Main Logo

Tuesday 23 April 2024

සර්වෝදය ව්‍යාපාරය

 

සර්වෝදය ව්‍යාපාරය

 

1958 අවුරුද්ද. අප අටවැනි පංතියේ. සමාජය ගැන සමාජ සේවය ගැන උනන්දුවක් දැක් වූ අප සමහරකුට දැන ගන්න ලැබුණා නාලන්දා විදුහලේ ගුරුවරයකු සිසුන් සමග  ගමක් සංවර්ධනය කිරීමට හරි නගා සිටුවීමට හරි ගමකට ගොස් ඇති බව. ළමා වියේ සිටි අපට එය ආශ්වාදජනක පුවතක් වීම පුදුමයක් නොවෙයි. පසුව දැනගන්න ලැබුණා ගම කනතොලුව බවත් ගුරුවරයා ආරියරත්න නමැත්තකු බවත් ගමේ වැසියන් ඊනියා පහත් කුලයකට අයත් බවත්.

Monday 22 April 2024

මහා මොළකරුවෝ

 මහා මොළකරුවෝ

සිංහල බෞද්ධ ජනාධිපති කෙනකු පත් කර ගැනීමට මුස්ලිම් බැතිමතුන් කතෝලික පල්ලිවලට බෝම්බ ගැසුවාය කියන පාස්කු
ප්රහාරයේ මහා මොළකරු ගැන ආරංචියක් නැත්තේ ඇයි?
විජේදාස රාජපක්ෂ ශ්රී ල නි ප වැ බ සභාපතිවීම පිටුපස මහා මොළකරු කවුද?

උගතුන්ගේ ප්‍රශ්නය

 උගතුන්ගේ ප්රශ්නය

ඇතැම් උගතුන්ගේ ප්රශ්නය තමන්ට දෙමවුපියන් වැඩිහිටියන් ලබා දෙන සිංහල බෞද්ධකම අධ්යාපනය ජනමාධ්ය දේශපාලනය ආදිය මගින් නැති කරනු ලැබීමය. ඔවුන්ට අල්ලපු අත්තත් පය ගහපු අත්තත් දෙක ම නැත.

Sunday 21 April 2024

ප්‍රතිචාර ගැන

 

ප්‍රතිචාර ගැන

 

ටී ආරියරත්න වටා කෙටි සටහනක් ලියන්න ඕන. එහෙත් එයට ප්‍රථම මගේ කලින් ලිපියට දැක්වූ ප්‍රතිචාර ගැන යමක් කියන්න ඕන. මගේ දරුවන් ගැන කැමති වෙන එකක් නැහැ.

Saturday 20 April 2024

ෆස්ලි නිසාර 2

 

ෆස්ලි නිසාර 2

 

බොහෝ දෙනා යමක් හරිහැටි නොකියවන බව පැහැදිලියි. මා ඇසු ප්‍රශ්නයට තවමත් පිළිතුරු නැහැ. ප්‍රශ්නය ෆස්ලි නිසාර්ගේ මුස්ලිම් අනන්‍යතාව ගැන නොවෙයි. මා ඇූසුවේ ඔහු තම මුස්ලිම් අනන්‍යතාව නැති කරගත්තේ ඇයි යන්නයි. වෙනස තේරුම් ගැනීමට නොහැකි අය පශ්චාත් උපාධිධාරීන් අතරත් ඉන්නවා. උපාධියක් ලැබීම නිසා පුද්ගලයකුට සිතීමේ ශක්තියක් ලැබෙන්නේ නැහැ.

Thursday 18 April 2024

කෝ මේ පශ්චාත්නූතනවාදය

 කෝ මේ පශ්චාත්නූතනවාදය

දී්ප්ති කුමාර ගුණරත්න මෙරට දේශපාලනයේ
පාද සටහනක් පමණි.
රොහාන් පෙරේරා පාද සටහනක්වත් නො වේ.

Wednesday 17 April 2024

මොහොමඩ් ෆස්ලි නිසාර්

 

මොහොමඩ් ෆස්ලි නිසාර්

 

මා ඇසූ ප්‍රශ්නයට තවමත් පිළිතුරක් නැහැ. මගේ ප්‍රශ්නය මෙයයි. “ඔහු (ෆස්ලි නිසාර්) තම මුස්ලිම්කම නැතිකරගත්තේ ඇයි? මෙරට දේශපාලනයේ යෙදෙන මුස්ලිමුන් තම අනන්‍යතාව අත්හැර නැහැ. වි පෙරමුණට පසුව සම්බන්ධ සිටි පාස්කු ප්‍රහාරය ගැනත් කියැවෙන අයත් මුස්ලිම් අනන්‍යතාව අත්හැරියේ නැහැ. ෆස්ලි රොහාන් පෙරේරා නමින් පෙනී හිටියේ ඇයි. ප්‍රශ්නයට ඔහු ජීවත් සිටියත් පිළිතුරු දෙන එකක් නැහැ. ඔහු කාට හරි එයට පිළිතුරක් දී ඇති බවක් මේ වන තුරු දැන ගැනීමටත් නැහැ.”

 

මා ඇසුවේ සරල ප්‍රශ්නයක්. ඊබ්‍රාහිම් වැන්නන් තම අනන්‍යතාව වෙනස් කර නොගනිමින් දේශපාලනයේ යෙදෙන විට ෆස්ලි නිසාර් එසේ නොකර සිංහල අනන්‍යතාවක් වැළඳ ගැත්තේ ඇයි. ඔහු ඊබ්‍රාහිම්ලාටත වඩා දේශපාලනයෙහි යෙදුණු අයෙක්. ඔහු කෙළේ අදහස් වෙනස් කිරීමක්. තමයි ඉහළ දේශපාලනය. ඔහු තම මුස්ලිම් සංස්කෘතියේ අදහස් වෙනස් කරන්න ගියේ නැහැ. ෂබීර් මොහොමඩ් නමැත්තෙකු ලියා ඇති ලිපියක් (එම ලිපිය මේ පිටුවේ තවත් ෆස්ලි ලා බිහිකරන්න රොහාන්ගේ හයිය අපටත් දෙන්න  මැයෙන් කලින් පළ කර ඇත.) අනුව නම් පැහැදිලි වන්නේ ඔවුන් තම ගුරුවරයා ලෙස ෆස්ලි පිළිගන්නා බවයි. ඔවුන්ට අනුව ෆස්ලි මුස්ලිමුන්ට මෙරට ජීවත්වීමට ශක්තියක් ලබා දුන් නිසා. ඔවුන් ෆස්ලිට මුස්ලිම් චාර්ත්‍රානුකූල අවමංගල්‍යයක් ලබා දී තියෙනවා. අර නිරාගමික කතා එතැනින් ඉවරයි.

තවත් ෆස්ලි ලා බිහිකරන්න රොහාන්ගේ හයිය අපටත් දෙන්න

 තවත් ෆස්ලි ලා බිහිකරන්න රොහාන්ගේ හයිය අපටත් දෙන්න

මා මේ ලිපිය පළ කිරීමට හවුල් වන්නේ මෙහි මොන කතා කිවුවත් අවමගුලට මුල සිට ම සහභාගි වූ මුස්ලිම් අයකු ඊනියා නිරාගමික රොහාන් පෙරේරා ගැන සිතන අයුරු පෙන්වා දීමටයි. මුස්ලිමුන්ට ෆස්ලි නිසාර් නිරාගමිකයකු නොව මුස්ලිම් සංස්කෘතිය වෙනුවෙන් ක්රියා කළ ආදර්ශමත් ගුරුවරයෙක් වීරයෙක්. ඔවුන් ඔහුට නිරාගමික අවමගුලක් නොව මුස්ලිම් අවමගුලක් ලබා දුන්නා.

Tuesday 16 April 2024

රොහාන් පෙරේරා හෙවත් ෆස්ලි නිසාර්

 

රොහාන් පෙරේරා හෙවත් ෆස්ලි නිසාර්

 

X කණ්ඩායමේ ඛෙදවාචකය ගැන තවත් විස්තර ඇතැමුන්ට අවශ්‍ය වෙලා. මේ ලිපි ගැන පමණක් නොව පශ්චාත්නූතනවාදයෙ පශ්චාත්තාපය ගැනත්. එමෙන් මගේ X ඛෙදවාචකය ලිපියට මුල් වූ රොහාන් පෙරේරා ගැනත්. මේ ලිපි පසුව තවත් වර්ධනය කෙරෙනු ඇති. මගේ සෞඛ්‍ය තත්වය අයහපත් බැවින් මින්පසු ලිපි ප්‍රතිචරවලට විවෘත කරන්නේ නැහැ. මගේ ළඟ අය කියන්නේ නම් ලිපි ලිවීමත් නවත්වන ලෙසයි. එබැවින් ලිපි ලියන්නේ කඩින් කඩයි.

Sunday 14 April 2024

X ඛේදවාචකය

 X ඛේදවාචකය

රොහාන් මොහමඩ් බුද්ධ සරණ ගිය පරණ X කාරයන්ට දැන් ඇත්තේ රනිල් සරණ හරි රනිල්දාස සරණ හරි පමණයි. මොහමඩ් ලලිත් ඇතුලත්මුදලි විසින් ජ වි පෙට ඇතුල් කරනු ලැබූ අයකු නම් තිසරණය තවත් පැහැදිලියි.

වැඩ ඇල්ලීම හා පාවා දීම

 

වැඩ ඇල්ලීම හා පාවා දීම

 

ලංකාවේ මේ දිනවල අවුරුද්ද ලබන්නේ සිංහලයන්ට. ඉනුත් සිංහල බෞද්ධයනට. ඇතැම් සිංහල කතෝලිකයනුත් අවුරුද්ද පවත්වනවා. ඇතැම් දෙමළ ජනකොටස් අවුරුදු උත්සවය පවත්වනවා. මෙරට සියලු ජනයා මේ අවුරුදු උත්සවය පවත්වනවා දකින්න මා කැමතියි. එහෙත් එය ඊනියා ලාංකික අවුරුද්ද ලෙසවත් සිංහල දෙමළ අවුරුද්ද ලෙසවත් නම් කරනවාට මා අකමැතියි. එයින් පැරණි සිංහලයන්ගේ නිර්මාණශීලීත්වය නොකියැවෙන නිසා.

සුබ අලුත් අවුරුද්දක්

 තෙරුවන් සරණින් සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!

Saturday 13 April 2024

Dark Energy is not a constant

 

Dark Energy is not a constant


Please refer the article on Space -time itself as Dark Energy and Dark Matter and other relevant articles in the research gate where this has been discussed.

 

මා මේ ලිපිය සයන්ටිෆික් අමෙරිකන් සඟරාවෙන් ලබා ගත්තේ ඊනියා අඳුරු ශක්තිය නියතයක් නොවන බවට දැන් දැන් නිරීක්‍ෂණ මගින් හෙළිවන නිසයි. අප කැලණිය මොටාවේ මේ අදහස් පළකරන්න වෙලා අවුරූදු විස්සක් පමණ වෙනවා. අදාළ පත්‍රිකා රිසර්ච් ගේට්හි කියවන්න පුළුවන්. සඳහා හේමන්ත මද්දුමගේ, රාහුබැද්ද, වසන්ත කටුගම්පොළ, කුමුදුමලී ජයකොඩි දායක වී තියෙනවා.

කච්ඡතිවු හා සේරිවාණිජ

 

කච්ඡතිවු හා සේරිවාණිජ

 

කච්ඡතිවු දූපත ගැන කතාබහක් ඉන්දියාවෙ ඇතිවෙලා. ඉන්දියාව කච්ඡතිවූ ආපහු ඉල්ලනවා නො වෙයි. ඔවුන්ට එය කරන්න බැහැ. දුපත 1974 පමණ කාලෙක ලංකාවට අයත් බව ඉන්දියාව පිළිගෙන තියෙනවා. බණ්ඩාරනායක මැතිණිය අගමැතිණිය වෙලා හිටි කාලෙ. එතුමිය 1960 දි දේශපාලනයට ගෙන ආවෙ හේන්පිටගෙදර ඥානසීහ හිමිපාණන් වහන්සේ ප්‍රධාන භික්‍ෂූන් වහන්සේ පිරිසක්. එතෙක් කිසිම දේශපාලනයක් කර නොතිබූ ඇය කිහිපවරක් අගමෑතිණිය ලෙස රටට විශාල සේවයක් කළා. හාල් පොලු පාන් පෝලිම් ගැන කතා කළ මෙරට ජනතාව 1977 දි බලයට පත් කළ ජේ ආර් ජයවර්ධන බණ්ඩාරනායක මැතිණියගෙ ප්‍රතිපත්ති ආපසු හරවල රටට මහා විපතක් කළා.  අදත් අපේ ප්‍රශ්නවලට මූලික හේතුව ජේ ආර්ගෙ විජාතික විවෘත ආර්ථික හා වෙනත් ප්‍රතිපත්ති. අද බැණා කරන කටයුතුවල අයහපත් ප්‍රතිඵල තව අවුරුද දෙක තුනකින් දැකගන්න පුළුවන් වේවි.

Friday 12 April 2024

සිංහල අවුරුද්ද අප්‍රේල් 13 14 තමයි

 

සිංහල අවුරුද්ද අප්‍රේල් 13 14 තමයි

 

සිංහල අලුත් අවුරුද්ද උදාවෙන්නෙ කවදා කියා ප්‍රශ්නයක් මතුවෙලා. මෙය හැම අවුරූද්දක වගේ මතුවෙන ප්‍රශ්නයක්. මේ ගැනත් මා ලිපි රාශියක් ලියා තියෙනවා. මා තාරකා විද්‍යාව ගැන හරි ජ්‍යොතිෂය ගැන හරි දන්නෙ නැති නිසාත් ජනශ්‍රැතවේදියකු නොවන නිසාත් උගතකු බුද්ධිමතකු නොවන නිසාත් හිතලූ කියන්නකු පමණක් නිසාත් ජනමාධ්‍ය ඒ් ලිපි ගැන අවධානය යොමු කරන්නේ නැහැ. කොහොම වුණත් මා නැවතත් සමහර අදහස් නැවත කියනවා.

Tuesday 9 April 2024

පින්!

 මා පසුගිය දා තරමක් අසනීප වුණා. ඒ පිළිබඳ විමසිලිමත් වූ අයට ඉක්මන් සුව පැතූ අයට බෝධි පූජා පැවැත්වූ අයට බෙහෙවින් පින්!

ලිපි

 දින කිහිපයක් යනතුරු ලිපි පල නොවන බව කරුණාවෙන් සලකන්න.

Friday 5 April 2024

ඉතිහාසය විද්‍යාවක් ද

 

ඉතිහාසය විද්‍යාවක්

 

පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ පිටුවේ යම් කිසිවකු අසා තිබුණා ඉතිහාසය විද්‍යාවක් කියා. එය භෞතික විිද්‍යාච වගේ දැනුමක්. එය බටහිර භෞතික විද්‍යාවෙන් මූලික වශයෙන් වෙනස් වන්නේ එක් කරුණකින් පමණයි. සංයුක්තය හා වියුක්තය සම්බන්ධයෙන්.

 

මා නැවත නැවතත් කියන්න ඕන මා ඉතිහාසඥයකුවත් භෞතික විද්‍යාඥයකුවත් දාර්ශනිකයකු තබා විද්‍යාවේ දාර්ශනිකයකුවත් නොවන බව. මට ඇත්තේ කුතුහලයක් පමණයි. එබැවින් මා කියන දේ ගැන කිසිම ඉතිහාසඥයකු දාර්ශනිකයකු භෞතික විද්‍යාඥයකු කලබල විය යුතු නැහැ.

 

ඔය කිසිම ක්‍ෂෙත්‍රයක ඊනියා වාස්තවික (objective) අධ්‍යයනයක් කෙරෙන්නේ නැහැ. වාස්තවිකත්වයත් මිනිසුන්ගේ සංස්කරණයක් පමණයි. හැම අධ්‍යයනයක් අධ්‍යයනය කරන තැනැත්තාගේ සිතුම් පැතුම්වලට සාපේක්‍ෂයි. මෙහි දී මා යමකුගේ සිතුම් පැතුම් යනුවෙන් අදහස් කරන්නේ තැනැත්තා තමා විසින් සකස්කර ගත් සිතුම් පැතුම් පොදියකට නො වෙයි. අය තම සංස්කෘතියෙන් අධ්‍යාපනයෙන් රූපවාහිනිය නැරඹීමෙන් ආදියෙන් ලබා ගන්නා සිතුම් පැතුම් පොදියක් තියෙනවා. සිතුම් පැතුම් පොදිය අනුවයි අය වැඩ කරන්නෙ. ඊනියා විද්‍යාඥයන් ඉතිහාසඥයන් දාර්ශනිකයන් කියා වෙනසක් නැහැ. කිහිප දෙනකු පමණක් සිතුම් පැතුම් පොදියට තමන්ගේ යමක් එකතු කරනවා. එහෙත් මෙරට පඬි නැට්ටන් නම් එසේ කරන්නන් නැහැ.

 

මෙරට අධ්‍යාපනය ඇත්තේ අපේ සංස්කෘතියට පිටින්. අපට පුළුවන් අධ්‍යාපනය ලබා ගන්න පමණයි. මෙරට ඉතිහාසඥයන් කියන අය මූලික වශයෙන් ජී සී මැන්දිස් පියතුමා මගින් බටහිර ඉතිහාස කතා ක්‍රමය ලබා ගත් අය. අය වැඩ කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතික පදනමට විරුද්ධ . මෙරට මොටාවල මොනව ඉගැන්නුවත් ඉගෙන ගත්තත් බටහිර ක්‍රිස්තියානි අධිපතිවාදී සංස්කෘතික පදනමක ඉඳන් කෙරෙන්නෙ.

 

ඔය මොන ක්‍ෂෙත්‍රයෙත් කෙරෙන්නෙ යම් නිරීක්‍ෂණ මාලාවක් විස්තර කරන්න හිතලු කියන එක. සමහර විට හිතලු වැඩ කරනවා කියා බලන්නට පරීක්‍ෂණ කරනවා වෙන්න පුළුවන්. මා පරීක්‍ෂණ යනුවෙන් මෙහි දී අදහස් කරනනේ ඊනියා රිසර්ච් කියන එක නො වෙයි. පරීක්‍ෂණ යනුවෙන් මා අදහස් කරන්නේ  ඉංගිරිසියෙන්  එක්ස්පෙරිමන්ට් (experiment) කියන්නට. බටහිර තාරකා විිද්‍යාවේ පරීක්‍ෂණ කරන්නේ නැහැ. එහි ඇත්තේ නිරීක්‍ෂණ (observations) පමණයි. ඇතැමුන් කියන්නේ බටහිර විිද්‍යාවේ පරීක්‍ෂණ නිරීක්‍ෂණ හා නිගමන ඇතැයි කියා. අනුව නම් තාරකා විද්‍යාව විද්‍යාවක් නොවෙයි.

 

අප සිද්ධි මාලාවක් නිරීක්‍ෂණය කරනවා වෙන්න පුළුවන්. අපට එය සිදුවූයේ කෙසේ කුමක් නිසා ආදී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.  කුමක් නිසා යන ප්‍රශ්නයට පිළිතුරු දෙන්න උත්සාහ කරන්නේ දාර්ශනිකයන් බවයි බටහිර විද්‍යාඥයන් කියන්නේ. අනෙක් අය ඉතිහාසඥයන් වේවා භෞතික විද්‍යාඥයන් වේවා උත්සාහ කරන්නේ කෙසේ යන ප්‍රශ්නයට පිළිතුරු දිමටයි.

 

ඇපල් වැටෙන්නේ කෙසේ යන්නට නිවුටන් ඉදිරිපත් කළ හිතලුව වුණේ ගුරුත්වාකර්ෂණ බලය. හිතලුව සීමිත ක්‍ෂෙත්‍රයක සීමාකාරී වැඩ කරනවා. නිසා බටහිර භෞතික විද්‍යාඥයන් සීමාවන් තුළ එය පිළිගන්නවා. හිතලුවක් පිළිගැනීමෙන් පසු එය සමහරවිට ප්‍රවාදයක් බවට පත් කෙරෙනවා.

 

ඉතිහාසයේ දී කෙරෙන්නෙත් එයමයි. සිදු වී ඇතැයි කියන සිද්ධි මාලාවක් සිදු වූයේ කෙසේ යන්නට හිතලුවක් සපයනවා. හිතලුව වැඩ කරනවා නම් එය පිළිගැනෙනවා. ඉතිහාසයේත් තාරකා විද්‍යාවේ වගේ පරීක්‍ෂණ කරන්න බැහැ. එහෙත් වෙනසක් තියෙනවා. අපට නැවත ගැමුණු එළාර සටන කරල බලන්න බැහැ. නිසා එහි තාරකා විද්‍යාවටත් වඩා සීමාකාරී බවක් තියෙනවා. තාරකා විද්‍යාවේ පරීක්‍ෂණ කරන්න බැරි වුණත් සංසිද්ධි නැවත නැවත නිරීක්‍ෂණය කරන්න පුළුවන්.

 

හෙට අනිද්දා පැවැත්වෙන සූර්ය ග්‍රහණය වැනි සූර්යග්‍රහණ මින් ඉහත දී නිරීක්‍ෂණය කරල තියෙනවා. මින් පසුවත් නිරීක්‍ෂණය කරාවි. මා දන්නවා කාට හරි අහන්න පුළුවන් නිරීක්‍ෂණය කරන්නේ එක සූර්ය ග්‍රහණය කියා. හැම පරික්‍ෂණයක නිරීක්‍ෂණයක වෙනස්කම් තියෙන්න පුළුවන්. සුප්‍රසිද්ධ වදකහ සුදිය සූර්ය ග්‍රහණය දවස්වල තිබූ සූර්යයාට වඩා අද සූර්යයා වසර පනකින් පමණ වයසයි. මෙහි වසර කියන්නේ පෘථිවි වර්ෂ බවත් මතක් කරන්න ඕන. මෙලොව සියක් අවුරූදු එහි එක දවස වගේ කතා මතක් කර ගන්න.

 

හිතලු කිවුවම අපට හිතෙන්නෙ සරල දෙයක් කියා. එහෙත් හිතලු කියන්නෙ නැතුව අර උපන්‍යාසය (hypothesis) කියන වචනය යොදා ගත්තොත් බරක් තියෙනවා. බර අවශ්‍ය අයට තම පාණ්ඩිත්‍යය ප්‍රදර්ශනය කරන්න අවශ්‍ය අය උපන්‍යාසය කියන වචනය යොදා ගනිත්වා. මට නම් හිතලුව හොඳයි.

 

ඉතිහාසයේ හා භෞතික විද්‍යාවේ හිතලු අතර වෙනසක් තියෙනවා. භෞතික විද්‍යාවේ හිතලු වියුක්ත වීමත් ඉතිහාසයේ හිතලු සංයුක්ත වීමත්. ගුරුත්වාකර්ෂණ බලය කිසිම ඉන්ද්‍රියකට ගෝචර වන්නේ නැහැ. මේ ලිපියට අනම් මනම් දෙඩවන්නෙ නැතුව කාට හරි කියන්න පුළුවන් ගුරුත්වාකර්ෂණ  බලය ගෝචර වන්නෙ මොන ඉන්ද්‍රියට කියා. එහෙත් ඉතිහාසයේ එවැනි වියුක්ත හිතලු නැහැ. සීතාවක රාජසිංහ අප දැක නැති වුවත් දැකපු අය හිටියා. අර පෘතුගීසින්වත් දකින්න ඇති නොවැ. එතුමා ගැන ඇති එක හිතලුවක් නම් පීතෘඝාතක කතාව. එයත් අපට අද දකින්න බෑරි වුණත් අදත් ඝාතකයන් දකින්නන් ඉන්නවා. ගුරුත්වාකර්ෂණ බලය එදාවත් අදවත් දුටු අයකු ඉඹ බැලූ අයකු නැහැ. අඩු ගණනේ නිවුටන්වත් දැකල නැහැ. පීතෘ ඝාතක හිතලුව වැඩ කරනවා නැද්ද යන්න සොයා බලන්න පුළුවන්. එය අනෙක් සිද්ධි සමග සංගත   කියා හොයා බලන්න පුළුවන්. භෞතික විද්‍යාවෙ කෙරෙන්නෙත් හිතලුවක් වැඩ කරනවා නැද්ද යන්න සොයා බැලීම පමණයි.