Main Logo

Showing posts with label Celestial Sphere. Show all posts
Showing posts with label Celestial Sphere. Show all posts

Monday, 13 April 2020

අවුරුදු සිතිවිලි කිහිපයක් හා නාළිකා

 සිංහල ලිත් ඉලක්කම්


අවුරුදු සිතිවිලි කිහිපයක් හා නාළිකා



අද වෙනදාට වඩා වෙනස් සිංහල අලුත් අවුරුද්දක්. ඒත් සූර්යයා පොළොවට සාපේක්‍ෂ ගමන අත්හරින්නේ නැහැ. පඬියන් මොනව කිවුවත් ඒ ගමන යනවා. සිංහල අලුත් අවුරුද්දක් ඇතැයි සිතන සියල්ලන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා. අනෙක් අය ඒ ගැන නොතකන බැවින් ඔවුන්ට සුබ තියා අලුත් අවුරුද්දක්වත් නැහැ. ඒ කොහොම වුණත් ඉක්මණට මේ කොවිඩ් 19 පරාද කරන්න හැකි වේවා. එසේ ම ආණ්ඩුව රෝගය අඩුවෙලා කියා නීති රීති ලිහිල් කරන්න දැන් ම කටයුතු නොකළ යුතුයි. 

Thursday, 26 December 2019

අද ඉරට මොකද වුණේ

 සිංහල ලිත් ඉලක්කම් 


අද ඉරට මොකද වුණේ

අද අමාවක වෙන්න ඕන. ඉස්සර නම් සිංහලයන් හතර පෝය දැනගෙන ඉඳලා තියෙනවා. හතර පෝයට සිල් ගත්ත අයත් හිටියා. දැන් බොහෝ දෙනා හතර පෝය තියා පසළොස්වක ගැන දැනගන්නෙත් එදාට නිවාඩු ලැබෙන නිසා. ජනමාධ්‍ය පඬියකු කියන්න පුළුවන් අද තමයි සුනාමි දවස කියලා. ඒකත් එහෙම තමයි. තවත් ප්‍රබුද්ධ ම ප්‍රබුද්ධ පඬියකු කියන්න පුළුවන් අද බොක්සිං ඩේ කියලා. නැහැ ඒක මේ බොක්සිං ක්‍රීඩාව සමග සම්බන්ධ එකක් නො වෙයි. බටහිර රටවල නත්තලට ලැබුණු තෑගි පෙට්ටි විවෘත කරන දිනය අද. මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයෙ සුප්‍රසිද්ධ බොක්සිං ටෙස්ට් තරගය පැවැත්වෙනවා. මෙවර එය නවසීලන්තය සමග පැවැත්වෙනවා.