Main Logo

Showing posts with label Bududahama. Show all posts
Showing posts with label Bududahama. Show all posts

Friday, 12 June 2020

යළි සිංහල බෞද්ධයකු වීම

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9




යළි සිංහල බෞද්ධයකු වීම


මා සිංහල බෞද්ධයෙක්. මගේ වත්මන් සිංහල බෞද්ධකම මට ගෙදරින් ලැබුණ එකක් නො වෙයි. ගෙදරින් ලැබුණු සිංහල බෞද්ධකම පසුව ලැබුණු බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනය නිසා නැති වුණා. විද්‍යාඥයකු වීම, විප්ලවය සාක්‍ෂාත් කර ගැනීම ආදිය තමයි වයස අවුරුදු 14 (විද්‍යාඥයකු වීම), 18 (විප්ලවය) කාලයේ සිට තිබුණෙ. එහෙත් 1980 පමණ වන විට ඒ සියල්ල වෙනස් වෙන්න පටන් ගත්තා. 1970 වන විට මා දැන ගෙන හිටියා මට විද්‍යාඥයකු වීමට නොහැකි බව. අවුරුදු එකහමාරෙන්  ආචාර්ය උපාධියක් ලබා ගැනීම නේචර් වැනි සඟරාවල පත්‍රිකා පළ කිරීම ඒ තරම් වැඩ නො වෙයි. අමාරු වැඩේ මේවයින් කැඩෙන එක.  එතකොට (1970) මට වයස විසිපහක් පමණ ඇති. දැන් වයස ඒ වගේ තුන් ගුණයක්. 

Sunday, 19 April 2020

කිරි කලයට ගොම හැලියක් මුසු කිරීම


෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 




කිරි කලයට ගොම හැලියක් මුසු කිරීම




මා උගතකුවත් බුද්ධිමතකුවත් වියතකුවත් නො වෙයි. මා මෙන් සිය ගුණයක් පොතපත කියවූ අය දහස් ගණනක් රටේ ඉන්නවා. පසුගිය දා කිරි කලයට ගොම ටිකක්වත් එකතු කරන්න එපා මැයෙන් පළ වූ ලිපිය ජාතික සංවිධාන වෙනුවෙන් කතා කරන්නේ තමන් යැයි කියා ගන්නා එක් වෙබ් අඩවියක් පළ කරලා. ඒ මදිවට එහි අවසන් ඡෙදයට වැඩි අවධානයක් යොමු කිරීමට එය වෙනමත් පළ කරලා. පැහැදිලිව ම එය මා සමච්චලයට ලක් කිරීමට කළ දෙයක්. එකී ඡෙදයේ කොටසක් මා පහත උපුටා දක්වනවා.

Sunday, 1 September 2019

ගෝඨාභය හා ඡන්ද කෙළිය

     සිංහල ලිත් ඉලක්කම්


ගෝඨාභය හා ඡන්ද කෙළිය 




මගෙන් සමහරු අහනව ගෝඨාභයගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනව ද කියලා. ඔවුන් සමහරකුට ලොකු බලාපොරොත්තු තියෙනවා. මට නම් එහෙම නැහැ. ගෝඨාභය පොහොට්ටුවේ අපේක්‍ෂකයා නම් කොහොමටත් එතරම් බලාපොරොත්තුවක් නැහැ. ඒ කියන්නෙ කරුණාරත්න ජයසූරිය ගැන බලාපොරොත්තුවක් තියන එක නො වෙයි. බොහෝ විට එ ජා පෙරමුණෙන් හරි ඔවුන්ගේ නව සංධානයෙන් හරි ඉදිරිපත් වෙන්නේ ජයසූරිය. සජිත්ට රට වටේ දුවල හති වැටෙයි. ඔවුන් දෙදෙනාගෙන් කවුරු ඉදිරිපත් වුණත් රට තව තවත් අගධයට යන එක මිස වෙන දෙයක් වෙන්නෙ නැහැ. සජිත් කියන විධියට මේ අවුරුදු හතරට හදල (උදා කරල) තියෙන ගම් ගණන අවුරුදු හතරට තියෙන දවස් ගණනට වැඩියි. දවසකට ගම් කීයක් විවෘත කරනව ද දන්නෙ නැහැ. එ ජා පෙරමුණේ කවුරු බලයට පත් වුණත් වැඩ කෙරෙන්නෙ රනිල්ට ඕන විධියට. රනිල් වැඩ කරන්නෙ බටහිරට මිසක් රටට නො වෙයි. 

Tuesday, 16 April 2019

නොට්රෙ ඩාම් දේවස්ථානය

නොට්රෙ ඩාම් දේවස්ථානය

පැරීසියේ නොට්රෙ ඩාම් දේවස්ථානය ගිනි ගැනීමේ ඡායාරූප රූහඬපට රූපවාහිනියේ දකින විට ඇති වන්නේ කණගාටුවක්. මේ නොට්රෙ ඩාම් කියන වචන මා ලියා ඇති ආකාරය වැරදි වෙන්න පුළුවන්. ප්‍රංශ භාෂාව උච්චාරණය කරන ආකාරය දැන ගැනීම අපහසුයි. මෙය රෝම අකාරාදියෙන් ලියැවෙන්නෙ Notre Dame කියායි. මේ ඩාම් කිව්වත් ඉංගිරිසියට ගිහින් තියෙන්නෙ ඩේම් කියලයි. ඒ කාන්තාව කියන අරුතින්. නොට්රෙ (ඉංගිරිසියෙන් our)  කියන්නෙ අපේ කියලයි පරිවර්තනය වෙන්නෙ. දේවස්ථානයෙහි සම්පූර්ණ නම සිංහලෙන් කියැවෙන්නෙ පැරීසියෙ අප  කාන්තාවගේ (දෙව්මෑණියන්ගෙ)  දේවස්ථානය කියායි. මෙහි සම්පූර්ණ නම ලියැවෙන්නේ Cathedral Notre Dame de Paris කියායි. කතෝලිකයන් දන්නවා මේ මරිය තුමිය ගැනයි කියැවෙන්නෙ කියල. 

Sunday, 31 March 2019

දිලිත්ගේ ආතලය හා මගේ දුක


දිලිත්ගේ ආතලය හා මගේ දුක



චතුර අල්විස් මුහුණු පොතේ දිලිත්ගේ කතාවක කොටසක් ප්‍රචාරය කරලා. එය දැනටමත් පනස්දාහකට අධික පිරිසක් බලලා. මගේ ලිපියක් කියවන්නේ දෙතුන් සියයක් පමණයි. දිලිත්ට ඇති සමාජ බලය, දේශපාලන බලය, ආර්ථික බලය, මාධ්‍ය බලය ආදී කිසිවක් මට නැහැ. ආතලය කියන වචනයවත් මට තේරෙන්නේ නැහැ. දිලිත් හරි චතුර හරි එහි නිරුක්තිය පහදල දෙනව නම් හොඳයි. දිලිත් ජයවීර  කොළඹ ඇවිල්ල තියෙන්නෙ වයස දහඅටේ දී පමණ වෙන්න ඇති අර දෙහිවල බෝඩිමට. මා අවුරුදු හතේ දි පමණ කොළඹට එන්න පටන් ගත්තෙ. තාමත් එනවා. දිලිත් වගේ නොවෙයි සම්මත මිණුම් දඬු අනුව මා අසාර්ථක මිනිහෙක්.

Tuesday, 21 August 2018

පරංගි සමයම





පරංගි සමයම





අර 140 සීමාව සකර්බර්ග්ගෙ වැඩක් නොව ට්විටර් සීමාවක් කියලා මුහුණු පොතෙත් සැරිසරන අයකු පෙන්වා දී තිබුණා. ඔහුට පින්. ඔහු මගේ ලොකු පුතාගෙ මිතුරෙක්. ඔවුන් පාසලෙත් විශ්වවිද්‍යාලයෙත් එකට ඉගෙන ගෙන තියෙනවා. නෑ නෑ ඒක ලංකාවෙ විශ්වවිද්‍යාලයක්. මා පුතාලගෙන් පමණක් නොව මුණුබුරාලගෙනුත් ඉගෙන ගන්නවා. ඒත් මුහුණු පොතේ සැරිසරන බොහෝ දෙනකු නම් හිතන්න බැරි අය. දෙමළ කියා ජාතියක් නැත්නම් දෙමළ ජාතිවාදයක් තියෙන්න පුළුවන් ද කියල ඔවුන් අහනවා. ජාතිය ජනවර්ගය භාෂාවක් කතා කිරීම ජාතිවාදය ආදිය ගැන ඔවුන්ට කිසිම පැහැදිලි අවබෝධයක් නැහැ. හැබැයි ලියන්නෙ සියල්ල දත් මහා තාර්කික ඥානයක් ඇති අය ලෙස.  විවිධ සපත්තු ජාතිත් තියෙනවා. සපත්තුවලත් ජාතිවාදයක් තියෙනව ද කියල ඔය පඬියකු අහන්න බැරි නැහැ. තවත් පඬියකු අහලා තිබුණෙ අපට ඕන විද්‍යාව වෙනුවට ජාතික චින්තනයට යෑමට ද කියා. ඔහුට චින්තනය විද්‍යාව ආදිය ගැන තේරුමක් නැහැ. විද්‍යාවක් එය පදනම් වන හෝ නොවන හෝ චින්තනයකින් ආදේශ කරන්න බැහැ.

Saturday, 18 August 2018

චන්ද්‍රිකා රනිල් හා පඬියෝ


චන්ද්‍රිකා රනිල් හා පඬියෝ



ඒ ගමන චන්ද්‍රිකා බුදුදහමට හා බුද්ධාගමට අගෞරව කිරීමට ඉදිරිපත් වෙලා. ඇගේ මොකක් දෝ සංවිධානයක් බුදුහමට හා බුද්ධාගමට අපහාස කරන කෙටි චිත්‍රපටි කිහිපයක් නිපදවා ඇතැයි වාර්තා වෙනවා. ඕමල්පෙ සෝභිත හාමුදුරුවන් ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට සංඛ අමර්ජිත් ප්‍රචාරය දිලා. සංඛ කියනවා මේවා ගැන එතරම් කලබල විය යුතු නැහැ බුදුදහම කොහොමත් බබළනවා කියා. එය දෙරණ ආයතනයේ ප්‍රතිපත්තිය ද කියා මා දන්නේ නැහැ. දෙරණ කියන තරම් ජාතිකත්වයට තැනක් දෙන්නේ නැහැ. ඔවුන් දෙපැත්ත කන්න හදනවා. ඔවුන්ගේ විශිෂ්ට තම ශ්‍රී ලාංකිකයන් කවුද? දෙවෙනි ඉනිමෙන් කියන්නේ කුමක් ද? අනෙක් නාළිකා ගැන කතා කරලා වැඩක් නැහැ.

Friday, 10 August 2018

විවිධ බමුණන්ගේ කිං සච්ච ගවේසි

විවිධ බමුණන්ගේ කිං සච්ච ගවේසි

ලංකාවේ නිරාගාමිකයන්ට නම් මූලික ව ඇත්තේ බෞද්ධ විරෝධයක්. ඔවුන්ට අනුව බුදුදහම තවත් දැනුමක් පමණයි. බුද්ධාගම පදනම් වන්නේ බුදුදහම මත. බුදුදහමත් විවිධ ආකාරයෙන් අර්ථකථනය කෙරිලා තියෙනවා. එවිට බුද්ධාගම් ගැන කියන්න තියෙන්නෙ විවිධ බුද්ධාගම් තියෙන බව. මෙරට ගිහි බෞද්ධ උගතුන් ද විවිධ දේ බුදුදහම ගැන කියා තියෙනවා.  මා ඔවුන් තරම් බුදුදහම (දහම්) අධ්‍යයනය කර නැහැ. ඒත් මට ඒ ගැන යම් අවබෝධයක් තියෙනවා. මගේ බුදුදහම ඒ සියල්ලන්ගේ බුදුදහම්වලට වෙනස්. මා තරමක්වත් එකඟ වන්නේ ඩේවිඩ් කළුපහන බුදුදහම ගැන කියා ඇති දේ සමගයි. ඒත් මා ඔහුගේ ආනුභාවික හා අනිර්වචනීය කතා සමග එකඟ වන්නේ නැහැ.

Thursday, 5 July 2018

ඉන්දියානුවන් හා ආසියාතිකයන්






ඉන්දියානුවන් හා ආසියාතිකයන්



මුළු ලෝකයේ ම දුඹුරු වර්ණ මිනිසුන් කී දෙනකු ඉන්නවා ද කියා මා දන්නේ නැහැ. එවැනි මිනිසුන් ඉන්නේ දකුණු ආසියාව ලෙස හැඳින්වෙන ඉන්දියාවේ හා අවට රටවල් කිහිපයක පමණයි. ඔවුන් කිහිප දෙනකු බටහිර රටවල ජීවත් වෙනවා. ඒත් බටහිර රටවල වෙනත් වර්ණවල මිනිසුන් ද ජීවත් වෙනවා. ඒ බටහිර රටවල් මුළු ලෝකය ම යටත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස. ඔවුන්ගේ ආර්ථික යටත්විජිතවාදයට හා සංස්කෘතික යටත්විජිතවාදයට අනෙක් රටවල් සියල්ල යම් ප්‍රමාණයකට හරි ගොදුරු වෙලා. ඒ නිසා ම අද බටහිර නොවන රටවල ඇතැමුන් බටහිර රටවල පදිංචි වෙනවා.

Monday, 19 March 2018

නයා නැටීම


නයා නැටීම



ඉන්දියාව බංග්ලාදේශය පරද්දලා. කාටද ආඩම්බරේ? රනිල්ට ද? බැසිල්ට ද? අශෝක රජුට ද? විජයට ද? කුවේණිට ද? ශ්‍රී වික්‍රම රාජසිංහට ද? පිළිමතලාවෙට ද?  ඉන්දියාව බංග්ලාදේශයට නයා පෙන්නලා. ප්‍රේක්‍ෂකයො නයි නැටුම නටලා. මේ ප්‍රේක්‍ෂකයන්ගෙන් අති මහත් බහුතරය සිංහලයන් වෙන්න ඕන. ඉනුත් බොහෝ දෙනා සිංහල බෞද්ධ වූ බවට සැකයක් නැහැ. ඉස්සර වගේ නොවෙයි දැන් ගම්වලත් සිංහල බෞද්ධයන් ඉන්නවා. ඒකට හේතුව දැන් ගම්වලත් ජනවර්ග සිටීම. සිංහල බෞද්ධයන් පමණක් හිටිය, එහෙමත් නැත්නම් වෙනත් සංස්කෘතීන්වල බලපෑමක් නොතිබුණු, අසන්නට නොමැති වුණු ගම්වල සිංහල බෞද්ධ කියන සංකල්පයට වැදගත් තැනක් තිබුණෙ නැහැ. එහෙත් දැන් හැම තැන ම සිංහල සංස්කෘතියට විරුද්ධකම් ඇති වෙලා. ඒ ගැන බොහෝ දෙනා දැනුවත්. ඒ නිසා ගමෙත් සිංහල බෞද්ධකමක් ගැන අද හැඟීමක් තියෙනවා. නැති කම්කරු පංතියක් ගැන හිතමින් කම්කරු පංතියට ඊනියා පංති විඥානය ගෙන ගොස් කම්කරු පංති රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ කරන බටහිර චින්තනයේ මාක්ස්වාදී ප්‍රවාහයේ දීන දාසයන්ට නම් සිංහල බෞද්ධ සංස්කෘතියක් නැති වෙන්න පුළුවන්. ඔවුන්ට තියෙන්නෙ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය පමණයි. ඒත් ඔවුන්ට ඒකෙ කිසිම නිර්මාණයක් කර ගන්න බැහැ.

Wednesday, 24 January 2018

රටට අවශ්‍ය හා හිතකර කුමක් ද?

රටට අවශ්‍ය හා හිතකර කුමක් ද?


ජාතිකවාදීන්ට පමණක් නොව මහින්දවාදීන්ට ද පොදුවේ පොදු පෙරමුණට හිතවත් අයට ද වෙනත් අයට ද රටට අවශ්‍ය කුමක් ද කියා ඇසුවොත් විවිධ පිළිතුරු තිබේවි. ඒ පිළිතුරු තම තමන් රටට යහපතක් වන්නේ කෙසේ ද යන්න මතත් අවසානයේ දී රටට යහපතක් වීම යනු කුමක් ද යන්න මතත් රඳා පවතිනවා. ඒ ඒ අයගේ විශ්වාස මා ප්‍රශ්න කරන්නේ නැහැ. අප අපේ විශ්වාසවලින් බැහැර වන්නේ එක්තරා ආකාරයකට කම්පනයකට පත් වීමෙන් පසුවයි. තර්ක කිරීමෙන් නො වෙයි.

Tuesday, 20 June 2017

අපි ඔක්කොම බොරු කාරයෝ  


අපි ඔක්කොම බොරු කාරයෝ



සංස්කෘතික ආක්‍රමණයක දී හැරෙන්න යම් සංස්කෘතියක ඇති දැනුමක් ගැන වෙනත් සංස්කෘතියක් මත පදනම් වී විග්‍රහ කිරීමෙන් එතරම් වැඩක් වෙන්නේ නැහැ. මේ කාරණය හරිහැටි තේරුම් ගැනීමට නොහැකි වීම නිසා අනවශ්‍ය වාද විවාද ඇති වෙනවා. යමකු මිය ගිය පසු සිදු වන්නේ කුමක් ද යන ප්‍රශ්නයට පිළිතුරක් දීමේ දී බොහෝ දෙනා කරන්නේ තමා විශ්වාසය කරන දැනුම මත පදනම් වී අනෙක් දැනුම් විග්‍රහ කිරීම. එයින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. අති විශාල බහුතරය තම උපකල්පන හා අනුමාන නීති කවරේ දැයි කල්පනාවටවත් ගන්නේ නැහැ. ඒවා ඇති වුණේ කෙසේ ද කියන එක හිතන්න පෙළඹෙන්නෙ නැහැ. බොහෝ වෙලාවට එවැන්නකට පසුබිමක් ඇති වන්නේ නැහැ.

Wednesday, 17 May 2017

ත්‍රිලක්‍ෂණයේ ලක්‍ෂණ


ත්‍රිලක්‍ෂණයේ ලක්‍ෂණ



බුදුදහම පිළිබඳ විවිධ අර්ථකථන පසුගිය අවුරුදු දෙදහස් හයසියයක පමණ කාලයක කෙරී තිබෙනවා. හීනයාන, මහායාන ආදී වශයෙන් පමණක් නොව දැන් බටහිර වශයෙන් ද බුදුදහම් තිබෙනවා. මෙරට ඇතැම් උගතුන් ද ථෙරවාදයේ නොව බටහිර බුදුදහමේ. අවශ්‍ය නම් එය ප්‍රතිචීන බුදුදහම කියලා හඳුන්වන්න පුළුවන්.  එහි සසර, කර්මය, නිවන ආදිය නැහැ. ඒ එකක් වත් පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. පංචානන්තරීය පාප කර්ම ඒ බුදුදහමේ නැහැ. ප්‍රතිචීන බුද්ධාගම පංචෙන්ද්‍රිය ගෝචරයි. උඩ ඉන්න ඇත්තන්ගෙ (උගතුන්ගෙ) බුදුදහම සාමාන්‍ය ජනයාටත් කාන්දු වෙනවා. අද ඇතැම් දරුවන් දෙමව්පියන්ට සලකන්නෙ නැහැ. ඔවුන් බුද්ධිමය වශයෙන් නැතිවුවත් ප්‍රායෝගික ව ප්‍රතිචීන බුද්ධාගමෙන් ආභාසය ලබනවා.

Monday, 24 April 2017

බුදුදහමෙහි අනුමාන (ඉන්ෆරන්ස්) නැහැ  


බුදුදහමෙහි අනුමාන (ඉන්ෆරන්ස්) නැහැ



ඇතැමුන්ට අනුව බුදුදහමෙහි දැනුම ලබා ගැනීමේ ක්‍රම දෙකක් තිබෙනවා. එකක් සංජානනය. අනෙක අනුමානය. මේ දෙකම බටහිරයන් දුටු බුදුදහමක් සිංහලට පරිවර්තනය කිරීමේ දී යොදා ගත්  වචන. ඉංගිරිසියෙන් මේවා පර්සෙප්ෂන් හා ඉන්ෆරන්ස්. සංජානන කියන්නේ බාහිර වස්තුවලින් අපේ පංචෙන්ද්‍රියවලට ලැබෙන ඊනියා වාස්තවික ගුණ නිසා හටගන්නා දේ. මේ සංජානන සංකල්පවලින් තොරව හටගන්නා බවයි බටහිර දැනුමේ කියැවෙන්නේ. බර්ට්‍රන්ඩ් රසල් මේ සංජානන සංකල්පවලින් තොරව පවතින බව විශ්වාස කළා. ඔහු නිල් බව යන්න එවැනි වාස්තවික ගුණයක් ලෙස හැඳින්වුවා.

Sunday, 12 February 2017

බුද්ධාගම වෙනස්


බුද්ධාගම වෙනස්



සෑම ආගමකින් ම කියැවෙන්නේ එකම දෙය බවට මතයක් තිබෙනවා. ඊනියා සංහිඳියාවට එවැනි මතයක් අවශ්‍ය වනවා විය හැකියි. ඒ අතර බුදුදහම ආගමක් ද නැත් ද යන ප්‍රශ්නයත් ඇතැම් විට මතුකරනවා එය ප්‍රශ්නයක් වන්නේ ආගම යනු කුමක් දැයි නිර්වචනය කරන ආකාරයට. ඒ ගැන එතරම් කරදර වන්න දෙයක් නැහැ. ආගම එක විධියකට නිර්වචනය කළාම බුදුදහම ආගමක් වේවි. වෙනත් විධියකට නිර්වචනය කළාම ආගමක් නො වේවි. බුදුදහම ආගමක් නොවන විධියට ආගම නිර්වචනය කළොත් පඬියන් නම් අර්බුදයකට යාවි. බුදුදහම ආගමක් නොවේ නම් අනාගමික රාජ්‍යයක් ඇති කිරීම යන්න පිපිරුණු බැලුමක් මෙන් හැකිළේවි.

Thursday, 12 January 2017

ත්‍රිකෝටික න්‍යාය

ත්‍රිකෝටික න්‍යාය

න්‍යාය නැත්නම් නය කියලා කියන්නෙ ඉංගිරිසියෙන් ලොජික් කියන එකට. හැබැයි ඉංගිරිසි ලොජික් හා න්‍යාය කියන්නෙ දෙක ම එකක් ද කියන ප්‍රශ්නය තියෙනවා. ලොජික් කියන්නෙ තර්කය නම් නො වෙයි. සමහර වෙලාවට ලොජිකල් කියන එකට තර්කානුකූල කියල කියනවා. ඒකත් වැරදියි. ලොජිකල් කියන්නට යෙදිය යුත්තේ න්‍යායානුකූල කියන්නයි. ඒත් අද න්‍යාය කියල කියන්නෙ සාමාන්‍යයෙන් ඉංගිරිසියෙන් තියරි කියන එකටයි. තියරි කියන එකට යෙදිය යුත්තේ ප්‍රවාද යන්නයි. මේ පටලැවිල්ල පැත්තකින් තියලා අපි ලොජික් යන්නට නය නැත්නම් න්‍යාය යොදාගනිමු.

Wednesday, 28 December 2016

සිදුහත් කුමරු මිසදිටුවෙක් ද?

සිදුහත් කුමරු මිසදිටුවෙක් ද?


පසුගිය පොහෝ දින විකාශය වූ නොපෙනෙන මානයේ දී ටියුඩර් වීරසිංහ කියා තිබෙනවා බෝසතාණන් වහන්සේ මිසදිටුවකු ය කියා. ඔහු කියා ඇත්තේ බුද්ධත්වය ලැබීමට පෙර උන්වහන්සේ මිථ්‍යාදෘෂ්ටිකයකු ය කියා. ටියුඩර් වීරසිංහ රුසියාවේ උපාධි ලබාගත් අයකු.  ලංකාවේ මෙතරම් විභ්වවිද්‍යාල තිබිය දී ඔහු රුසියාවට ගියේ ඇයි ද කියන එක ප්‍රශ්නයක්. සමහර විට ලංකාවේ විශ්වවිද්‍යාල ඔහුට සරිලන තත්වයක නොතිබෙන්න ඇති. එහෙත් ඔහු උගන්වන්නේ ලංකාවේ විශ්වවිද්‍යාලයක මණ්ඩපයක. ඔහුගේ දැනුම මෙරට ශිෂ්‍යයන්ට ලබා දීමට ඔහු තීරණය කරන්න ඇති.

Sunday, 4 December 2016

නොපෙනෙන මානය 2

නොපෙනෙන මානය 2

අප නොපෙනෙන මානය යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න ගැන අවබෝධයක් ඇති කර ගත යුතුයි. මෙහි දී මානය යනුවෙන් අදහස් කරන්නේ අවකාශයේ මාන තුන නොවෙයි. කාලය මානයක් ලෙස ගන්නේ නම් එය ද නොවෙයි. කොහොමටත් කාලය පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. එය පඤ්ඤත්තියක් පමණයි. ඇතැමුන්ට අනුව අන්වීක්‍ෂයකින් හෝ දුරේක්‍ෂයකින් හෝ දැකගත හැකි එහෙත් පියවි ඇසෙන් දැකගත නොහැකි දේ නොපෙනෙන මානයයි. අප යොදා ගන්නා උපකරණ අපේ ඉන්ද්‍රිය පහේ විස්තීරණ, දික්කිරීම් පමණයි. අපට අතින් කැඩීමට නොහැකි දේ කැඩීමට අප කෙක්කක් යොදා ගන්නවා. අපට ඇවිදින්න පුළුවන්. වේගයෙන් යන කොට අප දුවනවා යනුවෙන් ද කියනවා. ගමන් කිරීම සඳහා අප කරත්ත, මෝටර් රථ, ආදිය ද අහසින් යෑම සඳහා ගුවන් යානා, රොකට් ආදිය ද යොදා ගන්නවා. ඉතා ඇතට කතාකිරීමට අප දුරකථන, ශබ්දවාහිනී ආදිය යොදා ගන්නවා. මේ සියල්ල අපේ ඓන්ද්‍රීය ක්‍රියාකාරකම්වල විස්තීර්ණ පමණයි.

Thursday, 24 November 2016

නොපෙනෙන මානය 1

නොපෙනෙන මානය 1

මේ ලිපි පෙළ දෙරණෙහි ප්‍රචාරය කරන වැඩසටහන ගැන නොවුනත් පසුගිය පෝයදා වැඩ සටහනෙහි මතු වූ කරුණු ද යම් ප්‍රමාණයක් සාකච්ඡා කෙරෙනවා. දෙවියන් පමණක් නොව භූතයන් අමනුෂ්‍යයන් ගැනත් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙනවා. මේ ප්‍රාණීන් පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. මේ ප්‍රාණීන්ට අමතර ව දෙවියන් වහන්සේ හා බ්‍රහ්මයන් ගැන යුදෙවු, ක්‍රිස්තියානි, ඉස්ලාම් වැනි ඒබ්‍රාහිමික ආගම්වල හා වෛදික ආගම්වල  විශ්වාස කෙරෙනවා. ඒ දෙවියනුත් පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. ඒ ආගම් අදහන්නන් ඒ දෙවියන් හා තවත් අදෘශ්‍යමාන ප්‍රාණීන් ගැන විශ්වාස කරනවා. මා ඔවුන්ගේ විශ්වාස ගැන ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. ඔවුන්ට අමතරව අදේවවාදී ද්‍රව්‍යවාදීන් ඉන්නවා. ඔවුන් පංචෙන්ද්‍රිය ගෝචර නොවන දේ විශ්වාස කරන්නේ නැහැ. අපි ඔවුන් ගැන පසුව කතා කරමු.