Main Logo

Wednesday 31 May 2023

කිසා ගෝතමිය සිිදුහත් කුමරු හා පඬිනැටටෝ

 

කිසා ගෝතමිය සිිදුහත් කුමරු හා පඬිනැටටෝ

 

විජයදාස රාජපක්‍ෂ කියල ලංකාව බහුභාෂික බහුආගමික රටක් කියල. ඔහුට ලැබුණු අධ්‍යාපනයෙන් කියැවෙන්නක්. කියවන්නෙ ඉංගිරිසින් අපට උගන්නල තියෙන විධියට. මා හිතන්නෙ නැහැ ඔවුන් තමන් මිය යන තුරු තේරුම් ගනීවි කියල තමන්ට ලැබෙන්නෙ බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයක් කියල. නීති විද්‍යාලයෙ ලැබෙන්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි නීතියෙන් සංශෝධිත රෝම ලන්දේසි නීතිය බව විජයදාසට හිතෙන්නෙ නැහැ.

Tuesday 30 May 2023

සිිදුහත් චරිතය

 සිිදුහත් චරිතය

මේ 2019 මාර්තු 30 වැනි දා මා ලියූ ලිපියක්. කාලීන නිසා නැවත පළ කරනවා. සිදුහත් කුමරු කියන්නෙ නයිට් ක්ලබ් ගානෙ ගිහින් නිරුවත් ගැහැණුන් සමග නටපු කොලු ගැටයෙක් නො වෙයි. අර නාටිකාංගනාවො නිරුවතින් නටපු අය නොවෙයි. ඔවුන්ගෙ ඇඳුම් එහෙට මෙහෙට වෙලා තිබුණෙ. අද තම තමා ඉගෙන ගත් දේ අනුව සිදුහත් කුමරුන්ගෙ චරිතය විකෘත කරන්න හදන එක සහ චම්පක එකල ජාතිය කියන්නෙ මළ කඳක් කියමින් ජාතිකත්වයෙන් ඈත් වීම අතර වෙනසක් දකින්න බැහැ. අවාසනාවකට විද්යාලංකාර ප්රකාශය මගිනුත් වල්පොල රාහුල හාමුදුරුවන්ගෙ භික්ෂුවගෙ උරුමය වගේ පොතපතිනුත් ඊනියා වාම රැඩිකල් අදහස් සමාජයට රිංගල තියෙනවා.
දිලිත්ගේ ආතලය හා මගේ දුක

ඩොලරයේ වටිනාකම හා නීති හැදීම

 

ඩොලරයේ වටිනාකම හා නීති හැදීම

 

ධනවාදය ගැන මොන දේ කියා තිබුණත් එය මුලික වශයෙන් එංගලන්තයේ නිෂ්පාදිතයක්. එහි මූලික කාරණය තමයි හැම දේකට මිලක් නියම කිරීම. එහෙමත් නැත්නම් වටිනාකම මුදලින් ධනයෙන් නියම කිරීම. සමහර විට හිතෙන්න පුළුවන උගත්කමට මිලක් නැහැ කියල. උගත්කම තමයි අද මිල නියම කෙරෙන ප්‍රධාන දෙයක් වෙන්නෙ.  අප ඉගෙන ගන්නෙ හුදෙක් දැනුම් පිපාසයෙන් පෙළෙන නිසා නො වෙයි.

Monday 29 May 2023

යළි උපන් වමාලාගේ ප්‍රතිරාවය

 යළි උපන් වමාලාගේ ප්රතිරාවය

සමාජවාදී විප්ලවය ආපසු හැරී ගොස්. රාවය ද පළ නොවේ. අමරසේකරගේ ප්රඥාංකුරයා ද සොයා ගැනීමට නැත. වමක් නැති වමාලාට තම බුද්ධි මහිමය, තාර්කික බව, විිද්යාත්මක බව
ප්රතිරාවය කිරීමට ඉඩක් සපයන සකර්බර්ග් ට දෙවි පිහිටයි. ඔවුහු සසරක් නැතිව ම යළි උපන්නෝ වෙති.

බුදුදහමට අපහාස කරන්නේ කවුද?

 

 

 

බුදුදහමට අපහාස කරන්නේ කවුද?

 

ටික කාලෙකට ඉස්සර ඉන්දියාවට ආපු මැකෝලි (ඉංගිරිසින්ට ඔහු සාමිවරයෙක්) කිවුවෙ අධ්‍යාපනය මගින් හමින් දුඹුරු සිතුම් පැතුම්වලින් ඉංගිරිසි පිරිසක් බිහිකරන්න ඕන කියා. මෙහි දී ඔහු සිතුම් පැතුම් කිවුවෙ නිර්මාණාත්මක සිතන පතන කියන එක නොවෙයි. ඉංගිරිසින් අනුච සිතන එහෙම නැත්නම් අනුකාරකයන් ටිකක් බිහිකරන්න ඕන කියන එක. මැකෝලි වෑඩියෙන් සාර්ථක වුණෙ සිංහල බෞද්ධයන් සම්බන්ධයෙන් වෙන්න ඕන.

Sunday 28 May 2023

සිදුහත් අසිරිය

සිදුහත් අසිරිය
ගස් නැති රටේ තුත්තිරි පැල ගස් වෙන්න හදනවා.. නූගත් පිරිසක් පොරවල් වෙන්න හදන්නෙ ක්රිස්තියානි ආධිපත්යය යටතෙ බෞද්ධ සංස්කෘතියට පහර දීල. මේ බොහොමයකට ගස් කපපු මැකෝලිිත් ඕල්කට්තුමාත් වග කියන්න ඕන. එහෙත් ගස් නැතිවත් සිදුහත් අසිරිය රටේ තියෙනවා.

ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය යටතේ සිංහල බෞද්ධ සංස්කෘතිය

 

ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය යටතේ සිංහල බෞද්ධ සංස්කෘතිය 

 

බටහිර රටවල ක්‍රිස්තියානි සංස්කෘතිය ස්ථාවර කෙරුණේ සියවස් කිහිපයකට පෙර. අද ලෝකය පුරා ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයක් තියෙනවා. ක්‍රිස්තු උපත පිළිබඳ කතාව විවේචනය කළ පමණින් හරි යේසුස් වහන්සේ වතුර ඇවිද්දේ කෙසේ දැයි ඇසූ පමණන් හරි  චාල්ස්ගේ විවාහය ප්‍රශ්න කළ පමණින් හරි   ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට අබමල් රේණුවක හානියක් සිදු වන්නේ නැහැ. ක්‍රිස්තියානි සංස්කෘතියේ රැකියා කරගෙන ඉන්න ඊනියා බුද්ධිමතුනට ගැන කිසිම වැටහීමක් නැහැ. 

Saturday 27 May 2023

සිංහලයෝ හා අමනුෂ්‍යයෝ

සිංහලයෝ හා අමනුෂ්‍යයෝ

 

සමහරු කියල තිබුණ මා ලිපි පන්දාහකට නොව දහදාහකට ආසන්න ප්‍රමාණයක් ලියල ඇති කියල. මා දන්නෙ නැහැ. මෙය වැඩියෙන් ලිපි ලිවීමේ තරගයක් හරි වැඩියෙන් ලිපි ලියා වාර්තා පිහිටුවීමේ වෑයමක් හරි නො වෙයි. බුද්ධිමතුන් හා උගතුන් කියන්නේ මා මිථ්‍යාව පතුරවන රාජපක්‍ෂලාට කඩේ යන මැන්ටලයක් කියාමා සමග වැඩ කළ බොහෝ දෙනකු කියන්නේත් මා මිථ්‍යාව පතුරවනවා කියා. එක් එක් අය තම තමන්ගේ මතවල ඉන්නවා. මා කියන දේ සමග එකඟ වන විට ලිපි හොඳයි කියනවා. එහෙත් මා තම මතය සමග එකඟ නොවන විට ඔවුන් මට මිථ්‍යා දෘශ්ටිකයා සිංහල බෞද්ධ විරෝධියා ආදී වශයෙන් බැණ වදිනවා.

Friday 26 May 2023

ප්‍රජාතන්ත්‍රවාදයට කිට්ටු රනිල් හා ජේ ආර්

 

ප්‍රජාතන්ත්‍රවාදයට කිට්ටු රනිල් හා ජේ ආර්

 

මා මේ ලිපි ලියන්නේ මා නිරවුල් වීම සඳහා පමණයි. එහෙත් ඇතැමුන් කියනවා ලිපි සුරක්‍ෂිත වෙන්න ඕන කියා. මා ලිපි පන්දාහකට ආසන්න සංඛ්‍යාවක් ලියා ඇතැයි හිතනවා. මා සමීපයේ ලිපි සීයක්වත් තිබුණේ නැහැ. එහෙත් දැන් සකර්බර්ග්ට හා චින්තන පර්ෂදයේ වෙබ් අඩවියකට පින් සිදුවන්නට ලිපි යම් ප්‍රමාණයක් සුරක්‍ෂිත වෙනවා. මේ ලිපිවලින් උගන්නා අය ඉන්නවා කියා මා හිතන්නේ නැහැ. එහෙත් මට උගන්වන අය නම් විශාල පිරිසක් ඉන්නවා. අදත් එක් අයකු විමල් සුදනකු බව මට කියා දී තිබුණා. ඔහු කියන්නේ විමල් ඇමති ධුරයෙන් අස් කෙළේ බැසිල්ගේ වුවමනාවට බවයි. මා බැසිල් මෙන් විමල් පෞද්ගලික ආශ්‍රය නොකළත් කාලයක් තිස්සේ දන්නවා. විමල් ඇමතිකමෙන් අස් කෙරුණේ ඔහු ආණ්ඩුවේ ඇමතිවරයකු ලෙස සිටිමින් ජනප්‍රියතාව සඳහා වීරයකු වී ඡන්ද ලබා ගැනීම සඳහා ආණ්ඩුව විවේචනය කළ නිසයි. එය අස් කරවා ගැනීමක්. විමල් ඌව පළාත් සභා මැතිවරණයේ දී බදුල්ල දිස්ත්‍රික්කය සඳහා තනිව තරග කෙළේ දිනේෂ් 1994 දී තරග කළාක් මෙන් ගෙන ඒමට තිබූ පැකේජයකට විරූද්ධ නො වෙයි. මා බැසිල් හොඳය කියනවා නො වෙයි. බැසිල් හා මහින්ද පුතුන් නිසා තමයි 2015 දී ආණ්ඩුව පරාජයට පත් වුණෙ. දැන් බැසිල් මෙන් විමල් දේශපාලනික අනාථයි. විමල් ඕන නම් තව ටික දවසක් බටහිර කුමන්ත්‍රණ ගැන ගැලරියට කතා කරාවි. ගැන කතා කිරීමෙන් වැඩක් නැහැ. බැසිල්ටවත් විමල්ටවත් ජාතිකත්වයක් නැහැ. චම්පකටත් නැහැ. ඔවුන් සිංහල ඡන්ද සඳහා විවිධ අඩව් අල්ලනවා පමණයි.  මට මෙහි දී අවශ්‍ය අපට මේ බටහිර ප්‍රජාතන්ත්‍රවාදය වැළඳ ගැනීමට නොහැකි වූයේ ඇයි කියා දැන ගැනීමට.

Thursday 25 May 2023

බුදුදහම හා දෙවියෝ

 

බුදුදහම හා දෙවියෝ

 

යම් කිසිවකු කියා තිබුණා දෙවියන් ගැන කියමින් මා අදේවවාදී බුදුදහම විකෘත කරනවා කියා. අදේවවාදී කියන වචනය ඉංගිරිසි Atheism යන්නෙන් ලබාගත් එකක්. බටහිර සංස්කෘතියේ අදේවවාදය යන්නෙන් කියැවෙන්නේ සාමාන්‍යයෙන් දේවවාදය (Theism) යන්නෙන් කියැවෙන්නෙහි විරුද්ධය. දේවවාදය යන්නෙන් එක් දෙවියන් වහන්සේ කෙනකු ගැන මෙන් බහුදේව යන්න කියැවෙනවා. එහි විවිධ ප්‍රභේද තියෙනවා.

Wednesday 24 May 2023

අන්තිම සටන

 අන්තිම සටනට සැරසියව්

ජෙප්පෝ හා සෙප්පෝ අන්තිම සටනට

පඬිනැට්ටන් හා හඩු බස

 

පඬිනැට්ටන් හා හඩු බස

 

මා ඊයේ ලිපිය ලිවුවේ පඬි නැට්ටන්ගේ හඩු බසින්. එහි අදහස් සිංහල බෞද්ධ විරෝධීන්ගේ. එක් පඬි නැට්ටකු හිතා ගෙන ඇත්තේ මා ඔහු කියන අන්දමට ජාතිවාදී ආගම්වාදී මිථ්‍යාමත වැපිරීම අවසන් කර ඇත කියා. මා පඬි නැට්ටන් මෙන් බුද්ධිමතකුවත් උගතකුවත් නො වෙයි. කිසිසේත්ම විද්‍යාඥයකු නො වෙයි. ලිපියෙහි ඇත්තේ මගේ අදහස් නොවෙයි. විද්වතුන්ගේ අදහස්. එක් අයකුගේ නොව රාශියකගේ අදහස්. නිවුටන් ගුණසිංහ, ජයදේව උයන්ගොඩ, සුසිල් සිරිවර්ධන, මහින්ද ඉලේපෙරුම, ජෙරොම් ප්‍රනාන්දු සහ තවත් අයගේ අදහස්. අය සියලු අදහස් දරණවා නො වෙයි. සමහරු සමහර අදහස් සමග එකඟ නොවනවා වෙන්න පුළුවන්. එහෙත් ඔවුන් මූලික වශයෙන් බටහිර දැනුමෙන් හිස පුරවා ගත් විද්වතුන්.

Tuesday 23 May 2023

කන්ග්රැට්ස්

 කන්ග්රැට්ස්

මාර ම මාර බ්රයිට් පොරවල් ටිකක් කියල ගැලෝස් පෝස්ට් එක මගේ නෙවෙයි කියල. එයිටි ඉයර් ඕල්ඩ් මැන්ටල් එකක් පොරවල් වගේ පෝස්ට් දාන්න බ්රයිට් නැහැ කියල ලොජිකලි කන්ක්ලූඩ් කරල.
කන්ග්රැට්ස් ඔයාලගෙ කන්ක්ලූෂන් එක මාරයි.

බයියන් එල්ලුන් ගස් අරිමු

 

බයියන් එල්ලුන් ගස් අරිමු

 

මට වෙලාවකට නොවෙයි හැම තිස්සෙ වගේ හිතෙනව මං මොන තරම් උගතෙක් බුද්ධිමතෙක් කියල. මම හුඟක් දේවල් දන්නවා. මට හොඳ බ්‍රේන් එකක් තියෙනවා හරි ඉන්ටෙලිජන්ට් කියල මගේ පේරන්ට්ස්ලත් ටීචර්ස්ලත් කියල තියෙනවා. කොටින් මං මාර බ්‍රයිට්. දැන් නම් ස්මාට් කියල කියන්න පුළුවන්. ස්මාට් ෆෝන්වලටත් වැඩිය ස්මාට්. මම සයන්ස් ආර්ට්ස් හියුමැනිටීස් සෝෂල් සයන්ස් මේ ඔක්කොම දන්නවා. ෆිලොසොෆි දන්නවා. බුද්ධාගමත් දන්නවා. ක්‍රිස්ටියෑනිටි හින්ඩුයිසම් ජුදායිසම් මේ ඔක්කොම දන්නවා. මට වෙලාවකට පුදුම හිතෙනවා මං මෙච්චර දේවල් දැනගත්තෙ කොහොමද කියල.

Monday 22 May 2023

ජනරජය හා නිවටකම

 

ජනරජය හා නිවටකම

 

අද ජනරජ දිනය. අප ජනරජයක් වෙලා අවුරුදු පනස්එකක් වෙනවා. 1948 ඩොමීනියන් නිදහස ලබා ගත් පසු අප අවුරුදු විසිහතරක් ජීවත් වුණෙ එංගලන්තයේ රජු හරි රැජන හරි රැජන හරි අපේත් රජු හරි රැජන හරි ලෙස සලකමින්. ඇතැමුනට ගැන තිබුණේ ආඩම්බරයක්. ඉන්දියාව හා පකිස්ථානය නිදහස ලබා ඉතා ටික කලකින් ජනරජ බවට පත් වුණා. අපට අවුරුදු විසිහතරක් ගියා.

Sunday 21 May 2023

මහාවිහාර විශ්වවිද්‍යාලය

 

මහාවිහාර විශ්වවිද්‍යාලය

 

මා වමාලා ගැන සැලකිලිමත් වන්නේ නැහැ. අද වමක් නැතිවා පමණක් නොවෙයි, වාමාංශික අදහස්වලටවත් රටේ තැනක් නැහැ. වමාලා තමන් අතර පිට කසා ගැනීමේ ව්‍යාපාරයක නිරත වී සිටිනවා පමණයි. අද වෘත්තීය සමිති ව්‍යාපාරය ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂයට. වෘත්තීය සමිති මින්පසු රනිල්ට විරුද්ධ පාරට බහින්නේ නැහැ. අර බදු වැඩි කිරීමට විරුද්ධ සටන් වැදුණු පාසල් ගුරුවරුන්ට විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ බදු අඩු කර දීමට නොහැකි වුණා. අන්තරේ යන්තරේ කඩා වැටිලා. එහි නිලධාරීන් තෝරනවා සමහර විශ්වවිද්‍යාල ශිෂ්‍ය සභාවලට දන්වන්නේ නැතිව. ජෙප්පන්ගේ අන්තරේ හා සෙප්පන්ගෙ අන්තරේ කියා අන්තර දෙකක් හැදුව නම් මොකද වෙන්නෙ. අවශ්‍ය උපදෙස් රනිල්ගෙන් ගන්න පුළුවන්.

Saturday 20 May 2023

 

ත්‍රස්තවාදය, නිර්ප්‍රභූ අවිය හා කයිය

 

ප්‍රභාකරන්ගේ ආරම්භය හැත්තෑවේ දශකයේ මුලට යනවා. ඔහු පමණක් නොවෙයි තවත් දෙමළ ත්‍රස්තවාදීන් කිහිප දෙනකු වි පෙ ත්‍රස්තවාදයෙන් ආභාසය ලැබූ අය. වි පෙරමුණත් ත්‍රස්තවාදී සංවිධානයක්. ප්‍රභාකරන් තම මුල් සංවිධානයෙන් පසුව හැත්තෑපහේ දී තමිල් ඊළාමයේ විමුක්ති කොටි සංවිධානය පිහිටුවා ගත්තා. මේ නමේ විසංවාදයක් තිබුණා. ඊළම කියන්නේ සිංහලාම් යන්නෙන් බිඳුණු එකක් බව මදුරාසි (චෙන්නායි) විශ්වවිද්‍යාලය කියනවා. මේ ඊනියා විමුක්ති කොටි දෙමළ සිංහලයේ වෙනවා. තමිල් ඊළාමය කියන්නේ දෙමළ සිංහලය.

Friday 19 May 2023

වෙල්ලාල පීඩනයට ලක්වන දෙමළ ජනයාට සරණ වෙමු

 

වෙල්ලාල පීඩනයට ලක්වන දෙමළ ජනයාට සරණ වෙමු

 

අවුරුදු දහහතරකට පෙර අද වැනි දවසක තමයි දෙමළ ත්‍රස්තවාදී කොටි සංවිධානය පරාජය කෙරුණෙ. ඊයෙ කෙරුණෙ ඇතැමුන් විසින් මෙහෙයුමෙ දී මියගිය දෙමළ ජනවර්ගයට අයත් වුවන් සැමරීමක්. ඇතැම් කතෝලික පූජකවරුන් සැමරීමේ දී දකින්න පුළුවන් වුණා. අප දන්නවා බීබීසියෙ හතරවැනි නාළිකාව දරුස්මාන් වාර්තාව ආදිය පමණක් නොව එක්සත් ජාතින්ගේ ඊනියා මානව අයිතිවාසිකම් මණ්ඩලය මානුෂීය මෙහෙයුමේ දී ලක්‍ෂ ගණනක් අහිංසකයන් මිය ගිය බව ප්‍රචාරය කළා. අද ඔවුන් නිහඬ වෙලා. ඔවුන් කිසිවකු ප්‍රභාකරන් ලක්‍ෂ ගණනක් දෙමළ ජනවාර්ගිකයන් මිනිස් පළිහක් මෙන් යොදා ගත් බව පවසන්නේ නැහැ. අපේ හමුදාව ඉතා ඉවසිල්ලෙන් ජනයාගෙන් අතිමහත් බහුතරය බේරා ගත් බවත් අද අයට අමතක වෙලා.

Thursday 18 May 2023

පරගලයේ මීළඟ පියවර

 

පරගලයේ මීළඟ පියවර

 

රනිල් හදිසි ජනාධිපතිවරණයක් පවත්වන්න සූදානම් වෙන බවට වාර්තා වෙනවා. ඔහුට අවශ්‍යයි ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වී අවුරුදු හතරක් ඉක්ම යෑමෙන් පසු, එනම් මේ අවුරුද්දේ ජනාධිපතිවරණයක් පවත්වන්න. එයට හේතුව ලබන අවුරුද්ද වෙනකම් හිටියොත් තමා පරදින බව ඔහු දන්නා නිසා. අද ඔහු සුරංගනා ලෝකයක් මවා ඇත්තේ බොහොමයක් ණය නොගෙවා සිටීමෙන් මිස සුවිශේෂ ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් නො වෙයි. ලබන අවුරුද්දේ ණය ගෙවීමට සිදු වූ විට නැවත අර්බුද තත්වයක් මතු වී තම සුරංගනා ලෝකය කඩා වැටෙන බව ඔහු දන්නවා.

Wednesday 17 May 2023

ජෙරොම් ප්‍රනාන්දුට ඇති ඇල්ම හා බැල්ම

 

ජෙරොම් ප්‍රනාන්දුට ඇති ඇල්ම හා බැල්ම

 

දේශක ජෙරොම් ප්‍රනාන්දූ ප්‍රශ්නය සුළුවෙන් සලකන්න බැහැ. ඔහු අද ක්‍රිස්තියානි නිකායක ප්‍රචාරකයා. ඔහුට දේව බැල්ම කෙසේ වෙතත් මෙරට ප්‍රධානියකුගේ ඇල්ම හා බැල්ම තියෙන බව පැහැදිලියි. ඔහුට රටින් පිටවීම තහනම් කරමින් උසාවි නියෝගයක් ගැනීමට පෙර ඔහු රටින් පිටවෙලා. ඔහු ගැන පරීක්‍ෂණයක් පවත්වන්න යනවා. ඉන් එතරම් වැඩක් වේද යන්න ප්‍රශ්නයක්. එය හොරාගෙ අම්මගෙන් පේන ඇහීමක් වේවි ? ඔහු වැඩි කල් නොගොස් ආපසු ලංකාවට ඒවි. තම දූත මෙහෙවර කරගෙන යාවි.

Tuesday 16 May 2023

රනිල්ට අවශ්‍ය පුරාවිද්‍යාව ඉතිහාසයට එක් කරන්න ද?

 

රනිල්ට අවශ්‍ය පුරාවිද්‍යාව ඉතිහාසයට එක් කරන්න ද (නැති කරන්න ද) ?

 

මා ඉතිහාසය උගත්තේ සාමාන්‍ය පෙළ පළමුවැනි වසරට පමණයි. එක් අර්ථයකින්. තවත් අර්ථයකින් මා පශ්චාත් උපාධිය සඳහා ඉතිහාසය හැදෑරුවා. පිළිවෙළින් අවුරුදු හැටහතරකට හා අවුරුදු පනස්තුනකට පෙර. මා පශ්චාත් උපාධියට හැදෑරුවේ විශ්වයේ ඉතිහාසය. අවුරුදු බිලියන දහහතරක පමණ ඉතිහාසය. අවශ්‍ය නම් ප්‍රාග් ඉතිහාසය. ප්‍රාග් ඉතිහාසයටත් දේශපාලනයක් තියෙනවා. ප්‍රාග් ඉතිහාසය කියා කිවුවේ ලිඛිත ඉතිහාසයක් නැති නිසා. යෙදුම මිනිස් ඉතිහාසයටවත් හරි නැහැ.