Main Logo

Tuesday 23 May 2023

බයියන් එල්ලුන් ගස් අරිමු

 

බයියන් එල්ලුන් ගස් අරිමු

 

මට වෙලාවකට නොවෙයි හැම තිස්සෙ වගේ හිතෙනව මං මොන තරම් උගතෙක් බුද්ධිමතෙක් කියල. මම හුඟක් දේවල් දන්නවා. මට හොඳ බ්‍රේන් එකක් තියෙනවා හරි ඉන්ටෙලිජන්ට් කියල මගේ පේරන්ට්ස්ලත් ටීචර්ස්ලත් කියල තියෙනවා. කොටින් මං මාර බ්‍රයිට්. දැන් නම් ස්මාට් කියල කියන්න පුළුවන්. ස්මාට් ෆෝන්වලටත් වැඩිය ස්මාට්. මම සයන්ස් ආර්ට්ස් හියුමැනිටීස් සෝෂල් සයන්ස් මේ ඔක්කොම දන්නවා. ෆිලොසොෆි දන්නවා. බුද්ධාගමත් දන්නවා. ක්‍රිස්ටියෑනිටි හින්ඩුයිසම් ජුදායිසම් මේ ඔක්කොම දන්නවා. මට වෙලාවකට පුදුම හිතෙනවා මං මෙච්චර දේවල් දැනගත්තෙ කොහොමද කියල.

 

අපේ තාත්තා ඉකොන් ස්පෙෂල් කරපු කෙනෙක්. ඒත් එයා මා දන්න තරම් දන්නෙ නැහැ. අපේ රටේ එහෙම තමයි. සිංහල නොවෙයි මැත්ස් ෆිසික්ස් කළත් වැඩක් නැහැ. එංජිනියරින් නම් කොහොමටවත් වැඩක් නැහැ. ගොල්ල බාස්ල වගේ. ටිකක් හරි එඩ්‍යුකේටඩ් අය ඉන්නෙ මෙඩිසින් කරපු අය. මා ලෙඩ වුණොත් ගොල්ලන්ගෙන් බේත් ගන්න යනවා. අර චැට් GPT එකෙන් තාම බේත් ගන්න බැහැ. වැඩි කල් යන්න ඉස්සර ඒකත් පුළුවන් වේවි.

 

එහෙම තමයි ඩෙවොලොප්ඩ් කන්ට්‍රීස්. අපි මේ හරිම අන්ඩරඩෙවොලොප්ඩ් බයි රටක්. මේකෙ ඉන්න බයියො හිතන් ඉන්නෙ ගොල්ල හැම දෙයක් දන්නවා කියල. ඒත් ගොල්ල දන්නෙ අර දෙවියො පස්සෙ යන්න, මේ දෙවියන්ට භාර වෙන්න වගේ දේවල්. පිරිත් නූලක් ගැට ගහගත්ත ඔක්කොම හරි කියල හිතනවා. අපේ අම්මත් මට ලෙවල් පාස් වෙන්න කියල බාරයක් වුණා. මං කැමති වුණෙ නැහැ. මං ලෙවල් පාස් වුණෙ මගේ බ්‍රයිට්නස් හින්දා මිසක් අම්මගෙ බාරෙ හින්ද නො වෙයි. ගොල්ල මේ දෙදහස් පන්සීයෙ රෙද්ද කර ගහ ගත්ත ලිං මැඩියො. තාත්ත වුණත් එහෙමයි. වැඩිය පන්සල් ගියෙ නැතුවට ඕල්ඩ් මෑනුත් බුද්ධාගම විශ්වාස කරනවා. මං අහන්නෙ අර මැටි ගොඩවල්වලට වඳින මෝඩයො ඩෙවොලොප්ඩ් රටවල ඉන්නවා ?

 

මට කැම්පස් එකේ දී සෝෂියොලොජි තමයි කරන්න හිතුනෙ. මා ලෙවල් කෙරුවෙ ආර්ට්ස් ස්ට්‍රීම් එකේ. මං මැත්ස්වලට කැමති නැහැ. ඒකෙ ෆෝමියුලී කට පාඩම් කරන්න තමයි තියෙන්නෙ. බයියො ෆෝමියුලී කියන එකවත් දන්නෙ නැහැ. උන් ෆෝමියුලාස් කිය කිය ඒවා පාඩම් කරනවා. උන් හිතනවා මැත්ස් ඇබ්ස්ට්රැක්ට් කියලා. ඇබ්ස්ට්රැක්ට කියන්නෙ ලෝකෙන් වෙන් වෙලා කියන එක. බුදුන් වගේ. මාක්ස් එහෙම නෙවෙයි. බයොලොජි හරිම ඩල්. අර සතයි මේ පැලෙයි ගැන මොනව ඉගෙන ගන්න තියෙන්නෙ. සෝෂියොලොජි මාර ඉන්ටරෙස්ටින් කුල්ට් සබ්ජෙක්ට් එකක්. ඒකෙ ප්‍රොෆෙසර්ලා මාර බ්‍රයිට්. ගොල්ල පෙන්නල දීල තියෙනවා බුදුන් හරි රිඇක්ෂනරි කියල.  කිසිම ඩෙවොලොප්මන්ට් එකක් ගැන කියන්නෙ නැහැ. සෆරින් තමයි කතාව. අර බෝ ට්‍රී එකක් යටට වෙලා කරන්න පුළුවන් දෙයක් තියෙනවා ? එයා සමහරවිට හෙරක්ලිටස් ගැන අහල තියෙන්න ඇති.

 

වෙනස් වෙනවයි කියන එක හෙරක්ලිටස්ගෙන් ගත්ත එකක් වෙන්න ඕන. මං ගැන තීසිස් එකක් ලියන්නයි ඉන්නෙ. මට ඒකෙන් හාවඩ් හරි ප්‍රින්ස්ටන් හරි ප්‍රොෆෙසර් කමක් ගන්න පුළුවන් වේවි. මගේ ඉංග්ලිෂ් සුපර්බ්. සෝෂියොලොජි කරන්න පුළුවන් බයියන්ගෙ සිංහලෙන්. සිංහලෙන් සෝෂියොලොජි කරන බයියො පොත් කියවන්නෙ නැහැ. නෝට් එක විතරයි කියවන්නෙ. සිංහලීස් බුඩිස්ට්ලා කියන්නෙ බුදුන් හැම දෙයක් දැන ගෙන හිටියා කියල. එයා දැන ගෙන හිටිය මං වගේ බ්‍රයිටෙක් ලංකාවෙ උපදියි කියල. 

 

කැම්පස් ගියයි කියල මට කෑල්ලක් සෙට් වුණෙ නැහැ. මහ බයි කෑලි හිටියෙ. උන්ට එච්චර ඉංග්ලිෂ් බැහැ. හරියට ඩාන්ස් කරන්නවත් බැහැ. බයියො දන්නවා ක්ලැසිකල් මියුසික්. බේත්හෝවන් කියන්නෙ බේත් හොයන එකෙක් කියල අහාවි. ඔය බයියො ඕන්නන් ගෝර්කි සිංහලෙන් කියවල ඇති. මං නම් රෂියන් ඔරිජිනල් කියවල තියෙනවා. මං ජර්මනුත්  දන්නවා. ප්ලේටෝ ඇරිස්ටෝටල් විතරක් නෙවෙයි ඩෙරීඩා ෆූකෝ ඔක්කොම ගැන දන්නවා. මං තමයි බයියන්ට සිනමාව ඉගැන්නුවෙ. ඒත් බයියන්ට ඒක තේරෙන්නෙ නැහැ. ඇත්තට ඔය බයියො දන්නෙ මොනවද?

 

මං සෝෂියොලොජි මේජර් කෙරුවෙ සයිකො ඇනැලිසිස් මයිනර් එක හැටියට.  සයිඩ් එකෙන් මං පෝස්ට් මොඩර්නිටි ඉගෙන ගත්තා. ලෙක්චර්ස්ලවත් මං තරම් ඒවා ගැන දැනන් හිටියෙ නැහැ. ෆිලොසොෆි ඩිපාර්ට්මන්ට් එකේ හිටිය එවුන් ගැන දැනන් හිටියෙ නැහැ. මොඩර්න් ෆිලොසොෆි ගැන දැන ගෙන හිටියෙ නැහැ. උන් විට්ගන්ස්ටයින්ට පස්සෙ ලෝකයක් දන්නෙ නැහැ. තම්බයියල ගණනාථලා එච් එල් සෙනෙවිරත්නලා මලල්ගොඩල රෙකග්නයිස්ඩ් පොරවල්. ඒගොල්ලො වර්ල්ඩ් ක්ලාස්.

 

ලිං මැඩි බයියො කිසි දෙයක් දන්නෙ නැහැ. හරිම ට්‍රයිබලිස්ට්ලා. උන් හිතන්නෙ උන් තමයි බුදුන්ගෙ වචනෙ දන්නෙ කියලා. ඒත් උන් දන්නෙ නැහැ එන්ලයිට්න්ඩ් කියන්නෙ මොකක් කියල. හොඳට ලයිට් දැම්ම එන්ලයිට්න්ඩ් කියල උන්ට තේරෙන්නෙ නැහැ. අර උන්ගෙ තොරන් නම් එන්ලයිට්න්ඩ්. උන් දන්නෙ නැහැ යුඑස්වල වෝල්මාට් එකේ එන්ලයිට්න්ඩ් චොක්ලට් තියෙන බව. මං වෝල්මාට් මැක්ඩොනල්ඩ්ස් ගිහින් නැහැ. ඒවට වැඩිය යන්නෙ ලංකාවෙන් ඉන්දියාවෙන් එන බයියො.

 

කොහොමටත් සිංහල බූඩිස්ට් බයියො දන්නෙ නැහැ ට්‍රයිබලිසම්වලින් උඩට එන්න. හියුමැනිටි කියන එක උන්ට තේරෙන්නෙ නැහැ. හියුමන්ස් කියන්නෙ සිංහල දෙමළ මුස්ලිම් කියල බෙදන්න පුළුවන් එකක් නො වෙයි. සිංහලයන්ට තියෙන්නෙ අයිලන්ඩ් මෙන්ටැලිටි එකක්. අයිලන්ඩ් එකක ජීවත් වෙන හින්ද නොවෙයි. උන් තනි වෙච්ච නේෂන් එකක්. ඉන්ටර් බ්‍රීඩින් නැහැ. උන්ගෙ ජීන්ස් මික්ස් වෙලා නැහැ. උන් හිතන්නෙ උන් සුප්‍රීම් කියල. උන් සුප්‍රිමිස්ට්ලා.

 

වෙස්ටරනස්ලා සුප්‍රිමිස්ට්ලා නොවෙයි. ගොල්ලො හියුමැනිස්ට්ලා. පෝස්ට් මොඩර්නිස්ට් සොසයිටි කියන්නෙ හියුමැනිස්ට් සොසයිටි එකකට. එකෙ නේෂන් වගේ මොඩර්නිටිවල හිර වෙච්ච කන්සෙප්ට්ස් නැහැ. ඒකෙ තියෙන්නෙ LGBTQ   වගේ මාර ඇඩ්වාන්ස්ඩ් කන්සෙප්ට්ස්. වැඩියෙන් ඉම්පෝර්ට්න්ට් ප්රයිවසි. ලිඳේ ඉන්න බයියන්ට ඕව තේරෙන්නෙ නැහැ. කාමෙසු මිච්චාචාරා කිය කිය ඉඳල ඩෙවොලොප් වෙන්න බැහැ. ප්‍රොග්‍රෙස් එකක් නැහැ.

 

බයියො  කියනව හියුමැනිටි කියන්නෙ වයිට් සූප්‍රිමසි කියල. අපි උන්ව ගැලෝස් යවනවා.