Main Logo

Thursday 25 November 2021

සජිත්ලාට බලය දෙනවා ද?

 

සජිත්ලාට බලය දෙනවා ද?

 

 

ඊයේ (නොවැ 24) ජනාධිපතිතුමා කල්‍යාණි රන් පිවිසුම පාලම විවෘත කිරීමේ උත්සවයේ දී හොඳ කතාවක් කළා. එහි අඩංගු වැදහත් කරුණු දෙකක් ගැන ලියන්න ඕන කියල හිතුණා. පළමුවෙන් පාස්කු ප්‍රහාරය ගැන. එතුමා මතක් කර සිටියේ පාස්කු ප්‍රහාරය යහපාලන කාලයේ දී සිදු වූ බවත් ඒ සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව ම පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව එකල ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුව එයට වග කිව යුතු බවත්.

 

කාදිනල්තුමා නිතර නිතර පාස්කු ප්‍රහාරයේ මතුපිටට නොපෙනෙන දෙයක් යටින් තියෙන බව කියනවා. එතුමා ඒ් යටින් තියෙන දේ දන්නවා ද කියා අප දන්නේ නැහැ. මා අහන්නේ නැහැ එය දෙවියන් වහන්සේගේ කැමැත්ත ද කියා. එහෙමත් නැත්නම් අල්ලා දෙවියන් වහන්සේට පාස්කු ප්‍රහාරය අවශ්‍ය වුණා ද කියා අහන්නේත් නැහැ. ඔය දෙවියන් වහන්සේලා දෙදෙනකු වශයෙන් කියැවුණත් දෙදෙනා ම එක ම දෙවි කෙනෙක්. මහමත්තුමා ක්‍රිස්තුස් වහන්සේට පසුව පැමිණි දේව නියෝජිතයා. අනාගත වක්තෘවරයා. ඔය දෙවියන් වහන්සේලා යුදෙවු යෙහෝවා දෙවියන් වහන්සේ ම තමයි. මා ඒ දෙවියන් වහන්සේට කැමතියි. ඒ දෙවියන් වහන්සේ ඉතා ම වියුක්ත සංකල්පයක් නිසා. හිතෙන් මවා ගන්න බැරි සංකල්ප අප බටහිර ගණිතයේ ඉගෙන ගන්නවා. සරල රේඛාව කියන්නෙ ඒ සම්බන්ධයෙන් කවුරුත් දන්න සංකල්පයක්. පඬි නැට්ටන්ට නම් සරල රේඛා හිතෙන් මවා ගන්න පුළුවන් කියල ඔවුන් මවා ගෙන ලියන දේ කියෙවුව ම හිතෙනවා.

 

පාස්කු ප්‍රහාරය ගැන දැන් නඩු විභාගයක් පැවැත්වෙනවා. මා දන්නේ නැහැ උසාවියට කාදිනල්තුමා හරි සිරිල් ගාමිණී පාදිලිතුමා හරි කැඳවා එතුමන් දන්නා දේ අසා ගැනීමට පුළුවන් ද කියා. ඒ කොහොම වුණත් කාදිනල්තුමා මෛත්‍රිපාල සිරිසේන ගැන සඳහන් කර තිබුණා. එතුමා රනිල් ගැන නම් කියා තිබුණේ නැහැ. රනිල් නොමැති ව මෛත්‍රිපාල පමණක් පාස්කු ප්‍රහාරය ගැන කියන විට සඳහන් කෙරෙන්නේ ඇයි ද කියා මට තේරෙන්නේ නැහැ. මෛත්‍රිපාල මෙන් ම රනිලුත් රටේ ආරක්‍ෂාව ගැන වග කියන්න ඕන. ඒ විතරක් නොවෙයි මුළු අමාත්‍ය මණ්ඩලය ම රටේ ආරක්‍ෂාව ගැන වග කියන්න ඕන. ඒ ආණ්ඩුව අප්පුහාමිලගෙ කාවින්ද ජයවර්ධනලගෙත් ආණ්ඩුව. ඒ අය අද පාර්ලිමේන්තුවෙ කතා කරන්නෙ පාස්කු ප්‍රහාරය මේ ආණ්ඩුව කාලෙ සිද්ධ වුණු දෙයක් හැටියට සලකමින්. 

 

රටේ ආරක්‍ෂාව නොසලකා හැරීම බරපතල වැරැද්දක්. ජනාධිපති කොමිිසම යහපාලන ආණ්ඩුව වැරදි කරුවන් හැටියට හඳුනා ගන්නවා නම් ජනාධිපතිතුමා කී පරිදි ඔවුන්ගේ ප්‍රජා අයිතිවාසිකම් නැති කරන්න පුළුවන්. කාදිනල්තුමාට පළිගන්න අවශ්‍ය නැහැ කියනවා. ඒක හොඳයි. එතුමා ඇහැට ඇහැක් දතට දතක් ඉල්ලන්නෙ නැහැ. ඒ කොහොම වුණත් රනිල්ගෙ ප්‍රජා අයිතිවාසිකම් නැති කළත් මෛත්‍රිපාලගෙ  ප්‍රජා අයිතිවාසිකම් නම් නැති කරන්න ටිකක් අමාරු වෙයි.  ඒ සඳහා ශ්‍රී ල නි ප මන්ත්‍රීන් කී දෙනකු ඡන්දය දෙයි ද? රනිල් බේරල මෛත්‍රිපාල වැරදි කාරයා කරන එක නම් ලෙහෙසි වෙන එකක් නැහැ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මා මෛත්‍රිපාල නිවැරදි ය කියා කියන්නේ නැහැ.

 

මේ අතර මට තව ප්‍රශ්නයක් තියෙනවා. අපට දෙමළ ත්‍රස්තවාදයට කතෝලික පූජකතුමන්ලා සහාය දැක්වුයේ මොකද කියලත් දැන ගන්න ඕන. කාදිනල්තුමාත් එකල උතුරට ගිහින් දෙමළ ත්‍රස්තවාදීන් හමුවෙලා තියෙනවා. ඒ ගැනත් යටින් දුවන කතාවක් තියෙනවා ද? මට නම් මේ සියල්ල ගැන කතාවක් තියෙනවා. දෙමළ ජාතිවාදය හා ත්‍රස්තවාදය මෙන් ම මුස්ලිම් අන්තවාදයත් පසුපස හරි යටින් හරි එංගලන්තය ඉන්නවා. ඒ වගේ ම දෙමළ ත්‍රස්තවාදය යටින් ඉන්දියාව ඉන්නවා. පසුගිය දා කිට්ටු සැමරීමට ගිය මෙරට ඉන්දීය නියෝජ්‍ය කොමසාරිස් කියල තිබුණ ඔහු එහි ගියෙ ඒ කිසිවක් නොදැන කියලා. අනේ පවු නොදරුවා.  මේ රටේ ඉන්න රෝ ඔත්තුකාරයො ඔය උත්සවයෙ වෙන්න යන දේ ගැන හාන්කවිසියක් දැන ඉන්න නැතිව ඇති.

 

ජනාධිපතිතුමා කී දෙවැනි කරුණ නම් විරුද්ධ පක්‍ෂය කතා කරන්නෙ කිසි දා ආණ්ඩු නොකරපු පිරිසක් වගේ කියන එක. පාස්කු ප්‍රහාරය සිද්ධ වුණෙත් අප්පුහාමිලගෙ කාලෙ. ණය වැඩිය ම අරන් තියෙන්නෙ යමපාලන කාලෙ. ඒ ණය ගෙවන්න වෙන්නෙ මේ ආණ්ඩුවට. ඩොලර් අර්බුදයට ප්‍රධාන ම හේතුව ණයට කෑම. එහි දී ජේ ආර් ඇතුළත්මුදලි ගාමිණී දිසානායක රොනී ද මැල් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය අප නැත්තට ම නැති වෙන තත්වයට ගෙනාවා.

 

මේ ආණ්ඩුවෙ දුර්වලකම් නැතුව නො වෙයි. මට පේන විධියට එයට ප්‍රධාන හේතු තුනක් තියෙනවා. එකක් නිලධාරින්ගෙ ආකල්පය. නිලධාරීන් යම් පිරිසක් දූෂිතයන්. ඔවුන් අතර පට් පට් ගාලා සම්තින් හොයන්නන් ඉන්නවා. සමහරු පෞද්ගලික සමාගම්වල නියෝජිතයන් (සේවකයන්). තවත් සමහරු ජනාධිපතිතුමාට වැරදි දත්ත (ඊනියා සංඛ්‍යාන) ලබා දෙනවා. පොහොර ප්‍රශ්නයෙ දි එය  බලපෑවා. රසායනික පොහොර එකවර හදිසියෙ නැවැත්වීමට තීරණය ගැණුනෙ වැරදි දත්ත මත පදනම් වෙලා කියල මට හිතෙනවා. ඒ වුණත් අපි හෙළ ගොවිකමට යන්න ඕන. රටේ ආර්ථිකය හැසිරවීම පොත් තැබීම වගේ කරන්න බැහැ. එයට අංක ගණිතය හරි බටහිර ආර්ථික විද්‍යා පට්ටපල් බොරු ටිකක් හරි දැන ගෙන හිටීම  පමණක් ප්‍රමාණවත් නැහැ. බටහිර ආර්ථික විද්‍යාව බටහිර විද්‍යාවක්වත් නො වෙයි. 

 

දෙවැන්න ආණ්ඩුවෙ තීරණ නිරවුල් ව නිකුත් නොකිරීම. එයටත් හොඳ ම උදාහරණයත් පොහොර ප්‍රශ්නය. ජනමාධ්‍යයෙහි කියැවෙන විස්තර අනුව අමාත්‍ය මණ්ඩල තීරණය වුණෙ රජයේ හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය වෙනස් නොකර තාවකාලික ව පෞද්ගලික අංශයට රසායනික පොහොර හා පලිබෝධ නාශක ගෙන්වීමට  අවසර දීමටත් ආණ්ඩුවේ සගනාධාර කාබනික ගොවිතැනට පමණක් දීමටත්. අමාත්‍ය මණ්ඩලය පලිබෝධ නාශක නැවත ආනයනය කිරීමට තීරණය කළෙ අප්‍රේල් මාසයේ තහනමට ලක් වෙච්ච පලිබෝධ නාශක සම්බන්ධයෙන්. ඒ වන විටත් වසර කිහිපයක් ග්ලයිෆොසේට ආනයනය කිරීම තහනම් කෙරිලා තිබුණෙ. එබැවින් පසුගිය දා පලිබෝධ නාශක නැවත ආනයනය කිරීම සම්බන්ධයෙන් ගත් තීරණය ග්ලයිෆොසේට් සඳහා බලපාන්නෙ නැහැ.

 

එහෙත් ආණ්ඩුව එය නිරවුල් ව ප්‍රකාශ නොකිරීම නිසා අදාළ නිලධාරීන්ට තමන්ට අවශ්‍ය විධියට (සමාගම්වලට අවශ්‍ය විධියට වෙන්නත් පුළුවන්) ඒ තීරණය   අර්ථකථනය කරන්න පුළුවන්. ආණ්ඩුව එවැනි දේට ඉඩ නොතැබිය යුතුයි. අමාත්‍ය මණ්ඩල තීරණ එදා ම ප්‍රකාශ කිරීම අවශ්‍ය නැහැ. ඒ සියල්ල හරිහමන් නීතිඥයකුගේ සහාය ලබා ගෙන කෙටුම්පත් කර ජනාධිපතිතුමාට ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රකාශ කරන්න පුළුවන්.

 

ආණ්ඩුවෙ දුර්වලකම්වලට බලපාන තුන්වැනි හේතුව ජනාධිපතිතුමා ඇතැම් අවස්ථාවල තනි වීම හා බලපැම්වලින් යට කිරීම. එදා රුවන්වැලිසෑයේදී එක් නායක හිමිපාණන් වහන්සේ නමක්  තමන්වහන්සේගේ අනුශාසනාවේ දී සඳහන් කළා ජනාධිපතිතුමා තනි අලියකු වගේ වැඩ කරන බව. එහෙත් මට නම් තේරෙන්නේ එතුමාට තනි අලියකු මෙන් වැඩ කිරීමට ඉඩ නොතබා යම් යම් අය මන්ද ගහන බවයි. ඒ මන්ද ගහන්නන් කවුරුන් ද යන්න මට කියන්න බැහැ.

 


මේ ආණ්ඩුව පතුරු ගහලා වීරයකු වීමට මට අවශ්‍ය නැහැ. මා කොහොමටත් වීරයෙක් නො වෙයි. කොහොමටත් හරි හමන් විකල්පයක් නැතිව පතුරු ගැහීමෙන් වාසිය ලබන්නේ සජිත් අනුර චම්පක කල්ලිය. ඔවුන් අවුරුදු ගණනාවක් රට කෑ අය. අප ඔවුන්ට නැවත බලය දෙන්න ඕන නැහැ. අද ජෝසෆ් ස්ටැලින්ලා රවි කුමුදේශ්ලා මහින්ද ජයසිංහල සුනිල් රත්නප්‍රියලා වැඩ වර්ජන මාලාවක් ඇති කරන්නෙ සජිත් අනුර චම්පක කල්ලිය වෙනුවෙන්. ඔවුන්ට යමපාලනයෙන් තම ප්‍රශ්න විසඳා ගන්න බැරි වුණා ද?  අපි ඔවුන් සමගවත් සකර්බර්ග් අනාථ කඳවුරේ පඬි නැට්ටන් සමගවත් කීයටවත් එකතු වෙන්නෙ නැහැ.  අඹ ගහට පොලු ගහල අඹ ගෙඩි වෙන අයට (රට කෑ අයට) අහුල ගන්න ඉඩ දීම මගේ ප්‍රතිපත්තිය නො වෙයි. අඹ ගෙඩි ගහේ ම තිබුණාවෙ. පඬි නැට්ටන් සකර්බර්ග් අනාථ කඳවුරේ ම හිටියාවෙ.