ජාත්‍යන්තර ජඩමාධ්‍ය හා බටහිර වෙදකම
දැනට අවුරුදු විස්සකට පමණ පෙර වෙසක් දිනයක බීබීසි ගුවන්විදුලිය (බීබීසියෙ අගුපිලේ තියෙන සංදේශය නොවේ) මගෙන් ඇහුවා ලංකාවෙ වෙසක් උත්සවය පවත්වන්නෙ කොහොමද කියල. මා කිවුවෙ මුතුන් මිත්තන් පවත්වපු ආකාරයට අපි වෙසක් සමරනව කියල. ඔහුට අවශ්‍ය වෙලා තිබුණෙ මේ ප්‍රාථමික ආගමක් අදහන මිනිස්සු ඒ ආගමානුකූල ව වැඩ කරන්නෙ කොහොම ද කියල එංගලන්තෙ මිනිසුන්ට කියල දෙන්න බව මට තේරුණා. ලංකාවෙ කිසිම මාධ්‍යවේදියකු එංගලන්තෙ කාගෙන් හරි අහනවා ද නත්තල පවත්වන්නෙ කොහොමද කියල. මේ තමයි දැනුම් ආධිපත්‍යය. දැනුම් යටත්විජිතවාදය. ලංකාවෙත් සමහර පඬි නැට්ටන් කියන්නෙ බුද්ධාගම ප්‍රාථමික ආගමක් කියල.