Main Logo

Showing posts with label චලිතය. Show all posts
Showing posts with label චලිතය. Show all posts

Sunday, 8 July 2012

වෙනස්වන වස්තු

සම්භාව්‍ය භෞතිකයෙහි චලිතය පිළිබඳ සාකච්ඡාවෙහි දී අපි දැනටමත් සංකල්ප කිහිපයක් යොදා ගෙන ඇත්තෙමු. අවකාශය, සන්තතිකත්වය, ප්‍රවේගය, ලක්‍ෂ්‍යය, පිහිටුම, අංශුව, අංශුවක් ල’ක්‍ෂ්‍යයකින් තවත් ලක්‍ෂ්‍යයකට මාරුවීම හෙවත් විස්ථාපනය, කාලය, වෙනස්වීම, වෙනස්වීමේ සීඝ්‍රතාව, ආදී වශයෙන් මේ සංකල්ප සකස්කර ගත හැකි ය. චලිතය දැනගැනීම සඳහා මෙතරම් සංකල්ප සංඛ්‍යාවක් අවශ්‍ය ද යන්න පවා සිතාගත නො හැකි ය. එහෙත් ඒ සංකල්ප නොමැතිව අපට සම්භාව්‍ය භෞතිකයේ අංශුවල චලිතය පිළිබඳ සාකච්ඡාවක් කළ හැකි නො වේ.

අප නිරීක්‍ෂණය කරන්නේ ඊනියා වස්තුවල චලිත නොව මිනිසුන්ගේ, රථවල, සතුන්ගේ ඇවිදීම්, පැනීම්, යෑම් ඊම් ආදිය ය. මේ සියල්ල එකතුකර සාධාරණීකරණයට ලක්කර වස්තුව චලිතය ආදී සංකල්ප නිර්මාණය කෙරෙන්නේ මිනිසුන් විසිනි. එවැනි සාධාරණීකරණයකින් තොරව බටහිර විද්‍යාවක් පමණක් නොව සම්භාව්‍ය භෞතිකයක් ද නැත. එහෙත් මෙයින් අදහස් වන්නේ මිනිසා, ඇවිදීම ආදී සංකල්ප මිනිසුන්ගේ නොවන බව නො වේ. ඒ සංකල්ප ද මිනිසුන්ගේ නිර්මාණ වෙයි. එහෙත් ඒවා සංයුක්ත සංකල්ප වෙයි.

අප අත්දකින්නේ මිනිසකු එක් තැනක සිට තවත් තැනකට ඇවිදින බව ය. ඒ තැන් දෙක අතර ඇවිදින්නේ එක් මිනිසකු යැයි අපි සිතමු. එක් මිනිසකු යන්නෙන් අදහස් කෙරෙන්නේ වෙනස් නොවන මිනිසෙකි. මිනිසාගේ වෙනස්වීමක් අපට දැකගත හැකි ය. ටික වේලාවකට පෙර මෙතැන සිටි මිනිසා දැන් ඇත්තේ වෙනත් තැනක ය. එය මිනිසාගේ වෙනස්වීමකි. එහෙත් ඒ හැරෙන්නට වෙනත් වෙනසක් අපි නො දකිමු. අප දකින්නේ මිනිසා පිහිටි තැනෙහි වූ වෙනස් වීමකි.

එහෙත් අප එතැන සිටින්නේ මෙතැන සිටි මිනිසා දැයි ඇසුවහොත් එයට දෙන පිළිතුර කුමක් ද? බොහෝ දෙනකු කියනු ඇත්තේ එතැන සිටින්නේත් මෙතැන සිටි මිනිසා ම බව ය. එහෙත් එයින් කියැවෙන්නේ වෙනස් නොවන මිනිසකු සිටින බව ය. වෙනස් නොවන ආත්මයක පැවැත්ම එයින් ගම්‍ය වෙයි. සිංහල බෞද්ධයන්ට එවැන්නක් පිළිගත හැකි ද? මිනිසාගේ ශරීරය පමණක් නොව මනස ද ඒ කාලයෙහි වෙනස් වෙයි. එහෙත් අප කලින් ද අසා ඇති පරිදි එසේ කීම නිවැරදි ද? ශරීරය වෙනස්වන්නේ යැයි කියන්නේ ශරීරය නමින් ඇති යමක් වෙනස්වන බව ද? දැන් ඇති ශරීරය කලින් තිබූ ශරීරයට වෙනස් නම් එයින් කියැවෙන්නේ ශරීරය වෙනස්වන බව ද?

මේ ප්‍රශ්න සරල නො වේ. මිනිසකු එක් තැනක සිට තවත් තැනකට යෑම තේරුම් ගැනීමේ දී මේ ප්‍රශ්න අවශ්‍ය කුමකට ද? එහෙත් එයට ද වඩා බැරෑරුම් ප්‍රශ්නය එතැන සිටින මිනිසා මෙතැන සිටි මිනිසා ද යන්න ය. එසේ නොවේ නම් මිනිසාගේ ඇවිදීම යනුවෙන් අදහස් වන්නේ කුමක් ද? මිනිසාගේ ඇවිදීම යැයි අප කියන්නේ වෙනස් නොවන මිනිසකු සම්බන්ධව ය. එහෙත් මෙතැන සිටි මිනිසා එතැන නො වේ නම් අප කතාකරන්නේ කාගේ ඇවිදීමක් ගැන ද?

මා මේ ප්‍රශ්න මතුකරන්නේ මිලින්ද ප්‍රශ්නය ගැන ද අවධානය යොමු කිරීමට ය. මිළිඳු රජතුමා නාගසේන හිමියන්ගෙන් ඇසූ ප්‍රශ්නයක් වූයේ පරලොව යන්නේ කවු ද යන්න ය. එයට නාගසේන හිමියන් දුන් පිළිතුර වූයේ තමාත් නොවේ ය, අන් අයකුත් නොවේ ය යන්න ය. පරලොව යන්නේ තමා යැයි කිවහොත් එහි දී ආත්මවාදයට හසුවෙයි. අනෙක් අතට පරලොව යන්නේ වෙනත් අයකු යැයි කිවහොත් කර්ම ඵල පිළිබඳ ප්‍රශ්න මතුවෙයි. එබැවින් පරලොව යන්නේ තමාත් නොවේ ය අන් අයකුත් නොවේ ය යන්න දිය හැකි හොඳම පිළිතුර වෙයි.

ඒ පිළිතුර ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යායට හසු නොවුනත්, චතුස්කෝටික න්‍යායට එකඟ ය. ද්විකෝටික න්‍යාය මෙන් ම චතුස්කෝටික න්‍යාය ද අන් දැනුම මෙන් ම මිනිසුන්ගේ නිර්මාණ වෙයි. ඒ මිනිසුන්ගේ අත්දැකීම්වලින් සාධාරණීකරණය කෙරුණේ වෙයි. පැහැදිලිව ම ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යාය ගොඩනැගී ඇත්තේ සීමිත අත්දැකීම් මත ය. එහි දීA = B හා A ≠ B යන දෙකෙන් එකක් පමණක් සත්‍ය යැයි ගැනෙයි. එහෙත් චතුස්කෝටික න්‍යායෙහි දී එය හෝ ඒ දෙකම සත්‍ය වේ හෝ ඒ දෙකම අසත්‍ය වේ හෝ යන්න ද ගැනෙයි.

පරලොව යන්නේ තමාත් නොවේය අන් අයකුත් නොවේය යන්න පදනම් වන්නේ චතුස්කෝටික න්‍යාය මත ය. එහි දී A = B හා A ≠ B යන දෙකම අසත්‍ය වේ ය යන්න යොදා ගැනෙයි. මෙහි දී පරලොව යන්නා ආදී වචන යොදා ගත්ත ද ඒ හුදු සම්මුතියක් පමණකි. එයට හේතුව පරලොව යන ආත්මයක් නොමැති වීම ය. අනෙක් අතට මෙහි දී අවකාශ කාලය යන්න යොදා නො ගැනෙයි. මෙහි දී චුත වන චිත්තය වෙනුවට වෙනත් චිත්තයක් ඇතිවෙයි. පරලොව යන තැනැත්තා අවකාශ කාලයෙහි සෑරිසරන බවක් නො කියැවෙයි. අප බොහෝ දෙනකුට මේ සම්බන්ධයෙන් මතක ඇති අත්දැකීමක් නැත. එහෙත් ඒ ප්‍රත්‍යක්‍ෂයෙන් දත් බුදුවරු මෙන් ම රහතන් වහන්සේලා ද වැඩ සිටියහ.

එසේ වුවත් පරලොව යෑම කෙසේ වුවත් එකතැනක සිට තවත් තැනකට ඇවිදින මිනිසුන් ගැන අපට අත්දැකීම් ඇත. මේ අත්දැකීම් ද අපේ අත්දැකීම් ය. අපි ඒ ප්‍රත්‍යක්‍ෂ කර ඇත්තෙමු. එහෙත් අපේ ප්‍රත්‍යක්‍ෂ හුදු පෘථග්ජන ප්‍රත්‍යක්‍ෂ වෙයි. ඒ ප්‍රත්‍යක්‍ෂ ද වැරදි ය. මිනිසකු යනුවෙන් වෙනස් නොවන්නක් නොමැති කල මිනිසකු එක් තැනක සිට තවත් තැනකට ඇවිදන්නේ කෙසේ ද? අපට මෙහි දී අපේ අත්දැකීම් මත පදනම් වී යම් සංකල්ප හා ප්‍රවාද ගොඩනැගීමට සිදුවෙයි. එහෙත් අපේ අත්දැකීම් නිවැරදි නොවන බවත් ඒවා අපේ පංචෙන්ද්‍රිය හා මනස මත රඳා පවතින බවත් පමණක් අපි අවධාරණය කරමු.

මිනිසකු යැයි අප විසින් හඳුන්වනු ලබන අයකු එක් තැනක සිට තවත් තැනකට යෑමේ දී ද සත්වයකු පරලොව යෑමේ දී මෙන් ම සංකල්පීය ගැටලු පැනනගී. එයට හේතුව ආත්මවාදී නොවී මිනිසකු ඇවිදීම යන්න තේරුම් ගැනීමට ඇති අසීරුතාව ය. මිනිසකු එක් තැනක සිට ආසන්න තැනකට යෑමේ දී වුව ද ඒ ප්‍රශ්න ඒ ආකාරයට ම පැන නගී. අපට කළ හැක්කේ අපේ පංචෙන්ද්‍රියවල හා මනසෙහි අඩුපාඩුකම් තේරුම් ගනිමින් ඇවිදීම යන්න තේරුම් ගැනීමට උත්සාහ කිරීම ය.

මිනිසා එක් තැනකට ම වී සිටියත් ඔහු වෙනස් වෙයි. වෙනස්වීම යනු අවකාශ කාලයෙහි කෙරෙන විස්ථාපනයක් පමණක් නො වේ. මිනිසකු එක් තැනකට වී සිටි යන්නෙන් අදහස් කරන්නේ අපට සාපේක්‍ෂව ඔහු එක් තැනකට වී සිටින බව ය. පොළොවේ ගෙයක කාමරයක සිටින අපට සාපේක්‍ෂව මිනිසකු නිශ්චලව වෙනස් නොවී සිටීය යන්නෙන් ඔහුට චලිතයක් නැතැයි ගම්‍ය නො වේ. හඳේ සිට බැලුවහොත් මිනිසා ද අපි ද කාමරයත් පොළොවත් සමග විවිධ චලිතවල යෙදෙන්නෙමු. එහෙත් අපි ඒ සියල්ල අමතක කර අපට සාපේක්‍ෂව මිනිසාට චලිතයක් නැතැයි කියමු.

එසේ බලන කල චලිතයක් නැති මිනිසා මෙන් ම අපි ද වෙනස් වන්නෙමු. මිනිසකු හෝ අප හෝ යනුවෙන් ගැනීමට වෙනස් නොවන ආත්ම සහිත අය නො වෙති. සත්වයකු හෝ පුටුවක් හෝ මේසයක් යනු කුමක් ද? ඒ නිරන්තරයෙන් ම මෑරි මැරී උපදියි. මෙහි වැදගත් ම වචනය නිරන්තරයෙන් ම යන්න යැයි සිතමි. නිරන්තරයෙන් යනු අන්තරයක් නැතිව යන්න ය. අන්තරය යන්න ද අපේ සංකල්පයකි. ඒ නිර්මාණය කර ඇත්තේ ද මිනිසුන් විසිනි. එහෙත් නිරන්තරයෙන් මැරි මැරී උපදින වස්තු, සත්වයන් නිරීක්‍ෂණය කිරීමට අපට නො හැකි ය. මෙහි නිරන්තරයෙන් යන සංකල්පය වුව ද වැරදි විය හැකි ය. ඇතැම් විට එය කැඩි කැඩී වන වෙනසක් විය හැකි ය. එහෙත් එයින් කියැවෙන්නේ වස්තුව හෝ සත්වයා හෝ යම් ක්‍ෂණයකට පවතින බව නො වේ. ක්‍ෂණයකට වුව යමක් පවතින්නේ යැයි ගැනීම ආත්මවාදී වූවකි.

අපට පෙනෙන්නේ සුළු කාලයකට වුව ද වෙනස් නොවන වස්තු ය, පුටු ය, ගස් ය. ටික කලක් ගිය තැන වෙනස්කම් නිරීක්‍ෂණය කළහැකි වුවත් නිරන්තරයෙන් සිදුවන වෙනසක් අපි නො දකිමු. ඒ වෙනස අපට සාපේක්‍ෂව වස්තුව හෝ සත්වයා හෝ අවකාශයේ එක් තැනක සිටියත් සිදුවෙයි. නිරන්තරයෙන් සිදුවන වෙනස්කම් නිරීක්‍ෂණය කිරීමට නොහැකි වීම අපට ඇති තීරණාත්මක ම ප්‍රශ්නයක් වෙයි.

මේ සියළු දුෂ්කරතා මධ්‍යයෙහි අප කළ යුත්තේ කුමක් ද? කිනම් ආකාරයකින් කතාකිරීමට ගිය ද අපට ඊනියා ක්‍ෂණයකට වුවත් පවත්නා වස්තු ගැන සඳහන් කිරීමට සිදුවෙයි. යමක් පිළිබඳ ව උත්පාද, තිථි, භංග යනුවෙන් සංකල්ප ගොඩ නැගී ඇත්තේ එබැවින් විය හැකි ය. උත්පාදයට හා භංගයට පමණක් සීමාවීම වඩා ප්‍රඥාගෝචර යැයි සිතමි. උත්පාදයට හා භංගයට පමණක් සීමා වී චලිතය පිළිබඳ ප්‍රවාදයක් ගොඩනගන්නේ කෙසේ ද?

ඉපදුණු වස්තුවක් සලකමු. එය භංග වෙයි. ඒ භංගවීමත් සමග ඒ හා සම්බන්ධ වූ වස්තුවක් ඉපදෙයි. එය කලින් වස්තුව නො වේ. නොවන්නේ ද නො වේ. ඒ වස්තුව අපට සාපේක්‍ෂව ඒ තැනම භංග වී ඉපදිය හැකි ය. එසේත් නැතහොත් භංග වී ඉපදෙන්නේ එතැන ම හා එතැනම නොවිය හැකි ය. පළමු අවස්ථාවේ දී වස්තුව අපට සාපේක්‍ෂ ව දිගින් දිගට ම එකම තැන පවතින්නේ යැයි අපි කියමු. දෙවැනි අවස්ථාවේ දී වස්තුව අපට සාපේක්‍ෂව චලනය වන්නේ යැයි කියමු.

මෙහි අප යනුවෙන් සැලකෙන්නේ වෙනස් නොවන නිරීක්‍ෂකයන් නො වේ. අපි ද වෙනස් වෙමු. එසේ නම් වස්තුව වෙනස් වන බව දකින්නේ ද වෙනස්වන නිරීක්‍ෂකයෙකි. දැන් සිටින්නේ කලින් සිටි නිරීක්‍ෂකයා නො වේ. එසේ ම නොවන්නේ ද නො වේ. අප විසින් නිරීක්‍ෂණය කෙරෙන වස්තුව ද එවැන්නකි. එය කලින් තිබූ වස්තුව නො වේ. එමෙන් ම නොවන්නේ ද නො වේ. මේ අප සිතනවාට වඩා සංකීර්ණ තත්වයකි. කලින් තිබූ වස්තුව නොවූ ද එසේ නොවන්නේ නොවූ ද වූවක් කලින් සිටි නිරීක්‍ෂකයා නොවූ ද එසේ නොවන්නේ නොවූ ද අයකු විසින් නිරීක්‍ෂණය කෙරෙයි.

අපට සාපේක්‍ෂව වස්තුවක් චලනය වුවත් නැතත් වස්තුවේ වෙනස්වීම සලකා බැලිය යුත්තේ ඉහත සඳහන් පදනමින් ය. එහෙත් එසේ කිරීම අසීරු වුවත් සංකල්පීය වශයෙන් අපට වෙනත් විකල්පයක් නැත. දැන් ප්‍රශ්නය තරමක් ලිහිල් කිරීමට නිරීක්‍ෂකයාට අදාළ වෙනස්වීම් නොසලකා හරිමු. එනම් අපි ඊනියා වෙනස් නොවන නිරීක්‍ෂකයකු සලකමු. ඒ නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව දැන් මෙතැන වස්තුවක් වෙයි. ඒ වස්තුව නැතිවෙයි. ඒ වෙනුවට වස්තුවක් උපදී. එලෙස උපදින වස්තුව කලින් වස්තුව නො වේ. වෙනත් වස්තුවක් ද නො වේ. නව වස්තුව ඇත්තේ කලින් වස්තුව තිබූ තැන නො වෙයි. වෙනත් තැනක ද නො වෙයි.

එලෙස ඉපදී නැති වී (උත්පාද, භංග) යන වස්තු පරම්පරාවක් අප විසින් හඳුනාගැනෙන්නේ එක් වස්තුවක චලිතය ලෙස ය. එක් වස්තුවක් නැති තැන එක් වස්තුවක චලිතය හඳුනාගැනීමට අපට හැකි වී ඇත. එයට පුදුම වීමට ද දෙයක් නැත. චිත්ත පරම්පරාවන් වූ අප ගැන ද අප සිතන්නේ එලෙස ය.

Saturday, 16 April 2011

අපේ අවුරුද්ද

තව දින කිහිපයකින් තවත් අවුරුද්දක් උදාවනු ඇත. ඒ සූර්යයා මීන රාශියේ සිට මෙිෂ රාශියට සංක්‍රමණය වීමත් සමග ය. සූර්යයා පෘථිවිය වටා චලනය වීමෙි දී දළ වශයෙන් දින 365 1/4කට වරක් මෙි සංක්‍රමණය සිදුවෙයි. සූූර්යයා ගමන් නොකරන බවත් පෘථිවිය නමි සූර්යයා වටා චලනය වන බවත් එබැවින් මෙය මිථ්‍යාවක් බවත් පඬියන් කියනු ඇත. කොපර්නිකස් පෘථිවිය සූර්යයා වටා චලනය වන බව දැනගෙන අවුරුදු පන්සියයක් පමණ වන බවත් එහෙත් අප ඒ ගැන නොදැනීම පුදුමයට කරුණක් බවත් පඬියන් තවදුරටත් ප්‍රකාශ කිරීමට ඉඩ ඇත. එහෙත් මෙරට පඬිවරු, විශේෂයෙන් ම බටහිර දැනුමෙන් හිස පුමිබාගත් පඬිවරු බටහිර දැනුම සමිබන්ධයෙන් ද බොහෝ දේ නො දනිති. චලිතය සාපේක්‍ෂ බවත් නිරපේක්‍ෂ චලිතයක් නොමැති බවත් ඔවුන් නොදන්නා සේ ය. සූර්යයාට සාපේක්‍ෂව පෘථිවිය චලනය වන්නා සේ ම පෘථිවියට සාපේක්‍ෂව සූර්යයා ද චලනය වෙයි. අවුරුද්ද උදාවන්නේ සූර්යයා පෘථිවියට සාපේක්‍ෂව අවකාශයේ තරු පොකුරු (රාශි) පසුබිමි කරගෙන චලනය වන බැවිනි. අවශ්‍ය නමි කෙනකුට සූූර්යයාට සාපේක්‍ෂව පෘථිවියේ චලනය පදනමි කරගෙන ද අවුරුද්ද උදාවන ආකාරය ප්‍රකාශ කළ හැකි ය. අපේ අවුරුද්ද උදාවන විට දළ වශයෙන් සූර්යයාට සාපේක්‍ෂව පෘථිවිය කන්‍යා රාශියේ සිට තුලා රාශියට සංක්‍රමණය වෙයි. පඬියන්ට අවශ්‍ය නමි එසේ ප්‍රකාශ කිරීමෙි වරදක් ද නැත. අවුරුද්ද උදාවන දිනය හා වෙිලාව ක්‍රමයෙන් ඉදිරියට ඇදී යයි. රොබටි නොක්ස් පැමිණි දිනවල එකල ඉංගිරිසින් යොදාගත් ජුලියස් දින දර්ශනය අනුව අවුරුද්ද උදාවූයේ මාර්තු මස අග දී ය. එහෙත් අද ලෝකයේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ආධිපත්‍යය යටතේ යොදාගැනෙන ග්‍රෙගරි දින දර්ශනය අනුව නමි එදා අවුරුද්ද උදා වී ඇත්තේ අප්‍රියෙල් මස මුල දී ය. අවුරුද්ද සාමාන්‍යයෙන් දින 76කට වරක් එක් දිනයකින් ඉදිරියට යයි. තව අවුරුදු සියයකින් පමණ අවුරුද්ද අප්‍රියෙල් 15 හා 16 දිනවල උදාවනු ඇත. මෙයට හේතුව පෘථිවියේ අයනය ය. එනමි පෘථිවි අක්‍ෂය පෘථිවි (සූර්ය) ගමන් මාර්ගයට ලමිබ වූ අක්‍ෂය වටා භ්‍රමණය වීම ය. (වැඩි විස්තර සඳහා සිංහල අවුරුද්ද නමින් පළ වී ඇති පොත කියවන්න). අවුරුද්ද උදාවීම හා මෙකල මන්නාරමට හෝ දෙවුන්දරට හෝ හිරු මුදුන්වන දිනය අතර සමිබන්ධයක් නැත. බටහිරට ගැති පඬියන් මෙන් ම කිසිම තර්කයකට නැතිව හුදෙක් ආවෙිගීව අදහස් ප්‍රකාශකරන අය ද මෙරට වෙති. උත්තරායනයේ දී දෙවුන්දරට හිරු මුදුන්වන්නේ අප්‍රියෙල් මස 5 වැනි දා ය. අප්‍රියෙල් 14 වැනි දාට හිරු මුදුන්වන්නේ දකුණු ඉන්දියාවට ය. ඒ බව විශ්වාස නොකරන අයකු වෙි නමි කළ යුත්තේ අප්‍රියෙල් 14 වැනි දාට දෙවුන්දරට හෝ පේදුරුතුඩුවට හෝ ගොස් සෘජු කෝටුවක් පෘථිිවියට ලමිබව සිටුවා එහි හෙවනැල්ල නැතිවන වෙිලාවක් ඇත් දැයි දැනගැනීම පමණ ය. මෙි පුද්ගලයෝ අවුරුදු පතා තමන්ගේ මතය වැරදි බව පෙන්වාදී තිබිය දී ද ඒ වැරදි මතය ම පුනරුචිචාරණය කරති. හැකිනමි මෙි අයට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ දෙවැනි අවුරුද්දේ ශිෂ්‍යයකු සමග විවාද කර තම මතය නිවැරදි බව පෙන්වීමට අභියෝග කරමු.

බටහිර ගැති පඬියන් නොදැන සිටිය ද දැනට අවුරුදු 1500කට පමණ පෙර ද භාරතීයයෝ සූර්යයාට සාපේක්‍ෂව සිදුවන පෘථිවියේ චලිතය ගැන දැන සිටියහ. පෝලන්තයේ විසූ කොපර්නිකස්ට ඒ පිළිබඳ දැනුම ලැබී ඇත්තේ ද භාරතයෙනි. කොපර්නිකස් ඒ දැනුම ඉතාලියට රැගෙන ගියේ ඔහු කතෝලික පූජකවරයකු ලෙස පුහුණු වීමට එහි ගිය අවස්ථාවෙි දී ය. ඒ දැනුම යුරෝපයට බෙදාදීමෙි දී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේ ගැලීලියෝ ය. බටහිර විද්‍යාව උපත ලැබීමෙි දී මෙි සංසිිද්ධිය බෙහෙවින් බල පෑවෙි ය. පෘථිවිය චලනය වන බව භාරතීයයන් බොහෝ කලක සිට දැන සිටිය ද ගැලීලියෝගේ කාලයේ දී ද ඒ බව යුරෝපයට ඒත්තු ගැන්වීම ඉතා අසීරු කටයුත්තක් විය. පෘථිවිය චලනය වන බව පෙන්වීමට ගැලීලියෝ ට අභියෝග කෙරිණි. ගැලීලියෝ අවසානයේ දී ඒ සඳහා වියුක්ත දැනුම යොදා ගත්තේ ය. එහෙත් භාරතීයයන්ට එය ප්‍රත්‍යක්‍ෂ සංයුක්ත දැනුමක් විය. පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවූව ද (පඬියන් කී දෙනකු පෘථිවිය චලනය වනු දැක ඇත් ද? එය ඉන්ද්‍රිය ගෝචර අත්දැකීමක් නො වෙි. මා කලකට පෙර පඬියන්ගෙන් ඉල්ලූ ඉන්ද්‍රිය ගෝචර ඉලෙක්ට්‍රෝන දුසිම තවම ලැබී නැත. අවශ්‍ය නමි ඒ සඳහා ඊළඟ අවුරුද්ද තෙක් කල්ගත හැකි ය) දියුණු කරන ලද මනසට සූූරයයාට සාපේක්‍ෂව පෘථිවියේ චලනය දැකගත හැකි විය. ධ්‍යාන මාර්ගයෙන් හා භාවනාවෙන් දැනුම ලබාගැනීමට භාරතීයයන් හා සිංහලයන් පුරුදු වී සිටිය ද යුරෝපීයයනට ඒ කළ නොහැකි විය. ඔවුන් දැනගෙන සිටියේ පංචෙන්ද්‍රියන්ගේ ඇසුරෙන් පමණක් දැනුම ලබාගැනීමට ය. බටහිර විද්‍යාවට අදත් දැනුම ලබාගැනීමෙි දී පංචෙන්ද්‍රිය ප්‍රධාන වන්නේ ඔවුන්ට මනසින් පමණක් ප්‍රත්‍යක්‍ෂයෙන් දැනුම ලබාගැනීමට නොහැකි නිසා ය. එබැවින් ඔවුහු වියුක්ත දැනුමකට ආකර්ෂණය වූහ. මෙයින් කියැවෙන්නේ මෙරට පඬියන් ද වියුක්ත චින්තනයෙහි දක්‍ෂයන් බව නො වෙි. ඔවුන් දක්‍ෂවන්නේ අනුකරණයෙහි දී පමණ ය. අදත් මෙරට ඇතැමිහු භාවනාවෙන් සිත දියුණු කරගෙන හෝ වෙනත් ආකාරයකින් දෙවියන්, අමනුෂ්‍යයන් ආදීන් සමග සමිබන්ධ වී හෝ දැනුම ලබාගනිති. ඔවුන් අතර මිථ්‍යාදෘෂ්ටික අමනුෂ්‍යයන්ගෙන් දැනුම ලබාගන්නෝ ද වෙති. එසේ මිථ්‍යාදෘ’ෂ්ටිකයන් ඔස්සේ මෙරට ඉතිහාසය විකෘත කිරීමට උත්සාහ ගන්නෝ ද වෙති. එහෙත් ඒ කිසිවෙක් ප්‍රසිද්ධියේ තමන් දැනුම ලබාගත් ආකාරය නො කියති. ඒ පඬියන්ට ඇති බිය නිසා ය. වැඩිකල් නොගොස් ම පඬියන් තුටිටුවකටවත් මායිමි නොකරන කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ අපි කිහිප දෙනෙක් ආධ්‍යාත්මික ව ලබාගත් දැනුමි පිළිබඳ ව ඊනියා ලෝකයාට කෙසේ වෙතත් සිංහලයන්ට කියන්නෙමු. ලෝකයන් වූ ලෝක බැංකුකාරයන් අපට ඉංගිරිසි, තොරතුරු තාක්‍ෂණය, මෘදු කුසලතා හෙවත් මොත්තෙ දැමීමි, ඊනියා ජනවාර්ගික සංහිඳියා ගැන කිනමි උපදෙස් දුන්න ද සමිබුද්ධත්වයෙන් විසිහත්වැනි සියවසේ සිට නැවත වරක් දැනුම ආධ්‍යාත්මික ව නිර්මාණය කෙරෙනු ඇත. ඊනියා විසිඑක්වැනි සියවසේ දැනුම ලෝක බැංකුවට නොව අපට අවශ්‍ය ආකාරයට නිර්මාණය කරමු. ලෝක බැංකුවෙන් දෙන මිලියන කිහිපයක ණයකට අපි රට උගස් නො තබමු. අප ණයකාරයන් බවට පත්කිරීමට තිත තබමු.

අපේ අවුරුද්ද යනු ඓතිහාසික ව ගත්කල සිංහලයන්ගේ අවුරුද්ද ය. එය සිංහල හින්දු අවුරුද්දක් බවට පත්කළෝ ඉංගිරිසිහු ය. චින්තන පර්ෂදයේ පිරිසක් කලකට පෙර යාපනයට ගොස් දෙමළ හින්දු ජනයා අවුරුද්ද නොපවත්වන බව නිරීක්‍ෂණයෙන් ම දැනගත්හ. අද ද තමිල්නාඩුවෙි හින්දු ජනයා පවත්වන අවුරුද්දක් නැත. අවුරුද්ද වැඩි වශයෙන් ම පැවැත්වෙන්නේ මියන්මාරය, තායිලන්තය වැනි ථෙරවාදී බෞද්ධ රටවල ය. ඒ රටවල සංස්කෘතියේ යමි සංරචකයක් සිංහල බෞද්ධ බව බොහෝ දෙනාට අමතක වෙයි. එසේ වී ඇත්තේ සංස්කෘතික යටත්විජිතවාදයක ප්‍රතිඵලයක් නිසා නොව ගැමුණු රජු (අවුරුදු ගණනාවක සිට එළාරලා පටබැඳි දුටු යන්න එතුමන්ගේ නාමය ඉදිරියෙන් නොයොදන ලෙස අපි ඉල්ලා සිටින්නෙමු) මෙරටට උරුම කරදුන් සිංහල බෞද්ධත්වයේ උදාරත්වය නිසා ය. කෙසේ වෙතත් අද අවුරුද්ද සිංලයන්ගේ මෙන් ම දෙමළ ජනයාගේ ද අවුරුද්දක් බවට පත්කෙරෙන්නේ නමි අප එයට විරුද්ධ විය යුතු නො වෙි. ගැමුණු රජු හඳුන්වා දුන් සිංහල බෞද්ධ රාජ්‍යයට, ඒ (අලිඛිත) ව්‍යවස්ථාවට දෙමළ ජනයා පමණක් නොව මුස්ලිමි ජනයා ද සංස්කෘතික වශයෙන් එකතු කරගත යුතු ය. සිංහල කිතුණුවන් ආගමින් කෙසේ වෙතත් සංස්කෘතික වශයෙන් සිංහල බෞද්ධයන් මෙන් කටයුතු කරනු දැකීම සතුටට කරුණකි.

අප මෙරට ජනයා එකතුකිරීමට ක්‍රිකටි නොව අවුරුද්ද වැනි සංස්කෘතිකාංග යොදාගත යුතු ය. අපේ අවුරුද්ද මුළු මහත් රටෙි ම, එනමි අප සියල්ලන්ගේ ම අවුරුද්ද බවට පත්කරගත යුතු ය. එහෙත් ඒ කළ හැක්කේ බටහිර දැනුමට ගැති වී බටහිරින් ලැබෙන ව්‍යවස්ථා අනුකරණය කරමින් ඔිල්කටි බෞද්ධයන් හෝ කෝනල් සිංහලයන් හෝ වීමෙන් නො වෙි. අවුරුද්ද ගොවි සංස්කෘතියක කොටසකි. මෙි රට ගොවි රටකි. ඒ ගොවිකම බටහිර කෘෂිකර්මයක් නොව සිංහල බෞද්ධ ගොවිකමකි. රසායනික පොහොර, වල්නාශක, කෘමිනාෂක ආදිය යොදාගැනෙන්නේ අපේ ගොවිකමෙි නො වෙි. අපේ අවුරුද්ද අපේ ගොවිකම සමග බද්ධ නොවුණු කල ඇත්තේ වාණිජ්‍ය අවුරුද්දකි. අද අපේ අවුරුද්ද බොහෝ දුරට වාණිජ්‍ය අවුරුද්දක් බවට පත් වී ඇත. එහෙත් අවුරුදු දිනයේ දී අපි තවමත් පන්සල් යමු. අපට තවමත් පුණ්‍ය කාලය නමින් වෙන් කෙරුණු කාල පරිචිඡෙදයක් වෙයි. අප ඒ සියල්ල රැකගත යුතුවා පමණක් නොව වර්ධනය කරගත යුතු ය. අද ආණ්ඩුව ගෙවතු වගාවක් ආරමිභ කර ඇත. ඒ ඉතා වැදගත් කරුණකි. ඒ වගාව බටහිර කෘෂිකර්මය අනුව නොව මෙරට තිබූ සිංහල ගොවිකම අනුව, පිටරටින් විදේශ විනිමය වැයකර පොහොර වල්නාශක කෘමිනාෂක යනුවෙන් හැඳින්වෙන වස විස නොයොදා කෙරෙන්නේ නමි වඩාත් වැදගත් වනු ඇත. අවශ්‍ය නමි ඒ සමිබන්ධයෙන් උපදෙස් දීමට කැලණිය විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් සූදානමි ය. එහෙත් එකක් කිව යුතු ය. සිංහල ගොවිකම ආවට ගියාට කළ හැක්කක් නොවෙි. සිංහල සංස්කෘතියේ සෑම දෙයක් ම අධ්‍යාත්මය සමග බැඳී ඇත. ගැමුණු රජු ආධ්‍යාත්මික ව යුද්ධකරන ආකාරය ද අපට ඉගැන්වී ය. පසුගිය මානුෂික මෙහෙයුමෙි දී අපි ඒ යොදාගත්තෙමු. පස්පවිවල ගිලී සිංහල ගොවිකමෙන්් ඵල නෙලාගත හැකි නො වෙි. සිංහල ගොවියා පළමු කොට ම පන්සිල් රකින්නකු විය යුතු ය. ඔහු භාවනාවෙහි ද යෙදෙන්නේ නමි වඩාත් යහපත් ය. අද අපේ ආහාර රටාව ද ඇතුළු ජීවන රටාව වෙනස් වී අප රෝගීන් වී ඇත. අපට නීරෝගී විම සඳහා සිංහල ගොවිකම හා ජීවන රටාව සමග බැඳුණු සිංහල වෙදකම වෙයි. බටහිර වෛද්‍යවිද්‍යාවට වඩා සිංහල වෙදකම කෙතරමි දියුණු ද යන්න මම දිනපතා අත්දකිමින් සිටින්නෙමි. මෙි සමිබුද්ධත්ව ජයන්ති අවුරුද්දේ අපි නැවතත් සිංහල බෞද්ධ වෙමු.
(2011/04/10 - දිවයින)