Main Logo

Thursday 31 May 2018

ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්


ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්





ඒකාබද්ධ විපක්‍ෂය විස්සට විරුද්ධ වෙන්න ඒකමතික ව තීරණය කරලා. අදාළ යෝජනාව ඉදිරිපත් කරල තියෙන්නෙ මහින්දමයි. මහින්ද ම යෝජනාව ඉදිරිපත් කරපු එක හොඳයි, වෙන අයකු ලවා එය නොකරවා. මහින්ද ඉදිරිපත් කරන යෝජනාවකට අනෙක් අය විරුද්ධ වන්නෙ කලාතුරකින්. ඒකාබද්ධ විපක්‍ෂෙ බැසිල් හිටියත් ඔහුටත් යෝජනාවට පක්‍ෂ වෙන්න වෙනවා. ජී එල් පීරිස් ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ.

Wednesday 30 May 2018

විස්ස ගැන වැරදුණොත් නිවැරදි කරන්න බැහැ


විස්ස ගැන වැරදුණොත් නිවැරදි කරන්න බැහැ





තවම විස්ස කෙටුම්පත දැකලා නැහැ ඒ නිසා මොකුත් කියන්න බැහැ අපි තීරණයක් අරගෙන කියන්නම්  ආදී කතා විවිධ පක්‍ෂවලින් ඒ කියන්නෙ, ඒවායෙ නායකයන්ගෙන් කියැවෙනවා. ඔය කෙටුම්පත ඕන නම් ජ වි පෙරමුණෙන් ඉල්ලගෙන කියවන්න පුළුවන්. දි අයිලන්ඩ් පත්තරේ ඒකෙ තියෙන දේ ගැන කෙටි සටහනක් පළ වුණා. දි අයිලන්ඩ් පත්තරේට ගන්න පුළුවන් වුණා නම් අනෙක් පත්තරවලට ගන්න බැරි වුණෙ මොක ද කියන එකත් ප්‍රශ්නයක්.

Tuesday 29 May 2018

සිංහල ඉතිහාස කාල පරාසය අඩු කිරීම


සිංහල ඉතිහාස කාල පරාසය අඩු කිරීම



ලංකාවෙබ් හි කතෘ ධර්මසිරි වීරසිංහ කලකට පෙර බුදුදහම, බුද්ධාගම, සිංහල බුද්ධාගම, ඕල්කට් බුද්ධාගම ආදිය  පිළිබඳ ව වාදයකට එළඹුණා බුද්ධාගම බුදුදහමෙන් වෙනස්බව ඔහු පිළිගත්ත ද සිංහල බුද්ධාගම හා ඕල්කට් බුද්ධාගම පිළිගැනීම ප්‍රතික්‍ෂෙප කළා. ඔහුට අනුව ඕල්කට්තුමා බෞද්ධ අධ්‍යාපනය පුනරුදය කළා. ඔහු එය ඕල්කට් බුද්ධාගමේ අධ්‍යාපනය බව පිළිගත්තේ නැහැ. එමෙන් ම ඔහු සිතන්නේ ධර්මපාලතුමා හා ඕල්කට්තුමා එකම මතයක් දැරූ බවයි. ධර්මපාලතුමා ඕල්ලකට්තුමාගෙන් කැඩුණු බවත් එතුමන් අතර විරසකයක් වූ බවත් ධර්මසිරි වීරසිංහ නොදත් බවක් ඇඟවුණා.

Monday 28 May 2018

අපට අහිමි විය හැකි වෙසක්




අපට අහිමි විය හැකි වෙසක්



මේ ආණ්ඩුව නිවට ආණ්ඩුවක් බව සැබෑ. ආණ්ඩුව කිව්වට ආණ්ඩු දෙකක් තියෙනවා. එකක් මෛත්‍රිපාලගෙ අනික රනිල්ගෙ. දෙක ම නිවටයි ඒත් මා කැමති නැහැ හැම එකකට ම ආණ්ඩුවට බනින්න. අද ඇතැමුන් කියනවා ජාත්‍යන්තර ව නම් වෙසක් පැවැත්වෙන්නෙ හෙට නියම විධියට මැයි මාසෙ, අපි වැරදියට අප්‍රේල් මාසෙ පැවැත්තුව කියලා. මේ කතාවත් අනික් කතා වගේ ම ඉවරයක් වෙන්නෙ නැති කතාවක්. ආණ්ඩුවට විරුද්ධව මොනව හරි කියන්න ඕන අයත් වෙසක් පැවැත්තුවෙත් වැරදි දවසෙ කියලා ආණ්ඩුවට බනිනවා. ඒත් වෙසක් දවස තීරණය කෙළේ ජ්‍යොතිෂවේදීන්.

Sunday 27 May 2018

විස්ස පිටුපස ගෝඨා භයත්


විස්ස පිටුපස ගෝඨා භයත්



විස්ස ගෙනැත් තිබෙන්නේ කුමකට ද? ජ වි පෙ තමයි එය කතානායකට බාර දීල තියෙන්නෙ. ඒකෙ පිටිපස්සෙ එ ජා ප ඉන්නවා. සම්ම ජාතියෙ ඡන්දයකින් ජනාධිපතිවරණයක් දිනන්න බැරි රනිල් අඩුම තරමෙන් ජනාධිපති පාර්ලිමේන්තුවෙන් පත්කරන එකට පක්‍ෂයි. මෙරට උඩ දේශපාලනය කෙරෙන්නෙ ප්‍රධාන වශයෙන් ම පෞද්ගලිකත්වය පදනම් කරගෙන. ජේ ආර් විධායක ජනාධිපති ක්‍රමය පිහිටෙව්වෙත් ඔහුගෙ පෞද්ගලික සුභ සිද්ධියට. අද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යන්නෙත් පෞද්ගලික කරුණු නිසා මිසක් රට ගැන කල්පනා කරලා නො වෙයි. 

Saturday 26 May 2018

දහනවයට පෙර විස්ස


දහනවයට පෙර විස්ස



ඊයේ විසිවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනැල්ලා. එ ජා ප වෙනුවෙන් ජ වි පෙ එය කතානායකට බාර දීලා. ජ වි පෙ සමග මාක්ස්වාදය ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. ඔවුන් ඒ මළඉලවු මාක්ස්වාදය රටට ගලප්පන්න හැදුව කාලෙකට උඩ දි. ඔවුන් වරද්ද ගත්තට මාක්ස්වාදය සමතික්‍රමණය කරන්නන් ගැන කතාකරන අද ඉන්න ව්‍යාජ පඬියන්ට (මේ පඬියන්ට හා පඬි පෝතකයන්ට ඊනියා සමතික්‍රමණයක් ගැන හිතන්නවත් බැහැ. ඔවුන් කිසිම නිර්මාණශීලිත්වයක් නැති අනුකාරකයන් අහිනක්. ඔවුන්ට පුළුවන් බටහිරයන් කියන දෙයක් තමන්ට තේරෙන ආකාරයට අනෙක් අයට සිංහලෙන් කියන එක.  බැරිවෙලාවත් ඉංගිරිසියෙන් කිව්වොත් ඔවුන් විහිළුකාරයන් බව නොදන්න ඉංගිරිසියෙන් කියවන අයට මහා ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා.) වඩා අඩු තරමෙන් රටට ගලප්පන්න හිතුවා.

Friday 25 May 2018

ජාතිකත්වය බෙදීම හා රනිල්




ජාතිකත්වය බෙදීම හා රනිල්



මෙරට දේශපාලනයෙහි වම හා දකුණ යන්න අද වන විට ව්‍යාජයක් බවට පත්වෙලා. වම දකුණ දේශපාලනයක් 1952ට ඉස්සෙල්ල තිබුණා. ඒ දේශපාලනයෙහි ජාතිකත්වයක් තිබුණෙ නැහැ කියන්න බැහැ. එහෙත් ජාතිකත්වය වමේ මෙන් ම දකුණෙත් දකින්න පුළුවන් වුණා. එකල එ ජා පක්‍ෂය එක් පැත්තකත් අනෙක් පැත්තෙ සමසමාජ කොමියුනිස්ට් පක්‍ෂ වගේ ම විප්ලවකාරී සමසමාජ පක්‍ෂයත් තිබුණා. විප්ලවකාරී සමසමාජ පක්‍ෂය කියන එක අද ඉන්න අය දන්නෙ නැතිව ඇති. ඒකෙ නායකයා වුණෙ පිලිප් ගුණවර්ධන.

Thursday 24 May 2018

ජනාධිපති මෛත්‍රිපාල වෙතටයි


ජනාධිපති මෛත්‍රිපාල වෙතටයි



මේ වචන කිහිපය ඔබට ලිවීමෙන් මා තවත් බොහෝ දෙනකුගේ අප්‍රසාදයට පත්වෙනවා. ඔවුන් මා මෝඩයකු, පිස්සකු ගේම් කාරයකු ලෙස සලකාවි. එහෙත් මට ජනප්‍රසාදය වැදගත් නැහැ. ඔබ මේ ලිපිය කියවාවිද කියන්න බැහැ. මේ ලිපිය කොහොමටත් දෙතුන්සිය දෙනකුට වඩා කියවන්නේ නැහැ. ඔබට මුතුකුඩ නාට්‍යය නැරඹීමට වෙලාවක් තියෙනවා ද කියා මා දන්නේ නැහැ. ඔබ නූතන මොල්ලිගොඩ කෙනකු වනවා දකින්න මා කැමති නැහැ. මෙය ලියන්නේ එබැවිනුයි.

Wednesday 23 May 2018

පහළොවේ සිට දහඅටට


පහළොවේ සිට දහඅටට



ඊයේ අප ජනරජ දිනය සැමරුවේ නැහැ. දහඅටවැනි දා නන්දිකඩාල් ජයග්‍රහණය සැමරුවේ නැහැ. ඒ වෙනුවට රාජිතගේ වසල කතා ඇහුවා. ඔහු තවමත් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙන්නා. මෛත්‍රිපාල සුළුවෙන් නමුත් නන්දිකඩාල් රණවිරුවන් සැමරුවා. මහින්ද හා ගෝඨාභය තැන් තැන්වල රණවිරුවන් සැමරුවා. ඒ අතර විවිධ සංවිධාන තම තමන්ට හැකි පමණින් රණවිරුවන් සැමරුවා. එහෙත් හරියකට නන්දිකඩාල් ජයග්‍රහණය සැමරුවේ නැහැ. ජනරජ දිනය එතරම්වත් සැමරුවේ නැහැ. පොහොට්ටුව පක්‍ෂයක් හැටියට ඒ කිසිවක් සැමරුවේ නැහැ.

Tuesday 22 May 2018

හැරීගෙ මගුල




ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට සියල්ලන් එකතු වී තරගකාරී බවකින් තොරව  කටයුතු කරනවා නම් හොඳයි. 

අද ජනරජ දිනය. ඒකත් මතක තබා ගනිමු.


හැරීගෙ මගුල



අපේ යටත්විජිත මානසික තත්වය තවමත් තියෙන බව හැරීගෙ මගුලෙන් පෙනුණා. සන්ඩෙ අයිලන්ඩ් පත්තරේ ප්‍රධාන ප්‍රවෘත්තිය වුණෙ මගුලේ විස්තර. සන්ඩෙ අයිලන්ඩ් කතෘගෙ මනස එහෙමයි කියමු. අපේ දේ රැකගෙන අලුත් දේ අරගන්න දෙරණත් මගුල හොඳට ම අරගෙන තිබුණා. පැය විසිහතරෙ නාලිකාවෙ ඒකෙ සජීව විස්තරයක් ප්‍රචාරය කරනවා කිව්වා. කළා ද දන්නෙ නැහැ. ජාතිකවාදීන් කියන ඇතැමුන් හැරීගෙයි හැරීගෙ ආච්චිගෙයි (එංගලන්තයේ රැජින) හොඳ කිව්වෙ අපේ ආච්චිලා නැන්දලා නම් කියන්නෙ මේ වගේ දේ යැයි කියමින්.

Saturday 19 May 2018

ප්‍රභාකරන් පරදවා ස්මාට් ජාතිකවාදීන්ට යටවීම


ප්‍රභාකරන් පරදවා ස්මාට් ජාතිකවාදීන්ට යටවීම



ප්‍රභාකරන් ඝාතනය කෙරුණු දිනයේ ඒ ගැනත් යමක් කියන්න ඕන. ඉන්දියාව මේ මෙහෙයුම් සම්බන්ධ ව දැක් වූ ආකල්පය කුමක් ද? අද අපට එය වැදගත් වෙනවා. ඒ වෙන මොකකටවත් නොවෙයි අපේ රාජ්‍යය එනම් සිංහල බෞද්ධ රාජ්‍යය  නැවත පිහිටුවා ඒ පවත්වා ගෙන යෑමට. මේ ලිපිවලින් එතරම් ඵලක් නොවන බව මා දන්නවා. එහෙත් ඒ ලියන්න ඕන කිහිප දෙනකුටවත් වැඩක් ගන්න. 1815න් පසු අපට ඇත්තෙ ක්‍රිස්තියානි රාජ්‍යයක්. 1817-18, 1848, දහනවවැනි සියවස අග, නවසිය පනස්ගණන්වල සිංහල බෞද්ධ රාජ්‍යයක් නැවත ඇති කිරීමේ අවශ්‍යතාව ඇතැමුනට තිබුණ. නමුත් අසමගිකම් ඇතුළු විවිධ හේතු නිසා එය සඵල වුණේ නැහැ.

Friday 18 May 2018

නන්දිකඩාල් සමග පෙරට

නන්දිකඩාල් සමග පෙරට

අද නන්දිකඩාල් දිනය. එහෙත් ආණ්ඩුව ඒ ජයග්‍රහණය සමරන්නේ නැහැ. එමගින් ආණ්ඩුව එක් පැත්තකින් රණවිරුවන් කළ කැපවීම, ජීවිත පූජා අවතක්සේරු කරනවා. ඒ බටහිරයන්ට යටවෙලා. රාජිත ජයග්‍රහණය අවතක්සේරු කරමින් රණවිරුවන්ට අවමන් කරමින් තවමත් ඇමතිවරයකු ලෙස වැජඹෙනවා. මෛත්‍රිපාලට රාජිත ඉවත් කරන්න හැකියාවක් නැහැ. ඒත් අද යාපනයේ ප්‍රභාකරන් සැමරෙනවා. එය නවත්තන්නත් ආණ්ඩුවට බැහැ. මේ නිවට ආණ්ඩුවට  රාජ්‍යය, ආණ්ඩුව, රාජ්‍ය ක්‍රමය, රට බෙදීම ආදියෙහි ඇති වෙනස්කම් තේරෙන්නේ නැහැ. ඔවුන් ජ වි පෙ හා කොටි සසඳන්නේ එබැවිනුයි. එහෙත් නිවට ආණ්ඩුව තවමත් තියෙනවා. රනිල් පවත්වාගෙන යන්න කවුද වැඩ කර තියෙන්නෙ කියලා ඇහුවම පොහොට්ටුවෙ උදවියට තරහ යනවා. තමන් කොටි සමග සැසඳුවත් ජ වි පෙ නිහඬයි.

Thursday 17 May 2018

මෛත්‍රිපාල රාජිත කී දේ අනුමත කරනවා ද?


මෛත්‍රිපාල රාජිත කී දේ අනුමත කරනවා ද?



මේ ආණ්ඩුවේ තීරණ ගන්නේ කවුද යන ප්‍රශ්නය කලක සිට පවතිනවා. අමාත්‍ය මණ්ඩල තීරණ ප්‍රකාශ කරන මාධ්‍ය සාකච්ඡාව අවුලක්. දැන් දයාසිරි ජයසේකර නැහැ. ඒ නිසා මෛත්‍රිපාල ස්ථාවරය ප්‍රකාශ වන්නෙ නැහැ. රාජිත ප්‍රකාශ කරන්නේ කාගේ මතය ද? ආණ්ඩුවේ මතය ද නැත්නම් ඔහුගේ පෞද්ගලික මතය ද? ජනාධිපතිට අඩුම තරමෙන් මාධ්‍ය සාකච්ඡා කෙරෙහි යම් විනයක් ඇති කිරීමට නොහැකි ද?

Wednesday 16 May 2018

පළාත් සභා තබා ගනිමින් විධායකය අහෝසි කිරීම


පළාත් සභා තබා ගනිමින් විධායකය අහෝසි කිරීම



දි අයිලන්ඩ් පත්‍රයේ දින දෙකක් පුරා ලියූ ලිපියකින් සී ඒ චන්ද්‍රප්‍රේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් ඒකීය රාජ්‍යය නැති නොවන බවට තර්ක කරනවා. ඔහු ජාතිකවාදීන් ගැන විවේචනයක් ද කරනවා ජාතිකවාදීන් පළාත් සභා ක්‍රමය තබාගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විරුද්ධ වීම ගැන. ඔහු දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රෙෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දු පදනම් කර ගෙන කියන්න හදනවා විධායක ජනාධිපති ක්‍රමය නැතිව පළාත්සභා තිබීමෙන් ඒකීය රාජ්‍යය ක්‍රමය අහෝසි නොවන බව.

Tuesday 15 May 2018

පරිභෝජනය හා සූරා කෑම

පරිභෝජනය හා සූරා කෑම


බටහිර යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි  ප්‍රධාන ම කරුණක් තමයි මානව කේන්ද්‍රවාදය. එයට මානව කේන්ද්‍රවාදය කිව්වට එය ක්‍රියාත්මක වෙන්නෙ බටහිර සුදු පිරිමි කේන්ද්‍රවාදය ලෙස. ඒ චින්තනයේ නියමුවන් බටහිර සුදු පිරිමින්. එහි සුදු ස්ත්‍රීන්ට ස්ත්‍රීන් හැටියටවත් හිතන්න බැහැ. ඒ නිසා ඔවුනුත් සුදු පිරිමි වගේ හිතන්න, වැඩ කරන්න සූදානම්. අද ඊනියා ස්ත්‍රී විමුක්තිය යන්න බටහිර ස්ත්‍රීන් තමන් ස්ත්‍රීන් ලෙස කටයුතු කිරීම පෙරදැරි කරන් ඇති වුණු ව්‍යාපාරයක් නො වෙයි. එය ස්ත්‍රීන් තමන්ට පිරිමින් මෙන් කටයුතු කරන්න, නිිදහස ඊනියා විමුක්තිය ලබා දෙන්න කියා ඉල්ලන ව්‍යාපාරයක්. මේ ඊනියා ස්ත්‍රී විමුක්ති ව්‍යාපාරය නිසා බටහිර රටවල සුදු පිරිමින් තවත් බලවත් වෙනවා. 

Monday 14 May 2018

වියත්මගේ වියතේ වැඩ


වියත්මගේ වියතේ වැඩ





වියත්මගේ වාර්ෂික සම්මේලනය ෂ්‍රැංගිලා හෝටලයේ පවත්වලා. එය එකී හෝටලයේ පැවැත්වීමට විශේෂ හේතුවක් තියෙන්න ඇති. එයට 2000කට පමණ පිරිසකට  ආරාධනය කර තිබූ බවක් කියැවෙනවා. ඔවුන් අතර විද්වතුන් වෘත්තීයකයන් සිටි බව ද කියැවෙනවා. මෙයට විශාල මුදලක් යන්න ඇති. නැත්නම් හෝටලයෙන් වට්ටමක් ලැබෙන්න ඇති. ඒ කුමක් ද කියා අපට හරියට ම කියන්න බැහැ. එහෙත් ඒ කුමක් වුවත් අපට ඇත්ත දැනගන්න පුළුවන් කියලා හිතන්නෙ නැහැ.

Sunday 13 May 2018

ඔළුවෙන් වැඩ කරමින් ඇඹරෙන ජාතිය


ඔළුවෙන් වැඩ කරමින් ඇඹරෙන ජාතිය



මුහුණු පොතේ මෙන් ම වෙනත් තැන්වල ද ඇසෙන කතාබහ ඉතා වැඩි වේගයකින් ඉංගිරිසිකරණයට ලක්වෙමින් පවතිනවා. භාෂාවක් එක තැන පල්වෙන්නෙ නැහැ කියලා අපට කියලා දෙන්න වාග්විද්‍යාඥයන් හරි වෙනත් පඬියන් හරි අවශ්‍ය වෙන්නෙ නැහැ. භාෂාවක් වෙනස් වෙනවා. පාළි සංස්කෘත දෙමළ තෙළිඟු මලයාලම් ආදී නොයෙක් ඉන්දීය සම්භවයක් ඇති භාෂාවලින් මෙන් ම පෘතුගීසි ලන්දේසි ඉංගිරිසි ආදී බටහිර භාෂාවලින් ද සිංහලයට වචන එකතු වෙලා තියෙනවා. ඒ වගේ ම ප්‍රස්තා පිරුළු ආදිය ද එකතු වෙලා තියෙනවා.

Saturday 12 May 2018

රනිල් ඉවත් කිරීම


රනිල් ඉවත් කිරීම



අප මොන වීර කතා කිව්වත් පෙබරවාරි මහා ජයග්‍රහණයක් කියලා ඊනියා බුද්ධිමතුන් කිව්වත් බැඳුම්කරය ගැන බැණ වැදුණත් රනිල් තවමත් අගමැති. ඒ විතරක් නොවෙයි එ ජා පක්‍ෂයේ නායකයා. ඔහුට අවශ්‍ය විධියට අකිල විරාජ් ව පක්‍ෂයේ ලේකම් කර ගෙන. බොහෝ අය කැමති නැහැ තම තක්සේරුවෙ තම උපායෙහි ක්‍රියා මාර්ගයෙහි වරදක් වී ඇති බව දැකීමට. දැන් සිංගප්පුරුව හරහා එට්කා එනවා කියා කෑ ගහනවා. විස්ස ගේන එක ගැන කතා කරනවා. රනිල් නැත්නම් ඒ එකක්වත් නැහැ.

Friday 11 May 2018

ක්‍ෂණික නිවන හා මැක්ඩොනල්ඩ් ශාසන


ක්‍ෂණික නිවන හා මැක්ඩොනල්ඩ් ශාසන



දශක හතරක් පහක් තිස්සෙ බුදුදහම විවිධ ආකාරයෙන් අර්ථදක්වන ගිහි පැවිදි පිරිස් දකින්න පුළුවන්. මේ පැවිදි පිරිසෙන් බොහෝ දෙනෙක් මෑතක් වන තුරු ගිහි ව සිටි අය. ඇතැම් බෞද්ධයන් ද මේ අලුත් අර්ථදැක්වීම්වලට කැමැත්තක් දක්වනවා. මේ අය කවුද? දේශකයන් කියන්නේ නම් මේ අලුත් අර්ථදැක්වීම් නොවෙයි ඒ තමයි නිවැරදි බුදුදහම කියලා. මේ අතර අභිධර්මය ඉගෙනීමට භාවනා පංතිවලට යෑමට කැමැත්ත දක්වන අයත් ඉන්නවා.

Thursday 10 May 2018

දෙමළ ජාතිවාදයේ ආරම්භය


දෙමළ ජාතිවාදයේ ආරම්භය



දෙමළ ජාතිවාදය ඇති වීම පිළිබඳ දැන් කලක සිට අලුත් කතාවක් කියැවෙනවා. එයින් කියන්නේ සියල්ලට මුල උතුරේ අනෙක් දෙමළ කතාකරන ජනයා මත ඇති කරන වෙල්ලාලයන්ගේ දැඩි කුල පීඩනය කියා. මෙය කරුණු විකෘති කිරීමක්. මේ අනුව කියන්නේ කුල පීඩනය නිසා වෙල්ලාලයන් කෙරෙහි දැක් වූ ජනතා විරෝධය මග අරින්න වෙල්ලාලයන් ආණ්ඩු විරෝධී (සිංහල විරෝධී) ක්‍රියා මාර්ගයක් අනුගමනය කළා කියා.

Wednesday 9 May 2018

නියම, සුසමාදර්ශ හා චින්තනය


නියම, සුසමාදර්ශ හා චින්තනය



බටහිර විද්‍යාව පාසලේත් විශ්වවිද්‍යාලයේත් ඉගැන්වෙන්නේ න්‍යායික තර්කානුකූල නිමාවක් ඇති දැනුම් පද්ධතියක් ලෙස. නිව්ටන්ගේ නියම ගැන සිසුන් දන්නේ ඒ නිමාවූ පද්ධතිය ලෙස. නිව්ටන්ගේ ම ගුරුත්වාකර්ෂණය ඉගැන්වෙන්නේත් එහෙමයි. අනෙක් මාතෘකාත් ඒ විධියට ඉගැන්වෙන්නේ. සිසුන් හිතන්නේ බටහිර විද්‍යාවේ ප්‍රවාද සත්‍ය කියා. සිසුන්ට බටහිර විද්‍යාවේ ඉතිහාසයවත් මාතෘකා කිහිපයක් පමණක් අරගෙන උගන්වනවා නම් හොඳයි.

Tuesday 8 May 2018

ජ වි පෙ රනිල් වෙනුවෙන් ගහන ගැටය


ජ වි පෙ රනිල් වෙනුවෙන් ගහන ගැටය





ජ වි පෙ වෙනින් පොතක් පෙරළන්න හදනවා. පසුගිය දා විජිත හේරත් කියා තිබුණා ඔවුන් ගෙන ඒමට බලාපොරොත්තුවන විසිවැනි සංශෝධනයෙන් කිසිවක් වෙනස් වන්නේ නැහැ කියා. ඔහු කියා තිබුණේ විධායක ජනාධිපති ක්‍රමයෙ වෙනසක් නොකරන බවත් බලතල කිසිවක් අඩු නොකරන  බවත්. එහෙනම් සංශෝධනයක් ගෙන එන්නෙ මොනවට ද කියලා අහන්න පුළුවන්.

Monday 7 May 2018

සුමන්තිරන්ගේ කන්ද උඩ දේශනාව


සුමන්තිරන්ගේ කන්ද උඩ දේශනාව



උතුරු හා නැගෙනහිර පළාත්වල පන්සල් හදන්න දෙන්නෙ නැහැ කියලා සුමන්තිරන් කියනවා. ඒ අතර දාගැබ් සමතලා කර ගෙන යෑමට ප්‍රාදේශීය ලේකම්වරියක් අනුමැතිය දීලා. ඇය මුස්ලිම් බවට ආරංචියි. සුමන්තිරන් මැතෝදිස්ත ක්‍රිස්තියානි. මේ රටේ සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරයක් තියෙනවා. එහෙත් ඒ ගැන කතා කරන එක ඊනියා සංහිඳියාවට විරුද්ධලු. මේ කෙරී ගෙන යන්නේ සිංහල බෞද්ධ උරුමය රටින් අතුගා දැමීමක්. මෛත්‍රිපාල මේ එකක්වත් ගැන තවම පත්තරෙන් කියෙව්වෙ නැති පාටයි. එන පාට නම් හොඳ නැහැ.

Sunday 6 May 2018

මෛත්‍රිපාල හා අයින්ස්ටයින්


මෛත්‍රිපාල හා අයින්ස්ටයින්

විද්‍යාත්මක අමාත්‍ය මණ්ඩලයට බොහෝ අය හිනහවෙනවා. ඒකෙ තියෙන විද්‍යාත්මක බව මොකක් ද කියලා අහනවා. බොහෝ අය විද්‍යාත්මක ක්‍රමය හැටියට දන්නෙ පරීක්‍ෂණ, නිරීක්‍ෂණ, නිගමන යන්න. බොහෝ විට එය කියන්නෙ විද්‍යාව ඉගෙන නොගත් අය. විද්‍යාව ඉගෙන නොගන්නා අයට තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක විධි ක්‍රමය කියලා විෂයයක් තියෙනවා. ඒකෙ උගන්වන දේ ගැන මා කියන්න යන්නෙ නැහැ. එහෙත් විද්‍යාව ඉගෙන ගන්න අයට එහෙම දෙයක්

Saturday 5 May 2018

විසිවැනි සංශෝධනය කුමක් සඳහා ද?


විසිවැනි සංශෝධනය කුමක් සඳහා ද?





විසිවැනි සංශෝධනයට පක්‍ෂපාත විය යුතුයි කියලා ඒකාබද්ධ විපක්‍ෂෙ මන්ත්‍රීවරු දෙදෙනෙකු කියලා තියෙන බවට වාර්තාවෙනවා. එක් අයකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් කියලයි කියන්නෙ. මහින්ද මුට්ටි සෙල්ලමේ ගජ හපනෙක්. මේ දෙදෙනා බැසිල්ගෙ කියලත් කියනවා. අද දේශපාලනය රට ගැන නොවෙයි පෞද්ගලික කරුණු මත පදනම් වන බව පේනවා.

Friday 4 May 2018

පේරාදෙණි සංවාද




පේරාදෙණි සංවාද



චන්න ජයසුමන මේ දිනවල ඔහුගේ මුහුණු පොතෙහි පිටුවේ පේරාදෙණි සංවාද මැයෙන් ලිපි පෙළක් ලියනවා. ඒ කියවන විට මට සතුටක් මෙන් ම කණගාටුවක් ද දැනෙනවා. මා හිතන්නේ සතුටට වඩා කණගාටුවක් කියා. සතුටට හේතුව අද ජාතික ව්‍යාපාරයෙන් කොන් කෙරී තිබුණත් යටගිය දවස එක්තරා වකවානුවක මා එහි සුළුවෙන් නමුත් ක්‍රියාකාරී ව සිටි නිසා. චන්න තම කතාව අවසන් කරන්නේ කිනම් වකවානුවක ද කියලා මා දන්නේ නැහැ. එහෙත් දැනට ඔහු කියන්නේ විසිඑක්වැනි සියවසේ මුල කතාවක්. එකල ජාතික ව්‍යාපාරය අද තරම් දේශපාලනීකරණයට ලක් වී තිබුණේ නැහැ. චම්පක ජාතික ව්‍යාපාරය දේශපාලනය වෙනුවෙන් ගසා කෑමට පටන් ගත්තා පමණයි. විමල්, මහින්ද ආදීන් ඒ ගැන හිතා තිබුණේ නැහැ. ඒ වාක්‍යය කියවූ විගස මා සමග වෛර බැඳගන්නා ජාතිකවාදීන් ඉන්නවා. ඒ සමහරු අද මට සිරිජාතිකවාදියා කියනවා.

Thursday 3 May 2018

ස්වභාව ධර්මය හා නීති


ස්වභාව ධර්මය හා නීති



සමහර වෙලාවට අහන්න ලැබෙනවා ස්වභාව ධර්මයෙහි නීති නියම ආදිය ගැන. ස්වභාව ධර්මය කියා දෙයක් තියෙනවා කියලා උපකල්පනය කරලා ඒ ස්වභාව ධර්මය ක්‍රියාකරන හැටි, එහි සම්බන්ධකම් ආදිය කියැවෙන නීති තියෙන බවත් ඒවා සොයා ගැනීම බටහිර විද්‍යාවෙන් කෙරෙන බවත් ඇතැමුන් කියනවා. මේ බටහිර ස්වාභාවික විද්‍යා ගැන පමණක් නොව සමාජයීය විද්‍යාවන් ගැනත් කියැවෙන්නක්. මිනිස් ඉතිහාසයේ විකාශය ගැන මාක්ස් හොයලා කිව්වා. ඒවා හරි ගිහින් නැති බව වෙන ම කතාවක්. ආර්ථිකය හැසිරෙන විධිය ගැන මාක්ස්වාදී නොවන ආර්ථික විද්‍යාඥයොත් කියනවා. ඒත් ආර්ථිකය වැඩ කරන්නෙ මේ නීතිවලට අනුව නො වෙයි.

Wednesday 2 May 2018

රුවන්වැලි සෑය අයිති කාට ද?

රුවන්වැලි සෑය අයිති කාට ද?

රුවන්වැලි සෑය අයිති කාට ද? මා පඬියකු නොවන බැවින් රුවන්මැලි සෑය යැයි කියන්නේ නැහැ. රුවන්මැලි කියන්නේ ස්වර්ණමාලි කියන එක ද? ස්වර්ණමාලි රුවන්මැලි වන්නේ කවර රීතියකට ද? ගැමුණු රජු මහා සෑයට කිව්වෙ ස්වර්ණමාලි කියා ද? මේ ප්‍රශ්නත් වැදගත් නමුත් මා ඒ ගැන කතා කරන්නේ නැහැ. ඇතැම් ජාතිකවාදීන්ට එය ප්‍රශ්නයක් වේවි.

Tuesday 1 May 2018

ලෙස්ටර් ජේම්ස් පීරිස්


ලෙස්ටර් ජේම්ස් පීරිස්



ලෙස්ටර් ජේම්ස් පීරිස් එංගලන්තෙ ඉඳන් ලංකාවට ඇවිත් සිංහල සිනමාව ඉන්දීය ආභාසයෙන් මුදවා ගත් තැනැත්තා මිය ගිහින්. එහෙත් ප්‍රශ්නය ඔහු සිංහල සිනමාවක් බිහි කිරීමට කටයුතු කෙළේ ද යන්නයි. මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, ආදීන් මෙන් ම ඔහු ද කෙළේ අප නූතනත්වයට යට කිරීමයි. එය ඔවුන්ට පමණක් සීමා වුණේ නැහැ. විශ්වවිද්‍යාලයීය බෞද්ධ උගතුන් කෙළේත් එයමයි. කේ එන් ජයතිලක, වයි කරුණාදාස ආදීන් එයට උදාහරණ. කේමදාස සංගීතයේ එය කළා. තව තව අයගේ නම් සඳහන් කරන්න පුළුවන්. ගුණදාස අමරසේකරගේ ගමනක මුල නවකතා වැලෙන් කියැවෙන්නේ මේ ඛෙදවාචකයයි. එයින් කියැවෙන්නේ අමරසේකර ඉන් ගැලවෙන්න උත්සාහ කළා කියන එකවත් ඒ කතාවැලෙන් අපට මග පෙන්වීමක් කරන බවක්වත් නො වෙයි.