Main Logo

Showing posts with label internationalism. Show all posts
Showing posts with label internationalism. Show all posts

Friday, 7 February 2020

ට්‍රම්ප් හා ජාතිකත්වය

       සිංහල ලිත් ඉලක්කම්


ට්‍රම්ප් හා ජාතිකත්වය

මේ ජනාධිපතිවරණ වසරක්. ලංකාවේ නොව ඇමරිකාවේ. එනම් එක්සත් රාජ්‍යවල. ට්‍රම්ප් රිපබ්ලිකන් පක්‍ෂයේ අපේක්‍ෂකයා වේවි. ඩෙමොක්‍රටික් පක්‍ෂය නැවතත් සැන්ඩර්ස් කෙනකු සොයන එකක් නැහැ. සැන්ඩර්ස්ලා, එංගලන්තයේ කෝබින්ලා බටහිර සමාජ ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරන්නන්. අද සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට තැනක් නැහැ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ඊනියා ජාත්‍යන්තරවාදයක් තියෙනවා. එහෙත් එය අද ලෝකයේ නැහැ. 

Saturday, 1 February 2020

බ්‍රෙක්සිට් දෙරණ හා සිංහල බෞද්ධ රාජ්‍යය

     සිංහල ලිත් ඉලක්කම්


බ්‍රෙක්සිට් දෙරණ හා සිංහල බෞද්ධ රාජ්‍යය



ඊයේ බිරිතානිය නිල වශයෙන් යුරෝපා සංගමයෙන් වෙන් වුණා. ඒත් අදාළ කටයුතු සම්පූර්ණ කිරීමට තව මාස එකොළහක් පමණ ගත වේවි යැයි හිතනවා. ඒ කියන්නෙ 2020 අවසානය වන තෙක් පමණ. කෙසේ වෙතත් මේ හේතුව ම සමහර විට ස්කොට්ලන්තය බිරිතානියෙන් වෙන් වීමට බලපාන්න පුළුවන්. යුරෝපා සංගමය ද බිඳී යන්න ඉඩ තියෙනවා. එය රැක ගන්න නම් යුරෝපා සංගමය තම නීති රීති තව ලිහිල් කළ යුතුයි. මේ සියල්ලෙන් පෙන්වන්නේ ජාතිකවාදයේ නැගී සිටීමක්. 

Monday, 28 May 2018

අපට අහිමි විය හැකි වෙසක්




අපට අහිමි විය හැකි වෙසක්



මේ ආණ්ඩුව නිවට ආණ්ඩුවක් බව සැබෑව. ආණ්ඩුව කිව්වට ආණ්ඩු දෙකක් තියෙනවා. එකක් මෛත්‍රිපාලගෙ අනික රනිල්ගෙ. දෙක ම නිවටයි ඒත් මා කැමති නැහැ හැම එකකට ම ආණ්ඩුවට බනින්න. අද ඇතැමුන් කියනවා ජාත්‍යන්තර ව නම් වෙසක් පැවැත්වෙන්නෙ හෙට නියම විධියට මැයි මාසෙ, අපි වැරදියට අප්‍රේල් මාසෙ පැවැත්තුව කියලා. මේ කතාවත් අනික් කතා වගේ ම ඉවරයක් වෙන්නෙ නැති කතාවක්. ආණ්ඩුවට විරුද්ධව මොනව හරි කියන්න ඕන අයත් වෙසක් පැවැත්තුවෙත් වැරදි දවසෙ කියලා ආණ්ඩුවට බනිනවා. ඒත් වෙසක් දවස තීරණය කෙළේ ජ්‍යොතිෂවේදීන්.

Thursday, 22 March 2018

ජාතිකත්වයේ විශ්වාසභංගය


ජාතිකත්වයේ විශ්වාසභංගය



රනිල්ට විරුද්ධ ව විශ්වාසභංග යෝජනාවක් කතානායකට භාරදීලා. මුහුණු පොතේ බොහෝ පඬියන් තමන් මෙතෙක් කී දේ අමතක කරලා විශ්වාසභංගය තමන්ගෙ වැඩක් වගේ කතා කරනවා. දේශපාලනඥයන් උදේට එකක් කියලා හවසට තවත් එකක් කියනවා. පෙබරවාරි මැතිවරණය දවස්වල රනිල් සිරිසේන නාට්‍යයක් රංගනයක් ගැන කතා කළ අයට ඒ බව අද මතක නැහැ. දේශපාලනඥයන්ට අවශ්‍ය ප්‍රසිද්ධිය. ඔවුන් ප්‍රසිද්ධිය සඳහා, අවස්ථාවාදීව ජනතාව ආකර්ශණය කිරීමට විවිධ කතා කියනවා. එවිට ඔවුන්ගෙ ඇම්බැට්ටයන් වෙච්ච පඬියන් ද ඒ අනුව තම ස්ථාවර වෙනස් කර ගන්නවා. ඒ ඇම්බැට්ටයන් සමහරු හිටපු චීවරධාරින්. ඔවුන්ට හිටපු භික්‍ෂූන් වහන්සේ කියන්න බැහැ. ඔවුන් සිවුර කරේ දාගෙන ඉඳල දැන් ඒක විසි කරලා. එලෙස ජීවිතයේ වැදගත් ම ස්ථාවරය වෙනස් කළ අයට තම ගිහි ස්වාමීන් අනුව යමින් දේශපාලන ස්ථාවර වෙනස් කර ගැනීම ඉතා පහසු දෙයක්.

Thursday, 31 August 2017

ජගත් ජයසූරිය සිද්ධිය


ජගත් ජයසූරිය සිද්ධිය



බ්‍රසීලයේ තානාපති ව සිටි ජෙනරල් ජගත් ජයසූරියට විරුද්ධව එරට හා කොලොම්බියාවේ නඩු පවරලා. තවත් දකුණු ඇමෙරිකානු රටවල නඩු පැවරීමට යනවා. ඒ දෙමළ කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව කළ මෙහෙයුම්වල අවසාන කාලයේ දී ඊනියා මානව අයිතිවාසිකම් කැඩීමට විරුද්ධව. නඩු පැවරීමට දකුණු ඇමරිකානු රටවල් කිහිපයක් ම එකතු ව ඇතැයි වාර්තා වෙනවා. නඩු පිටුපස ඊනියා ජාත්‍යන්තර සත්‍ය හා යුක්ති ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්‍ෂ යැස්මින් සූකා ක්‍රියාත්මක වෙනවා. ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නිලධරිනියක්. ඇගේ සිංහල බෞද්ධ විරෝධී දෙමළ ජාතිවාදී අදහස් ප්‍රසිද්ධයි.

Monday, 17 July 2017

ජාත්‍යන්තර සුපිරිව්‍යුහයේ ඒජන්තයෝ


ජාත්‍යන්තර සුපිරිව්‍යුහයේ ඒජන්තයෝ



යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ එක් අංගයක් තමයි ධනවාදය. බටහිර විද්‍යාවත් දැනුමත් එහි තවත් අංගයක්. පෞද්ගලිකත්වය එහි තවත් අංගයක්. මේ සියල්ල එකිනෙකට බැඳිලා. ඒ සියල්ල ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ප්‍රතිඵල. ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ වෙන් කිරීමත් තියෙනවා. පෞද්ගලිකත්වය හා වෙන් කිරීම එකිනෙකට බැඳිලා. ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ වෙන් කිරීම ගැන කුමක් කීවත්, කුමක් කළත් ඒ ඒ අංග අතර තියෙන බැඳීම වළක්වන්න බැහැ.

Monday, 3 April 2017

සීමාන්තික ජාතිකවාදය  


සීමාන්තික ජාතිකවාදය



මෙරට පඬියන් බොරු මධ්‍යස්ථභාවයකට කැමතියි. ඔවුන් තම මධ්‍යස්ථභාවය පෙන්වීමට උත්සාහ කරනවා. බුදුන් වහන්සේගේ මැදි පිළිවෙතත් ඔවුන් තම වාසියට යොදා ගන්නවා. ඔවුන් ඇතැම් විට කියන්නේ තමන් බුදුන් වහන්සේගේ මැදි පිළිවෙත අනුව කටයුතු කරන බවයි. ඒත් ඔවුන්ට නිවන බොහෝ ඈතයි.  ඒ සංසාර ගමන අතින්. මැදි පිළිවෙතක දී කෙරෙන්නේ අන්ත මග හැරීමයි. නිවන චතුස්කෝටිකයෙන් විනිර්මුක්ත වුණත්, ඒ් අන්ත අත් හැරීම තීරණය වන්නේ චතුස්කෝටික න්‍යායට අනුව. ඒත් පඬියන් ඉන්නේ ද්විකෝටිකයේ. එහි අන්ත අත්හරින්න බැහැ. හේතුව ද්විකෝටිකයේ අන්ත දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදු වීමයි. එහි එක් අන්තයක් සත්‍යයි. අනෙක් අන්තය අසත්‍යයයි. ඒත් සත්‍යය කියන්නේ මොකක් ද කියලා දන්නෙ නැහැ.

Saturday, 18 March 2017

යුද්ධාපරාධ, අධිකරණය හා ව්‍යවස්ථාව



යුද්ධාපරාධ, අධිකරණය හා ව්‍යවස්ථාව


රනිල් හා මංගල කරන්න යන්නෙ මොකක් ද කියන එක දැන් හොඳට ම පැහැදිලියි. ඒ වෙන මොකක්වත් නොවෙයි එක්කෝ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම, නැත්නම් ව්‍යවස්ථාව තමන්ට අවශ්‍ය විධියට සංශෝධනය කිරීම. ඒක නවත්වන්න තියෙන එක ක්‍රමයක් තමයි රනිල් අගමැති කමෙන් ඉවත් කිරීම හා මංගල විදේශ ඇමති ධුරයෙන් පහ කිරීම. මේ දෙන්නට ම වුවමනා රට බෙදීම ඒ කියන්නෙ දෙමළ ජාතිවාදීන්ට හා ඔවුන් පිටුපස සිටින එංගලන්තයට හා ඉන්දියාවට අවශ්‍ය විධියට පළාත් සභාවලට බලය බෙදීම. ඒකීය රාජ්‍යයක බලය බෙදීම කියන්නෙ ම ප්‍රෝඩාවක්. දැනටත් මේ රට සරල සංධීය රාජ්‍යයක් ඇති රටක්. රනිල් මංගල දුස්සංයෝගයට අවශ්‍ය තව තවත් බලය බෙදා සහසන්ධීය රාජ්‍යයක් ඇති කිරීම. අප කළ යුත්තේ සරල සංධීය බවත් නැති කර ඒකීය රාජ්‍යයක් බවට පත් කිරීම. ඒක අද කරන්න බැරි බව දේශපාලන විචාරකයන්ට හැර අනෙක් අයට තේරෙනවා. අප අද කරන්නේ ඒ සඳහා උද්ඝෝෂණය කිරීම, ජනමතය සකස් කිරීම ආදියයි. 

Thursday, 16 March 2017

මංගල අස් නොකරන්නේ ඇයි?


මංගල අස් නොකරන්නේ ඇයි?



මංගල සමරවීර විදේශ ඇමති. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති. රනිල් වික්‍රමසිංහ අගමැති. මේ තුන් දෙනා විදේශ විනිසුරුවන්, දෙමුහුන් විනිසුරුවන්, ගැන කියන්නේ එකක් ම ද?. ඒ සියල්ල ඇත්ත විය හැකි ද? ඒ සඳහා ඉඩකඩක් තිබේ ද? මෛත්‍රිපාල නම් කියන්නේ විදේශ විනිසුරුවන් පත් නොකරන බවයි. රනිල් කියන එකෙහි තේරුම විදේශ විනිසුරුවන් පත් කිරීමට ඉඩක් නැති බවයි. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විදේශ විනිසුරුවන් පත් කිරීමට නොහැකි බවයි. ඒ දෙදෙනා ම තම ප්‍රකාශ කරන්නේ ලංකාවේ දී. මංගල ජෙනීවා ගොස් කියන්නේ ගිය වසරේ ආණ්ඩුව අනුග්‍රහය දැක් වූ ඊනියා ජාත්‍යන්තර යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවුරුදු දෙකක් කල් දිය යුතු බවයි. වෙනත් වචනවලින් කිවුවොත් විදෙස් විනිසුරුවන් පත් කිරීමට තව අවුරුදු දෙකක් කල් දිය යුතු බවයි. එංගලන්තය එයට එකඟයි. දෙමළ ජාතික සංධානය නම් එකඟ නැහැ. ඔවුන්ට දෙමුහුන් අද ම ඕන.

Tuesday, 28 February 2017

සිංහල බෞද්ධ විරෝධීන්ගේ   වෙසක්             


සිංහල බෞද්ධ විරෝධීන්ගේ   වෙසක්             


ඉන්දියාවෙ ඉන්න හින්දු විරෝධීන් ගැන ෆ්‍රංශුවා ගෞෂර් (මේ නම උච්චාරණය කෙරෙන්නේ මෙසේ දැයි මා දන්නේ නැහැ) නමැත්තකුගේ වෙබ් අඩවියක ලිපියක් පළ වී තිබුණා. එහි නම් පනහක් සඳහන් වී තිබුණා. ඒ අතර ජවහර්ලාල් නේරු, රජිව් ගාන්ධි, සෝනියා ගාන්ධි ආදීන්ගේ නම් මෙන් ම රොමිලා තාපර් වැනි ඉතිහාසඥයන්ගේ හා විද්වතුන්ගේ නම් ද ෂාරුක් ඛාන් වැනි නළුවන්ගේ නම් ද තිබුණා. ලංකාවේ සිංහල බෞද්ධ විරෝධීන්ගේ නම් ගැන මා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ.

Friday, 17 February 2017

ඒකාබද්ධ විපක්‍ෂයේ හොඳ වැඩක්  


ඒකාබද්ධ විපක්‍ෂයේ හොඳ වැඩක්



ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් පත්කරන ලද අනුකමිටු හයෙන් ඉවත් වෙලා. අදාළ මන්ත්‍රීවරුන් ද සහභාගි වූ මාධ්‍ය සාකච්ඡාවක දී ඒ බව හෙළි කරලා. අප පළමුවෙන් ම ඒ පිළිබඳ ව ඒ මන්ත්‍රීවරුන්ට හා ඒකාබද්ධ විපක්‍ෂයට ස්තුතිවන්ත විය යුතුයි. ඔවුන් ඒ සම්බන්ධයෙන් දැක්වූ කරුණු අතර තමන් අනුකමිටුවලට ඉදිරිපත් කළ යෝජනා සම්පූර්ණයෙන් ම ඉවත දැමීම හා වාර්තා මගින් සන්ධීය රාජ්‍යයකට පාර කැපීම සඳහන් වෙනවා. ඒකාබද්ධ විපක්‍ෂයත් ඉගෙන ගන්නේ අත්දැකීම්වලින්. ඔවුන්ට ප්‍රවාද තිබිණි නම් මේ කරුණු කලින් ම දැනගත හැකි ව තිබුණා.



තවමත් ඒකාබද්ධ විපක්‍ෂය මෙහෙයුම් කමිටුවේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනා අස් වී නැහැ. ඔවුන්ටත් අත්දැකීමක් ලැබෙන තෙක් එහි රැඳී සිටිනවා ද? අනුකමිටු වාර්තා හය මත පදනම් වී ඔවුන්ටත් මෙහෙයුම් කමිටුවෙන් අස්වීමට තිබුණා. අනුකමිටු පත් කරනු ලැබුයේ මෙහෙයුම් කමිටුව විසින්. මෙහෙයුම් කමිටුවේ අවශ්‍යතාව ද ඒකාබද්ධ විපක්‍ෂයට පැහැදිලි විය යුතුයි. ඒකාබද්ධ විපක්‍ෂය මෙහෙයුම් කමිටුවේ රැඳී සිටීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද? තොරතුරු ලබා ගැනීම ද? ලබා ගැනීමට ඇති තොරතුර කුමක් ද? ආණ්ඩුව කරන්න යන්නේ කුමක් දැයි ඒකාබද්ධ විපක්‍ෂය නො දන්නේ ද?



ජාත්‍යන්තර සුපිරිව්‍යුහය විසින් මේ ආණ්ඩුව පත් කර ගනු ලැබුයේ ම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටයි. මහින්දට හා රණවිරුවන්ට දඩයම් කිරීමත් එක් අවශ්‍යතාවක්. එහෙත් ප්‍රධාන කාරණය දෙමළ ජාතිවාදයට කප්පන් දෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම. එය කොක්කෙන් හෝ කෙක්කෙන් හෝ කර ගැනීම සුපිරිව්‍යුහයේ අරමුණයි. එහි තවත් පියවරක් ලෙසයි රණවිරුවන්ට දඬුවම් කිරීම සඳහා ආණ්ඩුව දෙමුහුන් විනිසුරුවන් පත් කිරීම ද ඇතුළත් යෝජනාවකට ජෙනීවාහි දී අනුග්‍රහය දැක්වූයේ. දැන් මංගල සමරවීර ඒ යෝජනාව ක්‍රියාත්මක කිරීමට කල් ඉල්ලනවා.



එය ජනතාවගේ පරමාධිපත්‍යයේ අධිකරණ බලය පාවා දීමක්. පරමාධිපත්‍යය ගලා එන්නේ සවරිනටි යන පදයෙන්. මේ එකල බටහිර රටවල, විශේෂයෙන් එංගලන්තයේ රජුගේ අධිපත්‍යය ගැන කියැවෙන්නක්. සවරින් කිවුවේ රජුට. රජුට තිබුණේ පරම ආධිපත්‍යයක්. දැන් එය  ජනතාවට අයත් වී තිබෙනවා. මේ පරමාධිපත්‍යයට හානි කිරීම රජු සම්බන්ධයෙන් නම් රාජද්‍රෝහී ක්‍රියාවක්. අද ජනතාවගේ පරමාධිපත්‍යයට හානි කිරීම ජනතාද්‍රෝහි එනම් රාජද්‍රෝහි ක්‍රියාවක්. මේ ආණ්ඩුව ජෙනීවාහි දී කරන්නේ රජයට ද්‍රෝහි වීමක්. එනම් රාජද්‍රෝහී ක්‍රියාවක්. විශේෂයෙන් ම මංගල හා රනිල් නිරත වී ඇත්තේ රාජද්‍රෝහී ක්‍රියාවක. ඔවුන්ට දෙන දඬුවම මූල්‍ය අපරාධ විමර්ෂණ කමිටුවෙන් තීරණය කරන්න බැහැ.



අද ආණ්ඩුව රාජද්‍රෝහී ක්‍රියාවල නිරත වී සිටින්නේ දෙමළ ජාතිවාදීන්ගේ අවශ්‍යතාව මත ජාත්‍යන්තර සුපිරිව්‍යුහයේ මෙහෙයවීමෙන්. නව ව්‍යවස්ථාවත් එවැනි ම වූ රාජද්‍රෝහී ක්‍රියාවක් වේවි. ආණ්ඩුවට අවශ්‍ය නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීමටයි. අනුකමිටු වාර්තාවලින් ඒ බව පැහැදිලි වෙනවා. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුවට ජනවරමක් නොමැති බව අප කාලයක සිට කියනවා. සංධානය අගෝස්තු මැතිවරණයට ඉදිරිපත් වූයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට මිස නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පොරොන්දු වීමෙන් නො වෙයි. එපමණක් නොවෙයි මෛත්‍රිපාල සිරිසේන ජනවාරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ජනමත විචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්ථා සංශෝධන පමණක් ගෙන ඒමට පොරොන්දු වෙමින්. අද මෛත්‍රිපාලටවත් සංධානයෙන් තේරී පත් වූ මැති ඇමතිවරුන්ටවත් කිසිම අයුරකින් ජනමත විචාරණයකටවත්, නව ව්‍යවස්ථා සම්පාදනයකටවත් එකඟ වන්න බැහැ. ඒ අය අනුකමිටුවලින් පමණක් නොව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ සියලු ක්‍රියාමාර්ගවලින් ඉවත් විය යුතුයි.



ඒ අතර ආණ්ඩුවේ මැති ඇමති ධුර දරණ සංධානයෙන් පත් වූ අයටත්, එනම් ආණ්ඩුවේ සිටින මෛත්‍රිපාලගේ කණ්ඩායමටත් ඒකාබද්ධ විපක්‍ෂය ආදර්ශයක් දී තිබෙනවා. ඒ මැති ඇමතිවරුනුත් අනූකමිටුවලින් ඉල්ලා අස්විය යුතුයි. ඔවුන්ටත් ඡන්ද ලැබුණේ සංධානයේ මැතිවරණ ප්‍රකාශයට මිස එක්සත් ජාතික පෙරමුණේ ඡන්ද ප්‍රකාශයට නො වෙයි. හැරත් ඔවුන් මෛත්‍රිපාල සිරිසේනගේ ජනාධිපතිවරණ ප්‍රකාශය අනුවත් කටයුතු කළ යුතුයි. එයින් කියැවෙන්නේ ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධන නොකළ යුතු බවයි.



නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හෝ ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම හෝ කළ යුත්තේ පවත්නා ව්‍යවස්ථාවේ දක්වා ඇති විධි විධානවලට අනුකූලවයි. ආණ්ඩුව එයට පිටින් ක්‍රියා කරන බව පැහැදිලියි.  ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවීමෙන් ම ඒ බව පැහැදිලි වෙනවා. ඒ අතර පාර්ලිමේන්තුව පිටින් ගොස් ජනමත විචාරණයකට සූදානම් වෙනවා. මෛත්‍රිපාල සිරිසේනට ජනාධිපති ලෙස එවැනි ජනමත විචාරණයකට එකඟ වන්න බැහැ.



ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවෙන් පත් කළ අනුකමිටුවලින් ඉවත් වීම පිළිබඳ ඒකාබද්ධ විපක්‍ෂයට හා අදාළ මන්ත්‍රීවරුන්ට  ස්තුතිවන්ත වන අතර ඔවුන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ සියලු ක්‍රියාමාර්ගවලින් ඉවත්විය යුතු බව ප්‍රකාශ කළ යුතුයි.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 පෙබරවාරි 17







  


Monday, 13 February 2017

රනිල් මෙන් ම මංගලත් ඉවත් කළ යුතුයි


රනිල් මෙන් ම මංගලත් ඉවත් කළ යුතුයි



මංගල කිනම් රටක විදේශ ඇමති ද යන ප්‍රශ්නය අසන්නට සිදුවෙලා. ජෙනිවාහි දී බටහිර රටවල්  එකතු වී ලංකාවට විරුද්ධව ගෙන ආ රණවිරු දඩයම් යෝජනාවකට ඔහු අනුග්‍රහය දැක්වූවා. ඒ සඳහා ඔහුට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය තිබුණා ද? අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතියි. ජනාධිපති මංගලගේ අනුග්‍රහය ගැන දැන සිටියේ ද? ජනාධිපති ඒ පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුයි. රනිල් හා මංගල එකතු වී මෛත්‍රිපාලට නොදන්වා මෙරට විදේශ ප්‍රතිපත්තිය සකස් කරනවා ද? කොහොමටත් මෛත්‍රිපාලට ජනාධිපති ලෙස තම වගකීමෙන් ගැලවෙන්න පුළුවන් ද?

Saturday, 4 February 2017

අඳුරෙන් එළියට- බෞද්ධයා නාලිකාව




අඳුරෙන් එළියට- බෞද්ධයා නාලිකාව


https://www.facebook.com/nalinkalaya/videos/377490042630394/


Thursday, 26 January 2017

කොහේ තියෙන සිංහල බෞද්ධ රටක් ද?

කොහේ තියෙන සිංහල බෞද්ධ රටක් ද?

මා නිතර මතක් කරන කරුණක් නම් අප රටේ අධිපතිවාදී සංස්කෘතිය යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි ප්‍රභේදය බවයි. අප රටේ බහුතරය සිංහල බෞද්ධ වුවත් මෙරට විශේෂිත සංස්කෘතිය නොව අධිපතිවාදී සංස්කෘතිය ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියයි. අපේ පාර්ලිමේන්තුව ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවේ තුන්වැනි පංතියේ ආකෘතියක් පමණයි. අර සෙංකෝලය රැගෙන එන විට අපට කොතරම් ආඩම්බර ද? යොවුන් පාර්ලිමේන්තුවටත් සෙංකෝලයක් තියෙනවා! කවුරු හරි කියන්න පුළුවන් ලෝකයේ හැම තැන ම ඇත්තේ ඒ ආකෘතියේ පාර්ලිමේන්තු කියා. එයින් කියැවෙන්නේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය ලෝකයේ ම අධිපතිවාදී සංස්කෘතිය බව.

Monday, 23 January 2017

දණ්ඩ නීති සංග්‍රහය අහෝසි කරමු

දණ්ඩ නීති සංග්‍රහය අහෝසි කරමු

සමලිංගික ක්‍රියා අපරාධ නොවන බවට නීති පනවන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් යටතේ යුරෝපා සංගමයෙ ඉල්ලීමක් ඉදිරිපත් වී ඇති බවට වාර්තා වුනා. ජී එස් පී + සහනය ලබා දීම සඳහා එයත් එක් කොන්දේසියක් ලෙස ඉදිරිපත් වූ බව කියනවා. එය කුප්‍රසිද්ධ කොන්දේසි විසිහතෙන් එකක් ද කියා දන්නේ නැහැ. මේ කොන්දේසි හෝ එවැනි කොන්දේසි හෝ රාජපක්‍ෂ ආණ්ඩුවටත් ඉදිරිපත් කෙරුණු නමුත් ඒ ආණ්ඩුව ඒ සියල්ල ප්‍රතික්‍ෂෙප කර තිබෙනවා. රාජපක්‍ෂ ආණ්ඩුව ගෙදර යැවීමට යුරෝපා සංගමයත් කටයුතු කළා.

Saturday, 21 January 2017

ට්‍රම්ප් හා සුපිරිව්‍යුහය

ට්‍රම්ප් හා සුපිරිව්‍යුහය

ඊයේ ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් රාජ්‍යවල හතළිස්පස්වැනි ජනාධිපති ලෙස දිවුරුම් දුන්නා. ඔහු දිවුරුම් දීමෙන් පසු කළ කතාවේ දී කියා සිටියා මින් මතු එක්සත් රාජ්‍යයේ හමුදාවට පහසුකම් සැපයීමට මිස විදේශීය රාජ්‍යවල හමුදාවල ශක්තිය වැඩි කිරීමට ආධාර නොකරන බව. එමෙන් ම ඔහු කියා සිටියා විදේශවල කටයුතුවලට මැදිහත් නොවන බවත් අනෙක් රටවල් තම තමන්ගේ කටයුතු බලාකියා ගත යුතු බවත්. සී අයි ඒ සංවිධානය හා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ට්‍රම්ප්ට ඉඩ හරීවි ද යන්න ප්‍රශ්නයක්. ඔහුගේ කතාව ජාත්‍යන්තර සුපිරිව්‍යුහයට ප්‍රශ්න ඇති කළ බවට සැකයක් නැහැ.

Friday, 20 January 2017

Trump as President US


තිරසාර සංවර්ධනය ව්‍යාජ සංකල්පයක්

තිරසාර සංවර්ධනය ව්‍යාජ සංකල්පයක්

ආණ්ඩුවේ අළුත් ම බොරුව වෙලා තියෙන්නෙ තිරසාර සංවර්ධනය. මේක අලුත් සංකල්පයක් නො වෙයි. මේ රනිල් කියන විධියට නම්  සස්ටේනබල් ඩෙවලප්මන්ට් කියල කියන කාර්මික පදයේ (ටෙක්නිකල් ටර්ම්)  සිංහල පරිවර්තනය.  මේකත් අර ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහයේ  බුද්ධිමතුන්ගේ නිර්මාණයක්. ව්‍යාජ සංකල්පයක්. ජනතාව රවටන්නක්. මේක ලංකාවට හඳුන්වල දීලත් (මෙරට සිටින කෘත්‍රීම බුද්ධිමතුන් දන්නේ ඉංගිරිසි කාර්මික පද සිංහලට හැරවීම පමණයි. කෘත්‍රිම බුද්ධිය කියලා කියන්නෙ ඉංගිරිිසියෙන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එකට. ජාත්‍යන්තරවාදී බුද්ධිමතුන් ලියන මෘදුකාංගවලට අනුව වැඩ කිරීම පමණයි කෘත්‍රිම බුද්ධිමතුන් අතින් සිද්ධ වෙන්නෙ.) දැන් අවුරුදු තිහක් පමණ වෙනවා. එකල මෙයට ප්‍රවර්තිත සංවර්ධනය කියලත් කිවුවා.  පහුගිය ආණ්ඩුව මේ සංකල්පය යොදා ගත්තෙ නැත්තෙ මොකද කියලා මා කල්පනා කරනවා. ඒ කාලෙ කෘත්‍රිම බුද්ධිමතකුට අදාළ මෘදුකාංගය නොලැබෙන්න ඇති.

සුපිරිව්‍යුහයේ බුද්ධිමතුන් නිර්මාණය කරපු මේ සංකල්පය ඊනියා පාරිසරික එකක් කියලා කියනවා. පරිසරය රකිමින් සංවර්ධනය කිරීම වැන්නක් මෙයින් ගම්‍ය වෙනවා. පාරිසරික විද්‍යාව කියන එකත් තවත් බොරුවක් පමණයි. ඒත් ඒවා විශ්වවිද්‍යාලවල ඉගැන්වෙනවා. අද සුපිරිව්‍යුහයට තිබෙන ප්‍රශ්නයක් නම් පරිසරය රැකගැනීමයි. පරිසරය වෙනස් වෙනවා. එය රැකගන්න බැහැ. පරිසරය වෙනස් කිරීම මිනිසුන් අතින් පමණක් නොව සතුන්ගෙනුත් සිද්ධ වෙනවා. සතුන් ගහකොළ ආහාරයට ගන්නා විට වෙනත් සතුන් මරාගෙන කන විට පරිසරය වෙනස් වෙනවා. මිනිසුන් සිමෙන්තියෙන් ගෙවල් හදන විට සිමෙන්තිවලට අදාළ සංඝටක පරිසරයෙන් ලබාගන්නා විට පරිසරය වෙනස් වෙනවා.

පරිසරය වෙනස්වීම නැතිකරන්න බැහැ. කළ හැක්කේ පරිසරය සමග සහජීවනයක් ඇති කර ගැනීමයි. පරිසරයේ සමතුලිතතාව රැකීමයි. මේ සමතුලිතතාව කියන්නේ ස්ථිතික සමතුලිතතාවක් නො වෙයි. ඒ ප්‍රතිවිරුද්ධ දිශාවලට යොදන සමාන විශාලත්වයකින් යුත් බල දෙකකින් නිශ්චල වස්තුවක් මත ඇති කරන සමතුලිතතාවක් නො වෙයි. එය ගතික සමතුලිතතාවක්. මේ ගතික සමතුලිතතාව අප මැටියෙන් ගෙවල් හදනකොට තිබුණා. මැටියෙන් ගෙවල් හදන්නේ සදාකාලික ව පවත්වාගෙන යෑමට නො වෙයි. කලක දී ගෙය කැඩෙනවා. එවිට මැටි පොළොවට එකතු වෙනවා. ඒ පස පසුව අනා මැටි බවට පත්කරනවා. එය චක්‍රයක්. රතන හිමිගේ මැටි ගුලියේ තත්වය ගැන මා කියන්න දන්නේ නැහැ. ඒ ගුලිය අඹරන්නේ කුමකට ද කියා නම් දන්නවා.

ඒ කොහොම වුනත් ගෙය පිළිබඳ කතාව ගතික සමතුලිතතාවට උදාහරණයක් පමණයි. අත්හදා බලන්නත් එක්ක අවුරුදු තිහකට පමණ ඉහත මා මැටියෙන් කාමරයක් හදවා ගත්තා. ඒ වෙනස නම් සැපයි. අපේ පැරණි ගෙවල් හදලා තිබුණෙ මැටියෙන් මිස ගඩොලෙන් නො වෙයි. ගඩොල් ගෙවල් කැඩුණු පසු ඒ නැවත ගඩොල් කරන්න බැහැ. අනුරාධපුර යුගයේ අප ගඩොල් ගැන දැන සිටියා. ඒත් පොළොන්නරු ගිය විජයබා රජු හැරෙන්න වෙනත් රජ කෙනකු ගඩොලින් මාළිගා හැදූ බවක් දැනගන්න නැහැ. ගඩොල් ගැන දැන සිටියත් අප ගඩොලින් බැන්දේ චෛත්‍ය වැනි කල්පැවතිය යුතු සිද්ධස්ථාන පමණයි. ඇතැමුන් ගඩොල් චෛත්‍ය බැන්ද අය ගඩොල් මෝඩයන් ලෙස හැඳින්වුවත් ඔවුන් ගෙවල් වැනි සුළු කාලයක් පවතින ගොඩනැගිලි ගඩොලින් හැදුවේ නැහැ. ගඩොලින් හදන ගෙවල් ටික කලක දී කොහොමත් කඩනවා. ඊනියා විලාසිතා වෙනස් වෙනවා. කැඩුණු ගෙවල්වල ගඩොල් නැවත පාවිච්චියට ගන්න බැහැ. ගඩොල් මෝඩයන් කවුද යන්න ප්‍රශ්නයක්.

මහගෙදර කියන සංකල්පය අපට පැමිණියේ මේ ඊනියා කල් පවතින ගෙවල් හදන්න පටන් ගත්තට පස්සෙ. ඒක ඕලන්ද යුගයෙන් පසු එකතු වුනු සංකල්පයක්. එයට පෙර අපට මහගෙවල් තිබුණේ නැහැ. අප පරමපරා දෙක තුනක් පවතින ගෙවල් හැදුවේ නැහැ. එහෙත් කබොක් ගල්වලින් ගෙවල් හදන්න පුරුදු කෙරුවට පස්සෙ ගෙවල් පරම්පරාවක් දෙකක් පැවතුණා. එවිට දෙවැනි පරම්පරාවෙ අය පළමු පරම්පරාවෙ ගෙදර මහගෙදර ලෙස හැඳින්නුවා. කබොක් ගල් නැවත යොදා ගන්න බැහැ. චක්‍රය කැඩුණා. අපට බටහිරයන් පැමිණීමට පෙර  තිබුණෙ චක්‍රීය ආකල්පය. එය  අපේ සිංහල බෞද්ධ චින්තනයේ ආකල්පයක්. සිංහල බෞද්ධ චින්තනය චක්‍රීය චින්තනයක්. අපට පරිසරය සමග තිබුණෙ සහජීවනයක්. අප පරිසරය කොල්ල කෑවේ නැහැ.

එහෙත් බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය රේඛීය චින්තනයක්. එය එක් තැනකින් පටන් ගෙන රේඛාවක මෙන් යනවා. එය ලැබී ඇත්තේ ඒබ්‍රහමික ආගම්වල දෙවියන්වහන්සේ යන සංකල්පයෙන්. එක් තැනකින් (දෙවියන්වහන්සේගෙන්) ඇරඹී රේඛාවක යෑමක් ඒ චින්තනයේ තියෙනවා. බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමේ දෙවියන්වහනසේ නැතත් ඒ ආරම්භය තියෙනවා. ඔවුන් විශ්වයේ මහා පිපිරුමක් ගැන කියන්නේ එබැවිනුයි. අපේ විශ්වය චක්‍රීයයි. එය කලක් ප්‍රසාරණය වෙනවා. කලක් හැකිලෙනවා. මහා පිපිරුමේ විශ්වය දිගට ම ප්‍රසාරණය වෙනවා. අප ඒ බව මහා ඉහළින් ඉගෙන ගන්නවා.උගන්නනවා.

බටහිර ආකල්පවලට පරිසරය රකින්න තබා ගතික සමතුලිතතාවක් තියාගන්නවත් බැහැ. ඔවුන්ගේ චින්තනයට අනුව ස්වභාව ධර්මය මවා හෝ මැවී හෝ ඇත්තේ මිනිසාගේ (සුදු පිරිමියාගේ) ප්‍රයෝජනය (පරිභෝජනය) සඳහායි. ඒ නිසා අප පරිසරය කොල්ලකනවා. අප දැන් ඊනියා සංවර්ධනය සඳහා පරිසරය (ස්වභාව ධර්මය) ගසාකනවා. බටහිර සංවර්ධනයට ස්වභාව ධර්මය සමග සහජීවනයක් නැහැ. මේ සියල්ල මා කලින් කල ලියූ ලිපි එකතුවක් ලෙස අවුරුදු දහයකට පෙර පළ කල පරිසරය හා බටහිර ආකල්ප නමැති පොතේ කියා තිබෙනවා. ඒත් මෙරට  කෘත්‍රීම බුද්ධිමතුන්වත් දේශපාලනඥයන්වත් මා ලියන කිසිවකට තම අවධානය යොමු කරන්නේ නැහැ.

තිරසාර සංවර්ධනය යන්න ව්‍යාජ සංකල්පයක් පමණයි. බටහිර සංවර්ධනයෙහි තිරසාර බවක් නැහැ. ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහයේ බුද්ධිමතුන් ඔවුනුත් රැවටී අපත් රැවටීමට මෙවැනි සංකල්ප නිර්මාණය කරනවා. කෘත්‍රීම බුද්ධිමතුන් ඒ අනුව කියවනවා. වැඩකට නැති සංඛ්‍යා ලේඛන, ප්‍රස්තාර ඉදිරිපත් කරනවා. දේශපාලනඥයන් ජනතාව රැවටීමට ඒ සංකල්ප යොදා ගන්නවා. 

මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

https://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ජනවාරි 20