Main Logo

Showing posts with label National Movement. Show all posts
Showing posts with label National Movement. Show all posts

Saturday, 31 August 2019

ගෝලයන් යැයි කියන්නෝ

          සිංහල ලිත් ඉලක්කම්


ගෝලයන් යැයි කියන්නෝ




මා ජීවිතයේ කිසි දිනෙක එතරම් වැඩක් කළ අයකු නො වෙයි. මා බොහෝ විට කරන්නේ මා කැමති දේ පමණයි. කැමති දේ කිරීම වැඩ කිරීමක් නො වෙයි. පාසලේ දී මා අකමැති විෂය ඉගෙන ගත්තේ නැහැ. එවිට ඉගෙන ගැනීම වැඩක් වන්නේ නැහැ.අර වෙළෙඳ දැන්වීමක දෙමව්පියන් පුතාගෙ පාඩම් වැඩ ගැන කියනවා. මෙරට එක් ප්‍රශ්නයක් නම් පාඩම් වැඩ තිබීමයි. මා මේ ලිපි ලියන්නේ වැඩක් ලෙස සලකා නො වෙයි. මේ ලිපි කියවන්නේ ඉතා ටික දෙනකු පමණයි. මා ලියන්නේ මා කැමති නිසා මිස රටට ඊනියා වැඩක් කරන්න නො වෙයි. මා අකමැති දේ ද ඉඳහිට කරන්න සිදු වෙනවා. ඒ නම් වැඩක් කිරීමක්.  

Friday, 2 August 2019

වම දකුණ හා ජාතිකත්වය

වම දකුණ හා ජාතිකත්වය 



බේරීම් කමිටුවේ තේරුමක් ඇති ප්‍රශ්න අසන්නේ සරත් ෆොන්සේකා පමණයි. අනෙක් අය එක්කෝ රනිල් ඔහුගේ ගෝලයන් බටහිරයන් හා සෞදි අරාබිය බේරා ගැනීමේ ව්‍යායාමයක යෙදී ඉන්නවා නැත්නම් තම පඬිබව පෙන්නන්න හදනවා. මා පදනම් වන්නේ ජනමාධ්‍ය වාර්තා මත පමණක් වන බැවින් මා වැරදි වෙන්න පුළුවන්. කෙසේ වෙතත් ඇතැම් රාජ්‍ය නිලධාරීන් තම තම පක්‍ෂපාතීත්ව අනුව ඒ ඒ දේශපාලනඥයන් නිලධාරීන් බේරා ගැනීමට සාක්කි දෙන ආකාරය පැහැදිලි වෙනවා.

Tuesday, 28 May 2019

මුස්ලිම් අන්තවාදයෙන් නව ජාතික ව්‍යාපාරයකට


මුස්ලිම් අන්තවාදයෙන් නව ජාතික ව්‍යාපාරයකට
 



අප රටේ බොහෝ ප්‍රශ්නවලට හේතුව  සිංහල බෞද්ධ යැයි කියන නිවට නියාළු කසිකබල් දේශපාලනඥයන් බව දැන් පැහැදිලියි. ඔවුන්ගෙන් ඇතැමකු කෙලින් ම බටහිරයන් වෙනුවෙන් පෙනී සිටින බටහිර දාසයන්. බටහිර න්‍යාය පත්‍රවලට අනුව වැඩ කරන ඔවුන්ට බටහිරින් වරප්‍රසාද ලැබුණත් නැතත් වහල් මනසට අනුව ඔවුන් බටහිරයන් කියන දේ කරනවා. අනෙක් පිරිස තමන් ලත් අධ්‍යාපනය අනුව බටහිර  අවශ්‍යතාවන් හිස් මුදුණේ තබා ගෙන ක්‍රියා කරනවා. මේ කොයි කවුරුත් අවසාන වශයෙන් ගත් කල බටහිර දැනුමේ ආධිපත්‍යයට යට වෙලා. 

Monday, 31 December 2018

පෙරමුණ ගැන තවදුරටත්


පෙරමුණ ගැන තවදුරටත්



මා හිතනවා ඊයේ පළ කළ අදහස් තවදුරටත් විස්තර කළ යුතු ය කියා. ඇතැමුන් ලිපියක වචනයක් හරි වාක්‍යයක් හරි අල්ල ගෙන ඒ ගැන කතා කරන්නේ වෙනත් අරමුණු සහිත ව. මා දැන් සාමූහික වැඩවල නිරත වන්නේ නැහැ. ජාතිකවාදීන් අතරත් ඒ ඒ අයට විවිධ න්‍යාය පත්‍ර තියෙනවා. ජාතිකවාදී කඳවුරෙන් මා පිටමං කිරීමට වෙහෙස දරන අයත් ඉන්නවා. මා ජාතිකවාදී මතවාදයක හිටියත් ඉන්නේ පිටස්තරයකු ලෙස. මා පිටස්තරයකු කෙළේ ජාතිකවාදීන් ම මිස වෙනත් අය නො වෙයි. මා ජනමාධ්‍යයෙන් ඉවත් කිරීමට මුල් වූයේත් ජාතිකවාදීන් හා ඊනියා ජනතාවාදීන්. 

Friday, 14 December 2018

ජාතික විජාතික ගැටුම


ජාතික විජාතික ගැටුම



බොහෝ දේ කියන්න තියෙනවා. එක වාක්‍යයකින් කියනවා නම් දැනට විජාතික බලවේග තාවකාලික ව  ජයග්‍රහණය කර තිබෙනවා. එහෙත් ජාතික බලවේග නැවතත් ජයග්‍රහණයක් අත්පත් කර ගනීවි. මෙරට අවුරුදු පන්දාහක ඉතිහාසය  මේ ජයග්‍රහණ හා පරාජ පිලිබඳ කතාව මිස ඊනියා පංති සටනක කතාවක් නො වෙයි. එය ජාතික බලවේගවල ජයග්‍රහණයකින් අවසන් කර ගැනීමේ කාර්යභාරය අප වෙත පැවරී තිබෙනවා.

Thursday, 29 June 2017

සිංහල බෞද්ධයනට බය කවු ද?


සිංහල බෞද්ධයනට බය කවු ද?


මෙරට දැන් කිසිම අයකු බය නැති ජන කොටසක් ඉන්නවා. ඒ සිංහල බෞද්ධයන්. සිංහල බෞද්ධයන්ට දේශපාලනඥයන්වත් ජනමාධ්‍යවේදීන්වත් පොලිසියවත් වෙනත් කිසිවකුවත් බය නැහැ. ජනමාධ්‍ය ප්‍රධානීන්වත් සිංහල බෞද්ධයන්ට බය නැහැ. ජනමාධ්‍ය ප්‍රධානීන් අතර සිංහල බෞද්ධයන් කී දෙනකු ඉන්නවා දැයි මා දන්නේ නැහැ. ඇතැමුන් සිංහල බෞද්ධයන් ලෙස පෙනී සිටිනවා.  සිංහල බෞද්ධයන් නම් සිංහල බෞද්ධයන් ලෙස අනෙක් හැමෝට ම බයයි.

Monday, 3 April 2017

සීමාන්තික ජාතිකවාදය  


සීමාන්තික ජාතිකවාදය



මෙරට පඬියන් බොරු මධ්‍යස්ථභාවයකට කැමතියි. ඔවුන් තම මධ්‍යස්ථභාවය පෙන්වීමට උත්සාහ කරනවා. බුදුන් වහන්සේගේ මැදි පිළිවෙතත් ඔවුන් තම වාසියට යොදා ගන්නවා. ඔවුන් ඇතැම් විට කියන්නේ තමන් බුදුන් වහන්සේගේ මැදි පිළිවෙත අනුව කටයුතු කරන බවයි. ඒත් ඔවුන්ට නිවන බොහෝ ඈතයි.  ඒ සංසාර ගමන අතින්. මැදි පිළිවෙතක දී කෙරෙන්නේ අන්ත මග හැරීමයි. නිවන චතුස්කෝටිකයෙන් විනිර්මුක්ත වුණත්, ඒ් අන්ත අත් හැරීම තීරණය වන්නේ චතුස්කෝටික න්‍යායට අනුව. ඒත් පඬියන් ඉන්නේ ද්විකෝටිකයේ. එහි අන්ත අත්හරින්න බැහැ. හේතුව ද්විකෝටිකයේ අන්ත දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදු වීමයි. එහි එක් අන්තයක් සත්‍යයි. අනෙක් අන්තය අසත්‍යයයි. ඒත් සත්‍යය කියන්නේ මොකක් ද කියලා දන්නෙ නැහැ.

Sunday, 15 January 2017

ජාතික ව්‍යාපාරය හා ඒකාබද්ධ විපක්‍ෂය

ජාතික ව්‍යාපාරය හා ඒකාබද්ධ විපක්‍ෂය


පසුගිය දිනෙක අප සමග කලකට පෙර ජාතික ව්‍යාපාරයේ කටයුතුවලට සහභාගි වූ අයකු පින්කමක දී හමු වුනා. මා ඔහුගෙන් ඇසුවා ජාතික ව්‍යාපාරයේ වැඩ කටයුතු ගැන. ඔහු කීවා තමා ජාතික ව්‍යාපාරයේ පරිධියේ සිටින බව. මා ඔහුට පැවසුවේ මා ජාතික ව්‍යාපාරයේ පරිධියේවත් නැති බවයි. මා එයින් පැවසුවේ මා දැන් කිසිවක් නොකරන බව නො වෙයි. ජාතික ව්‍යාපාරයේ දැන් ඉන්න ප්‍රධානීන් මා කොන් කර ඇති බවයි. මා ලියන ලිපි පළ කිරීම පුවත්පත් සංස්කාරකවරුන් ප්‍රතික්‍ෂෙප කරනවා. අප පවත්වන සම්මන්ත්‍රණවලට මාධ්‍ය සාකච්ඡාවලට ජනමාධ්‍යයේ නිසි ප්‍රචාරයක් දෙන්නේ නැහැ. සමහරවිට මා කියන දේ එතරම් වැදගත් නොවනවා වෙන්න ඇති. පසුගිය පස්වැනි දා මගේ ද සහභාගිත්වයෙන් පැවැත්වූනු සම්මන්ත්‍රණයක් පිළිබඳ වාර්තාවක් කිසිදු මුද්‍රිත මාධ්‍යයක පළවූයේ නැහැ. විද්‍යුත් මාධ්‍යවලින් දෙරණ පමණක් ඉතා කෙටි වාර්තාවක් ප්‍රචාරය කළා.