Main Logo

Tuesday 30 November 2021

අනුන්ගෙ අපි හිඟා කෑම

 

අනුන්ගෙ අපි හිඟා කෑම

 

ණයට කන ජාතියක් වූ අපට ණය බරින් නිිදහස් වීමට නම් පළමුවෙන් ම ණයට කෑම අත්හරින්න ඕන. කෑම කියන එකෙන් මා අදහස් කරන්නේ ආහාර අනුභවය පමණක් නො වෙයි. මධ්‍යම පංතියට අවශ්‍ය ඇතැම් දේ ද එයට අයත් වෙනවා. ඒ දේ ආනයනය කිරීමට ඩොලර් ඕන. වාහන ආනයනය නතර කිරීම නම් හොඳ වැඩක්. අපට අද පාරෙ යන්න බැරි තරමට වාහන තියෙනවා. අප වුණත් අද වන විට පියෝ ටීවී කියන රූපවාහිනී ක්‍රමයට හුරු වෙලා. ඒ සඳහා දුරස්ථ පාලකයක් අවශ්‍යයි. දුරස්ථ පාලකය ක්‍රියා විරහිත වුණා ම අලුත් පාලකයක් ගන්න ඕන. එය පිටරටින් ගෙන්වන්න ඕන. පාලකය නැතිව රූපවාහිනිය නරඹන්න බැහැ. සමහර විට හිතෙන්න පුළුවන් ඒක කොච්චර එකක් ද කියල. ඒත් එහෙම හිතෙන්නෙ දවසක් දෙකක් විතරයි. පාන් මිල වැඩි කරාම මිනිසුන් දවසක් දෙකක් නොකා ඉඳීවි. ඒත් ඊට පස්සෙ නැවත කන්න පටන් ගන්නවා. මේ සියල්ල පිටුපස ඇත්තෙ අපේ ම නොවන අපේ අදහස්.

Monday 29 November 2021

සිංහල බෞද්ධ ආර්ථිකයක් ගැන හිතමු

 

සිංහල බෞද්ධ ආර්ථිකයක් ගැන හිතමු

 

පුංචි බණ්ඩා ජයසුන්දර කියා තිබුණා රටේ ආර්ථිකය ඉතාම අවදානම් තත්වයක ඇති බව. මේ තොරතුරු ලැබෙන්නේ ජනමාධ්‍ය හා සමාජයීය මාධ්‍ය මගින්. ජනමාධ්‍ය කියන්නේ යම් සමාගමක් ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යන තොරතුරු ලබා දීමේ ක්‍රමයකට. එහි ඕනෑම කෙනකුට ඕනෑම දෙයක් කියන්න හරි ලියන්න හරි බැහැ. ඒ පාලනය කිරීමට ප්‍රවෘත්ති කතෘවරු විශේෂාංග කතෘවරු ආදී පිරිස් ඉන්නවා. ජනමාධ්‍ය තොරතුරුවලට අමතර ව එක්තරා වින්දනයක් ද ලබා දෙනවා. ගීත, නාට්‍ය, ඊනියා විශ්ලේෂණ ආදිය මගින්.  සමාජයීය මාධ්‍ය තනිකර ම මෙන් අද විද්‍යුත් මාධ්‍යයක්. එහි අදාළ තාක්‍ෂණය දැන ගත් විට තමන්ට ම ලියන්න පුළුවන්. එහි දී සාමාන්‍යයෙන් බාධාවන් ඇති වන්නේ නැහැ. තහනම් කිරීම් ආදිය සමහරවිට නොකරනවා නොවෙයි. එ එක්තරා පැත්තකින් තම සුපිරිසිදු බව පෙන්වීමට සකර්බර්ග් වැන්නන් යොදා ගන්නා ප්‍රෝඩාවක්. අනෙක් පැත්තෙන් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයට යට නොවන්නන් යට කිරීමට කරන වැඩක්.

Sunday 28 November 2021

භාෂාවක් නැති ව වචන කතාකරන මෝඩ සිංහලයෝ

 

භාෂාවක් නැති ව වචන කතාකරන මෝඩ සිංහලයෝ

 

සිංහලයන් තරම් යටත්විජිත මනසක් ඇති ජාතියක් ලෝකයේ තවත් ඇතැයි මා හිතන්නේ නැහැ. ලංකාව හා මියන්මා දේශය යන දෙක ම ථෙරවාදී රටවල් වුවත් මියන්මා වැසියන් (බුරුම ජාතිකයන්) සිංහලයන්ට වඩා තම රටට භාෂාවට ලැදියි. යැන්ගොන් නුවර ඉංගිරිසි නාම පුවරු දකින්නට ලැබෙන්නේ කලාතුරකින්. එහෙත් අප නාම පුවරු හදන්නේ ඉංගිරිසින්ට ද කියා හිතෙනවා. බුරුම ජාතිකයන් ත්‍රිපිටකය බුරුම බසින් පවත්වා ගෙන යන්නේ බොහෝ කලක සිට. එහෙත් අප ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කෙළේ ඉතා මෑතක දී. එහි දී  එක් එක් අය තම තමන්ට අවශ්‍ය ආකාරයට පරිවර්තනය කරන බවක් පෙනෙන්න තියෙනවා.

Saturday 27 November 2021

අලි හෙම්බිරිස්සාව දැනුම හා ජඩමාධ්‍යවේදියෝ

 

අලි හෙම්බිරිස්සාව දැනුම හා ජඩමාධ්‍යවේදියෝ

 

දැනුම ගැන බොහෝ දේ කියන්න තියෙනවා. ඊයේ (නොවැ 27) එක කතාවක් කිවූවා. ඒ ඕස්ත්‍රේලියාවේ මුල් වැසියන්ගේ දැනුම පිළිබඳ ව එරට යුරෝපීය සම්භවයක් ඇති විද්‍යා ගුරුවරයකු කී කතාවක්. එයට යහපත් ප්‍රතිචාර කිහිපයක් ලැබී තිබුණා. අනුජ මංචනායක හා සරත් අනුර හේවගේ ඒ ගැන සංවාදයක යෙදී තිබුණා. පඬි නැට්ටන් නම් මොකුත් කියා තිබුණේ නැහැ. ඔවුන් සියල්ල දන්නා අය. ඒ නිසා බටහිර දැනුම පමණක් විශ්වාස කරන එහි ආධිපත්‍යය යටතේ ආතල් ගනිමින් ජීවත් වන අය. ඔවුන් වෙනත් දැනුමක් තියෙන බවවත් දන්නේ නැහැ. ඔවුන්ට බටහිර නොවන අනෙක් දැනුම් මිථ්‍යා විශ්වාස. පඬි නැට්ටන් නොදන්නවාට බටහිර දැනුමට වඩා විශ්වාසයක් තවත් නැහැ.

Friday 26 November 2021

බොරු ෂෝක් නිසා ශෝක වීම

 

බොරු ෂෝක් නිසා ශෝක වීම

 

සජිත්ලාට බලය දෙනවා ද මැයෙන් ලියූ ලිපියට ප්‍රතිචාර දැක් වු පඬිනැට්ටකු කියා තිබුණා එය උගත්කම හා බුද්ධිමත්කම අතර වෙනසත් වහල්කමත් දැන ගැනීමට සුදුසු ලිපියක් කියා. ඔහු හිතන්න ඇති මා උගතකු වුණත් බුද්ධිමතකු නොවේ කියාත්  වහලකු කියාත්. ඔහු වැරදියි. මා උගතකුවත් බුද්ධිමතකුවත් වහලකුවත් නො වෙයි. එපමණක් නොව මා වීරයකුවත් නො වෙයි. ඒ මට සාපේක්‍ෂ ව.  මා කවුද යන්න ඒ ඒ අයට සාපේක්‍ෂයි. වරක් ජ වි පෙ හිතවතකු ව සිටි දයාසේන ගුණසිංහ කියා සිටියේ මගේ හොඳ මෙන් ම නරකත් තියෙනවා කියා. පෘථග්ජනයන් සම්බන්ධයෙන් එය වලංගුයි. දයාසේන ගුණසිංහ ප්‍රබුද්ධයා මා හොඳ යැයි කීවේ මා ජ වි පෙ ගැන හොඳක් කී විටත් මා නරක යැයි කීවේ මා ජ වි පෙ විවේචනය කළ විටත් බව මට වැටහුණා. කෙසේ වෙතත් ඔහුගේ උකුස්සා කෘතියට මා ලවා පෙරවදනක් ලියවා ගත්තා.

දැනුම ගැන කතාවක්

 

දැනුම ගැන කතාවක්

 

පහත සඳහන් සටහන ඕස්ත්‍රේලියාවේ පාසලක භෞතික විිද්‍යාව ඉගැන්වූ අයකුගෙන්. මා එය පරිවර්තනය කරන්න යන්නේ නැහැ. යුරෝපීය සම්භවයක් ඇති ගුරුවරයා ඕස්ත්‍රේලියාවේ පැරැන්නන්ගේ දැනුම ගැන කතා කරනවා. මෙය කලාතුරකින් සිදුවන්නක්. නමුත් දැනුම ගැන නොදන්නා අයට ඒ  කියවා යමක් දැන ගන්න පුළුවන්.

 

අප අද ජීවත් වන්නේත් මහා සුළි සුලඟක් ආසන්නයේ.

 

 

Joel Reid

Science Teacher (Secondary)

 

“Was anyone 1,000 years ago as smart as someone with average intelligence today?”

 

I was teaching a science class in the Australian desert and the class was quietly working (it was a nice class). I looked out the window and I commented to no one in particular, “Looks like there will be a cyclone next week.”

 

The students mostly started laughing and one piped up “The national meteorologists said that the low would pass by without any problem.”

 

But there was a part of the class that did not object to my announcement… the local indigenous people. Instead they asked, “How do you [of European descent] know what our elders know?”

 

I smiled and pointed out the window, “The wind has changed to go in the opposite direction, the clouds have moved north instead of south, and the corellas (a small cockatoo) have all left town and gone to shelter in Karijini (local mountain range).”

 

The indigenous students were impressed and everyone else thought I was an idiot… at least they did until the cyclone hit the next week and flooded all the roads out of town.




Thursday 25 November 2021

සජිත්ලාට බලය දෙනවා ද?

 

සජිත්ලාට බලය දෙනවා ද?

 

 

ඊයේ (නොවැ 24) ජනාධිපතිතුමා කල්‍යාණි රන් පිවිසුම පාලම විවෘත කිරීමේ උත්සවයේ දී හොඳ කතාවක් කළා. එහි අඩංගු වැදහත් කරුණු දෙකක් ගැන ලියන්න ඕන කියල හිතුණා. පළමුවෙන් පාස්කු ප්‍රහාරය ගැන. එතුමා මතක් කර සිටියේ පාස්කු ප්‍රහාරය යහපාලන කාලයේ දී සිදු වූ බවත් ඒ සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව ම පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව එකල ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුව එයට වග කිව යුතු බවත්.

Wednesday 24 November 2021

සකර්බර්ග් අනාථකඳවුරේ වමාලා

 සකර්බර්ග් අනාථකඳවුරේ වමාලා


මේ ලිපිය නොවැම්බර් 12 වැනි දා පළ වූ ජ වි පෙ හා නොනවතින විප්ලවය හා අදාළ වෙනත් ලිපි සමග සම්බන්ධයි. සමසමාජ පක්‍ෂය හා ලංකා කොමියුනිස්ට් පක්‍ෂය ශ්‍රී ල නි ප සමග ආණ්ඩු පිහිටුවීම සමග  වම නැත්තට ම නැති වුණා. වම නැති වන්න පටන් ගත්තේ ශ්‍රී ල නි ප ජාතිකත්ව පක්‍ෂයක් බවට පත් වීමෙන් පසුව. අද වන විට සමසමාජ කොමියුනිස්ට්  පක්‍ෂ දෙක පොදු ජන පෙරමුණු ආණ්ඩුවේ ඇතුළෙත් නැති පිටත් නැති පිරිසක් බවට පත් වෙලා. ඒ පක්‍ෂ දෙකට පමණක් නොව ඊනියා මාක්ස්වාදී සම්භවයක් ඇති සියලු පක්‍ෂවලට ඒ තත්වය උදා වෙලා. 

බටහිර විද්‍යාවේ ආරම්භය,විකාශය හා අර්බුදය -3

 නරඹන්නන් සංඛ්‍යාව අනුව පෙනී යන්නේ බටහිර විද්‍යාව ගැන මා කියන දෙය අසන්නට එතරම් පිරිසක් නැති බවයි. ඔවුන් වඩා කැමති දේශපාලන ලිපි කියවන්න. ඔවුන්ට බටහිර විද්‍යාවේ අර්බුදයක් නැති විය හැකියි. සමහර විට ඔවුන්ට බටහිර විද්‍යාව ආගමක් විය හැකියි. කෙසේ වෙතත් බටහිර විද්‍යාවේ ආරම්භය,විකාශය හා අර්බුදය -3 පහත සඳහන් සබැඳියෙන් අහන්න පුළුවන්.


https://youtu.be/I8HNsdW-7JA

Tuesday 23 November 2021

පොහොර හා පාදිලිතුමා ගැන පැහැදිලි කිරීමක්

 පොහොර හා පාදිලිතුමා ගැන පැහැදිලි කිරීමක්


රසායනික පොහොර ගෙන්වීම පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය මොකක් ද? රසායනික පොහොර යනුවෙන් හැඳින්වෙන්නේ කුමක් ද? සිරිල් ගාමිණී පාදිලිතුමා පාස්කු ප්‍රහාරය ගැන කියන කුමන්ත්‍රණය කුමක් ද? මා පියතුමා නොකියා පාදිලිතුමා හරි ෆාදර්තුමා හරි පූජකතුමා හරි කියන්නේ ඇයි? හිටපු නීතිපති දප්පුල ද ලිවේරා  ද පාස්කු ප්‍රහාරය පිළිබඳ කුමන්ත්‍රණයක් ගැන කියා ඇත්නම් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න නොකරන්නේ ඇයි. පාදිලිතුමා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද ප්‍රකාශයෙහි දප්පුල ද ලිවේරා ගැන කියා ඇත්නම් ඒ ගැන ප්‍රශ්න කිරීමට හිටපු නීතිපති කැඳවන්න බැරි ද? .

බටහිර විද්‍යාවේ ආරම්භය විකාශය හා අර්බුදය - 2

බටහිර  විද්‍යාවේ ආරම්භය විකාශය හා අර්බුදය - 2 පහත සඳහන් සබැඳියෙන්.


  https://youtu.be/T44ImNUj0VI

Monday 22 November 2021

හත්තිලවුවෙ ආගම්වාද ඇති කෙළේ කවුද?

 

හත්තිලවුවෙ ආගම්වාද ඇති කෙළේ කවුද?

 

මෙරට ආගම් වාද ඇති කෙළේ කවුද? මේ මාක්ස්වාදය කටගාගත් පඬි නැට්ටකුගේ ප්‍රශ්නයක්. ඒත් සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයක්. අද ඊනියා මාක්ස්වාදීන් (ඔවුන් හදාරා ඇති මාක්ස්වාදයක් නැහැ. මාක්ස්වාදය හදාරා ඇති අයකු කිසි දා ඊනියා නිර්ධන පංතියක් ගැන කතා කරන ජ වි පෙ සමග ඇයි හොඳයිකම් පවත්වන්නේ නැහැ), වමක් නැති වමාලා, ධනවාදීන්, බටහිර රාජ්‍ය විසින් මෙහෙයවෙන ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල හෙංචයියන් ආදීන් මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහිව අත්වැල් බැඳගෙන සිටිනවා.     

Sunday 21 November 2021

නොදන්නා දෙමළෙට ගිහින් වරිගෙ නසා වලිගෙ බේරා ගැනීම

 

නොදන්නා දෙමළෙට ගිහින් වරිගෙ නසා වලිගෙ බේරා ගැනීම

පසුගිය දහවැනි දා අනුරාධපුරයේ පැවති සඳ හිරු සෑය සසුනට පූජාකිරීමේ පින්කමට සහභාගි වීමට නොහැකි වීම ගැන මා කණගාටු වෙනවා. මට ආරාධනයක් ලැබී එහි යෑමට නොහැකි වූයේ අදාළ යම් යම් කරුණු සපුරා ගැනීමට නොහැකි වූ බැවින් මිස ඇතැම් පඬි පෝතකයන් මෙන් එයට විරුද්ධත්වය දැක්වීම සඳහා නො වෙයි. මා දහනවවැනි දා පැවැත්වූ උත්සවයටත් රුවන්වැලි සෑ පරිශ්‍රයේ පැවැත් වූ පින්කමටත් සහභාගි වුණා. පසුදා ගොස් සඳ හිරු සෑය වැඳ පුදා ගත්තා.

Saturday 20 November 2021

තුන්වැනි වසරට පිය නැගීම

 තුන්වැනි වසරට පිය නැගීම


ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ තම ධුර කාලයේ තුන්වැනි වසරට පිය නගන්නේ අර්බුද මැද. ඒ අර්බුද අවුරුදු දෙකක මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් නොව අවුරුදු හැත්තෑ දෙකකින් බහුතර කාලයක තිබූ යමපාලනවලින් ඇති වුූ දේ. අර්බුදය ටිකින් ටික මෝරා ඇවිත් වසංගතය නැත්නම් අලි ගෙම්බිරිිස්සාව නිසා ඉස්මත්තටම ඇවිත්. වසංගතයට මා අලි හෙම්නිරිස්සාව කියන්නේ එය උග්‍ර වර්ගයක හෙම්බිරිස්සාවක් වැන්නක් නිසා. අලි හෙම්බිරිස්සාවට බටහිර වෙදකමේ ප්‍රතිකාරයක් නැහැ. එහෙත් සිංහල පාරම්පරික වෙදකමේ නොයෙකුත් බෙහෙත් වර්ග තියෙනවා. ඒ හැම එකක ම පාහේ සුදුළුණු ගම්මිරිස් තියෙනවා. 

Friday 19 November 2021

අර්හත් මහේන්ද්‍ර ග්‍රාමණි රාජ හා අග්‍රාමාත්‍ය මහේන්ද්‍ර

 

අර්හත් මහේන්ද්‍ර ග්‍රාමණි රාජ හා අග්‍රාමාත්‍ය මහේන්ද්‍ර

 

ඊයේ (නොවැ 18) සඳ හිරු සෑය සසුනට පූජා කෙරුණා. දැන් සෑය මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට අයත්. මට ඒ පින්කමට සහභගි වීමට ආරාධනයක් ලැබුණත් ප්‍රායෝගික ප්‍රශ්න නිසා යන්න බැරි වුණා. ඒත් අපේ ඉතිහාසයට එක්වන සිද්ධියක් අඩු තරමෙන් රූපවාහිනියෙන් දැක බලා ගැනීමට අවස්ථාව ලැබුණා. මට හිතෙනවා රුවන්වැලි සෑය සසුනට පූජා කෙරුණු අවස්ථාවේත් මා එහි ඉන්න ඇති කියා. එය කොහොම වුණත් මේ සෑ රජුන් අතර සමාන ලක්‍ෂණ  තියෙනවා.

Thursday 18 November 2021

කෘෂිරසායනික පොහොර යොදා විනාශ වීම හා බටහිර දැනුම

 

කෘෂිරසායනික පොහොර යොදා විනාශ වීම හා බටහිර දැනුම

 

ගොවිතැන හා කාබනික ගොවිතැන ගැනත් අප ඩොලර් උපයා ගැනීම ගැනත් තව කතා කරන්න බොහෝ දේ තියෙනවා. ජනමාධ්‍ය ඒ සඳහා අපට තැනක් නොදෙන බව පැහැදිලියි. ජඩමාධ්‍යවේදීන් හිතන්නේ ආචාර්ය මහාචාර්යවරුන් හා තමන් පමණක් පඬිවරුන් බවයි. එහෙත් ඔවුන් පඬි නැට්ටන්, පඬි පෝතකයන් හරි පඬියන් හරි පමණයි. ඔවුන් බටහිර දැනුමෙන් මුසපත් වෙලා. එහෙත් ඔවුන් නොදන්නා දේ තමයි තිස්ගණන්වලින් පසුව බටහිර දැනුම කඩා වැටී ඇති බව.

Wednesday 17 November 2021

ඩොලර් වෙනුවෙන් තොණ්ඩුව දා ගන්නවා ද?

 

ඩොලර් වෙනුවෙන් තොණ්ඩුව දා ගන්නවා ද?

 

අපට ඇත්තේ අනෙක් අයගේ වැරදි කියන සම්ප්‍රදායක්. එය අපේ සංස්කෘතියේ කොටසක් බවට පත් වෙලා. සිංහල සංස්කෘතියට විරුද්ධ ව කතා කරන අය අතරත් ඒ අගුණය තියෙනවා. ඒ අය අතර ඇතිවන ඊනියා සංවාදවල දී කෙරෙන්නේ අනෙක් අයගේ වැරදි පෙන්වීමයි. අනෙක් අයගේ වැරදි පෙන්වන එක වරදක් නො වෙයි. වරද එසේ වැරදි පෙන්වා ඒ වැරදි නිවැරදි කර ගැනීමට නොව අනෙකාගේ දොස් දැකීමට පමණක් කටයුතු කිරීමයි.

 

අප ගෙවල් හැදීමක දී එක් කාර්මිකයකු අස්කර වෙනත් අයකු සේවයට ගතහොත් දෙවැන්නා කරන පළමු කාර්යය පළමුවැන්නාගේ දොස් දැකීමයි. එලෙස දොස් දැකීම දේශපාලනඥයන් අතර බහුලයි. විරුද්ධ පක්‍ෂය කියන්නේ ආණ්ඩු පක්‍ෂයට විවේචනාත්මක සහාය දෙන කණ්ඩායමකට නොව ආණ්ඩු පක්‍ෂය පතුරු ගහන කණ්ඩායමකට. අප මේ ප්‍රජාතන්ත්‍රවාදය ලබා ගෙන ඇත්තේ එංගලන්තයෙන්. එහි විරුද්ධ පක්‍ෂය කියන්නේ ඔවුන්ගේ රැජිනගේ විරුද්ධ පක්‍ෂයට. ඒ සංකල්පයේ ඇත්තේ විවේචනාත්මක සහාය දීම මිස පතුරු ගැසීම නො වෙයි.

Tuesday 16 November 2021

ස ජ බ පැටලීම

 

ස ජ බ පැටලීම

 

මේ ආණ්ඩුවේ වැරදි තියෙනවා. ඒ වැරදි නිවැරදි කර ගන්න පුළුවන් නම් හොඳයි. ඒ කුමක් වුණත් අප ආණ්ඩුව පෙරළා දාන්න ඕන ද? ආණ්ඩුව පෙරළා අප බලයට පත් කර ගත යුත්තේ කවුරුන් ද? පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කියා තිබුණා මේ ආණ්ඩුව ප්‍රතික්‍ෂෙප කරනවා නම් හිටපු අය පත් කර ගත යුතු නැහැ කියල. ඇතැමුන්, ඒ කියන්නෙ ජ වි පෙ හිතවාදීන් හිතුවෙ ඒ ජ වි පෙ බලයට පත්කරන්න කිවුව කියලා. එහෙම හිතා ගත්තට කමක් නැහැ. කාටත් හීන දැකීමේ අයිතිය තියෙනවා.

Monday 15 November 2021

බටහිර විද්‍යවේ ආරම්භය ව්කාශය හා අර්බුදය 1

 බටහිර විද්යවේ ආරම්භය ව්කාශය හා අර්බුදය 1

පහත සඳහන් සබැඳියෙන්\

ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් දෙන්න

 

ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් දෙන්න

 

මොන ආර්ථික විිද්‍යා පඬි කතා කීවත් අද අප අත්විඳින්නේ ආදායමට වඩා වියදම් කර තිබීමේ විපාකය. එය අවුරුදු හැටකට වඩා පරණයි. අපට 1948 දී යම් නිදහසක් ලැබෙන විට මෙරට ආර්ථිකය ජපානයත් සමග සසඳන විටට හොඳ තත්වයක තිබූ බව කියනවා. සිංගප්පූරුවට ඒ කාලෙ අවශ්‍ය වුණාලු ලංකාව වගේ වෙන්න. එදා අප මුඩුක්කුවලට කිවුවෙ කොරියාව කියල. මා හිතන්නෙ ඩුබායි ගැන අහලවත් තිබුණෙ නැහැ කියල. බංග්ලාදේශය ඉතා දුප්පත් රටක් හැටියට බිහි වුණෙ ඊට හුඟක් පස්සෙ.  අද අපි බංග්ලාදේශයෙන් අතමාරුවට මුදල් ලබා ගන්නවා. අපේ අය ඩුබායි සහ වෙනත් බටහිර ආසියාවෙ රටවලටත් කොරියාවටත් රැකියා සඳහා යනවා.

Sunday 14 November 2021

එහෙමයි කියා වස කෑම

 

එහෙමයි කියා වස කෑම

 

ඊනියා හේතුව නොදත් නිිදන්ගත වකුගඩු රෝගය (CKDu) නමින් බටහිර වෙදකමේ හැඳින්වෙන අසාමාන්‍ය වකුගඩු රෝගය ලංකාවට පමණක් සීමා වුවක් නො වේ. එය ආසියා අප්‍රිකා දකුණු ඇමරිකා රටවල පැතිරිලා තියෙනවා. ඒ පිළිබඳ විවිධ පර්යේෂණ ලෝකයේ කෙරෙනවා.

Saturday 13 November 2021

අයවැය ගැන නොවෙයි

 අයවැය ගැන නොවෙයි


අයවැය ගැන කියන්න දෙයක් නැහැ. ආණ්ඩු පක්‍ෂයට අයවැය හොඳයි. විපක්‍ෂයට හොඳ නැහැ. අයවැය ලේඛනය කියන්නෙ තවත් දේශපාලන ලියවිල්ලක් පමණයි. කාලෙක ඉඳලා අපේ අයට වඩා වැය වැඩියි. ඒ පරතරය පියවන්නෙ කොහොමද කියල පස්සෙ තමයි තීරණය වෙන්නෙ. ණය ගත්තට ප්‍රශ්න විසඳෙන්නෙ නැහැ. අපේ ණය කොච්චර ද කියන එක මා දන්නේ නැහැ. මා සංඛ්‍යා ලේඛනවලට ප්‍රිය කෙනෙක් නො වෙයි. ඒත් යමපාලකයන් ණයට කෑව බව නම් දන්නවා.

Friday 12 November 2021

රජරට වකුගඩු රෝගය ආසනික් හා නාථ දෙවියෝ

 

රජරට වකුගඩු රෝගය ආසනික් හා නාථ දෙවියෝ  - පස හා වස පහත සඳහන් සබැඳියෙන්

 

 

https://youtu.be/MdiTsV9WTvg

ජ වි පෙ හා නොනවතින විප්ලවය නැවතීම

 

ජ වි පෙ හා නොනවතින විප්ලවය නැවතීම

 

මෙම ලිපිය නොවැම්බර් 1වැනි දා පළ වූ ලෙනින් මෙහෙය වූ ධනවාදී විප්ලවය හා එයට පෙර පළ වු වමාලාට වම නැති වීම ලිපිය හා සම්බන්ධයි. එක් පඬි නැට්ටකු කියා තිබුණා වමාලා වම හොයා ගනීවි මා කලබල නොවිය යුතුයි කියලා. පඬි නැට්ටන්ට තේරෙන තරම. මා කියන්නේ ම වමාලාට හොයා ගැනීමටවත් වමක් නැති වීම ගැනයි. ජනාධිපතිතුමා මේ ආණ්ඩුවට අකමැති නම් ජනතාව පරණ යමපාලකයන් නොව අලුත් පිරිසක් බලයට පත් කර ගත යුතු ය කී විට ඇතැමුන් හිතනචා ඒ කිව්වේ ජ වි පෙ ගැන කියා. මා හිතන්නේ නැහැ ජනාධිපතිතුමා එවැන්නක් කී බවක්. එතුමා දන්නවා ජ වි පෙ චන්ද්‍රිකා ආණ්ඩුවේ ඇමතිකම් දැරූ බවත් අර වැව් දාහ තාම හදන බවත් ඔවුන් යමපාලන ආණ්ඩුවේ බැළ මෙහෙකරුවන් වූ බවත්. ජ වි පෙරමුණට තමන්ගේ වැඩ පිළිවෙළක් හැටියට තියෙන්නේ ප්‍රධාන පක්‍ෂ දෙකෙන් එකකට සහාය දීම පමණයි. ගුරුබොරුවන්ගේ වැඩ වර්ජනයෙන් පසු මහින්ද ජයසිංහගේ හා අනෙක් ජ වි පෙ නායකයන්ගේ බොරුව තව දුරටත් හෙළිදරවු වෙලා. ඔවුන්ට මේ වන විට 3%ත් නැහැ.

Thursday 11 November 2021

ජනමාධ්‍යයෙන් දකින ගුරුබොරුවෝ, මුස්ලිම් දැරියෝ හා සජිත්

 

ජනමාධ්‍යයෙන් දකින ගුරුබොරුවෝ, මුස්ලිම් දැරියෝ හා සජිත්

 

ජනාධිපතිතුමා හොඳ කතාවක් කියල තිබුණා. මේ ආණ්ඩුව හොඳ නැත්තන් පහුගිය කාලෙ ආණ්ඩු කරපු අය පත්කර ගන්න එපා කියල. ඔවුන් කළ වැඩ දන්න නිසා ජනතාව ඔවුන් අයින් කරල. ඒ අය අද කතා කරන්නෙ කිසි දා ආණ්ඩු නොකරපු පිරිසක් වගේ. ජනාධිපතිතුමා කියන්නෙ මේ ආණ්ඩුව හොඳ නැත්නම් අලුත් ම පිරිසක් පත්කර ගන්න කියල. ඒක අහපු ගමන් අර ක්‍රමය වෙනස් කරන්න (system change) ඕන අය කියාවි මේ ක්‍රමය ම තියා ගෙන ඉදිරියට යන්න බැහැ කියල.

Wednesday 10 November 2021

පස්ස පච්චයා වේදනා හා ස්වෛරීභාවය

 

පස්ස පච්චයා වේදනා හා ස්වෛරීභාවය 

 

අද තරම් දේශප්‍රේමීන් මෙරට කිසි දා නොසිටින්න ඇතැයි සිතනවා. සජිත් ප්‍රේමදාස දේශප්‍රේමීන්ගේ නායකයා බවට පත් වෙලා. මට තේරෙන විධියට ඔහු රටේ ස්වෛරීභාවය වෙනුවෙන් දිවි පුදන්න වුණත් සූදානම්. ඔහු දිවි පිදුවෛාත් නම් රටේ ස්වෛරීභාවය රැකේවි කියල කට කැඩිච්ච කතාවක් කියන්න ඕන නැහැ.  මේ දේශප්‍රේමින් ඇති වෙලා තියෙන්නෙ අර චීන පොහොර නැවට විරුද්ධව. චීනයේ Qingdao Seawin Biotech Group Co. නම් සමාගමෙන් අප ගෙන්වා ගත් කාබනික පොහොරවල අහිතකර ක්‍ෂුද්‍රජීවීන් ඇති නිසා ඒ භාර ගැනීම ආණ්ඩුව ප්‍රතික්‍ෂෙප කරලා. චීන සමාගම කියන්නෙ පොහොරවල අහිතකර ක්‍ෂුද්‍රජීවීන් නැහැ කියලා.

Tuesday 9 November 2021

වකුගඩු රෝගය පිළිබඳ අපේ පර්යේෂණ

 

වකුගඩු රෝගය පිළිබඳ අපේ පර්යේෂණ

 

චන්න ජයසුමන හා පර්යේෂණ කණ්ඩායම ගැන තවදුරටත් කියන්න ඕන. ඒ ඔවුන් දක්‍ෂ විිද්‍යාඥයන් බව කීමට නො වෙයි. ලංකාවේ විද්‍යාඥයන් නැහැ. මා දන්නා තරමින් සංකල්පීය වශයෙන් බටහිර විද්‍යාවට අලුතෙන් යමක් එකතු කළ අයකු ලංකාවේ නැහැ. බටහිර ලෝකයේ ඒ කිට්ටුවටත් ආවෙ අසාමාන්‍ය වකුගඩු රෝගය ගැන පර්යේෂණ කළ කණ්ඩායමයි.  ඒ අපේ චින්තනය මත පදනම් ව සංස්කෘතියට සාපේක්‍ෂව බටහිර අච්චුවේ පර්යේෂණ කිරීමෙන්. මා කලින් දවසක සඳහන් කළ වසන්ත කටුගම්පොළ ඇතුළු පිරිස ද යම් යම් දේ එකතු කර ඇති නමුත් බටහිර ලෝකය තවමත් ඒ පිළිගැනීමට මැළිකමක් දක්වනවා.

Monday 8 November 2021

පොහොරදාසලා වකුගඩු රෝගය ගැන කර ඇති පරීක්‍ෂණ මොනවා ද?

 

පොහොරදාසලා වකුගඩු රෝගය ගැන කර ඇති පරීක්‍ෂණ මොනවා ද?

 

මා කලින් දවසක සඳහන් කළා මෙන් පොහොර සම්බන්ධයෙන් මූලික ප්‍රශ්නය කෘෂිරසායන (Agrochemicals - මේ නම එතරම් සුදුසු නැති වුවත් අපි එය යොදා ගනිමු) CKDu හෙවත් හේතුව නොදත් නිදන්ගත වකුගඩු රෝගය  නමින් හැඳින්වෙන රෝගයට හේතුකාරක  වන්නේ ද යන්නයි. මෙය සාමාන්‍ය වකුගඩු රෝගවලින් වෙනස් බැවින් අපි එය මෙතැන් සිට අසාමාන්‍ය වකුගඩු රෝගය ලෙස හඳුන්වමු.  රජරට ප්‍රදේශයෙහි මේ රෝගය පළමුවෙන් හඳුනාගත් බැවින් එය කලක් රජරට වකුගඩු රෝගය ලෙස ද හැඳින්වුණා.

Sunday 7 November 2021

වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීම හා එන්නත්

 වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීම හා එන්නත්


මේ රටේ තරම් උගතුන් බුද්ධිමතුන් වියතුන් විිද්‍යාඥයන් සහ ඔවුන්ගේ ස්ත්‍රී ලිංගිකයන් ඉන්න රටක් තවත් නැහැ. සකර්බර්ග් පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් ද ඒ අතර ඉන්නවා. අද මා එක්තරා අලුත් විද්‍යාඥ වර්ගයක් හඳුනා ගත්තා. ඒ වෛද්‍ය රසායන විද්‍යාඥයන්. ජෛවීය රසායන විද්‍යාඥයන් ගැන නොවෙයි මේ කතා කරන්නේ. රසායන විද්‍යා සහකාරයන් තමයි එයින් හැඳින්වෙන්නේ. මේ කතාවෙන් වැදගත් කරුණක් පැහැදිලි වෙනවා. ඒ අපේ රටේ විද්‍යාඥයා යන්න යොදා ගන්නා ආකාරයයි. මෙරට හරි හමන් විද්‍යාඥයකු නැති නිසා ම රසායන විද්‍යා සහකාරයන් ද විද්‍යාඥයන් වෙනවා. අර ඊනියා ජෛවීය රසායන විද්‍යාඥයන් ද රසායනාගාර සහකාරයන්ගෙන් වෙනස් වෙන්නෙ නැහැ. ඔවුන් සියල්ලන් ම නිවේදක නිවේදිකාවන් පමණයි.

Saturday 6 November 2021

පොහොරදාසලා හා පොහොරවතීලා

 

පොහොරදාසලා හා පොහොරවතීලා

 

වමාලාට වම නැති වීම ගැන තව  ලියන්න තියෙනවා. ඒ වගේ ම පොහොර ගැනත් ලියන්න තියෙනවා. මේ දෙක ම එක ම මූලාශ්‍රයකින් පැන නගින්නේ. ඒ වෙනත් දෙයක් නොව ජාතිකත්වය හා විජාතිකත්වය අතර ඇති ගැටුම. වමාලාට කිසි දා ජාතිකත්වය තේරුණේ නැහැ. ඔවුන් සමහරකු හිතන්නේ ජාතිකත්වය කියන්නේ බරකරත්තයෙන් ආපසු අනුරාධපුරයට යෑම කියා. එහෙත් තවත් සමහරුනට අනුව අප බටහිරකරණයකට කැස කවනවා. ජාතිකත්වය කියන්නේ ඒ දෙකෙන් එකක්වත් නො වෙයි. අපට අවශ්‍ය සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වෙමින් ජීවත් වීම. එහි දී ඒ චින්තනය මත පදනම් වූ දැනුමක් ගැන අප කතා කරනවා. ඒ දැනුම සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂයි. සිංහල බෞද්ධ සංස්කෘතියට වෙනත් සංස්කෘතීන්ගෙන් ඇතැම් දේ අවශෝෂණය කිරීම ප්‍රශ්නයක් නො වෙයි. උදාහරණයක් ලෙස බටහිර වියුක්ත ව සිතීම අප අවශෝෂණය කර ගත යුතුයි. වියුක්ත ව හිතන්න ඉස්සර හිතන්න පුරුදු වෙන්න ඕන. ඒ අතර චක්‍රීය චින්තනයට ආපසු එන්න ඕන. අද මෙරට උගතුන් ඉන්නේ රේඛීය චින්තනයේ. එයින් කියන්නේ නැහැ ඔවුන් එහි නිර්මාණ කරනවා කියා.

Friday 5 November 2021

මැණිකේ මගේ හිතේ හා වකුගඩුව

 

මැණිකේ මගේ හිතේ හා වකුගඩුව

 

මැණිකේ මගේ හිතේ ගීතය අනුව බුදුගුණ ගීතයක් හදල. බැලූ බැල්මට එහි වරදක් නැහැ. මෙරට සිංහල බෞද්ධ අච්චාරු සංස්කෘතියට එය ප්‍රශ්නයක් නොවේය කියා කවුරුන් හරි කියන්නත් ඉඩ තියෙනවා. පෙරහැරේ කාවඩි නටන්න පුළුවන් නම් මැණිකේ මගේ හිතේ ඉන්න විධියට බුදුහිමි මගේ හිතේ ඉන්න බැරි ද?

Thursday 4 November 2021

මුරුත්තට්ටුවේ හාමුදුරුවෝ කොළඹ විශ්වවිද්‍යාලය හා රාජකීය විද්‍යාලය

 

මුරුත්තට්ටුවේ හාමුදුරුවෝ කොළඹ විශ්වවිද්‍යාලය හා රාජකීය විද්‍යාලය

 

කොළඹ විශ්වවිද්‍යාලය කියන්නෙ බටහිර අනුකාරක අධ්‍යාපනයෙ ප්‍රධාන ආයතන දෙකෙන් එකක්. අනෙක පේරාදෙණිය විශ්වවිද්‍යාලය. මේ විශ්වවිද්‍යාල දෙක ම ලංකා විශ්වවිිද්‍යාලයෙ අනුප්‍රාප්තිකයන්. ජෙනිංග්ස් හැදූ වැඩූ ආයතන. පාසල් අතුරෙන් බටහිර අනුකාරක අධ්‍යාපනයෙ ප්‍රධාන ආයතනය රාජකීය විද්‍යාලය. මේ සියලු ආයතන සමග මට සම්බන්ධකම් තියෙනවා. එහෙත් රාජකීය විද්‍යාලයේ තියෙන ස්වාධීනත්වය ඔය අනෙක් ආයතනවල නැහැ. මා චක්‍රීය චින්තනය ඉගෙන ගත්තෙ රාජකීය විද්‍යාලයෙන්.  රසායන විද්‍යාව ඉගැන්වූ ක්‍රිස්ටි ගුණසේකර මහතාගෙන් හා ගණිතය ඉගැන්වූ අරසරත්නම් මහතාගෙන් මා හිතන්න ඉගෙන ගත්තා. රසායන විද්‍යාව නම් ඉගෙන ගත්තෙ නැති බව කියන්නෙ ගුණසේකර මහතාට කරන අගෞරවයක් ලෙස නො වෙයි. මට ඒ විෂය ප්‍රිය වුණේ නැහැ.

Wednesday 3 November 2021

ක්‍රිකට් මහින්ද හා ආණ්ඩුව

 

ක්‍රිකට් මහින්ද හා ආණ්ඩුව

 

ලංකාව පරදවා ජයගැනීමෙන් පසු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක මෝගන් කියා තිබුණා තරගාවලියේ තමන්ට වැඩිම අභියෝගයක් එල්ල කෙළේ ලංකාව කියා. මට තේරෙන විධියට එංගලන්තය අවසානයේ දී ලෝක ශූරයා වුණත් නැතත් අද ඉන්න දක්‍ෂතම කණ්ඩායම. ඒ කණ්ඩායමේ නායකයා එහෙම කියන විට මට තව තවත් දේ මතක් වෙනවා. ලංකාව ඒ තරගය දිනුව නම් මෝගන් කුමක් කියාවි ද? ඔහු ලංකාවට විරුද්ධ වෙන එකක් නැහැ. විනිසුරුවන් හොර කරා කියන එකක් නැහැ. ලංකාවෙ අහවල් ක්‍රීඩකයා ශතයක් ගත්තට ඔහු හරි විධියට නම් බිංදුවේ දී දැවී ගියා කියන එකක් නැහැ. අඩු තරමෙන් ප්‍රසිද්ධියේ කියන එකක් නැහැ. එහෙම කියන එක ඊනියා ක්‍රීඩා ආචාර ධර්මවලට එකඟ නැහැ.

 

ඒත් අවුරුදු දොළහකට ඉහත අප එංගලන්තයේ අනුග්‍රහය ආශිර්වාදය අනුබලය ලත් කොටි පරාජය කළා. එංගලන්තයට එය තදබල පහරක් වුණා. අප වැනි රටක් එංගලන්තය පරාජය කිරීම ඔවුන්ට මහා ප්‍රශ්නයක් වුණා. ඔවුන්ට එය දරා ගන්න බැරි වුණා. ඔවුන්ට අදත් එය දරා ගන්න බැහැ. ඊනියා අපක්‍ෂපාත බීබීසියේ චැනල් 4 ලංකාවට විරුද්ධව බොරු ප්‍රචාරය කළා. විවිධ වාර්තා මගින් පෙන්නන්න උත්සාහ කළා අපේ හමුදාවේ ජයග්‍රහණය හොර එකක් කියා. හමුදා ආචාර ධර්ම නොසැලකූ බවට චෝදනා ගෙතුවා. දෙමළ ජනයා සමූලඝාතනය කළ බව කිවුවා. එංගලන්තය ලෝකයක් පාලනය කෙළේ කෙසේ ද කියා කීවේ නම් නැහැ.

 

එංගලන්තය ප්‍රධාන වශයෙන් මැදිහත් වී මහින්ද රාජපක්‍ෂ පරාජය කළා. ඒ සඳහා මෛත්‍රිපාල යොදා ගැනීමට හැකි වන ආකාරයෙන් ශ්‍රී ල නි ප ඇතැමුන් ම ඔහුට පක්‍ෂයෙන් යන තැනට කටයුතු කර තිබුණා. මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයෙන් ගියා නොවෙයි. යවනු ලැබුවා. ඒත් මෛත්‍රිපාලටත් මහින්දටත් සිදු වූ වරද තේරුම් ගියා. මෛත්‍රිපාල අර මහාචාර්යවරයකු කී පරිදි  මයිලෝ බීල හරි ශක්තිය ලබා ගෙන රනිල් පන්නා මහින්ද අගමැති කළා. දින පනස්දෙකේ ආණ්ඩුව පවත්වාගෙන යෑම ඇතැමුන් මගහැරියා. යටත්විජිතලා මහින්දගේ ආණ්ඩුවට විරුද්ධ ව විශ්වාසභංගයක් ගෙනාවා. ඔවුන් එය දිනුවා. එදා පාර්ලිමේන්තුවට පැමිණි එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල තානාපති කාර්යාල නිලධාරීන් දින පනස් දෙකේ ආණ්ඩුව පැරදුනා ම ප්‍රීතිඝෝෂා නැගුවා. ඒ ක්‍රිකට් නොවේ කියා ඉංගිරිසි කියමනක් තියෙනවා.

 

මහින්දට මේ කාරණය ඊයේ (නොවැම්බර් 02) මතක් වෙලා. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පස්වැනි සංවත්සරය කියන්නක් නිමිත්තෙන් පැවැත් වූ රැස්වීමක දී. අද මේ ආණ්ඩුවට විරුද්ධ ව රට විකිණීමට යන බවට චෝදනා තියෙනවා. මා ඒ චෝදනා ප්‍රතික්‍ෂෙප කරන්නේ නැහැ. එසේ විකුණනවා නම් ඒ කරන්නේ කවුද යන්න හොයා බලන්න ඕන. ඒ වගේ ම විකිණීම නවත්වන්න ඕන. විවිධ කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුවේ තුවාල ඇති වෙලා. මා ඒ තුවාල පාරන්න සූදානම් නැහැ. ඊයේ මහින්ද  තුවාල සුව කිරීමට උත්සාහයක් ගත්තා.

 

අද ආණ්ඩුව රට විකුණන්න යන බවට චෝදනා කරන සජිත් කිරිඇල්ල චම්පක ඇතුළු පිරිස් එම්සීසී ගිවිසුම අත්සන් කිරීමට සියල්ල සූදානම් කර තිබුණා. දින පනස්දෙකේ ආණ්ඩුව නොවන්නට එය අත්සන් කෙරෙනවා. පසුව මේ ආණ්ඩුව එම්සීසී ගිවිසුම මුළුමනින් ම ප්‍රතික්‍ෂෙප කළ බව ඊයේ මහින්ද මතක් කළා. එම්සීසී කියන නම ක්‍රිකට් ක්‍රීඩාවටත් සම්බන්ධයි. ඒත් එම්සීසී අත්සන් කරන්න තිබුණේ ක්‍රිකට් ක්‍රීඩා නොකරන එක්සත් ජනපද සමගයි.

 

2015 මහින්ද පැරදවීමෙන් පසු 2019 දී ගෝඨාභය බලයට පත් කිරීමට බොහෝ දෙනා කටයුතු කර තියෙනවා. දින පනස්දෙකේ ආණ්ඩුව ඒ ක්‍රියාදාමයේ එක් පියවරක් පමණයි. ශ්‍රී ල නි ප යමපාලනයට යැවීම නිසා 2015න් පසු දේශපාලනයේ රික්තයක් ඇති වී තිබුණා. ජාතියට ම පිළිගත හැකි ජාතිකත්ව පක්‍ෂයක් තිබුණේ නැහැ. එවැනි පක්‍ෂයක් පිහිටුවීමට කටයුතු කෙළේ ජනතාවයි. ඔවුන් මැදමූලන ගියා. මහින්ද සුළඟක් ඇති වුණා. නුගේගොඩ රැස්වීමට මහින්ද සුළඟ හැමුවා. ඒ රැස්වීමට සහභාගි වූ අද පොදු ජන පෙරමුණේ ඉන්න මන්න්්‍රීවරුන් දෙතුන් දෙනාට සතුටු වන්න පුළුවන්. පොදු ජන පෙරමුණේ නිර්මාතෘවරුන් ජනතාව. ඒ මහින්ද සුළඟ ඇති කළ ජනතාව. ඔවුන් අමතක කරන්න එපා. අර පොදු ජන පෙරමුණේ නිර්මාතෘට ප්‍රදානය කළ තිළිණය හිමි විය යුත්තේ කිසිම දේශපාලනඥයකුට නොව ජනතාවටයි.

 

මා හිතන්නේ ජනතාව නියෝජනය කරමින් ඒ තිළිණය මහින්දට එකල තාවකාලික දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් සැපයූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ට ප්‍රදානය කරන්න තිබුණා කියා. උන්වහන්සේ මා ද කලක් වැඩ කළ එහෙත් ඇතැමුන් කියන විධියට ඉගැන්වීම හැර අන් දේ කළ කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය ගෞරවාන්විත ව හොබවාවි. අද ඒ විශ්වවිද්‍යාලය පාලනය කෙරෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ අය විසින්. ඇතැම් අධ්‍යනංශවලට නුසුදුස්සන් පත් කර ඇති බවට චෝදනා තියෙනවා. මා ඒ ගැන එතරම් සැලකිලිමත් වන්නේ නැහැ. එකලත් විශ්වවිද්‍යාලවල එවැන්නන් පත් කෙරුණා. අද ඒ නුසුදුස්සන් තමන් වැනි නුසුදුස්සන් පත් කරනවා.  ඔවුන්ගේ එකම සුදුසුකම සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ වීමයි.

 

මුරුත්තෙට්ටවේ හාමුදුරුවන් ද මේ ආණ්ඩුව විවේචනය කරනවා. අප සියල්ලන් තේරුම් ගත යුතු කරුණක් තියෙනවා. මහින්ද හා ගෝඨාභය අතර වෙනස්කම් තියෙනවා. මහින්ද කළමනාකරන දේශපාලනයෙහි අති දක්‍ෂයෙක්. සමහර විට එවැන්නකු වෙනත් රටක නැති වෙන්නත් පුළුවන්. ගෝඨාභයට දැක්මක් තියෙනවා. ඇතැම් සුපිරි ජාතිකවාදීන් මා කියන දේට විරුද්ධ වන බව මා දන්නවා. මහින්ද ගෝඨාභය සුසංයෝගය රටට අත්‍යවශ්‍යයි.

 

මේ ආණ්ඩුව පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් නො වෙයි. එදා ගෝඨාභය රාජපක්‍ෂ මුලසුනේ තබා ගනිමින් මට මතක හැටියට පදනම් ආයතනයේ දී පොදු ජන පෙරමුණ හා තවත් පක්‍ෂ ගිවිසුමක් අත්සන් කළා. ඒ ගිවිසුම අදටත් වලංගුයි. මේ ආණ්ඩුව ඒ සියලු පක්‍ෂවල ආණ්ඩුවක්. පක්‍ෂ අතර පමණක් නොව පක්‍ෂ ඇතුලෙත් මත භේද තියෙනවා. එහෙත් ජනතාව ඡන්දය දී ඇත්තේ මතභේද  හදාගෙන ආණ්ඩුව දුර්වල කරන්න නො වෙයි. මහින්දගේ පණිවුඩයේ එය ද ගැබ් වී තියෙනවා.

 

ඔහු සියල්ලන්ට හොඳ කතාවක් මතක් කර දුන්නා.   පොදු ජන පෙරමුණට ශ්‍රී ල නි පක්‍ෂයෙන් හිමි වූ උරුමයක් තියෙනවා. ඒ එක් අරමුණක් වෙනුවෙන් තවත් පක්‍ෂ සමග එකට වැඩ කිරීම. 1956 ශ්‍රී ල නි ප බලයට පත් වුණේ තවත් පක්‍ෂ සමග මහජන එක්සත් පෙරමුණ නමින් පක්‍ෂයක් තනා ගෙන. එදා සිට ශ්‍රී ල නි ප තනිව තරග කර නැහැ. පොදු ජන පෙරමුණත් අනෙක් පක්‍ෂ සමග එකතු වී තරග කළා.

 

මේ සියල්ලන් ම තේරුම් ගත යුතු කරුණ නම් තනි තනි ව කිසිවකුට ජයග්‍රහණයක් නැති බව. ජනතාව විවිධ අදහස් දරණවා. ඒ ඒ අය ඒ ඒ පක්‍ෂවලට කැමැත්ත දක්වනවා. මේ විවිධ ජනතාව එකතු කරන්න අදාළ පක්‍ෂ අතර සමගියක් තියෙන්න ඕන. මහින්ද ඊයේ පොදු ජන පෙරමුණේ ඊනියා සංවත්සරයේ දී කීවේ එයයි.

 

අද අප කල්පනා කළ යුත්තේ ජනතාව මේ ආණ්ඩුව බලයට පත් කෙළේ කුමක් සඳහා ද යන්නයි. ඒ සිංහල බෞද්ධ රාජ්‍යයක් ඇති කිරීම සඳහා නම් නො වෙයි. අපට එය අවශ්‍ය වුවත් ජනතාවට තවමත් ඒ අවශ්‍ය නැහැ. මේ ආණ්ඩුවෙන් සිංහල බෞද්ධ රාජ්‍යයක් අප බලාපොරොත්තු නොවන බව එදා පදනම් ආයතනයේ දී පැවති රැස්වීමෙදිත් මා කියා ඇති. එසේ නම් ජනතාවට අවශ්‍ය කුමක් ද? ඔවුන් යමපාලන ආණ්ඩුවේ සිංහල විරෝධී වැඩවලින් බැට කා හිටියේ. රට විකිණීම, හම්බන්තොට වරාය අනූනව අවුරුද්දකට චීනයට බදු දීම, සිංහල අයිතිවාසිකම් නැති කිරීම, ජීවන බර, පාස්කු ප්‍රහාරය ආදිය ඔවුන්ගේ හිත්වල තිබුණා. එපමණක් නොව ඉන්දු ලංකා ගිවිසුම, රනිල් ප්‍රභාකරන් ගිවිසුම, නෝර්වේ ස්වීඩනය, නෙදර්ලන්තය, පින්ලන්තය වැනි රටවල් හරහා කෙරුණු එංගලන්තයේ සිංහල විරෝධී මැදිහත්වීම් සංකල්පීය ව නොවුණත් ජනතාවට අමතක වෙලා තිබුණේ නැහැ.

 

අද ආණ්ඩුව කල්පනා කළ යුත්තේ ජනතා අපේක්‍ෂා ඉටු කර ඇත්තේ ද යන්නයි. අද ඩොලර් හිඟයක් තියෙනවා. රනිල් සජිත් වැන්නන් හා ඊනියා ආර්ථික විද්‍යාඥයන් දන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට තව තවත් ණය වීමයි. යමපාලන ආණ්ඩුව කොපමණ ණය අරගෙන තියෙනවා ද? රනිල්, සජිත් හා පිරිස ගන්නා ණය ගෙවීමට සිදු වන්නේ මහින්දලාට. යමපාලන ආණ්ඩුව ඩොලර් ඉපයීමට කළ ඉටිගෙඩියක් නැහැ. අප අනවශ්‍ය ප්‍රමාණයකට සංචාරකයන් මත යැපුණා. කොවිඩ් සමග අපනයන අඩපණ වුණා. සංචාරක ව්‍යාපාරය කඩා වැටුණා. එන්නත්කරණයට ඩොලර් අවශ්‍ය වුණා. යමපාලන කාලයේ ගුරු වැටුපට  අත නොගැසූ ජෝසෆ් ස්ටැලින්ලාට මහින්ද ජයසිංහලාට ගුරු වැටුප් මතක් වුණා. ඔය ස්ටැලින්ලාත් ඉන්නේ රනිල්ලා එක්ක.

 

පොහොර ප්‍රශ්නය ගොවීන්ට කියා දුන්නේ නැහැ. මෙහි සංකල්ප පටලවා ගැනීමක් තියෙනවා. කාබනික ගොවිතැන කියන්නෙ වැරදි සංකල්පයක්. ඒ ගැන පසුව කතා කරමු. සිංහල වෙදකමට යම් තැනක් ලැබුණත් එය ප්‍රමාණවත් වූයේ නැහැ. බටහිර වෙදකමේ ආධිපත්‍යය කඩන එක ලෙහෙසි වැඩක් නො වෙයි. පඬි නැට්ටන් ඊනියා දාර්ශනිකයන් වී ඇත්තේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය ඔවුන්ට ආරක්‍ෂාව සපයන බැවින්. නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන අසපුවාදීන්ගෙන් මෙන් ම අන්‍ය ආගමිකයන්ගෙන් ද බේරා ගැනීමට කළ යුතු දේ කෙරුණේ නැහැ. පනස්හයේ සඟ වෙද ගුරු ගොවි සංයුතිය ආණ්ඩුවෙන් ඈත් වුණා. ආණ්ඩුවේ දේශපාලනඥයන් කොළඹට සීමා වුණා. ඒ සමග ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත් වුණා. බටහිර ගැති දේශපාලනඥයන් මෙන් ම රාජ්‍ය නොවන ගැත්තන් පඬියන් පඬිපෝතකයන් පඬිනැට්ටන් ආදී සිංහල බෞද්ධ විරෝධීන්ට ජනතාව අතරට යෑමට හැකි වුණා.

 

මේ වැරදි හදාගන්න පුළුවන්.  මා කලින් කීවාක් මෙන් මට තුවාල පාරන්න ඕන නැහැ. ඒත් යම් ආකාරයකට ඇතැම් ආයතන විකිණීම පිටුපස ඉන්න අය හඳුනාගෙන ඒ නවත්තන්න ඕන. නැති වී ගිය සිංහල අයිතිවාසිකම් ලබා දීමට කටයුතු කරන්න ඕන. සිංහල මධ්‍යම පංතියට තම කිසි වැදගැම්මකට නැති අරමුණු ප්‍රාර්ථනා බලාපොරොත්තුවල නිස්සාරණත්වය ගැන කතා කරන්න ඕන. අද ඒ වැදගැම්මකට නැති දේ හාමුදුරුවරුන්ටත් වෙද මහතුන්ටත් ගුරුවරුන්ටත් ගොවීන්ටත් ගිහින්. දේශපාලනඥයන් ගැන කීම අනවශ්‍යයයි. ඩොලර් ප්‍රශ්නයට


විසඳුම් ලෙස අපට එක්වරට අපනයන වැඩි කරන්න බැහැ. බලාපොරොත්තුවන තරමට සංචාරකයන් එන්නෙත් නැහැ. අපට ආනයන අඩු කර ගන්න වෙනවා. මධ්‍යම පංතිය එයට කැමති කරවා ගැනීම අද ඇති මූලික ප්‍රශ්නයයි. ඒ සඳහා ඔවුන් අතර දේශපාලනය කරන්න ඕන. ගුරුවරුන් ගොවීන් අතර දේශපාලනය කරන්න ඕන. යම් යම් වැරදි තිබුණත් මේ ආණ්ඩුව පරාජය කර අප නැවතත් රට ම පාවාදෙන සජිත්ලා කිරිඇල්ලලා චම්පකලා පත් කර ගන්නවා ද?               

 

     

Tuesday 2 November 2021

අප එංගලන්තයට පැරදුණේ ඊයේ නො වෙයි

 

අප එංගලන්තයට පැරදුණේ ඊයේ නො වෙයි

 

වමාලාට වම නැති වීම ගැන තවදුරටත් කතා කරන්න ඕන. ඒත් අද එයට වඩා වැදගත් දෙයක් කතා කරන්න අවශ්‍යයි. වමාලාට අද කරන්න පුළුවන් අනෙක් අයට නොදැනෙන්නට ධනවාදයට ආවැඩීමත් ජාතිකත්වයට විරෝධය දැක්වීමත් පමණයි. ඔවුන් කිහිප අතකින් හැටේ දශකයේ බිහි වූ විරෝධය කණ්ඩායමේ අනුප්‍රාප්තිකයන්. අද ඉන්න බොහෝ පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් විරෝධය කණ්ඩායම ගැන දන්නේ නැහැ. ඒත් කම්කරු මාවත එක්ස් කණ්ඩායම ආදිය එහි පුනරුත්පත්ති. එසේ කීම ගැන වමාලා විරුද්ධ වේවි. ඔවුන් ගුණදාස අමරසේකර ආදී ප්‍රබුද්ධයන් මෙන් ම පුනරුත්පත්තියක්, පුනබ්භවයක් පිළිගන්නේ නැහැ.  ඔවුන් හා අමරසේකර බටහිර දැනුම් ගණිකාවන් ඇසුරෙන් යළි යළි උපදින බව නම් මා හොඳින්  ම දන්නවා.

Monday 1 November 2021

ලෙනින් මෙහෙයවූ ධනවාදී ඔක්තෝම්බර් විප්ලවය

ලෙනින් මෙහෙයවූ ධනවාදී ඔක්තෝම්බර් විප්ලවය

 

මේ ලිපිය ඔක්තෝම්බර් 29 වැනි දා පළවූ වමාලාට වම නැති වීම ලිපිය හා සම්බන්ධයි. පනස් හයේ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවා. එදා තිබූ ප්‍රශ්නයක් වූයේ ආණ්ඩුව පිහිටුවා බණ්ඩාරනායක මහතා හැඳි ගෑරුප්පුවලින් කිරිබත් කෑමයි. ඒ තමයි සිංහල බෞද්ධ අච්චාරු සංස්කෘතිය. සිංහලයන්ට සංස්කෘතික අවශෝෂණය තේරෙන්නේ නැහැ. ඔවුන් අනුකාරකයන් පමණයි. කඨින පෙරහැරේ මැණිකේ මගේ හිතේ වාදනය වන්නේ ඒ අනුවයි. අද බොහෝ පෙරහැරවල කාවඩි නටනවා, වෙන වෙන ගීතත් වාදනය කෙරෙනවා. ඒ සම්න්ධයෙන් වරදකරුවන් අතරට මෙරට බොහෝ සංගිතඥයන් කියන අය ද එක්වෙනවා. ඔවුන් කරන්නේ ලෝකයේ විවිධ සංගීත අනුකරණය කිරීම පමණයි. ඊනියා සාහිත්‍යකරුවන් හා විද්‍යාඥයන් ද කරන්නේ අනුකරණය පමණයි. අප රටින් නිර්මාණශීලීන් නැති වී බොහෝ කල්.