Main Logo

Sunday 11 June 2023

"අනුකාරකයෝ" ප්‍රතිචාර

 

"අනුකාරකයෝ" ප්‍රතිචාර

 

සමහරු මට කියල තිබුණ උඹ කමෙන්ට්ස් ඕෆ් කරන්න එපා කියල. ෆේස්බුක් තියෙන්නෙ ගොල්ලන්ගෙත් අදහස් ප්‍රකාශ කරන්න කියල. ඕක තමයි උගත් කමේ ප්‍රශ්නය. සකර්බර්ග් ප්‍රතිචාර දැක්වීම නවත්වන්නත් ඉඩ දීල තියෙන්නෙ ප්‍රතිචාර දැක්වීම අනිවාර්ය නොවන නිසා. මා නම් නූගතෙක්. මට තේරෙනවා මගේ නූගත්කම.

 

තවත් කියල තිබුණ විවෘත දින පවත්වන්නෙ සිසුන් ආකර්ෂණය කර ගන්න කියල. දැන් පාඨමාලා වැඩිලු. ඒකයි විවෘත දින දැන් අවශ්‍ය කරන්නෙ කියල තිබුණ. මෙරට විශ්වවිද්‍යාලවලට සිසුන් අති විශාල පිරිසක් එන්නෙ රැකියා කිරීමට සහතිකයක් බලාපොරොත්තුවෙන්. උසස් පෙළ කියන්නෙ අමාරුම තරගයක් බවට පත් වෙලා. පේරාදෙණියෙ ඉන්න අනුකාරකයන්ට සිසුන් ආකර්ෂණය කිරීම ප්‍රශ්නයක් නොවෙයි. මේ තවත් අනුකාරක වැඩක් පමණයි. අනුකාරකයන් අනුකාරකයන් ආරක්‍ෂා කිරීමට වඩා දෙයක් මෙහි නැහැ.

 

සමහරූ අහල තිබුණ ප්‍රශ්නෙ මොකක් කියල. ප්‍රශ්නෙ වෙන මොකුත් නොවෙයි අනුකරණය හැරෙන්න වෙන කිසිවක් මෙරට විශ්වවිද්‍යාලවලින් නො කිරීම.

 

ඉන්දියාවෙ දේ අනුකරණය කිරීම අවුලක් නැද්ද කියලත් අහල තිබුණා. අදහස එන්නෙ කොහොම ? ඉන්දියාවෙන් නොවෙයි බ්‍රහ්ම ලෝකෙ දේ අනුකරණය කළත් ප්‍රශ්නයක්.

 

පස්සෙ පිපෙන මල් සුවඳයි කියලත් තිබුණ. මෙතන මල් පිපීමක් නොවෙයි තියෙන්නෙ. කවුරු හරි වවපු මල්වලින් ටිකක් කඩන් ඇවිත් ගෙදර තියා ගැනීමක්.

 

මේකට කරන්න දෙයක් නැහැ. අවුරූදු හැටක් විතර මා විශ්වවිද්‍යාල උගතුන් ගැන දන්නවා. ආචාර්ය මහාචාරයවරුන් ගැන දන්නවා. ඔවුන්ට නිර්මාණශීලීත්වයක් නැහැ. පොතකපතක තියෙන දෙයක් හරි බටහිර වෙන දෙයක් හරි කියන කරන එක හැරෙන්න කරන්න පුළුවන් දෙයක් නැහැ. ළමයින්ට විශ්වවිද්‍යාලවලට නොගිහිනුත් බැහැ.

 

මා ප්‍රතිචාරවලට පිළිතුරු දීල නැහැ. ඒත් මේ අයට පිළිතුරු දීල ප්‍රතිචාර නවත්තන්න හිතුව.

 

ප්‍රතිචාර මගින් අනුකාරක බුද්ධිය ඉහළින් පෙන්නුම් කෙරෙනවා. මා කිසිවක් කර නැතුව ඇති. එය මට ප්‍රශ්නයක් නො වෙයි. මා යමක් කරන්න උත්සාහ ගන්නවා පමණයි. උත්සාහය ඵල දරා නැත්නම් මට කරන්න දේකුත් නැහැ.