Main Logo

Showing posts with label time. Show all posts
Showing posts with label time. Show all posts

Tuesday, 16 April 2019

නොට්රෙ ඩාම් දේවස්ථානය

නොට්රෙ ඩාම් දේවස්ථානය

පැරීසියේ නොට්රෙ ඩාම් දේවස්ථානය ගිනි ගැනීමේ ඡායාරූප රූහඬපට රූපවාහිනියේ දකින විට ඇති වන්නේ කණගාටුවක්. මේ නොට්රෙ ඩාම් කියන වචන මා ලියා ඇති ආකාරය වැරදි වෙන්න පුළුවන්. ප්‍රංශ භාෂාව උච්චාරණය කරන ආකාරය දැන ගැනීම අපහසුයි. මෙය රෝම අකාරාදියෙන් ලියැවෙන්නෙ Notre Dame කියායි. මේ ඩාම් කිව්වත් ඉංගිරිසියට ගිහින් තියෙන්නෙ ඩේම් කියලයි. ඒ කාන්තාව කියන අරුතින්. නොට්රෙ (ඉංගිරිසියෙන් our)  කියන්නෙ අපේ කියලයි පරිවර්තනය වෙන්නෙ. දේවස්ථානයෙහි සම්පූර්ණ නම සිංහලෙන් කියැවෙන්නෙ පැරීසියෙ අප  කාන්තාවගේ (දෙව්මෑණියන්ගෙ)  දේවස්ථානය කියායි. මෙහි සම්පූර්ණ නම ලියැවෙන්නේ Cathedral Notre Dame de Paris කියායි. කතෝලිකයන් දන්නවා මේ මරිය තුමිය ගැනයි කියැවෙන්නෙ කියල. 

Friday, 29 March 2019

බටහිර නූතනත්වය කඩා වැටීමේ ආරම්භය


බටහිර නූතනත්වය කඩා වැටීමේ ආරම්භය



ලෝකයේ රටවල් විවිධ නිර්ණායක මත විවිධ කුලවලට බෙදන්න පුළුවන්. මේ නිර්ණායක අපේ, එනම් මිනිසුන්ගේ නිර්ණායක. ඒ කියන්නෙ මිනිසුන් නිර්මාණය කරන නිර්ණායක. ඒ ඒ මිනිසා නිර්ණායක නිර්මාණය කරන්නෙත් තමන්ගෙ ඉන්ද්‍රිය පද්ධතියට සංස්කෘතියට මනසට සාපේක්‍ෂව. ඊනියා වාස්තවික නිර්ණායක නැහැ. වාස්තවික කියන්නෙ කාටවත් සාපේක්‍ෂ නොවන කියන අර්ථයෙන්. වාස්තවික කියන්නෙ එක අතකින් බැලුව ම දෙවියන් වහන්සේට සාපේක්‍ෂ කියන එකයි. දෙවියන් වහන්සේට සාපේක්‍ෂ කියන එක තමයි බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ ඊනියා වාස්තවික වුණෙ.

Friday, 17 March 2017

චලිතයේ අවුල


චලිතයේ අවුල



චලිතය කියන්නෙ තේරුම් ගන්න බොහොම අමාරු සංකල්පයක්. බොහෝම ඉස්සර සීනෝ කියන ග්‍රීකයා ඊතලයක් ගැන සඳහන් කරමින් චලිතය යන්නෙහි පරස්පරයක් තිබෙනව බව පෙන්නුවා. ඒ කතාව සීනෝගේ විරුද්ධාභාසය කියා හැඳින්වෙනවා.  ඔහු කියා ඇති විධියට ඇරිස්ටෝටල්ගෙ න්‍යාය යොදා ගත්තොත් චලිතයක් නැහැ කියලා කියන්න පුළුවන්. වස්තුවක චලිතය ගැන කතාකරන විට වස්තුවට එකවිට දෙතැනක සිටීමට බැරි වීම ප්‍රශ්නයක් ලෙස මතුවෙනවා. වස්තුවක් යම් අවස්ථාවක අවකාශයේ යම් තැනක තිබෙනවා නම් එවිට එය අවකාශයේ වෙනත් තැනක තියෙන්න බැහැ. වස්තුවක් යම් අවස්ථාවක යම් ස්ථානයක ඇත්නම් වස්තුව ඒ අවස්ථාවේ දී ම එතැන නැත කියන්න බැහැ.