමහරක් ආගම් නොවීමටත් ඉඩ තිබෙනවා.  ක්‍රිකට් තරගයක දී හතරේ සීමාව වෙනස් කිරීමෙන් හරි හතරක් වෙනුවට ලකුණු පහක් දීමෙන් හරි වෙනත් ක්‍රමයකින් හරි තරග ප්‍රතිඵලය වෙනස් කරන්න පුළුවන්. වෙනත් ක්‍රිඩාවලත් තත්වය එසේමයි. විභාගවල ලකුණු පටිපාටි වෙනස් කිරීමෙන් නිර්ණායක වෙනස් කිරීමෙන් ප්‍රතිඵල වෙනස් කරන්න පුළුවන්.

මේ සාපේක්‍ෂ බව බොහෝ දෙනාට තේරෙන්නේ නැහැ. ඔවුන් ඒවාට ඊනියා වාස්තවිකත්වයක් ආරෝපණය කරනවා. මරණින් මතු සිදුවන්නේ කුමක් ද? එය දැනගන්නේ කෙසේ ද? පංචෙන්ද්‍රියන්ගෙන් පමණක් එය දැනගත නොහැකියි. මෙහි දීත් සෑමවිටකමත් මා පංචෙන්ද්‍රියන්ගෙන් පමණක්් කියා කියන්නේ මනස නැතිව යන්නට නොවෙයි. මනස නොමැතිව පංචෙන්ද්‍රියන්ට පමණක් ක්‍රියාකාරීවීමට බැහැ එහෙත් පංචෙන්ද්‍රිය නැතිව මනසට ක්‍රියාකාරී වෙන්න පුළුවන්.

මනස ශරීරය අතරත් අන්තර් ක්‍රියකාරකම් තිබෙනවා. එහෙත් ඒකෙන් කියැවෙන්නෙ නැහැ මනස කියන්නෙ මොළයේ ප්‍රතිඵලයක් කියලා. එහෙමත් නැත්නම් මනස මොළයට ඌනනය කරන්න පුළුවන් කියලා. මනසේ ශක්තිය දියුණු කරගත්තොත් ශරීරය උඩින් ගෙන යන්න පුළුවන්. වෙනත් ශරීර බවට හරවන්න පුළුවන්. එහෙම කරපු අය ලංකාවෙ විතරක් නොවෙයි සුද්දන් යන්න ඉස්සර ඇමරිකා මහාද්වීපයේ වාසය කරපු අයටත් තිබිලා තියෙනවා. දොන් ජුවාන්ගෙ දැනුම සහ තවත් පොත්වල ඒ බව සඳහන් වෙනවා.  ඒත් අද ඒ මානසික ශක්තිය තියෙන අය එක්කෝ ඇත්තේ ම නැහැ, එහෙමත් නැත්නම් ඉතා අඩුවෙන් ලෝකයේ ඉන්නෙ.

ඒත් මේ කිසිවකින් කියැවෙන්නෙ නැහැ මනස කියලා දෙයක් තියෙනවා කියලා. ද්‍රව්‍ය හා විකීරණ ලෙස සැලකෙන සියල්ල මනසේ නිර්මාණ වගේ, මනසේ සංස්කරණ වගේ, මනසත් මනසේ ම නිර්මාණයක්. ඒක තේරුම් ගන්න බැරිව අප සංසාරයේ සැරිසරනවා. මනසක් කියලා දෙයක් පවතිනවා කියලා හිතන බෞද්ධයන් නිවන් අවබෝධයේ දී මනසට සිදුවන්නෙ කුමක් ද කියලා කියන්න ඕන.

නිවන් අවබෝධයේ දී මනස නැතිවෙනවා ද? එවිට එය උච්ඡෙදවාදයක් වෙනවා. නැත්නම් මනස සදාතනික ව පවතිනව ද? එවිට එය ශාස්වතවාදයට අයත් වෙනවා. එහෙමත් නැත්නම් වෙනත් දෙයක් සිදුවෙනවා ද? මා ත්‍රිපිටකය සම්පූර්ණයෙන් ම කියවලා නැහැ. සූත්‍ර කිහිපයක් පමණයි කියවා තියෙන්නෙ. අටුවාව කියවලා ම නැහැ කියන්න පුළුවන්. ඒවා කියවලා තියෙන අයට මා ගරු කරනවා. ඒත් ඔවුන් කියන සියල්ල පිළිගැනීමට මා සූදානම් නැහැ. මනස පවතින්නෙත් නැහැ නොපවතින්නෙත් නැහැ කියලා කොහේවත් කියලා තියෙනවා ද? එහෙමත් නැත්නම් මනස පවතිනවා ඒ වගේ ම නොපවතිනවා කියලා කොහේවත් කියලා තියෙනවා ද?

බුදුන්වහන්සේ තවත් දැනුමක් දේශනා කළේ නැහැ. කෙනකුට එසේ කියන්නත් පුළුවන්. සූත්‍ර පිටකයේ තිබෙන්නෙ දැනුම නොවේ ද කියලා අහන්නත් පුළුවන්. ඒ එක්තරා අයුරකින් දැනුමක් තමයි. ඒත් එය සොක්‍රටීස් හරි චීන දාර්ශනිකයකු හරි වෙනත් අයකු හරි උගන්නපු දැනුමක් වගේ දෙයක් නො වෙයි. ඒ අනෙක් දැනුම් සමහරක් අප ඉගෙන ගන්නවා. අපට ඒ සියල්ල ඉගෙන ගන්න පුළුවන් කියලා හිතන්න බැහැ.  
 
මට තේරෙන විධියට බුදුන්වහන්සේ අපට ඉගැන්නුවෙ දැනුම කියලා හැඳින්වෙන දේ නොදැනුම බවට පත්කරගන්නයි.  බුදුන් වහන්සේ දාර්ශනිකයකුවත්, කවියකුවත්, ගුරුවරයකුවත්, වෛද්‍යවරයකුවත්, ඉංජිනේරුවරයකුවත්, විද්‍යාඥයකුවත් වන්නේ නැහැ. උන්වහන්සේ අපට කියා දුන්නේ තනන්න, නිර්මාණය කරන්න, සංස්කරණය කරන්න, සංස්කරණය කළ  දැනුම එකතු කරන්න නොවෙයි. 

බුදුන්වහන්සේට ගුරුවරයකු වෙදාණන් කෙනකු ආදී වචන යොදා ගැනෙනවා. ඒ සාමාන්‍ය ලෙඩ ගැනවත්, දැනුම ගැනවත් නොවෙයි. උන්වහන්සේ අනිච්ච දුක්ඛ අනත්ත ගැන ඉගැන්වුවා. ඒ සාමාන්‍ය සංකල්පවලින් තේරුම් ගන්න බැහැ. ඒ සංකල්පවලින් ඔබ්බෙන් තියෙන නොදැනුමක්. මේ ලෝකයේ හිස් බව අවබෝධ කර නොගත් අප අවිද්‍යාව හේතුවෙන් සංස්කරණය කරනවා. බුදුන්වහන්සේ අවිද්‍යාව කියලා දේශනා කෙළේ අනිච්ච දුක්ඛ අනාත්ම නොදැනුම. ඒ නොදැනුම නිසා අප දැනුම සංස්කරණය කරනවා. 


මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා
2016 සැප්තැම්බර් 29

Wednesday 28 September 2016

විග්නේස්වරන්ගේ දේශපාලනය

විග්නේස්වරන්ගේ දේශපාලනය

විග්නේස්වරන් කියන විධියට සිංහල මිනිසුන් උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි ව සිට නැහැ. ඔහුට අනුව අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ එහි පදිංචි ව සිට ඇත්තේ දෙමළ ජනයා යි. ඔහු දෙමළ ජනයාට නැගිටිව් කියා කියනවා. පැහැදිලිව ම ඒ සිංහලයන්ට විරුද්ධවයි. පෘතුගීසීන් මෙරටට පැමිණෙන විටත් යාපනයේ බහුතරය සිංහලයන් ය කියා ලියා ඇත්තේ සිංහලයකු නොව පෘතුගීසි පූජකවරයකු හා ඉතිහාසඥයකු වූ ක්වේරෝස් පියතුමා. වත්මන් නැගෙනහිර පළාතේ එකල සිටි සිංහලයන් 1817-18 නිදහස් සටනේ දී ඉංගිරිසින්ට විරුද්ධව නැගී සිටියා. එකල එහි දෙමළ ජනයා සිටි බවක් කොහේවත් සඳහන් වන්නේ නැහැ. විග්නේස්වරන් කියන්නේ දෙමළ ජනයා එහි සිටි නමුත් ඔවුන් ඉංගිරිසින්ට පක්‍ෂ වූ බව ද? පෘතුගීසීන්ගේ තාඩන පීඩනවලට ලක් වූ මුස්ලිම් ජනයා වත්මන් නැගෙනහිර පළාතේ පදිංචි කරනු ලැබුවේ සෙනරත් රජු විසින්. ඉංගිරිසින් 1817 -– 18 නිදහස් සටනෙන් පසුව සිංහලයන් සමූලඝාතනය කර ඒ පෙදෙස්වල දකුණු ඉන්දියාවෙන් ගෙනා දෙමළ කම්කරුවන් පදිංචි කෙරුවා. උතුරේ වෙල්ලාලයන් අදටත් නැගෙනහිර පළාතේ දෙමළ ජනයාට සලකන්නේ නැහැ. ඒ තබා උතුරු පළාතේ වෙල්ලාල නොවන දෙමළ ජනයාට සලකන්නේත් නැහැ. මේ උතුරු පළාතේ වෙල්ලාල නොවන දෙමළ ජනයා සිංහලයන්ගෙන් පැවත එන්නන්. ඔවුන් දෙමළ සමාජයට අවශෝෂණය කෙරුණේ ඊනියා පහත් කුලවලට අයත් වූවන් ලෙස. 

Tuesday 27 September 2016

විග්නේෂ්වරන් හා චන්ද්‍රිකා

විග්නේෂ්වරන් හා චන්ද්‍රිකා නැරඹීමට පහත සඳහන් සබැඳියට යන්න


https://www.youtube.com/watch?v=oKqEE8TJ4_E

2012 කෙටුම්පත


2012 කෙටුම්පත

ජාතිකවාදීන් ඇතැම් විට කියන්නේ මහින්ද රාජපක්‍ෂ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්න කිසිවක් කෙළේ නැහැ කියලා. 2009 නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පස්සෙ ඔහුට ලැබුණු අවස්ථා ඔහු මහගැරිය බව ජාතිකවාදීන් ඇතැම් විට කියනවා. දෙමළ ජාතිවාදයට ලන්දේසි කාලයේ සිට ඉතිහාසයක් තියෙනවා. මෙරට දෙමළ ජනයාගේ ඉතිහාසයත් ඉන් ඔබ්බට යන්නේ නැහැ. දෙමළ ජාතිවාදී දේශපාලනය නිල වශයෙන් ඇරඹුණේ දහනවවැනි සියවසේ ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමත් සමග. එය ක්‍රමයෙන් විකාශය වෙලා ප්‍රභාකරන් අවසානයේ දී සිංහලයන්ට උතුරු හා නැගෙනහිර පළාත් අහිමි කිරීම සඳහා ආයුධ අතට ගත්තා. ඒ දෙමළ ජාතිවාදී දේශපාලනයේ  විකාශයක් තිබුණා. ප්‍රභාකරන් ඒ විකාශයේ අවසන් ප්‍රතිඵලය.

Monday 26 September 2016

විග්නේස්වරන් දෙමළ ජාතිවාදියා

විග්නේස්වරන් දෙමළ ජාතිවාදියා


විග්නේස්වරන් කියන්නෙ හිටපු විනිශ්චයකාරයෙක්. ඒ වගේ ම පොන්නම්බලම් රාමනාදන් හා පොන්නම්බලම් අරුණාශලම්ගෙ ඥාති මුණුබුරෙක්. විග්නේස්වරන් දෙමළ වීම නිසා මේ රටේ නැතිවුණු පදවිය මොකක් ද? අග්‍රවිනිශ්චයකාර පදවිය ද? විරුද්ධපක්‍ෂ නායකකම ද? ඒ පදවි අද දරන්නෙ දෙමළ ජනවාර්ගිකයන්. ඇමතිකම් දරණ දෙමළ ජනවාර්ගිකයන් කවදත් හිටියා. විග්නේස්වරන්ට ඒ පදවි නොලැබුණෙ දෙමළකම නිසා නොවෙයි. ඒත් ඔහුට නොලැබෙන පදවි දෙකක් තියෙනවා. ඒ අගමැතිකම හා ජකනාධිපතිකම. ඒත් මේ රටේ රජකම හිමිවෙච්ච කාලිංගයො පාණ්ඩ්‍යයො විතරක් නොවෙයි වඩිගයොත් හිටියා. ඒ කවුරුත් විතරක් නොවෙයි 1815 දි රට භාරගත්ත ඉංගිරිසිනුත් මෙරට සිංහල බුද්ධාගමේ විශේෂත්වයත් සිංහල සිරිතුත් පිළිගත්තා. විග්නේස්වරන් බෞද්ධ වෙන්න ඕන නැහැ. 1815 ගිවිසුමේ තිබුණු කොන්දේසි රකින බව පොරොන්දු වෙනවා නම් ජනාධිපතිවුනත් වෙන්න පුළුවන්. ඒත් විග්නේස්වරන් ඒකට කැමති වෙන්නෙ නැහැ. ඔහු තම සීයා කෙනකු වූ පොන්නම්බලම් අරුණාශලම් අවුරුදු සියයකට පමණ ඉහත හින්දු මහා සභාව පිහිටු වූ ආකාරයට දෙමළ මහා සභාවක් පිහිටුවා ගෙන.  සීයාත් මුණුබුරාත් තේරුම් නොගත් නොගන්න කාරණය තමයි මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය විශේෂය කියන එක. ඒක කසිකබල් මාක්ස්වාදීන්ට, මාක්ස්වාදය කටගාගත්තවුනට, බොරු සමාජවාදීන්ට තේරෙන්නෙත් නැහැ.

රාමනාදන්ලා අරුණාශලම්ලා වගේ ම විග්නේස්වරනුත් දෙමළ ජාතිවාදියෙක්. සිංහල බෞද්ධ සංස්කෘතියෙ විශේෂත්වය නොපිළිගන්නා ඕනැම අයකු සිංහල විරෝධී ජාතිවාදියකු වෙනවා. එ ජා ප දෙමළ ජාතික සංධානය මෛත්‍රිපාල කණ්ඩායම, ජ වි පෙ, සමසමාජ, කොමියුනිස්ට්, පෙරටුගාමී ආදී සියල්ලන් ම සිංහල බෞද්ධ විරෝධී ජාතිවාදීන්. විග්නේස්වරන් කෙනකු අද බිහිවෙලා ඉන්නෙ දහතුන්වැනි සංශෝධනය හා පළාත්සභා පනත නිසා. 2012 දි පළාත්සභාවල බලතල නැතිකිරීමට පනත් කෙටුම්පතක් කැබිනට් මණ්ඩලයට ඇවිත් තිබෙනවා.  ඒකට වාසුදේව, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර, රාජිත  ආදීන් විරුද්ධ වෙලා තිබෙනවා. මුළු රටේ ම ඡන්ද විසිපන්දාහක් නැති මොවුන්ට කැබිනට් මණ්ඩලය යට වුනේ මොකද කියන එක හිතාගන්න අමාරුයි. මේ පිළිබඳ විස්තර කවුරුන් හරි අදවත් හෙළිකරනවා නම් හොඳයි.

මහින්ද පරාද කරන්න ඩිව් මහත් උත්සාහයක් අරගෙන තිබෙන බවත් කියැවෙනවා. රාජිතත් එසේමයි. ඒත් අදත් ඩිව් ඒකාබද්ධ විපක්‍ෂෙ ඉන්නවා. නමුත් පාද යාත්‍රාවට සම්බන්ධ වෙන්නේ නැහැ. ලංකා කොමියුනිස්ට් පක්‍ෂය ඇතැම් අවස්ථාවල අතීතයේත් එ ජා පක්‍ෂයට හෝ ඔවුන්ගේ පූර්වගාමින්ට හෝ සහාය දී තිබෙනවා. අද ලාල් විජේනායක ජයම්පති වික්‍රමරත්න වැනි සමසමාජ පාක්‍ෂිකයනුත් මහින්දට හා සිංහලයන්ට විරුද්ධව යහපාලන නඩයට  සහාය දෙනවා. 1972 ව්‍යවස්ථාවේ බුද්ධාගමට තැන දෙන වගන්තිය කොල්වින් ආර් ද සිල්වා ඇතුළත් කෙළේ බණ්ඩාරනායක මැතිණියගේ අවශ්‍යතාවට. එය 1815 ගිවිසුමෙත් ගැමුණු රජුගේ අලිඛිත ව්‍යවස්ථාවේත් තිබුණු බව ලාල් විජේනායකලාට අමතක වෙනවා. අවුරුදු දෙදහසකට වැඩි කාලයක එය ක්‍රියාත්මක නොවුනේ 1848 සිට 1972 දක්වා අවුරුදු එකසිය විසිහතරක් පමණයි. 

නමුත් 1848න් පසූුවත් සුද්දන්ගෙ කාලෙදිත් එහි බලපෑම තිබුනා. 1815 ගිවිසුම කිසිවකුට ලෙහෙසියෙන් ඉවත දාන්න බැහැ. මෙරට බෞද්ධ සිද්ධස්ථාන හැරෙන්න වෙනත් ආගමික ස්ථානයක් ඉදිකිරීමේ දී ආණ්ඩුකාරයාගේ විශේෂ අවසරයක් ගත යුතු බවට නීතියක් ඉංගිරිසින් දහනවවැනි සියවසේ අග පැනෙවූවා. මේ නීතිය අදටත් වලංගුයි. විනිසුරුුවකුව සිටි විග්නේස්වරන් ඒක නොදන්නවා වෙන්න බැහැ. ඔහු කියනවා බුදුපිළිම වහන්සේ ඉදිකරන විට ඔවුන්ගෙන් අහන්නේ නැතැයි කියලා. ඔහුගෙන් අහන්නෙ මොන කෙංගෙඩියට ද? හින්දු කෝවිලක්, මුස්ලිම් දේවස්ථානයක්, ක්‍රිස්තියානි දේවස්ථානයක් ඉදිකරන විට නම් ජනාධිපතිගෙන් අවසර ගත යුතුයි. ඒත් ඒක කෙරෙන්නේ නැහැ. සුද්දන්ගෙ කාලෙ තිබුන නීතිවත් අද ක්‍රියාත්මක නොවන්නෙ සිංහල නායකයන්ගෙ නිවටකම නිසා. 

විග්නේස්වරන් දෙමළ ජනයා එක්විය යුතු යැයි කියනවා. ඒ සිහලයන්ට, බෞද්ධයන්ට හා හමුදාවට විරුද්ධව බව පැහැදිලියි. අද ධර්මපාලතුමා හිටියා නම් සිංහලයන් නැගිටිව් කී විට ජාතිවාදියකු ලෙස නම්කර අත්අඩංගුට ගැනීමට ඉඩ තිබෙනවා. ඒත් විග්නේස්වරන් අත්අඩංගුවට ගන්නේ නැහැ. ඔහු පිටුපස එංගලන්තය සිටිනවා. එංගලන්තය ප්‍රමුඛ බටහිරයන් විසින් මෙහෙයවෙන විසුරුණු දෙමළ ජනයා ඉන්නවා. ඔහුගේ ශක්තිය ඇත්තේ පිටරටයි.  විග්නේස්වරන් හා සම්බන්ධන් අතර වෙනස විග්නේස්වරන් පිටුපස ඉංගිරිසින් සිටීමත්, සම්බන්ධන් පිටුපස ඉන්දියාව සිටීමත්. සුමන්තිරන් මෙතෝදිස්ත බැතිමතකු ලෙස මෙහි දී ද්විත්ව රංගනයක යෙදෙනවා.

විග්නේස්වරන් හමුදාව උතුරෙන් ඉවත්කරගන්නා ලෙස ඉල්ලනවා. සිංහලයන් හමුදාව තමන් ඉන්න ප්‍රදේශවලින් ඉවත්කරන්නැයි කිවුවොත් හමුදාව නවත්වන්නෙ ඉන්දියාවෙ ද නැත්නම් මාලදිවයිනේ ද? හමුදා කඳවුරක් සාලාව ප්‍රදේශයේ තිබීම නිසා වූ හානිය ගැන අදටත් වන්දි ගෙවලා නැහැ. ඒ විතරක් නොවෙයි ඒ පිපිරීම කළ එකක් ද වුනු එකක් ද කියාවත් අද වන තුරු හරියට දන්නේ නැහැ. හමුදාවේ බුද්ධි අංශය දුර්වල කරද්දි රණවිරුවන් සිරගත කරද්දි මේ පිපිරීම ගැන නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි. විග්නේස්වරන් වැන්නන් ඉන්නතාක් උතුරේ හමුදා ශක්තිය තව තවත් තර කළ යුතුයි. හමුදාවට දෙමළ ජනයාගේ ඉඩම් අරගෙන තිබේ නම් කල යුත්තේ ඒවාට වන්දි ගෙවීමයි. කොහොමටත් හමුදාවට උතුරේ සිංහලයන්ගේ ඉඩම් ගන්න බැහැ. ඒ එහි සිංහලයන්ට ඉඩම් නැති නිසා. සිංහලයන්ට ඉඩම් ගන්න දෙන්නෙ නැති නිසා.

රාමනාදන්ලා ඇරඹි දෙමළ ජාතිවාදී දේශපාලනය ප්‍රභාකරන් දක්වා විකාශය වූවා. එය නන්දිකඩාල් කලපුවේ දී මේජර් කමල් ගුණරත්නගේ පනස්තුන්වැනි සේනාංකයෙන් අවසාන වශයෙන් පරාජය කෙරුණා. එය එක් සේනාංකයක වැඩක් නොවෙයි. ත්‍රිවිධ හමුදාවේත් සිවිල් අරාක්‍ෂක බලකායේත් ජයග්‍රහණයක්. දෙරණ කාලෝගේ ජූරිය මගින් වැඩක් නැති ඉංගිරිසි ගැත්තන්ටත් සම්මාන දෙන අතර ත්‍රිවිධ හමුදාවටත් සම්මානයක් දී තිබීම ගැන සතුටු වෙනවා.  නන්දිකඩාල් කලපුවේ ලත් ජයග්‍රහණය නීති පොතට ඇතුල්නොවීමේ පාපය අප අද ගෙවනවා. එය නීති පොතට ඇතුල්කිරීමට 2012 දී දැරු උත්සාහය කඩාකප්පල් කළ අය විග්නේස්වරන් යළි ප්‍රභාකරන් කෙනකු බිහිකිරීමට දරණ උත්සාහය ගැන වග කිවයුතුයි.

බණ්ඩාරනායක ඝාතනයෙන් අවුරුදු පනස්හතකට පස්සෙ මේ ලිපිය ලිවීමට සිදුවීම ගැන පනස්හයේ දරුවන් ලජ්ජා විය යුතුයි.


මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.

https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/


නලින් ද සිල්වා
2016 සැප්තැම්බර් 26   
 

Sunday 25 September 2016

අනිච්චා වත සංඛාරා


අනිච්චා වත සංඛාරා

ජාතික හෙළ උරුමය ගැන මතක වස්ත්‍ර පූජා කරලා. සෝභිත හාමුදුරුවොයි රතන හාමුදුරුවොයි ඒකෙ තනතුරු අත්හැරලා අත්හරින එක හොඳ දෙයක්. බෞද්ධයන්ට හාමුදුරුවරු නිතර කියන්නෙ අත්හරින ලෙසයි. සමහරු අත්හරින එක පමණක් අත්හරිනවා. සෝභිත හාමුදුරුවන්ගෙයි රතන හාමුදුරුවන්ගෙයි අත්හැරීම රඟපෑමක් වෙන්නත් පුළුවන්. මා ඒ ගැන නිශ්චිත යමක් කියන්නේ නැහැ. කරු පරණවිතාන නමින් දැන් ප්‍රසිද්ධ කරුණාරත්න පරණවිතාන නම් අත්හැරලා නැහැ. ඔහු බදාගෙන. ජාතික හෙළ උරුමයේ සභාපතිකම බදාගෙන තියෙන්නෙ කරු පරණවිතාන නියෝජ්‍ය ඇමතිතුමා. චම්පක තාමත් පක්‍ෂෙ ලේකම්.

Saturday 24 September 2016

ගැමුණු රජතුමා, ධර්මපාලතුමා හා දෙරණ

ගැමුණු රජතුමා, ධර්මපාලතුමා හා දෙරණ

චින්තන පර්ෂදයේ අයකුගෙන් මා විමසුවා මුහුණු පොතේ ප්‍රතිචාරවලට පිළිතුරු නොදෙන්නේ ඇයි ද කියා. ඔහු කියා සිටියේ ප්‍රතිචාර ඔස්සේ ගොඩනැගෙන සාකච්ඡා මාතෘකාවෙන් පිට යන බවත් අවසානයේ දී කුණුහරුපවලින් කෙළවර වන බවත්. මා එතනින් එහාට කතාකරන්න ගියේ නැහැ. අපි දැන් මාතෘකාවට එමු.

මෛත්‍රිපාල ඔබාමාත් සමග ගත් ඡායාරූපය, ඩලස් මෙන් නොව ඉංගිරිසි දන්නා මංගලගේ යුනියන් එක, එහෙමත් නැත්නම් බෑන් කි මූන් ථෙරවාදී රටවල් දෙකක් වන මියන්මාරයේ හා ලංකාවේ යුනියන් ගැන කී කතාව, මෙරට මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය ගැන මා අලුතින් දැනගත් කරුණු, ග්ලයිෆොසේට් තහනම ඉවත්කිරීමට කටයුතු කිරීම, ආදී ප්‍රශ්න රාශියක් තිබිය දී මේ මාතෘකාවට ප්‍රමුඛත්වය දුන්නේ දෙරණ විශිෂ්ට ලාංකිකයන්ට දී ඇති ප්‍රදාන ගැන සිත යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස. ගුණදාස අමරසේකර ජාතික චින්තනය අල්ලා දමන ලෙස මට කියද්දී, ජී එල් පීරිස් හා අද ඒකාබද්ධ විපක්‍ෂයේ වැදගතුන් බවට පත් වී සිටින එකල මහාචාර්යවරුන් වූ අයට අනුව මා කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික චින්තනය උගන්වද්දී, දෙරණ බලධාරීන් කිහිප දෙනකු,  කොළඹ විශ්වවිද්‍යාලයේ උගත් ශිෂ්‍යයන්. ඔවුන් මගෙන් ඉගෙනගත් බවක් ඉන් කියැවෙන්නේ නැහැ. මා මේ කරුණු කියන්නේ දෙරණ ගැන අහිතකින් නොවෙයි.

Friday 23 September 2016

සරල රේඛාවක් කියන්නෙ කුමක් ද

සරල රේඛාවක් කියන්නෙ කුමක් ද

මුහුණු පොතේ ප්‍රතිචාරවලට පිළිතුරු දීමට මට පුළුවන්. ඔවුන්ගේ ප්‍රතිචාරවල ඇති අතාර්කිකබව, නොදැනුවත්කම  බොරු පඬිබව පෙන්වාදීමට හැකියි. ඒත් මේ ප්‍රතිචාරවලට පිළිතුරු දීමට ගියොත් මට වෙන කිසිවක් ලියන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. මේ කතාවලට පිළිතුරු දීම චින්තන පර්ෂදයේ සිටි හා සිටින අයට පැවරෙනවා. ඒත් ඔවුන් එය කරන බවක් පෙනෙන්නේ නැහැ. එය තරමක් කණගාටුවට කරුණක්.
පුවත්පත්වල ඇති වූ වාදවල දී මා පිළිතුරු දී තිබෙනවා. එහි දී කතුවරයාගේ කතුරට ඇතැම් දේ කැපෙනෙවා. කතුවරු තමන්ට අවශ්‍ය තැනක දී විවාදය නවත්වනවා. මැතක දී මේ සම්බන්ධ හොඳම උදාහරණය විදුසර කතුවරයා අශෝක අමරතුංග සමග පැවැත්වූ වාදය නැවැත්වීමට ගත් පියවර. මෙරට තර්ක කිරීමට නොදන්නේ තරුණයන් පමණක් නොවෙයි. ඊනියා මහාචාර්යවරුන්, විදග්ධ ජනමාධ්‍යකරුවන් ලෙස පෙනී සිටින්නන් ද තර්ක කරන්නේ අවුල් මනසකින් හා අසම්පුර්ණ දැනුමක් සහිතව. කිසිවකුට සම්පුර්ණ දැනුමක් ලබාගන්න බැහැ. මෙජි දී මා අසම්පූර්ණ දැනුමක් යන්නෙන් අදහස් කරන්නේ තමන් කියන දේ පිළිබඳවවත් වැටහීමක් නැති බව.

Thursday 22 September 2016

මුහුණු පොතේ දේශප්‍රේමී ප්‍රබුද්ධයන්ටයි


මුහුණු පොතේ දේශප්‍රේමී ප්‍රබුද්ධයන්ටයි

මුහුණු පොතට ලිවීම කාලය නාස්තිකිරීමක් බව මට වැටහෙනවා. එහි ප්‍රතිචාර මගින් කියැවෙන්නේ මා වැරදි බවයි. විවිධ අය ලිපි ගැන විවිධ දේ කියනවා. මගේ කරුණු ඉදිරිපත්කිරීම්වලට වඩා හොඳින් ඔවුන්ට ඉදිරිපත් කර හැකි බව පෙනී යනවා. ලෝකයේ ජීවත්වන්නේ එක මිනිස් කොටසක් පමණක් බව එක් අයකු කියනවා. එයට කිසිවකු පිළිතුරක් නොදීමෙන් පෙනී යන්නේ මා වැරදි බව අනෙක් අය ද පිළිගන්නා බවයි. මට තේරෙන්නේ නැත්තේ සිංහලයන් හැර අනෙක් අය එකම මිනිස් කොටසක් ලෙස නොසැලකීමයි. බුදුන්වහන්සේ වාසෙට්ඨට කතාකළ සන්දර්භය  ගැන මා ඕනැවටත් වඩා ලියා තියෙනවා. ඒ සියල්ල වැරදි වෙන්න පුළුවන්.

Wednesday 21 September 2016

දෙමළ විඥානය


දෙමළ විඥානය


දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් සිදු වී ඇති අසාධාරණය කුමක් ද යන ප්‍රශ්නයට කිසි දා පිළිතුරක් ලැබෙන්නේ නැහැ. දෙමළ ජනයා යනුවෙන් හඳුන්වන්නේ කවු ද යන ප්‍රශ්නයට ඇති පිළිතුර කුමක් ද? දෙමළ ජාතියක් ලංකාවේ නොව ඉන්දියාවේවත් තිබේ ද? දෙමළ යනුවෙන් ගෝතය්‍රක්වත් තිබී ඇත් ද? අද ලෝකයේ දෙමළ කතාකරන සියල්ලන් ම පාහේ දෙමළ ජනයා ලෙස හැඳින්වෙනවා. ඔවුන්ට අද පොදු දෙමළ විඥානයක් තිබෙනවා. මලයාසියාවේ ද එංගලන්තයේ ද ඉන්දියාවේ ද ලංකාවේ ද ඉන්න දෙමළ ජනයා සමස්තයක් ලෙස තමන් දෙමළ යනුවෙන් හිතනවා. එයින් කියැවෙන්නේ ලෝකයේ සිටින සියළු ම දෙමළ කතාකරන ජනයා දෙමළ කියා බැඳී ඉන්න බවක් නොවෙයි. ඒ වගේ ම දෙමළ කතාකරන්න බැරි, එහෙත් දෙමළ කතාකරන ජනයාගේ දූ පුතුන් ද සමහරවිට තමන් දෙමළ කියන දෙමළ විඥානයකින් බැඳී ඉන්නවා.

Tuesday 20 September 2016

ආණ්ඩු විරෝධී පෙරමුණක් එපා

ආණ්ඩු විරෝධී පෙරමුණක් එපා

ආණ්ඩු විරෝධී පෙරමුණක් හදන්න යන බව ආරංචියි. එවැනි පෙරමුණකින් රටට එතරම් වැඩක් වෙන්නෙ නැහැ. ආණ්ඩු විරෝධය එතරම් හොඳ සංකල්පයක්, අදහසක් නොවෙයි. අද අවශ්‍ය වන්නේ ආණ්ඩු විරෝධී පෙරමුණක් නොවෙයි. ආණ්ඩු විරෝධී පෙරමුණක් මගින් මේ ආණ්ඩුව පළවා හරින්න පුළුවන් වේවි. ඒත් ඒකත් නිශ්චිතව ම කියන්න බැහැ. එහෙම මේ ආණ්ඩුව පළවා හරින්න අවශ්‍ය වන්නෙ මොහොකට ද? ජනතාවට සේවය කරන්න කියන කතාව අපට කියාවි. ඒත් ඇත්ත වුවමනාව ඇමතිකම්, සංස්ථා සභාපතිකම්, තානාපතිකම්, අමාත්‍යාංශ ලේකම් පදවි ආදිය ලබාගැනීමයි. ජනතාවටත් සමහරවිට ඊනියා සංවර්ධනයක් ලැබේවි.

Monday 19 September 2016

දෙමළ කතාකරන ජනයාගේ අනන්‍යතාව

දෙමළ කතාකරන ජනයාගේ අනන්‍යතාව

දෙමළ කතාකරන ජනයා දෙමළ වර්ගයක් ලෙස ලංකාවේ නොව වත්මන් තමිල්නාඩුවේවත් සංවිධානය වී සිට නැහැ. පඬියන් ජනතාවන් ගැන කතාකිරීෙීම් දී ගෝත්‍රය, ජනවර්ගය, ජාතිය, වගේ වචන යොදා ගන්නවා. මගේ මූලික ප්‍රශ්නය වන්නේ දෙමළ ජනයා ඉතිහාසයේ ජීවත් ව ඇත්තේ, එනම් පැවතී ඇත්තේ පඬියන් දන්නා වර්ගීකරණවලින්, එහෙමත් නැත්නම් ප්‍රවර්ගවලින්,  කිනම්   ප්‍රවර්ගයක් ලෙස ද යන්නයි.

Sunday 18 September 2016

දෙමළ බෞද්ධයෝ


දෙමළ බෞද්ධයෝ

මෙරට කිසි කලෙක දෙමළ රාජ්‍යයක් තිබී නැහැ. පොන්නම්බලම් රාමනාදන්ගේ හා පොන්නම්බලම් අරුණාශලම්ගේ සිට ඔවුන්ගේ ඥාති මෙන් ම දේශපාලන මුණුබුරා වූ  විග්නේස්වරන් දක්වා සියළු දෙමළ ජාතිවාදීන් මෙන් ම සිංහල පවුල්වල ඉපදී සිංහල බෞද්ධ විරෝධි ඇංග්ලිකන් ක්‍රිස්තියානි ගැති නිවට වහල්භාවයට පත් හීනමාන පඬියන් ද කියන කරුණක් තමයි මෙරට දෙමළ රාජ්‍යයක් තිබූ බව. ඇතැමුන් කියන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වල මේ දෙමළ රාජ්‍යය තිබූ බවයි.
එහෙත් එසේ දෙමළ රාජ්‍යයක් තිබූ බවට කිසිම සාක්‍ෂියක් ඉදිරිපත් කිරීමට මේ කිසිවකුටවත් බැහැ. මෙතන ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. පළමුවෙන් ම දෙමළ යනුවෙන් රාජ්‍යයක් තිබූ බව පෙන්වීම. දෙවනුව ඒ රාජ්‍යය වත්මන් උතුරු හා නැගෙනහිර පළාත්වල තිබූ බව පෙන්වීම. තුන්වනුව මේ ඊනියා දෙමළ රාජ්‍යයේ රටවැසියන් එහි නිත්‍ය පදිංචිකරුවන් වූ දෙමළ ජනයා බව පෙන්වීම. මේ නිත්‍ය පදිංචිය ඉතා වැදගත්. හතරවනුව එසේ දෙමළ ජනයා සිටියේ නම් ඔවුන් ඒ රාජ්‍යය තම රාජ්‍යය ලෙස පිළිගත් බව පෙන්වීම.

Saturday 17 September 2016

ගැමුණු රජු ධර්මපාලතුමා හා මහාවංසය සමග ඉදිරියට


ගැමුණු රජු ධර්මපාලතුමා හා මහාවංසය සමග ඉදිරියට 

අද  ධර්මපාලතුමාගේ ජන්ම දිනය. එතුමා 1864 දි උපදින විට ඉංගිරිසින් මෙරට බලය ගිවිසුමකින් වංචාකාරී ව අල්ලා ගෙන අවුරුදු පනහකට ආසන්නයි. ඒ අවුරුදු පනහෙදිත් ඉංගිරිසින් අපේ ජාතියේ කොඳු ඇටය කඩන්න බොහෝ පියවර අරන්. ඒ වන විටත් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය මෙරට තහවුරු වෙලා. 1817, 1848 නිදහස් සටන් ඉංගිරිසින් අති ම්ලේච්ඡ ආකාරයෙන් මර්දනය කරලා. ඌව වෙල්ලස්ස ජන සංහාරයක් ඇති කරලා. මේවා ගැන අදවත් හොයලා බලන්න ඕන. ඒත් මේ සුද්දන්ගෙ අධ්‍යාපනයෙන් බිහිවෙච්ච අයට ඒක කරන්න පුළුවන්ද කියන එක සැකයක්. අප ඒ ජන සංහාර වස්තු විනාශ ආදිය ගැන සුද්දන්ගෙන් වන්දි ඉල්ලන්නෙ කවද ද? අපෙන් ගෙනගිය පොත්පත්, පුරාවස්තු ආදිය අප ආපසු ලබාගන්නෙ කවදා ද?

Friday 16 September 2016

නිදහස් අධ්‍යාපනයේ ප්‍රශ්නයක්


 
නිදහස් අධ්‍යාපනයේ ප්‍රශ්නයක්

ආණ්ඩු විරෝධී අරගල හැම එකට ම සහාය දෙන්න ඕන කියලා සම්ප්‍රදායක් නැහැ. හැම ආණ්ඩු විරෝධී අරගලයක් ම යුක්තීියුක්ත කරන්නත් බැහැ. සමහර ආණ්ඩු විරෝධී අරගල ජනහිතකාමී වෙන්නෙ නැහැ. ඒවායින් රටේ යහපතකට වඩා වෙන්නෙ විපත්තියක්. මේ ආණ්ඩුව රටට ද්‍රෝහීයි. බටහිරයන් ආණ්ඩුව පත්කර ගත්තේ ම රටට ද්‍රෝහි වෙලා ඔවුන් කියන විධියට රට පාලනය කිරීමට. අපේ ස්වෛරීභාවය නැති කරන්න. සිංහල බෞද්ධයන්ට රටේ හිමි තැන අහිමි කිරීමට. සිංහල බෞද්ධ සංස්කෘතිය පාගා දැමීමට. ලාල් විජේනායක කියන මාක්ස්වාදියාව රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාව ගැන ජනමතය සොයන කොමිටියකට පත්කර ගත්තෙ නිකම් නොවෙයි. අද ලිබරල්වාදීන්, මාක්ස්වාදීන්, දෙමළ  ජාතිවාදීන් ආදී සියලු දෙනා එකතුවෙලා ඉන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතිය පාගා දැමීමට, නැති කිරීමට.

Thursday 15 September 2016

යාපනයේ දෙමළ රාජ්‍යය

යාපනයේ දෙමළ රාජ්‍යය

වේළුසුමන දෙමළ වීම ගැන  ලියූ ලිපියේ පොඩි වැරදීමක් සිදුවෙලා. එහි අදහස් රැගෙන බොහෝ කලකට පෙර මා ලියූ ලිපිවල වේළු යන්න පරිවර්තනය වෙලා තියෙන්නෙ උණ හැටියට. පාලියෙන් වේළු කියන්නෙ උණ මිසක් නුග නොවෙයි. වේළුවනාරාමයේ තියෙන්නෙත් උණ ගස් මිස නුග ගස් නොවෙයි. මා එය මෙවර ලිපියේ නුග හැටියට සඳහන් කර ඇත්තේ වැරදීමකින්. ඒ ගැන මා කණගාටුවෙනවා. වේළුසුමන කියන නම උණසෙවනේ සමන් ආදී වශයෙන් සිංහලට පරිවර්තනය කරගන්න පුළුවන්.

Wednesday 14 September 2016

ආධ්‍යාත්මික ශක්තිය

ආධ්‍යාත්මික ශක්තිය

කලකට පෙර මහින්ද රාජපක්‍ෂ පාසල්වල භාවනාව සඳහා පංති කාමරයක් හා කාල පරිච්ඡෙදයක් වෙන් කිරීමට උපදෙස් දුන්නා. ඒත් ඒක ක්‍රියාත්මක වුනේ නැහැ. අධ්‍යාපන ඇමති හෝ අමාත්‍යංශ නිලධාරීන් හෝ ඒ ගැන උනන්දුවක් දැක්වුවා යැයි කියන්න බැහැ. අවාසනාවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ද ලබා තිබෙන්නේ බටහිර අධ්‍යාපනයක්. ඔවුන්ගෙන් සමහරු අධ්‍යාපනය ගැනත් හදාරලා තියෙනවා. ඒ සම්බන්ධ උසස් උපාධිත් තියෙනවා. සමහරුන් බටහිර රටවලින් ම ඒ උපාධි ලබාගෙන තියෙනවා. බටහිර රටවල භාවනාව සඳහා උනන්දුවක් දැක්විය යුතු යැයි අධ්‍යාපනඥයන් කියන්නේ නැහැ.

Tuesday 13 September 2016

අවශ්‍ය ජාතික බලවේගයක්

අවශ්‍ය ජාතික බලවේගයක්

පුවත්පත් වාර්තාවලට අනුව දැනට ඒකාබද්ධ විපක්‍ෂයේ නොමැති පක්‍ෂ කිහිපයක් ද ආණ්ඩු විරෝධී බලවේගයකට එකතු වීමට කැමැත්ත පළකර තිබෙනවා. එය ඉතාම විපත්තිදායකයි. අප නැවත නැවතත් මඩගොහොරුවට ඇදී යන බව පැහැදිලියි. මේ ගොඩනගන්න යන්නේ ආණ්ඩු විරෝධි බලවේගයක් නම් එයින් රටට සෙතක් වන්නේ නැහැ. සමහරවිට එයින් ආණ්ඩුව පෙරලන්න හැකිවේවි. ඉන් පස්සෙ පිහිටුවන්නෙ මොන ආණ්ඩුවක් ද? එය වඩාත් පළල් සංධානයක් ද?
අප මේ සංධාන දේශපාලනයෙන් හා සාධාරණ වශයෙන් ගත්කල පක්‍ෂ දේශපාලනයෙන් මිදෙන්නේ කවදා ද? පසුගිය මහා මැතිවරණයේ දී නව පක්‍ෂයකින් සටන් කළ යුතු බව අප කියා සිටියේ ශ්‍රී ල නි ප මරාදමා තිබූ බැවින් හා මෛත්‍රිපාල සමග කිසිම දේශපාලන ගනුදෙනුවක් තිබිය නොහැකි බැවින්. එමෙන් ම මැතිවරණයට ඉදිරිපත්වීමේ අවශ්‍යතාව ද තිබුණා. පක්‍ෂයකින් නැතිව ස්වාධින කණ්ඩායමක් ලෙස තරග කිරීමේ හැකියාව ද තිබුණා. එහෙත් එය එතරම් ප්‍රායෝගික නැහැ. ඇතැමුන් කැමති දේශපාලන පක්‍ෂයකින් තරග කිරීමට මිස ස්වාධීන කණ්ඩායමකින් තරග කිරීමට නොවෙයි.

ඒත් ඒ අවස්ථාවේ සංධානයේ බලවතුන් කිහිප දෙනකුම එයට විරුද්ධ වූවා. ඔවුන් අතර ඩලස්, විමල්, ජී එල්, බන්දුල ආදීන් සිටියා. ඔවුන් මහින්ද හා මෛත්‍රිපාල අතර ඇතිවන එකඟතාවක් ගැන බලාපොරොත්තුවෙන් සිටියා. අපට කළහැකි දෙයක් තිබුණේ නැහැ. ඔවුන් සංධානයෙන් තරග කළා. ඒ වන විට දහනවවැනි සංශෝධනය සම්මත වී අවසානයි. ඊනියා ජාතික ආණ්ඩු සංකල්පය ගැන ඔවුන් දැන සිටියා. මැතිවරණයෙන් පසු එ ජා ප හා සංධානය එකතු වී ඊනියා ජාතික රාජ්‍යයක් තැනීමට හැකි බව ඔවුන් දැන සිටියා. ඒත් ඔවුන් සංධානයෙන් මැතිවරණය තරග කළා. සංධානයේ නායකයා මෛත්‍රිපාල.

මැතිවරණයෙන් පස්සෙ ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගත්තා. ඒකෙ නීත්‍යානුකූලභාවය පිළිබඳ නඩුවක් අද උසාවියේ තියෙනවා. ඒ අමාත්‍ය සංඛ්‍යා ව පිළිබඳ ව. නඩුවේ තීන්දුව අනුව ඇමති සංඛ්‍යාව තීරණය වේවි. මෛත්‍රිපාල ඉන්නකන් හවුල් ආණ්ඩුව තියේවි. අද පාර්ලිමේන්තුවේ නිල වශයෙන් ශ්‍රී ල නි පක්‍ෂයවත් ඒකාබද්ධ විපක්‍ෂයක්වත් නැහැ. ඇත්තේ සංධානය පමණයි. සංධානයෙන් තරග කිරීමේ වැරුද්ද දැන්වත් ඒකාබද්ධ විපක්‍ෂෙ අයට තේරෙනව ද දන්නෙ නැහැ.

මැතිවරණයෙන් පස්සෙ නව පක්‍ෂයක් හදන එක බොරු. එහෙම කළොත් ඒකාබද්ධ විපක්‍ෂෙ අයගෙ මන්ත්‍රීකම් නැතිවෙන්න පුළුවන්. ඒකෙන් වැඩක් නැහැ. මෛත්‍රිපාල තවත් එයාගෙ මන්ත්‍රීන් පත්කරලා තහවුරු වේවි. අද ඒකාබද්ධ විපක්‍ෂෙ පක්‍ෂවල සංධානයක් තවත් පක්‍ෂ එකතුකරගෙන හැදුවත් වැඩක් වෙන්නෙ නැහැ. ඒකත් දේශපාලන සංධානයක් ලෙස අර්ථදක්වන්න හැකි වේවි. ආණ්ඩු විරෝධි බලවේගය කියන එක එයට කොහොමටවත් සුදුසු වන්නෙ නැහැ.

මේ ආණ්ඩු විරෝධී බලවේගයේ ප්‍රතිපත්ති මොනවා ද? ආණ්ඩුව පෙරළීම අවශ්‍යයි. නමුත් ආණ්ඩුව පෙරළලා හදන නව ආණ්ඩුවේ දෙමළ ජාතිවාදය ගැන තියෙන ප්‍රතිපත්තිය කුමක් ද? දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් අසාධාරණයක් වෙලා තියෙනවා කියලා ඔය ආණ්ඩු විරෝධී බලවේගය පිළිගන්නවා ද? අප එතනින් ම පටන්ගන්න ඕන. නැත්නම් අප වටේ යන එක විතරයි සිද්ධවෙන්නෙ. දෙමළ ජනයාට අසාධාරණයක් වෙලා තියෙනවා කියන ආණ්ඩු විරෝධි බලවේගයකින් රටට වැඩක් නැහැ.

අප ලැබී තිබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුයි. ජාතික ව්‍යාපාරය චම්පක හා විමල් විසින් දේශපාලනීකරණයට ලක්කෙරුණා. එමගින් ඔවුන් ජාතික ව්‍යාපාරය වැනසුවා. අද නැවතත් ප්‍රබල ජාතික ව්‍යාපාරයක් ගොඩනැගීමට අවස්ථාව එළඹිලා තියෙනවා. එ සඳහා ජාතික බලවේගයක් සංවිධානයක් ගොඩ නැගිය යූුතුයි. එය දේශපාලන පක්‍ෂයක් හෝ සංධානයක් හෝ විය යුතු නැහැ. පක්‍ෂ දේශපාලනයෙන් කැඩෙන්න අපට අවස්ථාවක් උදාවෙලා තියෙනවා. පක්‍ෂ දේශපාලනය අපට ගැලපෙන්නෙ නැති බව අප කියලා හුඟක් කල්. පක්‍ෂ දේශපාලනය විතරක් නොවෙයි රෝම ලන්දේසි නීතිය, අධ්‍යාපනය ආදී බටහිරයන් අප මත පැටවූ බොහේ දේ අපට අවශෝෂණය කරගන්න බැරිවෙලා. රථවාහන ගමන්කරවීමත් අපට කරන්න බැහැ. සමහරුන්ට අවශෝෂණය  කියන වචනෙ තේරෙන්නෙ නැහැ. අපට ඒකට කරන්න දෙයක් නැහැ. 

ඊනියා ආණ්ඩු විරෝධී බලවේගයක් වෙනුවට ජාතික බලවේගයක් ගොඩනගමු. එය දේශපාලන පක්‍ෂවල එකතුවක් නොවිය යුතුයි. එයට ජාතික ප්‍රතිපත්ති තිබිය යුතුයි. ඒකීය රාජ්‍යය රැකගැනීම, රණවිරුවන් රැකගැනීම, එක්සත් ජාතින්ගේ සංවිධානයට හා එහි අනුබද්ධ ආයතනවලට රටේ ස්වෛරීභාවයට ඇඟිලි ගැසීමට කිසිම ඉඩක් නොදීම, දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහොසි කිරීම, සිංහල බෞද්ධ සංස්කෘතියෙහි විශේෂත්වය රැකගැනීම, අනෙක් සංස්කෘතීන්වල අනන්‍යතාවය රටේ නීතියට යටත්ව රැකීම, දේශීය ගොවිතැනට හා වෙදකමට මුල් තැන දීම, බටහිරින් අවශෝෂණය කරගත හැකි අංග එසේ කර අපේ ම නීතියක්, දේශපාලනයක්, ආර්ථිකයක්, අධ්‍යාපනයක්, ආදිය සකස්කර ගැනීම ඒ ජාතික ප්‍රතිපත්ති අතර තිබිය යුතුයි. ඒ ජාතික බලවේගය වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ආණ්ඩු විරෝධි බලවේගයක් වේවි.   




මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා
2016 සැප්තැම්බර් 13

Monday 12 September 2016

වේළුසුමන දෙමළ වීම

වේළුසුමන දෙමළ වීම

පසුගිය දා මා හමුවීමට එක් තරුණයකු පැමිණියා. ඔහු පැමිණියේ ඔහුගේ ඥාති සහෝදරයකුත් සමග. ඔවුන් දෙදෙනා සමග බොහෝ වෙලාවක් කතාකිරීමෙන් පසුව මා වටහාගත් දෙයක් තිබුණා. අවුරුදු තිහකට වැඩි කාලයක් තිස්සේ මා ලියු දෙයින් අංශු මාත්‍රයක්වත් සමාජගත වී නැති බව. මා හිතන විධියට මා ලියන්නට පටන්ගෙන ඇත්තේ ඒ තරුණයා ඉපදීමටත් පෙර. මේ  කාලයෙහි මා ලියා ඇති ලිපි සංඛ්‍යාව පන්දහසකට වැඩි මිසක් අඩුවන්න බැහැ. මේ සියල්ල මට නැවත ලිවීමට බැහැ. ලිවුවත් ඒ සමාජගත වන්නේ නැහැ.

Sunday 11 September 2016

ඒකාබද්ධ විපක්‍ෂයේ චූන් දේශපාලනය

ඒකාබද්ධ විපක්‍ෂයේ චූන් දේශපාලනය

සෙනසුරාදා හෝමාගම දී පැවති ඒකාබද්ධ විපක්‍ෂ රැස්වීමේ දී ප්‍රසන්න රණතුංග මහින්ද රාජපක්‍ෂට කිවුවේ නව පක්‍ෂයක් හෝ සංවිධානයක් හෝ පිහිටුවීමට මහින්ද ප්‍රමාද බව ය. රැස්වීමේ සිටි ජනතාවට අවශ්‍ය වූයේ ඉක්මණින් ම නව සංවිධානයක්. එහෙත් මහින්ද පසුබසින බවක් පෙනෙනවා. අප්පමාදො අමතපදං යන්න මෙහි දී අදාළ නැතත් මේ ප්‍රමාදය නම් එතරම් සුභදායක වන්නේ නැහැ. නව සංවිධානය දේශපාලන පක්‍ෂයක් ම විය යුතු නැහැ. එසේ ම එය තවත් සංධානයක් වීම ද අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ ජාතික සංවිධානයක්. ජාතික බලවේගයක්.

Saturday 10 September 2016

සිංහල බෞද්ධ හැඟීම


සිංහල බෞද්ධ හැඟීම

සභ්‍යත්ව ගැටුම හෙවත් ක්ලෑෂ් ඔෆ් සිවිලිසේෂන්ස් යන පොත ලියූ සැමුවෙල් හන්ටින්ග්ටන් හොඳ කතාවක් කියා තිබෙනවා. ඔහු මේ පොත ලියුවේ ෆූකුයාමා ලා ඉතිහාසයේ අවසානය නැත්නම් එන්ඩ් ඔෆ් හිස්ටරි වැනි පොත් ලියූ කාලයක. බර්ලින් තාප්පය වැටී මාක්ස්වාදී රාජ්‍යය ලොවේ නැතිවන විට ඇතැම් බටහිර උගතුන් සිතුවේ බටහිර ක්‍රමය තර්ජනයක් නැතිව ලෝකයේ දිගින් දිගට ම පවතීය  කියා ය. ඉතිහාසය අවසන් වී ඇත වැනි හැඟීමක් ඔවුන් අතර වූවා. හන්ටින්ග්ටන් පෙන්වා සිටියේ ඒ එසේ නොවන බවත් සභ්‍යත්ව අතර ගැටුම් හටගැනෙන බවත්.

ඔහුට අමතක වූ කරුණ නම් ලෝකයේ හැමදාමත් පැවතියේ සංස්කෘතික ගැටුම් බවත් සංස්කෘතීන් දෙකක් හමුවීමෙහි දී ඇතැම් විට එක් සංස්කෘතියක් අනෙක් සංස්කෘතියට අවශෝෂණය වීම, යම් සම්මිශ්‍රණයක් ඇති වීම, යටත්වීම, වෙන් ව පැවතීම වැනි දේ සිදුවන බවත්. අවශෝෂණය,  සම්මිශ්‍රණය යටත්වීම ආදිය සිදු නොවන අවස්ථාවල දී ගැටුම් ඇතිවීම අනිවාර්යයි. විවාහයක් වුනත් එක් අතකින් ගත්කල සංස්කෘතික ගැටුමක් ද වෙනවා. එකම සංස්කෘතියේ වුවත් පවුල් පවුල් අතර සුළු සුළු වෙනස්කම් තියෙන්න පුළුවන්. පුද්ගගලයන්ගේ හැදියාවන් වෙනස්. විවාහයක දී ද සංස්කෘතික අවශෝෂණ, යටත්වීම් සිදුවෙනවා. ආගම් දෙකක් අදහන දෙදෙනකු විවාහ වූ පසු බොහෝ විට එක් අයකු අනෙකාගේ ආගම වැළඳ ගන්නවා.

හන්ටින්ග්ටන් අමතක කළ කරුණ නම් සෝවියට් දේශය හා බටහිර රටවල් අතර පැවතියේ සංස්කෘතික, ඔහු කියන ආකාරයට නම් සභ්‍යත්ව ගැටුමක් බව. එය ග්‍රීක ඔතොඩොක්ස් සංස්කෘතිය හා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය අතර වූ ගැටුමක්. ප්‍රාග්ධනය පෞද්ගලික ව සපයා ගන්නවා ද සාමූහිකව සපයා ගන්නවා ද යන ප්‍රශ්නය වැදගත් වුවා. මාක්ස් කතෝලික චින්තනය මත පදනම් වූවෙක්. ඔහුටත් සාමූහිකත්වයක් තිබුණා. ඔහුත් පෞද්ගලික ප්‍රාග්ධනයට විරුද්ධ වූවා. මාක්ස්ට ප්‍රාග්ධනය නැති කරන්න හැකි වුනෙත් නැහැ. නැතිකරන්න කියලා කීවෙත් නැහැ. ඔහු කීවේ පෞද්ගලික ප්‍රාග්ධනය විනාශකාරී බවත් එය අහෝසි කළ යුතු බවත්.  මොන කතා කියා තිබුණත් ඔහු අවසානයේ දී කීියා ඇත්තේ සාමුහික ප්‍රාග්ධනයක් අවශ්‍ය බවයි. රුසියන් ග්‍රීක ඔතොඩොක්ස් සංස්කෘතිය මේ කතාව අවශෝෂණය කරගත්තා. ලෙනින්ගේ මාක්ස්වාදය මාක්ස්ගේ මාක්ස්වාදය නොවෙයි. මාක්ස්ගේ මාක්ස්වාදය තිබුණේ ඔහු වැනි ම යුදෙවුවකු වූ ට්‍රොට්ස්කිට. ලෙනින් රුසියන් සංස්කෘතියෙන් බිහි වූ අයෙක්. ස්ටැලින් ඊටත් එහා. ඔහු ජෝජියන් සංස්කෘතියේ දරුවෙක්. පුටින් රුසියන් ජාතිකත්වයක් ඇති පුද්ගලයෙක්. මාක්ස් ට්‍රොට්ස්කි වාදය නම් දැන් ඉතිහාසයෙන් අතුගෑවී හමාරයි. ඉතුරු වී සිටි ලංකාවේ ඉහළ ම ට්‍රොට්ස්කිවාදීන් රනිල්ට සේවය කරනවා. ඔවුන් සිංහල බෞද්ධ විරෝධී ව්‍යවස්ථා හදන්න බෑන් කි මූන්ලා එක්ක විතරක් නොවෙයි හිලරි ක්ලින්ටන් එක්තත් එකතු වෙනවා.

හන්ටින්ග්ටන් කියන වැදගත් දේ තමයි ලෝකයේ ථෙරවාදී බෞද්ධ සභ්‍යත්වයක් නැති බව. බටහිර සංස්කෘතියෙ හැමතැනකදි වගේ ම මෙතනදිත් වැදගත් වෙන්නෙ  නිර්වචන, නැත්නම් අර්ථදැක්වීම්. සභ්‍යත්වයක් කියලා කියන්නෙ මොකක් ද? එරික් ෆ්‍රොම් සභ්‍යත්ව විඥානයක් ගැන කියනවා. මාක්ස් කම්කරු පංති විඥානයක් ගැන කියනවා වගේ. හන්ටින්ග්ටන්ට අනුව මනුෂ්‍යත්වය ළඟට මිනිසුන් වර්ගීකරණය කරන්න පුළුවන් සභ්‍යත්ව ලෙස. අපට අප මිනිසුන් කියන හැඟීම තියෙනවා. හන්ටින්ග්ටන් කියන්නෙ අපට ඊළඟට තියෙන්නෙ අප අහවල් සභ්‍යත්වයෙ කියන එක. බටහිර ලෝකයේ අයට තමන් බටහිර සභ්‍යත්වයේ කියන හැඟීමක් තියෙනවා. ඔවුන් ඒ සභ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටිනවා. එය ආරක්‍ෂා කිරීමට ඉදිරියට එනවා. මුස්ලිම් සභ්‍යත්වයෙ අයත් එහෙමයි. ඔවුන්ට ලෝකයේ කොහේ හිටියත් වැදගත් වෙන්නෙ මුස්ලිම්කම. ඔවුන් තම සංස්කෘතින් ආරක්‍ෂා කරගන්නවා. සංස්කෘතික අනන්‍යතාව රකිනවා.

ථෙරවාදී බෞද්ධයන්ට එවැනි හැඟීමක් තියෙනව ද? අප ථෙරවාදී කියන හැඟීම අපට තියෙනවා ද? මියන්මාරයේ හරි තායිලන්තයෙ හරි කාම්බෝජයේ හරි ථෙරවාදීන් සිංහල ථෙරවාදීන් වෙනුවෙන් ථෙරවාදී හැඟීමකින් කටයුතු කරනවා ද? එහෙම නැති වුනත් බටහිරයන් ථෙරවාදයට බයයි. කලින් සඳහන් කළ රටවල සංස්කෘතිය අපේ සංස්කෘතිය සමගවත් අනන්‍ය වන්නේ නැහැ. ඒ රටවල අය අප මෙන් ම පාලි ගාථා කියනවා. භික්‍ෂූන් වහන්සේට ගරු සැලකිලි කරනවා. සමහර විට අපටත් වඩා. ඔවුන්ගේ ශ්‍රද්ධාව අපට වඩා ඉහළ මට්ටමක පවතිනවා. ඒත් ඔවුන්ට තියෙන්නෙ චීන සභ්‍යත්වය මත ආරෝපණය වූ පාලි වත් පිළිවෙත් හා අවුරුදු උත්සව. ඒත් සිංහල අවුරුදු සිරිත් නොවෙයි.  ඔවුන් අප වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැහැ. අපත් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැහැ.

මලයාසියාවෙත් බෞද්ධයන් ඉන්නවා. ඒ ථෙරවාදීන් නොවෙයි. මලයාසියානු බෞද්ධයන් අප වෙනුවෙන් කොහොමටවත් ඉදිරිපත් වෙන්නේ නැහැ.  ඒත් දෙමළ ජනයා කොහොම ද? මලයාසියාවේ සිටින ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනයාත් ලංකාවේ ඊළමක් වෙනුවෙන් පෙනී සිටිනවා. ඉදිරිපත් වෙනවා. මලයාසියාවේ ලංකා මහා කොමසාරිස්ට ගහනවා. ඒ සම්බන්ධ සාක්‍ෂි විභායක දී කියවිලා තියෙන කරුණක් තමයි දෙමළ ත්‍රස්තවාදීන්ගේ පරාජය සම්බන්ධයෙන් මලයාසියාවේ සිටන ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනයා ද කෝපයට පත් වී ඇති බව. අප මේ කරුණු ගැන සැලකිලිමත් විය යුතුයි. ලෝකය පුරා සිටින දෙමළ ජනයා අද කටයුතු කරන්නේ සිංහල බෞද්ධයන් ගැන වෛරයකින්. ඔවුන්ට දෙමළ යනුවෙන් හැඟීමක් තියෙනවා. සිංහල බෞද්ධයන්ට ථෙරවාද බෞද්ධයන් ලෙස නොවෙයි සිංහල බෞද්ධයන් ලෙසවත් හැඟීමක් නැහැ. සිංහල බෞද්ධයන්ගේ විචාරශීලිබවවත් බොහෝ දෙනකුට නැහැ. බටහිර ඊනියා නූතනත්වයට යටනොවුනත් සිංහල බෞද්ධ විචාරශීලි බව අප තිබිය යුතුයි. බටහිරයන් බය වන්නේ එයට මිස අපේ ශ්‍රද්ධාවකට නොවෙයි. කාම්බෝජයේ බෞද්ධයන් හරිම ශ්‍රද්ධාවන්තයි  ඒත් අද කාම්බෝජයක්  කෝ? ශ්‍රද්ධාව තිබිය යුතුයි. ඒත් ජීවත්වීමට එය පමණක් ප්‍රමාණවත් නැහැ. සිංහල බෞද්ධ හැඟීමක් තිබිය යුත්තේ අදාළ විචාරශීලි බවත් සමගයි.
  

  මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා
2016 සැප්තැම්බර් 10

Friday 9 September 2016

බුදුදහම ඊනියා නූතනත්වයට යටකිරීම

බුදුදහම ඊනියා නූතනත්වයට යටකිරීම

මේ රටේ බෞද්ධ උගතුන් බොහෝ දෙනකු කර ඇත්තේ කරන්නේ බුදුදහම ඊනියා නූතනත්වයට යටකිරීමයි.  කලින් ලිපියක (2016-06-05) මා ඊනියා නූතනත්වය කියන්නෙ ඇයි කියන එක පැහැදිලි කරලා ඇති. ඒ වගේ ම ඊනියා නූතනත්වයට යටවු පුද්ගලයකු වූ දලයිලාමා බුදුදහම පාවාදෙන ආකාරයත තවත් ලිපියක (2016-06-27) සඳහන් කර ඇති. මෛත්‍රිපාලත් මෙලෝ දෙයක් දන්නෙ නැතිව බෞද්ධාගමික රැස්වීම්වලට ගියාම කියනවා ලංකාව ලෝකයේ ථෙරවාද බුදුදහමේ මධ්‍යස්ථානය කරනව කියලා. ඒක හොඳ දේශපාලන සටන් පාඨයක්. එපමණයි. ලංකාවෙ තිබුණ ප්‍රධාන පිරිවෙන් දෙක කසිකබල් විශ්වවිද්‍යාල බවට පත්කරලා ද ලංකාව ලෝකයේ ථෙරවාද මධ්‍යස්ථානය කරන්නෙ.

Thursday 8 September 2016

බෑන් කි මූන් පුපුරයි

බෑන් කි මූන් පුපුරයි

බෑන් කි මූන් සැප්තැම්බර් පළමුවැනි දා කොළඹ හිල්ටන් හෝටලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී බිග් බෑන් එකක් නැත්නම් මහා පිපුරුමක් කරලා. ඔහු 1994 දී රුවන්ඩාවේ හා 1995 දී සර්බියාවේ සිදු වී යැයි කියන සමූලඝාතන සමග ලංකාවේ 2009 හමුදා මෙහෙයුම් සන්සන්දනය කරලා. ඒ පිළිබඳ විස්තරයක් සැප්තැම්බර් හත්වැනි දා දි අයිලන්ඩ් පුවත්පතෙන් කියවිය හැකියි. නැහැ නැහැ මා කියන්නේ අර ඊනියා පශ්චාත්නූතනවාදීන්ගේ පඬි කියැවීමක් ගැන නොවෙයි. ඒ කියැවීමත් මේ කියැවීමත් ඔක්කොම සාපේක්‍ෂයි. කවුරුත් කියවන්නෙ ඒ කියවන වෙලාවෙ තමන්ට සාපේක්‍ෂව. අවුරුදු පනහකට ඉස්සර මා කියවූ පොතක් අද කියවන විට වෙනස් කතාවක් කියවන්න පුළුවන්. ඕකට පඬි කියවීමක් කියලා කියන්න ඕන නැහැ. ඔය ඊනියා පශ්චාත්නූතනවාදීන්ගේ සෑම සංකල්පයක් ම ඔය වගේ පඬි කතා පමණයි.

Wednesday 7 September 2016

සංහිඳියාවේ දිග පළල

සංහිඳියාවේ දිග පළල

මේ ආණ්ඩුව දිගින් දිගට ම කියන්නෙ පහුගිය රාජපක්‍ෂ රෙජිමයට ඇතිකරන්න බැරිවුන සංහිඳියාව ඒ අය ඇතිකරනවා කියලා. මේ රටට එන ඊනියා ජාත්‍යන්තර නියෝජිතයනුත් සංහිඳියාවේ අගය ගැන කතාකරනවා. සංහිඳියාව ඇතිකිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැන අපට කියලා දෙනවා. ඒ අතර බලය තව තවත් විමධ්‍යගත කළ යුතුව කියලාත් කියනවා. ඒත් මේ කවුරුවත් සංහිඳියාව කියන්නෙ මේකයි කියලා කියන්නෙ නැහැ.

Tuesday 6 September 2016

මෛත්‍රිපාලට අද හෙට ම ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්

මෛත්‍රිපාලට අද හෙට ම ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්

මළවුන්ගේ අවුරුදු දා සැමරීමට ඊනියා ශී ල නි පක්‍ෂයේ සාමාජිකයන් පමණක් පැමිණි බවට ආරංචියක් නැහැ. මා කියන්නේ වේදිකාවේ සිටි කබීර් හෂීම් ආදීන් ගැන පමණක් නොවෙයි. මේ ඊනියා සම්මේලනවල පක්‍ෂ සාමාජිකත්වය පරීක්‍ෂා කර භූමියට ඇතුල් කරගැනීමේ ක්‍රමයක් තියෙනවා ද? කවුරුන් මළවුන්ගේ අවුරුදුදා සැමරීමට ආවත් නැතත් මෛත්‍රිපාල හොඳ ප්‍රකාශයක් කර තිබුණා. ඔහුට අනුව මේ මරා දැමුණු පක්‍ෂය තනියම ආණ්ඩුවක් හදන්න යනවා. මෙය මළවුන්ගේ අවුරුදු දා අවතාරයක් දැකීමෙන් කියන ලද්දක් ද යන්න පැහැදිලි නැහැ.

Friday 2 September 2016

හඳ සාක්කි කියනවා

හඳ සාක්කි කියනවා

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් බෑන් කි මූන්ට ලංකාව වැදගත් බව අප දන්නවා. ඔහු දැනට දෙවරක් ම ලංකාවට පැමිණ තිබෙනවා. ඔහු අප වැනි රටවල් කීයකට දෙවරක් ගිහින් තිබෙනවා ද? ඔහු යාපනයට යන්නේ ඇයි? ඔහු දෙමළ එක්සත් සංධානය  හමුවන්නේ ඇයි? ඒ සාකච්ඡාවට විග්නේස්වරන්ට ආරාධනා නො කෙළේ ඇයි? මංගල සමරවීර ඔහු සැනසීමට නව ව්‍යවස්ථාවක් ඉක්මනින් ගෙනෙන බව කියන්නේ ඇයි? ඒත් ප්‍රශ්නයකුත් තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නෙ ලෝකය පාලනය කරන ආයතනයක් නොවෙයි. එහි යෝජනා ක්‍රියාත්මක කිරීමට රටවල් බැඳී සිටිනවා ද? බෑන් කි මූන් යටතේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආධිපත්‍යය මෙහෙයවන්නා ලෙස පත්කරගන්න හදනවා. මෙරට ආණ්ඩුව දැනටමත් එයට යටවෙලා. ටික කලකට පෙර ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක නාමයෙන් ආරක්‍ෂාකිරීමේ වගකීම (ආර්2පී) සංකල්පය මගින් රටවල ස්වෛරීභාවය නැති කරන්න හැදුවා. මූන්ගෙන් පස්සෙ ඔබාමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් වෙන්න යනවා කියලා කතාවක් තියෙනවා.

Thursday 1 September 2016

කුරුණෑගල නැති බණ්ඩාරනායක සම්ප්‍රදාය


කුරුණෑගල නැති බණ්ඩාරනායක සම්ප්‍රදාය

 
කුරුණෑගල හතරවැනි දා පැවැත්වෙන මළවුන්ගේ අවුරුදු සැමරුමට යන්න ඕන ද නැද්ද කියලා ඒකාබද්ධ විපක්‍ෂෙ මහින්දත් එක්ක ඉන්න අය බල මණ්ඩල හා වෙනත් නියෝජිතයන්ගෙන් විමසලා තිබුණා. ඒක මට නම් දැනෙන්නෙ එක විධියකට නම් තේරුමක් නැති වැඩක් හැටියට. එහෙම ඇහුව ම කුරුණෑගල දී රනිල් මතක බණ කියන එකට යම් නිල වටිනාකමක් ලැබෙනවා. අනෙක් පැත්තට එලෙස විමසීම සිංහල බෞද්ධ සම්ප්‍රදාය.