Main Logo

Thursday 30 April 2020

Who made the Virus? Another view.



෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 


Who made the Virus?  Another view.


French coronavirus strain may be local and may not have come from China

The Covid-19 virus which has been ravaging France may not have originated in China, according to a study published by virologists at the Pasteur Institute in Paris. The French strain may have been circulating locally and unrecognised before the global outbreak accelerated.

කොවිඩ් රෝගියා බටහිර වෙදකමේ හිරකරුවෙක් නො වේ

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 





කොවිඩ් රෝගියා බටහිර වෙදකමේ හිරකරුවෙක් නොවේ

කොවිඩ් 19 ආසාදිතයන් සුව වී ගෙදර යන බව අසන්නට ලැබෙනවා. එය සතුටුදායක ප්‍රවෘත්තියක්. එහෙත් මට ප්‍රශ්නයක් තියෙනවා. මේ ආසාදිතයන් සුව වන්නේ යම් ප්‍රතිකාරයක් ලැබීමෙන් පසුව ද? කොවිඩ් 19ට ප්‍රතිකාරයක් තියෙනවා ද? බටහිර වෙදකමේ ප්‍රතිකාර නැති බව කියන්නේ බටහිර වෙදමහත්වරුන්මයි. මා කලින් දවසක ඇහුවා කොවිඩ් රෝගියකු යනු කවුද කියා. අද අහනවා මේ රෝගීන් සුව වෙනවා කියන එකේ තේරුම මොකක් ද කියන එක. සුව වෙන්න කරන ප්‍රතිකාරය කුමක් ද? බටහිර වෙදකමේ ප්‍රතිකාරයක් නැත්නම් මේ සුව වීම යනු කුමක් ද?

Wednesday 29 April 2020

කොවිඩ් 19 ඔළුව හා පපුව

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 



කොවිඩ් 19 ඔළුව හා පපුව

කොවිඩ් 19 අපට හුඟක් දේ කියා දෙනවා. රට රටවල ඇති විවිධ සංස්කෘතීන් මත ඒ ඒ ජනතාව මෙන් ම ආණ්ඩු ද ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න අප තේරුම් ගනිමින් සිටිනවා. සියලුූ රටවල ජනයා ආත්මාර්ථකාමීයි. ඒ ඒ රටවල ආත්මාර්ථකාමීත්වය අඩු පුද්ගලයන් ඉන්න පුළුවන්. එහෙත් පොදුවේ ආත්මාර්ථකාමීත්වයක් තියෙනවා. මේ ආත්මාර්ථකාමීත්වය ඒ ඒ සංස්කෘතියේ පිළිබිඹු වන්නේ ඒ ඒ ආකාරයෙන්. 

Tuesday 28 April 2020

කොවිඩ් මර්දනයට අසහාය සහාය

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 





කොවිඩ් මර්දනයට අසහාය සහාය


කොරෝනා මර්දන කටයුතුවලට සියල්ලන් ට සහභාගි වීමට නොහැකි බව අමුතුවෙන් කිව යුතු නො වේ. මෙරට ජනයා විශේෂයෙන් ම අති මහත් බහුතරය වූ සිංහල බෞද්ධයන් ඉතා සංවේදී අය. ඔවුන් තම තමනට හැකි පමණින් කොරෝනාවෙන් පීඩාවට පත් වී ඇති ජනතාවට ආධාර කිරීමට ඉදිරිපත් වෙනවා. අද රටේ බොහෝ පළාත්වල ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ දී බොහෝ දෙනා විවිධ ආකාරවලින් සහභාගි වෙනවා. ඒත් අර සිවල් සංවිධාන නම් දකින්නට නැහැ. 

Monday 27 April 2020

කුරහන් සාටකය, කොවිඩ් හා මුට්ටි බිඳීම

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 




කුරහන් සාටකය,  කොවිඩ් හා මුට්ටි බිඳීම


කොවිඩ් 19 වැළඳී සුව වූ අයට නැවත වැළඳීමට ඉඩ ඇති බව බටහිර ඉන්න බටහිර වෙදමහත්වරු කියනවා. මෙරට බටහිර වෙදමහත්වරුන්ට ඒක ඊට පස්සෙ කියන්න පුළුවන්.  ඒ කියන්නේ එන්නතක් නිෂ්පාදනය කිරීම අසීරු වන බව ද? කොවිඩ් 19 ගැන බටහිර ඉන්න බටහිර වෙදමහත්වරුන්ට දැනුමක් නැති බව පැහැදිලියි. කොවිඩ් 19ට ප්‍රතිචාර දැක්වීම  අවුරුදු උත්සවවල දී කෙරෙන ඇස් බැඳ මුට්ටිය බිඳීම වැනි සෙල්ලමක් බවට පත් වෙලා. මෙවර අවුරුදු උත්සව නොතිබුණු නිසා මෙය කළාට කමක් නැතැයි මා කියන්නේ නැහැ. කොහොමටත් කොවිඩ් මුට්ටි බිඳීම කෙරෙන්නේ බටහිර. 

Sunday 26 April 2020

කොවිඩ් රෝගියා යනු කවරෙක් ද?

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 





කොවිඩ් රෝගියා යනු කවරෙක් ද?


බටහිර වෛද්‍ය විද්‍යාවට අද කොවිඩ් 19 රෝගය හඳුනාගත නොහැකි තත්වයකට පත් වෙලා. පීසීආර් පරීක්‍ෂණවලින් ධන වන සියල්ලන් ම රෝගීන් ද? රෝගියකුට රෝග ලක්‍ෂණ තිබිය යුතුම ද? පීසීආර් පරීක්‍ෂණවලින් ධන බව පෙන්වන එහෙත් රෝග ලක්‍ෂණ නොමැති අය ගැන කිව හැක්කේ කුමක් ද? කොටින් ම රෝගියකු යනු කවුද? කොවිඩ් 19 රෝගියා අර්ථදක්වන්න පුළුවන් ද? 

Saturday 25 April 2020

Summoning the new Parliament

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 



Summoning the new Parliament

The following is a brief summary of some of the articles published in www1.kalaya.org., translated into English, for the benefit of those who understand the language of the majority in England, but not that of the majority in Sri Lanka.

කොවිඩ් පැරදවීම

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 





කොවිඩ් පැරදවීම



කොවිඩ් 19 පැරදවීම සඳහා සියල්ලන් එකතු විය යුතු යැයි කීම කිසිම තේරුමක් නැති කතාවක්. කොටි පැරදවීමට එකතු වූයේ කවුද? ඇතැමුන් කියනවා එදා ජ වි පෙ කොටි පරාද කළ යුතු යැයි කී බව. එය එසේ නොවන බව මා හොඳාකාරව ම දන්නවා. අනූවේ දශකයේ මුල අප ලක්මිණ පුවත්පත ඇරඹු යුගයේ එහි ජ වි පෙරමුණේ හෝ ජ වි පෙරමුණට පක්‍ෂව සිටි හෝ අය අප හමුදා මෙහෙයුම්වලින් කොටි පරාජය කළ යුතු යැයි කී විට එයට විරුද්ධ වුණා. ඔවුන් විරුද්ධ වූවා පමණක් නොව ලක්මිණ ප්‍රධානියා ව සිටි තිලක් කරුණාරත්න ලවා මා ලක්මිණෙන් නෙරපන තැනට කටයුතු කළා. එදා චම්පකත් ඒ පත්‍රයට ලිවුවා. විමල් වීරවංශත් (එකල ජ වි පෙ)  ඩලස් අලහප්පෙරුමත් සුනිල් මාධවත් ලිවුවා. ජනරංජන කාටූන් ඇන්දා. ඔවුන් හමුදා මෙහෙයුම්වලින් කොටි පරාජය කළ යුතු බවක් කිවුවේ නැහැ. චම්පකලා ඊනියා යුද්ධයට විරුද්ධ ව පෝස්ටර ඇලෙවුවා. රාජ්‍ය නොවන ගැත්තන් හා සිවල් සාමාජිකයන් ගැන කියන්න අවශ්‍ය නැහැ. 

ජාතික චින්තනය


ජාතික චින්තනය


ජාතික චින්තනය නමින් පළවෙන වෙබ් අඩවිය සමග මගේ කිසිම සම්බන්ධයක් නැති බව අවධාරණය කරමි. මෙය ඇතැමුන් මගෙන් කළ විමසුමකට පිළිතුරකි.

Friday 24 April 2020

කොවිඩ්, බෞද්ධයන් හා පාර්ලිමේන්තුව

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 





කොවිඩ්, බෞද්ධයන් හා පාර්ලිමේන්තුව




නාවිකයන් තිස් දෙනකුට පමණ කොවිඩ් 19 ආසාදානය වෙලා. එය අර තවත් පොකුරක්. රෝගීන් , රෝගීන් බවට  සැක කරන්නන්, රෝගීන් වීමට විභවයක් ඇති අය පසු පස යන රණවිරුවන් පිළිබඳ ව තවත් පරෙස්සම් විය යුතුයි. ඔවුන් යම් ආාරයක ප්‍රතිශක්තීකරණයකට භාජනය විය යුතුයි. එය හමුදා විනයක් සහිත ව ක්‍රියාත්මක විය යුතුයි. රණවිරුවන්ගේ කැප කිරීම අප අගයන අතර ඔවුන් ආරක්‍ෂා කිරීමත් අපේ වගකීමක් බව තේරුම් ගත යුතුයි.

Thursday 23 April 2020

පිරිත් හා අමනුස්ස කතාව

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 




පිරිත් හා අමනුස්ස කතාව 




කොවිඩ් 19 (COrona VIrus Disease 2019 -  COVID 19) තම අණසක ලොව පුරා පතුරනවා. බටහිර විිද්‍යාව අසරණ වෙලා. වයිරසයේ වර්ග (strains) අටක් පමණ තියෙනවා කියනවා. නිව්යෝක් ප්‍රාන්තයේ තියෙන වර්ගය කැලිෆෝනියා ප්‍රාන්තයේ තියෙන වර්ගයට වෙනස් කියනවා. ලංකාවේ වර්ග හතරක් තියෙන බව කියනවා. අප ලංකාවේ කොවිඩ් 19 සඳහා එන්නතක් නිෂ්පාදනය කිරීමට කටයුතු කරන බවක් පෙනෙන්න නැහැ. බටහිරත් එය හිතන තරම් ලෙහෙසි නැහැ. 

Wednesday 22 April 2020

ජනාධිපතිතුමා, සුමන්තිරන් හකීම් නැතුව ඔහොම යං

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 




ජනාධිපතිතුමා, සුමන්තිරන් හකීම් නැතුව ඔහොම යං 




සුමන්තිරන් හා හකීම් මැතිවරණ කොමිසම ජූනි 20 වැනි දා මැතිවරණය පැවැත්වීමට ගත් තීරණයට විරුද්ධ ව අධිකරණයට යන්න සූදානම් වන බවක් කියනවා.  සුමන්තිරන්ට අනුව  මාස තුනකට වැඩි කාලයක් පාර්ලිමේන්තුවක් නැතිව රට කරගෙන යෑමට බැහැ, ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ තුන් මසකට පෙර පාර්ලිමේන්තුව කැඳවන අවශ්‍යතාවට යටත් ව පමණක් නිසා ජූනි 2 වැනි දාට පෙර පාර්ලිමේන්තුව කැඳවිය නොහැකි නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ජනාධිපති නිවේදනය අවලංගු වෙනවා. සුමන්තිරන් කියන්නේ ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තියට අනුව ජනාධිපතිට පාර්ලිමේන්තුව කැඳවන දිනය වෙනස් කළ හැකි නමුදු එය තුන්මසකට මෙහා දිනයක් විය යුතු බවයි.  සුමන්තිරන්ට අවශ්‍ය කල් ඉකුත් වු ද පසුගිය නොවැම්බර් ජනාධිපතිවරණයෙන් ජනමතය අවලංගු වූ ද පැරණි පාර්ලිමේන්තුව නැවත රැස්කිරීමටයි. සුමන්තිරන් කියන විධියට ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුැවා හැරීම නීත්‍යානුකූල නැහැ.  
     
හකීම්ලාට අනුව ජූනි 20 පිළිබඳ කොමිසමේ තීරණය ව්‍යවසථාවේ 70 (3) වගන්තියට පටහැණියි. ඔවුන් ව්‍යවස්ථාවේ 70 (7) වගන්තියත් ගෙන හැර දක්වනවා. සුමන්තිරන් ජනාධිපති නීතිඥයෙක්. හකීම්ටත් කාරියප්පර් නමින් ජනාධිපති නීතිඥයෙක් ඉන්නවා. මා වැඩිම වුණොත් ගොඩ පෙරකදෝරුවෙක්. ගොඩේ බයියෙක්. අපි තර්ක කරමු. අපි සිද්ධි දාමය එකින් එක බලමු. මට නැවතත් ව්‍යවස්ථාවෙන් හා මැතිවරණ පනතෙන් උපුටා දක්වන්න සිදු වෙනවා. 

Tuesday 21 April 2020

පාස්කු ප්‍රහාරය හා කොවිඩ් 19

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 





පාස්කු ප්‍රහාරය හා කොවිඩ් 19 



අද ඉරිදාවක් නොවෙයි. ඒත් අදට ගිය අවුරුද්දෙ පාස්කු ඉරිදා ගෙවිල වසරක් ගත වෙනවා. පාස්කුව යුදෙව්වන්ගෙන් ලැබුණු එකක්. ඒක චන්ද්‍ර දින දර්ශනය මත පදනම් වෙලා තියෙන්නෙ. පාස්කු දිනය ජූලියන් දින දර්ශනයට අනුව වසරින් වසර හුඟක් වෙනස් වුණා. ග්‍රෙගරියානු දින දර්ශනය සකස් කිරීමටත් මේ කරුණ මුල් වුණා. පාස්කු ප්‍රහාරය පන්සල්වලට එල්ල කෙළෙ නැත්තෙ ඇයි කියල බොහෝ දෙනා ඇහුව. මාත් ඇහුව. මා යම් යම් පිළිතුරුත් දුන්න. මුස්ලිම් අන්තවාදීන්ට සිංහල බෞද්ධයන් උසි ගැන්වීමට වුවමනාවක් නොතිබුණේ ඇයි?  පසුව අපි ඒ ගැන කෙටියෙන් කතා කරමු. දැනට නැවතත් කෙටියෙන් මැතිවරණය හා ඊයේ ජනාධිපති - ලලිත් වීරතුංග සාකච්ඡාව ගැන යමක් කියන්න ඕන. 

Monday 20 April 2020

මැතිවරණය සම්බන්ධ ව කරන්න ඉතිරි වී ඇති දේ

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 






මැතිවරණය සම්බන්ධ ව කරන්න ඉතිරි වී ඇති දේ



උගතකු බුද්ධිමතකු වියතකු විද්‍යාඥයකු නොවන මා නීතිඥයකු නොවන බව අමුතුවෙන් කිව යුතු නො වේ. එහෙත් මම ඡන්දදායකයෙක් වෙමි. පැවැත්වීමට නියමිත මහා මැතිවරණය ගැන මට වැටෙහෙන කරුණු කිහිපයක් පමණක්  සඳහන් කරමි. අසන්නෝ අසත්වා!

Sunday 19 April 2020

කිරි කලයට ගොම හැලියක් මුසු කිරීම


෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 




කිරි කලයට ගොම හැලියක් මුසු කිරීම




මා උගතකුවත් බුද්ධිමතකුවත් වියතකුවත් නො වෙයි. මා මෙන් සිය ගුණයක් පොතපත කියවූ අය දහස් ගණනක් රටේ ඉන්නවා. පසුගිය දා කිරි කලයට ගොම ටිකක්වත් එකතු කරන්න එපා මැයෙන් පළ වූ ලිපිය ජාතික සංවිධාන වෙනුවෙන් කතා කරන්නේ තමන් යැයි කියා ගන්නා එක් වෙබ් අඩවියක් පළ කරලා. ඒ මදිවට එහි අවසන් ඡෙදයට වැඩි අවධානයක් යොමු කිරීමට එය වෙනමත් පළ කරලා. පැහැදිලිව ම එය මා සමච්චලයට ලක් කිරීමට කළ දෙයක්. එකී ඡෙදයේ කොටසක් මා පහත උපුටා දක්වනවා.

Saturday 18 April 2020

වෙනත් ආර්ථික ව්‍යුහ ගැන සිතමු




   

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 



වෙනත් ආර්ථික ව්‍යුහ ගැන සිතමු 



ආණ්ඩුව කිරි කලය බේරා ගෙන. ගොම එකතු කරල නැහැ. ග්‍රාම  නිලධාරීන් සමග තිබූ ප්‍රශ්නය විසඳා ගෙන ඇති බවයි පේන්න තියෙන්නෙ. දැන් ඉතින් කොවිඩ් 19 පරාජය කරල මැතිවරණයකට සූදානම් වෙමු. මා සති කිහිපයකට පෙර සිට කියන්නෙ මැතිවරණ කොමිසම තම වගකීම පැහැර හැරියොත් ජනාධිපතිට මැතිවරණ පනතේ 113 වගන්තිය යටතේ ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලා. එහි දී අර පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මාස තුනකට කලින් පාර්ලිමේන්තුව කැඳවන්න ඕන  කියන වගන්තිය අදාළ වන්නේ නැහැ. 

Friday 17 April 2020

Conjectures, refutations and the search for truths


    සිංහල ලිත් ඉලක්කම් 


Conjectures, refutations and the search for truths
Science, symbolic truths and the devil


මේ ලිපියේ අන්තර්ගතය සමග මට ප්‍රශ්න තියෙනවා. එහෙත් මෙය පළ කරනුයේ සත්‍යය යනු කුමක්දැයි නිර්වචනය කළ හැකි පඬියකු සිටී දැයි දැන ගැනීමටයි. හැකිනම් ගණිතමය, විද්‍යාත්මක හෝ දාර්ශනික  සත්‍යය නිර්වචනය කරන්න. නිර්වචනය පමණක් සෑහේ. හෑලි අනවශ්‍යයයි.

This article is from Embo Reports. I do not agree with some of the contents. I reproduce the article only to look for a smart Alec who could define truth, whether scientific, mathematical or philosophical. A definition, without an essay, would suffice. I am sorry for the format of the article.

කිරි කලයට ගොම ටිකක්වත් දාන්න එපා

 සිංහල ලිත් ඉලක්කම්


කිරි කලයට ගොම ටිකක්වත් දාන්න එපා

කොවිඩ් මර්දන වැඩ පිළිවෙලේ ලංකාව නවවැනි තැන ගන්නවා කියල ලෝක කියනවා. ඒක ගැන බොහෝ දෙනාට ආඩම්බරයි. එහෙත් අප දන්නේ නැහැ ඔය කියන ආයතනය එහි දී යොදා ගත් නිර්ණායක කවරෙ ද කියා. ඔය නවවැනි ස්ථානය වාස්තවික යැයි හරි විද්‍යාත්මක යැයි හරි කියන එකක් නොවෙයි. එහෙම ඒවා නැහැ. නිර්ණායක වෙනස් කළොත් ඔය ස්ථානය වෙනස් වෙනවා. නිර්ණායක තීරණය කරන්නේ කවුද? කිසි දිනෙක බටහිර නොවන අය නො වෙයි. 

Thursday 16 April 2020

කොරෝනාව මැතිවරණ කොමිසම කොර කොරාවි ද?

       සිංහල ලිත් ඉලක්කම්




කොරෝනාව  මැතිවරණ කොමිසම කොර කොරාවි ද 



මෙය කොවිඩ් 19 වැළඳුණු මැතිවරණ කොමිසම ලිපියට ඌන පූරණයක්.
ජනාධිපති මැතිවරණ පනතේ 10 වැනි වගන්තිය යටතේ මැතිවරණ නාම යෝජනා වකවානුව හා මැතිවරණ පවත්වන දිනය නියම කරනවා. දැන් මැතිවරණ කොමිසම ඒ ක්‍රියාත්මක කරනවා. 10 වැනි වගන්තිය මෙහෙමයි. 

කොවිඩ් 19 වැළඳුණු මැතිවරණ කොමිසම

  සිංහල ලිත් ඉලක්කම්


කොවිඩ් 19 වැළඳුණු මැතිවරණ කොමිසම 



අද විපක්‍ෂයට ඇත්තේ එක ම එක වුවමනාවක් පමණයි. ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාව, පරමාධිපත්‍යය  ආදී මොන වචන කිවුවත්  ඔවුන්ට අවශ්‍ය පරණ පාර්ලිමෙන්තුව  නැවත කැඳවා ගැනීමත් එය අගෝස්තු මාසය තෙක් පවත්වාගෙන යෑමත්. සජිත්ගේ පක්‍ෂයටත් රනිල්ගේ පක්‍ෂයටත් රනිල්දාසගේ පක්‍ෂයටත් හකීම්ගේ පක්‍ෂයටත් බද්‍යුද්දීන්ගේ පක්‍ෂයටත් සුමන්තිරන්ගේ පක්‍ෂයටත් අවශ්‍ය එක ම දේ එයයි. එ සඳහා ඔවුන් නොකරන දෙයක් නැහැ. මැතිවරණ කොමිසමට ලියුම් යවනවා මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරනවා. ඒත් වැඩක් නැහැ. 

Wednesday 15 April 2020

වෙනිවැල්ගැට වෙනුවට බාල පැනඩෝල් ගන්නවා ද?

        සිිංහල ලිත් ඉලක්කම්


වෙනිවැල්ගැට වෙනුවට බාල පැනඩෝල් ගන්නවා ද?



අද රැල්ලක් ඇති වෙලා. මේ රැල්ලට ජාතික රැල්ල කියන්න පුළුවන්. රූපවාහිනී නාළිකා දිහා බලන් ඉන්න කොට හිතෙනවා දැන් මධ්‍යම පංතිකයන්ගෙ ජාතිකත්වය ඉහ වහා ගිහින් කියලා. බටහිර වෙදමහත්තුරු ටික දෙනෙක් තාමත් ආයුර්වේදයෙ හරි පාරම්පරික වෙදකමේ හරි ඊනියා විද්‍යාත්මක බව ගැන කතා කළත් සමස්තයක් වශයෙන් ගත්තම දුම් (හුමාල) හට්ටියට, වෙනිවැල්ගැට කෑල්ලට, කොත්තමල්ලිවලට, ඉඟුරු සුදුළුෑනුවලට තැනක් ලැබිලා. ස්වයංපෝෂිත ආර්ථිකයක් ගැන කතා නොකරන්නකු නැති තරම්. ගෙවතු වගාවෙහි යෙදෙන ජාතික චින්තකයන්ගෙ ඡායාරූප වෙබ් අඩවිවල පළවෙනවා. 

Tuesday 14 April 2020

ජෙනීවා සටහන්කරුවෝ හා බටහිර වෙදමහත්වරු

 සිංහල ලිත් ඉලක්කම් 


ජෙනීවා සටහන්කරුවෝ හා බටහිර වෙදමහත්වරු 



ජෙනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි ආගම් හෝ විශ්වාස හෝ නිදහස පිළිබඳ සාකච්චාවල විශේෂ සටහන්කරුවා (rapporteur) යැයි කිව හැකි අහමඩ් ෂහීඩ් නම් අයකු මෙරට ජනාධිපතිට දන්වා ඇත්තේ කොවිඩ් 19 නිසා මිය යන රෝගීන්ගේ දේහ ආදාහනය කිරීමට ගෙන ඇති තීරණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ චක්‍රලේඛවලට පටහැණි බවයි. ෂහීඩ්ට මේ සම්බන්ධ ඕනෑම දෙයක් කීමට ඇති නිදහස අප පිළිගන්නවා. ඔහුට තම අදහස් විවිධ ආකාරයෙන් ලෝකයට දැන්වීමටත් පුළුවන්. 

Monday 13 April 2020

අවුරුදු සිතිවිලි කිහිපයක් හා නාළිකා

 සිංහල ලිත් ඉලක්කම්


අවුරුදු සිතිවිලි කිහිපයක් හා නාළිකා



අද වෙනදාට වඩා වෙනස් සිංහල අලුත් අවුරුද්දක්. ඒත් සූර්යයා පොළොවට සාපේක්‍ෂ ගමන අත්හරින්නේ නැහැ. පඬියන් මොනව කිවුවත් ඒ ගමන යනවා. සිංහල අලුත් අවුරුද්දක් ඇතැයි සිතන සියල්ලන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා. අනෙක් අය ඒ ගැන නොතකන බැවින් ඔවුන්ට සුබ තියා අලුත් අවුරුද්දක්වත් නැහැ. ඒ කොහොම වුණත් ඉක්මණට මේ කොවිඩ් 19 පරාද කරන්න හැකි වේවා. එසේ ම ආණ්ඩුව රෝගය අඩුවෙලා කියා නීති රීති ලිහිල් කරන්න දැන් ම කටයුතු නොකළ යුතුයි. 

Sunday 12 April 2020

කොවිඩ් 19, පෞද්ගලිකත්වය හොයිල් හා වික්‍රමසිංහ

    සිංහල ලිත් ඉලක්කම්



කොවිඩ් 19, පෞද්ගලිකත්වය හොයිල් හා වික්‍රමසිංහ 



කොවිඩ් 19 ඉදිරියේ අසරණ ව ඉන්න බටහිර වෛද්‍ය විද්‍යාවෙන් හරි බටහිර විද්‍යාවෙන් හරි පොදුවේ බටහිර දැනුමෙන් හරි කොවිඩ් 19 ඇතිවුණෙ කොහොම ද කියල අහන එක ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනවා වගේ වැඩක්. අප බටහිර දැනුමට හා ඒ බිහිවුණු ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට අනුකම්පා කරන්න ඕන. ධනවාදයත් ඇති වෙලා තියෙන්නෙ මේ එකිනෙකා හා එකිනෙක වෙන් කරන ආත්මාර්ථකාමී චින්තනයෙ. අර එක්සත් රාජ්‍යයන්හි එක් කොවිඩ් රෝගියකුගේ අවසන් වචන වී ඇත්තේ මෙයට ගෙවන්නේ කවුද යන්නයි. ඔහුගේ අවසන් චිත්තය කෙබඳු එකක් වෙන්න ඇති ද? 

Saturday 11 April 2020

අවුරුද්ද












       සිංහල ලිත් ඉලක්කම්

අවුරුද්ද


අපට මේ අවුරුද්ද ගෙදර ඉඳන් සමරන්න වෙලා. මෙහි ඇත්තේ ගිය අවුරුද්දෙ මා අවුරුද්ද ගැන ලියූ ලිපි කිහිපයක සබැඳි. මේ අවුරුද්දෙ ඒ වගේ ලිපි ලියන්න බැහැ. කොවිඩ් 19 නිසා. පුළුවන් වුණොත් 13 වැනි දාට ලිපියක් ලියන්න බලමු.

මේ ලිපිවලින් කියැවෙන ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. එකක් බුදුහාමුදුරුවන් ලංකාවට වැඩියෙ බක් මහ පසළොස්වක දවසක නොව බක් මහ අමාවක දිනයක බව. දෙවැන්න අපේ අවුරුද්ද සූර්යයා මීනයෙන් මේෂයට යෑමක් ගැන නොව අස්විද නකතට  යෑමක් ගැන බව. 

මැතිවරණ කොමිසමට හා කොවිඩ්ට වෙදකම්

 සිංහල ලිත් ඉලක්කම් 


මැතිවරණ කොමිසමට හා කොවිඩ්ට වෙදකම්



මා හිතනනේ ජනාධිපති ලේකම් මැතිවරණය සම්බන්ධයෙන් ලිපියක් යැවුවේ මැතිවරණ කොමිසමට කියා.  එයට හූල් ප්‍රතිචාර දක්වලා. එය සිංහල බෞද්ධ විරෝධී කඩමාල්ලක පළ කරලා. ජනාධිපති ලේකම් තම ලිපියෙන් කියා තිබුණා මැතිවරණ කොමිසම ජනාධිපතිට යැවූ ලිපිය ජනාධිපතිට ලැබීමට පෙර ජනමාධ්‍යයේ පළ වී තිබුණා කියා. දැන් මා දන්නවා මෛත්‍රිපාල සිරිසේන තමා ජනාධිපති ව සිටිය දී ජනමාධ්‍යයෙන් පුවත් ලබා ගත්තේ ඇයි ද කියා. තමන්ට නිල වශයෙන් ලිපි ලැබීමට පෙර ජනමාධ්‍යයෙහි ඒ පළ වන බව ඔහු දැන සිටින්න ඇති. 

Friday 10 April 2020

මැතිවරණ කොමිසම දැන් මොනව කරයි ද?

  සිංහල ලිත් ඉලක්කම්


මැතිවරණ කොමිසම දැන් මොනව කරයි ද? 



කොවිඩ් 19 මර්දනය කිරීම සඳහා ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙල ගැන මගේ ඇත්තේ ප්‍රසාදයක්. එය මට අවශ්‍ය ආකාරයට ම සිදු නුණත් ඉන් සාර්ථක ප්‍රතිඵලයක් අත් වේවි කියා හිතන්න පුළුවන්. මට ඇති එක් කණගාටුවක් නම් මෙහි දී ආණ්ඩුව ජ වි පෙ යොදා නොගැනීමයි. කලකට පෙර ජ වි පෙ ඉතා සාර්ථක ව ගැසට් කිසිවක් නැතිව තුණ්ඩුවකින් පමණක් ඇඳිරි නීතියක් පවත්වාගෙන ගියා. 

Thursday 9 April 2020

කොවිඩ් නිවේදන හා අවුරුද්ද

  සිංහල ලිත් ඉලක්කම් 



කොවිඩ් නිවේදන හා අවුරුද්ද 



ඊයේ දෙරණ දේශීය වෙදමහතුන්ට අවස්ථාවක් දුන්නා හුමාලය ඇල්ලීම ගැන කියන්න. එය හොඳයි. තව තවත් දේශීය වෙදමහත්වරුන්ට තැනක් දෙන්න ඕන. ඔවුන්ට පමණයි වෛරසයට ඔරොත්තු දීම ගැන ජනතාව දැනුවත් කරන්න පුළුවන්. මා හිතන්නේ නිරෝධායනය ගැනත් ඔවුන් ලවා කියවන්න ඕන. තවමත් නිරෝධායනය  ගැන ජනතාවගේ බයක් තියෙනවා. සංඛ්‍යා ලේඛන ප්‍රස්තාර වගු ආදිය නැතිව ජනතාවට මෙය කියා දෙන්න ඕන. එහෙත් ඊයෙ සිරස වැඩ සටහනෙහි නම් ආයුර්වේද වෛද්‍යවරු  තම ගෞරවය රැකගෙන නැහැ.

පකිස්තානයෙත් අන්තවාදී ජමාත් වැඩ සටහනක්

  සිංහල ලිත් ඉලක්කම් 


පකිස්තානයෙත් අන්තවාදී ජමාත් වැඩ සටහනක්



පහත සඳහන් පුවත මයික්‍රොසොෆ්ට් නිවුස් වෙතින්. අන්තර්ජාල පහසුකම් ඇති අයකුට එය එහි ම කියවන්න පුළුවන්. මේ පුවත කරුණු කිහිපයක් නිසා අපට වැදගත් වෙනවා. දැනටමත් අප මලයාසියාවේ හා ඉන්දියාවේ පවත්වන ලද ඉස්ලාම් ආගමික වැඩ සටහන්වලට ගොස් ආපසු පැමිණි අය ගැන  සොයනවා. මෙහි සඳහන් අන්දමට පකිස්තානයේ පවත්වන ලද එවැනි ම වැඩ සටහනකට සහභාගි වූ විදේශීකයන්  3000 දෙනකු එහි රැඳී සිටිනවා. ඔවුන් අතර ලංකාවෙන් ගිය අය ද ඉන්නේ දැයි අප දන්නේ නැහැ. ඔවුන්ගෙන් කිහිප දෙනකුවත් දැනටමත් ලංකාවට ඇචිත් ද? 

Wednesday 8 April 2020

කොවිඩ් (උරග වෛරසය) පැතිරීම හා බටහිර විද්‍යාව

       සිංහල ලිත් ඉලක්කම් 


කොවිඩ් (උරග වෛරසය) පැතිරීම හා බටහිර විද්‍යාව 


ථෙරවාදය ඉන්දියාවෙන්, අවශ්‍ය නම් දඹදිවෙන් හරි භාරතයෙන් හරි, තුරන් වී ගිය පසුත් ලංකාවේ ඉතිරි වුණා. බටහිර විිද්‍යාව බටහිර රටවලින් තුරන් වුණත් ලංකාවේ පවතීවි. එහෙත් ථෙරවාදයට මෙන් ම කිසිම ප්‍රදානයක්, එකතු කිරීමක් නැතිව. වෙනත් දැනුම් පද්ධතියක් වෙනින් කොහෙන් හරි ගෙනාවොත් අප එයත් ථෙරවාදයත් බටහිර විද්‍යාවත් එක්ක එකට පිළිගනීවි. එය සිංහල සංස්කෘතියේ ලක්‍ෂණයක්. අප ළඟ තවමත් යක්‍ෂ සිරිත් විරිත් පිළිගැනීමුත් තියෙනවා. මා මෙහෙම කියනවාට මධ්‍යම පංතික උගතුන් කැමති වන එකක් නැහැ. 

COVID-19: Targeting Italy and South Korea? “The Chain of Transmission of Infection”


 
I referred to this article when I mentioned cluster spreading. This describes the spreading of the virus. However, please note that I am not thinking of a man-made virus. I will be referring to this in todays article as well.