Main Logo

Thursday 31 March 2022

සර් අසමත් ව්‍යාපාරය හෙවත් ගෝඨාභය එළවීම

      සර් අසමත් ව්‍යාපාරය හෙවත් ගෝඨාභය එළවීම

 

ඇතැම් ජනමාධ්‍යවේදීන්ට තේරෙන දේ ආණ්ඩුවට නොතේරෙන්නේ ඇයි? ආණ්ඩුව එතරම් අදක්‍ෂ ද? 2005 සිට 2015 දක්වා පැවතියේත් රාජපක්‍ෂ ආණ්ඩු. පරාජය කළ නොහැකි යැයි කී දෙමළ කොටි ත්‍රස්තවාදීන් පරාජය කරනු ලැබුවේත් ඒ ආණ්ඩු විසින් මිස ජනමාධ්‍යවේදීන් විසින් නො වෙයි. ජනමාධ්‍යවේදීන් එකල කුමක් කෙළේ ද? අප නම් කළ දෙයක් නැහැ. අප ටෙලිවලවත් වලිවලත් එතරම් පෙනී ඉන්න නැතුව වෙන්න ඕන. පෙනී හිටියත් බටහිර දැනුම විවේචනය කිරීමෙන් උගත් ජනමාධ්‍යවේදීන්ගේ හා වියතුන්ගේ වෛරයට පාත්‍ර වෙන්න ඇති.

Wednesday 30 March 2022

රනිල් අගමැති ව සිටියේ නම්

                        රනිල් අගමැති ව සිටියේ නම්

 

මේ අවස්ථාවේ තමා ජනාධිපති හෝ අගමැති හෝ වී සිටියේ නම් ගන්නා පියවර කුමක්දැයි 360 ඇසූ විට රනිල් උද්ධච්ඡව කියා සිටියේ කිසි පියවරක් නොගන්නා බව ය. ඒ ඔහු ජනාධිපති හෝ අගමැති හෝ වී සිටියේ නම් මේ අර්බුදය ඇති නොවන බව අහංකාර ව කියමිනි. එහෙත් මේ අර්බුදය ඇති වී තිබෙන්නේ ම ඔහු හා එ ජා ප ආණ්ඩු ජමුලට යෑමේ ද ප්‍රතිඵලයක් ලෙසිනි. ජමූලට යෑම නිසා බංකොළොත් වී ඇති රටවල් අතරට අද ලංකාව ද එක්වෙමින් පවතියි.

Tuesday 29 March 2022

අනේ වජිර අනේ රනිල්

 

 

අනේ වජිර අනේ රනිල්

 

වජිර අබේවර්ධන කියල රනිල් අගමැති නම් මේ ප්‍රශ්න නැහැ කියල හරි එවැනි තේරුමක් දෙන කතාවක්. ඔහු වෙන මොනව කියන්න ද? අකිල විරාජ් කාරියවසම් ඒ කතාව අනුමක කරන බවට සැකයක් නැහැ. රනිල් ඊයෙ 360ට ඇවිත්. මා නම් බැලුවෙ නැහැ. මොකෝ අලුත් දෙයක් කියනවැයි. හැමදා ම කියන කතා තමයි. මං පොර සංකල්පය රනිල්ටත් තියෙනවා. ලංකාවෙ මං පොර නොවන්නෙ කවුද? රනිල් කියන්නෙ අවුරුදු එකහමාරක් දෙකක් තිස්සෙ තමා මේ අර්බුදය ගැන කියන බව. බලාගෙන යනකොට ලංකාවෙ මාධ්‍යයට එන හැමෝ ම වගේ මේ අර්බුදය ගැන අනාවැකි කියල ඒත් ආණ්ඩුව ඒ කිසිවක් සතපහකට ගණන් අරන් නැහැ.

 

Monday 28 March 2022

ටෙලි හා වලි බලමින් ඉන්දියාවෙ ප්‍රාන්තයක් වෙනවා ද?

 

ටෙලි හා වලි බලමින් ඉන්දියාවෙ ප්‍රාන්තයක් වෙනවා ද?

 

ඊයේ මගේ ලිපියේ සඳහන් වූ කරුණු පමණක් තිස්ස කාරියවසම්ගේ නිබන්ධනයෙන්. එහි ඇති කතා මගෙන්. උදාහරණයක් වශයෙන් ගිහියන් හාමුදුරුවරුන්ගෙන් නායකත්වය ගැනීම. ඊයේ ලිපිය සමග පළ කෙරුණු චිත්‍රය තරමක් ප්‍රසිද්ධ එකක්. එහෙත් එහි කතාව කී දෙනකුගේ අවධානයට යොමු වී ඇත් දැයි දන්නේ නැහැ. එය නිර්මාණය කළ චිත්‍ර ශිල්පියා කුමන අදහසකින් එය කෙළේ දැයි මා දන්නේ නැහැ.

Sunday 27 March 2022

භික්‍ෂූන් වහන්සේ නැවත නායකත්වයට

 

භික්‍ෂූන් වහන්සේ නැවත නායකත්වයට

 

තවමත් දේශපාලනඥයන් ඩොලර් අර්බුදයට විසඳුමක් යෝජනා කරන්නේ නැහැ. හැම දෙයක් ම දන්නා ජනමාධ්‍යවේදීනුත් විසඳුමක් යෝජනා කරන්නේ නැහැ. අටපිරිකර උස්සා ගෙන මහානායක හාමුදුරුවරු බැහැ දකින්න යන කිසිවකු හාමුදුරුවරුන්ගෙන් විසඳුමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මහානායක හාමුදුරුවන් බැහැ දකින්නෙ හුදු චාරිත්‍රයක් ලෙස පමණයි. එය පැරණි කතාවක නෂ්ඨාවශේෂයක් පමණයි. පැරණි කතාව අනුව හාමුුදුරුවන් රජුන්ටත් සෙසු අයටත් ධර්මයෙන් පමණක් නොව අර්ථයෙන් ද අනුශාසනා කළා. දැන් ගිහියන් හාමුදුරුවරුන්ට අර්ථය පමණක් නොව ධර්මය ද කියා දෙනවා. මේ වෙනස සිදුවීම තරමක් විස්තරාත්මක ව පසුව කතා කරන්න ඕන.

Saturday 26 March 2022

රනිල් බැසිල් සමාගම අවුරුද්දට කලින් ම වැඩ අල්ලලා

 

රනිල් බැසිල් සමාගම අවුරුද්දට කලින් ම වැඩ අල්ලලා

 

අප රට භයානක ප්‍රපාතයක් අබියස තියෙන්නෙ. ඒ ඩොලර් අර්බුදය ම නොවේ. ඩොලර් අර්බුදය නිසා විජාතිකත්වය අන් කවරදාටත් වඩා හිස ඔසවා තියෙනවා. පැරණි වම අධිරාජ්‍යවාදය යටත්විජිතවාදය නව යටත්විජදතවාදය ආදී වශයෙන් හැඳින් වූ එහෙත් ඔවුන් නිසියාකාරයෙන් අවබෝධ කර නොගත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ලංකාවේත් ලෝකයේත් නැවත හිස ඔසවන තත්වයකට ඇවිත්. අලි හෙම්බිරිස්සා වසංගතයෙන් පසු ක්‍රිස්තියානි නූතනත්වයට නව පණක් ලැබී තියෙනවා. මා හිතන්නේ ලෝකයේ සියලු ජාතිකවාදීන් බලාපොරොත්තු නොවූ ආකාරයකට ක්‍රිස්තියානි නූතනත්වය හිස ඔසවා තියෙනවා. එයට ප්‍රධාන හේතුව ක්‍රිස්තියානි (කතෝලික නොවේ. කාදිනල්තුමාටත් එතරම් දෙයක් කරන්න බැහැ.) නූතනත්ව දැනුම් පද්ධතියට අභියෝගයක් ඉදිරිපත් කිරීමට චීන හා රුසියන් ජාතිකවාදීන් අසමත් වීමයි. බටහිර රටවල් පවා මේ තත්වය උදාවේ යැයි නොසිනන්න ඇති. අද යුක්‍රේනයේ දී පුටින් තරමක ප්‍රශ්නයකට මුහුණ දී ඉන්නවා. ඔහු බලාපොරොත්තු වූ දේ ඉටුකර ගැනීමට අසමත් ව සිටිනවා. ඔහුගේ ක්‍රිස්තියානි නූතනත්ව බලය ගැන තිබූ තක්සේරුව වැරදිලා. අපත් සිතා සිටියේ ක්‍රිස්තියානි නූතනත්වය දුර්වල වෙලා කියලා.

 

Friday 25 March 2022

කෝ මේ ශක්ති කෝ මේ රන්දික විහාරවත් ෂේනිවත් නොවෙයි හොයන්නෙ

 

කෝ මේ ශක්ති කෝ මේ රන්දික විහාරවත් ෂේනිවත් නොවෙයි හොයන්නෙ

 

මා කියා ඇති මා දෙරණේ නාට්‍ය තුනක් නරඹනවා කියා. ඒ ශක්ති, ප්‍රවෘත්ති හා ඉස්කෝලෙ. ඒ නාට්‍ය තුනේ චරිිත අතර සමානකම් තියෙනවා. ශක්ති නාට්‍යයේ ඉන්නවා නිළමෙ කොරෙයා හා ශක්ති. නිළමෙ බොරු වෙදෙක්. ඔහු කිරෙන් නාව ගන්නවා. කොරෙයා සූදු අන්තුවෙක්, ශක්ති පාරම්පරික වෙද මහතෙක්. නිළමෙ හදන්නෙ පාරම්පරික වෙදකම නැතිකරල කොරෙය හා පවුල අමාරුවෙ දාන්න. ඉස්කෝලෙ නාට්‍යයෙ ඉන්නවා මන්ත්‍රීතුමා, කපිල  හා රන්දික. මන්ත්‍රීතුමාට අවශ්‍ය බලය හා මුදල්. අර නිළමෙට වගේ.  කපිල  බේබද්දෙක් මාළු වෙළෙන්දෙක්. රන්දික දේශීය ව්‍යාපාරික තරුණයෙක්. මන්ත්‍රී කපිල  හා පවුල පාරට ඇද දමමින් ඔවුන්ගේ නිවස සින්න කර ගන්න උත්සාහ කළා. රන්දික මැදිහත් වෙලා ඒ නිවස හා පවුල බේර ගත්තා.

Thursday 24 March 2022

මහා බැංකුවට දක්‍ෂ හිඟන්නන් තුන් දෙනකු පත් කරමු


මහා බැංකුවට දක්‍ෂ හිඟන්නන් තුන් දෙනකු පත් කරමු

 

ඊයේ මං පොර හා ගොං පොර මැයෙන් පළ වූ ලිපියෙන් වමාලාට සකර්බර්ග් අනාථ කඳවුරට පඬි නැට්ටන්ට බයියන්ට ටොයියන්ට පමණක් නොව ඇතැම් ජාතිකවාදීන්ට ද රිදිලා. සමහරු ඉහත සඳහන් කුලක එකකට වඩා අයිතියි. ඔවුන් තමන්ට ඇති වූ වේදනාව වසා ගැනීමට ඒ ලිපිය නන්දෙඩවිල්ලක් බව මට කෙළවී ඇති (ඔවුන්ගේ වචන) බව සඳහන් කරලා. එය නන්දෙඩවිල්ලක් බව සැබැයි. එහෙත් එය මං පොර කිහිප දෙනකුගේ නන් දෙඩවිලි. අද ඇතැම් මං පොරවල් ඩොලර් හිඟයට විවිධ යෝජනා ඉදිරිපත් කරනවා. ඒ එකක්වත් විසඳුම් නො වෙයි. ධම්මික පෙරේරාගේ ගෑස් පෝලිම නැති කිරීම, ඕමල්පෙ සෝභිත හාමුදුරුවන්ගේ පන්සල්වල ඇති ධනය (රත්තරන් පොලු ගැන සඳහනක් තිබුණේ නැහැ) භාණ්ඩාගාරයට දීම ආදි විහිළු ඒ අතර තිබුණා. මා කෙළේ ඒ විවිධ නන්දෙඩිවිලි එක් තැනකට ගෙන ඒම පමණයි. එමෙන් ම මා ඇතැම් මං පොර ගැනත් විස්තරයක් කළා. ඒ මං පොර හඳුනා ගැනීමටයි. 

 

Wednesday 23 March 2022

මං පොර හා ගොං පොර

 


                                    මං පොර හා ගොං පොර

 

මේ මං පොර ලංකාවේ අතිඋත්කෘෂ්ටවත් යුගයයි. සිංහලයන් සාමාන්‍යයෙන් මං පොරවල්. මං අරක කරා මේක කරා අනිත් මිනිහට කිසිවක් බැහැ. මට නම් ඒක වැඩක් නෙවෙයි. මෙවැනි කතා නිතර දෙවේලේ අහන්න ලැබෙනවා. ගෙදරකට වැඩට එන බාසුන්නැහැ වැඩක් නෙවෙයි කියල ගියාට පස්සෙ එන බාසුන්නැහැ වැඩේ පටන් ගන්න කලින් ම මං පොර වෙලා කලින් බාසුන්නැහැගෙ වැරදි පෙන්නනවා. පෙන්නනවට වැඩිය කියනවා.

Tuesday 22 March 2022

අර්බුදය ඇති කළ අයකු වූ තිස්ස අත්තනායකටත් විසඳුමක් නැහැ

 

අර්බුදය ඇති කළ  අයකු වූ තිස්ස අත්තනායකටත් විසඳුමක් නැහැ

 

සර්ව පාක්‍ෂික සම්මේලනය පංච පාක්‍ෂික රැස්වීමක් බවට පත් වීමේ අනතුරක් තියෙනවා. මා හිතනවා මෛත්‍රිපාල හා රනිල් එයට සහභාගි වේය කියා. තිස්ස අත්තනායක නම් කියල තම පක්‍ෂය සහභාගි වෙන්නෙ නැහැ කියල. ඒක හොඳයි. මා ඊයේ කී විධියට ෂෝටිස් සඳහා යන වියදම අඩුවේවි ද? ලංකාවෙ සිරිතක් තියෙනව දානෙකට එහෙම එන්න බැරි වෙන අයට කෑම ටිකක් යවන. තිස්සටත් මොනව හරි අරින්න. ඔහු දක්‍ෂයෙක් වෙන්න ඕන. මහියංගනයට කිට්ටු පළාතකින් ඇවිත් එ ජා පක්‍ෂයෙ ලේකම් වෙන එක පොඩි වැඩක් නො වෙයි. ඔහුට ෂෝටීස් ටිකක් යවන එක මෙළොවට කොහොම වෙතත් එළොවට හොඳයි.

Monday 21 March 2022

ජෙප්පන් හා සෙප්පන් හරිණි සමග ෂෝටීස් අත්හරිමු කියල

 


ජෙප්පන් හා සෙප්පන් හරිණි සමග ෂෝටීස් අත්හරිමු කියල

 

සර්ව පාක්‍ෂික සම්මේලනයට කණකොකා හඬලලා. මා කියන්නේ කණකොකා ගැනයි. හරීණිත් හඬලල. ඒකත් සැලකිල්ලට ගන්න ඕන. ඒත් වඩා වැදගත් වෙන්නෙ අනුර දිසානායක කියන කතාව. ජෙප්පන් පමණක් නොව සෙප්පන් ද පක්‍ෂ එකොළහෙ පක්‍ෂ අටක් ද සර්ව පාක්‍ෂික සම්මේලනයට යන්නෙ නැතිලු. ගියයි කියල කරන්න දේකුත් නැහැ. අද තියෙන ඩොලර් අර්බුදයට කා ගාව ද තිරසර විසඳුමක් තියෙන්නෙ. සර්ව පාක්‍ෂිකෙට ගිහිල්ල කරන්න යෝජනාවක් ජෙප්පන්ට හරි සෙප්පන්ට හරි තියෙනවා ද? එතැනට ගිහින් විසඳුමක් නැති බව රටට ම පේන්න සලස්වනවට වැඩිය හොඳයි නුගේගොඩ දි රැඩිකල් කතාවක් කරල 3% රඳවගන්න පුළුවන් ද කියල බලන එක.

 

Sunday 20 March 2022

නේටෝව විසුරුවා හැරීමට උද්ඝෝෂණයක් - ප්‍රවෘත්තියක් නොවෙයි

 නේටෝව විසුරුවා හැරීමට උද්ඝෝෂණයක් - ප්‍රවෘත්තියක් නොවෙයි 

 

මා දෙරණ ශිල්පීන් විවේචනය කරන්නෙ එක ම එක හේතුවක් නිසා. මා සියයට අනූවකට වඩා බලන්නෙ දෙරණ නිසා. ඒකත් දෙරණ අරුණ හා නාට්‍ය තුනකට සීමා වෙනවා. නාට්‍ය තුන ශක්ති ප්‍රවෘත්ති හා ඉස්කෝලෙ.  දේශීය වෙදකම ගැන කියන නිසා ශක්ති බලනවා. ප්‍රවෘත්ති බලල රත් වෙන ලේ සිසිල් කරගන්න ඉස්කෝලෙ බලනවා. මා මහ පොළොවෙ යථාර්ථය වගේ දේවල් දැන ගන්න කිසිවක් බලන්නෙවත් අහන්නෙවත් කියවන්නෙවත් නැහැ. යථාර්ථය කියා එකක් මා දන්නෙ නැහැ. මහා පොළොව යථාර්ථයක් ද කියල මා අහන්නෙ නැහැ. දන්න එක්කෙනෙකු ඉන්නව නම් මට කියල දෙන්න. යථාව යථාර්ථය ආදිය කාටවත් නොතේරෙන හිස් චචන. හැබැයි හැමෝ ම හිතනවා තමන් ඒ දන්නවා කියා. ප්‍රවෘත්ති විතරක් පෙන්වන ව නම් ඇඟේ ලේ රත් වෙන්නෙ නැහැ. ඒත් ප්‍රවෘත්ති විතරක් කියල දෙයක් නැහැ. ප්‍රවෘත්ති හැම තිස්සෙ ම කාගෙ හරි විවරණයක් එක්කයි ප්‍රචාරය වෙන්නෙ. ප්‍රවෘත්ති රචනය පසුබිම් වාර්තා ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නාගේ අංග චලන ඉරියවු වචන උච්චාරණයේ සිදුවන වෙනස්කම් ආදී සියල්ල නරඹන්නාට හසු වෙනවා. ප්‍රවෘත්තිත් නාට්‍යයක් තමයි.

Saturday 19 March 2022

දුන්න දුනුගමුවේ හා ඩොලර් මුවා

                   දුන්න දුනුගමුවේ හා ඩොලර් මුවා

 

මට මේ දිනවල දුන්න දුනුගමුවේ මතක් වෙනවා. නාට්‍යය නොවෙයි. සුගතපාල ද සිල්වා කියන්නෙ ව්‍යාජ ප්‍රබුද්ධයන් විසින් පුම්බනු ලැබූ නාට්‍යකරුවකු පමණයි. බල්ලෝ බත් කති. ප්‍රබුද්ධයෝ ඩ්‍රින්ක්ස් ගනිති. මෙරට ඊනියා ප්‍රබුද්ධයෙකු වෙන්න ක්‍රිස්තියානි නූතනත්වයට ආවඩන්න ඕන. හිතින් ජාතිකවාදීන් වෙන කලාකරුවන් ද කටින් ප්‍රබුද්ධයන් වන්නේ තැන රැක ගැනීමට. මා නම් කලාකරුවකුවත් විද්‍යාඥයකුවත් නො වෙයි. මට රැක ගන්න දෙයක් නැහැ.  දුන්න දුනුගමුවෙන් මට මතක් වෙන්නෙ අව්‍යාජ ගැමියකුගේ කවිය. ඒ කවිය මතක් වෙන්නෙ ඊනියා ප්‍රබුද්ධයන්ගෙ කතා ඇහෙන කොට. ඊයේ හිටපු මුදල් ඇමතිවරයකු වූ සරත් අමුණුගම දෙරණ වැඩ සටහනකට ඇවිත් කියපු කතා කිහිපයක් දෙරණින් ම අහන්න ලැබුණ. සරත් අමුණුගම සමග සාකච්ඡා කෙළෙත් ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදියෙක් වූ කළිඳු කරුණාරත්න නමැත්තෙක්. මා අමුණුගම දන්නව හඳුනනවා වුණත් කළිඳු හමුවෙලාවත් නැහැ. ඔහු ඉන්නෙ ඉහළ තලයක. ජනමාධ්‍යවේදීන් වේදිනියන් ඉන්නෙ ඉහල තලවල.

Friday 18 March 2022

ගන්න ගන්න චූන් වෙන්න රනිල් චුවිංගම්

 

ගන්න ගන්න චූන් වෙන්න රනිල් චුවිංගම්

 

රනිල් නිෂ්පාදනයක් කළා ද කියා මා අහන්නෙ නැහැ. අකිල කාරියවසම් නම් ඒ කාලෙ ෆොක්ස්වාගන් රිය නිෂ්පාදනය කරන්න කතා කළා. අන්තිමට වාගන් නැතුව ෆොක්ස් ඉතුරු වුණා. මෙතන ෆොක්ස් කියන්නෙ මොන භාෂාවෙන් ද කියල මගෙන් අහන්න එපා. ෆොක්ස්වාගන් කිවුවට මා හිතන්නෙ ජර්මන් භාෂාවෙන් ෆෝක්ස්වාගන් කියල. මා හරියට දන්නෙ නැහැ. ෆෝක්ස් කියල සමහර වෙලාවට ඉංගිරිසියෙනුත් ජනතාව සඳහා යොදනවා. ෆෝක්ස්වාගන් කියන්නෙ ජනතාවගේ රිය බවයි මා හිතන්නෙ. ඒ කොහොම වෙතත් ෆෝක්ස්වාගන් ලංකාවෙ නිෂ්පාදනය කරන්නෙ නැහැ. දැන් පිටින් ගේන්නෙත් නැහැ. කලින් ගෙනාපු ඒව විතරයි තියෙන්නෙ. හර්ෂ ද සිල්වා හා එරාන් වික්‍රමරත්න රිය නිෂ්පාදනය ගැන අකිල කාරියවසම් එක්ක කතා කළා ද? එයට සිංහලෙන් ජනරිය  කියන්න බැහැ. සන්නාම අපට ඕන විධියට පරිවර්තනය කරන්න බැහැ.

Thursday 17 March 2022

ජනාධිපතිතුමා නොකී දේ

 

ජනාධිපතිතුමා නොකී දේ

 

ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ජාතිය ඇමතුවා. එය කෙටියි හොඳයි. එහි කිව යුතු දේ ඉතා කෙටියෙන් තිබුණා. ඒත් මට හිතුණා කතාවට අටුවාවක් ලියන්න ඕන කියා. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති කළ යුතු යැයි මා ද කිවුවා. ඇතැම් රැස්වීම්වලත් කතා කළා. එතුමාට ඒ අවස්ථාවේ සිංහල ඡන්දවලින් පමණක් ජනාධිපති විය හැකි බවත් මා දැන සිටියා. මාත් ඔය හැටනව ලක්‍ෂයෙන් එක් අයෙක්. මා ඒ සියල්ල ගැන සතුටු වෙනවා. බැරි වෙලාවත් සජිත් ජනාධිපති වුණා නම් මෙරට තෙල් ප්‍රශ්නයක් ගෑස් ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. ඇති වන්න විධියක් නැහැ. අලි හෙම්බිරිස්සාවෙන් ම ජනගහනයෙන් ඉතා විශාල පිරිසක් මිය ගිහින්.

Wednesday 16 March 2022

මගේ ලෝකයේ මගේ සතුට

 

මගේ ලෝකයේ මගේ සතුට

 

ඊයේ මගේ ජීවිතයේ වැදගත් දවසක් වෙන්න තිබූ දිනයක්. ඒ සජිත් ප්‍රේමදාස තමා ජනාධිපති වීමට නුසුදුසු බව අවධාරණය කළ දිනය නිසා නො වෙයි. ඔහු ජනාධිපති ලේකම් කාර්යාලය වටලා කලබලයක් ඇති කර ජ වි පෙ උපක්‍රමණයක් අනුගමනය කළා. කාගෙ හරි ජීවිතයක් බිලි දීල මිනිය උස්සන් රට වටේ ගිහින් ඊනියා ලංකා වසන්තය උදා කිරීම ඔහුගෙ බලාපොරොත්තුව වෙන්න ඇති. හරීන් ප්‍රනාන්දුත් ලංකාවෙ අරාබි වසන්තයක් ගැන කතා කරල තිබුණ. ඒත් පොලීසිය හා ආරක්‍ෂක හමුදා ඉතා ඉවසිල්ලෙන් කටයුතු කළ නිසා සජිත්ට ලියා ගෙන ආපු කතාවවත් හරියට කර ගන්න බැරි වුණා.

Tuesday 15 March 2022

ඉල්ලන් කෑම වෙනුවට නැවත මඩට

 

ඉල්ලන් කෑම වෙනුවට නැවත මඩට

 

දෙරණේ සංඛ අමර්ජිත් චන්ද්‍රසේන ඇමතිගෙන් අහල තෙල් මිල කීය ද ගෑස් කීය ද ආදී වශයෙන්. ඇමති දැනන් හිටල නැහැ. සංඛ මගෙන් ඇහුව නම් මා දන්නෙත් නැහැ. දළ වශයෙන් මා දන්නවා පෙට්‍රල් රුපියල් 250ට වැඩිය කියා. ඒත් මා දන්නවා අවම බස් ගාස්තුව රුපියල් විස්සක් කියා. මට එය මතක හිටියෙ මොකද කියල මා තවමත් කල්පනා කරනවා. සමහර විට බස් ගාස්තුව මා කුඩා කල සිට ගෙවන නිසා වෙන්න ඇති. අවුරුදු හැත්තෑවකට පමණ පෙර මාත් මල්ලිත් බම්බලපිටියෙ සිට තර්ස්ටන් විද්‍යාලය දක්වා බස් ගාස්තුව හැටියට ගෙවුවෙ සත පහයි. අප එය ගෙවුවෙ දෙන්නට පහයි කියමින්. එකල අවම බස් ගාස්තුව සත පහයි. අප එක් කෙනකුට ඉන් බාගයයි ගෙවුවෙ. දෙන්නට පහයි මට අමතක වන්නෙ නැහැ. ඒ කාලෙ ලංගම නැහැ. දැනුත් නැති ගාණයි.

Monday 14 March 2022

විජය අස්ස වෙළෙන්දෝ හා බැසිල්

 

විජය අස්ස වෙළෙන්දෝ හා බැසිල්

 

අස්ස වෙළෙන්දො දෙන්නෙක් නම් වශයෙන් කියනව නම් සේන ගුත්තික බලය ගත්තු රටක බැසිල් බලය ගත්තු එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. අස්ස වෙළෙන්දට පස්සෙ ආපු එළාරත් වෙළෙන්දෙක්. ඊට ඉස්සර ආපු විජය වෙළෙන්දෙකු බවට ආරංචියක් නැහැ. ඒ කාලෙ රටක් හැටියට එක්සත් වෙලා තිබුණෙ නැහැ කියන්න කොල්ලෑ පඬි නැට්ටන් ඉක්මන් වෙන්න ඕන නැහැ. රටක් නැති වුණත් තම්මැන්නෑව හා අනුරාධපුරය කියල කියමු.

 

Sunday 13 March 2022

වාසු ක්වොන්ටම් අංශුවක් ද?

 වාසු ක්වොන්ටම් අංශුවක් ද?  


මා වාසුදේව නානායක්කාර සහෝදරයා අවුරුදු පනහකට කිට්ටු කාලයක් හඳුනනවා. ඊට වැඩි කාලයක් ඔහු ගැන දන්නවා. ඔහු හොඳ මිනිහෙක්. පරණ සමසමාජකාරයන්ගෙ තිබුණ හොඳ ගුණ ඔහු ළඟ ද තියෙනවා. ඔහු අසරණයන් පීඩිතයන් කෙරෙහි ඉමහත් කරුණාවක් දක්වන අයෙක්. ඒ ගැන තවත් විස්තර අවශ්‍ය නම් රිච්මන්ඩ් විද්‍යාලයෙන් බිහි වූ තවත් ජනාධිපති අපේක්‍ෂකයකු වූ සිරිතුංග ජයසූරියගෙන්  දැන ගන්න පුළුවන්. වාසු සමසමාජකාරයකු වන්නටත් ඇත්තේ ඒ දයානුකම්පාව නිසා වෙන්න පුළුවන්. රිච්මන්ඩ් විද්‍යාලය වෙන්න පුළුවන් මහින්ද රාජපක්‍ෂ ද ඇතුළු ව ජනාධිපති අපේක්‍ෂකයන් වැඩිම සංඛ්‍යාවක් බිහි කළ විද්‍යාලය.  

Saturday 12 March 2022

කාදිනල්තුමා බැෂලේ හා ලංකා වසන්තය හෙවත් ඊනියා ජාතික ආණ්ඩුව

 

කාදිනල්තුමා බැෂලේ හා ලංකා වසන්තය හෙවත් ඊනියා ජාතික ආණ්ඩුව

 

ගෑස් නැහැ. තෙල් නැහැ. විදුලිය නැහැ. ඩොලර් නැහැ. පඬියන් වැහි වැහැලා. ඔවුන් ආණ්ඩුවට බණිනවා. ජනතාවත් ආණ්ඩුවට බණිනවා. දැන් සැප ද කියා අහනවා. සංසාරේ දුක මිසක් සැපක් නැහැ. මේ කියන ප්‍රශ්නය විසඳන්න බැරි එකක් නො වෙයි. එයට විසඳුමක් තියෙනවා. ඒත් මේ ආණ්ඩුවට විසඳුමක් දෙන්න බැහැ. එහෙම කිවුව ම පඬි නැට්ටන්ට සනීප ද? මෙයට බැසිල්ට බැණල එතරම් වැඩක් නැහැ. සමහරු බැසිල්ට බණින්නෙ මේ සියල්ලට ම වග කියන්න ඕන ඔහු කියල. ඔහු ඇමරිකාවට රට විකුණන්න යනවා කියනවා. ඔහුට සැලැස්මක් තියෙනව කියනවා. එහෙම නම් ඔහු මොළ හතක් ඇත්තකු ම වෙන්න ඕන. එවැනි සැලැස්මක් ඇති කරන්න එක මොළයකින් බැහැ. මේ ටික කියවල එක් එක් අය තම නැණ පමණින් එක් එක් දේ හිතා ගනීවි. මට මහාචාර්ය පදවියක් හම්බ වුණෙ විශ්වවිිද්‍යාලයට බෝට්ටුවේ නොව කොල්ලෑවෙ එල්ලිලා ඇවිල්ල ද කියල අහාවි. දැන් ඒ පදවිය නැහැ.

Friday 11 March 2022

බටහිර භෞතික විද්‍යාවේ අර්බුදය

 

බටහිර භෞතික විද්‍යාවේ අර්බුදය 

මේ ලිපිය පසුගිය මාර්තු 4 වැනි දා ක්වොන්ටා සඟරාවේ (Quanta Magazine) පළවූවකි. අප රටේ ඉන්නා දසදහසකට අධික විද්‍යාඥයන්ගේ දැන ගැනීම පිණිස එය පල කරනවා. මෙහි ගණිත සමීකරණ කිසිවක් නැහැ. ඕනෑම පඬි නැට්ටකුට කියව ගන්න පුළුවන්.  ඒත් ලිපිය තරමක් දිගයි. බටහිර භෞතික විද්‍යාවේ ඉහළ ම තැන්වල ඇති අර්බුදය එහි සාකච්ඡා කෙරෙනවා. බටහිර භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගසමින් යන ඊනියා සමාජයීය විද්‍යාවන් ඔහේ ගියා දෙන්. 

 

මා මෙහි ඇති සියලු කරුණු ගැන එකඟ වන්නේ නැහැ. මේ ඊනියා යථාර්ථය සත්‍යය සොයා යෑමේ ප්‍රතිඵලයක්. කුන්ගේ  සුසමාදර්ශ කතාවලින් වැඩක් නැහැ. 

සැලසුම් නැති ආර්ථිකය, අර්බුදය හා වියත්තු

 සැලසුම් නැති ආර්ථිකය, අර්බුදය හා වියත්තු


අද ලංකාවේ ඇත්තේ ආර්ථික අර්බුදයක්. එය කළමනාකරණය පිලිබඳ සැලසුම් කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. එය මේ ආණ්ඩුවේ ප්‍රශ්නයක් බවට ඌනනය කිරීමට සූදානම් වන්නේත් එය සාමාන්‍යයෙන් සමාජයේ පිළිගැනෙන්නේත් අපේ ද්වයංගුලි පඤ්ඤා සම්ප්‍රදාය නිසා. ඒ කියන්නේ ඇඟිලි දෙකේ නුවණ. අපට ඇඟිලි දෙකකට වඩා දුර පෙනෙන්නේ නැහැ. අපේ සම්ප්‍රදායේ එයට හැඳි මිටේ නුවණ කියාත් කියනවා. එය ස්ත්‍රීන්ට කරන නිග්‍රහයක් ලෙසයි ව්‍යවහාර වන්නෙ. මොන දේශපාලනයක හිටියත් මෙරට පිරිමි ගැහැණු කාටත් ඇඟිලි දෙකකට වඩා දුර පේන්නෙ නැහැ. ඊනියා වියත් මගටත් වියතක් පේන්නෙ නැහැ. ඔවුනුත් වියත් කීවත් ඇඟිලි දෙකේ නුවණැත්තෝ. 

Thursday 10 March 2022

රනිල් කරළියට ගෙන ඒම

 

රනිල් කරළියට ගෙන ඒම

 

අපේ ප්‍රධාන සතුරා එංගලන්තයයි. ඊළඟට ඉන්දියාවයි. ඉන්දියාව ඊනියා ජාතික රාජ්‍යයක් හා රටක් වුණේ මෑතක දි වුණත් ඒ ප්‍රදේශයෙන් අපට සියවස් ගණනක් තිස්සේ ආක්‍රමණ සිද්ධ වුණා. මට නම් හිතෙන්නේ අශෝක රජුත් ඊනියා ධර්මවිජයකින් දේවානම්පිය තිස්ස රජු යටත්කර ගැනීමට උත්සාහ කළා කියා. අප ඉන් බේරුණේ මිහිඳු මහා රහතන් වහන්සේ රජුට අනුකම්පාවෙන් මෙහි වැඩි නිසා ය කියයි මට වැටහෙන්නෙ. ඉන් පසු පස්වැනි සියවස වන විට අපට  ආන්ද්‍ර ථෙරවාදය පැටවුණා. එයත් ථෙරවාදයක් තමයි. එය මියන්මා දේශයටත් පැටවුණා. අපට පාණ්ඩ්‍ය චෙර සොළි හා තවත් ආක්‍රමණ දිගින් දිගට පැමිණියා. පසුව බටහිර ආක්‍රමණ ඇති වුණා. අදත් මෙරට එංගලන්ත ඉන්දීය ඒකාබද්ධ ආක්‍රමණයක් තියෙනවා.

Wednesday 9 March 2022

කාදිනල්තුමා බෞද්ධ හිතවාදී වෙස් මුහුණ ගලවලා ද?

 

කාදිනල්තුමා බෞද්ධ හිතවාදී වෙස් මුහුණ ගලවලා ද?

 

කාදිනල්තුමාට හොඳ සහයකු හමුවෙලා. සගයකු කිවුවත් ස්ත්‍රී චරිතයක්. සැගියක. ලෝක ප්‍රසිද්ධ ස්ත්‍රියක්. ඇය ස්ත්‍රී විමුක්තිය ලබා ඇති බවට සැකයක් නැහැ. ඒ තමයි මිෂෙල් බැෂලේ. ඇය එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් කොමිසමේ මහා කොමසාරිස්වරිය. ඇය මහා බලවත් කාන්තාවක් බව අපට අඟවනවා. ඒත් ඊශ්‍රායලය රුසියාව වගේ රටවල් ඇය සත පහකට මායිම් කරන්නේ නැහැ. මට සිහිවන්නේ අර කවි පදය දුප්පත් කමත් වලිගේ නැති ගොනා වැනී කියන කවි පදය. වලිගය ඇති එකා මැස්සන්ට හා බැෂලේට බැට දෙනවා.

Tuesday 8 March 2022

මෝඩ අපි නැදුන්ගමුවේ ඇත් රාජයාට සුබ ගමන් පතන්නේ නැහැ

 

මෝඩ අපි නැදුන්ගමුවේ ඇත් රාජයාට සුබ ගමන් පතන්නේ නැහැ

 

 

නැදුන්ගමුවේ ඇත් රාජයා මිය ගිහින්. රජය ඇතාගේ සිරුර සුරක්‍ෂිත කිරීමට පියවර ගෙන. එය ඉතාමත් වැදගත්. ඒ ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට හා අදාළ අනෙක් අයට පින්. පඬි නැට්ටන් කිසි දා බලයට පත් නොවන බැවින් ඇත් රාජයාගේ සිරුර වසර සිය ගණනක් සුරක්‍ෂිත ව තියේවි. පඬි නැට්ටන්ගේ වීරයකු වූ ලෙනින්ගේ දේහය අද ඇත්තේ කොහ් දැයි පඬි නැට්ටකුවත් හොයා බලනවා ද? නැදුන්ගමුවේ ඇත් රාජයා ලෙනින් මෙන් බලය ගැනීමට මිනිසුන් මැරුවේ නැහැ. ඇත් රාජයා බුදුහාමුදුරුවන්ට සේවය කළා පමණයි. මගේ විශ්වාසය ඇත් රාජයා බෝසතාණන් කෙනකු බවයි. ලෝකය අල්ලා ගැනීමට මිනිසුන් මරන්නේ බෞද්ධ සංස්කෘතීන්වල නො වෙයි.

Monday 7 March 2022

නැගෙනහිරට කඳුකරයට නැති උතුරට ඇති ඊනියා දෙමළ ප්‍රශ්නය හා ඉන්දියාවේ මස් රාත්තල

 නැගෙනහිරට කඳුකරයට නැති උතුරට ඇති ඊනියා දෙමළ ප්‍රශ්නය හා ඉන්දියාවේ මස් රාත්තල


ඉන්දියාව ඩොලර් අර්බුදය මැද බොර දියේ මාළු බාන්න සූදානම් වන බව අප කිහිප වතාවක් ම කියා ඇති. පසුගිය ද ජෙනීවාහි දී ද ඉන්දියාව 13 වැනි සංශෝධනය මුළුමනින් ම ක්‍රියාත්මක කරන ලෙස කියා තිබෙනවා. ඔවුන් ඉන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සියල්ලට ම ඇහැ ගහ ගෙන. මුදල් ඇමතිගේ ඉන්දියා ගමන දැන් අඩුම තරමෙන් දෙවතාවක් කල් දමන්න සිදු වුණා. ඉන්දියාව අපට මුල දී එන්නත ලබා දුන්නේ නැහැ. එන්නත් හා කාබනික පොහොර ලබා දුන් චීනය තරහ කර ගැනීමට මෙරට ඊනියා විිද්‍යාඥයන් ප්‍රමුඛ නිලධාරින් සමත් වුණා. එයට  වමාලා ද සිවල් සාමාජිකයන් ද ඕවල් ක්‍රීඩාංගනයේ සිංහල විරෝධී කේන්දරකාරයන් ද සහාය දුන්නා. ක්‍රිකට් බලය ටැමිල් යුනියන් සිට එස් එස් සී දක්වා මාරු වීම ගැනත් වෙල්ලාලයන්ගේ අසතුටක් තියෙනවා.

Sunday 6 March 2022

බංකොළොත් පඬි නැට්ටන්ට අද හිරුණිකාට ආවඩන්න වෙලා

 බංකොළොත් පඬි නැට්ටන්ට අද හිරුණිකාට ආවඩන්න වෙලා

 

ඉතා කෙටියෙන් නමුත් ඊයේ ලිපියේ සඳහන් කෙරුණු කරුණක් පළමුව නිරවුල් කරන්න ඕන. එහි පහත සඳහන් ඡෙදය තිබුණා. "අප ආනයන අඩු කර අපනයන වැඩි කළ යුතු ව තිබිය දී ආනයන ඩොලර් මිලියන පන්සීයකින් පමණ වැඩි වෙලා. ප්‍රශ්නය අප ආනයනය කර ඇත්තේ මොනවා ද යන්නයි. අප තෙල් ආනයනයට වියදම් කළ මුදල අඩු වෙන්න ඕන. එසේ තිබිය දී අප ආනයනය කර ඇත්තේ මොනවා ද? ඒ සඳහා මුදල් වෙන් කර ඇත්තේ කවුද? මහා බෑංකුව මුදල් වෙන් කිරීමේ දී අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක් ද?"

Saturday 5 March 2022

දැඩි තීන්දු ගත හැකි නායකත්වයක අවශ්‍යතාව

 

දැඩි තීන්දු ගත හැකි  දේශපාලන නායකත්වයක අවශ්‍යතාව

 

අපේ ණය ආනයන අපනයන ආදිය පිළිබඳ පහුගිය මාසවල දළ සටහනක් මෙහි දැක්වෙනවා. මේ මුදල් ඩොලර් මිලියනවලින්. 2022 ජනවාරි වෙළෙඳ ශේෂය -1085 .  ඊට පෙර ශේෂය -553.10යි. 2022 ජනවාරි ආනයන 2241. ඊට පෙර 1754.60යි 2022 ජනවාරි අපනයන 1156. ඊට පෙර අපනයන 1211.50යි. 2021 සැප්තැම්බර් බාහිර ණය 51117 .43 . ඊට පෙර 50438.48යි. 2021 නොවැම්බර් ප්‍රේෂණ 271.40. ඊට පෙර 317.40යි. 2021 නොවැම්බර් සංචාරක ආදායම 59.50. ඊට පෙර 31.60යි.

 

Friday 4 March 2022

උදය විමල් හා බැසිල්

 

උදය විමල් හා බැසිල්

 

මා මේ ලිපිය ලියන්නේ තරමක කණගාටුවකින්. ඒ විමල්ට හා ගම්මන්පිලට ඇමතිකම් අහිමි වීම ගැන නොවෙයි. එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් වුණා.  මට කණගාටුවක් වී ඇත්තේ අපට ලක්‍ෂ හැටනවයක බලකායක් අනාථ කිරීමට සිදුවීම පිළිබඳ ව. එයට මටත් වරද පටවන්න ඕන. එමෙන් ම ජනමාධ්‍යයටත් වරද පටවන්න ඕන. අද අපට ජාතිකත්වයට නැඹුරු වූ ජනමාධ්‍යයක් නැහැ. එඩ්මන්ඩ් රණසිංහ දිවයිනෙන් යෑමත් සමග ජනමාධ්‍යයෙන් ජාතිකත්වයත් ගියා.

 

Thursday 3 March 2022

ඩොලර් අර්බුදය හෙවත් ඉල්ලන් කෑම හා දේශපාලනය

 

ඩොලර් අර්බුදය හෙවත් ඉල්ලන් කෑම හා දේශපාලනය

 

ඩොලර් අර්බුදයට හේතුව මේ ආණ්ඩුවේ කළමනාකාරීත්ව දුර්වලකමක් නොවෙයි. එහි මූලික ම හේතුව ආදායමට වඩා වියදම් කිරීමයි. 1953 පමණ සිට මේ ප්‍රශ්නය අප හමුවේ වෙනවා. 1970ත් ප්‍රශ්නය තරමක් උග්‍ර වුණා. එවිට සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව වගා ව්‍යාපරයක් ඇරඹුවා. යම් යම් තහංචි පැනෙවුවා. පාන් පෝලීම් හාල් පොලු එකල දකින්න ලැබුණා. එයට බොහෝ දෙනකු විරුද්ධ වුණා. එහි ප්‍රතිඵලය වුණෙ 1977 දී ජේ ආර් ජයවර්ධන හෙවත් යැංකි ඩිකී හයෙන් පහක ඡන්දයක් සහිත ව බලයට පත් වීමයි.

Wednesday 2 March 2022

කුමරතුඟුවන් සිංහලය හා නූතනත්ව කුණු ඇපල්

 

කුමරතුඟුවන් සිංහලය හා නූතනත්ව කුණු ඇපල්

 

මට අද ලිවීමට අවශ්‍ය වූයේ නූතනත්ව කුණු ඇපල් ගැනයි. එක්ස් කණ්ඩායමේ ඇතැමුන් පශ්චත්නූතනවාදය අමතක කර නුතනත්වයට වඳින්න පටන් ගැනීම ගැනයි.  නිවුටන්ගේ කිසිවකුත් දැක නැති ගුරුත්වාකර්ෂණ පට්ටපල් බොරුව ගැනයි.  යුක්‍රේනය ගැනත් තවත් ලිවීමට ඇති මුත් එයට පසුව නැවත එන්න පුළුවන්. එහෙත්  පැහෙන්නට පෙර ම කුණු වූ ඇපල් ගැටයකු ලියා තිබුණා හෙළ හවුල ද නූතනත්වයේ ප්‍රතිඵලයක් කියා. මේ ලිපිය ලියන්න හිතුනේ ඉන් පසුවයි. නූතනත්වවාදයක් කියන්නේ යම් කිසි කාල පරිච්ඡෙදයක දී ලියැවුණු දෙයක් නො වෙයි. නූතනත්වයට පසුබිම් වූ චින්තනයක් තියෙනවා. ඒ බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයයි. හෙළ හවුලට එවැනි චින්තනයක් තිබුණේ නැහැ. හෙළ හවුල පදනම් වූයේ පස්වැනි සියවසට පෙර සිංහල චින්තනයෙහි. එය ඊනියා මූලධර්මවාදයක් නොවෙයි. එය නූතනත්ව චින්තනයක් ද නොවෙයි.

Tuesday 1 March 2022

ලෙනින්ගේ අනුප්‍රාප්තික පුටින් වැට්ටවීම

ලෙනින්ගේ අනුප්‍රාප්තික පුටින් වැට්ටවීම

 

කවුද පඬි නැට්ටකු කියා තිබුණා ජිජැක් (මේ උච්චාරණය ගැන මා සහතික වන්නේ නැහැ) යුක්රේන අර්බුදය ගැන දෙපැත්ත ම විවේචනය කරමින් හොඳ විග්‍රහයක් කරල තියෙනවා කියා. දෙපැත්තේ ම වැරදි කියන එක හොඳ විග්‍රහයක් විශ්ලේෂණයක්  නො වෙයි. අපට අවශ්‍ය වන්නේ සිදු වන්නේ කුමක් දැයි තේරුම් ගැනීම. එහෙමත් නැත්නම් ඒ ගැන කතාවක් ගොඩ නැගීම. ඔය විච්චූරණ කාරයන් නිකම් ම නිකම් සැරසිලිකාරයන් පමණයි. හරවත් දෙයක් කීමට ඔවුන්ට බැහැ. ඔවුන්ගේ විච්චූරණ අපට කියන්න එන පඬි නැට්ටන්ට අර සරුව පිත්තල කොල ටිකක් අරන් දෙන්න ඕන.