Main Logo

Sunday 31 July 2022

බටහිරයන් පරගලය උගත්තු හා රනිල්

 

බටහිරයන් පරගලය උගත්තු හා රනිල්

 

පරගලයේ මුල සිට ම එය හුදෙක් ගෝඨාභය රාජපක්‍ෂ එළවීම සඳහා කරන්නක් නොවන බව අප දැන සිටියා. මා බුද්ධිමතකුවත් උගතකුවත් නො වෙයි. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් වමාලා දකුණලා ජඩමාධ්‍යවේදීන් සරසවි මඬු ඇදුරන් ඇතුළු විද්වතුන් මා මෝඩයකු විහිළුකරුවකු නාකියකු මැන්ටලයක් ආදී වශයෙන් පමණක් නොව කාලකන්නියකු වැනි අභිධානවලින් ද හඳුන්වනවා. මා මුහුණු පොතේ කිසිවකුට ප්‍රතිචාර දැක්වීමට ඉඩ දෙන්නේ නැත්තේ  ඔවුන්ගෙන් එවැනි ප්‍රශංසා ලබා ගැනීමට අනවශ්‍ය බැවින්. ඔවුන්වත් ඔවුන්ගේ ගුරුවරුන්වත් කිසිම අලුත් අදහසක් කියන්නේ නැහැ. සරසවි මඬු කිවුවෙ සරස්වති මණ්ඩපවලට. ආදි කාලයෙ ජම්බුද්වීපයෙහි ශාස්ත්‍ර උගන්වපු තැන් සරස්වතියගේ නමයෙන් සරස්වති මණ්ඩප ලෙස හැඳින්වූවාලු.  ග්‍රීකයෝ හා මෞර්යයෝ කියවන්න.

Saturday 30 July 2022

අර්බුදයට පිළියම්

 

අර්බුදයට පිළියම්


ලංකාවේ මෙතරම් උගතුන් බුද්ධිමතුන් (ජාත්‍යන්තර කීර්තියට පත් අය ද ඇතුළු ව) සිටිය දී ආර්ථික අර්බුදයට පිළියම් නැත්තේ ඇයි? 

වැරදුණු බටහිර කුරුමාණම

 

වැරදුණු බටහිර කුරුමාණම 

 

පරගලය පරයන්ගේ අරගලයක්. එනම් විජාතිකයන්ගේ අරගලයක්. මෙය බටහිරයන් හා ඉන්දියාව රාජපක්‍ෂලා ඉවත් කිරීම සඳහා පමණක් සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද්දක් නොවෙයි. එමගින් ඔවුන් 1505 (1506) දී සිට කෙරීගෙන යන සිංහල බුද්ධාගමට, සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂ තැන නැති කිරීම ඉටු කර ගැනීමට ද බලාපොරොත්තු වුණා. එය යම් ප්‍රමාණයකට සාර්ථක වෙලා. ඒ රාජපක්‍ෂලා නිලතලවලින් ඉවත් කිරීමෙන්. රාජපක්‍ෂලා සිංහල බෞද්ධ ජාතිකවාදීන් නො වෙයි. අර කියන විධියට සිංහල බෞද්ධකමක් ඇඟේ තිබුණේ ගෝඨාභය රාජපක්‍ෂගේ පමණයි. මෙරට සිංහල බෞද්ධකම ඇඟේ තිබුණු අනෙක් රාජ්‍ය නායකයා (නායිකාව) බණ්ඩාරනායක මහත්මියයි.

Friday 29 July 2022

1962 හා 2022



1962 හා 2022 


1962 පාසල් රජයට පවරා ගැනීමට විරුද්ධ වීම හා 2022 ඊනියා ක්‍රමයට විරුද්ධ වීම අතර ඇති සම්බන්ධය  කුමක් ද?

මොකක් ද කේස් එක

 

මොකක් ද කේස් එක

 

බටහිරයන්ට ලංකාවේ අවශ්‍ය කුමක් ද? ඒ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය නම් නො වෙයි. ජනතාවගේ කැමැත්ත රජයනු දැකීමත් කියා කියන්නට පුළුවන්. එහෙත් ජනතාව යනු කාට කාටත් තමන් මිස අන් කිසිවකු නො වෙයි. යමකු ජනතාව වෙනුවෙන් කතා කරන්නේ නම් එයින් කියන්නේ තමන් වෙනුවෙන් කතා කරන බවයි. ජනතාවාදී යනු තමාවාදී මිස වෙනත්වාදී වීමක් නො වෙයි.

අරගලය 2.1

 

අරගලය 2.1


අරගලය 2.0 අවසන්. දැන් 3.0ක් ගැන කියවනවා. අරගලය 2.1 කවදා ද? පිළිතුරු අරගලය 2.0 කාර්යාලයට යවන්න. 

Thursday 28 July 2022

දේශපාලන තුං මං හංදිය

 

දේශපාලන තුං මං හංදිය

 

අද බොහෝ දේ ලියන්න තියෙනවා. පළමුවෙන් ම විජේ ඩයස්ගේ අභාවය. මා ඔහුට වඩා හඳුනන්නේ ඔහුගේ බිරිය පියසීලි විජේගුණසිංහ. විජේ ඩයස් පෙනී හිටියේ විජේගුණසිංහ නමින්. ඔවුන් දෙදෙනා ම මට වඩා අවුරුදු දෙකක් පමණ වැඩිමල්. ඔවුන් තම මුළු දේශපාලන ජීවිතය පුරා ම ට්‍රොට්ස්කිවාදීන් ලෙස කටයුතු කළා. එකල තරුණ සමාජවාදීන් ට්‍රොට්ස්කිවාදය වෙත ඇදී ගියා. මා හිතන්නේ ට්‍රොට්ස්කිවාදයේ තිබූ තාර්කික භාවයත් මාක්ස්වාදයට වඩා කිට්ටු වූ ජාත්‍යන්තරවාදයත් එයට හේතුවන්න ඇතැයි කියා.

Wednesday 27 July 2022

විමල්ලා හරිමගට


විමල්ලා හරිමගට


 හදිසි නීතියට පක්‍ෂව ඡන්දය දීමෙන් විමල්ලා හරිමගට!


කොහොමටත් ආතල්ගම පරගලයේ න්‍යායාචාරීන්ට ඉඳුරුවේ ආචාරියා පරාදවෙලා!!




අලි කතාවක්

 

අලි කතාවක්

 

ඊයේ සවස 6.50 ජාතික රුපවාහිනී ප්‍රවෘත්ති (මා හිතුවා දැන් සෘජුව ම ආණ්ඩුවේ ප්‍රවෘත්ති බලන එක හොඳය කියා) නරඹන විට ආතල්ගමේ එක් පරගලකරුවකුගේ ප්‍රකාශයක් අසන්න ලැබුණා. ඔහු මහත් ගර්වයෙන් කියා සිටියේ තමන් ෆ්ලයිට් වෙනුවට ෆයිට් තෝරා ගත් අය බවයි. ඒක හොඳ කියමනක්. මා දන්නා වෙනත් අයත් එවන් කතා කියනවා. ඒ නිදහස් අධ්‍යාපනයේ අග්‍ර ප්‍රතිඵල. ඒ ප්‍රකාශය අනුව ඔවුන්ගේ ආතල්ගම පරගලය තවදුරටත් කරගෙන යන්න ඔවුන් හිතන් ඉන්න බව මට වැටහුණා.

 

Tuesday 26 July 2022

ෆ්ලයිට් හා ෆයිට්

 අපි ෆ්ලයියට් වෙනුවට ෆයිට් තොරා ගත්ත අය - පරගලකරුවෙක්


රූපවාහිනීයට බලයෙන්  පැමිණි ගනේෂ් අලි ඩුබායි ෆ්ලයිට් එකේ!




පුටින්ට සවන් දෙමු ද

 

පුටින්ට සවන් දෙමු ද

 

පුටින් බටහිර ආධිපත්‍යය ගැන මැයෙන් ලියා ඇති ලිපියේ පසුගිය ජූලි 21 වැනි දා මොස්කව්  නගරයේ පැවති ASI Forum @hvw~ Agency for Strategic Initiatives සංසදයේ රැස්විමක් අමතා කරන ලද දේශනයක කොටසක් පළ කෙරුණා. ඒ දේශනය සම්පූර්ණයෙන් ම https://www.voicebd24.com/2022/07/21/24670/  සබැඳියෙන් කියවන්න පුළුවන්. මේ සංසදය අලුත් ලෝකයකට අලුත් අදහස් ලබා ගැනීම වෙනුවෙන්.

Monday 25 July 2022

පුටින් බටහිර ආධිපත්‍යය ගැන

 

ගෝඨාභය සිංප්පුරුවේ දී අත්අඩංගුවට ගැනීමට ඉල්ලීම

 

ගෝඨාභය සිංප්පුරුවේ දී අත්අඩංගුවට ගැනීමට ඉල්ලීම

 

ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට ආසන්න වශයෙන් පත් කෙළේ විමල් වාසු උදය ත්‍රීත්වය. ඩලස් හා පිරිසක් පසුව එයට එකතු වුණා.   එහෙත් එය  බටහිර රටවල් හා ඉන්දියාව මහින්ද හා ගෝඨාභය ඉවත්කර ඔවුන්ගෙන් පළිගැනීමට කරන ලද සැලැස්මකට ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් පමණක් වුණා. විමල්ලා දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ බටහිරයන්ට හා ඉන්දියාවට රාජපක්‍ෂලා ඉවත් කිරීමට ආධාර කළා. ඔවුන් බැසිල්ට තිබූ විරෝධය ආණ්ඩු විරෝධයක් බවට පත් කිරීමෙන් බටහිර හා ඉන්දියාවේ ඉත්තන් වුණා.

Sunday 24 July 2022

අර්බුදයට හේතුව

 ආර්ථික අර්බුදයට හේතුව ගෝඨාභය යැයි හිතන අයට ආර්ථික අර්බුදයට විසඳුමක් නැත. 

රනිල් පාර්ලිමේන්තුව හා බටහිර තානාපතිවරු

 රනිල් පාර්ලිමේන්තුව හා බටහිර තානාපතිවරු


එක් ලක්‍ෂ්‍යයක් ඔස්සේ රේඛා (වක්‍ර මෙන් ම සරල) ඕනෑ තරම් ඇඳිය හැකි බව නොදන්නෙකු නැති වීමට ඇති ඉඩ කඩ ඉතා අධිකයි.   එමෙන් ම එක් සිද්ධියක් නිසා අපට අනන්‍ය නිගමනවලට ඒමටත් නොහැකියි. අද මෙරට දේශපාලනයේ ඇත්තේ සංක්‍රමණීය අවස්ථාවක්. රනිල් පොදු ජන පෙරමුණේ ඡන්දවලින් ජනාධිපති වෙලා. ඩලස්ට පොදු ජන පෙරමුණේ ඡන්ද විස්සක්වත් ලැබී නැති බවයි පෙනෙන්න තියෙන්නෙ. ඔහුට ඡන්ද ලැබී ඇත්තේ සජබෙන්. අර විමල් හා  කණ්ඩායමත් ඡන්දෙ දෙන්න ඇති. එහෙත් ශ්‍රි ල නි පක්‍ෂයේ සියල්ලන් ම ඔහුට ඡන්දය දුන්නා කියා හිතන්න බැහැ.  ඩලස් සමග පහළොවක් හරි දහසයක් හරි සුවාදීන වෙලා විපක්‍ෂයේ අසුන් ගන්න බව ආරංචියි. මා කලින් දවසක කී කාරයට පාර්ලිමේන්තුවේ පුටු අර්ධ වෘත්තාකාර ව සකස් කරල සුවාදිනයන් මැද ඉන්දවනව නම් හොඳයි. මා හිතන්නෙ චම්පකත් දැන් සුවාදීනයි. 

Saturday 23 July 2022

කඩවුණු බලාපොරොත්තු

 

කඩවුණු බලාපොරොත්තු

 

 

පජාතික පරගලය පරාජය වෙලා. ඒ පරාජය කිරීම පිළිබඳ විවිධ අය විවිධ කතා කියනවා. පරගලය දිනනකම් බලන් හිටිය අයට විවිධ බලාපොරොත්තු තිබුණා. අද ඒ කඩවුණු බලාපොරොත්තු නිසා ඇතැමුන් මේ පිටුව ගැනත් සකර්බර්ග්ට පැමිණිළි කරලා. සිස්ටම් චේන්ජ් කාරයන් දැන ගෙන හිටියේ නැහැ මෙරට සිස්ටම් එකක් නැති බව. අපේ ක්‍රමය තමයි බෞද්ධ කටයුතුවල දී හැර ක්‍රමයක් නැතිකම. අපට ඉංගිරිසින්ගේ ක්‍රමය අවශෝෂණය කරගන්න බැරි වුණා. අප ඊනියා නීතිවලින් ක්‍රමයකට ගේන්න බැහැ. හැම නීතියක ම හිලක් සමහර විට හිල් රාශියක් තියෙනවා. ඉංගිරිසින් අප බෞද්ධකමෙන් ඈත් කළ දා සිට අපේ ක්‍රමයක් අපට නැහැ. ඉංගිරිසින් අප ඔක්කොම හොරු බවට පත්කර ඇති බව පිළිගන්න අප සූදානම් නැහැ. තෙල් පෝලිම් සම්බන්ධයෙන් කොතරම් හොරකම් සිද්ධ වුණා ද?

Friday 22 July 2022

පරගලය

 

පරගලය

පරගලය රජයේ ගොඩනැගිලි අල්ලා ගත්තේ සාමයෙන් ද? ආයුධ නැතිවීම පමණක් සාමකාමී වන්නේ කාදිනල්තුමා සාලිය පීරිස් සරත් ෆොන්සේකාට ද?

ක්වොන්ටම් කතාවක්

 

ක්වොන්ටම් කතාවක්

 

මා ක්වොන්ටම් ජාගොඩ කියා හඳුන්වන්නේ පරාද ගොඩක් අත්පත් කරගෙන ඇති ජයගොඩ. ඔහු අද හොඳ කතාවක් කියා තිබුණා. ඔහු කියන්නේ තම පක්‍ෂය පාර්ලිමේන්තුවෙන් පිට බලය ගොඩ නගා පාර්ලිමේන්තුව පාලනය කරන බවයි. අද ජනතාවට පාර්ලිමේන්තුව ගැන විශ්වාසයක් නැති බවත් ජනතාව සියලු ප්‍රශ්න විසඳා ගත්තේ පාර්ලිමේන්තුවෙන් පිට බවත් රනිල්ට ජනාධිපති වීමට මහපොළොවෙන් ජන අනුමැතියක් නැති බවත් රනිල් අධි තක්සේරුවෙන් ඕනෑවට වඩා උඩ නොපැනිය යුතු බවත් අරගලය කුඩු පට්ටම් කරන්න හිතනවා නම් ඊට ලැහැස්ති නොවන ලෙස අනතුරු ඇඟවීමක් කරන බවත් ක්වොන්ටම් පරාදගොඩ කියා තිබුණා. රනිල් බය වෙන්න ඇති.

Thursday 21 July 2022

රනිල් ඩලස් හා අරගලයේ කෝඩුකාරයෝ

 

රනිල් ඩලස් හා අරගලයේ කෝඩුකාරයෝ

 

මා ඩලස් හඳුනන්නේ 1992 පමණ සිට. රනිල් ගැන දන්නේ ඊට බොහෝ කලකට පෙර සිට. ඩලස්ගේ සහෝදරයකු කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ඉගෙන ගත්තා. ඩලස් පුවත්පත්වල කතෘට ලිපි ලියමින් හිටි කාලයක ඔහු ලක්මිණේ ලේඛකයකු ලෙස බඳවා ගනු ලැබුවා. ඒ අනූ දෙකේ  කියලයි මගේ මතකය. ඔහු ලක්මිණට බඳවා ගැනීමට මුල් වූයේ ගෙවිඳු කුමාරතුංග.

Wednesday 20 July 2022

ජයගත් අරගලය

 

ජයගත් අරගලය


අරගලය ජයගත් පඬි නැට්ටන්ට, ජෙප්පන්ට හා ඔවුන්ගෙන් පැවත එන සෙප්පන්ට විමල්ලාට හා වෙනත් අයට  ඕනෑම වැරදි දෙයක් හිතා ගැනීම සඳහා




ව්‍යවස්ථාව හා අරාජිකත්වය

 

 

ව්‍යවස්ථාව  හා අරාජිකත්වය

 

අද පැවැත්වෙන ජනාධිපතිවරණය මට වැදගත් වන්නේ එක ම එක කරුණක් නිසයි. ඒ ව්‍යවස්ථාව හා රට අරාජික  කිරීම සම්බන්ධයෙන්. අද බොහෝ තැන්වලින් විශේෂයෙන් ප්‍රබුද්ධයන්ගෙන්  ඇසෙන්නේ ව්‍යවස්ඵාව විසි කරන්න වැනි වාචාල කතා. ව්‍යවස්ථාව විසි කරල වැඩ කරන්නෙ කාගෙ වචනයට ද? තම තමන් හිතන විධියට වැඩ කරල වැඩි කලක් යන්න පෙර මෙරට තව තවත් අරාජික තත්වයට පත් කරන්න ඇතැමුනට අවශ්‍ය වෙලා.

Tuesday 19 July 2022

රනිල් හා ඩලස්

 

රනිල් හා ඩලස්


ජාතිකත්වය අතින් රනිල් හා ඩලස් අතර වෙනසක් නැත.  රට අරාජිකත්වයෙන් මුදා ගත හැක්කේ කාටද? දැනගැනීම පිණිසයි.

හෙට ඡන්දය හා නොවැදගත් පක්‍ෂ

 හෙට ඡන්දය හා නොවැදගත් පක්‍ෂ

 

අද රන් අකුරින් නැතත් මෙරට ඉතිහාසයේ ලියැවෙන දිනයක්. පළමු වරට රාජ්‍ය නායකයකු පාර්ලිමේන්තුවෙන් තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තු ලේකම් නාමයෝජනා පත්‍ර භාරගන්නා දිනය අදයි. ඉස්සර ලේකම්ට කිවුවෙ පාර්ලිමේන්තුවේ ලිපිකරු කියලයි. නම මොකක් වුණත් කෙරෙන්නෙ එක ම දේ. නම්වලත් තරාතිරමක් තියෙනවා. භාෂාවේ අධිකාරී බලයක් තියෙන බව සමහරු දන්නවා. අධිකාරී බලයක් ඇති සමාජයක භාෂාවේ අධිකාරී බලයක් තිබීම පූදුමයක් නො වෙයි. බටහිර රටවල සමහර විට කාර්යාල ප්‍රධානියාට නම කියා කතා කරනවා වෙන්න පුළුවන්. ඒත් එය මතුපිට කතාවක් පමණයි. මෙරට ඇතැම් ඊනියා විද්වතුන් නම් ඒ කරුණුවලින් නොමග යනවා. ඔවුන් ප්‍රබල තානාපතිවරුන් වරියන් නමින් අමතනවා. 

 

පාර්ලිමේන්තුව කියන්නෙ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය වක්‍ර ව ක්‍රියාත්මක වන තැනක්. එහි එක් මන්ත්‍රීවරයකු නියෝජනය කරන රටවැසි ඡන්ද සංඛ්‍යාව වෙනත් දිස්ත්‍රික්කයක මන්ත්‍රීවරයකු නියෝජනය කරන ඡන්ද සංඛ්‍යාවෙන් වෙනස් වෙනවා. ඒ අතර එක් දිස්ත්‍රික්කයක වුවත් මන්ත්‍රීවරුන් ලබා ගෙන ඇති මනාප සංඛ්‍යාව වෙනස් බැවින් ඒ ඒ මන්ත්‍රීවරයා නියෝජනය කරන ඡන්ද සංඛ්‍යාව වෙනස් වෙනවා. ඒ මදිවාට ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුනුත් ඉන්නවා. ජනාධිපති මුළු රටේ ම පවත්වන ජනාධිපතිවරණයකින් පත් කර ගන්නවා නම් හොඳයි. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදයත් අවසානයේ දී වියදම මත තීරණය වෙනවා. අර ඊනියා තේරීම් මණ්ඩලවලිනුත්  (electoral colleges) ප්‍රශ්නය විසඳෙන්නෙත් නැහැ.

 

ඒ කතා පැත්තකින් තියමු. හෙට පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් මෙරට පක්‍ෂ ක්‍රමයට වැදගත් තැනක් හිමි නැති බව පැහැදිලි වෙනවා. අර ඊනියා නිර්පාක්‍ෂිකයොත් පක්‍ෂයක් පිහිටුව ගන්න හදනවා. පක්‍ෂයේ නම නිර්පාක්‍ෂික පක්‍ෂය කියා යොදන එකක් නැහැ. පරගලය විසින් පෙන්වා දුන්නේ පක්‍ෂ ක්‍රමයෙන් පිට දේශපාලනයක් නැති බව. එහෙත්  පක්‍ෂ ක්‍රමය යනු තවත් මායාවක්. මායාවලට රැවටෙන එක වත්මන් සිංහලයන්ගේ ලක්‍ෂණයක්.

 

පක්‍ෂ අභ්‍යන්තරයේ ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. එංගලන්තයෙත් එහෙමයි. පක්‍ෂයකට නායකයකු ඉන්නවා. නායකයා තෝරා ගැනීමට ඡන්ද තියෙනවා. ඒ ඡන්දවල දී විවිධ කරුණු සලකා බැලෙනවා. එහෙත් එංගලන්තයේ පක්‍ෂ නායකයකු වෙන්න බැහැ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ ආධිපත්‍යය පිළිගන්නෙ නැතුව. නායකයා තෝරා ගත් පසු ඔහු හරි ඇය හරි තරමක ආඥාදායකයකු වෙනවා. ආඥාදායකයා පක්‍ෂයට හානියක් කළොත් පමණක් වෙනත් ආඥාදායකයකු තෝරා ගැනීමේ අවස්ථාව පක්‍ෂයට උදා වෙනවා.

 

ලංකාවේ ජාතික පක්‍ෂවල සිංහල බෞද්ධ සංස්කෘතියේ ආධිපත්‍යය නොව විශේෂත්වය නොපිළිගෙන පක්‍ෂ නායකයන් වෙන්න පුළුවන්. එ ජා පක්‍ෂය තමයි එයට හොඳ ම උදාහරණය. ස ජ බ, ජ වි පෙ, 43 කියා වෙනසක් නැහැ. ඒක ඒතරම් ප්‍රශ්නයක් නොවෙයි. අද ඇතැම් හාමුදුරුවරුත් සිංහල බෞද්ධ සංස්කෘතියේ විශේෂත්වය පිළිගන්නේ නැහැ. ඇතැම් ප්‍රබුද්ධ හාමුදුරුවරු ඉනුත් එහාට ගොස් අනුශාසනා කරනවා ආගම්වල ශාස්තෘන් වහන්සේලා කියා ඇත්තේ එකම දෙයක් කියා.

 

පළමු කොට ම ඒ හාමුදුරුවරු දන්නේ නැහැ බුදුදහම ආගමක් නොවන බව. එය දර්ශනයක් ද නො වෙයි. එය සසර ගමන නැති කරන්න කියා දෙන දහමක් පමණයි. දෙවනුව ආගම්වල (බුදුදහමත් ආගමක් ලෙස ගැනීමෙන්)  කියන්නෙ එකම දෙයක් නම් බුදුහාමුදුරුවන් කර ඇත්තේ වරදක්. උන්වහන්සේට තිබුණෙ බ්‍රාහ්මණ ආගම් අතර සමගියක් ඇති කරන්න. අවශ්‍ය නම් ජෛන ආගමත් එකතු කර ගන්න තිබුණා. උන්වහන්සේ ඒ වෙනුවට බ්‍රහ්මජාල සූත්‍රය දේශනා කළා. බ්‍රාහ්මණයන්ට අනුච ශූන්‍ය වූ නිවනක් ගැන දේශනා කළා. බුදුහාමුදුරුවන් ඇතැම් හාමුදුරුවරුන් තරම් ප්‍රබුද්ධ නැති වෙන්න ඇති.

 

ඔය සියලු  කතා මැදත් ලංකාවේ යම් පක්‍ෂ ක්‍රමයක් තිබුණා. එය නැති වීම ආරම්භ වුණෙ පොහොටටුවත් සමග. ජී එල් පීිරිස් පහුගිය දා අහල තිබුණ ජනාධිපතිවරණයෙ දි පොහොට්ටුව රනිල්ට ඡන්දය දෙන්න තීරණය කළෙ මොන ඒකාධිකාරියකින් ද කවද ද කොහෙදි ද වගේ අර පාසලේ අහන සංදර්භ ප්‍රශ්න කිහිපයක්. ජී එල් තවම පාසලෙන් හා විශ්වවිිද්‍යාලයෙන් පිටවෙලා නැහැ.  එකට කමක් නැහැ. ඔහු පොහොට්ටුවෙ සභාපති වීම ගැනත් ඒ සංදර්භ ප්‍රශ්න අහන්න පුළුවන්.

 

පොහොට්ටුව පක්‍ෂයක් නොවූ පක්‍ෂයක්. ඒ කතා ඇරිස්ට එකඟ නැහැ. එංගලන්තයේ තරමට නොවූවත් පක්‍ෂවලට යම් වැදගත්කමක් ලංකාවේ තිබුණ නම් පොහොට්ටුව ඒක නැති කිරීම ආරම්භ කළා. ඉන් පසු නිර්පාක්‍ෂික අරගලකරුවන් ආවා. ඒ සමහරුන්ට සල්ලි කෝටි ගණන් හම්බ වුණා කියනවා. ඒක සමගත් නිර්පාක්‍ෂික කියන්නෙ කිසිම වැදගත්කමක් නැති පක්‍ෂයක් කියල නිර්පක්‍ෂිකයනුත් තේරුම් ගත්තා. ඔවුන් ඒ නොවැදගත්කම තේරුම් ගැනීමෙන් පසු පක්‍ෂයක් හැටියට ලියා පදිංචි වෙන්න කටයුතු කරලා.

 

දැන් හෙට ඡන්දෙදි පක්‍ෂ කියන ඒව බෙදෙනවා. ඒ බෙදෙන එකේ පෙර ගමනක් අපි දැක්කෙ විමල්ල සුවාදීන වීමත් සමග. දැන් සුවාදීනයන් අතරත් සුවාදිනයන් ඉන්නවා. අන්තො සුවා බහි සුවා කිවුවලු. රහස් ඡන්දයක් හින්ද කවුරු කාට ඡන්දෙ දුන්න ද කියල දැන ගන්න බැහැ. හෙට සුවාදීන දවසක්. සමහර ස ජ බ පොහොට්ටු ඡන්ද රනිල්ට ලැබේවි. ඒ සමහරු ම තමයි ඩලස්ට හා සජිත්ට ඡන්දෙ දෙන්නෙත්. අනුර රනිල්දාසටත් කීයක් හරි වැටේවි ද? දෙවැනි තුන්වැනි මනාපත් තියෙනවා. එක් පක්‍ෂයක ඉන්න අයකුට වෙනත් මනාප තියෙන්න පුළුවන් ද? පොතේ හැටියට බැහැ. ඒත් පතේ හැටියට පුළුවන්. දරුවන්ට පොත්පත් බලා ගන්න කියන්නෙ ඒකටයි.     

 

 






Monday 18 July 2022

රාජසිංහ හා රාජපක්‍ෂ

 

රාජසිංහ හා රාජපක්‍ෂ

 

 

ඉතිහාසය ලියනු ලබන්නේ ජයග්‍රාහකයන් විසින් යැයි ඉංගිරිසි කියමනක් තියෙනවා. මේ සමහර ඉංගිරිසි කියමන් දැන් අප වෙත පටවලා. කබලෙන් ලිපට වැටීමත් එහෙම එකක්. ලිප දර ලිපක් ද ගෑස් ලිපක් ද වෙන ලිපක් ද කියන එක පැහැදිලි නැහැ. මේ කබල තැටියක් ද කියා දැන ගන්න රොටි පුච්චන්න අවශ්‍ය නැහැ. තැටිය රත්වුනා ම රොටිය පුච්චන එක ගැන කතා කෙළෙ අපවත් වී වදාළ සෝභිත හාමුදුරුවො.

Sunday 17 July 2022

ගෝඨාභය රට පටවා සිංහල බෞද්ධ ජාතිකත්වය නැති කරන්න බැහැ

 

ගෝඨාභය රට පටවා සිංහල බෞද්ධ ජාතිකත්වය නැති කරන්න බැහැ

 

ලබන විසිවැනි දා බොහෝ විට පාර්ලිමේන්තුව අලුත් ජනාධිපතිවරයකු තෝරා ගනීවි. බොහෝ විට යැයි කීවේ ඊට කලින් දහනවවැනි දා ජනාධිපති පත්කර ගැනීමට ද ඉඩක් තියෙන බැවින්. ඒ එදින එක නමක් පමණක් ඉදිරිපත් වුවහොත් ඡන්ද විමසීමක් අවශ්‍ය නොවන බැවින්. කවදා පත් කරගත්තත් අප එක්තරා ආකාරයකින් පාර්ලිමේන්තු දේශපාලනයේ පූර්ව පනස්හයට තාවකාලික ව ගොස් තියෙනවා. ඒ සිංහල බෞද්ධ ජාතිකත්වයට ජනාධිපති ධුරයට අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට නොහැකි වීමෙන්. දැන් මේ ලිපි නොකියවන පඬි නැට්ටන්ගේ ප්‍රිති ප්‍රමෝදය පිණිස ලිපි කියවන පඬි නැට්ටකුට පෙර සඳහන් වාක්‍ය පමණක් උපුටා දැක්වීමෙන් බොහෝ දේ කියන්න පුළුවන්.

 

Saturday 16 July 2022

ඒකාධිපතියා ගිහින්

 

ඒකාධිපතියා ගිහින්

 

අද ගෝඨාභය හැඳින්වෙන්නේ මෙරට සිටි නරක ම පාලකයා, දරුණු ඒකාධිපතියා ආදී වශයෙන්. රටක් දුර්දාන්ත ආකාරයෙන් පාලනය කළ තැනැත්තාට අද රටක් නැති වෙලා කියා පාරම්බාන පුද්ගලයන් ද ඉන්නවා. ඒ කුමන කතා කිවුවත් මා හිතන්නේ නැහැ ඔහුගේ පාලන සමයේ ඔහු ආරක්‍ෂක සේවාවන්ට අවම බලයට එහා බලයක් පාවිච්චි කිරීමට උපදෙස් දුන්නා කියා. අද වන විට රනිල් යටතේ එය වෙනස් වී තියෙනවා. අද කියන්නේ අවම බලය නොව අවශ්‍ය බලය යොදා ගන්න කියා.

Friday 15 July 2022

ගෝඨාභයට යන්න වුණේ ඇයි

 

ගෝඨාභයට යන්න වුණේ ඇයි

 

රනිල් ජනාධිපති කරන්න නවවැනි දා කොළඹ එන්න කියා කී විට පඬි නැට්ටන් හිනහ වුණා. මේ සියල්ල සැලැස්මක් ඇතුව කළ බව කී විට කුමන්ත්‍රණ කතා කියන්න පටන් ගත්තා. කුමන්ත්‍රණයක් හා සැලැස්මක් අතර වෙනස නොදන්නා පඬි නැට්ටන් සකර්බර්ග් අනාථ කඳවුරේ සකර්බර්ග් සෙවණේ ඉන්නවා. බටහිරයන් විශේෂයෙන් ම ඇංග්ලො සංස්කෘතියෙ අය ඉතා හොඳ සැලසුම් කරුවො. එංගලන්තය වැනි පොඩි රටක් මුළු ලෝකයක් පාලනය කෙළෙ සැලැස්මක් ඇතුව මිසක් හමුදා බලයෙන් පමණක් නො වෙයි.

Thursday 14 July 2022

බටහිරයන්ගේ අරගලය රාජකීය විදුහල හා නිර්ප්‍රභූවරු

 

බටහිරයන්ගේ අරගලය රාජකීය විදුහල හා නිර්ප්‍රභූවරු

 

දැන් ලංකාවට ඉර පායන්නේ අත්ලන්තික් සාගරයේ බටහිරින්. ටික කලකට පෙර ඉර පෑවුවෙ අත්ලන්තික් සාගරයෙ නෑනෙහිරින්. කොහෙන් පෑවුවත් ලංකාවට බටහිරින්. ඉන්දියන් සාගරයටත් බටහිරින්.  බටහිරින් ඉර පායන එක ගැන පඬියන් ට පඬි පෝතකයන්ට පඬි නැට්ටන්ට වැටහීමක් නැහැ. ඔවුන් නිදාගන්නෙ බටහිරට ඔළුව දාගෙන.

Wednesday 13 July 2022

සෝභිත හාමුදුරුවො හා සිංහල බෞද්ධ බලය

 

සෝභිත හාමුදුරුවො හා සිංහල බෞද්ධ බලය

 

ඕමල්පෙ සෝභිත හාමුදුරුවන් ගැන නැවතත් සඳහන් වෙනවා. අර අස්ගිරි පාර්ශ්වයෙ මහානායක හාමුදුරුවන්ගෙ අත්සන පිටපත් කිරීම ගැන කතා වුණාට පස්සෙ උන්වහන්සෙගෙ ප්‍රකාශ එතරම් ගණන් ගැණුනෙ නැහැ. මා කියන්නෙ සෝභිත හාමුදුරුවන් අස්ගිරි මහානායක හාමුදුරුවන්ගෙ අත්සන පිටපත් කළා කියන එක නො වෙයි. උන්වහන්සෙ එහෙම කරන්නෙ නැහැ. මහානායක හාමුදුරුවන්ගෙ නියෝජ්‍ය ලේකම් හාමුදුරුවනුත් ඒ වගේ අනුශාසනාවක් කරල තිබුණ.

Tuesday 12 July 2022

ගාලගෝට්ටිය ව්‍යවස්ථාව හා වස් කාලය

 

ගාලගෝට්ටිය  ව්‍යවස්ථාව හා වස් කාලය

 

මෛත්‍රිපාල සිරිසේන කියන්නෙ මෙරට හිටපු ජනාධිපතිවරයෙක්. ඔහුට අනුව (දි අයිලන්ඩ් වාර්තාවක්) ඇති වුණු ආණ්ඩු වෙනස ව්‍යවස්ථානුකූ නොවෙයි. එහෙත් යථාර්ථය එය නම් ඒ පිළිගත යුතුයි. අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අදාළ නැතැයි පවසන සිරිසේන ඊනියා අරගලකරුවන් සමග යම් එකඟත්වයකට එළඹිය යුතු බවත් කියනවා.

Monday 11 July 2022

බටහිර සැලැස්ම හා ජූලි 9

 

බටහිර සැලැස්ම හා ජූලි 9

 

ජූලි 9 කියන්නෙ දේශපාලන සිදුවීමක්. එයට විශාල පිරිසක් සහභාගි වුණා. වැඩියෙන් ම හිටියෙ ඊනියා උගත් ගැමි තරුණයන්. ඔවුන් මාක්ස්වාදී කතා අනුව කම්කරු පංතියේ නො වෙයි. ඔවුන් වැඩිම වුණොත් අඳුන්වන්න පුළුවන් සුළු ධනේශ්වර කියල. දැන් සුළු ධනේශ්වරයන් ජයග්‍රහණය කරල ද? ඒ අයගෙන් ඇහුව ම ඊනියා අරගලයේ පංති පදනම කුමක් ද කියල ඔවුන් දන්න පංතියක් නැති බව පැහැදිලි වෙනවා. කසිකබල් මාක්ස්වාදය අනුව පංතිය තීරණය වන්නෙ නිෂ්පාදනයෙදි එ එ අය සහභාගි වන ආකාරය මත. ඒ බව ඊනියා සුළු ධනේශ්වරය නොදන්නා බව පැහැදිලියි. පංතිය ගැන ඔවුන්ගේ ප්‍රතිචාර කියවන්න.

Sunday 10 July 2022

ඩලස් හා කණ්ඩායම

 ඩලස් හා කණ්ඩායම බලයට පත් කිරීමට දරණ උනන්දුව කාගේ ද? 


මෙවැනි ප්‍රශ්න අසන්නේ පිළිතුරු බලාපොරොත්තුවෙන් නොවන බව තේරුම් ගන්න

බටහිරින් පායපු ඉර

 

 

බටහිරින් පායපු ඉර

 

ඊයේ රෑ ලංකාවට අලුත් ඉරක් පෑවුවා. එය අත්ලන්තික් සාගරයේ බටහිරින් පෑවුවෙ. අපට බොහෝ කාලයක් ඉර පෑවුවෙ එකී සාගරයේ නැගෙනහිරින්. මින් පසු ඒ ඉර පායන්නෙ නැහැ. මට අර ඉර පායා ඉර පායා ගීතය මතක් වෙනවා. ගණදුරු මැදියම අරුණළු නම් මට දකින්න බැහැ. ඊයේ කොළඹ ආවේ උගත් ගැමි මධ්‍යම පාංතික තරුණයන්. තරුණියන් ද හිටියා. පොෂුන් හා පොෂියන් වැඩිය දැක්කෙ  නැහැ.  සමහරු තරුණ මව්වරු. ඔවුන් දරුවන් ද කැටුව ඉර පායනවා බලන්න ඇවිත් තිබුණා. අර පූජක තැන නම් කැපිල පෙණුනා. ඔහු අරගලගැති දේවගැතිවරයෙක්. 

 

Saturday 9 July 2022

රනිල් අස්කරන්න.

 රනිල් අස්කරන්න. 


ජනාධිපති  ඉල්ලා අස් වී නැත්නම් හැකි නම්  ඉක්මණින් රනිල් අගමැති කමෙන් හා මුදල් ඇමති කමෙන් අස්කරන්න

අත්ලන්තික් තරණය

 

අත්ලන්තික්  තරණය

ලංකාව අවුරුදු හැත්තෑහතරකින් අත්ලන්තික් සාගරය තරණය කරයි. නියමුවා යැංකි ඩිකී. අත් උදවුවට බැසිල්  නාමල් හා දෙදහස් හයේ දරුවෝ. 


සාදුකින් පෙළෙනවුන් රනිල් ජනාධිපති කරනවා ද?

 

සාදුකින් පෙළෙනවුන් රනිල් ජනාධිපති කරනවා ද?

 

අද එලවන්නෙ ගෝඨාභයව ද රනිල්ව ද නැත්නම් දෙන්නම ද? එහෙමත් නැත්නම් තවත් අය ද? ඒ කරන්නෙ ව්‍යවස්ථාවට එකඟව ද ව්‍යවස්ථාවට පිටින් ද? මේ උද්ඝෝෂණයට හරි මොකට හරි නායකත්වය දෙන්නෙ කවුද? මෙය නිර්පාක්‍ෂික නිර්නායකත්ව අරගලයක් ද? ගෝඨාභය එලවන්නෙ ඔහු කුමක් කළාට ද? අද පවතින ආර්ථික අර්බුදයට වග කියන්න ඕන ඔහු ද? ඔහු හොරකම් කළා ද? හොරකම් කළෙ මොනවා ද?

Friday 8 July 2022

ව්‍යාජ ගිණුම හා පඬි නැට්ටෝ

 

ව්‍යාජ ගිණුම හා  පඬි නැට්ටෝ

 

මා කලින් සටහනේ සඳහන් කෙළේ මගේ නමින් පළවන ව්‍යාජ මුහුණු පොත් ගිණුමක් ගැන.  එවැනි දේ කරන එක අමාරු කාර්යයක් නො වෙයි. සකර්බර්ග්ට එය ප්‍රශ්නයකුත් නො වෙයි. සකර්බර්ග්ට ව්‍යාජ ගිණුම් අව්‍යාජ ගිණුම් කියා ජාති දෙකක් නැහැ. ව්‍යාජ ගිණුමක් ඇති වුණේ කොහොමද වගේ ප්‍රශ්න තේරුමක් නැහැ. ඉතා පැහැදිලි ව මගේ විරුද්ධවාදියෙක් ව්‍යාජ ගිණුම සකස් කර පසු කලෙක කියවන්නන් නොමග යැවීමට ගන්නා උත්සාහයක්. 

 

Thursday 7 July 2022

රනිල් හා රනිල්දාස

 

රනිල් හා රනිල්දාස

 

රනිල්දාසට  ඇති ජාතිකත්වයක්වත් ඊනියා සමාජවාදයක්වත් නැහැ. ජ වි පෙ කියන්නෙ ජාතිකත්වය හා ඊනියා සමාජවාදය අතර කලක් දෝලනය වුණු පක්‍ෂයක්. එහි නට්සිවාදී අදහස් ද තිබුණා. ඒ විජේවීරගෙ ජ වි පෙ. ඒ සම්ප්‍රදාය සෝමවංස අමරසිංහ  නායකත්වයෙහි ඉන්දැද්දිත් තිබුණා. ඒත් සෝමවංස පක්‍ෂයෙන් ගියායින් පසු ජ වි පෙ නට්සිවාදී පක්‍ෂයක් ලෙස පමණක් ක්‍රියාත්මක වෙනවා.

Tuesday 5 July 2022

අර්බුදයට හේතුව හා සර්ව පාක්‍ෂික ආණ්ඩුව

 

අර්බුදයට හේතුව හා සර්ව පාක්‍ෂික ආණ්ඩුව

 

සාක්‍ෂරතාව අතින් අප ඉතා ඉහළ මට්ටමක ඉන්න බව විද්වතුන් කියනවා. මේ සාක්‍ෂරතාව කියන්නෙ අකුරු දන්න එක. එහෙත් කියවන දේ තේරුම් ගන්න පුළුවන් ද කියන එක වෙන ම ප්‍රශ්නයක්. ඉංගිරිසියෙන් තියෙන දේ සිංහලට පරිවර්තනය කරල අපට ලෝක දැනුම ලබා දෙන අය ලියන දේ නම් බොහෝ විට තේරෙන්නෙ නැහැ. අර මානව ධර්මතා ඔබ නිරවචනය කරයි කියන එක තේරෙන්නෙ කාට ද? එහෙත් අපේ විශේෂ ලක්‍ෂණය තමයි අපට යමක් තේරුම් ගැනීමට වුවමනාවක් නැති වීම. අපට අවශ්‍ය තේරෙන බව ඇඟවීමයි. අනෙකාටත් තේරෙන්නෙ නැති නිසා මේ සෙල්ලම ඉතා සාර්ථක ව කෙරී ගෙන යනවා. ඉංගිරිසි කියමනක් තියෙනවා It’s a different cup of tea  කියල. ඒකෙන් කියන්නෙ වෙන තේ කෝප්පයක් කියන එක නො වෙයි.  අපේ සමහර මහාචාර්යවරු ලියන දේ දැක්ක ම  නම් හිතෙන්නෙ මෙරට උගතුන් ගැන It’s a different cup of tea   කියා කියන්න පුළුවන් බවයි.

Monday 4 July 2022

සිංහල බෞද්ධ විරෝධී තම්බයියලා

 

සිංහල බෞද්ධ විරෝධී තම්බයියලා

 

ඔබට ස්ටැන්ලි තම්බයියා මතක ඇති. දෙමළ ක්‍රිස්තියානි බැතිමතකු වූ ඔහු හාවඩ් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වූවා. එහෙත් ඔහු සමාජ විද්‍යාවට කළ එකතුවක්, සංකල්පයක් කතන්දරයක් (ප්‍රවාදයක්), නැහැ. සමාජ විද්‍යාව විද්‍යාවක් ද යන ප්‍රශ්නය වෙන ම තියනවා. බටහිර විද්‍යාවේ කතන්දර ගොඩ නැගීමට නම් යම් සංසිද්ධියකට අදාළ ඊනියා හේතු  එකකට සීමා කිරීමට හැකි වෙන්න ඕන. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ කතාව එයට හොඳ ම උදාහරණය. ජෛවීය විද්‍යාවන්හි සම්පරීක්‍ෂණවල දී කෙරෙන්නෙත් ඊනියා හේතු එකකට සීමා කිරීමයි. සමාජයීය විද්‍යාවන්හි මනෝ විශ්ලේෂණයෙහි එය කරන්න බැහැ. කාල් පොපර් මනෝ විශ්ලේෂණය හා මාක්ස්වාදය බටහිර විිද්‍යාවන් නොවේ යැයි කීවේ ඒ අසත්‍යකරණයට ලක් කිරීමට නොහැකි නිසා. මා මෙහි දී කියන්නේ වෙනත් කරුණක්. එහෙත් අසත්‍යකරණයට ලක් කිරීමට නොහැකි වීමත් එක් අතකින් අදාළ සංසිද්ධියට ඊනියා හේතු ගණනාවක් තිබීම නිසා සිදුවන්නක්.

Sunday 3 July 2022

නැති සිස්ටම් වෙනස් කිරීම

 

නැති සිස්ටම් වෙනස් කිරීම 

 

සිස්ටම් චේන්ජ් ගැන දැන් කවුරුත් කතා කරන්නේ වෙනසකට මෙන්. අපේ රටේ මිනිස්සු දැන් කතා කරන්නෙ සිංගිරිසියෙන්. මෙතුවක් කල් අප කතා කෙළෙ පාලි හා සංස්කෘත මුසු සිංහලයකින්. එහි දෙමළ වචන ද නොතිබුණා නො වෙයි. පස්වැනි සියවසෙන් පමණ පසු අනුකරණය හා පරිවර්තනය හැරෙන්න අප කර ඇති දෙයක් නැහැ. අපේ ව්‍යාකරණ පොත ලෙස හැඳින්වෙන සිදත් සඟරාවත් පරිවර්තනයක්!

Friday 1 July 2022

ගෝමින් දයාසිරි

 අභාවප්‍රාප්ත ගෝමින් දයාසිරිගේ සසර ගමන ඉක්මණින් ම කෙළවර වේවා




බංකොළොත් උගතුන්ගේ බංකොළොත් රට

 

බංකොළොත් උගතුන්ගේ බංකොළොත් රට

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස දින දහයක් හත කර වාර්තාවක් ඉදිරිපත් කරලා. ඉතා පැහැදිලි ව ඔවුන් ලංකාවට ඒමට පෙර ම බොහෝ දේ හදාරලා. පුවත්පත් වාර්තාවලට අනුව ඔවුන් දූෂණ ගැන වැඩි අවධාරණයක් කරලා. එය මෙරට ඇතැමුන්ට අඬන්න හිටපු එකාට ඇඟිල්ලෙන් ඇන්නා වගේ වැඩක්. දූෂණ කොමිස් ආදිය නූතන  වෙළෙඳ ආර්ථිකයක නැතුව ම බැරි සාධක. මෙරට කොමිස් අනුපාතය වැඩි වෙන්න ඇති. ඒත් කොමිස් යනු ගණුදෙනුවක තිබෙන මුදල් වෙන් කරන එක් අංගයක්.